….කදුලත් සැනසුමක්…25
25. වන කොටස.
මං බිරන්ත වී සුපුන් මල්ලි දිහා බලාන් හිටියා.
ශදී අක්කේ…. මට සේන මාමා කිව්වා ඔයා ගැන ඇහැ ගහන් ඉන්න කියලා.
මං දන්නවා සුපුන් මල්ලි ඒක. ඔයාට ඕනි නම් අපි කතා කරනවා දැක්ක බව සේන බාප්පට කියන්න. වැඩිම වුනොත් මාව මරයී. මට දුක මං හින්දා ශානු අයියට කරදරයක් වෙයී කියලා.
ශදී නංගි මොනවද ඔය කියන කතා. ඔයාට මොකුත් වෙන්න දෙන්නෙ නෑ මම. මේ කොල්ලෝ ඔබට ඕනි නම් කේලම කියපන් ..
ශානූ අයියාට කේන්ති ගිහින් සුපුන් මල්ලිට බැන්නා. සුපුන් මල්ලී ශානූ අයියගේ යාලුවෙක්. ශානූ අයියා දැනන් ඉදලා නැ සුපුන් තමා ඔත්තු බලන්නෙ කියලා.
පොඩ්ඩක් මං කියන දේත්..
නෑ… නෑ.. සුපුන් මල්ලි. අදට විතරක් පුලුවන් නම් සේන බාප්පට නොකියා ඉන්න. ප්ලීස්… මගෙයී ශානු අයියගෙයී අතරේ දැන් කිසිම සම්බන්දයක් නෑ. අද මේ අහන්බෙන් හම්බෙලා කතා කලේ
මං සුපුන් මල්ලිගෙ කතාවට බාදා කරමින් කිව්වා. සුපුන් ඉන්නවා දැකලා විමූත් අපි ළගට ආවා.
ආ සුපුන් මල්ලී..
බලන්නකෝ විමූ අක්කේ. මෙයාලා මට කතා කරන්න දෙන්නෙ නෑනේ.
ඇයී මෙයාලා කේලම් කියන්න එපාලුද?
විමූ එහෙම කිව්වේ කට කොනකින් හිනා වෙමින්.
කවුද දැන් කේලම් කිව්වේ. ඇයී ඔයාලා මට බනින්නේ.
ඔයානේ සේන බාප්පට ශානූ අයියා ගැන සේරම කියලා තිබුනේ.
මං කතාව මැද්දට පැන්නා.
මං කිව්වේ නෑ ශදී අක්කේ. මං දැනන් හිටියෙත් නෑ ඔයාලා යාලුයී කියලා. සේන මාමා මයී කිව්වේ ඔයාලා ගැන. මං මොකුත් කිව්වෙ නෑ. ඔයාලා ඉස්කෝලෙදී කතා කරනවද බලලා එයාට කියන්න කිව්වා.
දැන් ඔබට ඌවද? මාවද? වටින්නෙ කියහන්කෝ.
ශානූ අයියට හොදටම කේන්තී ගිහින් සුපුන් මල්ලිගෙ සර්ට් එකෙන් අල්ල ගත්තා.
මට වටින්නෙ උබව බං අයියේ. මං මේ ආවේ ඔයාලට ඕනී සපෝට් එකක් දෙනවා කියන්න. සේනයා මට පේන්නත් බෑ. මහ ජරා මිනිහෙක් . දවසක් අපේ ලිද ලග හැංගිලා ඉදලා ,අම්මා නානකොට. අපි දැක්කා පැනලා දුවනවා.
මට පොලව පලාගෙන යන්න හිතුනා ලැජ්ජාවට. ශානූ අයියා සුපුන් මල්ලිගෙ කරේ අතක් දාගෙන .
අනේ සොරි බං මට කේන්ති ගියා. තරහා නෑ නේද.
අපෝ නෑ බං අයියේ. එහෙනම් උබලා කතා කර හල්ලා . මං ඔත්තූ බලන්නම්කෝ.
එහෙම කියලා සුපුන් මල්ලි පිට වෙලා ගියා. ශානූ අයියට මං ගෙදර තත්වය සේරම කිව්වා. ආදරේ කරන දෙන්නෙක්ට කතා කරන්න බැරී දේවලුත් අපිට කතා කරන්න වුනේ සේන බාප්පා නිසා. මට ඉබේටම ඇඩුම් ආවා. “මොන දේ වුනත් මගෙන් ඈත් වෙන්න උත්සහ කරන්න එපා “කියලා ශානූ අයියා මගෙන් පොරොන්දු ගත්තා.
**************************************
තරමක් හොද කාලය උදා වුනා. මට ආයෙත් තනියෙන් ක්ලාස් යන්න ඉඩ දුන්නා. මං රන්ඩු කරලා නැන්දලාගේ ගෙදර රෑ ඉන්නත් පටන් ගත්තා. ටීචර්ලා සර්ලටත් දැන් ඒ කතාව ටිකක් අමතක වෙලා වගේ.
ශානූ අයියයී මායී හුගක් පරිස්සම් වුනා. ගයේෂා ඉද හිට ටීචර්ට කේලම් කියලා ඇවිස්සුවා. ඒක නිසා අපි කතා කරන්න උත්සහ කලේ නෑ ඉස්කෝලෙදී.
හිස් පීරියඩ් එකක් අහු වුනොත් පොඩි ලිව්මක් ලිව්වා. ඒවා ශානූ අයියට ගිහින් දුන්නේ දයාන්. දයාන් අපිට හුගක් වුදව් කලා. ශානූ අයියගෙ ලිව්ම් මට ගෙනත් දුන්නෙත් දයාන්. මං ඉස්කෝලෙදිම කියවලා ශානූ අයියටම ලිව්ම අහපව් දුන්නා. දෙන්නගෙම ලිව්ම් තිබුනේ ශානු අයියා ලග.
ශදී ඔයාට ප්‍රින්සිපල් සර් එන්න කිව්වා.
කවදාවත් නැතුව ගයේෂා හිනා වෙමින් පනිවිඩය කියනකොට මගෙ මුලු ඇගම බයෙන් වෙවුලලා ගියා.
ඇයී දන්නෙ නෑ නේ .ගයේෂා.
දන්නේ නෑ ගිහින් බලන්න.
මට විතරක්ද්ද එන්න කිව්වේ.
ඔව් ඇයී බයද? වැරදී නොකර හිටියා නම් ඉවරනේ.
මං බයෙන් කල්පනා කරමින් කාර්යාලය ළගට ගියා. ටීචර්ලා සර්ලා පිරිලා. මගෙ මුලු ඇගම අප්‍රානික වෙලා වගේ. “අනේ දෙවියනේ මගෙ පාසල් ජීවිතේ අවසන් දවස අදද?” සිතමින් ලොකු සර්ගේ මේසය ලගට ගියා. අත් දෙක පිටි පස්සට කරලා අල්ලගෙන.
සර් මට එන්න කිව්වද?
ඔව්…
සර්ගේ වචනය ඇහෙද්දී මං ගැස්සිලා ගියා. මං බිම් බලාගෙන හිටියේ සර් දිහා බලන්න බය නිසා.
ඔය ළමයට සිංදු කියන්න පුලුවන් නේද?
ඕ..ඔ.ව් සර්.
මගේ වචනත් පැටලුනා.
හෙට ලෝක ළමා දිනේට උත්සවයක් සුදානම් කරලා තියෙනවා. හෙට ඔය ළමයට සිංදුවක් කියන්න පුලුවන්ද? හැබැයී කාටවත් කියන්න එපා හෙට උත්සවය ගැන. ඒකයී මේ ලමයට තනියෙන් එන්න කිව්වෙත්.
හරී සර් පුලිවන්..
හොදයී .. පොඩ්ඩක් සිංදුවක් කියන්න බලන්න.
දැන්ද සර්..
ඔව්
පන්සලෙ පල්ලියේ දහඩියෙන් අපි තැනූ…..
මං ගීතයේ මුල් කොටස ගයලා ඉවර වෙද්දී කාර්යාලේ හිටපූ සේරම ගුරුවරු අත්පොලසන් දුන්නා. මං කාර්යාලයට ගිය බව ශානූ අයියටත් ආරංචී වෙලා, මුන ඇබුල් කරන් මං පංතියට එනකන් බලන් හිටියා. මං පංතියට එද්දිම දයාන් ඇයි ඇහුවා. ශානූ අයියට පනිවිඩේ දෙන්න ඕනී නිසා මං ඇත්තම කිව්වා.
දයාන් පනිවිඩේ කියනකොට මං ශානූ අයියා දිහා බැලුවා. ශානූ අයියා මගෙ දිහා එබිලා බලලා. අතින් එළ කිරී කිව්වා, හරිම සතුටින්. මගෙ හිනාව ගයේෂගේ හිතට ලොකු වදයක් වගේ මූනත් පුලුටු වෙලා. මං ගයේෂා ලගට ගියා.
වැරදී වැඩ කැරන්න එපා කිව්වා නේද? බලමුකෝ ඈ ඔයලත් වැරදී වැඩ කරද්දී නේ.
ගයේෂා මට ගස්සගෙන යන්න ගියා . මං දැන් නිතර හිටියේ නිමේෂා එක්ක. මට විමූ එක්ක ඉන්න බෑ ටීචර් දොස් කියන නිසා.
උත්සවය ආරම්භ වුනා. හැමදාම ප්‍රධන ශාලාවේ උත්සව තියන නිසා වෙනසකටත් එන්න පිට්ටනියේ හෙවන පැත්තක පුටු තියලා තැනක් සූදානම් කරලා තිබුනා. සර්ලා ඊයෙ රෑම මේ කටයුත්ත වෙනුවෙන් ඉස්කෝලේ ඉදලා තියෙන්නේ. අද නිවේදන කටයුතු කලේ ලොකු සර්. ළමයින්ට හරිම පුදුමයී , ඒ වගේම සතුටුයී. කිහිප දෙනෙක්ගේ කතා වලින් පස්සේ ලොකු සර් මට ආරාදනා කලා. මං සිනා මුසු මුහුනින් ළමයී අතරින් ඉස්සරහට ආවා. උදේ රැස්විම වගේ නෙමෙයිනේ ළයින්ට කෑ ගහන්න ,ඕනීම දෙයක් කරන්න බාධාවක් නැති නිසා, ළමයී මගෙ නම කියලා කෑ ගැහුවා. ශානූ අයියා පිටිපස්සට වෙලා කට්ටිය එක්ක විසිල් ගහනවා මං දැක්කා. ඒ මදිවට උඩ පැන පැන අත වනනවා. ලොකු පංතිවල පිරිමි ළමයී සේරම හිටගෙන හිටි නිසා කාටවත් ශානූ අයියව අවධානයට ලක් වුනේ නෑ.මං අවසර අරන් සිංදුව පටන් ගත්තා.
” හොද හොද ළමයින් අපි වාගේ
මේ මව් බිම ඉපදී ඉන්නේ
අත්පොඩි ටික එකමුතු කරලා
රකිමූ අපෙ සිරිලක් අම්මා”
සිංදුවට හැමෝම සතුටින් අත්පොඩී ගැහුවා. සිංදුව ඉවර කරලා මං එන්න සුදානම් වෙද්දී ළමයී තව සිංදුවක් ඉල්ලලා කැස්ගහන්න ගත්තා. මං ලොකු සර් දිහා බැලුවා.
එදා ඔපිස් එකේදී කියපු සිංදුවත් කියන්න.
ලොකු සර් මට කිව්වා. මං ආයෙත් මයික් එක අරන් සිංදුව පටන් ගත්තා.
“පන්සලේ පල්ලියේ දහඩියෙන් අපි තැනූ
පිළිම දා ගැබ් පෙනේ ලෝකයක් දන් නැමූ.”
ප්‍රීතී ඝෝෂා මැද්දේ මන් මගෙ අසුනට ආවා. මටම පුදුමයී ලොකු සර් මට සිංදු කියන්න අවස්තාවක් දුන්නේ ඇයී කියලා. ඊට පස්සේ තිබුනේ ළමයී වෙනුවෙන් සූදානම් කරපූ තරග වගයක්.
උත්සවය සාර්තකව නිම වුනා. තරග දිනපූ අයට තෑගී දුන්නා. සේරම ළමයින්ට කෑමයී, පොදූ තෑග්ග හැටියට පෑනකුයී ලබා දුන්නා.
**************************************
ඊ ළග කොටසින් හමු වෙමූ.