අහම්බෙන් හිමි වූ ඔයා… 19
19 කොටස
” සු..දූ මට..ඔයාට..කියන්..”
චූටි අයියා මගෙ දිහා බලාගෙන මොනවද කියන්න හදවනවත් එක්කම මං දැක්කෙ අපි හිටපු පැත්තට වැස්සෙම දුවගෙන එන ගෑණු ළමයෙක්ව….
” ඔහ්..තෑන්ක් ගෝඩ්…..තුහින අයියාහ්….” ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ බාප්පගෙ දුව ටියානා නංගී….
ටියානව දැක්ක ගමන් චූටි අයියා මට කියන්න හදපු දේත් නවත්තලා ටියානා දිහා බැලුවෙ පුදුමෙන් ඇස් ලොකු කරන්….
” ටියානා…මොකද මෙහෙ කරන්නෙ…ඒකත් මේ වැස්සෙ රෑ තනියම…” චූටි අයියා ටියානාගෙන් සැරෙන් වගේ එහෙම අහද්දි මං නිශ්ශබ්දවම හිටියෙ කොහොමත් ටියානා මාත් එක්ක ඒ හැටි ඇයි හොඳැයියක් නැති නිසා….
මාව චූටි අයියට තීන්දු කරපු දවසෙත් ටියානා හැසිරුණේ හරිම නපුරු විදිහට…ඒ වගේම අපේ වෙඩින් එක දවසෙත් එහෙමයි…මට කොච්චරවත් රව රව හිටපු එකයි කලේ….
ඒකට හේතුව නොදන්නවා වුණත් එයාට මාත් එක්ක මොකක් හරි තරහක් තියන බව නම් විශ්වාසයි….
” අනේ බලන්නකො අයියාහ්…මං ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක ආවෙ…..එයාලව මිස්ඩ් වුනා මට…..හොඳ වෙලාවට තමා ඔයා හම්බුණේ…..නැත්තන් ඉතින් මොනව කරන්නද මං තනියෙන්…”
මං ඉන්නවද කියලා ගානක්වත් නැතුව එහෙම කියාගෙන හට් එක ඇතුළට ආපු ටියානා අපි දෙන්නගෙ අතරට ඇවිත් චූටි අයියගෙ අතේ එල්ලිලා ඒ බාහුවට ඔලුව තියාගත්තෙ මාව එයාගෙ ඇඟේ වැදිලා චූටි අයියගෙන් එහාට තල්ලු වෙද්දි….
චූටි අයියත් ටියානට එහෙමම ඉන්න දීලා අනං මනං කියලා බැන්නෙ මේ රෑ ඇවිදින්න එහේ මෙහේ යන එකට…
අයියලා කොහොමත් එහෙමනේ….නංගිලට කරදරයක් වෙනවට පොඩ්ඩක්වත් කැමති නෑ…..
ටියානා කියන්නෙත් චූටි අයියට නංගි කෙනෙක් වගේනෙ…
මං ඒ නිසා කඩා හැළෙන වැස්ස දිහා බලාගෙන නිශ්ශබ්දවම හිටියා….
වැස්ස ටිකක් අඩු වෙනකන් ඉඳලා අපි වාහනේට ආවෙ ගෙදර යන්න හිතාගෙන….
තෙමිච්ච නිසා හචිං යනවා හෝ හෝ ගාලා….ඒත් ඒ මට විතරයි…..
මගේ නහයත් ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා කියලා දැක්කෙ වාහනේ ඉස්සරහ තියන කණ්නාඩියෙන්….
හචිං යන සැරයක් සැරයක් ගානෙ චූටි අයියා මං දිහා බැලුවෙ හිත කරදරෙන් වගේ….
හීටර් එකත් දාලා…ඒත් මට හචිං යන එක නම් නතර වුනේ නෑ…
” අපෝහ්…..පොඩ්ඩක් ඕක නවත්තගන්න බලන්නකො අප්පාහ්…”
පිටිපස්සෙ ඉදන් ටියානා කියවන්න ගත්තෙ මූණත් දෙක කරන්…
ඉතින් දෙයියනේ හිතලා කරන දෙයක්ද…නවත්තන්නෙ කොහොමද එහෙම….
චූටි අයිය මං දිහා බලලා ආපහු ටියානා දිහා බැලුවත් ටියානට මුකුත් නොකියම ඉස්සරහා බලන් ඩ්‍රයිව් කරන්න ගත්තා…
මාත් කටවහන් හිටියෙ එල්ලෙන්න යන්න ඕනෙ නැති නිසා….
” සුදූ….ඔයා බහින්න….ඉක්මනට ගිහින් චේන්ජ් කරගන්න….උණ ගැනෙයි නැත්තන්….මං ටියානාව ගෙදරට බස්සලා එන්නම්…” චූටි අයියා මගෙ නළලට අත තියලා මං දිහා බලන් එහෙම කිව්වෙ වාහනේ ගේ ගාව නතර කරලා…
මං ඔලුවෙන් හා කියලා වාහනෙන් බැස්සෙ හිතට හරි අමුත්තක් දැනෙද්දි….
චූටි අයියා මේ හොයලා බලන විදිහ…ඒකට මට සතුටුයි…..
අද නම් හිත සතුටින් පිරිලා….
මං ඉස්සරහා දොර ඇරලා බහිනවත් එක්කම ටියානත් පිටිපස්සෙ දොර ඇරන් බැහැලා මං හිටපු ඉස්සරහා සීට් එකට නැග්ගෙ මට කට කොනින් හිනා වෙන ගමන්….
මට තියන එකම ප්‍රශ්නෙ ඇයි මේ මිනිස්සු මෙච්චර මාත් එක්ක වෛරයක් කියලා….බාප්පත් එහෙමයි….පුංචිත් එහෙමයි…
ටියානට වගේම මාව පේන්න බෑ ඒ කාටවත්…මොකද්ද මං කරපු වැරැද්ද…..
මං මිදුලට වෙලාම හිටියෙ චූටි අයියගෙ වාහනේ පේන්නැති වෙනකන්…එයා ගිහින් තත්පරයක් විතරක් වුණත්….දැණුනෙ ලොකු පාළුවක්….
මෙච්චර වෙලා මං එක්කම රැඳිලා එයා ගියපු එක ගැන චූටිම චූටි රිදීමක් හිතේ තිබ්බා….
ඇයි කියන්න මං දන්නෙ නෑ….ඒත් ඒ එයා මගේ ඇස් මානෙන් ඉවත් වෙච්ච නිසා කියන්න දන්නවා….
මාව ගෙදරින් බස්සවලා එයා ටියානා එක්ක ගිය එක ගැන චූටි දුකක් දැනුණත් ඒක ඉරිසියාවක් නෙවෙයි….
අවුරුදු 17 ක 18 ක පොඩි ළමයෙකුට මොකටද ඉරිසියා කරන්නෙ….ඊටත් වඩා ටියානා කියන්නෙ චූටි අයියගෙ නංගි….චූටි අයියට වඩා කොච්චර පොඩිද….
අනේ මන්දා…මට දැනුනෙ එක දෙයයි…මගෙ හිත බොළඳ වෙලා එයා නිසා…..ඒත් මං ඒ බොළඳ කමට ආසයි…
” අපි බැලුවා මොකෝ පරක්කු කියලා…කොහෙද අර ගියේ…” දොරකඩට ඇවිත් නැන්දයි අක්කයි කතා කරපු හඬට තමා මං මේ ලෝකෙට ආවෙ..
” ටියානා නංගිව හම්බුනා වෝර්කින් පාත් එකේදි….එයාව ඇරලන්න කියලා ගියා…” මං කිව්වෙ ගෙට එන ගමන්…
” පන්සල් නෙවෙයිද ගියේ…..” මං එහෙම කිව්වම නැන්ද කියපු වේගෙන් අනිත් පැත්තට ඇහුවෙ නෝක්කාඩුවට වගේ….
” පන්සල් තමා ගියේ….ඒ ගමන් ඒ පැත්තටත් ගියා පොඩ්ඩක්….එතකොට තමා හම්බුණේ..” මං එහෙම කියලා හීන් හිනාවක් මූණට ගත්තෙ නැන්දව සන්සුන් කරවන්න කියලා හිතාගෙන….
අනිත් ලේලිලා වගේ මට මගේ නැන්දම්මා එක්ක එල්ලෙන්න කිසිම වුවමණාවක් ඇත්තෙ නෑ පොඩි දේටත්….
” හ්ම්ම් හ්ම්ම්…වැස්සටත් අහු වෙලා….ගිහිල්ලා මරු කරගන්න ඇඳුම්…” නැන්දා එහෙම කිව්වම මං ඔලුව වනලා පඩිපෙළ නැගලා උඩට ඇවිත් කාමරේට ආවේ තෙත ඇඳුම් උනා දාන්න…
හෙම්බිරිස්සාවෙ නම් අඩුවක් නෑ….නහයත් රතුම රතුයි….ඇස් දනවා වගේ….ඒත් ඔලුව හොඳටම තෙමිලා නිසා නානකාමරේට ගිහින් මං ආයෙත් නෑවෙ ඕන දෙයක් වෙද්දෙන් කියලා හිතලා….
සැහැල්ලු ඇඳුමක් ඇඟට දාගත්තෙ මොනා වුණත් නයිට් ඩ්‍රස් එක ඇඳන් චූටි අයියා ඉස්සරහා ඉන්න ලැජ්ජ නිසා….
තෙත කොණ්ඩෙත් පිහගෙන මං ඇඳෙන් ඉදගෙනම කල්පනා කලේ අද උදේ ඉදන් වෙච්ච දේවල් ගැන….
හරිම සුන්දරයි ඒ දේවල්…මගෙ හිත මට කියන්නෙම එහෙම….උදේ ඉදන් චූටි අයියාගෙ හැසිරීම් මගෙ හිතට ගෙනාවෙ හරිම අමුතු හැඟීමක්…මං ඒ හැඟීම මොකද්ද කියන්න දන්නෙ නෑ….ඒත් ගොඩක් සුන්දරයි…..
ඒත් එක්කම සිහියට ආවේ පාර්ත් එකේදි අපි ළං වෙලා අත් අල්ලන් හිටපු විදිහ….එයා හෙමින් හෙමින් මගේ අත අල්ලගත්ත විදිහ මතක් වෙද්දි මට හීන් හිනාවක් ගියා….
ඒ වගේම වැස්සෙ තෙමීගෙන ගත කරපු ඒ විනාඩි කීපය මට මහලොකු වෙලාවක් වගේ…මතක් වෙද්දිත් මගේ ඇඟ කිලිපොලා යනවා….
ඒ තරමට මම ඒ අත්දැකීම් වලට ආසයි දැන්….
” චූටි අයියා එවලේ මට කියන්න ගියේ මොකක් වෙන්න පුළුවන්ද…” මං මගෙන්ම ප්‍රශ්න කරගත්තෙ චූටි අයියා මට එවලේ කියන්න ගියපු දේ මතක් වෙලා….
ටියානා ආපු නිසා ඒ කතාව එහෙම්ම මග හැරුනා….ආපහු මට එයා ඒක කියයිද…..මං ඒක ඇහුවොත් මොනවහරි හිතයිද…
මං මගෙ හිතත් එක්ක වාද කරා…..
මං එක එක දේවල් හිත හිතම ඇඳට වෙලා කල්පනා කලේ චූටි අයියා එනකන්….මගෙ ඇස්..මගේ හිත ඒ රූපෙ..ඒ හැසිරීම් බලන්න මග බලනවා…..
වෙලාව දහයත් පහු…චූටි අයියා මෙච්චර වෙලා මොනවද කරන්නෙ…..ආපහු අකුණු ගගහා වහිනවා…..
කරදරයක් නම් වෙන්න එපා එයාට….
ඇස් පිය වෙනවා වගේ දැනුනෙ ඔලුව උස්සගන්න බැරි වෙද්දි…තෙමුණ නිසා උණ හැදෙන්න වගේ…..
ඇස් වලින් ගින්දර පිට වෙනවා වගේ…..මං කොට්ටෙකට ඔලුව තියාගෙන අමාරුවෙන් හරි එයා එනකන් ඉන්න හිතාගත්තා…..
උදේ නැගිටිද්දි තෙත ඕඩික්ලෝන් සුවඳ ගහන පුංචි රෙදි කෑල්ලක් මගෙ නළල උඩ….
ඒත් එදා වගේ මං ඇහැරෙද්දි මගේ ළඟින් චූටි අයියා හිටියෙ නෑ…..
චූටි වතුර දාපු බෝල් එකක් ඇඳ එහා පැත්තෙ තියනවා දැක්කෙ කොන්ද කෙලින් කරන් ඉදගද්දි…
කවුද මේ දේවල් කරලා තියෙන්නෙ….චූටි අයියද…..හිතාගන්න බෑ….
ඒ ප්‍රතිකාර නිසාමද කොහෙද මට ඊයෙ රෑ තිබ්බ උණ ගතිය, ඇඟට අමාරු ගතිය ගිහින්…..
පොඩ්ඩක් හෙමිබිරිස්සාව තිබුණත් මං ගානක් ගත්තෙ නෑ…..
මං මූණ සෝදන් කරන් ගවුමකුත් ඇඳගෙන පහළට ගියේ ගෙදර වැඩට උදව් වෙන්න….
” ආහ්….දැන් උණ අඩුද කෙල්ලෙ….අන්න ඔයාට උණ තාම බැහැලා නැත්තන් ඔයාව බෙහෙත් ගන්න එක්කන් යන්නම කියලා තමා මලයා ප්‍රැක්ටිස් ගියේ…..දැන් කොහොමද….” අක්කා මං පහළට බහිනවා දැකලා කිව්වෙ හිනා වෙන ගමන්…
” දැන් ප්‍රශ්නයක් නෑ අක්කෙ….ඊයෙ පොඩ්ඩක් තෙමිච්ච නිසා….” මං හීන් හිනාවක් අරන් කිව්වෙ කුස්සියට යන්න හදන ගමන්….
” මේ නංගි ඒක නෙවෙයි…..මල්ලි අදම යනවලු නේහ් කුරුඳුවත්තෙ ගෙදරට….නෙක්ස්ට් වීක් යන්න හිටියට ඔයාගෙ කැම්පස් එකටත් ළඟයි කියලා අදම යනවලු…..එයාටත් ප්‍රැක්ටිස් වලට ළඟයිලු….ඔන්න අදම යන්න ඕනෙලු එහෙට….නංගි දන්නවද….”
අක්කා කිව්වෙ මං පුදුම වෙද්දි…..
ඔන්න මං දිග නිවාඩුවක් අරන් ආපහු කතාව ලියන්න එන්ටර් වුනා….
බනින්න එපා ඉතින්…
ගොඩක් දෙනෙක් මග බලන් හිටියා කියන්න දන්නවා….ඒ වගේම මගෙ හිත රිදෙන විදිහටත් කීප දෙනෙක්ම මට පෞද්ගලිකව කතා කරලා බැන්නා……
ඒත් මට කරගන්නම දෙයක් නැති නිසයි ලියාගන්න බැරි වුනේ….දන්න අය දන්නවා අපහසුතාවය ගැන…..
අද දවසම ක්ලාස්…ඒත් කොහොමහරි ටයිප් කරලා කතාව දෙන්න ඕනෙ කියලා හිතාගත්තා…
ඉතින් රැඳෙන්න කියලා ඉල්ලනවා තුහිනයි අදිතියි එක්කයි දිගටම…..තවත් කොටසකින් එන්නම් හෙට…..
මතුසම්බන්ධයි…..
කතාව බලන හැමෝම කමෙන්ට් එකක් දලා පෙජ් එකට හෙල්ප් එකක් දෙන්න යාළුවනේ