නුබේ පතිනියයි මා 35
තිස්පස් වන දිගහැරුම.
දේව්..දේව්..උබට මම යහතින් ඉන්න දේන්නෑ යකෝ..”සංජය කෑගැසුවේ වියරුවෙන්
“අනේ සංජය ඔය ඇති දැන් කොච්චර ඩ්‍රින්ක් ගත්තද..”
“අහකට පලයන් ගෑනියේ…අර මහේනුයි උගෙ පුතයි ඕකුන්ට මම යහතින් ඉන්න දෙන්නෑ..මට කරපු දේට උන්ව එකෙක් නෑර මම බාවනවා..”
“ඒත් අපි කොහොමද එහෙම කරන්නෙ..”
“මම ඒක කරන්නම්කෝ…දේව් ඌව තමා මට ඕනෙ..“
සතියක් ගෙවී ගියේ දේව්ගේ හා වන්දනාගේ ආදරය තවත් වැඩි කරමින්
“සුදු මැණික..”දේව් එසේ පැවසුවේ ඇයව පිටුපසින් විත් බදාගනිමින්
“අනේ දේව්..කෝ එහාට වෙන්නකෝ තව ඩිංගෙන් අතත් කැපෙනවා.මේ කොල්ලනම් දැන් හොදටම වැඩියි..”වන්දනා පවසද්දී ඇයව තමා දෙසට හරවා ගත් දේව්
“ආ මැණිකෙ තමන්ගෙ හස්බන්ඩ්ට කතා කරන්නෙ ඔහොමද..”දේව් අසද්දී වන්දනා ඔහුට දිව දික් කර නැවත ලූනු කපන්නට විය
“වන්දනාගේ උරහිසින් තම නිකට තියාගත් දේව් ඔහුගේ දෑත් ඇගේ බද හරහා යැව්වේ ඇයව පිටුපසින් තුරුල් කරගන්නා ගමන්මයි..
“හිරූ..”
“ම්…”
‘ගොඩක් ආදරෙයි මැණික..”දේව් පවසද්දී වන්දනා ඔහු දෙසට හැරුනේ සිනාසෙමින්
ඔහුගේ නහය මිරිකූ වන්දනා
“මගෙ පිස්සු කොල්ලා.මාත් ගොඩක් ආදරෙයි යන්න ගිහින් දැන් වොශ් එකක් දාගන එන්න.මම කෑම මේසෙට අරින්නම්..”
“සුමනම්මත් ගෙදෙර යවලා ඔයාට ඔය ඔක්කොම කරන්න පුලුවන්ද හිරූ..”
“පුලුවන් මහත්තයො…දේව්..”
“ම්…”
“හෙට අම්මල කීයටද එන්නෙ..”
“උදේ හතට එහෙන් ප්ලයිට් එක තියෙන්නෙ..”
“හ්ම්..අපි යනව නේද එයාපෝර්ට් එකට .”
“අප්පච්චි ඕනෙ නෑ කීවා හිරූ. එයාල ටැක්සියක එයි..”
“හ්ම්..”
“මම ගිහින් වොශ් එකක් දාගන ඉක්මනට එන්නම් හොදේ..”එසේ පැවසූ දේව් වන්දානාගේ කොපුලට හාදුවක් තබා එතනින් ඉවත් වුනා
තමාට පිටුපා යන දේව් දෙස බලා සිටි වන්දනා
“අනේ දෙවියනේ අපේ මේ ජීවිතේට කිසිම කරදරයක් වෙන්නම් එපා..මේ සතුට මට කවදාවත් නැතිකරන්නම් එපා..”යැයි සිතින් ප්‍රාර්තනා කරා..
විනාඩි කිහිපයක් ගත වූ දේව් කාමරයේ සිට කෑගැසුවෙ වන්දනා බිය ගන්වමින්
“වන්දනා.අයියෝ ඉක්මනට එන්නකො..හිරූ..හිරූ…”දේව්ගේ කෑගැසීමට වන්දනා කාමරයට දිව ගියේ බියෙන්
කාමරයට ඇතුලු වන විටම දොර ගාව සැගවී සිටි දේව් ඇයව තම තුරුලට ගත්තේ හිනැහෙමින්
“සුදු මැණික බය උනාද “
“දේව් ඔයානම් හරි නරකයි..මම කොච්චර බය උනාද..දැන් ඇයි කෑගැහුවෙ ආ..”වන්දනා අසද්දී
“මගෙ නෝනට ඉතින් ගෙදර වැඩ කරන්න ගියාම මාව මතක නෑනේ..ඒකයි මෙහෙමවත් ගෙන්න ගත්තෙ..”දේව් පැවසුවේ මනමාල හිනාවක් සමගයි
“හොදයි මහත්තයගෙ වැඩ කෝ අතාරින්න දැන් බලන්නකෝ මම කෑම ටික මේසෙට අරින්න හැදුවා විතරයි..ඔයා ඉතින්..’වන්දනාට ඉන් එහා කිසිවක් පැවසීමට නොහැකි වූයේ දේව් ඇගේ දෙතොල් තම දෙතොලින් අල්ලාගත් නිසා..වන්දනාගේ දෙතොල් මත දග කර දේව් ඇයව තම ග්‍රහනයට නතු කරගත්තා..ඔවුන් දෙදනා ඔවුන්ගේම ලෝකයක තනියූයේ හැගීම් පිබුදුවාලමින්…අනුරාගී හෝරවකට පසු වන්දනාගේ පපුවෙන් තම හිස තබා ගත් දේව්
“සුදු මැනික..”
“ම්…”
“මා එක්ක තරහද..”
“ඇයි මහත්තයො..”
“වද දෙනවට..“
“අනේ පිස්සු කොල්ලා..”වන්දනා එසේ පැවසුවේ දේව්ගේ හිස සිබිමින්..වන්දනාගේ කුස සිප ගත් දේව්
“සුදු මැණික මේ බංඩියට කවදද මගෙ පැටියෙක් එන්නෙ..”යැයි ඇසුවේ ඇගේ දෑස් දෙස බලාගන..වන්දනා එයට සිනාසුනේ
“ඉක්මනටම එයි දේව්..”
පුතා..දූ..”සුමිත්‍රා එසේ පැවසුවේ ඔවුන් දෙදනාගේ හිස සිබිමින්
“අම්මා..තාත්තා නැන්දා..කොහොමද ගිය ගමන..”
“ගොඩක් හොදයි පුතා…”මහේන් පවසද්දී
“අයියා මේ මම සෙල්ලම් බඩු ගොඩාක් ගත්තා..”පොඩ්ඩා පැවසුවේ සිනාසෙමින්
“අම්මලට වද දුන්නද මූ..”දේව් අසද්දී
“නෑ නේද අම්මා..”පොඩ්ඩා පැවසුවේ සිනාසෙමින්
“අම්මේ ඔව් ඒ ගැන මොකට කියනවද..”ශ්‍රියානි පැවසුවෙ සිනාසෙමින්
“අම්මලාට මහන්සි ඇතිනෙ යන්න ගිහින් රෙස්ට් කරන්න..”
“ඔව් ඇගට තෙහෙට්ටුයි තමා..”එසේ පැවසූ මහේන් තම කාමරයට ගියේ ශ්‍රියානි හා පොඩ්ඩත් ඔවුන්ගේ කාමරයට යද්දී ..නමුත් සුමිත්‍රා එතන නතර වුනි
“වන්දනා..”
“ඇයි අම්මා..”
“අද මට ඔය දෙන්නගෙ වෙනසක් පේනවා දරුවො..”
සුමිත්‍රා පවසනවිට
“ඔයා හරි අම්මා..මම දැන් ඉස්සර හිටපු දේව් නෙමෙ..”දේව් පවසද්දී
“ඒ කිව්වෙ පුතා..”
“අම්මා මේ එන්නෙ මගෙ දැන් ජීවිතේ..”දේව් පැවසුවේ වන්දනාගෙ උරහිසින් දෑත් යවා තමා ලගට ගනිමින්
“පුතා. “
“ඔව් අම්මා ශයිනි කියන්නෙ මොන වගේ ගෑනියක්ද කියලා මම දැන් දන්නව…ඒ හැමදේම ඉවරයි අම්මා..හිරූ තමයි මගෙ දැන් හැමදේම”දේව් පවසද්දී
“අනේ දෙවියනේ ඔබ වහන්සේට පින්සිද්ද වෙනවා..බුදු හාමුදුරුවො අපිට පිහිට වෙලා පුතේ මම දඹදිව ගිහිල්ලත් ප්‍රාර්තනා කරේ මේ දේයි…උන්වහන්සේ මේ අම්මගෙ ඉල්ලීමට ඇහුම්කන් දීලා මට සතුට කියලා ඉවරකරන්න බෑ රත්තරනෙ..”සුමිත්‍රා පැවසුවේ සතුටු කදුලු හෙලමින්
“මම අම්මලව ගොඩක් රිද්දුවා අම්මා..ඒකට මට සමවෙන්න. .අම්මලා මා එක්ක තරහද..”
“අම්මෙක්ට කවදාවත් තමන්ගෙ දරුවා එක්ක තරහ වෙන්න බෑ දේව්..මේ අම්මා ඔයා එක්ක තරහ නෑ පුතේ ඔයා කල් ගිහින් හරි ඇත්ත තේරුම් ගත්ත එකට මට ගොඩක් සතුටුයි..දූ ඔයාට ගොඩක් පින් මගෙ කොල්ලා තනි නොකලට හැමදේම ඉවසන් මගෙ දරුවා ලගින් උන්නට..”
“එහෙම කියන්න එපා අම්මා..අම්මට පින් මට දේව් වගේ හොද මහත්තෙක් හදල දුන්නට..අතීතේ දේවල් මම අමතක කරල තියෙන්නෙ..දේව්ගෙ ආදරේ මට දැන් ඕනෑවටත් වැඩිය තියනව අම්මා..”
“අනේ මගෙ දරුවො දෙන්නට ඇස්වහක් නම් වදින්න එපා..”
“අම්මා ගිහින් දැන් ටිකක් රෙස්ට් කරන්න..අපි රෑ වෙලා කතා කරමු..”
“හා පුතේ “සුමිත්‍රා එතනින් ඉවත් වීමට ගොස් ආපසු නැවතී
“වන්දනා දේව්..”
“ඇයි අම්මා..”
“දැන් මේ ගෙදරත් පොඩි දරුවෙකුගෙ සද්දෙ ඇහෙන්න කාලෙ හරි…මාව ආච්චියෙක් කරොත් නරකද ආ..”සුමිත්‍රා අසද්දී වන්දනා සිනාසුනේ ලැජ්ජාවෙන්
සුමිත්‍රා ගිය පසු
“ඇහුනද මැඩම් අම්මා කියපු එක “
.”
“හ්ම්..”
“කොල්ලනම් ඕනෙ වෙලාවක් රෙඩ්..කෙල්ල මොකෝ කියන්නේ..”
වන්දනා එයට සිනාසුනා පමනි..
අජියා මේ ඉන්නෙ මෑන්..”සංජය එසේ පැවසුවේ දේව්ගේ ෆොටෝ එකක් පෙන්වමින්
“හරි බොසා මට සතියක් කල දෙන්න මම වැඩේ තිතට දෙන්නම්..”
“හ්ම්..උබට මම හැබැයි සතියයි දෙන්නෙ. සතියකින් පස්සෙ මූ මේ ලෝකෙ ඉන්න බෑ. තේරුනානෙ. “
“ඔව් බොස් .මේ අජියා ගේමක් දුන්නොත් කවදාවත් වැරදිලා නෑ..”
“ගුඩ්..”
අම්මේ මගෙ නෝනගෙ හැඩ..”දේව් එසේ පැවසුවේ කන්නාඩිය ඉදිරිපිටට වී කොන්ඩෙ ගොතමින් සිටින වන්දනාට
“දේව් මේ සාරිය හොදයිනේද..”
“ඔව් ලස්සනයි…කෝ බලන්න හරියටම ලස්සනද කියල..”දේව් පැවසුවේ වන්දනව තමා දෙසට හරවා ගනිමින්
ඇගේ කොපුලට හාදුවක් තැබූ දේව්
“ගොඩක් ලස්සනයි මැණික..අද ඉදන් ඔයත් මගෙ ඔෆිස් එකේ මාත් එක්ක වැඩ. ඒක නියමයි..”
වන්දනා එයට සුන්දරව සිනාසුනි..
ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩාක් ස්තූතියි