මා නොවේ ඈ නුඹේ 40 කොටස

දෙන්නත් එක්ක කාර් එකෙන් බැහැලා යද්දි විහංසා නම් හිටියෙ මූණ සවුත්තු කරන්.

“ඇයි සමී… මොකද උනේ?” සහස්‍රා ගිහින් විහංසාගෙ උරහිසෙන් අල්ල ගත්තා.

“මුකුත් නෑ සහස්‍රා. මගෙ ඇඟට හරි නෑ වගේ.” විහංසා කිව්වේ ඇගේ දුක පිටතට පෙනෙයි කියලා බයෙන් වගේ.

“සමී මොකද කෙල්ලේ.. මෙහෙට වරෙන්කො.” සහස්‍රා විහංසාව ඇදගෙන ටිකක් එහාට ගියා..

“කියපං මොකද්ද ප්‍රශ්නෙ? උඹට මට කියන්න බැරි දෙයක් තියෙනවද?” සහස්‍රා අහද්දි විහංසා අඬාගෙන සහස්‍රාගෙ උරහිසට වාරු උනේ දවස් ගානක් තිස්සේ තනියම විඳ දරා ගත්ත වේදනාව පිට කරන්න වගේ.

“අනේ සමී.. මට බය හිතෙනවා කෙල්ලේ… ඇයි කියපංකො.” සහස්‍රා විහංසාගෙ මූණ අත ගාමින් කිව්වෙ.

විනාඩි දහයක් විතර එක දිගට අඬමින් ඉඳපු කෙල්ල මූණ පිහිදාගත්තා.

“මම අහස් අයියට ආදරෙයි සහස්‍රා. මට එයාව අමතක කරන්න බෑ. අනේ මං ගොඩක් ආදරෙයි දෙයියනේ.” විහංසා කියාගෙන කියාගෙන ගියා. සහස්‍රා බලන් හිටියෙ ඇසුත් ලොකු කරන්.

“අනේ සහස්‍රා එයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවලු. මම කොහොමද දරාගන්නෙ. මම මැරිලා යයි. මම මේ ජොබ් එක කරන අන්තිම දවස සහස්‍රා. මම ආයෙම ජොබ් එකට එන්නෙ නෑ.” විහංසා අඬ අඬම කිව්වා.

“සමී… අනේ මම මොකද්ද කරන්න ඕනෙ. මට මොනවද සමී ඔයා වෙනුවෙන් කරන්න පුලුවන්?” සහස්‍රාත් බබා වගේ ඇහුවා.

“අනේ…” විහංසා කියන්න හදනකොටම මියුරංග ආවා. විහංසා හනිකට කඳුලු ඔහුට නොපෙනෙන්න හංග ගත්තා.

“බබා ඔයා ඔෆිස් එකේ අය එක්ක එනවද? නැත්නම් මාත් එක්ක එනවද?” මියුරංග ඇහුවා.

“මොකද විහංසා අඬලද? බබා මෙයා ලඟකදි ඉඳල මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නෙ. හැමදාම ලෙඩ.” මියුරංග කිව්වෙ සහස්‍රාට.

“අනේ නෑ අයියේ. යමු පරක්කු වෙනවනෙ.” විහංසා කිව්වම සහස්‍රාත් මියුරංගට ඇහැක් ගහලා යමු කිව්වා.

“සුදු අයියා මෙයාට අසනීප නිසා අපි තුන් දෙනා කාර් එකේ යමු.” සහස්‍රා කිව්වම විහංසා සහස්‍රාගෙ අත කෙනිත්තුවා. සහස්‍රා ඇස් වලින් කිව්වෙ බය වෙන්න එපා කියලා.

නිවාසෙට ගියාට පස්සෙයි විහංසා දැක්කෙ ඒ ඇගේ යාලු බබාලගෙ ළමා නිවාසය කියලා.

“අනේ සහස්‍රා මේකට තමයි මගේ බර්ත් ඩේ එකට චූටි මාව එක්කන් ආවෙ. මම ආසම තැනක්.” විහංසා කියද්දි මියුරංග සහස්‍රා දිහා බලලා කොලර් එක අප් කලා. සහස්‍රාත් හිනා උනා.

“ඔයා හොඳ වැඩක් මේ කරන්න යන්නෙ සුදු අයියා. ඔයා හරිම හොඳයි.” සහස්‍රා මියුරංගගෙ අතින් අල්ලලා කිව්වා.

“බහිමු බහිමු.” තුන් දෙනාම වාහනෙන් බැහැලා නිවාසෙ ඇතුලට ගියා.

කට්ටියම එකතු වෙලා දරුවන්ට කෑම බීම දීලා තෑගි දීලා ඉවර උනා. හැමෝම හිටියෙ සතුටින්. විශේෂයෙන්ම විහංසා හිටියෙ කියාගන්න බැරි සතුටකින්.

“දන්නවද මිස්ටර් මියුරංග මේ විහංසා දුව අපේ නිවාසෙ හොඳ දායිකාවක්. නිතරම නැතත් එන්න පුලුවන් අවස්ථා වලදි මග අරින්නෙ නැතුවම එනවා.” නිවාසයේ පාලිකාව කිව්වෙ විහංසාගෙ හිස අත ගාලා. මියුරංගත් හිනාවෙවී හිටියා.

එක පාරටම උදම් අපර්ණා එක්ක ආවෙ ලොකු කේක් එකක් අරන්. විහංසා බලන් හිටියෙ පුදුමෙන් ඇස් ලොකු කරන්.

“හරි මලයා එහෙනම් කේක් එකත් කපමු නේද?” උදම් කේක් එක මේසය උඩින් තියලා අහද්දි විහංසා බලාගෙන හිටියෙ මේ මොකද්ද වෙන්නෙ කියලා හිතමින්.

“ඔව් සුදු අයියා. එන්න එන්න. කේක් කපමු.” සහස්‍රා මියුරංගගෙ අතින් ඇදන් ගියා මේසෙ ලඟට. සහස්‍රා ඇවිත් විහංසාවත් අතින් ඇදන් ගිහින් මියුරංග ලඟින්ම හිට ගත්තා. මියුරංග කේක් එක කපද්දි හැමෝම අත්පුඩි ගසමින්..

“හැපී බර්ත් ඩේ ටූ යූ..
හැපී බර්ත් ඩේ ටූ යූ…
හැපී බර්ත් ඩේ ඩියර් සර්…
හැපී බර්ත් ඩේ ටූ යූ…” ඔෆිස් එකේ හැමෝටම උදම් තමයි උදේම ගිහින් පණිවිඩේ කිව්වෙ. ඒත් විහංසා දැන් තමයි දැන ගන්නෙ මියුරංගගෙ බර්ත් ඩේ එක අද කියලා.

විහංසාට සහස්‍රා එක්ක කේන්‍තියිත් එක්ක. අර තරම් හංගගෙන ඉඳපු දෙයක් කියද්දිත් මේකි ඒක කිව්වෙ නෑනෙ කියලා විහංසා හිටියෙ හිත හොඳින් නෙමෙයි.

“හැමෝටම තෑන්ක් යූ..” මියුරංග එහෙම කියලා කපපු කේක් කෑල්ල මුලින්ම සහස්‍රාට උදම්ට අපර්ණාට කැව්වා. ඒ තුන් දෙනාම විෂ් කරද්දි විහංසා හෙමිහිට එතනින් එහාට ගියා.

සහස්‍රායි අපර්ණායි කේක් එක කපලා හැමෝටම දෙද්දි මියුරංග වට පිට බැලුවෙ විහංසා හොයන්න. කවුරුත් කේක් කන අතරේ මියුරංග හෙමිහිට විහංසා ඉඳපු තැනට ගියේ කාගෙවත් ඇස නොගැටෙන විදියට.

“ඇයි මට එහෙම වෙනස්කම් කරන්නෙ. මේ ලඟක් වෙනකන් මම එයාගෙ ආදරේ ඒ ඇස් වලින් දැක්කා. ඇයි මෙහෙම කලේ.” විහංසා ඇස් වල කඳුලු පුරවගෙන හිතුවා. ඒ එක්කම විහංසාගෙ උරහිසට කවුද අත තිව්වා. විහංසා හැරිලා බැලුවෙ සහස්‍රා කියලා හිතාගෙන. ඒත්…

“විල් යූ මැරී මී විහංසා???” මියුරංග දණක් බිමට ගහගෙන විහංසා දිහාට ලස්සන මුද්දක් දිගු කරන් හිටියා. විහංසා දෝතින්ම ඇරුණු මුව වසා ගත්තා. ඇයට හිතාගන්න බැරි උනා මේ වෙන්න යන්නෙ මොකද්ද කියලා.

“ප්ලීස්…” මියුරංග හිනාවෙවී කිව්වා. විහංසා හෙමිහිට ඇගේ වම් අත මියුරංගට දිගු කලා. මියුරංග ඒ අත අල්ලගෙන මුද්ද දානකොටම හැමෝම එකතු වෙලා අත්පුඩි ගැහුවා. විහංසා වගේම මියුරංගත් පුදුම උනා. විහංසා ලැජ්ජාවෙන් මුද්දත් අල්ලන් බිම බලාගද්දි මියුරංග ඇයව තුරුලු කරගත්තා.

“හම්මෝ ඇති යන්තන්. කොච්චර කට්ටක් කෑවද මේකට.” සහස්‍රා දුවගෙන ඇවිත් මියුරංගවයි විහංසාවයි දෙන්නගෙම වටේ අත් දෙක යවලා තුරුලු කරගත්තා.

“සහස්‍රා ඒ කියන්නෙ ඔයා දැනන් හිටියද?” විහංසා ඇහුවෙ සතුටු කඳුලු වැටෙද්දි.

“ඔව් ඔව් මැට්ටී… ඒකනෙ මම සද්ද නැතුව හිටියෙ. දැන් හරිනෙ. මගේ උණුසුම් සුබ පැතුම් දෙන්නටම. අද වැඩියෙන්ම සතුටු වෙන්නෙ මම.” සහස්‍රා කිව්වා.

“ඇයි මම???” කටහඬ ඇහුණ පැත්තට තුන් දෙනාම හැරෙද්දි යුවති හිනාවෙවී බලන් හිටියා.

“චූටී???” විහංසා ඉදිරියට ගිහින් යුවතිව තුරුලු කරගත්තා.

“මම දැනන් හිටියා මේ මැට්ටිට හිතන් ඉන්නවටත් වඩා හොඳ කෙනෙක් ලැබෙනවා කියලා. ඒක වෙනකන් පැත්තකට වෙලා බලන් හිටියෙ. බෙස්ට් ඔෆ් ලක් දෝණි.” යුවති විහංසාගෙ දෙකොපුල් සිප ගෙන කිව්වා.

“තෑන්ක් යූ චූටි.” විහංසා කිව්වා.

“ආ මෙන්න මෙයාගෙ මූණ ඇද උනානෙ අපිට විතරක් කේක් කවද්දි. මෙයාටත් කවන්න.” අපර්ණායි උදම්නුයි ආවෙ කේක් කෑල්ලකුත් ප්ලේට් එකක තියාගෙන.

“ආ…” මියුරංග විහංසාට කේක් කැව්වා. විහංසාත් මියුරංගට කේක් කැව්වා. සහස්‍රා ෆොටෝස් ගහ ගත්තා. විහංසා යුවතිටත් කේක් කෑල්ලක් කැව්වා.

උදම් අපර්ණා ඇතුලු හැමෝම අලුත් කපල් එකට විශ් කලා.

ඔෆිස් එකේ හැමෝම ගියාට පස්සෙ යුවතිත් ගියා හදිස්සි වැඩක් තියෙනවා කියලා. චමත්ගෙ වැඩ වෙන්න ඇති කියලා විහිලුත් කරලයි විහංසා යුවතිව යැව්වෙ. උදම් සහ අපර්ණා එක්ක සහස්‍රාත් ගියා.

නිවාස පාලිකාවගෙන් සමු අරන් මියුරංගයි විහංසායි බීච් එකට ගියා.

“සතුටුද?” මියුරංග ඇහුවේ විහංසාගෙ කණට කොඳුරලා. විහංසා මියුරංගගෙ ඒ දැඩි බාහුවෙ එල්ලිලා හිටියෙ හිතේ පිරුණු සතුටින්. ඇය හෙමිහිට ඒ බාහුව සිප ගත්තෙ ඇගේ සතුට පෙන්නන්න.

“විහංසා…” මියුරංග කතා කලේ සුළඟට එහෙ මෙහෙ විසිරෙන විහංසාගෙ කෙහෙරැලි කන පිටිපස්සට කරන ගමන්.

“ම්ම්ම්…” විහංසා ඇස් පියාගෙන ඒ ආදරේ වින්දා.

“ඇයි කතා කරන්නෙ නැද්ද?” මියුරංග විහංසාගෙ ඇස් වලට එබිලා ඇහුවා.

“නෑ..” විහංසා ඇස් වල කඳුලු පුරවගෙන කිව්වා.

“ඇයි???” නළලත් රැලි කරන් මියුරංග අහද්දි විහංසා මියුරංගට තුරුලු උනේ මියුරංගට හෙලවෙන්නවත් බැරි තරම් තදින්.

“මට මේ ආදරේ විඳින්න දෙන්න අහස් අයියේ.” විහංසාගෙ සතුටු කඳුලු ඇස් අග්ගිස්සෙන් පිටාර ගැලුවා.

“මොකද මේ… ආයෙ කවදාවත් ඔයාට මාව නැති වෙන්නෙ නෑ විහංසා.” මියුරංග හිස අතගාමින් කියද්දි විහංසා මියුරංගගෙන් ඈත් උනා.

“ආයෙ කවදාවත් යන්නෙ නෑ කිව්වෙ?”

“ඇයි එක පාරක් මාව දන් දීලා තිබුනෙ යාලුවට” මියුරංග හිනාවෙවී ඇහුවත් විහංසාගෙ ඇස් වල තිබුනෙ තරහක්.

“ඔයා කොහොමද ඒක දන්නෙ?”

“ආ.. මේ.. ම..මම..” මියුරංග අමාරුවෙන් මොකක් හරි කියන්න යද්දි විහංසා අතින් ඔහුව නැවැත්තුවා.

“හරි හරි ගොතගහන්න එපා. ලැජ්ජ නැද්ද කෙල්ලොන්ගෙ ඩයරි කියවන්නෙ?” විහංසා නපුරු මූණෙන්ම ඇහුවා.

“අනේ සොරි විහංසා. මම ඒක ඩයරි එකක් කියලා හිතුවෙ නෑ. ඒකයි කියෙව්වෙ. අනික ඒකෙ ලස්සන කවි නිසඳැස් තිබුනා. ඔයා හරිම ටැලන්ටඩ්.” මියුරංග ආයෙත් විහංසාව තුරුල් කරගන්න දෑත දිගු කලා. ඒත්…

“අල්ලන්න එපා මාව…” විහංසා නපුරු දෑසින් බලාගෙන හිටියෙ.

“ඇයි?” මියුරංග පුදුමෙන් ඇහුවෙ.

“ඔයා මගෙ ගැන අනුකම්පාවෙන්ද මට ලං උනේ?” විහංසා අසරණ දෑසින් අහද්දි මියුරංගට උහුල ගන්න බැරි උනා.

“අනේ මගෙ රත්තරං එහෙම කිසිම දෙයක් නෑ. ඔයාට මම ආදරේ බව මම දන්නෙත් යුවතිගෙ හැසිරීම බොරුවක් කියලා දැන ගත්ත දවසෙ. එදා ඉඳන් මම ආදරේ කලා. බොරු නම් බබාගෙන් අහන්න. ප්ලීස් මාව මිස් අන්ඩස්ටෑන්ඩ් කරන්න එපා.” මියුරංග විහංසාගෙ අත් දෙකම බදාගෙන කිව්වා.

“නෑ.. මට ඔයාව ඕනෙ. ඔයාට මාව ඔනෙවටත් වඩා මට ඔයාව ඕනෙ අහස් අයියේ.” විහංසා පැනලා මියුරංගව තුරුලු කරගත්තා.

ටික වෙලාවක් ඉඳලා දෙන්නත් එක්ක ටිකක් එහාට ගිහින් බෙන්ච් එකක ඉඳගත්තා.

“සොරි…” විහංසා එකපාරම කිව්වා.

“මොනවටද?”

“මම දන්නෙ නෑනෙ අද ඔයාගෙ බර්ත් ඩේ එක බව. ඉතින් ප්‍රසන්ට් එකක් ගේන්න බැරි උනා.” විහංසා දුකෙන් කිව්වෙ. මියුරංගට හිනයි.

“පිස්සු කෙල්ල. ඔයා දුන්න ප්‍රසන්ට් එක තරම් මට වෙන කිසිම ප්‍රසන්ට් එකක් වටින්නෙ නෑ මැණික.” මියුරංග විහංසාගෙ කර වටේ අත යවලා ඇයව ලං කරගත්තා. විහංසා ඇස් පියාගෙන ලඟට වෙලා හිටියා.

“හවස් වෙනවා. යමු. මම ඔයාගෙ තාත්තා එක්ක අදම මේ ගැන කතා කරන්න ඕනෙ.” මියුරංග වෙලාව බලලා කිව්වා.

“අයියේ…”

“ම්ම්ම්…”

“මට තාත්තව දාලා කොහේවත් යන්න බෑ අනේ.” විහංසා ඇස් වල කඳුලු පුරවන් කියද්දි මියුරංග හිනා උනා.

“බය වෙන්න එපා. කොහෙවත් යන්නෙ නෑ. අපි ඔයාලගෙ ගෙදර ඉමු. හරිනෙ?” මියුරංග කිව්වෙ විහංසාගෙ හිත හදන්න.

ආයෙත් හමුවෙමු.

හා දැන් හැමෝම පෝළිමේ එන්න කේක් කන්න 🍰🍰🍰🍰

ඔබට සතුටුයිද දැන් 😂😂😂 මාව කන්න හැදුවෙ ඕකටනෙ. දැන් හරිනෙ.
ඔන්න මම ගොඩක් අඬවන්නෙ නැතුව ඩිංගක් අඬවලා කතාව ඉවර කරනවා. චුරු චුරු ගාන්න එපා කොටනවා 🔪🔪🔪🔪🔪
දන්නවනෙ මම සැරයි 😡😡😡 කොච්චි වගේ.

දිගටම රැඳෙන්න යාලුවනේ. දවසට කොටසයි දාන්න වෙන්නෙ. එහෙම කරන්නෙ කතාව අගේ කරන්න නෙමෙයි සමාවෙන්න මට දවසට කොටස් දෙකක් ලියන්න වෙන්නෙ නෑ.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *