#මුලා_වූ_පෙම්වතී 05
පස්වන දිගහැරුම
මේ රඟපෑම මට ගොඩක් අපහසුයි. පිට පිරිමියෙක් ඉස්සරහා මෙහෙම ඇඟ පේන ඇඳුම් ඇඳගෙන කොහොම ඉන්නද. ඒත් මං හිතට හයිය අරගත්තා. මොකද මං මෙතනින් බේරෙන්න ඕනි.
එතකොටම රූම් එකේ දොර ඇරුනා. ඔව් දොරේ ලොක් එක අල්ලගෙන වෙරි මරගාතෙ හිටියේ වයස අවුරුදු 50කට වැඩි පෙනුමක් තිබුන මනුස්සයෙක්.
රිතූ පිටිපස්සෙන් ඉස්සිලා මාපටගිල්ල දික් කරලා මට සන් කලේ හොඳට සලකන්න කියලා වෙන්නැති. මාත් එයාට පොඩි හිනාවක් දාලා අර මනුස්සයා දිහා බැලුවා.
ඒ මිනිහා දොර ගාව ඉඳන් කන්න වගේ මං දිහා බලන් ඉන්නවා. මං සඳූ කිව්වා වගේම රඟපෑවා. ඒ මනුස්සයා දොර අත ඇරලා ඇතුලට එද්දි රිතූ දොර වහලා පිටතින් ලොක් කලා.
හදවත කොච්චර වේගෙන් ගැහෙනවද කිව්වොත් නිකන් මට ෆ්‍රෙශර් පවා වැඩි වෙලා වගෙයි දැනුනේ. ඒත් හිතට උපරිම ශක්තියක් අරගෙන හිනාවක් මූණට මවාගත්තා.
අර මනුස්සයා මගේ ළඟටම ආවාම මං සඳූ කිව්වා වගේම නැගිට්ටා.
“වාව්… ඔයා හරිම කියුට් බේබි…“
නාකි විසේ මූට. හිතට කොච්චර කේන්ති උනත් කේන්තිය හිර කරගෙන සඳූ කිව්වා වගේ ඒ මනුස්සයගේ පපුවට අත් දෙක තිබ්බා.
සඳුනි කිව්ව දේම උනා ඌ මගේ ගෙල වටා අත් දෙක පටල ගත්තා.
“අලුතෙන් කිව්වට ඔයා මාරම සෙක්සි වගේ… සෝ…අයි ලයික් යූ.. මයි ප්‍රිටී බේබි..“
මං ලස්සන හිනාවක් මූණට අරන් හිනාවුනේ අප්පිරියාව පිටට නොපෙනෙන්නයි.
සඳුනි කිව්වා වගේම මිනිහා මට වශී වෙලා. එහෙමම හිමීට සෝෆා එක ළඟටම මං ඒ මනුස්සයා අරන් ගියා. සඳුනි කියා දුන්නා වගේම හැම වෙලේම ඒ මනුස්සයාගේ ඇස් දිහාම බලා හිටියා.
මූ නිකන් වශී පෙත්තක් බීලා වගේ. පපුවට තියන් හිටපු අත් දෙකෙන් මං තල්ලු කරාම ගහක් කඩන් වැටුනා වගේ සෝෆා එකේ ඉඳගත්තා.
සඳුනි කිව්ව විදියටම මං කලින්ම ඩ්‍රින්ක්ස් ග්ලාස් දෙකක් රෙඩී කරලයි තිබුනේ. මට බොන්න එකකට කොකාකෝලා දාලා අනිකට විතරක් මත්පැන් දැම්මා. ඒකටම මත් පෙති දෙකකුත් දැම්මේ මේ මනුස්සයාට සිහිය නැති වෙන තරමට මත් කරන්න ඕනි නිසා.
මේ හැමදේම මං කරේ සඳුනි උපදෙස් දීපු විදියටමයි. මට මේ තරම් දෙයක් හිතන්න මානසික මට්ටමක් නෑ ඇත්තටම. මං ඒ තරමට බය වෙලා හිටියේ.
මං ඒ මනුස්සයා ඉස්සරහින්ම ස්ටූල් එක උඩින් වාඩිවෙලා අර මග් එක දික් කරලා ඇස් වලින් ඉඟි කලේ ගන්න කියලයි.
මගේ රඟපෑම හොඳයි වගේ කිසිම සැකයක් නැතුව ඒ මනුස්සයා ඒක අතට ගත්තා. අරන් උගුරක් බීලා ආයෙමත් මං දිහා බැලුවේ ඇඳුමින් විනිවිද පේන මගේ ලමැද දිහාවට ඒ රාගී ඇස් යොමු කරමිනුයි.
සඳුනි කිව්වා වගේම මං ස්ටූල් එකෙන් නැගිටලා ඒ මනුස්සයාගේ උකුලින් වාඩි උනා. මේ සැර ගඳට මට වමනෙටත් එනවා. ඒත් අමාරුවෙන් හරි මේ රඟපෑම කල යුතුමයි.
ඒ මනුස්සයා ග්ලාස් එකත් අතේ තියන් අනිත් අතින් මාව අතගානවා. තවත් මේ විකාර ඉවසන්න අමාරු නිසාම මං ග්ලාස් එක අල්ලලා හිමීට ඒ මනුස්සයාගේ මුවට ළං කලේ මේක ඉක්මනට පොවාගන්න ඕනි නිසයි. මට වශී වෙලා මං දිහාම බලාගෙන ඒ මනුස්සයා සේරම ටික බිව්වා.
දැන්නම් හොඳටම මත් වෙලයි ඇත්තේ. ඒක ඇස් වලින්ම පේනවා. මං උකුලින් නැගිටලා අත දික් කලේ එයාටත් නැගිටින්න කියලා ඇස් වලින් ඉඟි කරමිනුයි.
සිහි නැති වෙන්න බීලත් මූට අමාරුවනම් ඇරිලා නෑ. අත දුන්නාම අල්ලගෙන බැරි මරගාතෙ නැගිට්ටා. දැන් හැබැයි කෙලින් යනවා තියා ඇස් ඇරන් ඉන්නත් බෑ වගේ පෙනුනේනම්.
මගේ ඇඟේ එල්ලිලා ඇඳට ආවා. මටනම් දැන් රඟපෑම ඇති වෙලා.
“යූ ආ සෝ… ප්‍රිටී… මයි බේබි… “
වෙරි මරගාතෙත් කියෝනවා මගේ අතින් අල්ලගෙන. ටිකක් වෙලා යද්දි වෙරි මත හොඳටම වැඩි උනාම කියවිල්ල කෙඳිරියක් උනා. ඔව් මගේ පළවෙනි පියවර සාර්ථකයි. දැන් ඒ මනුස්සයාට මං ඉන්නවද කියන්නවත් සිහියක් නෑ.
ඉක්මනට ඇඳෙන් නැගිටලා හංගලා තියපු මගේ ඇඳුම ඇඳන් හිටපු එකට උඩින්ම දාගත්තා.
ඊළඟට දොර ළඟට ගිහින් කන තියලා බැලුවේ දොර ළඟ කවුරුත් ඉන්නවද කියලා. කිසි සද්දයක් නෑ. දොර ඇතුළෙන් ලොක් කලා.
හෑන්ඩ් බෑග් එක තියෙන්න ඇරලා ඒකෙන් මට ඕනිම දේවල් ටික අරන් සායෙ තිබුන සාක්කුවට දාගත්තා.
ඊළඟට හවසින්ම මං ඇරලා තියපු ජනේලේ ගාවට ආවා. හිමීට පහළ බැලුවේ කවුරුත් පේන්න ඉන්නවද කියලා. මොකද සඳුනි කිව්ව විදියට ඉස්සරහා මුරට කෙනෙක් ඉන්නවා. අනික ඇතුලේ මැඩම් ඇති.
වාසනාවට පේන්න කවුරුත් නෑ. හිමීට ජනේලෙන් කකුල දාලා ජනේලෙට පාතින් තිබ්බ කොන්ක්‍රිට් එකට බැස්සා. ඊළඟට ඒක දිගේ සඳුනි කිව්ව විදියටම දකුණු පැත්තට ඇවිදන් ගියා.
ටිකක් යද්දි සඳූ කිව්වා වගේම තාප්පේ පෙනුනා. හැබැයි කොන්ක්‍රිට් එකත් තාප්පෙත් අතර අඩි තුනක වගේ හිඩසක් තිබුනා.
කකුල් දෙක හෝ ගලා වෙව්ලනවා. ඒත් පරාජය බාරගන්න බෑ. මෙච්චර දේවල් කරපු එකේ කොහොම හරි මෙතනින් පැනලා යනවාමයි කියලා හිතුවා.
තාප්පෙ පිට පැත්තෙන් ලයිට් කණුවක් තියෙනවා තාප්පෙටම හේත්තු වෙලා. ඒකත් මගේම වාසනාව.
උඩ ඉන්න හැම දෙයියටමත් වැඳලා කකුල් දෙකට පින් දීලා කොන්ක්‍රිට් එකේ ඉඳලා තාප්පෙට එක කකුලක් තිබ්බා. නිකමට හරි බිම බැලුවොත් බිමටම වැටෙන බව දන්න නිසාම ලයිට් කනුව අල්ලගෙන අනිත් කකුලත් තාප්පෙටම ගත්තා.
පුංචි කාලේ ගමේදි ගස් නැග්ගට වැඩි වියට ආවට පස්සේ මං ගොඩාක් සංවරව තැන්පත්ව හිටපු කෙල්ලෙක්. ඉතිං මේ වගේ දේවල් මට නුහුරුයි. ඊටත් වඩා මං උස තැන් වලට බයයි.
ඊළඟට තමයි අන්තිම ස්ටෙප් එක. තාප්පෙන් පනින එක. ලයිට් කනුවට පින් දීලා කනුව බදාගෙන බිමට බැස්සා.
පාරට පැනලා උඩ බැලුවාමයි දැක්කේ මං ඉඳලා තියෙන්නේ කොච්චර උසකද කියලා. තාප්පෙත් උසයි දෙවනි තට්ටුව ගානටම.
තවත් මෙතන ඉන්න බෑ. දැන් තියෙන්නේ ඉක්මනට මෙහෙන් යන එකයි.
ඒත් දෙයියනේ මං කොහේ කියලා යන්නද. කමක් නෑ මෙතන ඉඳලා අහු වෙන්න කලින් ඔලුව හැරුණු අතක යනවා කියලා හිතලා මං පාර දිගේ ඉස්සරහට දිව්වා.
පාර පුදුම තරම් පාලුයි. වෙලාවත් රෑ දොලහත් පහුවෙලා ඇති. මං නවතින්නේ නැතුව දිගටම දිව්වා.
අන්තිමට දුවාගන්නත් පනක් නෑ. නැවතිලා දනිස් දෙකටත් අත් තියාගෙන ටිකක් හති ඇරියේ මහන්සි වැඩි කමටයි.
“ඒ.. අර බලපන්කෝ… රෑ කුමාරියෙක් වගේ…“
“අම්මපා.. ඔව්මයි… එහෙනම් අද රෑට හොඳ ෆන් එකක් ගමු බං “
ඒ ඇහුන හඬවල් නිසා මං කෙලින් වෙලා පිටිපස්ස හැරිලා බැලුවේ.
“ආ… කෙල්ලේ… මොකෝ මේ රෑ… වීදි කුමාරියෙක්ද…“
මගේ ළඟට එන ගමන් එක මනුස්සයෙක් එහෙම ඇහුවේ අමුතුවට හිනා වෙන ගමන්මයි.
තව මොහොතක්වත් නොයිඳ දුවන්න හිතලා මං අනිත් පැත්තට හැරුනත් එතකොට පරක්කු වැඩි. දිගට තිබුන මගේ කෙස් වැටියෙන් ඒ මනුස්සයා ඒ වෙනකොටත් අල්ලගෙන ඉවරයි.
මොනා වෙයිද විරූට…. ආපහු කෙනෙක්ගේ බිල්ලක් වෙයිද.. නැත්නම් බේරෙයිද…
කතාව ගැන ඔයාලා මොකද හිතන්නේ.. මෙහෙම දේවල් වලට මූණ දෙන කෙල්ලො අද සමාජේ ඕනි තරම් ඇති. ඉතිං තවත් අයට ඒ වගේ ඉරණමක් අත් නොවෙන්න මේ සමාජේ හොඳ මගට එනවනම් කොච්චර ලස්සන වෙයිද අපේ රට.
ඉතිං like comment කරන ඔයාලා හැමෝටම තැන්කුයි …