***පළිගු***  30(අවසාන කොටස)

මේ ගෙදර රැදිලා තිබ්බ මතකයන් ගොඩක් ආදරණීය උනත්,ඒ අතරේ ඕනාවටත් වඩා වේදනාත්ම මතයන් ගොඩක් හිරවෙලා තිබ්බා.ඒ නිසාම වෙන්නැති නැන්දියි චුටි අයියයි ඩිසයිඩ් කලා සේරම දාලා කොළඹ එන්න.මගේ තාත්තා ඉතින් අපේ ගෙදරට අල්ලපු ගෙදර නැන්දිට අරන් දුන්නා එයාලා අපේ ගෙදර ඉන්න බෑ කියපු නිසා.ආකාශ් අයියා යුද්ධ ප්‍රකාශ කලා අපි එයාව දාලා යනවා කියලා.අන්තිමට ගෙදර එක්කත් යුද්ධ කරලා ඉස්කෝලෙත් මාරු කරවගෙන එයත් අපිත් එක්කම එන්න ලෑස්ති උනා.උත්තරා නන් බෝඩින් හවුස් එකක් හොයාගෙන නුවර නතර උනා.

අපි නුවරින් එද්දි සේරටම වඩා දුක් උනේ චුටි අයියගෙ පාපමිත්‍රයො ටික.කවදාවත් නැතුව හැමෝම එකට බදාගෙන අඩද්දි මගෙ ඇස්වලටත් කදුලු පිරුනා.එකම තාත්තගෙ දරුවෝ ලගවත් ඒ තරම් ආදරයක්,සහෝදර කමක් තිබ්බෙ නෑ.පෙනුම රස්තියාදුකාර උනාට හදවත දඹ රත්තරන්.හැමෝම ඇවිත් මාව බදාගෙන සුභ පතලා කිව්වෙ එයාලගෙ බොක්කට කවදාවත් දුකක් දෙන්න එපා කියලා.

“මොනවද අනේ ඔයාලා හරියට කතා කරන්නෙ අපි නේනගන් යනවා වගේනෙ.අපි මෙහෙ එනවා ඔයාලව බලලා කරදර කරලා යන්න.ඔයාලත් අනිවාර්යයෙන්ම එහෙ එන්න ඕනෙ.ඔයාලගෙ යාලුවා බලන්න නාවත් කමක් නෑ මාව බලන්න එන්න ඕනෙ.”

“අනිවාර්යෙන්ම එනවා නංගි මූ තමයි අපේ බොක්ක අපේ හැමදේටම මැරෙන්න හරි ඉස්සරහට ආවේ මූ.ඒ වගේම අපේ රස්තියාදුකාර කමට වටිනාකමක් දුන්නු එකම කෙල්ල උඹ විතරයි නංගි.හැම එකාම හිතන් හිටියේ අපි රස්තියාදුකාර කමකට නැති උන් කියලා.අපිටත් හාර්ට් එකක් තියෙනවා කියලා තේරුම් ගත්තේ උඹ විතරයි.උඹලගෙ ඕන දේකදි අපි මැරෙන්න හරි එනවා.”

“ඔයාලව අපිට ඕනෙ මැරෙන්න නෙවෙයි නේද චුටි අයියේ…?”

“මගෙ බෝනික්කි කිව්වෙ ඇත්ත බන්.උඹලව ඕනෙ මැරෙන්න නෙවෙයි අපිත් එක්කම ජීවත්වෙන්න.”

“අයියේ අපි මෙහෙ නැති උනාට කමක් ඔයාලා පොරොන්දු වෙන්න ඕනෙ මට මහන්සිවෙලා පාඩන් කරලා මුලු ඉස්කෝලෙන්ම හොදම රිසාල්ට් අරන් ඔයාලට රස්තියාදුකාරයො කියපු හැම එකාගෙම කටවල් වස්සවනවා කියලා.”

“අපි උඹ වෙනුවෙන් පොරොන්දු වෙන්නන් නංගි.”

______________________________________

අතීත කල්පනාවලියෙන් මං මිදුනේ ආකාශ් අයියගෙ හඩට.

“මෙතනට වෙලා මනෝ ලෝකෙ සැරිසරන්නෙ නැතුව මට සප් එකක් දෙනවකො සුදු නංගි.”

“ඒ මොකකටද ආකාශ් අයියේ…?”

“ඔයාගෙ යාලුවා හංසිව දාලා දෙනවකො මට.”

හංසි කියන්නෙ මගෙ දනගාන කාලේ ඉදන් යාලුවා.මෙයා මේ පැණි හලන්නෙ එයාට.ඒකත් ජයසිරි මංගලම් කිව්වා.අනේ වාසනාවන් එක ගලෙන් කුරුල්ලො දෙන්නයි තව පොඩ්ඩෙන් දෙන්නට වෙඩින් දෙකක් ගන්න වෙනෝ දැන් ඉතිම් ඒකත් ශේප්.😉😉😂😂

“කොල්ලෙක් නේද අෆ්ෆා කෙලින්ම ගිහින් ටෝක් කරන්නකො.තෝල්කයො මොකටද ඕකට…?”

“ඒකි මට අකමැති උනොත්.”පොඩි එකෙක් වගේ ඔලුව කස කස ආකාශ් අයියා ඒක අහපු තාලේ බලන්න ලස්සනයි.

“අයියණ්ඩිය බිය නොවන්න අකමැති උනොත් බලෙන් හරි බන්දලා දෙන්නම් ඕ යෑස්.දැන් ගිහින් ඔයා ටෝක් කරලා බලන්නකො හාද..”

මූණත් හපුටු කරන් ආකාශ් අයියා යන දිහා බලන් ඉද්දි මට හිනාව නවත්තගන්න බෑ.මං හිනාවෙවි ඉද්දි කවුද මන්දා පිටිපස්සෙන් ඇවිත් මාව තුරුල් කරගත්තා.කවුද කියලා අමුතුවෙන් බලන්න ඕනේ නෑ.මේ තමයි මගේ පොරිසාද,නපුරු,හිතුවක්කාර චුටි කොල්ලා.

“මොනාද අරු එක්ක කතා කලේ ම්ම්ම්…?
දෙන්නා මට හොරෙන් පැනලාවත් යන්නද හදන්නෙ….?”

“අම්මලා මෙච්චර අගේට කකුල් දෙකක් හදලා දීලා තියෙද්දි සෝක් එකට ඇවිදන් යන්න පුලුවන් වෙච්චි මොකටද අෆ්ෆා පැන පැන යන්නෙ.අනික පැන පැන හරි යන්න ආකාශ් අයියා මට කතා කරන්නෙ මොකටද එයාට අච්චර සස්සන කෙලි පැටික්කියෙක් ඉද්දි.”

“මොකක්😮😮…?
ඌ මොකක් හරි එහෙක පැටලිලද….?”

“හ්ම්.හංසි ගැන ඉන්ටරස්ට් වෙලා එක පාරටම.මං කිව්වා ගිහින් කතා කරන්න කියලා.”

“මොකද හිතෙන්නෙ ඒක හරියයිද බබා…?”

“ඕක අහන්නත් දෙයක්ද කිරි ගහට ඇන්නා වගේ තමයි මං දන්නෙ නැතැයි ඒකිට පහුගිය දවස් වල ආකාශ් අයියා ගැන තිබ්බ පණුගාය.”

ඒක කියලා ඉවරවෙන්න හම්බුනේ නෑ.මේ යකා මාව තුරුල් කරගෙන ඉබින්න පටන් ගත්තෙ නැතෑ.මමත් ඇස් පියාගෙන ඒ උණුහුමට තුරුල් උනේ මැරෙන තුරාවට මේ උණුහුමෙන් මෑත් නොවෙන්නට මගේම හිතට දිවුරුම් දෙමින්.

සමාප්තයි

🌸🌸පසුවදන…..

මුලින්ම ස්තූති කරන්න ඕනේ කතාව පටන් ගත්ත දවසෙ ඉදලා මාත් එක්ක හිටපු හැමෝටම ලයික්ස්,කමෙන්ට්ස් දාලා මාව ලියන්න දිරිමත් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.

මං හිතනවා මේ කතාවෙන් රසවින්දනය වගේම පුංචිම හරි ආදර්ශයක් ඔයාලාට දෙන්න මට පුලුවන් වෙන්නැති කියලා.ඉතින් ඔයාලගෙ අදහස් දිග කමෙන්ට් එකකින් කියලා යන්න ලස්සනයි කියලා විතරක් නොකියා. 

4 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *