…..කදුලත් සැනසුමක්…..45
45. වන කොටස.
මම කේන්තියට වේගෙන් පැනගෙන යන්න ගිහින් වැටුනා. බේරෙන්න ලෙඩ කකුල තිබ්බත්. ඒ කකුල යට වෙන්න මම බිම පෙරලිලා වැටුනා.
ඔය කර ගත්තේ.
මම අමාරුවෙන් නැගිටින්න උත්සහා කලත් ආච්චි අම්මා දොර ළගින් හෙල්ලුනේ නෑ . මම අත් දෙකේ වාරුවෙන් තනි කකුලෙන් හිට ගත්තා. දනිස්ස පෑරිලාද කොහෙද ආයෙත් ඇදුම් කන්න ගත්තා.
අනේ සුදු අම්මෙ ඔය කියවිල්ල නවත්තලා මට උදව් කරන්නකෝ.
මට බැන බැනම සේරම කලා. මගෙ කකුල ආයිත් රිදෙනවා. ඒත් මට ශානු අයියට මේක කියන්න බෑ , කේන්ති යාවී. එතකොටම මට ශානූ අයියගෙන් කෝල් එකක් ආවා. මම හිටියේ කාමරේ මගෙ ඇදේ වැතිරිලා.
හෙලොව් ශානූ අයියේ.
කොහොමද මගෙ සුදු මැනික. බෙහෙත් බැන්දා නේද?
ඔව් ශානූ අයියේ.
ඔයා දුකකින්ද ඉන්නෙ. ඇයි අවුලක් වුනාද?
ශානූ අයියට මගෙ පොඩි වෙනසත් තේරුනා. ඒක නිසාම මම දුකින් බව එයාට තේරුනා.
නෑ.. නෑ ශානූ අයියේ. මොකුත් ප්‍රශ්නයක් නෑ.
බොරු කියන්න එපා රත්තරං.
ශානූ අයියට විස්තරය නොකියා බේරුනේ අමාරුවෙ . කකුල ආයිත් රිදෙනවා ඒත් හේතුව කියන්න බැරි නිසා ශානූ අයියට කියන්න බෑ. හතරවෙනි වතාවටත් වෙදගෙදර ගියත් කකුලේ කිසි සුවයක් තිබුනේ නෑ. එදා මම වැටුන නිසා කකුලේ අමාරුව තවත් ඇවිස්සිලා තිබුනේ. මට දැන් ගමේ ගෙදර ඉන්න එපා වෙලා. ආච්චි අම්මගෙ වෙනස් කම් නිසා මම හිටියේ දුකින් .අම්මට කතා කරන හැම පාරම මම දුක කියලා ඇඩුවා. එයා කියන්නෙ “ කරන්න දෙයක් නෑ ඉවසන්න කියලා. දැන් දැන් ආච්ච් අම්මා ශානූ අයියට මූනටම දොස් කියන්න පටන් අරන්.
මම කාමරේ කල්පනා කරමින් හිටියා.ආච්චි අම්මට කෝල් එකක් ආවේ පුංචි අම්මාගෙන්, බබා ලැබෙන්න ළගයි කියලා එහෙ එන්න කිව්වා. ආච්චි අම්මා චුටී අම්මට කිව්වෙ “මට එන්න වුවමනාව තියේ ඒත් එන්න විදිහක් නෑ කියලා. කෝල් එකෙන් පස්සෙ ආච්චි අම්මා මගෙ කාමරයට ආවා.
සුදු දූ.. මට පුංචි අම්මා එන්නලූ.
ඉතිං සුදු අම්මා යනවද?
නෑ මං යන්නෙ කොහොමද? මෙතනත් කරදරයක්නේ.
ඒකනි සුදු අම්මෙ. එයාලා පොඩ්ඩක් තේරුම් ගන්න එපෑ.
චූටී පුංචි කියනවා. මම හැමදාම බලන්නෙ ඔයාට විතරලූ. එයාගෙ ළමයි මගෙ මුනුපුරෝ මිනිබිරියෝ නෙමෙයිද අහනවා. එවන හැම සතේම වියදම් කරන්නෙත් ඔයාටලූ.
මට විතරනේ ඉන්න ගෙයක් නැත්තේ . අම්මා තාත්තාගේ ආරක්ෂාවක් නැත්තේ.
මගේ ඇස්වලින් කදුලූ කඩා වැටුනේ මටත් නොදැනිමයී. ඇවිද ගන්න බැරි නිසානේ මේ සේරම කියලා මට හිතුනා.
අම්මට භාර දෙන්න කිව්වෙ.
ආච්චි අම්මා ආයෙත් කිව්වා.
හොදට තියෙයි දැන් එහෙ යැව්වොත්, හොදට හිටි කාලේ අච්චර හරියක් කරන්න ආපූ මිනිහා, ඇවිදින්න බැරි මට මොනවා කරයිද. ඇත්තටම චූටී පුංචිගේ මොලේ හොද නැද්ද.
එහෙමත් බැරි නම් කකුල කඩපු යාලුවාගෙ ගෙදර යවන්නලූ බලා ගන්න.
ඒ ළමයා මගෙ කකුල හිතලා කැඩුවේ නෑ. මෙච්චර කල් මං ඒ ගෙවල් වලනේ හිටියේ. ඒ මිනිස්සු මට කරලා තියෙන ඒවායේ හැටියට. මගෙ නෑදෑයො මට මොනවද කරලා තියෙන්නෙ. බොරුවට උපදෙස් දෙනවා විතරයී.
මංදා ඔය කියන්නෙ. ඒත් ඒ යාලුවා බලන්නවත් ආවේ නැනේ.
ඒකට කමක් නෑ මට පොත් ටිවුට් සේරම එවනවනේ. අනික එයා මගෙ කකුල කැඩුවේ නැහැ. මගෙ අවාසනාවට මේක වුනේ. අනික සති ගනන් ආච්චි අම්මා පුංචිලාගෙ ගෙදර ගිහින් ඉද්දී, මං හිටියෙ..ඒ යාලුවන්ගෙ ගෙවල් වල නෙමේද?
අනේ මංදා සුදු දූ. මං නෙමේනේ ඕවා කියන්නෙ.
අනේ… ඔයා..ලා සේරම… එකයී… සුදු.. අම්මටත් …ඔනී මගෙන්… නිදහස්.. වෙන්න…
මම කෑගලා අඩමින් කිව්වා.
අනේ එහෙම නෙමෙයි සුදු දු…
ඔයාත්… එයා ළගටම… යන්න . සුදු අම්මෙ…. මං .. යනවා . ශානූ අයියලාගේ ගෙදර..
පිස්සුද සුදු දූ…
ඔව් ..මෙහෙම හිටියොත්… මට කොහොමත්… පිස්සු හැදෙනවා.. කාටවත් ඕනී නෑ මගෙ කකුල.. හොද කරන්න… අයියට විතරනී. ඕනී. බේහෙත් කොළයක් හොයලා දෙන්නත් ඔයාලට බැරි වුනානේ.
මම සේරටම දොස් කියම්න් පැය ගනනාවක් ඇඩුවා. මොන විදිහකින් හරි ශානූ අයියලාගෙ ගෙදරට යනවා කියලා මං හිතා ගත්තා. මේ ගෙදර වෙන දෙවල් නිසා, මීට කලින් සිය දහස් වතාවක් ශානූ අයියලාගෙ ගෙදර යන්න මගෙ හිත ඉල්ලුවා. මම අම්මගෙනුත් යන්න ඇහුවා. එයා දොස් කියන නිසා මම ශානු අයියට මොකුත්ම කිව්වෙ නෑ. ඒත් මට තවත් ඉවසන්න බෑ. ශානූ අයියට මොන තරම් වියදමක් යන්න ඇතිද දවස ගානේ මෙහෙ එන්න බයිසිකලයට තෙල් ගහන්නම. මම ශානූ අයියලාගෙ ගෙදර ගියානම් මේ සේරම ප්‍රශ්න ඉවරයි. මෙහෙ හිටියත් මගෙ සේරම දේවල් කරන්නේ ඒ මිනිස්සුනේ. මම ශානූ අයියට කෝල් කරලා සේරම විස්තරය කිව්වා. ශානූ අයියත් මට හොදටම දොස් කිව්වා මම මෙච්චර කල් ඒවා නොකිව්වට. කලින් කිව්වා නම් මීට කලින් බලෙන් හරි අරන් යනවනේ කිව්වා . අන්තිම වතාවට අම්මගෙ එහෙ යන්න අහන්න කිව්වා. ඒක නිසා මම අම්මට කෝල් එකක් අරන් සේරම විස්‍තර කිව්වේ අඩමින්.
අනේ අම්මේ….. මට.. තවත්… මෙහෙ… ඉන්න බෑ… අයියලාගේ … ගෙදර… යන්න .. දෙන්න…
ඔයාට පිස්සූ හැදිලද සුදු දූ. බදින්න කලින් කොල්ලන්ගෙ ගෙවල් වල නවතින්න.
මෙහෙම ගියොත් තමා අම්මෙ මට පිස්සු හැදෙන්නෙ. මට යන්න… දෙන්න… තවත්.. මේ .. කතා.. අහන්න..බෑ..මට.
නෑ . නෑ ඔයා ඔහෙ ඉන්න. මම අම්මට කතා කරන්නම්.
වැඩක් වෙන්නෙ නෑ …තවත්.. මං.. මෙහෙ ..ඉන්නෙ .. නෑ.
සුදු දු මුරංඩු වෙන්න..එපා…
ඇයි යන්න.. එපා ..කියන්නෙ… මං එහෙ ගියාම මොකද .. වෙන්නෙ.
දවසක රෙද්දක් ඇදන් දීග දෙන්නෙ කොහොමද?
ඕවා හිතන්න තිබුනේ හුගක් කලින් අම්මෙ..
ඒ මොකක්ද්ද ඒ කතාව.
ඔහෙ ඉන්න කාලේ ඕවා හිතන්න තිබුනනේ. මං කවදා හරී දීග දෙන්න ඕනී කියලා. මං පරිස්සම් වුනේ මගෙ උවමනාවට . ඔයා නිකමටවත් මං කියන දේ පිලිගත්තද නෑනේ. දැන් බොරුවට මාව පරිස්සම් කරන්න හදන්න එපා දැන්.
මට දුකත් එක්කම හොදටම කේන්ති ගිහින් නිසා මං අම්මට දොස් කිව්වා.
හරී මොකුත් වුනේ නැහැනේ ඉතිං.
ඔව් මොකුත් වෙලා තිබුනේ නෑ.
ඒ…. කිව්වේ…
අම්මගේ කට හඩේ තිබුනේ බියක්.
වෙන්න ඕනී හැම දේම වෙලා ඉවරයි. මම ශානූ අයියට හැම දේම දුන්නා.
මොනවා….
අම්මා ටික වෙලාවක් නිහඩව හිටියා. ඊට පස්සෙ මට පුලිවන් තරම් දොස් කියමින් ඇඩුවා. මම සේන බාප්පා මට කරන්න ගිය දේ එයාට විස්තර ඇතුව කිව්වා. ඊට පස්සේ ක්‍රිස්ටි මාමා ලව්ව ශානු අයියලාගේ ගෙදරට කේලම් කියවපු එක ගැනත් කිව්වා. අම්මා අද තමා මං කියන දේ පිලි ගත්ත මුල්ම දවස. ඒත් දැන් පිලි අරන් වැඩක් නෑ. මගේ ජීවිතේට වෙන්න ඕනී සේරම වෙලා ඉවරයි.
මම නම් ආයී ඕකා එක්ක පවුල් කන්නෙ නෑ . මං ඕකගෙන් අද ඉදන් පලි ගන්නවා.
අම්මා අඩමින් කිව්වා.
දැන් වැඩක් නෑ. අම්මේ. ඔයාලා හොදින් ඉන්න. මට දැන් වත් ශානූ අයියා ළගට යන්න ඉඩ දෙන්න.
එපා සුදු දූ ඔයා එහෙ යන්න එපා.
ඇයී එහෙම කියන්නෙ. ඒ මිනිස්සු මට ආදරෙයී. අනික හැම දේම එයාලත් දන්නවා.
දැන් මොකුත් නොකිව්වට. දවසක ඔයාගෙන් ඕවට පලි ගනීවී සුදු දූ.
එහෙම වෙන්නේ නැ අම්මේ…
ඔයාට තේරෙන්නෙ නැහැ ළමයො. දවසක ඔයාට බනී. බදින්නත් කලින් පුදුම විසයක් නේ ඕකිට තිබුනේ කියලා. දැන් ඔයා වෙනුවෙන් කරන ඒවටත් බනි. බදින්න කලිනුත් මෙහෙනේ හිටියේ කියයී.
ඔහේ ඕනී දෙයක් වෙච්චදෙන් ඒක එදාට බලමූ . මට යන්න දෙන්න අම්මේ. අඩු ගනේ ශානූ අයියගෙ වියදම් වත් අඩු වෙයී
කිව්වහම අහන්න ළමයො යන්න එපා.
අම්මා මම යනවට පොඩ්ඩක් වත් කැමතී නෑ. මට ඒත් තවත් මෙහෙ ඉන්න බෑ. මම රෑ එළි වෙනකන්ම ඇඩුවා. උදේ වෙනකොට මගෙ මූන සේරම තඩිස්සි වෙලා. ඇස් රතු වෙලා. ආච්චි අම්මා ඇයි අහන්නවත් ආවේ නැහැ. මම රෑ කිප වතාවක්ම තනියෙම දොර ඇරන් , නොන්ඩියෙන් ගියා. ඒත් කවුරුත්ම බැලුවේ නැහැ. එයාලට ඕනී මගෙන් නිදහස් වෙන්න. පහුවදා එළි වෙද්දී ශානූ අයියා මාව බලන්න ආවා. මට ශානූ අයියා දැකපු ගමන් ඇඩුම් ආවා . මගෙ මුහුන දැක්කම මුලු රැම අඩලා කියලා එයාට තේරෙන්න ඇති. මම ඇදේ ඉදගෙන හිටියේ, ශානු අයියා මගෙ ලගින් ඉදගෙන මගෙ මූන එයාගෙ පපුවට තුරුලු කර ගත්තා.
ඊ ළග කොටසින් හමු වෙමු —