#මුලා_වූ_පෙම්වතී 26
විසි හයවන දිගහැරුම
මං කියාගෙන ගිය ටික නැවැත්තුවේ දේෂු කේන්තියෙන් කෑගහපු නිසයි. ඒ ඇස් රතුම රතු වෙලා. මං දිහා බලා හිටියේ පුදුම කේන්තියෙන්.
“උඹව බඳින්නේ උඹ එක්ක ජීවත් වෙන්නේ මං මිසක් මගේ අම්මා තාත්තා නෙවෙයි. වැඩකට නැති හේතු කියන්න එපා විරූ… නංගී.. ඔයා මට ආදරේ නැද්ද.. නැත්නම් මං ඈත් වෙන්නම්. ඒත් ඔයා ඔය කටින් ඒක කියන්න ඕනි මගේ ඇස් දිහා බලාගෙන.”
මුලින් කේන්තියෙන් කෑ ගැහුවත් අන්‍තිම ටිකනම් දේෂු කිව්වේ ගොඩාක් සංසුන් වෙලා.
මට කිසිම දෙයක් හිතාගන්න බෑ.. දෙයියනේ මං ආදරෙයි.. ඒත් කොහොමද මං ඔයාගෙ ජීවිතේට එන්නේ.. ඔය ලස්සන ජීවිතේ මං නිසා විනාස උනොත්.
“විරූ … ඇයි කල්පනා කරන්නේ.. කියන්න බෑ නේද.. ආදරෙයි නේද.. ම්…”
මං කල්පනාවෙන් මිදුනේ දේෂුගේ කටහඬට. ඔව් මං ආදරෙයි මගේ අයියේ … ආසයි ඒක ඔයාට කියන්න ඒත් බෑ… මට මගේ ජීවිතේට වඩා ඔයා වටිනවා. ඔයා දවසක පසුතැවෙයි මට ලං වෙලා. මං දැන් කාටවත් වැඩක් ඇති කෙල්ලෙක් නෙවෙයි.
“ප්ලීස් විරූ.. කියන්න..”
“අයියේ.. ම..මං “
ඊට වඩා වචනයක්වත් කියාගන්න මට පුලුවන් උනේ නෑ. ඒ ඇස් දිහා බලන් කොහොම බොරුවක් කියන්නද. ඒ ඇස්වල උතුරන ආදරේ දකිනකොටත් ලෝබයි. මට ඇඬුම් නවත්තගන්න බැරි නිසා මං එහෙමම වොශ් රූම් එකට දිව්වා.
“විරූ.. නංගී දොර අරින්න.. “
දේෂු කෑ ගහනවා ඇහුනත් මං දොර ඇරියෙ නෑ. මට ඕනි උනේ දේෂුට මූණ නොදී ඉන්නයි.
ටිකකින් දේෂුගේ සද්දේ නැති උනා. එයා යන්න ඇති. මං එහෙමම බිම වාඩිවෙලා ඇති වෙනකල් ඇඬුවා.
විනාඩි දහයකින් විතර එකපාරට බාත් රූම් එකේ දොර ඇරුනා. ඒ සද්දෙටයි මං ඔලුව උස්සලා බැලුවේ.
“විරූ…”
“අ..අයියේ…ඔ..ඔයා..”
“ඔව් මං තමයි. එක්ස්‍රා කී එකක් තිබුනා ඒක හොයාගෙන ආවේ මේ. “
එහෙම කියන ගමන්ම දේෂු ඇවිත් මං ළඟින් බිමින් වාඩි උනා. මට හිතන්නත් ඉඩක් නොදී එකපාරට මගේ උකුලෙන් ඔලුව තියාගත්තේ බාත් රූම් එකේම බිම ඉඳන්.
“තාම කියනවද මට ආදරේ නෑ කියලා… ම්…”
මගේ උකුලට වෙලා මගේ මූණ දිහාම කෙලින් බලාගෙන දේෂු ඇහුවා. මට කියන්න දෙයක් නෑ. නෑ නෙවෙයි කියන්න බෑ. මං ඔහේ බලන් හිටියේ ඇස් වලින් ගලන් යන කඳුලු වලට නිදහසේ ගලාගෙන යන්න ඉඩ ඇරලයි.
“විරූ.. නංගෝ මං දන්නවා ඔයත් මට ආදරෙයි ඒක ඔයා කටින් නොකිව්වට ඔය ඇස් කියනවා. ඇයි දරුවෝ ඒක කියන්න බැරි. ඒම උනානම් අපි දෙන්නම සතුටින්”
“අහගෙනද ඉන්නේ.. ම්..”
මගෙන් උත්තරයක් නැති නිසාද කොහේද දේෂු ආයෙම ඇහුවේ උකුලෙන් ඔලුව උස්සලා මගේ මූණ එයාගේ පැත්තට හරවගෙනයි.
මට කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. ඔව් මං ආදරෙයි තමයි. ඒත් මං බයයි. ඒත් අයියා මෙහෙම ළඟ ඉන්නකොට මට දැනෙන්නේ මං ගොඩාක් ආරක්ශිතයි කියලා. හරියට තාත්තා ඉන්න කාලේ වගේ.
මං එහෙමම දේෂුගේ පපුවට බර උනේ මගේ ඇස් එයාගෙන් හංගන්න ඕනි නිසයි.
“ඔච්චර අහිංසක වෙන්න එපා විරූ..”
මගේ ඔලුවත් අතගගා දේෂු කියවනවා.
එහෙමම මාව දේෂු උස්සලා ගත්තේ පොඩි එකෙක්ව වගේ.
“අනේ..අනේ මාව බිමින් තියන්න…”
“කට වහන් ඉන්නවා… මේක ඇතුලේ ඉඳලා හීතලට අසනීප වෙන්නද ඕනි”
එහෙම කියලා මාව උස්සගෙන ගිහින් ඇඳෙන් තිබ්බා. මට දැනුනේ ලැජ්ජාවක්. ඒ නිසාම මං ඔලුව උස්සලා දේෂු දිහා බැලුවේ වත් නෑ.
“පුදුම ලැජ්ජාවක් මේකනම්…”
එහෙම කියලා මගේ ඔලුවත් අතගාලා මගේ කම්මුලකුත් පාත් වෙලා ඉඹලා දේෂු යන්න ගියා. ඒ ස්පර්ශයට පවා මගේ හිත හෙල්ලිලා ගියා. ඒක වෙන්නැති ආදරේ කියන්නේ. ඒත් දෙයියනේ මං කොහොමද එහෙම කරන්නේ.
මං එකපාරට ඇහැරුනේ කවුරුහරි ඔලුව අතගානවා දැනුන නිසයි.
“දේ..දේෂු අයියේ …”
ඇඳ ළඟ ඉඳන් මගේ දිහාම බලාගෙන ඔලුව අතගාන දේෂුව දැක්කාම මං හොඳටම කලබල උනා.
“හෝව් හෝව්… බය වෙන්න එපා මං දැන් ආවේ…”
මං බය වෙලා බව තේරිලාද කොහේද දේෂු එකපාරට කියාගෙන ගියා.
“රෑ ඔයාට නින්ද ගිහින් තිබුනා… ඉතිං මං ඇවිත් බැල්කනි එකේ දොරත් වහලා රෙද්දක් පෙරවලා ගියා.. ඒත් නින්ද ගියේ නෑ.. ඉතිං පාන්දර ආපහු ඇවිත් මෙතනට වෙලා ඔලුව අතගගා හිටියා..”
දේෂු එහෙම කිව්වාමනම් මං එකපාරට එයා දිහා බැලුවා. ඒ කියන්නේ ඊයේ නිදිමරලා. මං ළඟට වෙලා නිදි මරාගෙන ඔලුව අතගෑවේ ඇයි කියලා අහන්න හිතුනත් මං අහන්න ගියේ නෑ. මං දන්නවා ඒ ආදරේ නිසා වෙන්න ඇති.
“දැන් ඇස් ලොකු කරන් බලා ඉන්නේ අද ඔෆිස් යන්නේ නැද්ද.. “
දේෂු එහෙම කිව්වාමයි මටත් ඒක මතක් උනේ. වෙලාවත් හය පහු වෙලා. දෙයියනේ අද කමලම්මට උදව් කලෙත් නෑ.
මං දේෂු එහෙම ඉද්දිම මොනවත්ම නිකියා ටවල් එකත් අරන් බාත් රූම් එකට දිව්වා. මට දේෂු එක්ක කතා කරන්න දැනුනේ බයක්. මගේ හිතේ තියෙන ආදරේ එයා ඉස්සරහා පිටවෙයි කියලා මට දැනුනේ බයක්.
චුට්ටයි ගාන්නනම් එපා.. මේ ටික ටයිප් කලෙත් මේ දැන්… මෙහෙම හරි කතාව දාන්න හිතුවේ ඔයාලා වෙනුවෙන්. මේ ටිකේ වැඩ ගොඩකට හිරවෙලා වස්තුලා… ඒ නිසා සමාවෙන්න …
Like comment කරන හැමෝටම තැන්කුයි ….