#විසේකාරයා
29 දගකාරකම
“මොකද…#මම_අක්කා_කෙනෙක්_නිසා… ඔව්..මම ඔයාට වඩා අවුරුදු 2ක් වැඩිමල් නිසා…”
මල්කි කිව්වා..මම කිසි හැගීමක් නැතුව ඒ මූණ දිහා බලන් හිටියා..
“ඇයි ඔහොම බලන්නෙ..ඇහුනෙ නැද්ද මම කිව්ව එක..?”
මගෙ පපුවට අත මිටමොලවලා ගගහා එයා කිව්වෙ අඩ අඩම.
“ඉතින්..?”
“ඉතින් කියන්නෙ..?”
“ඔයා අක්කෙක්.. හා…ඉතින් ?”
“ඉතින් මට ඒ නිසා ඔයාට ආදරේ කරන්න බැහැ.”
“ඒනිසාම විතරද..?”
“මේනක අයියා කියන්නෙ..අයියගෙ හොදම යාලුවා
එයා මම් ගැන හෝප්ස් තියන් හිටියෙ ගොඩක් කල් ඉදලා. එයා මට ප්‍රපෝස් කලෙ අයියගෙ මාර්ගෙන්..
ඒ වෙද්දි..ඔයාව මම දැකලාවත් තිබුනෙ නෑ.එයාට අකමැතිවෙන්න හේතුවක් නොතිබුනුනිසා .. මම කැමතිවුනා .. ලගදිම..එයා මාව මැරිකරනවා..ඉතින්..මම කොහොමද..ඔයාට ආදරේ කරන්නෙ..?’
එයා අත් දෙකින්ම මූණ වහන් මගෙ පපුවට හිස තියාගෙන ඇඩුවා ..
“එතකොට ඔයා මට ආදරේ කලේම නැද්ද..?”
මම අහද්දි..එයාගෙ ඉකිය නැවතුනා
ඒ සැනින්ම එයා නැගිට්ටා .
“මම යන්න ඕන..අයියා අපිව දැක්කොත් ඒක හොද නැහැ.”
එයා කදුලු පිහිදමින් කියලා යන්න හැදුවා..මම එයාගෙ අතකින් තදින් අල්ලගත්තා..
“මම ඔයාගෙන් දෙයක් ඇහුවා..”
“මගෙ අත අතාරින්න..මට යන්න ඕන..”
එයා අත මුදවගන්න දැගලුව..
මම නැගිටලා එයාගෙ මූණට එබුනෙ ඒ බාහු වලින් තදින් අල්ලගෙන.
“එකම එක වතාවක්වත්..මට ආදරේ කලේම නැද්ද එතකොට..?”
මම අහද්දි ඒ ඇස් වලින් කදුලු බේරුනා..
“මේකට විතරක් උත්තර දීලා යන්න. ආයෙ ඔයාගෙ ජීවිතේට එන්නෙ නැහැ මම..”
මම කිව්වෙ ඒ කම්මුල් වල මගෙ දෙතොල් ගාවමින්.
“මාව ..තවත්..අසරණ කරන්න..එපා..රත්තරනේ ..මට හිත හදන්..එයාගෙ වෙන්න බැරිවෙයි…“
එයා ඉකිගගහා කියද්දි..මම තදින් එයාව වැලදගත්තා .
” මට තමුසෙව ඕන අක්කෙ…”
“අනේ…“
එයා ඇඩුවා.. මට තුරුලුවෙලා ඇඩුවා..
ඒත් එක්කම කරන්ට් එක ආවා..
“දැන් යන්න..කරන්ට් ආවා..”
මම එයාව තුරුලින් මෑත් කරලා කියද්දී .. එයා මගෙ කම්මුලකට අතක් තිබ්බා..
මට දැනුනා..ඒ අතේ උනුහුම..කම්මුල පසාරු කරගෙන යන තරන් තදට.
“මම එයාගෙ කදුලු පිහිදලා කම්මුලට තට්ටුවක් දාලා හිනාවුනා..”
“විසේකාරයා..”
එයා කිව්වෙත් හිනාවෙවී..
ඊලගට එයා කාමරෙන් යන්න ගියා..මම ආයෙත් තනිවුනා..
දුරස් වන්නට සිතන හැමවිට
තවත් ලංවෙනවා ..
මතක නැතිකරගන්න සිතුවිට
සිතේ රජවෙනවා ..
ජිවිතේ එහෙමයි.. දුක…සතුට දෙකම උරුමයි මේ ජීවිතයට.
මතකයනුත් ඒ වගේ ..
වෙලාවකට ඒ මතකයන්ගෙන් සතුටක් දැනෙද්දි.. තවත් වෙලාවකට දැනෙන්නෙ දුකක්..
මතකයන් අමතක කරන්න කොයිතරම් උත්සාහා කලත්..වතුරට දාපු රබර් බෝලයක් වගේ ආයෙ ආයෙත් උඩට මතුවෙනවා ..
ඈත්වෙන්න හිතුවත්..තව තවත් ලංවෙනවා ..
උසස්පෙලින් ඉහලම ප්‍රතිඵල අරන් මම සමත්වුනා ..
“මල්ලී..ඔයාට කෝල් එකක්..”.
බාත්රූම් එකේ හිටපු මට අක්කා කෑගහලා කිව්වා..
මම ඔලුවත් පිහිද පිහිදම එලියට ආවා
කාමරේට ඇවිත්.. ෆෝන් එක අරන් බලද්දියි දැක්කෙ..නොදන්න නම්බර් එකකින් බව..
මම ඒකට ආයෙත් ගත්තෙ මිස්ඩ් කෝල්ස් 3ක් තිබුනු නිසා ..
“හෙලෝ.. “
“හෙලෝ..”
“කවුද මේ..මට කෝල්ස් වගයක් අරන් තිබුනා..”
“ම්…මේ..මම…”
හ්ම්ම්..අදුනගත්තා..ඒ හඩ..මේ ඇහෙන්නෙ මාස හතරකට පස්සෙ..
එදා.. අපි එහෙ ගියාට පස්සෙ ඉදලා අද වෙනකම්ම..එයාව දැක්කෙවත් ඒ හඩ ඇහුනෙවත් නෑ…
අමතක වෙලානෙමෙයි.හිත හදාගන්න ඕන නිසයි මම කතාකරන්නවත් උත්සාහා නොකලෙ..
“හ්ම්ම්..කියන්න.”
“කන්ග්‍රැජුලේශන්ස් “
“තෑන්ක්ස්..”
“අයියා මට කිව්වා රිසාල්ට් එක..”
“හ්ම්ම්..”
“දැන් මොකක්ද ඉස්සරහට කරන්න හිතන් ඉන්නෙ.. කැම්පස් යනවා නේද..?”
“නෑ.. මම රට යන්න ඉන්නෙ..?”
“ර..ට..?”
“ඔව්..ඔසී වලට.. තව සතියකින්..”
මම කිව්වෙ ජනේලෙන් ඈත අහස බලාගෙන.
මම තීරනයක් අරන් තිබ්බෙ මේ රටින් යන්න.අවුරුදු කීපයක් දුරින් ඉදලා හිත හදන් ආයෙත් එන්න..
එයාගෙ සද්දයක් නෑ.මම හිතුවෙ තියලා කියලා..ඒත් නැ.. හීනි හුස්ම හඩවල් අතරින් පතර ඇහුනා..
“ඔයා ඉන්නවා නේද..?”
“හ්ම්ම්..”
“ඇයි කතා නැත්තෙ..?”
“ම්ම්..කවදද ආයෙත් එන්නෙ..?”
“අවුරුදු 7,8කින් විතර ..”
“අහ්..එච්චර…?”
“හ්ම්ම්.. “
“මම තියන්නම්..”
“සොරි..මට වෙඩින් එකට එන්න වෙන එකක් නෑ..”
“හ්ම්ම්..”
“බුදුසරණයි..සතුටින් ඉන්න..”
එයා කට් කරන්න කලින් එක කට්කලා
.ෆෝන් එක ගලවලා සිම් එක කඩලා දැම්මා.. ආයෙත් රට යනකම් ෆෝන් එක පාවිච්චි කරන්නෙ නෑ කියලා මම හිතාගත්තා..
මම ඇදුමක් දාන් එලියට ආවෙ හන්දිය පැත්තෙ රවුමක් දාන්න හිතාගෙන.
සාලෙ අතුගගා හිටපු අක්කා මගෙ දිහා අමුතු විදියට බැලුවා..
“මොකෝ..තමුසෙ නිකම් පිටසක්වල ජීවියෙක්ගෙ මොකක්ද එකක් දැකලා වගේ මගෙ දිහා බලන්නෙ..?”
මම හිනාවෙලා ඇහුවෙ ඒ කොන්ඩෙන් අදිමින්..
“ඔයාට රට යන්නම ඕනද මල්ලී..?”
මූණ ඇඹුල් කරන් අක්කා අහද්දි ..මට දුකත් හිතුනා..
‘ඔව් හලෝ”
“එතකොට ඔයා මගෙ වෙඩින් එකට ඉන්නෙ නැද්ද..?”
“ම්ම්..පුලුවන් වුනොත් එන්න බලන්නම්..ඒත් ගිය ගමන්ම නිසා බැරිවෙයි..”
“දුක නැද්ද ?”
‘දුකයි..ඒත් කැම්පස් පටන් ගන්න දවසට යන්න එපැයි හලෝ..”
“හ්ම්ම්..”
“මම.එන්නම්කො.අවුරුදු 2කින් විතර.ඔයාගෙ පොඩ්ඩව බලන්නත් එක්ක..”
මම කියද්දි..අක්කා අඩාගෙන ඇවිත් මට තුරුලුවුනා..
“යන්න එපා රත්තරං .”
“අනේ මගෙ පිස්සි.. මම ඉක්මනට එනවනෙ..ම්ම්..”
බොහොම අමාරුවෙන් එයාව සනසලා මම ගෙදරින් පැනගත්තා..
හන්දියට ඇවිදන් එද්දි..ඉව වැටිලා වගේ ජූඩා හංදියෙ.
“අම්මෝ.. තෝත් ආවද.?”
“නැතුව බං..මේ අපේ වැයික්කියනෙ..”
“හහ්.. ඒකත් එහෙමද..හාකො හාකො..”
මම හිනාවෙලා කිව්වා..
“මේ.. දෙව්නකයා.. එහෙනම් උඹ යනවනෙ අපිව දාලා..”
“ඈ යකෝ..තොට පයිත්තියන්ද ..මම යන්නෙ තෝත් එක්කනෙ..”
“අප්පට..ඔව්නෙ..අමතක උනා බං.. සමාව භාජනයකට දාපං ඈ..”
ජූඩා මගෙ උරහිසට අතක් දාගෙන කියව කියව හිටියා පැයබාගයක් විතර .
කම්මැලි කමේ ඉන්න බැරි නිසා මම ගෙදර ආවෙ ජූඩත් එක්කමයි.
ඒ එද්දි.. ග්ලිටර් අයිස්ගෙ ගෙදර අය ලොරියකට බඩු පැක් කරනවා..
නෙතුනි පාරෙ ඉදලා මාත් එක්ක හිනාවුනා.
“නංගිලා යන්නද මෙහෙන්..?”
‘ඔව් අයියෙ..අපි ආයෙත් කොළඹ යනවා..”
“ඇයි හදිසියෙම..?”
මම අහද්දි..එයා බිම බලාගත්තා.ටිකකින් එයා ඔලුව ඉස්සුවා…ඒ ඇස් වල කදුලු.
” අපි කොහොමත් කොළඹට යන්න හිටියෙ ආයෙත්.ඊටත් වඩා ..තාත්තා ඇක්සිඩන්ට් වෙලා අයියෙ..icu ඉන්නෙ..ඒනිසා ගමන ඉක්මන් කලා..”
“හ්ම්ම්..එහෙමද..?”
“ඔව් අයියෙ..
අහ්..මේ…අක්කගෙ ඩයරි එකක් හම්බුනා පොලීසියට. ඒකෙ අක්කාගෙ ජීවිතේ වුනු හැමදේම එයා ලියලා තිබුනෙ.. හැබෑයි..ඔයා ගැන හැර..”
“මම හැර..ඒ ඇයි..?”
“දවසක් එයා ඩයරිය ලියද්දි කිව්වා.. ඔයා ගැන ඩයරියක ලියලා තියාගන්න ඔන නැහැ..ඔයා ඉන්නෙ එයාගෙ හිත පතුලෙම කියලා..”
මට ග්ලිටර් අයිස්ගෙ ලස්සන මූණ මතක්වුනා..
හිතපුරාම කරන්‍ට් එකක් ගියා වගේ දැනුනා..
“ඩයරි ඒකෙ තිබුනා.. එයාව..එයාව..අපෙ තාත්තා..“
නෙතුනි අත් දෙකින්ම මූණ වහගෙන ඇඩුවා..
ඔය කාරනාව හොදකාරවම මම දන්න නිසා මම බිම බලන් හිටියා..
“ඔයා දැනගෙන හිටියද..?”
නෙතුනි එකපාරම අහද්දි..මම ඔලුව වැනුවා..
“අහ්..එහෙම වෙලත්..ඔයා අක්කට..?’
“හ්ම්ම්..ආදරේ කලා.ගොඩක්”
නෙතුනි මගෙ දිහා බලන් හිටියෙ පුදුමයෙන්.
“අම්මයි මමයි මේ දේවල් දන්නෙ නෑ.අයියෙ..අක්කා හිතන් ඉදලා තියෙන්නෙ අපි දන්නවා කියලා..”
“හ්ම්.එයා මට කිව්වා..”
“ඒත් .. අපි දන්නෙ නැ තාත්තා එයාව ඒ වගේ ජරා වැඩවලටත් යවලා කියලා.අපි දැනන් හිටියෙ එයා මොඩ්ලින් කරන්නෙ කියලා විතරයි..’
මට දුක හිතුනා.. ඇත්තටම ග්ලිටර් අයිස් හිතන් හිටියෙ නෙතුනිලා මේවා දන්නව කියලා..ඒත් ඒක එහෙම.නැහැ..
“තාත්තට පල දුන්නෙ කරපු වැරදි වලට දඩුවම අයියෙ.. එයාගෙ කකුල් දෙකම කපලා අයියෙ ඇක්සිඩන්ට් එක නිසා..”
“අහ්..’
‘ඔව් අයියෙ.. අම්මා මේ දේවල් දැනගත්තම තාත්තව ඩිවෝස් කරන්න ගියෙ ඒත්.. හදිසියෙම එයා ඇක්සිඩන්ට් වුනානෙ…දැන් ඉතින් අම්මා හිත හදන් ඉන්නෙ. ඉන්න ටික කාලෙදි හරි තාත්තට සලකගෙන ඉන්න.. දැන් එයා අසරන වෙලා.ඉන්න විදියට අතාරින්න බෑනෙ අපිට..”
“හ්ම්ම්.ඒක ඇත්ත නංගි..”
“අක්කා ගැන අපිට දුකයි අයියෙ..පුදුම තරම් දුකයි..”
නෙතුනි කදුලු පිහිදමින් කිව්ව..
“හැබැයි එකක්..එයා ජීවිතේ සතුටින්ම හිටියෙ ඔයා හම්බුනාට පස්සෙ …”
නෙතුනි එහෙම කියලා ඇතුලට ගියා..
ජූඩා මේ සීන් එක කට ඇරන් බලන් හිටියෙ ඌටත්හිතාගන්න බැරිවුනු නිසා.
මම ජූඩවත් ඇදන් ගෙදර ආවෙ හිත ආයෙ ආයෙත් ග්ලිටර් අයිස් ගැන දුක් වෙද්දි..
මතුසම්බන්ධයි .
එශ්