***—–මාංචු—–***(07 කොටස)

සුදට හුරු ලස්සන දිගම දිග සායට මල් වලින් හැඩවැඩ වුන ලස්සන බ්ලවුසයක් ඇද දකුණතින් සාය පොඩ්ඩක් විතර උස්සගෙන සිටින සරූ තුලින් දිස්වුනේ නෙත් සිත් පැහැර ගන්නා දසුනකි.වරක් බැලු කෙනෙකුට නැවත වරක් හැරි බලන්න තරම් ඒ චුටි කෙල්ල අද අමුතුම ලස්සනකින් බැබලුනා.දලදා වදින්න ආපු සමහරු කෙල්ල දිහා බැලුවෙත් ඒකමද මංදා.උපතින් අරන් ආපු ඒ සුන්දරත්වය එක්ක කෙල්ල ලස්සනට හිනා වුනේ වම් අතේ තිබ්බ දම් පාට ඕලු මල් පොකුරත් එක්ක.

අතුකෝරල නුවර දළදාමාලිගාව ලග කා එක නවත්තද්දි එතනම තිබ්බ ලෑලි කඩේ හිටිය නැන්දා කෙනෙක්ගෙන් කෙල්ල ඕලු මල් පොකුර ඉල්ලද්දි තාත්තා තමයි කෙල්ලට ඒක අරන් දුන්නේ.මල් පොකුරත් අරන් කෙල්ල ගියේ දළදා හාමුදුරුවන්ට ඒ මල් පුජා කරන්න කියලා හිතේ උපන් භක්තිය පෙරදැරිවයි.

ඉස්සරහට ආපු හෙවනැල්ලත් එක්ක කෙල්ලගේ ගමනට චුට්ටක් බාධා වුනා.ඒකයි කෙල්ල ඇස් උස්සලා ඒ මුණ දිහා බැලුවේ.දෙයියෝ සාක්කි.ඇස් ඉස්සරහ ඉන්න ඒ සද්දන්ත පිරිමියා අදුරගන්න කෙල්ලට මහ වෙලාවක්නම් ගියේ නැහැ.

“දෙව් ..”

කෙල්ලගේ තොල්පෙති හෙමිහිට එහෙම මුමුනමින් දගලද්දි කොල්ලා බැලුවේ ඒ සුන්දර යුවතිය දිහාව.කොල්ලට ඇස් අදහ ගන්න බැරිවුනේ ඒ ලස්සන සැදැවතිය දැකලා.ඒ පිං පාට මුණට කොල්ලගේ පපුව මොකක්දෝ කරද්දි ඇස් ගියේ කෙල්ලගේ දිලිසෙන ඇස් දෙක ලගට.

“ඔ..ඔයා .මේ වෙලාවේ.”

මාංචු නැති අත් වලින් කොල්ලව දකිද්දි කෙල්ලට පුදුමත් හිතුනා.මේ වේලාවේ මේ වගේ තැනකදි දෙව් ව දකින්න හම්බ වෙයි කියලා කෙල්ල හිතුවේ නැහැ.ඒකයි කෙල්ල තාමත් පුදුම වෙලා ඉන්නේ.අම්මයි තාත්තයි හාමුදුවෝ හම්බෙන්න ගිය නිසා කෙල්ලට දෙව් එක්ක තනිවෙන්න අවස්ථාව හම්බුනා.ඒත් කෙල්ලට කියන්න ගොඩක් දේවල් තිබ්බට කිසිම දෙයක් කියාගන්න බැරිවයි කෙල්ල ලත වුනේ.

“සුභ උපන්දිනයක් ඔයාට..”

“තැන්කිවු…කොහොමද දන්නේ.”

“මගේ උපන්දිනෙත් අද නිසා.”

“අනේ…ඇත්තමද..”

“ඔව්.”

“මගේ උපන්දිනේ කියලා දන්නේ..”

“අහ්.ඒකද .. .ඊයේ දවසම කෙල්ලව සප්රයිස් කරන්න අතුකෝරල සර් ප්ලෑන් ගැහුවා.මගෙන් තමයි සමහර අදහස්..

“ඒක තමයි කපටියා වගේ පන්සල් ඇව්ත් තියෙන්නේ.බුදුන් වදින්න ශ්‍රද්ධාවෙන් නෙමෙයි…”කෙල්ල දෙව් ගේ ඇස් දිහා බලලා එහෙම හිතුවත් ඔහුට ඒක කියා ගන්න තරම් ඒ වෙලාවේ සරූගේ කට පන නැතිවුනා.

“මං හැම උපන්දිනයකටම දළදාවදින්න එනවා.හිරේ ඉන්නවා වුනාට අපිට හැමදාම එන්න බැහැනේ.ඇතුලේ විතරයි පුලුවන්..”

කොල්ල එහෙම කිව්වේ කෙල්ල කියන්න ගිය දේ දැනගත්තා වගේ.කෙල්ලට සැනසුම් සුසුමක් පිටවුනේ කලින් අහන්න ගියදේ කියාගන්න බැරිවුන එක හොදයි කියලා.

“මොකද කියන්නේ..එනවද මං එක්ක මාලිගාවට යන්න.”

කොල්ලගේ ඇරයුම ප්‍රතික්ෂේප කරන්න ඒ හිත ඉඩ දුන්නෙම නැහැ.ඒකයි ඔලුව වනලා ඒ පස්සෙන් යන්න හැදුවේ.කෙල්ල ආගන්තුක විදියට පස්සෙන් එන එක නම් කොල්ලගේ හිතට ඇල්ලුවේ නැහැ.ඒකයි කොල්ල නවතිලා කෙල්ල ලගින්ම ආයෙත් යන්න ගත්තේ.

සුදු කුරුතා එකට සුදුපාටින්ම සරමක් අැදලා කොල්ලා ලස්සනට යද්දි කෙල්ලට ආසයි.හරියට නිකන් අලුත බැදපු ජෝඩුවක් වගේ.අත් දිග කුරුතා එක රැලිවෙන්න වැලමිට ගාවින් උඩට උස්සලා තියෙද්දි ඒ කඩවසම් බව තවත් ලස්සන වුනා.

“තනියෙන්ද ආවේ..”

නිහඩ ගමනේ යන දෙව් සිහාට හැරිලා නිහඩ බව බිදලා කෙල්ල අහනවා.

“නැහැ..”.

එහෙම කියලා ඈතින් ඉන්න ‍ජේලර් නිලධාරියාව කොල්ලා පෙන්නුවා.දේව් ගේ හොදම යාලුවෙක් වෙච්ච ඒකනායක කොල්ල එක්ක එවපු ජේලර් නිලධාරියා විම කොල්ලට සහනයක් වුනා.ඒකනායක ත් ආදරවන්තයෙක් නිසාද මංදා ඇස් දෙක තිබ්බේ ලස්සනට එන ජෝඩුව දිහාවේ.
කෙල්ල ටිකාාක් බයේ හිටියේ.මොනා වුනත් ජේලර් කෙනෙක්නේ.

“මචං උඔ වැදලා වරෙන් මං මෙතනින් ඉන්නම්..”

ජේලර් නිලධාරියාගේ වචන හමුවේ කෙල්ල බැලුවේ විසල් වුන දෑසින්.

“හා මචං..”

කොල්ල හොද එකා කියලා ඒකනායක දන්නවා.දැන් අවුරුදු හතරක් තිස්සේ කොල්ලා එක්ක එහෙ මෙහේ ගිය ඒකනායකට කොල්ලා ගැන හොද විශ්වාසයක් තිබ්බා.බන්ධනාගාරයෙනුත් ඒකනායකව එවන්නේ මේ වෙනකම්ම කොල්ලගෙන් වරදක් නොවුන නිසා.

“සරු …”

පය පැටලි වැටෙන්න ගිය සරණ්‍යාව දේවි වත්තම් කර නොගත්තනම් කෙල්ල කකුල කඩා ගන්නවා නිසකයි.ඒකයි කෙල්ල ඒ උර පත්තට බර වෙලා යන්තම් කෙලිින් වුනේ.කොල්ලා ආදරෙන් එහෙම කියද්දි කෙල්ලගේ හිතේ මොනාද වුනා.ඒ හිත කෙල්ලට අවනත වුනේම නැහැ.ඒත් කෙල්ල බිම බලන් මාලිගාවට ගියා.
දෙන්නම මල් තියලා වැන්දා.කෙල්ල වගේ ම කොල්ලත් ප්‍රර්ථනාවක් කරන්න අමතක කරේ නැහැ.වැදලා පස්සට වුන කෙල්ල බලන් හිටියේ දොහොත් මුදුන් තියලා වදින දේවි දිහා.

“කොහොමද දෙයියනේ හිරකාරයෙක් කියන්නේ.මොනතරම් පිං පාටද.ඇයි දෙයියෝ මෙහෙම ජිවිතයක් දෙන්න තරම් දරුණු වුනේ.”කෙල්ල තනියම හිතුවේ ඒ මුණ දිහාව බලාගෙන.

“මොනාද මෙච්චර මේ සුටි කෙල්ල කල්පනා කරන්නේ….”කන ලගින්ම ඇහුන ඒ වචන කෙල්ල හොදටම අදුර ගත්තා.තොල්පෙති ගෑවී නොගෑවෙන තරමට කන ලග ට ආපු ඒ පහසට කෙල්ල ගල් ගැහුනා.

***——-මතු සබැදිි——–***

පොඩ්ඩක් දාන්නේ ලිට් ඇප් එක පාවිච්චි කොලන ලාලුවෝ ගැන උපන් අනුකම්පාවෙන්.ඔෆිස් එකේ සර් ත් හේතුවක් වුනේ වැඩ වැඩ් නිසාමයි.ඒ වෙනුවෙන් විනාඩියයි දශමයක නිශ්ශබ්දතාවක්.
ලාලුවෝ කීන අඩුපාඩු එක්ක ඉස්සරහට ලියන්න තීරණය කොලා..

ආදලෙයි😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙 යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *