#මුලා_වූ_පෙම්වතී 35

💕තිස් පස්වන දිගහැරුම💕

වෙනදා කියවන චුට්ටිගේ කටත් අද ලොක් වෙලා. අපි ඇවිත් කාර් එකට නගිනකොටම දේෂුත් ආවා.

අභිශේක එකට ගිහින් දේෂුගේ නිලමේ කිට් එක මහන වැඩෙත් බාර දීලා අපි ගෙදර ආවේ කෑමත් එළියෙන් අරගෙනමයි.

හෙට දවස මගේ ජීවිතේට ගොඩාක් වැදගත් දවසක් හිතේ සතුට වගේම බයකුත් තිබුනා. මොකද මේ සතුටට දේෂුගේ අම්මා විරුද්දයි.

කොහොම උනත් හිතේ තියෙන භය මං පෙන්නන්න ගියේ නෑ. එහෙම උනොත් දේෂුට කේන්ති යන බය දැන් අත්දැකීමෙන්ම මං දන්නවා.

රෑ වෙනකල් කට්ටිය එක්ක කෝලම් කර කර ඉඳලා නිදාගද්දි දහයත් පහු උනා.

💞💞💞💞💞

“හූ…..”

මං උඩ ගිහින් ඇහැරුනේ හූ කියන සද්දෙකට.

“චුට්ටි…😬😬

මගේ කනට හූ කියලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි ඉතිං චුට්ටි. මං බැන බැන නැගිටලා බැලුවේ වෙලාව. පහමාරයි තාම.

“වදකාරි.. ඔහොමත් ඇහැරෝනවද චුට්ටි. කන තාම කීන් ගානවා”

“ඒම තමයි එලාම් එක… කමලම්මා කිව්වේ අක්කා මේ වෙලාවට ඇහැරෙනවා කියලා ඉතිං “

“යමු යමු පහලට…”

චුට්ටි එක්කම මං පහළට ආවා. කමලම්ම අම්මත් එක්ක උදේ කෑම හදනවා.

“අම්මෝ අද කලින්ම උයන්න අරන්. කෝ ඉන්න මං තේ හදන්නම්”

“ඔව් දරුවෝ ඊළඟට ගෙදර අස් කරන්න එපැයි ටිකක් හවස පාටියක් නොවැ..”

“අස් කරන්න තරම් දෙයක් නෑ අම්මේ ඔය තියෙන්නේ හොඳට. මං හිතන්නේ බල්බ් වැල් දාන්න දේෂු කාට හරි කිව්වා. ඒ අය එයි දවල්ට.”

පාටි එකක් ගන්න නිසා එන්ගේච්මන්ට් එකට යොදාගෙන තිබුනේ හවස් වරුවේ නැකතක්. ඉතිං ගෙදර ටිකක් සරසන්නත් වෙනවා.

මං හැමෝටම තේ හදලා දේෂුගෙයි මගෙයි තේ දෙකත් අරන් උඩට ආවා.

“ආ …. ඇහැරලාද හිටියේ… පහලට ආවනම් නරකයි බේබි හාමු”

ඇඳේ වාඩිවෙලා ෆෝන් එකට මූණ ඔබන් හිටපු දේෂුට එහෙම කියාගෙනම මං කාමරේට ආවා.

“තේ එක ගේනකල් හිටියෙ මගෙ සුදු නෝනේ…”

“පිස්සු”

“ආ මේ මොකෝ අද මග් දෙකකට හදලා”

“අයියේ අම්මලත් ඉන්නවනේ හරිනෑනේ ඒක නිසා දෙකකට හදන් ආවේ.”

“අපෝ පිස්සි.. කොහොමත් අද හවස ඉඳලා ඔයා මගේ වයිෆ්…”

“තාම හවස් උනේ නෑනේ…”

“අම්මපා මේකිගෙ කට වැඩි දැන්..”

දේෂු කිව්වේ හිනා වෙවීමයි. දෙන්න එක්කම කියෝ කියෝ තේ දෙක බිව්වා. මග් දෙකත් අරන් මං පහළට යන්නයි ගියේ.

“සුදූ හතට විතර යමු ඔයාගේ සාරි ජැකට් එක ගේන්න. ඒ අක්කා කෝල් කරා මහලා ඉවරයි කියලා.”

“හා අයියේ. දැන් වොශ් දාගෙන එන්න පහළට ඔයත්. වැඩ තියෙනෝ..”

“අම්මෝ… එසේය උත්තමාවිය”

දේෂුගේ කෝලම් වලට හිනා වෙවී මං පහළට ආවා. කමලම්මගේ උදව්වට අම්මා ඉන්න නිසා මං චුට්ටි එක්ක ගෙදර හැම රූම් එකේම බාතෲම් ටික ක්ලීන් කරා. හැමදාම ඒවා කමලම්මම කරන්න ඕනි නැහැනේ.

ඊටපස්සේ ගිහින් වොශ් දාගෙන පුරුදු විදියට බුදු පහන තිබ්බා.

“සුදූ… ලෑස්ති වෙන්න… අම්මලාගෙ සාරි ජැකට් ටිකත් ගන්න ඕනි මං සාරි ගත්ත ශොප් එකටම මහන්න දුන්නා.”

“අයියේ අම්මලා නැතුව ගිහින් ඇඳලා බලන්නෙවත් කොහොමද”

“අනේ ලොක්කියේ ඔන්න ඕක අරන් වරෙන්. මමයි පුතාට කිව්වේ ඔය දෙන්න ගේන්න කියලා. වෙනසක් තිබ්බොත් මං අතේ මහගන්නම් ගානට”

අපේ අම්ම එක්ක ඒ ගැන තර්ක කරලා වැඩක් නැති නිසා මං සද්ද නොකර හිටියා. අම්මට කොහොමත් හොඳට මහන්න පුලුවන්.

මං ඉක්මනින් ලෑස්ති වෙලා පහළට ආවා. දේෂු මං එනකොටත් කෑම මේසෙට ඇවිත් බලන් ඉන්නවා.

“ආ කමලම්මා ඔෆිස් එකේ අතුගාන අස් කරන වැඩට ඉන්න නැන්දලා දෙන්නෙක් එයි දැන්. එයාලටත් ඔය තියෙන වැඩක් දෙන්න බලලා.”

කෑම කාලා මේසෙන් නැගිට්ටේ දේෂු කමලම්මට ඒ පණිවිඩෙත් කියාගෙන. අපි විනාඩි පහලවෙන් වගේ මගේ සාරි ජැකට් මහන්න දීපු තැනට ආවා.

ඒ අක්කා ගානට මං කියපු විදියටම සාරි ජැකට් එක මහලා තිබුනා. මං කිව්වට ඉතිං ඩිසයින් එක සිලෙක්ට් කරෙත් දේෂු තමයි.

ඊළඟට අම්මලාගේ සාරි ජැකට් ටිකත් අරන් දේෂු කෙලින්ම වහනේ ගෙනාවේ සැලූන් එකකට.

“අයියේ ඇයි මේ”

“ඔයාට අන්දන්න එන්න කිව්වේ මෙහෙ අක්කට. එදා ආපු අක්කා හදිස්සියේ රට ගිහින්. මේ සැලූන් එකේ ඉන්නේ මගේ යාලුවෙක්ගේ අක්කා.”

“ඉතිං දැන් ආවේ”

“මොකටද දන්නෑ ඔයාව එක්කන් එන්න කිව්වා සුදූ. බලමුකෝ”

මාත් ඉතිං දේෂු පස්සෙන්ම ඇතුලට ආවා. සැලුන් එකේ මගේ වයසෙ වගේ ගෑනු ලමයි හතර දෙනෙක් හරි හරියට වැඩ.

“ආ මල්ලි.. මෙයාද අපේ දේෂුගේ වයිෆ් වෙන්නේ…”

ඇතුලෙ ඉඳලා එහෙම කියාගෙන ආවේ හරිම ලස්සන අක්ක කෙනෙක්. කිසි අහංකාර බවක් නෑ. මාත් එක්කත් හිනා උනා.

“ඔව් ඔව් මෙයා… මෙහ් මොකෝ දැන් එක්කන් එන්න කිව්වේ..”

“කෙල්ලට ක්ලීනප් එකක් දාන්න ඒත් ඕනි නෑ වගේ මූණ ෆුල් ක්ලියර්. අයිබ්‍රො ශේප් කරලා නෑ නේද නංගා”

මං නෑ කියන්න ඔලුව වැනුවා. මට මොන සැලූන්ද දෙයියනේ මං හිටපු හැටියට.

“හදන්න දේකුත් නෑ කෙල්ලගේ ගානට තියෙනවා. චුට්ටක් ලයින් එක ගැහුවනම් හරි. වාඩින්න නංගි මෙතනින්”

“අනේ බං අක්කෙ කෙල්ල ඕවට ආස නෑ. අනික ඔය ඉන්න විදියට ලස්සනයි බං “

“හපෝ නංගො මේ මෝඩයට කියන්න කෙල්ලෙක්ගෙ ජීවිතේ වැදගත්ම දවසෙ ලස්සනට ඉන්නෝනි කියලා”

ඒ අක්කා හිනා වෙවී කියද්දි මං දේෂු දිහා බැලුවේ කමක් නෑ කියන්න. මෙච්චර කැමැත්තෙන් හොයලා බලලා මාව හැඩ කරන්න හදන කෙනාට එපා කිව්වොත් හිත රිදෙයි කියලයි මට හිතුනෙ.

අන්තිමට මගේ ඇස් වලින් කඳුලු බේරෙද්දි ඒ අක්කා අයිබ්‍රෝ ශේප් කලා.

“ෆස්ට් ටයිම් නිසා නංගිට හුරු නෑනේ “

“බලපන් සුදූගේ මූණ රතුවෙලා “

දේෂු අක්කට නෝක්කඩු කිව්වේ දුකින් වගේ මං දිහා බලාගෙන.

“අම්මෝ නංගි මහත්තයගේ ආදරේ… හිටපන් දැන් හරියයි. කෙල්ලට වඩා එයාට රිදිලා..”

අක්කගේ විහිලු වලින් දේෂුගේ මූණටත් හිනාවක් ආවා. ඒ තරම් මට ආදරෙයිද අයියේ… මට ඔය ආදරේ මහ මෙරෙක්.

“යමුද සුදූ..”

මං කල්පනාවෙන් මිදුනේ අයියා කතා කරද්දියි. අන්තිමට අපි සැලූන් එකෙන් ආවේ අක්කට හවස පහ වෙද්දි අපේ ගෙදරට එන්න කියාගෙනමයි.

– ලක්ෂි මුහන්දිරම් –
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වළකින්න.

Like comment කරන හැමෝටම තැන්කුයී …😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *