ඇයත් පතිනියකි 01 – Viha Dissanayake

01_කොටස

” කතා කරපන් පහන්දි…කවුද උබට මේක කරේ….උබ අපිට මොන තරම් ලැජ්ජාවක් ද කරේ….දැන් කොහොමද මායි තාත්තයි රෙද්දක් ඇදන් පාරේ යන්නේ……”

“අනේ…අනේ…මට සමාවෙන්න අම්මේ….. “

පහන්දි කිවුවේ පිස්සුවෙන් වගේ අම්මව බදාගෙන….. පහන්දි ගේ තාත්තා උන්නේ ගොලු වෙලා… තාමත් උන කිසි දෙයක් හිතා ගන්න බැරුව….

පහන්දි ඊලගට තාත්තා දිහා බැලුවේ හැඩූ කදුලින්…. තමන් ට දහසක් දේ කියලා බනින අම්මට වඩා තාත්තාගේ මේ නිහඩතාව කෙල්ලට ගෙනාවේ කියාගන්න බැරි තරම් ලොකු වේදනාවක්….

කෙල්ල අඩ අඩ ම පුටුවකට වාරු වෙලා හිටපු තාත්තාගේ කකුල් දෙක අල්ලා ගත්තේ කෙල්ලගේ ඇඩිල්ල තවත් වැඩි කරලා…ඒත් තාත්තා නොහඩවම ඉද්දි කෙල්ලට දැනුනේ ලොකු අසරනකමක්….

කෙල්ල අඩ අඩ ම තමන් ව ප්‍රතික්ශේප කරන දෙමාපියෝ දෙන්නා දිහා එක පාරක් විතරක් බලලා රූම් එකට ගිහින් දොර වහා ගත්තේ අඩ අඩ මයි….

ඊලගට ලග තිබුන ලාම්පු තෙල් බෝතලය මුලු ඇගේම හලාගත්තේ අම්මා වගේම තාත්තා ත් කෙල්ලට දොර අරින්න කියලා කෑ ගහද්දි….

ඔය අතරෙයි සේයා ක්ලාස් ගිහින් ගෙදරට ආවේ… සේයා පහන්දි ගේ අක්කා…අවුරුදු 22 උන ඇය උපතින්ම අහිංසක කෙල්ලෙක්… කවදාවත් අම්මගෙවත් තාත්තගෙවත් හිත රිද්දලා නැති කෙල්ල තමන් ගේ නංගිට පනටත් වඩා ආදරේ කරා….

“අනේ…ලොකු දූ නංගී…..”

කෙල්ල ගේ ඇතුලට එද්දිම අම්මා අඩ අඩ ම අත දිග් කරේ පහන්දි ගේ කාමරේ දොර දිහාට…. කෙල්ල දෙපාරක් නොහිතා දොරේ අගුලු කඩන්න ගත්තේ තාත්තගෙත් උදවු ඇතුව…..

කෙල්ල කාමරේට යනවත් එක්කම පහන්දි තමන් ගේ ජීවිතේ නැති කරගන්න උත්සාහයේ උපරිමේටම ඇවිත් තිබුනේ…. කෙල්ලට තිබුනේ මුලු ඇගේම හලන් හිටපු ලාම්පු තෙල් වලට ගිනිකූරක් පත්තු කරන්න විතරයි…. පහන්දි එහ් උත්සාහය ගන්න කලියෙන්ම සේයා පහන්දි ගේ අතේ තිබුන ගිනිපෙට්ටිය විසික් කරේ කෙල්ලගේ කම්මුලට පාරක් ගහමින්… පහන්දි මොහොතක් තමන් ගේ අක්කා දිහා බලන් ඉදලා ඊලග තත්පරේ අක්කට තුරුල් උනේ අම්මා තාත්තා වගේම සේයා වත් නැවතත් හොදටම අඩවමින්…

“අනේ ඇයි මගෙ රත්තරනේ මේ”

සේයා ඇහුවේ කෙල්ලගේ ඔලුව සියුම් ව පිරිමදිමින් දැඩි හිත් වේදනාවෙන්…

තාමත් කිසි දෙයක් නොදන්න සේයා ඊලගට අම්මගෙයි තාත්තාගෙයි මූනු දිහා බැලුවේ පහන්දි කිසි දෙයක් නොකියා නැවතත් අඩන්න පටන් ගත්ත නිසා….

අම්මාගෙයි තාත්තගෙයි ඇස් වල තිබුනේ කියා ගන්න බැරි තරම් වේදනාවක්..අම්මා සේයා දිහා බැලුවේ අත්ලෙන් කදුලු පිහින ගමන්…ඊලගට අම්මා කිවුව දේට කෙල්ලගේ මුලු ඇගම පන නැති වෙලා ගියා…….

“නංගි ප්‍රෙග්නට් වෙලා පුතේ……”

අම්මා අඩ අඩ ම කිවුවේ තාත්තාගේ උරහිසට ඔලුව තියා ගන්න ගමන්… තාත්තා බිත්තියේ ඔලුව ගහගත්තේ හිතේ තිබුන වේදනාව දරාගන්නම බැරි තැන වෙන්න ඇති….. .

සේයා ගල් ගැහිලා පහන්දි දිහා විනාඩි ගානක් බලන් හිටියෙ අම්මාගේ එහ් වචන අදහ ගන්න බැරුව….

“මේකිට එහ් අපරාදේ කරපු එකා ගැන මේකි කියන් නෑ ලොකු දුවේ…අපි කොහොනද දැන් පාරේ බැහැලා යන්නේ…කතා කරපන් පොඩි දුවේ…දැන්වත් ඇත්ත කියපන් දෙයියනේ….”

අම්මා කිවුවේ සේයා ට තුරුල් වෙලා අඩ අඩ හිටපු පහන්දි ගේ උරහිසින් අල්ලලා තල්ලු කරලා…

කෙල්ල අඩ අඩ ම සේයා දිහා බැලුවේ අන්තයටම අසරන වෙලා….

“කියන්න නංගි…කවුද මේ දේවල් කරේ…එන්න කියන්න එයාට…මොන දේ උනත් දැන් එහ් හැමදේම වෙලා ඉවරයි…. ඔයාට ඔහොම ඉන්න බෑ…එයාගේ ගෙවල් වලට ඉක්මනට කියලා මේක පිලිවලක් කරමු….”

කවදත් කිසිම දේකට කලබල නොවන සේයා කිවුවේ සන්සුන් ව පහන්දි ගේ කම්මුලකට අත තියලා ආදරෙන්…

“අනේ….අනේ අක්කේ එයාට….එයාට ඕනී සල්ලි…දෑවැද්දක් නැතුව මාව බාර ගන්නෙම නෑ කිවුවා අක්කේ….”

කෙල්ල කිවුවේ අඩ අඩ… අම්මා ඔලුවේ අත ගහා ගත්තේ හොදටම අසරන වෙලා… තාත්තා ගුරුවරයෙක් උනත් දෑවැද්දක් දෙන්න තරම් වත්කමක් තිබුනේ නෑ… මුලු සන්තකේටම තිබුනේ මේ ගේ විතරයි….

“අපිට කොහෙන්ද පුතේ දෑවැදි…”

මෙච්චර වෙලා නිහඩව හිටපු තාත්තාගේ කටහඩ හැමෝටම ගෙනාවේ දරා ගන්න බැරි තරම් ලොකු වේදනාවක්…

ඒත් ඊලගට සේයා කිවුව වචන ටිකට තාත්තාගේ මූනට හිනාවක් ආවේ අම්මගේ පිච්චෙමින් තිබුන පපුවටත් සහනයක් ගේන ගමන්…

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

💗💗💗 ඇයත් පතිනියකි 💗💗💗

02 කොටසින් හමුවෙමු….

ඊලග කොටස අද රෑ 7 ට…

අද ඉදන් හැමදාම රෑ 7 ට කතාව දානවා යාලුවනේ..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කතාව එක්ක දිගටම රැදිලා ඉන්න කියලා ආරාදනා කරනවා…

කතාව ගැන අදහස් කියන් යන්න..

ආදරෙයි…

විහා දිසානායක 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *