~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~04 කොටස

සිහින අයියා හමුවීමෙන් පසු දිවියේ තිබු පාළුව මැකී ගොස් …. මා උන්නේ බොහෝ ප්‍රිතියෙනි …අම්මා හෝ තාත්තා මගේ වෙනස දකින්න නැත ..ඒ ඔවුන් මා ගැන වද නොවූ හෙයිනි …. ඕනෑවට වඩා සිනාසීමට … මා පුරුදු වුවෙමි ..

‘ නාලිකා ඔයාට මොන අඩුවක්ද …. මේ ගෙදර දරුවෝ දාලා හැම වෙලේම පිටරට දුවන්නේ …’

‘දරුවෝ හිටියා කියලා මට මගේ නිදහස සිමා කරගන්න බෑ … මේක මගේ ජිවිතේ කාටවත් ඕන විදිහට නෙවෙයි මම ජිවත් වෙන්නේ …’

අම්මා සහ තාත්තා අතර බහින් බස් වීම ඇසි මා කාමරයෙන් පිටතට දිව ආවෙමි …. ඔවුන් අතර කිසි ආදරයක් නොතිබූ බව දැන උන්නද …ඔවුන් කිසිදාක නිවසේ අප ඉදිරියේ බහින් බස් වී නැත

‘ඔයා දැන් ඔය ගමන නවත්තන්නේ නැහැ එහෙම නම් ..’
‘ඔව් මම යනවා …… මාව කුස්සිය මුල්ලට හිරකරලා තියාගන්න කාටවත් බෑ .. ‘’

තාත්තා අත ඔසවා අම්මාගේ කම්මුලට පහරක් ගසද්දී ඈ වේදනාවෙන් මුහුණ කළුකරගෙන කම්මුල අල්ලාගෙන අඩන්න වන්නිය …
‘අනේ මේ රණ්ඩුව නවත්තන්න තාත්තා …’

අම්මා පිළිබද කිසිදාක කනගාටුවක් හිතට එබෙද්දි මා ඔවුන් අතරට පැන්නෙමි…
‘යනවා ගිහින් ඕන දෙයක් කරගන්නවා ….’
තවත් කිසිවක් නොකියා තාත්තා ගෙයින් එලියට් බැස යද්දී අම්මා කාමරය දෙසට ඇදුනේ බිමට රවාගෙනය …

මා උන් තැනම විනාඩි ගානක් රැදි උන්නේ සිදුවුවේ කුමක්ද කියා තේරුම් ගැනීමට උත්සහ කරමිනි … අම්මා ආයෙමත් පිටරට යනවාද … තාත්තා මින් පෙර අම්මා රට යනවිට මෙලෙස ඈ නතර කිරීමට උත්සහ කරද නැත …

********
‘අයියා …’
මා දුරකතනය අතට ගෙන සිහින අයියාට කෙටි පණිවුඩයක් යැවුවෙමි …..
‘ඇයි මැණික ..’
‘මට කෝල් එකක් ගන්නවද ..’
මගේ ඉල්ලීම නිසා ඔහු සැනෙකින් මගේ දුරකථනයට ඇමතුමක් ගත්තේය …
‘ මැණික ඇයි කෝල් කරන්න කියලා කතා කරන්නේ නැත්තේ …’
ඔහු විමසුවේ ඔහු කියන්න සවන් දී උන්නා මිස මා කතා බහ නොකළ හෙයිනි
‘මට දුකයි අයියා …’
‘ඇයි දුකින් ඉන්නේ මගේ මෝඩ කෙල්ල …’
‘කවදාවත් නැතිව අද අම්මයි තාත්තයි රණ්ඩු උනා අයියා ..’ මා ඇසින් කදුලක් බිමට වැටෙද්දී මා වදන් මිමිණුවෙමි ….
‘මොකක්ද උනේ නංගි ..’
‘අම්මා ආයෙම රට යන්න හදන්නේ …. තාත්තා එපා කියද්දියි අම්මා යන්න යන්නේ . ….. අද එයාලා දෙන්නා ගොඩක් කියවා ගත්තා අයියා … පස්සේ අම්මාට තාත්තා අත ඉස්සුවා …. මොන ප්‍රශ්නේ තිබ්බත් ඔච්චර කාලෙකට ඒ දෙන්නා ඔහොම රණ්ඩු වෙලා නැහැ අයියා …’

මට ඉකිබිදීම නවතා ගත නොහැකිව මා කියාගෙන ගියෙමි ….

‘දැන් ඔයා නාඩා ඉන්න මැණික …. ඔයා ඇඩුවා කියලා ඔය ප්‍රශ්නේ විසදෙනවා නම් ඔයාට ඕන තරම් අඩන්න දෙන්න තිබ්බා . ….ඒත් එහෙම වෙන්නේ නැහැ නේ …’

සිහින අයියා ඇමතුම විසන්ධි කලේ බොහෝ දේ කියා මගේ සිත සැනසීමෙන් පසුවය ..
ඉන් අනතුරුව එළබි සතියේදී අම්මා පිට රට යන්න ගියේය ..එදා සිද්දියෙන් පසු නැවත රට යනතුරුම තාත්තා අම්මා හා කතා බහ කලේ නැත … අම්මා නැති පාළුව මගේ සිතට නොදැනුනේ ඇය මවකගේ සෙනෙහසින් මගේ හිතට ලංවී නොවුන් නිසා විය හැකිය ….
******
‘අයියා කොහෙද ඉන්නේ …’ කාමරයේ දොරගුළු ලාගෙන මා සිහින අයියා ඇමතුවෙමි ….
‘මම මේ ගෙදර යන ගමන් මැණික … ‘’
මට පාළුයි අයියා …’
‘මගේ රෝසි මොනාද කරන්නේ දැන් ..’
‘මම තරු දිහා බලන් ඉන්නවා අයියා … ඔයා ඉන්න තැන ඉදලා පොඩ්ඩක් අහස දිහා බලන්නකෝ …… ඔයාට පේනවාද පහන් තරුව ’ මා උන්නේ කාමරයේ බැල්කනි එකෙන් එපිට අහස පුරාවට ඇති තරු දෙස බලමිනි ……
‘ ම්ම්ම් …බැලුවා මොකක්ද පහන් තරුව කියන්නේ ..’

‘ඔයාට පේනවාද ලස්සනට ගොඩක් දීප්තිමත්ව තියෙන තරුවක් .. ඒක තමා පහන් තරුව කියන්නේ …අයියා දන්නවාද ඒ තරුව තමා අහසේ ඉස්සරලාම පායන තරුව … පහන් තරුව දිහා බලාගෙන ප්‍රාර්ථනාවක් කලොත් ඒක ඉෂ්ට වෙනවාලු ..’
‘ම්ම්ම්ම්..පේනවා ….. දැන් කියන්නකෝ මගේ මැණික මොනාවද ප්‍රාර්ථනා කලේ පහන් තරුව දිහා බලාගෙන … ‘
‘මම ප්‍රාර්ථනා කරන්නේ ඔයාව විතරයි අයියා ….’
‘පිස්සු කෙල්ල … මෝඩ කතා කියන්න එපා …. තරුවකට පුලුවන්ද අපි පතන දේවල් දෙන්න …’
‘බලන්නකෝ දවසක ඔයා මගේම වෙනවා එතකොට ඔයාට හිතෙයි මම කිව්වේ ඇත්ත කියලා ..’
‘හරි හරි ඒක බලමුකෝ පස්සේ … රෝසි දැන් කාලාද ඉන්නේ ..’
‘තාම නැහැ අයියා ….ඔයා ගෙදර ගිහින් මැසේජ් කරන්න …එතකොට දෙන්නම එකට කමු …’
‘හරි මම තියන්නම් මැණික ..’
‘බුදුසරණයි අයියා ..’
බොහෝ වෙලා අහස දෙස බලා උන් මා කාමරයෙන් පිටතට ගියේ සිහින අයියා නිවසට ගොස් ආහාර ගැනීමට සුදානම් බව කියූ පසුවය .
******
ඒ රාත්‍රීයේ කාමරයේ යහන මත හාන්සි වී උන් මා දුරකතනය අතට ගත්තෙමි
‘අයියා කෝ ඔයා …’

වදන් කීපයක් සටහන් කර මා සිහින අයියාට කෙටි පණිවුඩයක් යැවුවෙමි .. බොහෝ වෙලා යනතුරු ඔහුගෙන් පිළිතුරු නොලැබුන හෙයින් මා ලය මත දුරකථනය රදවාගෙන දෑස් පියා ගතිමි ..

‘බබී කාගේද මේ ෆෝන් එක ..’

තාත්තා යහන අසල හිද මා දෙස බලා උන්නේ යකෙකු මෙනි … මා කාමරයේ දොරගුළු විවර කර තිබු බව මට සිහිවුවේ එවිටය ….

‘ මේක …මේක … ’ මා ගොත ගසන්න වුනෙමි ..

‘කියපන් කවුද මේක අරන් දුන්නේ …’
මා කදුළු වැටෙන දෑස් බිමට යොමාගෙන දුරකථනය සගවා ගැනීමට නිෂ්පල උත්සාහයක යෙදුනෙමි ….

‘කෝ දීපන් මෙහාට ….’ මා සුරතේ ගුලිකරගෙන උන් දුරකතනය තාත්තා උදුරාගත්තේ විදුලි වේගයෙනි …මා ඉදිරියේම දුරකථනය පරික්ෂා කර ඔහුගේ මුහුණ අදුරු වෙද්දී මාගේ දෙපා පවා අප්‍රාණික වී යන්න විය … දැන් කුමක් සිදුවෙනු ඇතිද ..

‘කවුද සිහින කියන්නේ ….. කියාපන් මොකාද ඒකා ..’

තාත්තා වියරු වැටි උන්නේය …

‘ අයියා කොලඹ ඉන්නේ …. බාප්පලාගේ ගෙවල් ලග …..ටෙක් යද්දී තමා එයාව හම්බ උනේ ’ මා සිතට දිරිගෙන කියා දැමුවෙමි …මුසා පැවසුවොත් ඔහු මිට වඩා කෝප වෙන බව මා දැන උන්නෙමි ….

‘උබට මිනිහෙක් ඕන නම් උබට ගැලපෙන එකෙක් මම හොයාලා දෙන්නං එතකන් ගෙදරට වෙලා ඉදපන් ..ටෙක් යන්න ඕන නැහැ … උබට ඉගෙන ගන්න නෙවෙයි නේ ඕනේ …ආදරේ කරන්න නේ .. ‘’

මා ඉදිරියේම දුරකතනයෙන් ඔහු සිහින අයියාගේ අංකයට ඇමතුමක් ගත්තේය .. සිහින අයියා සිතන්න ඇත්තේ මා කියා විය යුතුය …..

‘තමුන්ද සිහින කියන්නේ ..’

‘ මම නිකිණි ගේ තාත්තා තමුන් මගේ දුවත් එක්ක තියෙන සම්බන්ධෙ මේ අද ඉදලාම නතර කරන්න ඕන …මගේ දුවට සුදුසු කෙනෙක් අපි හොයලා දෙන්නම් …ආයේ එහෙම මේ සම්බන්ධෙ දුර ගෙනියලා මාව නරක මිනිහා කරගන්න එපා …’

තාත්තා බොහෝ දේ කියා සිහින අයියාට අවමන් කරද්දී මා ඉකිබිදමින් අඩන්න වූවෙමි … අනේ තාත්තේ මට සිහින අයියා විතරයි ඕන ….එලෙස පැවසීමට අවශ්‍ය වුවද මා මුව ගොලුවී තිබුනේය ..

ඉතින් අවසානයේ තාත්තා යන්න ගියේ මා සතුවූ එකම වස්තුව දුරකථනයද මගෙන් පැහැර ගනිමිනි … ඉතින් ආයේ නම් කිසිදිනක මට සිහින අයියා මුණ ගැසීමට නොහැකි වනු ඇත … මා කදුළු සැලුවේ ටෙක් යෑම අත්හිටවීමට වඩා සිහින අයියා ඇමතීමට තිබු දුරකථනය අහිමි වීම ගැන දුකිනි ….

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *