~~~~~දෙව්දූ~~~~~36 කොටස

දින සති අවුරුදු වුනේ කාටත් නොදැනෙන්න …. අපි කැම්පස් එකේ තුන්වෙනි වසරට යද්දී තේමිය අයියලාගේ අවසාන අවුරුද්ද ගෙවුනේ … හැමෝම මහන්සි වෙලා පාඩම් කලේ එක්සෑම් ඇනගන්න වෙයි කියලා තිබ්බ බය නිසා .. එක්සෑම් ෆේල් වෙලා අවුරුද්දක් වැඩිපුර කැම්පස් එකේ ඉන්නවා කියන්නේ අපරාධයක් කියන එක හැමෝම තේරුම් අරන් හිටියා …
අහම්බෙන් මුහුණට මුහුණ හම්බවුනත් තේමිය අයියයි මායි හැසිරුනේ නන්නාදුනන මිනිස්සු වගේ …. හිතින් දහස් වාරයක් ඇඩුවත් මම ලෝකෙට පේන්න හිනාවුනා … යාළුවො එක්ක හයික් එකක් යන්න… සරච්චන්ද්‍ර වලේ නාට්‍යක් බලන්න … තාක්ෂණික ප්‍රදර්ශනයකට සහභාගී වෙන්න …. එක්සෑම් කාලෙට යාළුවොත් එක්ක එකතු වලා ගජයක් දාන්න මාව නැතිවම බැරි යාළුවො සෙට් එකක් තමා මට හිටියේ … කැම්පස් එකෙන් මම හෙව්ව ආදරය ලැබුනේ නැති වුනාට සදාතනික යාළුවෝ සෙට් එකක් නම් දෙයියනේ කියලා හම්බවුනා …
ප්‍රසන්ටේෂන් Assaignment අතරේ ජිවිතේ ගෙවිලා ගියේ හරිම තරග කාරී විදිහට …. පැය ගානක් එක දිගට Assaignment ලියන එක කොච්චර අමාරු වැඩක් වුනත් .. අපි පිටු සිය දෙසිය Assaignment ලියුවා …හැමෝටම ඕන උනේ එකෙක්ට වඩා දශමයක් හරි ඉස්සරහින් ඉන්න
‘ කට්ටිය Assaignment එක හැදුවද ….’ ලෙචා ඇහුවේ කට්ටියටම අප්‍රසන්න ප්‍රශ්නයක් …
‘ඔව් සර් …’ හැමෝම එහෙම කිව්වේ සර් Assaignment එක බලයි කියලා හිතලා නෙවෙයි …
‘කෝ ගමු බලන්න … ’ අපි නිදි මරාගෙන ලියපු Assaignment ටික එකතු කර ගත්ත ලෙචා යද්දී බිනුර මුහුණු කළු කරගත්තා …
‘මොකද බන් බය වෙලා වගේ ..’
‘මොකුත් නැහැ බන් අපි මොන දේකටවත් බය නැති කොල්ලෝ ..’ බිනුර ඒ වෙලාවේ බය වුනේ ඇයි කියලා අපිට තේරුනේ පහුවෙනිදා ලෙක්චර් හෝල් එකේදී …
‘බිනුර රත්නායක …. එනවා ඉස්සරහට ..’ ලෙචා යකඩ කටට එබිලා කෑ ගැහුවා …
‘මේ එනවා සර් ..’
‘තමුන්ම මේ Assaignment එක කරේ ..’
‘ඕඕ ..ඔව් සර් ..’
‘ එතකොට මේකේ සමීර අත්තනායක කියලා නම තියෙන්නේ කොහොමද..’
ලේචා Assaignment එක පෙරලලා පෙන්නද්දී බිනුර රතුවෙලා ගියා … කොහොමද ළමයි හාර පන්සියක් මැද ලෙචා ගෙන් බැනුම් අහද්දී …
‘අ.. තමුන් වංචා කරගන්නේ තමන්ටමයි …. වරදින්න හරි තමන් ලියපු එකක් දෙනවා මේ වගේ වැඩ කරන්නේ නැතිව …’
ලෙචා බිනුර දිහාවට විසිකරපු Assaignment එකත් අහුලාගෙන බිනුර ආවේ මුහුණ බිමට හරවාගෙනමයි …
ඊට පස්සේ ලෙක්චර් එක ඉවර වෙනකන්ම කට්ටිය සර් කියලා දෙන දේවල් අහගෙන හිටියා ….. බිනුර අප්සට් එකේ හිටිය නිසා අපි ඌගෙන් මොකුත්ම අහන්න ගියේ නැහැ ..
‘මේ සැරේ එක්සෑම් එක ගොඩ දාගන්න වෙන්නේ නැහැ බන් …. දිස්නී තරහා වුනාට පස්සේ මට පාඩම් කරන්නවත් බෑ හරියට ….’
සිතුප යාළුවෙලා හිටිය දිස්නි තරහා වෙලා හිටිය නිසා කොල්ලා සිටියේ සෑහෙන අවුලෙන් …
‘ගල් කොපි පිහිට තමා එහෙනම් …’ මලිෂ් සිතුපගේ කරට අතක් දාගත්තේ එහෙම කියාගෙන
‘ කොපි කරන්න බැහැ යකෝ …. දැක්කද බිනුරයා Assaignment එකක් කොපි කරලා මාට්ටු වුනා … නම ගමවත් වෙනස් කරන්නේ නැතිව සීනියර් බුවෙක්ගේ Assaignment එකක් දීලා සර් දැක්ක ගමන් දැනගත්තා මූගේ Assaignment එකක් නෙවෙයි කියලා …… මූ විහින් ඇදගෙන නෑවා යකෝ වෙන එකෙකුගේ එකක් තමන්ගේ වගේ දෙනකොට කරන ක්‍රමයක් තියෙනවා නේ….නම ගම අයින් කරලා ටිකක් වෙනස් කරලා දෙන්න එපැයි …. ’
‘එහෙනම් කියවා කියවා ඉන්නේ නැතිව ගිහින් දැම්ම පාඩම් කරලා පිටු දෙසීයක විතර Assaignment එකක් ලියපන් …’
‘මට පාඩම් කරද්දී අරකිව මතක් වෙනවා බන් …. ’
‘කෙල්ලෝ සැප කදය ..ඉන්නා කල වදය … නැති උණු කල දුකය ..කොල්ලන් නැති වේය … කැම්පස් කොල්ලෝ ඔය වගේ කිව්වේ කට කහනවාටද කියලා හිතෙන්නේ කෙල්ලෙක්ගෙන් බුට් එකක් කෑවාම තමා බන් ..’
‘හෝව් හෝව් කෙල්ලොන්ට ඔහොම කියන්න එපා හරිද … ඔය විදියේ කොල්ලොත් ඉන්නෝ ’ අමාලි මලිෂ්ට රවන ගමන් එහෙම කිව්වා
‘මෙන්න මෙයාට රිදිලා …. හි …හි ….’
විභාගය අත ලග ….අත පොත ලග …පොත හිත ලග …ඈ ඌ ලග …. ඇඩේනවා තනි ඇහැට … බන් … ’ සිතුප නහයෙන් අඩනවා …
‘ එහෙනම් ගිහින් හොදට නිදියපිය …..අනිත් වුන් පාඩම් කරලා ක්ලාස් ගත්තාම තොට හුලං තමා ..’
‘උබලාට තේරෙන්නේ නැහැ බන් ආදරය කරන එකී වෙන එකෙක් ලග ඉද්දි දැනෙන දුක … ‘’
‘හරි හරි අපිට තේරෙනවා දැන් නාඩා ඉදපන් ….කොන්දක් තියෙන පිරිමියෙක් විදිහට …’
සිතුප දිස්නිට ආදරේ කලාට දිස්නිගේ හිතේ සිතුප ගැන තිබ්බේ යාළුකමක් විතරයි ..එයා හිත ගිය කෙනෙක් ලගට ගියා කියලා එයා වැරදි කියලා දොස් කියන්න බැහැ . …ආදරයක් නැති හිතක් වෙනුවෙන් දුක් වෙලා වැඩක් නැහැ කියන එක මූට කොච්චර තේරුම් කරලා දුන්නත් වැඩක් නැති නිසා අපි කතාව වෙන පැත්තකට හැරෙව්වා …..

‘කුප්පියක් දානවා අපි ලගදි එනවාද දේව් උබත් ….’
කට්ටිය කතා කර කරම අක්බාර් එක පැත්තට ගියා …
‘මාත් කියන්න හිටියේ උබලා කුප්පියක් දානවා නම් මටත් කියන්න කියලා ..’
හිමායා එහෙම කිව්වාම මාත් ඒ අදහසට එකවුනා …මොකද කුප්පියක් දාද්දී අපි නොදන්න ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් …. අපිට සීනියර් බැච් එක කෙනෙක්ගෙන් විෂය කරුණු දැනගන්න එකට තමා කැම්පස් භාෂාවෙන් කුප්පියක් දානවා කියලා කිව්වේ …
‘ කාටද දැන් කුප්පියට අඩගහන්නේ … ’
‘චායා අක්කි දන්නවා නේ .. එයා හම්බ වුනාම මම කිව්වම එයා කැමති වුනා ..’
අක්බාර් හොස්ටල් එක ලග ළමයි පිරිලා මොකක් නමුත් ලොකු දෙයක් වෙලා වගේ පෙනුනේ … සමහරු උගුර ලේ රහ වෙනකන් කෑ ගහනවා … ළමයි දෙතුන් දෙනෙක් ගහගන්නවා එක ගොඩේ වැටිලා ..
‘මොකක්ද අතන වෙන්නේ …’ බිනුර මලිෂ් එක්ක ඒ පැත්තට දිව්වේ මොකක්ද වෙන්නේ කියලා බලන්න … ඒ පස්සේ අපිත් දිවුවා
‘අපේ එකෙකුට ගහලා උබලා ලොකු වැරද්දක් කරගත්තේ හරිද ..’ ඉනිජිනියර් එක ඇතුලේ දැකලා නැති මුහුණු ගොඩක් එතැන තිබ්බා . .අනුත්තරා පැත්තකට වෙලා අඩනවා …..
‘ඇයි තොපි අපිට මොනවා කරන්නද …. ’ ඒ උස් කටහඩ තේමිය අයියාගේ …. තේමිය අයියා රණ්ඩුවට පැටලීලාවත්ද ….මගේ හිතට එකපාරටම බයක් ආවේ … මොන තරම් එයා ගැන හිතන්නේ නැහැ කියලා හිතුවත් මට තේමිය අයියා ගැන හිතන්නේ නැතිව බැරි බව මම දැනගෙන හිටියා ..
‘පාරේදී අහුවෙන්න එපා හරිද …. ’ ලොකු බහින්බස් වීමක් දෙගොල්ලො අතරේ …
‘ඇයි &#$$&& තෝ මොනවා කරන්නද ..’ සභ්‍ය අසභ්‍ය වචන ගොඩක් අස්සේ එක පාරටම තේමිය අයියා අර කෑ ගැහුව කොල්ලා අල්ලාගෙන බිම දාගන පොරගේ බෙල්ලෙන් අල්ලාගත්තා
‘තොපි ඉනිජිනියර් එක ඇතුලට ඇවිත් කෙල්ලෙකුට කරදර කරද්දී අපි බලාගෙන ඉදියි කියලා හිතුවද …. තොපි අම්මාගේ කිරිබිලා නෙවෙයිද යකෝ ලොකු වුනේ ….’
තේමිය අයියාගේ කටහඩේ තිබ්බේ තරහක් … අපේ ආදරේ නැතිවුණ දවසේවත් මම දැක්කේ නැහැ එයාට මේ තරම් කේන්ති ගිහින් ඉන්නවා …
‘උබට තියෙන අමාරුව මොකක්ද ..අනුන්ගේ මගුල් වලට කට ගහන්නේ නැතිව …. උබගේ දෙයක් බලාගෙන හිටපන් .. මොකද ඒකි ….උබගේ හොර ගෑණිද…. උබට ඔය විදිහට කෑ ගහන්නේ …’
අර කොල්ලා තේමිය අයියාගේ අතට අහුවෙලා හිටියත් කට ගහන එක නම් නතර කරේ නැහැ … තේමිය අයියාගේ ඉවසීමේ සීමාව පැන්නේ ඒ වෙලාවේ තමා ..
‘ඔව් උබට අමාරුද #%&&… ’ දෙයියනේ තේමිය අයියා මේ මොනවාද කියන්නේ … එයා අනුත්තරාට ආදරේ කරනවාද .. ඒ තප්පරේට මගේ හිතට දැනුනේ මහා දරුණු වේදනාවක් .. ඒ වෙලාවේ තමා මට දැනුනේ මම කොච්චර හංගන්න හැදුවත් … මගේ හිතේ තේමිය අයියා ගැන තියෙන ආදරේ වතුර යට ගිල්ලවන්න හදන බැලුම් බෝලයක් වගේ කියන එක

තේමිය අයියා කොල්ලාව බෙල්ලෙන් අල්ලාගෙන පොරගේ ඔළුව පොලවේ ගහගෙන ගහගෙන ගියා හරියට තිරිසන් සතෙක්ට ගහනවා වගේ …
‘ නවත්තපන් තේමිය මු මැරෙයි ..’ තවත් කොල්ලෙක් කෑ ගහනවා ….
‘අනුත්තරා මුගේ කව්ද …. මෙච්චර තරහා යන්න …’ එක එක කෙනා එක එක කතා කියනවා ….
‘යකෝ අපේ එකාව අත ඇරපන් …..’ තවත් කොල්ලෙක් තේමිය අයියාව පැත්තකට ඇදලා දාන්න ට්‍රයි කරනවා … තේමිය අයියාට අහුවෙලා ගුටි කන කොල්ලා නහයෙන් කටෙන් ලේ පෙරාගෙන සිහි නැති වෙන්න ලංවෙලා වගේ වැටිලා හිටියේ …
‘හිටපන් තොට මම ……’ උස මහත කොල්ලෙක් ඉස්සරහට පැන්නේ හොකි ස්ටික් එකක් අතේ තියාගෙන … ඇසි පිය හෙලන පමාවට උඩට ගිය හොකි ස්ටික් එක පහලට ඇවිත් තේමිය අයියාගේ ඔළුවට වැදෙනවා විතරයි මට මතක ….. මුළු ලෝකෙම කළුවර වෙලා ගිහින් මොකුත්ම පේන්නේ නැතිව ගියා …ඉන් එහාට සිද්ද වෙච්ච දේවල් මට මතක තිබ්බේ නැහැ

****
‘ තේමිය අයියා .. තේමිය අයියා …’ ඇස් ඇරලා වටපිට බලලා මම තේමිය අයියාව හෙව්වා … සද්ද බද්ද ඔක්කොම නැතිවෙලා ගිහින් .. ඒ කවුරුත්ම පේන්න හිටියේ නැහැ …..
‘කලබල වෙන්න එපා ….. ඔහොම හිටපන් ටිකක් වෙලා …’ හිමායාගේ ඔඩොක්කුවේ තිබ්බ මගේ ඔළුව උස්සන්න ට්‍රයි කරද්දී මලිෂ් සැරකරා
‘තේමිය අයියා කෝ …එයාට කරදරයක් නැහැ නේද …’ මට දැනගන්න ඕන උනේ තේමිය අයියාට කරදරයක් නැහැ කියලා
‘තේමිය අයියා ගැන නෙවෙයි තමුන් ගැන හිතපන් … ඌව බලාගන්න උගේ යාළුවො ඉන්නවා …’
හිමායාට තරහා ගිහින් හොදටම …
‘සිතුප කියපන් තේමිය අයියා හොදින් කියලා ..’ මම හැමෝම රවද්දී සිතුප දිහා බැලුවේ ආයාචනාත්මක විදිහට ..
‘ඒකා හොදින් .. උබ බයවෙන්න එපා …’ සිතුප එහෙම කිව්වත් මම හොදටම කලබල වෙලා හිටියේ …
‘මට තේමිය අයියාව බලන්න ඕන හිමා ..’ මට ඇඩේන්න වගේ කටහඩ හොදටම වෙව්ලනවා
‘උබ අපි මොනවා කිව්වත් අහන්නේ නැහැ නේ …හරි වරෙන් යන්න උබට පෙන්නන්නම් … හැබැයි පිස්සු නටන්න බැහැ හරිද ’

හිමායා මාව ඇදගෙන අක්බාර් කැන්ටින් එක පැත්තට ගියේ …. ඒ වෙලාවේ කැන්ටින් එක ළමයින්ගෙන් පිරිලා …මම බැලුවේ තේමිය අයියා කොහෙද කියලා .. එයා හොදින් කියලා ඇස් දෙකෙන් දකිනකන් මගේ හිතට නිවනක් තිබ්බේ නැහැ ..
‘අර ඉන්නේ …’ මට කලින් හිමායා තේමිය අයියාව හොයාගෙන ….මම එයා පෙන්නුව පැත්ත බැලුවා … කොල්ලෝ කෙල්ලෝ ගොඩක් මැද්දේ හිටිය තේමිය අයියාගේ නළලට ප්ලාස්ටර් එකක් දාලා …
‘ තේමිය අයියා ඔයාට කරදරයක් නැහැ නේද …’ හිමායගෙන් අත ගලවාගෙන මම තේමිය අයියා ලගට ගියේ කොහොමද කියලා මතක තිබ්බේ නැහැ … එයාගේ මුහුණ පුරාම සිරිලා …. නළලට ලොකු ප්ලාස්ටර් එකක් දාලා …
‘මම කොච්ච්ර බය උනාද දන්නවාද ..’ මම දෝතින්ම එයාගේ මුහුණ අල්ලාගෙන පිස්සුවෙන් වගේ අතගෑවා …… වටපිටාව ගැන ඒ වෙලාවේ කිසිම අවබෝදයක් මට තිබුනේ නැහැ …. තවත් නිමේෂයකින් අවසරයක් නැතිවම මම එයාගේ පපුවට තුරුළු වුනා ….
‘පිස්සුද … ’ තේමිය අයියා මාව තල්ලු කරපු වේගෙට පස්සට විසිවෙලා ගිය මම බිම වැටුනා … ඉදිකටු සිය දහස් ගානකින් පපුව අනිද්දී දැනෙන වේදනාවක් ඒ වෙලාවේ මට දැනුනේ …. කිසිම තෙතමනයක් නැති බැල්මකින් තේමිය අයියා මගේ දිහා බලන් ඉද්දි වට පිටාවේ හිටිය කොල්ලෝ කෙල්ලෝ කුසු කුසු ගානවා මට ඇහුනා ..
කොහේදෝ ඉදලා ආපු අනුත්තරා තේමිය අයියාගේ අතක එල්ලෙද්දී ඒ අත ගසලා දාලා තේමිය අයියා කැන්ටින් එකෙන් එළියට බැස්සා …
‘මම උබට කිව්වා මෝඩි …..හිතක් පපුවක් නැති එකෙක් ඉස්සරහ පච වෙන්න එපා කියලා ..’ හිමායා වැටිලා හිටිය මාව නැගිට්ටවා ගත්තේ දොස් කියන ගමන්මයි
‘මට තේමිය අයියාව ඕන හිමා …. ’
‘උබ නම් හරිම මුරන්ඩුයි දේව් ..උබව එපා කියන මනුස්සයෙක් පස්සේ යන්න එපා ’
‘ මම ආදරෙයි තේරුම් කරලා දීපන් එයාට …. මේ පපුව රිදෙනවා එයා මට වෙනස්කම් කරද්දී ..’
‘ආයෙම පටන්ගත්තාද විකාර දොඩවන්න .. කට වහපන් … නැත්තම් මම උබලාගේ ගෙදරට කෝල් කරලා කියනවා ’
මගේ අම්මි තාත්ති යාළුවො අඩු ගානේ තේමිය අයියාවත් මගේ ආදරේ තේරුම් ගන්නේ නැහැ …. මම කොච්චර නම් අවාසනාවන්තද …ආදරේ කරපු කෙනා ලබාගෙනත් අහිමිකරගත්ත පව්කාරියක් මම .. අවුරුදු ගානක් හිත අස්සේ හංගගෙන හිටියත් පුංචිම නිමේෂයකදී ඒ ආදරේ මතුවෙන්න පුළුවන් කියන එක මට අද තේරුනා ..අමතක කරා කියලා හිත රවට්ට ගන්න හැදුවත් ඒක ඇත්ත නෙවෙයි …මට කවදාවත් තේමිය අයියාව මතකෙන් අයින් කරන්න බැහැ …තේමිය අයියා මගේ හදවත තරම් මගේ ශරීරයට බද්ද වෙලා ඉවරයි …. හදවතක් නැති මිනිහෙක්ට ජිවිතයක් නැහැ ….ඉතින් තේමිය අයියා ලැබුනේ නැති නම් මට ජීවත්වෙන්න බැරිවෙයි ….

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *