~~~~ආදර පාරමී ~~~~ 40 කොටස

ඒ දින කීපයේ හිම්සර මා තනි නොකල තරම්ය . … කොළඹ නොයා ඔහු මා වෙනුවෙන් නුවර නැවතී තිබුනේ මේ නගරයේ මට කාත් කවුරුවත් නැති බව දැන උන් බැවිනි … අම්මා වෙනුවෙන් පවත්වන පිංකම වෙනුවෙන් වියදම් කිරීමට මුදලක් අත නොතිබුණු බැවින් ඇය මා වෙනුවෙන් ඉතුරුම් ගිණුමේ තැන්පත් කල මුදලින් කොටසක් ගැනීම හැර මුදල්සොයා ගැනීමට මගක් තිබුනා නොවේ … බැංකුවෙන් මුදල් ගෙන දානයට අවශ්‍ය කරන කලමනා ආදිය මිලදීගත් මා දානයට ආරාධනා කලේ නෙතුලිගේ ඥාතී ස්වාමින් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා හත් නමකටය ….. හිම්සර මා අසලම හිද සහය දුන් නිසා නොවෙන්න මට මේ කිසිවක් පිළිවෙලට කිරීමට නොහැකි වෙනවා නියතය රාත්‍රී ධර්ම දේශනාවෙන් පසු පසුදා උදෑසන හත් නමකට දානය පිළිගැන්වූවේ විහාරස්ථානයේදීය…නෙතුලි මලිති මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ද මා අසලින් සිටීම මගේ හිතට සවියක් විය … ‘මේ දේවල් ලස්සනට කරන්න උදව් කරාට පිං හිමසර ..’ අවසානයේ සියල්ලෝම පිටව ගියපසු නිවසේ ඉතිරි වුවේ හිම්සර සහ මා පමණි … ‘පිං ගන්න නෙවෙයි මම ඔයා ලගින් ඉන්නේ ඔයාව තනි කරන්න බැරි නිසා … ’ මා අසලින් අසුන්ගෙන උන් හිම්සරගේ දෑතට හසුවී මගේ අතැගිලි පොඩිවී ගියේය ‘ ඇයි හිම්සර මට ආදරේ උනේ … ’ ‘ඔයා ඉස්සරලාම දැක්ක දවසේ මට හිතුනා මේ කැත කෙල්ල මටම අයිති කරගන්න ඕනි කියලා ’ හිම්සරට සිනහා ගියේ මා මුහුණ රතු කරගද්දිය … ‘මම කැත නැහැ හරිද ..’ ඔහුගේ අතක හිරවී තිබුණු මගේ අත ගැනීමට මා උත්සහා කලෙමි .. ‘ කවුද කිව්වේ කැත නැහැ කියලා .. ඔයා තමා මම දැක්ක කැතම කෙල්ල …’ ‘ මම යනවා කෝ අත අරින්න මාව …..’ ‘බෑ අත අරින්නේ නැහැ ’ සිනාසිසී අත තවත් තද කළා මිස හිම්සර නොවේ ඔහුගේ ග්‍රහණය ලිහිල් කලේ ‘ ඔයා මට රිද්දනවා …. ’ මගේ දෑසට කදුලක් උනද්දී හිම්සර මගේ අතේ රැදී තිබුණු ඔහුගේ අතේ ග්‍රහණය ලිහිල් කළේය ….. ‘ගොඩක් රිදුනද …’ ඔහුගේ ඇගිලි වල පාර වැදී අත රත් පැහැ ගැන්වී තිබුණි …. ‘හ්ම්ම්ම් රිදුනා ..’ දෑසේ කදුළු පිසදා මා සිනාසුනෙමි ….. හිම්සර ඔහු බොහෝ සියුම්ව රත්පැහැ ගැන්වී තිබු මගේ අත පිරිමැද්දේය .. ‘ හිම්සර මම හෙට කොළඹ යනවා ..’ තව දුරටත් මෙහි තනිව කල් ගෙවිය නොහැකි බැවින් මා කොළඹ යෑමට තීරණය කරගෙන උන්නෙමි ‘ පාරමී කොළඹ යන්න කලින් ….අපි දේවාලෙට ගිහින් භාරයක් වෙලා එමුද ’ ‘ යමු එහෙම නම් …’ ‘ඉක්මනට ගිහින් ඇදුමක් දාගෙන එන්නකෝ ..’ දම්පාට දිගු ගවුමක් ඇද පිළිවෙලට කොණ්ඩය ගෙතු මා දින ගානකට පසු කැඩපතින් පෙනෙන මගේ රුව දෙස බැලීමි … මගේ මුහුණේ වූ ශෝකය මදකදු අඩුවී නොතිබුණි … ‘යමු … ළමයෝ රෑ වෙන්න කලින් ගෙදර එන්නත් ඕනි නේ ..’ ගේට්ටුවෙන් පාරට පය තැබූ විගසම මා කලේ හිම්සරගේ අතක එල්ලිමය … ගමේ මිනිසුන් කුමක් කිවත් මට ගානක් නැත … ඒ දැන් මට අපහස විද හොදින් හුරු හෙයිනි … ‘මට ඔයත් එක්ක ගොඩක් ඇවිදලා රෑ වෙලා ගෙදර යන්න ඕන …ආයේ කවදා අපට මේ විදිහට එකට යන්න හම්බවෙයිද දන්නේ නැහැනේ ..’ හිම්සරට බොහෝ ලංව එක්ව පියවර තැබූ මා ඔහුගේ අත තදට අල්ලා ගතිමි… ‘ආයේ කවදාවත් මේ අත අත ඇරලා තනියම ඇවිදගෙන යන්නේ නැහැ මම ….. ඒ නිසා ආයෙම ඔය වගේ කතා කියලා අහුවෙන්න එපා …’ හිම්සර කලේ තරවටුවකි ‘හරි හරි සුදු මහත්තයෝ ආයෙම මම එහෙම කියන්නේ නැහැ ..’ බොළද ලෙස කතා කරන මා දැක හිම්සරට සිනා ආවේය .. ‘ඔයා ඔහොම කතා කරද්දී ආදරේ හිතෙනවා ….’ හිම්සරගේ දෑස් දිලිසුනේය .. ‘ඇයි වෙනදා කතා කරද්දී ආදරේ හිතෙන්නේ නැද්ද ..’ ‘ආදරේ පාරමී …ඔයා මට බැනලා කතා කරත් මම ආදරේ ගොඩක් …… මගේ හිතේ ඔයා වෙනුවෙන් ඇතිවුන ආදරේ මොන දෙයක් උනත් .. ඔයා මට මොනවා කිවත් නැතිවෙලා යන්නේ නැහැ ..’ හිම්සර ඔහු කතා කලේ හදවතිනි ….එය අවංකය …දරාගැනීමට නොහැකි තරම් ආදරණියය … ‘මම දන්නවා හිම්සර … මම තරම්ම ඔයා මට ආදරේ කියලා ..’ මින්පසු කෙදිනකවත් නැවත වෙන් නොවෙන බව හිම්සර දිවුරා පොරොන්දු වෙද්දී මා ඔහුගේ වචන ඇදහුවෙමි … ‘අපි භාරවෙන්න මොනවාද හිම්සර …’ කතරගම දේවාලයේ පියගැටපෙළ බසිමින් මා හිම්සරගේ මුහුණට එබුනෙමි ‘ඉක්මනටම මේ හැම කරදරයක්ම ඉවරවෙලා පාරමිව මගේ වෙන්න කියලා …. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට උන දවසට දෙවියන් වෙනුවෙන් පලතුරු පුජාවක් දෙන්න තමා මම භාර වෙන්නේ ..’ ඔහු මේ භාරවෙන්නේ අප දෙදෙනාම වෙනුවෙනි … හිම්සර පිළිබද ආදරය දෝරේ ගලද්දී මා ආදරය පිරුණු බැල්මකි ඔහු වෙත පෑවේ … ‘හිම්සර ….ඔයා ඔය තරම් ආදරය කරද්දී මට ඒක දරාගන්න බැහැ ..’ ‘ඔච්චර මාව අගය කරන්න එපා මෝඩියේ ..දැන් පුජාව තියලා ඉමු ..’ දෙවියන් වෙනුවෙන් පුජාවක් තැබූ පසු හිතට දැනුනේ සැහැල්ලුවකි … හිම්සරගේ වෙත බැදුණු මගේ ආදරයට දෙවියන්ගේ හෝ පිහිටක් ලැබේ නම් කොතරම් නම් අගනේද .. ‘නෝනා සාස්තරයක් අහන්න …. සීදේවි නෝනා උනාට පුංචි කාලේ ඉදලා ගොඩක් කරදර තමා ..’ වැව රවුමේ උන් සාස්තරකාරියක පසුපසින් පැමිණියේ මුදල් කඩාගැනීමට උව ඈ පැවසුවේ සත්‍යකි … ‘හිම්සර සාස්තරයක් අහමු …’ මා කුඩා දැරියක සේ හිස ඇලකර හිම්සරගෙන් විමසුවෙමි ‘පොඩි එකීගේ ආශාවනේ අහන්න …හැබැයි …මොනවා හරි කිවොත් හිත රිද්දගෙන නහයෙන් අඩන්න බෑ ..’ ‘ෂුවර් ..’ හිම්සරගේ වචනය ලැබුණු පමාවට සාස්තරකාරිය දෙසට හැරුණු මා අත ඈ දෙසට පෑවෙමි ‘පුංචි නෝනේගේ ජිවිතේ බෝම දුක තමා .. අම්මා තාත්තා කවදාවත් ලග රැදෙන්නේ නෑ තමා …. බොහොම කරදර තමා …නෝනේ නෝනේ ආදරේ කරන මහත්තයා ලබා ගන්න හුගක් තමා අමාරු වෙනවා ..’.. ‘පාරමී ඔය ඇති දැන් යමු …’ හිම්සරට තරහා යන්න ඇත ‘අනේ තව ටිකක් ඉන්න හිම්සර …’ හිම්සර කියන්නට විරුද්ධව මා අත නොගෙනම උන්නෙමි ‘මේම කීවාට තරහා වෙන්න එපා නෝනේ . …නෝනේගේ ආයුෂ තමා බොහොම අඩුයි .’ අදහන්න මගේ හදවත නවතින්නක් මෙනි දැනුනේ …මගේ තාත්තාගෙ මව මෙන්ම අම්මාද මියගියේ බොහෝ අඩුවයසෙනි … මාත් අකලට මියයයිද ඒ විනාඩියට මගේ හිත තුල ඇතිවුවේ කිසිදිනක ජීවිතය ගැන ඇතිනොවූ බියකි … ‘පාරමී එනවා යන්න …’ මගේ අතින් අල්ලාගත් හිම්සර එතැනින් පිටව ආවේ කේන්තියෙන් පුපුරමිනි .. ‘හිම්සර එයා කිව්ව දේවල් ඔක්කොම දේවල් ඇත්ත …. එතකොට හිම්සර මාත් අම්මා වගේ අකාලේම මැරිලා යයිද ‘’ හිතේ තිබු දේවල් මම වචන කරද්දී හිම්සර රවා බැලුවේය … ‘කොහෙවත් ඉන්න අහිකුණ්ඨක ගැහැනියක් කිව දේවල් අහලා ඒවා විශ්වාස කරන්න තරම් ඔයා නුගත්ද ..’ හිම්සරගේ කෝපය යටවී ගොස් තිබුණි …ඔහුගේ මුහුණේ උවේ දුකකි … ‘ඒ කියුව දේවල් ඇත්තනේ හිම්සර ..’ ‘මම කිවා නේ ඔය මගුල් අහලා හිත අවුල් කරගන්න එපා කියලා …ඔය ගැහැණු හැමෝටම කියන දේ තමා ඔයාටත් … ඔයා බොරුවට ඕවා ගැන හිතලා අවුල් වෙන්න එපා ..’ හිම්සර මගේ හිතෙවූ බිය තුරන් කලේ කරුණු පැහැදිලි කරමිනි … ඔහු පවසන්නේ සත්‍යය ….ඉතින් මා හිම්සර කියුව අසා හිත හදාගත්තෙමි …. ‘පාරමී හෙට උදේම ගෙදර යනවාද …’ නිවසේ ගේට්ටුවට ආසන්න වෙන විට හිම්සර මගෙන් අසද්දී මා හිස සොලවා එය එලෙස බව පැවසීමි … ‘ ඔයාලාගේ ගෙදරට කවුරු හරි ඇවිල්ලා ..’ හිම්සර හිසෙන් පෙන්නුවේ අපේ ගේට්ටුවය නිවසේ ගේට්ටුවේ දෙපසට විවර කර දමා තිබුණි …….. පැමිණියේ කවුරුන්ද මා හිම්සරගේ අතේ රැදී තිබුණු මගේ සුරත මුදා නොගෙනම ගේට්ටුව දෙසට පිය මැන්නේ කුහුල් සිතිනි ….. මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *