***—–මාංචු—–***(13 කොටස )
කෙල්ල ඇස් චුටි කරලා බැලුවේ ඒ මූණ දිහා.කෙල්ලගේ ඇස් අදහගන්න බැරිවුනේ දැකලා පුරුදු මුණක් ඇස් ඉස්සරහ තියනවා දකිද්දි.
“ඔ..ඔයා.”
කෙල්ල එහෙමම මුමුණ ගත්තේ විදුර සීට් එකේ ඉන්නවා දැකලා.ඔෆිස් කිට් එක ඇදලා ටයි එකත් එහෙමත් දාලා හිටපු විදුරගෙන් ලස්සන කඩවසම් බවක් තිබ්බා.එදා පිස්සුවෙන් දුවන් ආපු කොල්ලමද කියලයි සරූ කල්පනා කරේ.
“වාඩිවෙන්න ..”
එදාට වඩා බැරෑරුම් පෙනුමක් මවාගෙන හිටපු විදුර කියද්දි කෙල්ල ලස්සනට වාඩ් වුනා.අරන් ආපු සීවි එක ඉල්ලදි කෙල්ල එ්කත් විදුරට දෙනවා.
“හෙට ඉදන් දුහුල් සේයා අරණේ එච්. ආර් එකේ වැඩට ඔයාව ගන්නවා.ට්‍රේනින් විදිහට හෙට ඇවිත් වැඩ පටන් ගන්න.”
“හා සර්…”
“දුහුල් සේයා!!!දෙවියනී දේව්ගේ හොටෙල් එක නේද..ම.. මං ඒකේ. ඒ කියන්නේ…අනේ මේ හොර ගෙඩියා ඒක තමයි ඊයේ වටින් ගොඩින් මගෙන් ඇහුවේ.”
ඉන්ටර්වීව් එක ඉවරවෙලා කෙල්ල එළියට ආවේ එහෙම හිතන ගමන් ඒක නිසයි ඉස්සරහ හිටපු දේව් ව කෙල්ල නොදැක්කේ.එහෙමම කොල්ලගේ ඇගේ වැදිලා පස්සට විසිවෙලයි කෙල්ල නැවතුනේ.බිමට බර වෙච්ච ඇස් දෙක උස්සලා කෙල්ල දෙව් දිහා බැලුවා.
“දෙවියනේ මේ ඉන්නේ..”එහෙමයි කෙල්ලට කියවුනේ.
“මොකද මේ ..මොන ලෝකෙද තනිවෙලා හිටියේ..මි.”
පස්සට විසිවෙලා මොනාද මුමුනන කෙල්ල දිහා බලන් දේව් අහනවා.එතකොටම දේව්ට කෝල් එකක් ආවා.කොල්ලා ෆෝන් එක අන්සාර් කරලා කතා කරලම එකපාරට කෙල්ලගේ කනට ෆොන් එක තිබ්බා.කෙල්ල කවුද කියලා දන්නෙත් නැතුව හලෝ කියනවා.
“හොලෝව්”
——————-
“ඔව්..”
——————-
“එහෙමද”
——————-
“හා”
——————-
“හ්ම්.”
ෆොන් එකෙන් කතා කරේ අතුකොරල .අතුකොරලට මීටින් එකක් නිසා කෙල්ලව කොල්ලට කියලා අැරලව ගන්න කියලයි තාත්තා කිව්වේ.
“යමුද..”
කා එකේ කී එකත් අතට අරන් කරකවන ගමන් දේව් අහන්නේ ගැම්මෙන් වගේ.හරියට කෙල්ලගේ අයිතිකාරයා පට්ටම ලැබුන ගානට.කෙල්ල කොල්ලට ෆෝන් එක දික් කරනවා.සරූගේ අතත් එක්කම ෆොන් එකත් ඇදගෙන දේව් කෙල්ල එක්ක ගියේ දගකාර විදිහට.කෙල්ල ඒ දගකාරකම් වලට ආසයි.ඒකයි කෙල්ල අත ඇදලා අරගෙනවත් නොනැවතුනේ.
කොල්ලා කා එක සුපිරි මොස්තර සහිත සුවිශාල සාප්පු සංකීර්ණයක් ලග නතර කරද්දි කෙල්ල පුදුමෙන් වගේ බැලුවේ දිලිසෙන ඇස් දිහා.කොල්ලට ඇදුම් ටිකක් ගන්න ඕන වෙලා තිබ්බා වගේ ම කෙල්ලටත් ඇදුම් අරන් දෙන්න තරම් බොලද ආසාවක් ආවා.ඒකයි දේව් කලින්ම අතුකොරලට කියලා අවසර අරගත්තේ.ඒත් මුකුත් නොදන්න කෙල්ල සුදු මූණත් ඇල කරගෙන බලන් හිටියා.
“කැමති එකක් තෝරගන්න..මං තාත්තගෙන් අවසර ගත්තා.දැන්වත් හිනාවෙන්න.”
බයේ බුම්මගෙන වගේ හිටපු ඒ චුටි කෙල්ල ලගටම ලංවෙලා කොල්ලා අහනවා.කෙල්ල හිනාවෙනවා බය නැතිවුනා වගේ.දෙන්න ලස්සනට අැදුම් තෝරද්දි සාප්පුවේ හිටපු කට්ටියත් බැලුවේ ලස්සන ජෝඩුව දිහා.ඒ තරම් දකින අයගේ හිත් ඇදගන්න තරම් ලස්සනයි දෙන්න ලංවෙලා ඉද්දි.කොල්ලට ලස්සන ෂර්ට් එකක් තෝරලා දෙන්න කියද්දි කෙල්ල ලස්සන එකක් තේරුවා.ඒකයි දේව් ආසාවෙන් ඒක ගත්තේ.
කෙල්ල ඇදුම් ගොඩකුත් අතේ තියන් තව ඇදුමක් බලන ගමන් හිටියේ.දේව් කෙල්ලට ටිකක් ඈතින් හිටියේ.කවුදෝ මනුස්සයෙක් කෙල්ලගේ ඇගේ හැප්පුනේ ඒ වෙලාවේ.චුටි කෙල්ල ඇදුම් එක්කම බිමට වැටුනේ මෙහොතකින්.
පච්ච පුලුවන් තරම් ඇගේ කොටාගෙන හිටපු ඒ මනුස්සයා කොණ්ඩෙත් වවාගෙන මුදු දහයක් ඇගිලි වලටත් දාගෙනයි හිටියේ.ඒ මදිවට කරබු දාලා පුලුවන් තරම් මෝස්තර කරලා ඇග පුම්බගෙනම සරූ දිහාට හෙලපු කෑදර බැල්ම දේව්ට හසු වුයේ ක්ෂණිකයෙනි.ඒකයි දේව් දුවගෙන වගේ අතනට ආවේ.
****—-මතු සබැඳී—– ****
අඩුපාඩු කියන්න යාලු..
ආදලෙයි යාලු