#මුලා_වූ_පෙම්වතී 40
හතලිස්වන දිගහැරුම
“ඇයි බං මගේ කසාද ගෑණිව හම්බෙන්නත් බැයිද මට..”
එහෙම කියලා දේෂු මාව ඇදලා ගත්තු පාර මං නැවතුනේ දේෂුගේ උකුලේ.
“අම්මෝ ලැජ්ජාව.. කෝ ඇස් වහගන්න”
“ඒ ඇයි..”
“කිව්වම වහගන්නකෝ සුදූ .. හැබැයි මං කියනකල් ඇස් අරින්න බෑ හරිද.”
මාත් ඉතිං දේෂු කිව්ව දේ අහලා ඇස් වහගත්තා. එකපාරට මට බෙල්ලට සීතලක් දැනුනා. මාව ගැස්සිලා යන්න ඇති.
“අ..අයියේ…”
“ඇස් එහෙම අරින්නෙ නෑ හරිද… ඔහොම ඉන්න…”
ඊළඟට දේෂු මගේ අත අල්ලනවා දැනුනා හිතාගන්න බෑ මොනවා කරනවද කියලා.. මං ඉතිං ඔහේ හිටියා. ඊටපස්සෙනම් මට හොඳටම තේරුනා මගේ කනට කරාබුවක් දානවා කියලා. සාරි එකට ජුවලරි දාන්න කනේ තිබ්බ කරාබු ගලෝපු නිසා මං හිටියේ කරාබු නැතුවනේ.
“අනේ අයියේ…”
“හරී… දැන් ඇස් අරින්න….”
මං ඇස් අරිනකොට දේෂු මගේ මූණ ඉස්සරහටම කණ්නාඩියක් අල්ලන් හිටියා. දෙයියනේ රත්තරන් මාලයක්.. ඒ ඩිසයින් එකටම කරාබු ජෝඩුවක්.
“සුදූ.. අතත් බලන්න…”
අතෙත් බ්ලේස්ලන්ට් එකක් දාලා. මට හිතාගන්නත් බෑ. අනික මට මොකටද මේවා..
“අයියේ….”
“හෝව් හෝව්… ඉන්න… ඕවා මං ගත්තේ නෑ…”
“එහෙනම්”
“අපේ ආත්තම්මා නැතිවෙන්න කලින් මට කිව්වා කවදාහරි මේ ටික මගේ වයිෆ්ට දෙන්න කියලා..”
“ඒත් අයියේ මේවා අලුත් ඩිසයින්නේ…”
“ඉතිං කෙල්ලේ ආත්තම්මා නැතිවෙලා තාම අවුරුදු දෙකයි.. මේවා එයා අලුතින්ම හදවලා අපේ නංගිටයි මගේ වයිෆ්ටයී එකම විදියට”
දෙයියනේ මං දැකලවත් නැති මාව දැකලවත් නැති ආත්තම්මාගෙන් මට තෑගිත් ලැබිලා. මට හිතාගන්න බෑ.
“මොකෝ දැන් කල්පනාව ම්…. ලස්සනයි ඒ ටික සුදූට. ආත්තම්මා දැනන් ඉන්න ඇති මං බඳින්නේ සුදූ වගේ චාම් චූටි කෙල්ලක් කියලා.. ඒකනේ මෙහෙම චාම් විදියට ලස්සනට හදවලා තියෙන්නේ”
“අයියේ…”
“ම්…”
“ඔයාට පිං මට ආදරේ දුන්නට ….”
“නෑ සුදූ ඔයාටයි පිං මගේ ජීවිතේට ආවට”
“පිස්සා..”
“ආ මේ… දැන් දිගටම උකුලෙම ඉන්නවද.. එහෙනම් ඔන්න ඔහේ අදම හනිමූන් යමු”
දේෂු ඒ කියපු කතාවටනම් මට හිතුනේ පොළව පළාගෙන යන්න. මං ඉක්මනින් දේෂුගේ උකුලින් නැගිට්ටා.
“අයියේ මං යන්නම් ඔයත් නිදාගන්න දැන් පාන්දරත් වෙලා”
එහෙම කියලා මං හැරුනේ යන්න කියලයි. ඒත් දේෂු මගේ අතින් අල්ලගත්තා.
“මට ගුඩ් නයිට් කිස් එකක්වත් නැද්ද අනේ…”
ඕකනේ ඉතිං කරන්න බැරි මං කොහොමද කිස් දෙන්නේ… මං බිම බලාගෙනම හිටියා. දේෂු මගේ නිකටින් අල්ලලා මූණ එයාගේ පැත්තට හරෝගත්තා.
“හපෝ මේකිගේ ලැජ්ජාව… හා හා මට එපා..”
එහෙම කියලා දේෂු එයාගෙ දෙතොල් මගේ නළල මත තැවරුවේ ඒ ආරක්ෂාව හැමදාටම මට තියනවා කියන්න වගේ. දේෂුට සමුදීලා මං ඇවිත් ඇඳට වැටුනා විතරයි මට මතක.
“ලොක්කී…ලොක්කියේ….”
“ම්…. ඇයි.. අම්මා…”
“නැගිටපන් කෙල්ලේ… අද උඹේ නැන්දම්මත් ඉන්නවනේ මහන්සි නොබලා නැගිටලා ගෙදර වැඩ කරපන්”
අම්මා ඇවිත් ඇහැරවලා කිව්වාමයි මටත් ඒක මතක් උනේ. රෑ නිදාගනිද්දි පාන්දර තුන විතර උන නිසා තාමත් නිදිමතයි. ඒත් පුරුදු විදියට මං පහමාර වෙද්දි නැගිටලා වැඩ පටන් ගත්තා. පැය තුනක්වත් නිදාගත්තෙ නෑ ඉතිං.
කමලම්මායි අම්මයි එක්ක එකතු වෙලා උදේ කෑමට ඉඳිආප්ප තම්බලා චිකන් හොදියි කිරි හොදියි සම්බෝලයි හැදුවා. ඒවට උදව් වෙන ගමන්ම මං උදේ තේ හයට විතර හැදුවේ මහ පාන්දර තේ හදලා අම්මලාව ඇහැරවන එක හරි නැති නිසයි.
තේත් හදාගෙන පුරුදු විදියට මං උඩට ගියා. හැබැයි අද උඩට ආවේ අම්මගෙයි අප්පච්චිගෙයිත් තේ අරගෙන. මුලින්ම අම්මයි අප්පච්චි ඉන්න රූම් එක ළඟට ගිහින් දොරට තට්ටු කලා.
“එන්න කමලා දොර ඇරලා තියෙන්නේ”
ඒ ඇහුනේ අප්පච්චිගේ හඬ. මං හිමීට කාමරේට ඇතුල් උනේ අම්ම කියන ඕනි දේකට මූණ දෙනවා කියලා හිතාගෙන.
“ආ.. මේ දෝණිනේ… අම්මෝ… ඔන්න අද දෝණි හදපු තේ බොන්න තියෙන්නේ එහෙනම් නේද..”
අප්පච්චී හිනා වෙලාම කිව්වා.අම්මා නම් පේන්න හිටියේ නෑ බාතෲම් එකේද කොහේද.
“අම්මගේ තේ එක ඔහොම තියන්න දූ.. එයා බොන්නේ කොහොමත් නිවිලනේ”
“එහෙනම් මං යන්නම් අප්පච්චි අයියටත් තේ එක දෙන්න ඕනි”
“හරි දෝණි ….”
මං එහෙම කියලා රූම් එකෙන් යන්න හදනකොටම බාතෲම් එකේ දොර ඇරුනා.
“මහත්තයා.. මේ මොකද මෙයා මෙහේ”
“අද දෝණි අපිට තේ හදලා..”
“චික් මේකි හදපු තේ නෙවේ මේකි අතින් මට වතුරවත් එපා.. අරන් යනවා ඕක”
දේෂුගේ අම්මා කිව්වේ මං ගෙනාපු තේ එක දිහා අප්පිරියාවෙන් බලන ගමන්. දුක හිතුනා ගොඩාක්. ඒත් මේ මගේ ලැබීම වෙන්න ඇති කියලා හිතාගෙන මං ආපහු තේ එක තිබ්බ ස්ටූල් එක ළඟට ගියේ තේ එක ආපහු ගන්න. නැත්නම් අම්මට තවත් කේන්ති ගියොත් දේෂු එක්කත් රණ්ඩු වෙයි කියලා මට බය හිතුනා.
ඒත් එතකොටම….
– ලක්ෂි මුහන්දිරම් –
කතෘ අනුමැතියෙන් තොරව උපුටාගැනීමෙන් වළකින්න
ළමායී… කතාව කොටස් හතලිහක්ම ඇදුනා ඉක්මනින් ඉවර කරනවා කිව්වට… මොකො කියන්නේ වස්තුලා … මෙහෙම ඇදෙන එක බෝරින්ද…. ඉක්මනින් ඉවර කරන්නද….
Like comment කරන යාලුවෝ හැමෝටම තැන්කුයී …..