***—–මාංචු—–***(11 කොටස)
“සරූ….”
කෙල්ල ගැස්සිලා වගේ බැලුවේ තරප්පු පේලිය නගින්න තමා එනකල් බලන් ඉන්න දේව් දිහා.කොල්ලා දැක්කා රතු පාට තොල්පෙති අතැගිලි වලට සිර කරන් කෙල්ල ඉන්නවා.පුදුම වෙලා ඉන්න කෙල්ලව දැකලා දේව් හිනා වෙලා ඔලුවෙන් ඇයි අහනවා එතකොටයි කෙල්ලට තේරුනේ කෙල්ල හීනෙන් ගිය දුරක් කියලා.සෑහෙන්න දුරින් හිටපු කොල්ල ගැන මවා ගත්ත දේවල් මතක් වෙලා ලැජ්ජාවෙන් මුණ රතුවෙලා යන්න ගත වුනේ නිමේෂයකි.කෙල්ල ඒකයි බිම බලාගත්තේ.
“පිස්සි මෙහේ එනවා…”
කෙල්ල ඇදන් හිටපු කඩා හැලෙන ගවුම් කොටෙත් වන වනාම කොල්ලා ලගට දුවන් ගියේ කිසිදෙයක් නොවුන ගානට.ඒත් කෙල්ලගේ හිතේ සිතුවිලි චංචල වෙලා තිබ්බේ.හිත එලියට ආවා නම් කෙල්ලගේ හොර සේරම දේව් අල්ල ගන්නවා සත්තයි.
“මොන ලෝකෙද ඉන්නේ මැට්ටියේ..”
“ඔයාගේ ලෝකේ..”
කෙල්ලට එහෙම හිතුනා ඒත් කෙල්ල ඒ සුදු මුණ දිහා බලලා ලස්සනට හිනාවුනා ඇරෙන්න කිසිදෙයක් නොකියා ඉන්න කට පරිස්සම් කරගත්තා.
“මේ තියෙන්නේ මගේ සුන්දර කාමරය..හැබැයි ඉතිං අස්කරන්න කවුරුත් නැති නිසා අපිලිවලයි හොදේ.”
කෙල්ල එබිලා වගේ බලුවේ.සුවිශාල කාමරේ දැක්ම කෙල්ලට ආසයි.මෙච්චර ලොකු ඇදේ තනියම ඉන්න තමයි කොල්ලා අකමැතිම වුනේ.
“ඒ ඩිංගට පච්ච කාරයන්ගේ ෆෝටෝ දෙක තුනකුත් බිත්තිවල ගහගෙන.අනේ අම්මපා මේ පිස්සා.”කෙල්ලට එහෙමයි හිතුනේ.
“මොකද එබිකම් කරන්නේ එන්න.හොල්මන් නැහැ ඔයා ආවොත් මිසක්.”
අන්න ඒකට නම් කෙල්ල ඔරවනවා.මුණත් හකුලන් ඔරවද්දි තිබ්බ අමුතුම ලස්සනට කොල්ලා ආසයි.එ්කයි ඒ චුට් මුණ කන්න වගේ දේව් බැලුවේ.කෙල්ල ඒ ඇස් මග ඇරලා ඇතුලට ආවා.
“අහ්..මේ ඉන්නේ..!!!පුතා මේ ගෙදර නම් මාරම ලස්සනයි.ආකිටෙක් මරුවටම ඩිසයින් කරලනේ.වැඩට කවුරු හරිත් ගන්න.
ඉරෝෂා කියලා කෙල්ලෙක් ගෙදර ප්ලෑන් එක ඇන්දා වගේ කොල්ලට මතකයි.ඒත් එයා ගෘහ නිර්මාණ ශිල්පිනියක් විතරයි කියලා තාත්තා ඒ දවස්වල කිව්වා දේව්ට ලාවට මතක තිබබා
“ඔව් තාත්තේ..වැඩට ගන්න එක්කෙනෙක් ආවා හෙට ඉදන් එන්නම් කිව්වා.”
කොල්ලා දැන් ලෝභ නැතුවම තාත්තා කියනවා.අතුකෝරලට ආසයි ඒ කටින්ම එහෙම ඇහෙද්දි.කෙල්ල නිකන් කොල්ලව බැදපු ගෑනි වගේ කමරේ බලනවා.අම්මලා ඉන්නවා කියලාවත් ගානක් නැහැ.
“දුව අයියගේ එ්වා ඇදලා දානවා නෙමෙයි.”
කෙල්ල ගැස්සිලා අතට ගත්ත මල් වාස් එක හිනියට මේසේ උඩින්ම තියලා හිනාවෙනවා.මුකුත් කරේ නැති ගානට එහෙම කරද්දි කොල්ලා අසරණ හිනාවක් දැම්මේ.
“පුතා අපි ටිකක් උඩ ටෙරන්ස් එකට ගියාට කමක් නැද්ද..”
“අයියෝ ..යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ.”කොල්ලා ලෝභ නැතුව කටපුරා කියන්නේ අතුකෝරලව කොල්ලට පිට කෙනෙක් කියලා හිතෙන්නේ නැති නිසායි.කොල්ලත් කෙල්ල එක්ක තාත්තලා පස්සෙන් ගියා.
කට්ටිය ගෙදරින් ගියාට පස්සේ කොල්ලට මාරම පාලුවක් දැනුනේ.මහන්සිත් වගේ නිසා කොල්ලට නින්ද ගියා.මුරට හිටපු නන්දපාල මාමා ඇවිත් ඇහැරුවාමයි කොල්ලට ඇහැරුනේ.නිදන් හිටිපු විදියට නන්දපාලට ඇහැරන්නත් ලෝභයි එ්ත් කියන්න පණිවිඩයක් තිබ්බ නිසයි කොල්ලව එ් විදියට ඇහැරන්න හේතුවුනේ.
“ඇයි මාමේ..”
“මහත්තයා.. මහත්තයා හස්බෙන්න කවුද ඇවිත්..”
“මං එන්නම් .”දඩාරියන් ගාලා ඇදෙන් පැනලයි කොල්ලා නැගිට්ටේ.එහෙමම ඇදන් හිටපු ෂෝටට උඩ්න් ස්කිනි එකත් දාගෙන කොල්ලා පහලට ආවා.
“අඩෝ මචං දේව්.”
“විදුර.. උඔ”
“මචං බොක්ක..”
ඔව් ඉතිං ඒ කොල්ලගේ උපන් ගෙයි ඉදන් දගකරපු කාපු බිපු එකට හිටපු යාලුවා.ඒකයි කොල්ලා විදුරව වැලද ගත්තේ.හිරගෙදර ගිය කාලේ ඉදන් ඉඩ ලැබුන හැම වෙලාවෙම කොල්ලව බලන්න ආවා යාලුවා විදුර.එත් විදුර ඇක්සිඩන්ට් වෙලා කකුල කඩන් ඇදේ හිටපු නිසා කොල්ලා ගැන බලන්න බැරිවුනා.කොල්ලටත් ඒකෙන් විදුරව මග ඇරුණා.ඒත් හිත්වල තිබ්බ බාලේ කෙලි සෙල්ලම්,ආදරය ,සෙනෙහස,සහෝදරත්වය ඒ විදයටම වෙනසක් නොවී තිබ්බා.ඒකයි දේව් නිදහස් වෙලා ඇවිත් කියලා දැනගෙන කොල්ලා මේ ආවේ.විදුරගේ කකුලේ ඒ්ත් නොන්ඩ් ගතියක් තිබ්බා.
“වාඩ් වෙයන්කෝ විදුවෝ..තාම ඇවිදින්න බැරිද බං..”
“පුලුවන් ටිකයි.මේ හරිය රිදෙනවා.ගල් බැන්ඩේජ් දාලා තිබ්බ නිසා ස්නායු හිර වෙලාලු බං.පෙර කරපු කරුමයක් මේ නම්.”
“වෙන්න තියන දෙයක් වලක්කන්න බෑනේ බං…”
“ආව් ..කොල්ලගේ මුණ නම් වෙනස් වෙලා සෑහෙන්න.මොකෝ ඒ.වචන එහෙමත්”
“පල යන්න..”
“ඇත්ත බං ලස්සන වෙලා .මං හිරගෙදරට ගියාම දැනගත්තේ උඔ නිදහස් වෙලා කියලා..”
“සොරි මචං මට මේ රෙද්දේ ප්‍රශ්න නිසා උඔව අමතක වුනා .ඒත් මං තනියටත් එක්ක උඔව ගෙන්න ගන්න හිටියේ.”
“හා මල්ලි හා….දැන් ඉතිං එහෙමවත් කියමු.”
ආගිය මුලගිය නමගිය හැම තැනක්ම දෙන්න එක්ක කතාකරලා දේව්ගේ ගෙදර නවතින්නත් එන්න විදුරව කැමති කරගෙනයි දෙන්නා වෙන්වුනේ.
*******************************
දවස් ලස්සනට අලුත් බලාපොරොත්තු එක්ක ගෙවුනා.
අද සෙනසුරාදා නිසා කොල්ලා ටිකක් උදේම නැගිට්ටා.බැල්කෙනියෙන් බිම බලද්දි කොල්ලා ඒ ලස්සන කෙල්ලව දැක්කේ.
මේ..කෙල්ල මේ වෙලාවේ..!!!ඒකයි කොල්ලා ඇස් පිහදාලා ආයෙත් බැලුවේ.වොෂ් එකක් එහෙම දාලා පියරු බබා වගේ හිටපු නිසා කොල්ලට නිදිමතක් තිබ්බෙත් නැහැ.නැත්තන් මේක හිනයක් කියන්න හරි තිබ්බා.කොල්ලා ආයෙත් බලනවා.සරූ සමනලීයක් වගේ මිදුලේ තිබ්බ මල් වලට පැන පැන කතාවක්.උදේම එහෙම දකිද්දි දවසම ප්‍රබෝධමත් කියලයි දේවිට හිතුනේ.
සුදු ටී ෂර්ට් එක ඇගට දාගෙන කොල්ලා පහලට ආවා.අතුකෝරල පුටුවේ වාඩ්වෙලා මොනවද ලියනවා.
“අහ්..පුතා එන්නකෝ මෙතනට.”
“මෙන්න මේ දරුවගේ වැඩේ පොඩ්ඩක් බලන්න ආපුගමන් මං මේ ආවේ.මේකයි මේ කෙල්ලගේ ඉස්කෝලේ පාටියකට පුතාලගේ හොටෙල් එක බුක් කරගන්න ඕනලු.නුවර ලස්සනම හෝටලය දෙව් පුතාගේ එක නිසා ඒක බුක් කරගන්න කියලා බැලුවේ.”
“කවදද තියෙන්නේ නංගි ..”
හතිදාගෙන දුවන් ආපු කෙල්ලගෙන් දේවි ඇහුවා.තොල්පෙතිවලට උඩින් තිබ්බ දාඩිය බිබුලු පිටි අත්ලෙන් පිහදදාලා කෙල්ල ඒ ඇස් දිහා බලනවා.
“මේ මාසේ අන්තිම දේව් අයියේ.”
“මි..මි …අන්තිම නම් පුලුවන් වෙයි.එන්නකෝ කාමරේට.”
කොල්ලා දෙන්නම අඩගහගෙන කාමරේට ආවේ හොටෙල් එකේ දිනපොත බලන්න.කෙල්ලගේ වාසනාවට ඒ දිනේට වැඩේ කරගන්න පුලුවන් වුනා.එහෙමම කතාවට වැටිලා ඉද්දි අතුකෝරලට වෙලාව යනවා තේරුන් නැහැ.
“පුතා මං කා එක සර්විස් එකට දාලා ආවේ ඒක අරන් එන්නම් .දුව ඔයා එනවද මොකද..”
කෙල්ල මල් වාස් එක අරන් හැඩ බලන්න ගත්තේ ඉන්නම් කියන්න වගේ.කෙල්ල ඔිවගේ රස්තියාදු වෙනවට අතුකෝරලත් අකමැති නිසා අතුකෝරල පහලට බැස්සේ මං ගිහින් එන්නම් එහෙනම් දුව ඉන්න කියලා.
අතුකෝරල ගිය ගමන්ම වගේ කෙල්ලත් යන්න කියලා දිව්වේ මල් වත්තට.ගොඩක්ම කාමරයක මෙහෙම තනිවෙන එක සරූගේ හිතට සියුම් ලැජ්ජාවක් වුන නිසායි.කෙල්ල නැවතුනේ ඒ සියුමැලි අත දේව්ගේ අතේ හිරවෙද්දි.ඇදිලා වගේ ඇවිත් කෙල්ල ඒ ගැහෙන පපුව ලග නතර වුනා.හද ගැස්මේ නාදය තදින්ම කෙල්ලට දැනෙද්දි කෙල්ල ඒ පහසට නතු වුනා.
“මොකද හැම වෙලාවෙම දුවාගත්ත ගමන්.මං හිරකාරයෙක් නිසා බයේද ඉන්නේ ම් ..මං හිරකාරයෙක්…”
එච්චරයි කියන්න හම්බුනේ කෙල්ලගේ දකුනු අතේ දබරගිල්ල නැවතුනේ ලා රෝස පාටින් තෙත් වුන ඒ පිරිමි තොල් පෙති මත.ඒකයි බ්‍ර්ක් නැති දේව්ගේ කට එහෙමම නතර වුනේ.
“හිරකාරයා කතාව අයේ කියන්න එපා දේව් අයියේ..”
හිනියට කදුලු බිදුවක් අස් අග නලියද්දි කෙල්ල දුකිනුයි කිව්වේ.කෙල්ල කදුල හංගන්න වෙහෙසුනා.ඒත් දේව් දැක්කා සරූගේ තෙත්වුන නිල්නුවන්.
“සොරි කෙල්ලේ..ආයෙත් කියන්නේ.මට බය වුනොත් මරනවා..හාද”
කෙල්ලට ඒපාර හිනා.කදුලු ඇස් අගින් හංගගෙන චුට් කෙල්ල හිනාවෙනවා කොල්ලට බලන් ඉන්න ආසයි .කෙල්ල ඒ පපුවෙන් දුරස් වෙලා බැල්කෙනියට ආවා.දේව් ඒ පස්සෙන්ම ගියා.මල් අත්තක් බැල්කනියෙන් ඇතුලට ඇවිල්ල තිබ්බත් ඒ මල කඩා ගන්නයි කෙල්ලට ඕන වුනේ.කෙල්ලව මතක් වෙන්න ඒ ලස්සන මල දේව්ගේ මල් වාස් එකෙන් දාලා යනවා කියලයි කෙල්ල හීන මැව්වේ.අනේ ඒත් අත දිග මදී.උඩ පැන පැන කෙල්ල ඒක කඩන්න දගලනවා.කොල්ලා දැක්කා සරූ තරහෙන් කටත් ඇදකරගෙන මල කඩාගන්න දගලනවා.
“බැරිවැඩ නොකරන් චුටි කෙල්ලේ..”
කොල්ලා එහෙම කිව්වෙි සරූව පිටිපස්සෙන් බදාගෙන ම ඒ මල කඩන්න බර වෙන ගමන්.කොල්ලගේ සිරුරට ඇය යට වෙද්දි එහෙමම කෙල්ලව බැල්කෙනියට තදවුනා.කෙල්ලගේ උරහිසට දේව් බෙල්ල තියලා තද කරේ හිත්වල ආදරේ දෝරේ ගලද්දි.ඒ සියුමැලි සුදු කොපුල එක්ක රැවුල් කොට කෙල්ලගේ කොපුලක් පිරිමැදෙද්දි කෙල්ලට හීනියට කිති කැවුනා.හදවත මොකද්දෝ දෙයකින් පිරෙද්දි ඒ පහසට කෙල්ල ආස කරා.එහෙම ඉද්දි කෙල්ලව ලිහිල් වුනා වගේ දැනුන නිසා සරූ කොල්ලගෙන් යන්න දැගලුවා.ඒ්කයි කෙල්ලව එ් මුණ දිහාට හරවා ගත්තේ.
“මට බයද..මි”
කෙල්ල බයේ ගැහෙනවා.ඒත් බය හංග ගන්න උත්සහ කරන චුටි කෙල්ල ඔලුව වනලා නැහැ කියනවා.
එහෙම කියලා කොල්ලා කෙල්ලව අත අැරලා කෙල්ලව ලිහිල් කරනවා.
“යමුද පහලට..”
අතේ තිබ්බ මලත් සරූට දීලා කොල්ලා අහද්දි ලැජ්ජාවෙන් කෙල්ල හා කිව්වා.කොල්ලා යද්දි කෙල්ල දුවලා ගිහින් කඩලා දිපු මල වාස්එකට දැම්මා.
පඩ්පෙල දිගේ කොල්ලා පස්සෙන් පඩ් බැහැගෙන ආපු කෙල්ල වගේම ඉස්සරහ හිටපු දේව් නැවතුනේ දොර ලග හිටපු සේයාව දැකලා පුදුම වෙලා.
***——-මතු සබැදිි——–***
අඩුපාඩු එක්ක ඉස්සරහට ලියන්න තීරණය කොලා.අඩුපාඩු කියලා දුන්න යාලුවන්ට වගේම කතාව කියවන යාලුවන්ටත් තැන්කු .කතාව බෝරින් වගේ නම් කියන්න වෙනස් කරමු.හාද
ලොකු වැඩක් නිසා බිසී වෙලා ඉන්නේ.නිදිමතේ නිසා වැරදි ඇති සොලි.
ආදලෙයි යාලු