ඔබ මගේම නම්………………………..13

මෙයා මොනාද මේ කරන්න හදන්නෙ..මැට්ටා බලන විදිය නම් මට චුට්ටක් වත් අල්ලන්නෙ නෑහ්..මගෙ ඉසේ ඉදලා කකුල් වෙනකම් මාව එක්ස්‍රේ කරාද මන්දා..

අහ් හරී..

නපුරා මගේ බල්වුස් එක ඇල්ලුවා..

මේ මොන මගුලක්ද අතාරිනවා බ්ල්වුස් එක..

මන් ඒ අතට ගැහුවා..ඊයෙ රෑ මාව බලන්න වත් හිතෙන්නෑ කියපු කෙනා දැන් මගේ බ්ල්වුස් එක අල්ලනවා..

ඔහොම ඉන්නවා

මට බෑ යනවා..

මන් පස්සෙන් පස්ස්ට ගියා..ඇදෙ විට්ට වැදිලා එහෙම්ම ඇදට වැටුනා..නපුරා එහෙම්ම මගේ ඇගට පාත් උනා..අනේ මාව ඩිවෝස් කරනවලූ..මේ ගිවිසුමක්ලූ..මාව අල්ලන්න තියා බලන්න වත් කැමති නෑලූ..එහෙනම් ඇයි මේ..මන් අත් දෙකින්ම මූණ වහගත්තා…

නපුරගෙ අත මගේ බ්ල්වුස් එකේ එහෙ මෙහෙ යනවා මට දැනුනා..අනේ බෑ බෑ..මෙහෙම වෙන්න බෑ…

විනාඩියක් දෙකක්..විනාඩි දහයක් විතර ගත වෙන්න ඇති..මන් බලාපොරොත්තු උනු විදිහේ කිසිම දෙයක් සිද්ද උනේ නෑ..මන් හිමින් සැරේ ඇස් ඇරියා..

කෝ මේ නපුරා..ලොකු වැඩක් පාටයි..දිවත් හපන්..අහ් හැට්ට කටුවක්..ඒකෙන් එයා එයාගෙ ඇගිල්ලට විදන් ඉන්නවා..

ඔයාට පිස්සුද ආ මොනාද මේ කරන්නෙ

කට වහන් අයින් වෙනවා මෝඩි..මේක පෙන්නන්න ඕනි අම්මලට..එයාලා කොලඹ ඉදන් නුවරඑළියේ එන්නේ මේක බලන් ..මට නෙමී තමුසෙටයි අවුල මේක නැති උනොත්

නපුරෙක් වගේ උන්නට මන් ගැනත් හිතනවා..මගේ ගව්‍රවෙගැන හිතනවා..ඒත් මගේ හිත කොච්චර රිදිලද තියෙන්නේ කියලා නොතේරෙන හැටි..

එයාගෙ ලේ තැවරුනු සුදු රෙද්ද එයාම නවලා බෑග් එකට දැම්මා ..ඇයි මේ දේවල් කරන්නෙ ..හුම්

ඊලග පැය බාගෙදි කිව්වත් වගේම එයාගෙ අම්මයි,නැන්දයි තව් කෙනෙකුයි ආවා..එයාලා නපුරව එලිය්ට යවලා සුදු රෙදි කඩ බැලුවා.ඒක බලලා තුන් දෙනාම මාව බදා ගත්තා..
ඒත් මේ හැම දෙයක්ම බොරුවක් මවා පෑමක්..මට හිතුනා ඒ දේ කෑගහලා කියන්න ඒත් අප්පච්චිගෙ මූණ මතක් උනා..අනේ මන් කොච්චර අසරණද…

අපි එක්ක ලන්ච් අරන් එයාලා යන්න ගියා..හෝම් කමින් එක තියෙන්නේ අනිද්දට…නපුරයි මමයි විතරක් තව රෑ දෙකක් මෙහෙ ඉන්න ඕනි.

කරන්න ඕනි මොනාද කියලා තේරෙන්නෙ නෑ..වෙන දෙයක් වෙන්න කියලා බලන් ඉන්නවා ඇරෙන්න

…………

නුවරඑළියේ හවසට හරිම ලස්සනයි ..තුනී මීදූම මුලු පරිසරේම ගිලගෙන..තවම හතර පහ උනත් රෑ වෙලා වගේ..අපි ඇවිදන් නුවරඑළියේ ට්වුන් එකට ගියා…

මැට්ටි

ම්ම්ම්

මොකො සද්ද නැත්තේ

බඩගිනියි

හපො මහා පෙරේතියෙක්

හුම්ම්

ඇගේ සයිස් එකට නෙමී කන්නෙ..මොනාද ඕනී

මොනාහරි උනුවෙන් ඕනි

හරි එනවා

එයා මාවත් ඇදන් සයිවර් කඩේකට ගියා..උණු උණු උලුදු වඩේ දීසියක් අපි ඉස්සරහා ගෙනත් තිබ්බා

කනවා

මට පෙරේති කීවට නපුරා වඩේ පහකට වග කිව්වා..මන් බඩගිනි කීවට කන්න පුලුවන් උනේ වඩේ එකා මාරයී

මෝඩි

ඇයි

දැන් බඩගිනි කීවෙ

ඉතින් මන් කෑවෙ

කෑවා තමයි ඔයිට වඩා මොන්ටිසෝරි ලමයි කනවා

හකෝ හා

එනවායන්න තව ඇවිදිමු

කාලා උනුවෙන් කෝපි බීලා අපි ආයෙම පාරට බැස්සා..දැන් ඉන්නෙ අපි කඩපිලේ

කියනවා මොනාද ඕනී

ම්ම්ම්

ම්ම් ම්ම් නෙමි කියනවා

අන්න අරවා

මොනාද

පොඩි කාලේ ඉදලම මන් ආසයි ස්ටෝබෙරි වලට..කන්නම නෙමි..ඒවල තියෙන පෙනුමට

හපො මේවා ඇබුල් මැට්ටි…

ඒ උනාට ඕනී

හා හා..අහනවා මේවා පඩියෙන් කපනවා හරිද

මොකක්

පඩියෙන් කපනවා..නැත්තම් මන් මොකටද පොලගියෙක්ට කන්න අරන් දෙන්නෙ

අහ් ඒකත් එහෙමද

ඔව්

මුදලාලි කීයද

දෙසිය පනහයි නෝනා

හහ්..මොකටද මන් කාටවත් පදිරි වෙන්නෙ.මගෙ පර්ස් එක අරන් මන් සල්ලි ගෙව්වා..නපුරා හිනා වෙවි බලන් උන්නා.

පෙයාසුයි ,ඇපලුයි,මල්ලක් අරන් අපි ආයෙම එන්න පිටත් උනා..එන ගමන් මන් පාර දිගේ ස්ටෝබෙරි කකා ආවා

මටත් දෙනවකො

බැහැ මන් නෙ ගත්තෙ

දෙනවකො

බෑ කීවනි

හා දෙන්නෙ නැද්ද ඉන්නව්කො

නපුරා මගෙ අතේ තිබුනු සේරම ස්ටෝබෙරි ටික බිමට දැම්මා

මොකක්ද ඒ කලේ ආ

මට නැත්තම් කාටත් නෑ

ඒකද ඔයාගෙ තියරිය

ඔව් ඇයි

හුම්.හුම්

මෙහෙමත් නපුරෙක්ට මන් අහු උනානි..ආයෙ එන ගමන වේගවත් උනා..මන් නපුරට කලින් හයියෙන් හයියෙම් හොටෙල් එකට ගියා..

නපුරි

ඔව් මන් නපුරු තමයි තමුසෙ තරම් නෑ

බලාගෙන පුපුරයි

කමක් නෑ

මන් දඩාස් ගාලා වොශ් රූම් එකේ දොර වහගත්තා

හේතුවක් නැතිව කදුලු එනවා..ඇයි දෙයියනේ මේ වගෙ නපුරෙක්ට මන් අහු උනේ..

දෙපාරක් නෑව නිසා මට රෑ සීතල ගත්තා..වෙව්ලලා වෙව්ලලා උණ ගත්තා..

නපුරා එදා මුලු රෑම මගේ යටි පතුල් මසාජ් කලා.
මට ඇත්තටම මේ නපුරව තේරුම් ගන්න හරිම අමාරුයි..තේරෙන්නෙම නෑ..තේරුම් ගන්නත් බෑ..ඇයි මෙහෙම කරන්නෙ කියලා..මෙච්චර කාලෙකට නපුරා ගැන නොදැනුනු හැගීමක් හිතට එනවා..ඒ මොකක්ද කියන්න මට තේරෙන්නෙ නෑ..

නපුරා එක්ක ගෙවුනු ඒ දවස් තුන නිමා වුනේ මගේ හිතට අමුතු හැගීමක් එක් කරලා..

දවස් තුනක මන්ගල ගමනින් පස්සෙ අපි නපුරගෙ ගෙදරට ආවා..අපේ පැත්තෙන් තිබුනාට වඩා ලස්සන පාටි එකක් මෙහෙ තිබුනා..

ඉතින් අද ඉදන් මන් මේ ගෙදර ලේලී..ලොකු සර් ගැන නම් දන්නවා, නපුරා එයත් දන්නවා කියමුකෝ..එතකොට අම්මයි නන්ගියි කොහොමද දන්නෙ නෑ..හෙට ඉදන් මේ මගේ ජීවීතේ වේවි..මගේ ජීවීත කාලෙටම..

ම්ම් නැහැ මට වැරදුනා..අවුරුද්දකට

–මතු සම්බන්දයි— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *