ඇයත් පතිනියකි 28
28_කොටස
“තේජාන්…අනේ අපි තාත්තාට කෝල් කරමු ද…එයා පව්…”
කෙල්ල කිවුවේ කොල්ලගේ අතින් බඩ පිරෙන්නම කවාගෙන බැල්කනි එකට වෙලා ගාඩ්න් එක දිහා බලන් ඉන්න ගමන්…
“තාත්තා විතර ද…ආන්ටිටයි අන්කල් ටයි…”
කෙල්ල තාත්තා කියලා කතා කරේ මිස්ටර් මුනසිංහට කියලා තේරුම් ගත්ත කොල්ලා කිවුවේ පුදුමයෙන් කෙල්ල දිහා බලලා…මොකද කෙල්ලට තමන් ගේ අම්මටයි තාත්තටයි වඩා කොල්ලගේ තාත්තා පවු කියලා හිතුන නිසා…
“අම්මාටයි තාත්තා ටයි හවස කෝල් කරමු තේජාන්…අම්මට තාත්තා ඉන්නවා…තාත්තාට අම්මා ඉන්නවා…එහ් දෙන්නා තාමත් අලුතින් මැරි කරපු කපල් එකක් වගේ තේජාන්..එහ් තරම් සතුටින් ඉන්නේ…ඉතින් එයාලට මාවයි පහන්දි වයි මතක් වෙලා දුක හිතුනත් එහ් දෙන්නට එහ් දෙන්නා ඉන්නවා…මං අම්මාට ආදරේ නැතුව නෙමෙයි…අම්මා මාව ප්‍රොමිස් කර ගත්තා ඔයාගේ ගෙදර ඇවිත් සතියක් යනකම් මට කෝල් මැසේජ් එපා කියලා… අම්මා ආයෙත් මට කතා කරනකම්ම.. මං අම්මට කතා නොකරේ එහ් හින්දා…ඒත් තවත් නම් බෑ..අද හවස අම්මට කෝල් කරන්නම ඕනි..ඒත් දැන් තාත්තට ගමු…තාත්තා ට ඉන්නේ ඔයා විතරනේ තේජාන්…තාත්තාට දුක හිතුනම හිත හදන්න ඉන්නෙත් ඔයා විතරයි..”
කෙල්ල කොල්ලා මෙච්චර දවසක් නොදැන හිටපු කෙල්ලගේ අම්මට උන පොරොන්දුව වගේම කොල්ලගේ තාත්තා ගැන හිතන විදිහ දකිද්දි තේජාන් ට දැනුනේ දරා ගන්න බැරි වේදනාවක්….
“සේයා ගේ අම්මා කොච්චර හීන මවමවා ඇති ද සේයා ගැන…මන් වත් නොහිතන තරම් මගෙ තාත්තා ගැන වද වෙනවා මේ අහිංසකී..එහෙම කෙල්ලට ද දෙයියනේ මන් දුක් දෙන්නේ…මන් හින්දායි උනත් හැදුනේ මැනික ඔයාට….”
කොල්ලා සේයා ගේ මූන දිහා අසරනව බලාගෙන හිතන්න ගත්තේ කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් කොල්ලා දිහා බලද්දි….ඒත් ඊලගට කෙල්ල ඇහුව දේටනම් කොල්ලගේ ඇස් දෙකත් උඩ ගියේ කෙල්ල බලන් ඉද්දි මයි…..
” මන් ඔය තරම් ලස්සනයි ද තේජාන්….අනේ….ඔයා මගෙ මූන දිහා බලාගෙන හිතන්නේ මේ වගේ ලස්සන කෙල්ලෙක් මොකට මාව මැරි කරාද කරා ද කියල ද….”
කෙල්ල මුල් වචන ටික හිනා වෙලා කිවුවත් ඊලග වචන ටික කිවුවේ කොල්ලගේ මූනට එබිලා එක ඇහි බැම්මක් උස්සලා… කොල්ලා ඇස් දෙකත් ලොකු කරන් කෙල්ල දිහාම මොහොතක් බලන් ඉදලා ඊලග තත්පරේ කට කොනකින් හිනා උනේ කෙල්ලගේ මූනට තරහක් එද්දි මයි….
“නෑ…මන් මේ හිතුවේ තමුසෙව මැරි කරන්න මන් කැමති උනාට වෙන කවුරුත් එහ් මෝඩකම කරන එකක් නෑ කියලා….”
කොල්ලා හිනා වෙවීම එහෙම කියලා ෆෝන් එක අරන් මිස්ටර් මුනසිංහ ගේ නම්බර් එක ඩයල් කරලා කෙල්ල අතට දුන්නේ කෙල්ල බයෙන් ෆෝන් එක අතට ගද්දි….
“අනේ…ඔයා කතා කරන්නකෝ තේජාන්….මට
..මන් කතා කරන එක හරි නෑනේ….”
“අනේ මේ…දැන් මහ ලොකුවට පන්ඩිතකම් කියෙවුවේ…කතා කරනවා ඉතින්…”
“අනේ මන් කවදාවත් තාත්තට ෆෝන් එකෙන් කතා කරලා නෑනේ…”
“ඉතින් එහෙනම් අද කතා කරනවා…මල විකාර…”
කොල්ලා කෙල්ලව ගාන්ටවත් නොගෙනම කිවුවේ රින්ග් වෙන ෆෝන් එක කෙල්ල ගැහි ගැහි කනේ තියන් ඉද්දි…රින්ග් එක කට් වෙන්න තත්පර ගානක් තියලා මිස්ටර් මුනසිංහ ෆෝන් එක ආන්සර් කරා….
“හෙලෝ…පුතා….”
තේජාන් ගේ නම්බර් එක උන හින්දම මිස්ටර් මුනසිංහ එහ් තේජාන් කියලා හිතලා සේයා කතා කරන්නත් කලින් ම එහෙම කිවුවා…
“තාත්තේ…තේජාන් නෙමෙයි…මන් සේයා….”
කෙල්ල කිවුවේ මවාගත් සන්සුන්කමකින්…
කෙල්ල තමන් ගේ අම්මට තාත්තට තරම්ම තේජාන් ගේ තාත්තාටත් ආදරේ උනත් තේජාන් ගේ තාත්තව ලගින් ඇසුරු කරලා නැති හින්දම කෙල්ලගේ කටහඩත් වෙවුලන්න ගත්තා…එහ් එහ් විනාඩි කීපයකට විතරයි…
“අනේ…දූ ඔයා ද…මන් හිතුවා පුතා කියලා…කොහොමද මගෙ දෝනි…සතුටින් නේද…”
මිස්ටර් මුනසිංහගේ දයාබර වචන ලග කෙල්ල සාමන්‍ය තත්වෙට ඇවිත් කතා කරන්න ගත්තේ කෙල්ලටත් නොදැනිම….
” ඔව් තාත්තා…. තාත්තාව මතක් උනා…තාත්තා කවද්ද එන්නේ….”
කෙල්ල ඇහුවෙ හුරතල් විදිහට තේජාන් දිහත් බලන ගමන්…ෆෝන් එකේ ස්පීකර් දාලා තිබුන නිසා මිස්ටර් මුනසිංහ කිවුව හැම වචනයක් ම තේජාන් ට අගේට ඇහුවා….
“දෝනි…මේ සතියේ ඔයාලා නිදහසේ ඉන්නකෝ…ඊට පස්සේ මන් එන්නම්…කෝ පුතා ඉන්නවද…”
මුනසිංහ කෙල්ලට කිවුවේ ආදරෙන්..ඒත් කෙල්ලගෙ මූනනම් එහ් වචන වලට මෙරි වෙලා ගියා…
“අනේ තාත්තා ආවා කියලා කොහොමද නිදහස නැති වෙන්නේ….”
කෙල්ල කිවුවේ පහත් ස්වරයෙන්….
“අනේ දූ…ඉන්නකෝ මන් ඉක්මනට එන්නම්කෝ…”
“හරි තාත්තා…ආදරෙයි…ඉන්න තේජාන් ට දෙන්නම්.
.”
කෙල්ල හිනා වෙවීම කියලා තේජාන් අතට ෆෝන් එක දුන්නා…
“තාත්තා…..”
“පුතා…දූ ව බලාගන්න….”
මිස්ටර් මුනසිංහ සේයා ගැන තියෙන ආදරේ නිසාම දවස් තුනකට පස්සේ තේජාන් කතා කරලත් තේජාන් ගේ සැප දුක අහනවට වඩා කිවුවේ කෙල්ලව බලාගන්න කියලා….
“හරි තාත්තා…”
කොල්ලා හිනා වෙවීම එහෙම කිවුවත් මිස්ටර් මුනසිංහ ඊලගට කිවිව වචන ටිකට නම් කොල්ලගේ මූන අදුරු උනා..
“හරි පුතා…එහෙනම් මන් තියනවා…ඔෆිස් යන්න ඕනි….ඔෆිස් එකේ පොඩි ප්‍රශ්න වගයක් තියනවා…”
“ඇයි තාත්තා…මොකක්ද ප්‍රශ්නේ…”
මිස්ටර් මුනසිංහ ඔෆිස් එකට යන්නේ සතියකට එක දවසක් නිසාම කොල්ලා ඇහුවේ පුදුමයෙන්..මොකද අද මුනසිංහ ඔෆිස් යන දවස නොවුන නිසා….
“නෑ පුතා මන් ඒක බලාගන්නම්..”
“නෑ තාත්තා කියන්න….”
කොල්ලා ඇහුවේ කලබලලෙන්….
“අක්වුන්ට්ස් වල ලොකු අවුලක් වෙලා…එච්චර අවුලක් වෙන්න විදිහක් ඇත්තෙම නෑ…ten ලැක්ස් විතර…හිතා ගන්නත් බෑ පුතා…කොතනින් කොහොම උන අවුලක් ද කියලා..ඒත් ඇතුලේ අයගෙම වැඩක් පුතා…මන් ඊයෙත් අකවුන්ට්ස් චෙක් කරා…හොයා ගන්න බැරි උනා…අදත් යනවා…”
මිස්ටර් මුනසිංහ කිවුවේ කනගාටුවෙන්…
“තාත්තා…මට කියන්න තිබ්බනෙහ්…. එච්චර අවුලක්….ඉන්න මන් දැන්ම එන්නම්…”
“එපා පුතා ඒක මන් බලාගන්නම්….සේයා දුවත් ගෙදර තනියම දාලා…”
“නෑ තාත්තා…තාත්තා ගෙදර ඉන්න…මන් සේයා එක්ක යන්නම්…තාත්තා මහන්සි වෙන්න එපා..හරියට බෙහෙත් ටික බොන්න….මන් හැමදේම බලා ගන්නම්…”
තේජාන් එහෙම කියලා තාත්තට සමු දීලා සේයා දිහා බැලුවේ ඔලුවත් කසන ගමන්…
“තමුසේ එනවද…නැත්නම් ගෙදර ට වෙලා ඉන්නවද…”
“අනේ මට තනියම…”
“එහෙනම් ලෑස්ති වෙනවා…වදින්නම් එතනට ගිහින් නම් මොන්ගල් පාට් දාන්න එන්න එපා…මට ඇදුමක් ඇදන් ඔෆිස් එකේ ඉන්න ඕනි…කට වහගෙන ඉන්නවා…තේරුනා ද…”
කොල්ලා කිවිවේ බොරු තරහක් මූනට අරන්….
“මන් මොකක්ද අදින්න ඕනි…”
කොල්ලගේ වචන ගානකට නොගෙනම කෙල්ල ඇහුවේ කටත් ඇද කරන්…
“සාරියක් අදිනවා… “
කොල්ලා එහෙම කියලා ආයෙත් ෆෝන් එක අතට අරන් කාගෙදෝ නුම්බර් එකක් ෆෝන් එකේ ඩයල් කරේ කෙල්ල ඉක්මනට ඇදුමක් තෝරන්න රූම් එකට දුවද්දි….
” මිස්ටර් ජයකොඩි….මීටින් එකක් දාගන්න අද හරියටම 11 ට…මමයි වයිෆුයි ඔෆිස් එකට එනවා…”
කොල්ලා එහෙම කියලා උත්තරයක් ලැබෙන්නත් කලින් ෆෝන් එක කට් කරේ තමන ඔෆිස් එකේ නැති උන දවස් ටිකට එකවන්ට්ස් වල මෙච්චර ප්‍රශ්නයක් උනෙ කොහොම ද කියලා හිතමින්…
ඔෆිස් එකේ හැමෝවම ඕනිවටත් වඩා විශ්වාස කරන තේජාන් ට දැනුනේ හැමෝගැනම් ලොකු කලකිරීමක්…මොකද මෙච්චර අකවුන්ට්ස් වල ප්‍රශ්නයක් වෙන්න තරම් මේ දේ ඔෆිස් එකේ ඇතුලෙම කෙනෙක් ගේ වැඩක් කියලා කොල්ලට මේ වෙද්දි හොදටම තේරිලා තිබුන නිසා……
29 කොටසින් හමුවෙමු…..
ඊයේ කතාව දාන්න බැරි උනාට සමාවෙන්න යාලුවනේ…
ආදරෙයි