~දෙව්දූ~~~~40 කොටස
~~~දෙව්දූ~~~~~~
40 කොටස
‘දැන් ඉතින් මට පාළුවක් නැහැ …අක්කි ඉන්නවා නේ ..ඔන්න අම්මි මම අද ඉදලා ඔයාට කරදර කරන්නේ නැහැ ෂොපින් යමු කියලා .’
නංගි ගොඩක් සතුටින් හිටියේ … නංගිගෙයි මගෙයි වයස් පරතරය අවුරුදු තුනක් උනත් අපි දෙන්නා යාළුවො වගේ තමා හිටියේ …මම කැම්පස් එකට යද්දී එයා ගොඩක් තනි වුනා … ඒ නිසා මේ කාලේදී නංගි අම්මිට ගොඩක් සමීප වෙලා හිටියේ ….
‘දැන් ඉතින් මම ගෙදර නැවතුනාම …. ඔයාට කැම්පස් යන්න ආවොත් කොහොමද ..’
‘අපෝ මම නම් ඔය කැම්පස් යන්නේ නැහැ ….අනික සමීර කැමති නැහැ මාව කැම්පස් යවන්න ..’
නංගි ඇස් නටවා නටවා තමා එහෙම කිව්වේ …
සමීර කියන්නේ නංගිගේ බෝයි ෆ්රෙන්ඩ් … සමීර මල්ලි නංගිගෙන් යාලුවෙන්න ඇහුවාම නංගි කෙලින්ම කියලා තිබුනේ ගෙදරින් කැමැත්ත ගත්තොත් එයා කැමති කියලා …කොල්ලා දෙපාරක් හිතන්නේ නැතිව පහුවදාම අපේ ගෙදර ඇවිත් තිබ්බේ අම්මයි තාත්තයි එක්ක … කොල්ලාගේ කියන්න තරම් වරදක් නැති නිසා අපේ අම්මිලාත් දෙපාරක් හිතන්නේ නැතිව කැමැත්ත දීලා …. නංගි මට වඩා කොච්චර වාසනාවන්තද …. ඒත් මම එයාට කවදාවත් ඉර්ශ්යා කරන්නේ නැහැ ..
‘ඒ මොකද සමීර මල්ලි කැමති නැත්තේ ….කැම්පස් ගිහින් ලබන අත්දැකීම් කොහෙන්වත් ලැබෙන්නේ නැහැ හලෝ …. ඒක පිස්සු ජිවිතයක් …ඒ උනාට අපි කවදාවත් කැම්පස් එක ඇතුලේ වැරදි කෙරුවේ නැහැ .. ‘’ මම ලොකු හුස්මක් පිටකරලා එහෙම කිව්වා …
‘ කැම්පස් ගියාම කෙල්ලෝ ගණන් ගන්නේ නැහැලු … කොල්ලෝ එක්ක ගස් ගල් ගානේ රිංගලා නටන්න ඕන හැම නැටුමක්ම නටනවාලු’ නංගි හරිම බරපතල විදිහට මුහුණ හදාගෙන එහෙම කිව්වේ ..
‘බමුණු මත ඕවා ….කොහේ හිටියත් නරක කෙල්ල නරකම තමා .. හොද කෙල්ල චරිතේ රැකගන කොල්ලෝ දාහක් ගැවසෙන තැනක හරි ඉදියි …… පිස්සි … ඔයා දන්න තරම තමා ඔයාගේ ඔය බෝයි ෆ්රෙන්ඩ් ඔයාව කුස්සිය මුල්ලේම තියයි වගේ …’
‘මේ එන්න එපා එයාට මොකුත් කියන්න …..එයා එහෙම නැහැ හරිද ..’
‘ඔයාටම හරියන කොල්ලෙක් එයා ….’
නංගියි මායි පොඩ්ඩ ඇත්තම් බොරුවට කියවාගත්තේ පුංචි ගැහැණු දැරිවියෝ වගේ
‘මේ අක්කගෙයි නංගිගෙයි රණ්ඩුවල ඉවරයක් නැහැ නේ …’
අම්මි අපි දෙන්නාගේ දිහා බලාගෙන හිටියේ ගොඩක් ආදරණිය විදිහට … කොච්චර වචන වලින් ගහගත්තත් අපේ හිත්වල අපි ගැන පුන්ච්ම අමනාපයක්වත් නැහැ කියලා අම්මි දන්නවා …
‘මේ අක්කි මට ඉන්න දෙන්නේ නැහැ අම්මි .. මෙයා කැම්පස් ඉද්දි අපි කනක් ඇහිලා හිටියා නේද අම්මි …’
නංගි අම්මි ලගට ගිහින් හුරතල් වෙනවා …
‘අක්කිට පාඩුවේ ඉන්න දෙන්න දරුවෝ ‘’
‘එයානෙ සමීරට එක එක දේවල් කියන්නේ …’
‘ඉතින් ඔයාගේ පෙන්දා …. නිකන් එක්දහස් නවසිය බරගණන්වල ඩයල් එකක් වගේ නේ …. ‘
‘අර බලන්න එයාට පෙන්දාලු …’ නංගි නහයෙන් අඩනවා ….
‘ඉතින් පෙන්දාට පෙන්දා නොකියා මොනවා කියන්නද ..’
ඔලොක්කුවට හිනාවෙන ගමන් මම එහෙම කිව්වා ….
‘ඔයාගේ විකුම් වගේ ගල් බූතයෙක් නෙවෙයි මගේ සමි …. එන්න එපා එයාට මොකුත්ම කියන්න ..’
‘ පොඩ්ඩි දැන්වත් මේ රණ්ඩුව නවත්තන්න … මේ දෙන්නා එකතු වුනාම ලයිමක් වගේ නේ අපේ ගෙදර …’
‘ අක්කිනේ එක එක ඒවා කියන්නේ එයාට කියන්නකෝ කට වහගන්න කියලා ..’
‘පොඩ්ඩි අක්කි තව ටික දවසයි නේ මේ ගෙදර ඉන්නේ … අක්කිත් එක්ක ආදරෙන් ඉන්න ..ඔන්න තාත්ති කිව්වා මිස්ටර් වික්රමසිංහ එක්ක මැරේජ් එක ගැන කතා කරනවා කියලා …’
අම්මි එහෙම කිව්වම මගේ හිතේ තිබ්බ සතුට දියවෙලා යනවා වගේ මට දැනුනේ ..මට විකුම් අයියාව බදින්න ඕන උනේ නැහැ ..
‘අනේ අම්මි ඉගෙන ගෙන ඉවර වුන ගමන් කොහොමද මම කසාද බදින්නේ ….. මට රස්සාවක් කරන්න ඕන …..’
‘අපි ඔයාට ඉගැන්නුවේ රස්සාවක් කරන්න නෙවෙයි දේව්… ඔයා තාත්තිට ඇහෙන්න එහෙම ඔය දේවල් කියනව නෙවෙයි …එයා ඔයාට ගොඩක් ආදරෙයි ..’
‘තාම මට විසි පහක්වත් නැහැනේ අම්මි ..’ මගේ ඇස් කකියනවා වගේ
‘ අවුරුදු විසිපහ කියන්නෙත් ඔයා පරක්කු වැඩි දරුවෝ … කෙල්ලක් උනාම අවුරුදු විසිදෙකෙන් තුනෙන් බදින්න ඕන .. දැන් ඔයා ඕනෑවට වඩා පරක්කුයි … ඔයා ජොබ් එකක් කරනවා නම් මැරී කරලා විකුම්ගෙන් අහලා කරන්න …. අනික ඒ මිනිස්සු අවුරුදු කියක් ඔයා වෙනුවෙන් බලාගෙන හිටියද ….ඔයා වෙනුවෙන් තවත් අවුරුදු ගානක් බලාගෙන ඉන්න කියල කොහොම කියන්නද ..’
අම්මි ටිකක් තදට එහෙම කිව්වම මගේ හිතේ තිබ්බ බලාපොරොත්තු එකින් එක බිද වැටෙනවා වගෙයි මට දැනුනේ … ලගදිම දවසක තේමිය අයියා එක්ක කතා කරලා තීරණයක් ගන්නවා කියන එක මම හිතාගත්තා …
********
ඇගට දැනෙන තෙහෙට්ටුව එන්නම එන්නම වැඩිවූනත් මම කාටවත් අගවන්න ගියේ නැහැ … එයාලා මම නිසා කරදර වෙනවා දකින්න මට ඕන වුනේ නැහැ …….. උදේම ඇහැරුනත් මට ඇදෙන් නැගිටලා යන්න තරම් ශක්තියක් නැහැ … මම ඔහේ ඇදට වෙලා හිටියා ….
‘දේව් ..නැගිටලා මේ කිරි එක බොන්න … මම නංගිත් එක්ක ටවුන් එකට ගිහින් ටක් ගාලා එන්නම් ..’
වහගෙන හිටිය ඇස් භාගෙට ඇරලා අම්මි දිහා බලන්න හැදුවත් බොද වෙලා වගේ මට එයාව පෙනුනේ …. හිටිය විදිහටම තවත් පැය භාගයක් විතර ඇදට වෙලා හිටපු මම ඇදෙන් නැගිට්ටේ අම්මි ආවොත් මට බැනුම් අහන්න වෙයි කියලා හිතුන නිසා …. ඇල්වෙලා තිබ්බ කිරි එක අතට අරන් එක හුස්මට බීගෙන බීගෙන ගියාට පස්සේ මට දැනුනේ බඩ ඇතුලේ තියෙන ඔක්කොම දේවල් එකපාරටම උගුරට එනවා වගේ .. තවත් විනාඩියක් හරි මෙතන හිටියොත් වෙන්නේ කාමරේ ඇතුලෙම මට වමනේ යන එක ….. මම ඇගේ තිබ්බ පණ ටික කකුල් දෙකට අරන් බාත්රුම් එක ඇතුලට රිංගගෙන සින්ක් එකට කට ලංකලා ….ඕවෑක් …ඕවෑක් … බීපු කිරි එක ඔක්කොම සින්ක් ඇතුලේ ….. නවතින්නේ නැතිව වමනේ යනවා ඊයේ රෑට කාපු දේවලුත් එක්කම .. …. බඩවැලුත් එක්ක එලියට එන්න වගේ වමනේ යද්දී ඇස් වලින් කදුළු ගලනවා ඇගට දැනුනු අමාරුවටම …
මට මේ මොනවද වෙන්න යන්නේ මට හිතාගන්නවත් බැහැ එකපාරම මට මොකද වුනේ කියලා ….. බාත් රූම් එකෙන් එළියට ඇවිත් … තිබ්බ අමාරුවටම මම ඉස්තෝප්පුවේ තිබ්බ පුටුවක් උඩ වැටුනා … පැය ගානක් යනකන් මම වැටිච්ච තැනට වෙලා ඔහේ හිටියා …
ඇගට දැනුන අමාරුවටම පුටුව උඩම නින්දට වැටිලා හිටිය මම ඇහැරුනේ නවත්තන්නේ නැතිව කවුරුහරි කෙනෙක් දොරට ගහන නිසා ..
‘දොර ඇරලා තියෙන්නේ ඇතුලට එන්න ..’ අම්මිලා ඇවිත් දොරට ගහනවා වෙන්න ඕන ….මම හිටිය තැනම හිටියා හෙල්ලෙන්නෙවත් නැතිව …
‘ දේව් …. ‘ උස් සපත්තු හඩක් මගේ ලග ඇවිත් නවතිද්දී මම ඇස් ඇරලා බැලුවේ ….මගේ ඉස්සරහා හිටගෙන හිටිය විකුම් අයියා දැක්කාම තමා මට මතක් වුනේ මම ඉන්නේ රෑ ගවුම පිටින් කියලා ….හදිස්සියට නැගිටින්න හැදුවත් නැගිටගන්න බැරිව මම වාඩිවෙලා හිටිය පුටුව උඩටම වැටුනා
‘ දේව් ….කෝ ගෙදර අය …..මොකද මේ …. ඔයා අසනිපෙන්ද ඉන්නේ …. විකුම් අයියා මගේ දිහා බලාගෙන හිටියේ බයවෙලා වගේ ….
‘කැරකිල්ල වගේ අයියා … මම පොඩ්ඩක් ඇලවිලා හිටියා …..අම්මිලා ටවුන් එකට ගිහින් එන්න කියලා ගියා …’
‘අම්මිලා එද්දී කිය වෙයිද දන්නේ නැහැ .. අපි බෙහෙත් ටිකක් අරන් එමු …’
‘මට බෑ ..අමිමිලා ආවම ගන්නම් …’ මට විකුම් අයියා එක්ක එලියට යන්න ඕන වුනේ නැහැ ..
‘පුංචි ළමයෙක් වගේ මුරණ්ඩු වෙන්න එපා දේව් .. මම ඔයා කිව්ව හැමදෙයක්ම ඇහුවා නේ …, මම කියන දේත් අහන්න ප්ලීස් ..’
විකුම් අයියා බැගෑපත් විදිහට එහෙම කියද්දී එයාගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසාම මම කාමරේට ගිහින් අතට අහුවුණ ඇදුමක් දාගත්තා ….
ගොඩක් දුරට යනකන් අපි දෙන්නා අතරේ කතාබහක් උනේ නැහැ … විකුම් අයියාගේ මුහුණේ තිබ්බේ ලොකු සැහැල්ලුවක්
‘දේව් …’ මුලින්ම කතා කලේ විකුම් …
‘ ම්ම්ම්ම්….’ ඇගට දැනුන අමාරුව නිසා ෂිට් එකේ ඇලවෙලා ඇස් පියාගෙන හිටිය මම යාන්තම් ඇස් ඇරලා විකුම් අයියා දිහා බැලුවා
‘ඔයාගෙන් දෙයක් අහන්න තරහා වෙනවාද …’
‘කියන්න …තරහා වෙන්නේ නැහැ ..’
‘ ඔයාට ලංවෙන්න තව එක අවස්ථාවක් දෙන්න මට …..මම ඔයාට ගොඩක් ආදරෙයි දේව් …කවදාවත් මට ඔයාව අමතක කරන්න බැරි උනා …’ වේදනාව මුසු වුන එයාගේ කටහඩ මගේ කන් ඇතුලේ දෝංකාර දෙද්දී වහගෙන හිටිය ඇස් පියන් අස්සෙන් කදුළු පේලි දෙකක් කම්මුල් දිගේ ගලාගෙන ගියා ..
‘දේව් …නංගි …ඔයාට දුක හිතුනාද ….සොරි ..අඩන්න එපා …මම ආයේ මොකුත්ම කියන්නේ නැහැ ..’
විකුම් ටික වෙලාවකට පස්සේ එහෙම කියද්දී …. මම මොකුත්ම කියන්නේ නැතිව ඔහේ හිටියා …
‘දේව් බහින්න ..’ ඩිස්පෙන්සරි එක ලග කාර් එක නවත්තපු විකුම් අයියා මගේ පැත්තේ දොර ඇරියා ..
‘නම …’
‘දෙව්දු කවිෂ්වරී රණබාහු …’
‘වයස ..’
’24 යි …’ මම වෙනුවට කතා කරේ විකුම් අයියා ….
විකුම් අයියා ඕනෑවට වඩා පරිස්සමට මාව ඩොක්ටර් ලගට එක්ක ගියේ ….
‘ මොකක්ද දැන් මේ පේශන්ට ට තියෙන අසනීපෙ ..’
‘මෙයාගේ ඇගට පණ නැහැලු ….කැරකිල්ලත් තියෙනවා ලු ….’
‘හ්ම්ම්ම් කවදා ඉදලාද මෙහෙම වුනේ …’ ඩොක්ටර් මාව චෙක් කරේ හරිම විමසිල්ලෙන්
‘ටික දවසක් වෙනවා …’
‘වමනේ …ඔක්කාරේ එහෙම තිබ්බද …’
‘අද උදේ වමනේ ගියා ඩොක්ටර් ….’ මම එහෙම කිව්වම ඩොක්ටර් හිනාවෙලා විකුම් අයියා දිහා බැලුවා
‘ඔයා තාත්තා කෙනෙක් වෙන්න වගේ යන්නේ …’ ඩොක්ටර්ගේ වචනේ ඇහුන ගමන් මාව ගල්ගැහිලා යද්දී … විකුම් අයියා ඇස් ලොකු කරන් බලාගෙන හිටියේ හුස්ම හිරවෙලා වගේ
‘අපි යුරින් එකකුයි ..බ්ලඩ් එකකුයි චෙක් කරලා හරියටම බලමු …’ එතනින් එහාට ඩොක්ටර් කිව්ව දේවල් මට ඇහුනේ නැහැ ….
මම නින්දෙන් වගේ පාව් පාවී යද්දී විකුම් අයියා ඇවිත් මාව එයාගේ ඇගට වත්තම් කරගත්තේ මාව වැටෙයි කියලා බයෙන් වගේ .. මට අම්මි මතක් වුනා තාත්ති මතක් වුනා …. එයාලා මම ගැන මොනවා හිතයිද …. තාත්ති නම් මේ දේවල් ඇහුවොත් මාව ඉතිරි කරන එකක් නැහැ ..දැන් මම කොහොමද එයාලාට මුහුණ දෙන්නේ …. දෙවියනේ …මාව මැරිලා ගියා නම් හොදයි .. විකුම් අයියා මොකුත්ම ඇහුවේ නැත්තේ මම අඩයි කියලා හිතලද කොහෙද …එයාගේ මුහුණ පුරාම ලොකු දුකක් ලියවිලා තිබ්බා
‘ දෙව්දු ….’ විකුම් අයියාගේ ඇගට බරවෙලා ඩිස්පෙන්සරියෙන් එකෙන් එළියට ආපු ගමන් මට ඇහුනේ තේමිය අයියාගේ කටහඩ ..
‘තේමිය අයියා …’ තේමිය අයියා ඩිස්පෙන්සරි එක ලග තිබ්බ බුක් ෂොප් එකේ ඉදලා එලියට ආවේ මුහුණ නපුරු කරගෙන …අර ආදරය කොහේ ගියාද නැහැ …මට එයා ලගට ගිහින් ගොඩක් දේවල් කියන්න ඕන උනා … තේමි අයියා නිසා අම්මා කෙනෙක් වෙනවා කියලා කියන්න ඕන උනත් එයාගේ මුහුණ දැක්කම මම ඒ ගැහීම හංගා ගත්තා …..
‘කොළඹ ආව ගමන් නටන්න පටන්ගත්තාද … ‘’’
‘මොනවද අයියා ඔයා කියන්නේ …. ‘’
‘එකා එකාට තුරුළු වෙලා පාරවල් ගානේ යන්න ලැජ්ජා නැද්ද .. ’ විකුම් අයියා මාව වත්තම් කරගෙන ඉන්නවා කියලා මට මතක් වුනේ තේමිය අයියා මතක් කලාම … මට විකුම් අයියාගෙන් මිදෙන්න ඕන උනත් එයාගේ ග්රහණය පොඩ්ඩක්වත් ලිහිල් කලේ නැහැ ..
‘මම ලෙඩ වෙලා ඉන්නේ …… බෙහෙත් ගන්න ආවේ ..’ මම නිදහසට කරුණු කියද්දී තේමිය අයියා කට කොනින් හිනාවුනා
‘තමුසේ මාව ඉස්සරත් රැවට්ටුවා .. තාමත් රවට්ටනවා … මිට පස්සේ කවදාවත් මම තමුන්ට රැවටෙන්නේ නැහැ ..’
තේමිය අයියා මහා පාර මැදම කෑ ගහද්දි විකුම් අයියා වෙන්නේ මොනවාද කියලා හිතාගන්න බැරිව වගේ බලාගෙන හිටියේ ….
‘ඔයා පොඩ්ඩක් හිතලා බලලා කතා කරන්න …. මම ඔයාට වැරද්දක් කලේ නැහැ දෙවියනේ ..’
එයා තේරුම් නොගන්න බව දැන දැනම මම එහෙම කිව්වා ..
‘මගේ ඇස් දෙකට පෙනී පෙනී වැරදි කරලා …. ඔයා නිවැරදි කියලා කීවාම පිළිගන්න මම මෝඩයෙක් නෙවෙයි දේව් ….ප්ලීස් ආයේ මගේ ඉස්සරහට වැරදිලාවත් එන්න එපා …’
ආදරෙයි කිව්ව කටින්ම තේමිය අයියා දරුණු විදිහට කියාගෙන කියාගෙන යද්දී මට දැනුනේ මුළු ලෝකෙම මගේ ඉස්සරහා කැරකෙනවා වගේ … ..
‘තේමිය අයියා …’ මට කෑ ගහන්න ඕන උනත් කෙදිරි ගෑවුනා විතරමයි
‘ ඔය කටින් මගේ නමවත් කියන්න එපා …අයි හෙට් යු …අයි හෙට් දේව් ..’ උමතු මිනිහෙක් වගේ එහෙම කියපු තේමිය අයියා වේගෙන් එන වාහන ගැනවත් නොහිතා පාර මාරු වෙලා ගියා …මට දැනුනේ මගේ ආදරේ නැති උනා කියන එක විතරමයි …
මතු සම්බන්ධයි