***—–මාංචු—–***(31 කොටස )

කෙල්ලව වැටෙනවා දකිනවත් එක්කම කල්ප දුවගෙන ගියේ සරූව අල්ල ගන්න..පිටිපස්සට වෙන්න අතේ සගවගෙන ආපු රතු රෝස මල් පොකුර එහෙමම විසිවෙලා යද්දි කල්ප හිටියේ බයවෙලා වගේ..

“අනේ දෙයියනේ…”

සරූගේ කෑගැහිල්ලට දුවගෙන ආපු තිළිණි එහෙමම වැටිලා හිටිය කෙල්ල ලග දන නමාගෙන කෑගැහුවේ කෙල්ලව උස්සන්න කල්පට උදවු වෙන ගමන්.කල්පත් තිළිණිත් ආවේ කෙල්ලව බලන්න කියලා.මාමා ධනසිරි කරපු අසාධාරණ වැඩ නිසා ජිවිතය දාලා ගියේ ඇක්සිඩන්ඩ් එකකින්.විදවලාම මැරෙන්න තරම් මාමා වේදනා වින්දේ ඒකයි .කාලයත් එක්ක තරහ විරහව අමතක කරලා කල්ප ආවේ අතිනත ගත්ත බිරිද තිළිණි එක්කමයි.තිළිණිවත් එළියේ තියලා කල්ප ආවේ කට්ටියව සප්රායිස් කරන්න හිතන්.ඒත් කල්ප හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා.මොකද ඒ වෙන කොටත් කල්පත් තාත්තා කෙනෙක් වෙලා හිටියේ.

“සරූ ප්ල්ස් …කතා කරන්න..අනේ කල්ප අපි යමු ඉක්මනට..”

“යකෝ..හු** ඔය රෙද්ද ඉක්මනට ගෙනියනවාකෝ…පේන්නේ නැද්ද අමාරුවෙන් ඉන්නේ කියලා.”

“අ….අමාරුයි…ඉඉඉ”

“හරි සරූ….ඉවසන්න රත්තරං ..තව ටිකයි..”

තිළිණි කිව්වේ වේදනාව හොදින් අත්විදලා තියන නිසයි.දේව්ට කල්ප කෝල් කරලා විස්තරේ කියද්දි එහෙමම කොල්ලගේ අතේ තිබ්බ ෆොන් එක බිම වැටුනා.කොල්ලා අවසිහියෙන් වගේ හෝටෙල් එකෙන් එලියට දුවන් ආවේ බයික් එක ලගට.

සරූව හදිසි ප්‍රතිකාර සදහා ට්‍රොලියකින් අරන් යද්දි කෙල්ල හිටියේ වේදනාවෙන්.

“උඔට මම….”

කල්පට විසිවෙලා යන්න තරම් වේගෙන් පහර පිට පහර එල්ල කර දේව් හිටියේ ඉස්පිරිතාලෙ කියලත් මොහොතකට අමතක කරලයි.නෝන අම්මා දැකපු දේවල් අකුරක් නෑරම කියලා තව අතින් දාලා කිව්වේ කල්ප මත වැරැද්ද පටලවන ගමන්මයි.ඒකයි ඉස්පිරිතාලෙට එද්දිම හිටිය කල්පව දැක්ක ගමන් දේව් ආවේස වුනේ..

“දේව්…මචං අහපං..”

“තිරිසනා…මගේ ගෑනිට හරි දරුවට හරි මොනා හරි වෙලා තිබ්බොත් මං උඔව මරනවා දැනගනිං හු…**”

“දේවි …ප්ලීස් අයියේ..උන දේ හරියට දන්නේ නැතුව කෑ ගහගෙන හරියන් නැහැනේ.”

“පල වේ** යන්න..තොපි කරපුව මට මතකයි.මගේ කෙල්ලටයි පැටියටයි මොනාහරි වුනොත් උඔලා දෙන්නවම මං මරලා දානවා ..මට හිරේ ගියත් කමක් නැහැ..”

වියරුවෙන් වගේ දේව් හැසිරුණේ.පිස්සෙක් වගේ අතපය විසිකරලා කල්පට පහර දෙන ගමන් හිටපු දේව්ට බොත්තං ගැලවිලා ගියපු ෂර්ට් එකවත් මතක නැතිවුනා.එහෙමම ඇඩු කදුලින් දෙඅත් ඔලුවට බර කරන් කොල්ල ලග තිබ්බ පුටුවට බරවුනේ වේදනාව උහුල ගන්න බැරිවයි.අතුකොරල පවුල ආවේ ඊටත් පස්සෙයි.

“පුතා …කලබල නොවී අපි ඉවසමු ..මගේ දරුවා පවු කරලා නැහැ..උපන් දා ඉදන් අනුන් ගැන හිතලා කිකරුව හැදුන කෙල්ල..ඒකිට වරදින්න විදිහක් නැහැ පුතේ…අපි දළදා හාමුදුරුවන්ටත් කියලා පඩුරක් දාගෙන ආවේ..”

අතුකොරල එහෙම කියලා දේව්ව සනසද්දි අතුකොරල නෝනා කොල්ලගේ හිස අරන් පපුවට තුරුලු කරගත්තේ තමන්ගේම ලෙයින් ජාතක කල පුතෙකු සිබින මවක් වගේ.ඒකයි කොල්ලා ලෝභ නැතුවම ඒ සෙනෙහස විදගත්තේ..

“දේව් කියන්නේ කවුද…”

පැය ගනකට පස්සේ එළියට ආපු ඩොක්ටර් දේව්ට එහෙම කියද්දි කොල්ලා පණ කඩන් දුවන් ගියේ ඩොක්ටර් ලගට.

“ම..මං ඩොක්ටර්…මගේ නෝනට මොකද…”

“සුභ පැතුම් ..දු පැටියෙක් හම්බුනා….”

“තැන්කිව් ඩොක්ටර් ….”

මිහිපිට වෙසෙන පිරිමියෙක් සැමියෙක් වුනාට පස්සේ අහන්න ආසම වචන ටික දේව්ගේ කන ලගින්ම ඇහෙද්දි කොල්ලට ඇස්වලට කදුලු ආවේ සතුට වැඩිකමටමයි…

“එන්නකෝ මට කතා කරන්න ඕන..”

සතුටට මොහොතකට අමතක කරලා දේව් ගියේ ඩොක්ටර් අඩගහපු දිහාවට යනගමන්..අතුකොරලත් දේව් එක්කම අනවසරෙන්ම පස්සෙන් ගියේ මොකක් හෝ බයානක දෙයක් සිදුවුන බව ඉව වැටුන නිසයි.ඔපරේෂන් එකට ගන්න කම්ම සරූ කිව්වේ දෙව්ගේ නම..ඩොක්ටර් ඒකයි ඒ නමින්ම කතා කරේ.

“වාඩිවෙන්නකෝ දෙන්නම…..මේකයි දේව් ..මේ පේෂන්ට ඇතිවෙලා තියන පිඩනෙත් එක්ක පේෂන් ඉන්නේ කෝම තත්වයක..ඔපරේෂන් එකෙන් පස්සෙයි ඒ තත්වෙට මූණ දෙන්න වුනේ…අපි පුලුවන් තරම් උත්සාහ කරා ඒක නතර කරන්න දේව්….දරුවා බඩේ තියන් අමාරුවත් ඉවසන් හිටිය නිසත් ඇතිවෙලා තිබුන තිගැස්මත් මේකට හේතුව වෙලා තියෙන්නේ..අපි අපේ උපරිම කැපවීම යොදවනවා පේෂන් වෙනුවෙන්..දරුවව බේරගත්තෙත් පෙර පිනකට වගේ.අම්මාගේ ජිවිතේ මොන අතට හැරෙයිද කියන්න අමාරුයි”

“අනේ දෙයියනේ මගේ කෙල්ල..තාත්තේ..ම..මට බැහැ මට මගේ කෙල්ල ඔින…තාත්තේ..මට දරුවෝ එපා..මට මගේ කෙල්ලව ඕන..මට සතුට ගෙනාපු කෙල්ල. අනේ තාත්තේ ඇයි එහෙම වුනේ…මේක බොරුවක්..අනේ බොරුවක් කියන්න..තාත්තේ කෙල්ලට එහෙම ඉන්න බැහැ..”

එහෙමම අතුකොරලට හිස තියාගෙන දේව් කියෙව්වේ පිස්සුවෙන් වගේ..වේදනාව අදුරන නිසාද මංදා ඒ ටික කියලා ඩොක්ට යන්න ගියා.දේව් දැගලුවේ කෙල්ල ලගට යන්න.ඒත් අතුකොරල දඩබ්බර ඒ හිත සැනසුවා.ටිකකින් එහෙමම වාරු කරගෙන කොල්ලව කෙල්ල හිටපු රූම් එකට එක්ක ගියා.

“තාත්තේ …එයාට එහෙම ඉන්න බැහැ..නගිටින්න කියන්න….අනේ මගේ කෙල්ල..අයින් කරන්න ඒ බට..එපා…..මගේ කෙල්ල ඒවට බයයි..
දෙයියනේ…නැගිටින්නකෝ…තාත්තේ දැන් අපිව බය කරා ඇති කියන්නකෝ..නැගිටින්න කියන්න..”

වීදුරුවේ එල්ලිලා කොල්ලා කෑගැහුවේ නහයෙන් කටින් දාලා තිබ්බ බට දැකලා..සියුම් තුවාලයක් දරාගන්න බැරි කෙල්ල මෙහෙම ඉන්නවා දැක්කම එ් පිරිමි හිත කඩා වැටුනා..එහෙමම අතුකොරලගේ අතක එල්ලිලා එතනම බිම ඉදගෙන කොල්ලා කදුලු පපුවට තදකර ගත්තා.ලොකු වේදනාවක් හිත අස්සේ කැකෑරෙද්දිම දේව් හිටියේ දනිස් දෙකට ඔලුව ඔබාගෙන.

“දේව් පුතා..කෝ….නැගිටින්න..දුවට සිහිය එනකම් ඉවසමු..”

වේදනාව තදින්ම දැනුන අතුකොරල එහෙමම කදුලු පිටි අත්ලෙන් පිහදාගෙන දේව්ව නැගිට්ටවලා පුටුවකට බර කරා..අතුකොරල නෝනා දුක වාවගන්න බැරිව අඩමින් හිටියේ…නඅස් කෙනෙක් ඇවිත් රෝස කැකුලක් වගේ හිටිය බෝල පැටික්කිව අතුකොරල නෝනා අතින් තියද්දි ඇය කදුලු පිහදාගෙන පැටික්කිව තුරුලට ගත්තා.

“පුතා…දරුවා දිහා බලන්න..බලන්නකෝ පැටික්කි සුදු දුව වගේමයි..”

ඔව් කෙලි පැටික්කිට තිබ්බේ කෙල්ලගෙම ලස්සන සුදු මූණ…දේව් වගේ ලස්සන හිනාවක් කට කොනේ රදවගන්න ගමන් පැටික්කි හිටියේ අලුතින් ආපු ලෝකය අදුරගන්න බැරිවයි.

“පුතා…ඔහොම ඉන්න…”

සුරතල් පැටික්කිය දිහා ඇහැක් ඇරලාවත් බලපු නැති දේව් වේගෙන් එතනින් යන්න ගියේ දුක තරහකට පෙරලගෙනමයි.
අතුකොරල කොල්ලා පස්සෙන් දිව්වත් අතුකොරල නෝනා බලන් හිටියේ පැටික්කිය දිහාවත් නොබලා ගිය දේව් ගැන හිතමින්.දුවගෙන වේගෙන් ගිය දේව් එහෙමම එකතැන නතරවුනා….

******——මතු සබැඳී—– ******

අඩුපාඩු දැනගන්න කැමතී..මේ කොටසටවත් ලොභ නැතුව කමෙන්ටුවක් දාන්න.අදහස් දැනගන්න ආසයි.මේකට විතරක්..හාද
ගොඩක් අයගේ ඉල්ලීම නිසා නිදිමරන් ලිව්වා ඕං..

ආදලෙයි😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *