****පළිග**** 08
මං තරහින් පුපුර පුපුර ගෙදර ආවෙ මගෙ පොත් ටිකට කරපු දේට ගනුදෙනු බේරගන්න බැරි වෙච්ච නිසා.තරහා කොච්චරද කිව්වොත් මං දවල්ට කන එකත් ප්‍රතික්ෂේප කරලා ගිහින් ඇද බදාගත්තා.
“දෝනි ඔයා නොකා ඉදලා අසනීප වෙයි දරුවෝ එන්න පහලට ගිහින් කෑම ටිකක් කමු.”
නැන්දි කොච්චර අඩගැහුවත් කෑම කන්න තරන් මූඩ් එකක නෙවෙයි මං හිටියේ.
“අම්මා මෙයාට බුලත් දෙන්න නැතුව ගිහින් වැඩක් බලාගන්න.මෙයාගෙ කටින් නෙවෙයිනෙ ගෙදර අනිත් මිනිස්සු කන්නෙ.”
වෙනදට මං නොකෑවොත් නොකා ඉන්න චුටි අයියා ගේ දෙවනත් කෑ ගහලා කියද්දී හිත තවත් රිදුනා.කොච්චර දග වැඩ,හිතුවක්කාර වැඩ කලත් චුටි අයියගෙ නපුරුකම් දරාගන්න නන් තාම මගෙ හිතට පුලුවන් කමක් නෑ.
“අයියා කියන ඒවා ගනන් ගන්න එපා දුව.ඔය කෑගැහුවට එයත් කෑවේ නෑ ඔයා කාලා නෑ කියලා දැනගත්තාම.”
“හොදම වැඩේ මගෙ හිත රිද්දනවට බඩගින්නෙම හිටපුදෙන් මම කන්නෙම නෑ.
ආරාද්‍යා එහෙමම බඩගින්නෙම කොට්ටයක් බදාගෙන නිදාගත්තා.ආදිත්‍ය ඇවිත් කෙල්ලගෙ ඇද උඩින් වාඩි වෙලා කෙල්ලගෙ ඔලුව අතගෑවෙ ආදරෙන්.
“මගෙ බෝනික්කි ඔය තරම් හිතුවක්කාර වෙන්න එපා පැටියෝ.ඔය ඇස්වල කදුලු පිහිදාන්නවත් මට ඔයාට ලං වෙන්න බෑ මැනික.මගෙන් ඈත් වෙලා ඉන්න බබා.”
එහෙම කියලා කොල්ලා එතනින් නැගිටලා එන්න ආවා.කොල්ලා පහලට එද්දි කොල්ලගෙ පුංචි කාලෙ ඉදන්ම යාලුවා ආකාශ් ඇවිත් හිටියා.
“ආදී මචං සුදු නංගියා ආවද මට ආන්ටි කිව්වෙ.”
“හ්ම් ඔව් ආවා.”
“තෑන්ක් ගෝඩ් එහෙනන් වත් රස්තියාදු ගැහිල්ලයි,මැර වැඩයි නවතියි.උබට අපි කියන දේනෙ අහන්න බැරි දැන් ඉතින් උබේ බෝනික්කි කියන විදිහකට හිටපන්.”
“ඔය අයිඩියා එක උබේ ඔලුවෙන් අයින් කරගනින් ආකාශ් මං ඒකිට මට ලං වෙන්න ඉඩතියන්නෙ නෑ.”
“යකෝ උබ නන් මී හරකෙක් උබගෙ තාත්තා ඒකිගෙ මාමා උන පලියටයි,උබේ තාත්තා උබලව දාලා කොහෙවත් ඉන්න ගෑනියෙක් ලගට ගිය එකටයි ඒ අසිංසකී මොනා කරන්නද බන් මොකද ඒකී උබේ තාත්තව උවමනාවෙන් මාමා කරගත්තෙ නෑනෙ.උබ මේ ඒ අහිංසකීගෙන් මොන පලියක්ද මේ ගන්න හදන්නෙ…?”
“ඒ කිසි දේකට මගෙ අහිංසකී වැරදි නෑ කියන්න උබට වඩා හොදට මන් දන්නවා.ඒත් මට ඕනෙ හැමදාම මගෙ බෝනික්කි සතුටින් ඉන්න.හැම එකාම කියන්නෙ මං කවදා හරි කරන්නෙත් තාත්තා කල දේමලු.ඉතින් මට පුලුවන්ද යකෝ ඒකිට එහෙම ගින්දරක් දෙන්න…?
“ගොනෝ ගොන් හරකො මිනිස්සු උන්ට ඕනෙ දේවල් කියනවා.ඒත් කියන හැමදේම ඇත්ත වෙන්නෙ නෑ.හැදිච්ච දෙමව්පියන්ට නැහැදිච්ච දරුවො ඉන්නවා වගේ.නැහැදිච්ච දෙමව්පියන්ට හැදිච්ච දරුවොත් ඉන්න පුලුවන්.අනික උබ කෙලින් ඉන්නවා නන් ඔය මොන ප්‍රශ්නයක් වත් නෑනෙ.උබ මේ නැති ප්‍රශ්න මවාගෙන.”
“මට ටිකක් හිතන්න ඕනෙ බන්.”
මතුසම්බන්ධයි
යාළුවනේ පොඩි ඉල්ලිමක් වගෙම පෙජ් එකේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කරන ලොකු උදවුවක් කතාව රස විදින ඔයාලා like එකක් දාන්න වගේම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා එක පෙජ් එකෙ ඉදිරි ගමනට ගොඩක් වටිනවා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පෙජ් එකට ආදරේ ඔයාලා අපිට උදවු කරයි කියලා
ස්තුතියි ඇඩ්මින් ආදරෙයි තවමත්