#විසේකාරයා 05
05 දගකාරකම
“පුතා.. මේ කෑම එක දාගන්න බෑග් එකට..”
අම්මා උණුම උණු බත් මුල මගෙ අතින් තියද්දි..කන්දෙකෙනුත් දුම් පිටවෙන්න ඇති මගේ ..
‘අම්මෝහ්..මේකෙ රස්නෙ..”
මම බත් එක අතෙන් අතට දෙතුන්පාරක් මාරු කරලා බෑග් එකට දාගත්තා..
“මලයා..ඔයා රෙඩිද..යමුද එහෙනම්..’
අක්කා සාලෙට ආවෙ එහෙම අහගෙන.
අදනම් අක්කා මාරම ලස්සනයි.ඩෙනිම් ට්‍රවුසර් එකට සුදු පාට් ටී එකක් දාලා.. කියලා වැඩක්නෑ ඉතිම්.
“යමු යමු..”
මමත් එලියට බැස්සෙ එයාගෙ ලස්සන දිහා බලබලම.
“මේහ්.. ඊයෙ මරුනේ..”
අක්කා මේ කියන්නෙ ඊයෙ එහා ගෙදර තිබුනු පාටි එක ගැන.
‘හ්ම්ම්..”
“තමුසෙත් මාරයිනෙ හලෝ.. වෙලාව බලලා නියම තැනදි නියමෙට වැඩ පෙන්නුවනෙහ්..”
අක්කා මගෙ බාහුවකට ගහලා කිව්වා.
“නෙතූ ඇවිත් කියද්දි නෝන්ඩිවෙන්න බෑනෙ ඕයි..ඒකයි මම සින්දුව කිව්වෙ ගිහින්..”
මමත් ඉතින් ඇත්තම සීන් එක කියලා දැම්මා..
“ඒක හොදයි.තමුසෙ අපෙත් නම්බුව බේරුවා..”
“ඒකනි ඒකනී…”
මම ඉතින් එහෙම කිය කියම හෝල්ට් එකට ඇවිදන් ගියා
ජූඩා විතරයි හෝල්ට් එකේ හිටියෙ. මම ජූඩා ලගට යද්දිම වගේ අක්කත් හෝල්ට් එකට ඇවිත් හිටපු එයාගෙ යාලුවන්ට සෙට් වුනා..
“ඒ.. දෙව්නකයා.. උඹට බඩ්ඩක් කියන්න තියෙනවා..”
ජූඩ් හෙන සීරියස් මූණක් මවාගෙන කිව්වා.. මමත් ගැස්සුනා මොකක්ද සීන් එක කියලා ..
“මොකක්ද බං..?”
‘උඹෙ කෑල්ල….”
“මොන කෑල්ලද..?”
“ඇයි යකෝ..ගර්ල්ස්කූල් එකේ දැන් කෑල්ල..’
“අහ්..ශයිනි.. ඉතින්..”
“ඒකි ඊයෙ හවස බස් එකේ කොල්ලෙක් එක්ක මුකුලු කරකර ගියානෙ..”
“මොකක්..?ඊයෙ..?”
“ඔව් බං..මම මගෙ මේ……ස් දෙකෙන්ම දැක්කා..”
“තොගෙ මේස් දෙකෙන් දැක්කනම් ඒක අලිටොම් පචයක්..”
“නෑ යකෝ..සිරා කියන්නෙ.. “
“එහෙමද..කොහෙදීද දැක්කෙ..?”
“මම ඊයෙ හවස අපෙ මාමලගෙ ගෙදර ගියා..ඒ යද්දියි බස් එකේ ඒකි ඉන්නවා දැක්කෙ..”
“උඹව දැක්කද..?”
“පිස්සුද බං..මාව දැක්කෙ නැ.. මම හැංගිලා සීන් එක බලන් හිටියා.”
“හ්ම්ම්..හරි මචං..මම බලාගන්නම්කො ඒකි එක්ක..”
“හ්ම්ම්.හොයපන් ටිකක්..’
“හ්ම්ම්..”
“යමන්..අන්න බස් එක එනවා..”
ජූඩා මගෙ අතින් ඇද්ද…
“අනිත් උන්..?”
“උන් දෙන්නම අද නෑ..අපි යමු..”
මම හැරිලා බැලුවෙ අක්කා දිහා..එයා අතින් සන් කලා මට යන්න කියලා ..මමත් ඔලුව වනලා එහෙමම බස් එකට ගොඩවුනා..
හවස ක්ලාස් තිබුනෙ 3ට නිසා ගෙදර ඇවිත් නාලා කාලම ලේස්තිවෙලා ක්ලාස් ගියා..
අද පැයක් වැඩිපුර කල නිසා ගෙදර ලග හෝල්ට් එකෙන් බහිද්දි 7ත් පහුවෙලා..
හෝල්ට් එක ලග ඇන්ටා හිටියා බයික් එකත් තියාගෙන.
“යකෝ..තෝ මොකද අද ක්ලාස් ආවෙ නැත්තෙ..?”
මම ඇහුවෙ ඇන්ටාගෙ බයික් එකට ජැකක් ගහන ගමන්.
“අද අක්කා බලන්න මනමාලයෙක් ආවා බං.උඹට කියන්නත් බැරිවුනා මට වැඩ ගොඩක හිටියෙ..”
“ආ..එහෙමද..කොහොමද..
මස්සිනාකාරයා හොදද..?”
“කියන්න තරම් වරදක් නෑ බං.. ‘
“එහෙනම් හොදයි..”
“මම මේ මග රැකන් හිටියෙ උඹෙන් පොත් ඉල්ලගෙන යන්න.”
“අහ්..එහෙමද..ආ..හෙට ඉස්කෝලෙට ගෙනෙන්.. වැඩ වගයක් දුන්නා කරන්න…”
“හ්ම්..නැගපම්..මම ගේ ලගින් දාගෙන යන්නම්..”
“අන්න එව්වා හොද වැඩ ඈ..”
මමත් ඉතින් ඇන්ටාගෙ බයික් එකේ එල්ලුනා.
“මේහ්…අර බලපන්කො..පට්ට කෑල්ලක්… හම්මා…සුදුම සුදු ගල …”
මග දුරක් යද්දි ඇන්ටා මට පෙන්නුවෙ කොට ශෝට් එකකුයි ස්කිනි ටයිප් ටී එකකුයි ඇදන් අමාරුවෙන් වගේ ඇවිදගෙන යන කෙල්ලෙක්ව..
ලගට ලංවෙද්දි ඒ කෙනාව අදුනගත්තු මගෙ හිත ගැස්සිලා ගියා එකපාරම..
“ඒ…ඒ…නවත්තපන්..නවත්තපන්හු@# …”
මම ඇන්ටාගෙ උරහිසට ගගහා කිව්වෙ කැගහලා වගේ..මොකද.. එයා ඇවිදන් ගිය විදියට එයාට මොකක්මහරි කරදරයක් වෙලා කියලා මට දැනුනු නිසා..
ඇන්ටන් තෘශ්නිම්භූත වෙලා වගේ බයික් එක නැවැත්තුවා.
මම බයික් එකෙන් බැස්සා නෙමෙයි පැන්නා.
ඒ ක්ශනිකවම මම ආපස්සට දුවගෙන ගියෙ එයා ලගට.
කොණ්ඩෙත් කඩාගෙන..ඒ මදිවට අවුල් වෙලා වගෙ…අපහසුවෙන් අඩි තිය තිය මෙලෝ කල්පනාවක් නැතුව ඇවිදන් එන ග්ලිටර් අයිස් ලගටම ගිහින් එයාගෙ මග හරස් කරලා වගේ මම හිටගත්තා..
බිම බලන් ආපු එයා එකපාරම.මගෙ ඇගේ හැප්පුනා..
“ඕහ්…ආම්…සෝ..සො…රි…”
එයා එහෙම කියාගෙන ඔලුව ඉස්සුවා..
“ඔයා…?“
එයා මගෙ දිහා බැලුවෙ පුදුමයෙන් …
“ඇයි මේ…?ඔයාට..කරදරයක්ද..?”
ඒ කිරි පාට මූන පුරා තිබුනු කදුලුවැල් දිහා බලලා මම ඇහුවෙ තවත් බයෙන්.
“අනේ…බබා.. ප්ලීස්…මට උදව්වක් කරන්න..”
එයා හරිම අසරණ විදියට කිව්වෙ අඩන්න වගේ… මගෙ ටීශර්ට් එකේ එල්ලිලා..
“කියන්න..මොකක්ද..?”
“මාව ටික වෙලාවකට කොහාටහරි අරන් යන්න ප්ලීස් ප්ලීස් ප්ලීස් බබා…”
ඒ දිලිසෙන ඇස් වලින් කදුලු බේරෙනවා..
“ගෙදර ලගයිනෙ දැන්..මම එක්ක යන්නද..?”
“එපා..ගෙදර යන්න බෑ..වෙන කොහෙහරි එක්ක යන්න..ප්ලිස් බබා..”
එයා මොකක්දෝ නිසා අසරණ වෙලා කියලා මට දැනුනා..
“ඉන්න චුට්ටක් ඔහොම..”
මම එහෙම කියලා ගියෙ ඇන්ටන් ලගට.
“හු@# තෝ ඒකිව දන්නවද..තොගෙ කෑල්ලක්ද ඒකිත්..?”
ඇන්ටන් ලෝක ප්‍රශ්නය ඉදිරිපත්කලා
“විස්තරේ ඔක්කොම හෙට කියන්නම් .හොද කොල්ලා වගේ බයික් එක දීපන් මට..පැයෙන් දෙකෙන් ගෙනත් දෙන්නම්.ප්ලීස් බං..”
“අහ්..ඒක හරි බං..මොකෝ..අවුලක්ද..?”
ඇන්ටන් කලබලෙන් වගේ අහ අහම බයික් එකෙන් බැස්සා..
“ඒ වගේ.. විස්තර හෙට කියන්නම්..උඹ ට්‍රයිශෝ එකක පලයන් වස්තුවෙ හොදද..”
“අහ්..ඒවා හරි මචං..මම යන්නම්.උඹ පරිස්සමට ගිහින් වරෙන්..”
“හරි බං.”
මම මගෙ පොත් දෙක ඇන්ටාට දීලා බයික් එකත් හරවගෙන ග්ලිටර් අයිස් ලගට ගියා..
“නගින්න..”
මම කියලා ඉවරවෙන්නත් කලින්ම එයා නැග්ගා..
යන්නෙ කොහෙද කියලා හිතාගන්න බැරි වුනත්.. මම ඔහේ ඉදිරියට ගියා.. ග්ලිටර් අයිස් එයාගෙ මූණ මගෙ පිටට තියාගෙන එයාගෙ අත් මගෙ බදවටා දාලා මගෙ ඇගටම හේත්තුවුනා….
එයා හයියෙන් හයියෙන් හුස්ම ගන්නවා මට දැනෙනවා.
මොකක්දෝ හේතුවක් නිසා එයා ඉන්නෙ නොසන්සුන් කමෙන්.
“බීච් එක පැත්තට දාන්නද..?”
මම ඇහුවෙ යන්න කල්පනා වුනු එකම තැන එතන නිසා..
“හා..”
එයා කෙදිරිල්ලකින් වගෙ කිව්වා.
මම බීච් එක ලගට ගිහිල්ලා බයික් එක නතර කලා..
මේ හරියෙ හෝටල් කීපයක් තියෙන නිසා වෙරල තීරයත් එලිය වෙලා..ටුවරිස්ට්ලා බීච් එකේ හැමතැනම.
“බහින්න..”
මම කියද්දි..එයා බැස්සා.
මමත් බැහැලා හෙල්මට් එකත් එල්ලලා එයා දිහා බැලුව.
එයා ටික දුරක් ඇවිදන් ගිහින් බිම වාඩිවුනා..
මමත් එයා ලගට ගිහින් වාඩිවුනා..
ඒත් එක්කම එයා මගෙ බාහුවක් බදාගෙන උරහිසට ඔලුව තියාගත්තා..
එයා හෙමීට අඩනවා.. ඒ පුංචි සිරුර ගැස්සෙනවා මට දැනෙනවා..
මට තවත් බලන් ඉන්න බෑ දැන්නම්.
“ඇයි මේ..?”
ම්හ්…එයා සද්ද නෑ..
මමත් එයා කොයි වෙලාවකහරි කතාකරයි කියලා බලන් හිටියා.
පැය බාගයක් විතර ගෙවිලා යන්න ඇති..කලුවරත් වැටිලා..
එයා ඔහේ ඈත මුහුද දිහා බලන් ඉන්නවා.
මට දැනෙනවා..දැන් එයා සන්සුන් වෙලා..
“ජීවිතේ කවදමහරි… “
“ම්ම්ම්..”
“අසරණ කමට….හිතට එකග නැති දෙයක් කරලා තියනවද..?”
එයා එකපාරම ඇහුවා..
“ඔව්… “
මම ඇත්තම කිව්වා.අපේ ජීවිත වල එහෙම කොයිතරම් නම් දේවල් වෙලා තියද…
“අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන්.. මට මගේ කැමැත්ත අමතක කරලා දෙයක් කරන්න වුනොත්.. කරනවා මම…”
මම ආයෙත් කිව්වා..
“එතකොට… ඒ දේ… අපේ ආත්මගරුත්වයට සම්බන්ධනම්…?”
“එහෙනම්..ඒ ගැන දෙපාරක් හිතන්න ඕන..”
“ජීවිතේ හැම වෙලාවෙම දෙපාරක් හිතන්න වෙලාවක් දෙන්නෙ නෑ බබා.. සමහර වෙලාවට එකපාරින් හැමදේම සිද්දවෙලා විනාසවෙලාත් යනවා..”
මට එයා කියන දේ පැහැදිලි නැහැ. ඒත් මම ඉවසන් හිටියා..
“හ්ම්ම්..”
මම සුසුමක් පිටකලා
සීතල හුලගක් ඇවිත් ඇගේ වැදුනා..
ග්ලිටර් අයිස් වෙවුලලා වගේ තවත් මගෙ බාහුවට ගුලිවුනා..
මේ වෙන දේවල්.. මට හීනයක් වගේ..
ඇත්තටම..ඈත ඉදන් බලාගෙන හිටපු.. හිත කෑගගහා ඉල්ලපු… ඇස් වලින් ඒ රුව ඈත් නොවුනු….
මගේ හීන කුමාරි..මගෙ ග්ලිටර් අයිස්… දැන්..මගෙ තුරුලෙ..
“වැරදියට හිතන් නැත්තම් දෙයක් අහන්නද..?”
“අහන්න බබා..”
“මේ වගේ…ඇදුමක් ඇදන්… මේ වෙලාවෙ…අනික..තනියම…ඇයි…?”
මම එහෙම අහද්දි..එයා හිනාවුනා..
“බබා දන්නවද මම මොනවද කරන්නෙ කියලා.. ම්ම්..?”
“නෑ..”
“මම මොඩ්ල් කෙනෙක් බබා..”
එයා මගෙ උරහිසින් ඔලුව අරන් මගෙ මූන දිහා බලන් කිව්වා..
“මොඩ්ල් කෙනෙක්..?”
“හ්ම්ම්..මම මොඩ්ලින් කරන්නෙ මට වයස අවුරුදු 13 ඉදන්..”
“ඉතින්..ඇයි ඔයාලා කොළඹ ඉදලා මෙහෙ ආවෙ..?කොළඹ හිටියානම් ඔයාගෙ ජොබ් එකටත් ලේසියිනෙ..”
‘හ්ම්ම්.. ඔව්…ඒත්..පොඩි ප්‍රශ්නයක් වෙලා අපි මෙහෙ ආවෙ..”
“හ්ම්ම්..එහෙමද…?”
‘හ්ම්ම්ම්..”
මේ අතරෙ බීච් එකේ අයිස්ක්‍රීම් කාරයෙක් යනවා දැකලා ග්ලිටර් අයිස් මගෙ අත අතෑරලා කෙලින් වුනා..
“සල්ලි තියද අතේ..?”
එයා මගෙන් ඇහුවෙ හරීම ලෝබ හිතෙන විදියට.
“ඔව්..”
“එහෙනම් මට අයිස්ක්‍රීම් ඕන..”
පුංචි එකෙක් වගේ ඒක කියපු විදියට සත්තයි මට ඒ කට හපන්න හිතුනා..
මම හිනාවෙලා රුපියල් සීයක් වොලට් එකෙන් අරන් එයාට දුන්නා..
එයා ඒකත් අරන් දිව්වෙ කිරිල්ලියක් වගේ..
ආයෙත් එයා ආවෙ අයිස්ක්‍රීම් දෙකක් අතේ තියාගෙන.
“ආ..ඔයාට..”
එයා එකක් මට දික්කලා..
“ඔයා කන්න..මට එපා..”
මම කිව්වෙ එයා ආසාවෙන් කන අයිස්ක්‍රීම් එක දිහා බලලා හිනාවෙලා..
“එහෙනම්..මේක කන්න..”
ඊලගට එයා දික්කලෙ එයා කකා හිටපු අයිස්ක්‍රීම් එක.
ඒකනම් එපා කියන්න මගෙ දිව නැමුනෙ නෑ.. මම ඒක අතට ගත්තා.
‘කපටි කොල්ලා..”
එයා හිනාවෙවී මම නවාගෙන හිටි මගෙ දෙපා අතර ඉදිරියෙන් වාඩිවුනා..
“ඔයාට මම මාරම ප්‍රහේලිකාවක් නේද..?”
එයා මගෙ ඇගට හේත්තුවෙනගමන් ඇහුවා..
මම හිනාවුනා..
ඇත්ත..එයා ප්‍රහේලිකාවක්ම තමයි.
‘හැමදේම දැන් කියන්න වෙලා නෑ බබා..’
එයා හේත්තුවෙලා ඉන්නෙ මගෙ පපුවට.එයාගෙ හිස මගෙ උරහිසට හේත්තුකරන් මුහුද දිහා බලාගෙන ආයෙත් ලොකූ හුස්මක් පිටකලා එයා…
“වෙන දවසක නිදහසේ කියන්නම්…ම්ම්ම්..කමක්නෑනෙ..”
“කමක්නෑ..”
මම කිව්වෙ ඈත පෙනී නොපෙනීඅදුරේ ගිලී යන සිතිජය දිහා බලාගෙනම..
මතුසම්බන්ධයි
එශ්
කතාව ඒ තරම් රසවත් නෑ වගේ නේද..
හිතපු තරම් ප්‍රතිචාරත් නැහැ .