~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~10 කොටස
හඩා වැලපිමෙන් තාත්තාගේ හදවත උණු කල නොහැකි බව දැනගෙන මා ගහක් ගලක් මෙන් ඔහේ බලා උන්නෙමි …. තවත් දින කීපයකින් ඔවුන් මා දැකීමට පැමිණියේය …
තරිදු ජයසේකර මා බැලීමට පැමිණියේ ඔය ලෙසටය …. කිසිදු සිනාවක් නොවූ මුහුණේ උවේ දැඩි බවකි …. දුටුවනම මට ඔහු පිළිකුල් පුද්ගලයකු බවට පත්වුයේ … ඒ දෑසේ වූ බැල්මටද … එසේත් නොමැති නම් ඔහුගේ නොමනා හැසිරීමටද නොදනිමි …
මම්මා මා ඔහු අසල තනි නොකිරීමට වග බලා ගත්තේ මා පෙර පරිදි හිතුවක්කාර කමක් කරාවි යැයි සිතා විය යුතුය ….
‘ නංගි ඔයා මොනවද කියන්නේ …මම ඔයාට කැමති …ඔයත් කැමති නේද ..’ ඔහු කියෙව්වේ ඔහුට ඕනා දේවල් පමණි … මා පවසන්නේ කුමක්ද යැයි හෝ ඔහු සැලකීමත් නොවුවේය … මම්මා දෑස මානයේ උන් නිසා මා මුවින් නොබැන ඔහේ බලා උන්නා පමණි ….මගේ නිහඩ බව කැමැත්ත කියා ඔවුන් සිතන්න ඇත …
‘ අපි කැමති වෙඩින් එක ඉක්මනටම කරන්න …මේවා පස්සට දාන්න ඕන කාරනාවල් නෙවෙයි … ‘’
මනාලයාගේ පස කාන්තාවක් මට කැමැත්ත පල කලේ එලෙසය ..
‘අපි හොද නැකතක් බලලා වෙඩින් එකට ඩේට් එකක් ෆික්ස් කරලා ඔයාලාට කියන්නම් ..’
තාත්තා මගෙන් කිසිවක් නොවිමසා මංගල්‍යය සදහා කැමැත්ත පළකරද්දී මා නෙතින් ලොකු කදුළු කැටයක් එළියට පැන්නේය … එතනින් පැන දුවන්න උවමනා උවද මා නොසෙල්වී ඔහේ බලා උන්නා පමණි …
ඉතින් එදායින් පසුව කටයුතු සිදු වුනේ මට උවමනා ආකාරයට නම් නොවේ … තාත්තා හනික මංගල්‍යය සදහා කටයුතු සුදානම් කරන්න වුවේ මා සිහින අයියා සමග පලා යයි කියා සිතා විය යුතුය
‘බබී ඔයාට කෝල් එකක් ….’
යහනේ වැතිරී සිහින අයියා සිහි කරමින් කදුළු සලමින් උන් මට කතා කලේ මම්මාය … නිවසේ දුරකථනය අත්හිටවා තිබු බැවින් ඇමතුම විත් තිබුනේ මම්මා ගේ ජංගම දුරකතනයටයි …
‘හෙලෝ …’ මා කතා කලේ කවුද කියා දැන හෝ නොවේ ..
‘හෙලෝ නිකිණි මම ….’ එහා පස රැදී උන්නේ තරිදු අයියාය ..
‘නිකිණි මම බිස්නස් වැඩකට කලම්බු ආවා ….. මට හිතුනා තනියට ඔයත් හිටියා නම් හොදයි කියලා ..’
ඔහු කියවන දේවල් අසා උන්නා මිස පිළිතුරු බදින්න මට උවමනා වුවා නම් නොවේ .. මා නම් කිසිදිනක ඔහු හා ඔවැනි ගමන් නොයමි …
‘දන්නවද අද රෑට ඩිනර් එක තියෙන්නේ පයිව්ස්ටාර් හොටෙල් එකක ….ලංකාවේ ප්‍රසිද්ද බිස්නස්මන්ලා ගොඩක් අය අද එතනට එනවා … ‘’
කතා කරද්දී ඔහුට මා පිළිතුරු දුන්නා හෝ නොදුන්නා කියා පලක් නොවිය .. තොර තෝංචියක් නොමැතිව ඔහුගේ කියවිල්ල අසා සිටීම මට නම් හිස රදයකි .. මා උන්නේ ඔහු දුරකතනය තබන්නේ කොයි වේලාවේද යැයි සිතමිනි …
‘එහෙනම් මම තියන්නම් අයියා …මගේ ඔළුව රිදෙනවා ….’ මා එලෙස පවසා දුරකථනය විසන්ධි කර දමද්දී මම්මා රැවුවාය ….
‘මොකද ඔයා ඒ කලේ … අර ළමයා කතා කරද්ද ෆෝන් එක කට් කරලා දැම්මා … ‘
මා යන්න යද්දී මා නවතාගෙන මම්මා දොස් කියන්න වුවාය …
‘ඇයි මම්මා මට වද දෙන්නේ ඔයාලා …මම එයා ට ආදරේ නැහැ ..ආදරේ කරන්නත් බෑ …’
මම්මා තුරුලට පැන මා අඩා වැටෙන්න උනෙමි …
‘මේ අහන්න බබී …. සල්ලි තියෙනවා නම් ආදරේ එනවා … ආදරේ තියෙන්න ඕන නැහැ ජිවත් වෙන්න … කාලය හැම දෙයක්ම විසදයි …ඔයා එයාට ආදරේ කරන්න පුරුදු වෙයි ..’
මම්මා මා සනසන්න වෙර දැරුවාය …. ඇය නොදැන ඉන්න ඇත සල්ලි වලට ආදරේ සම කිරීමට නොහැකි බව .. කුඩා කල පටන් ආදරේ හරි හැටි නොලද මට උවමනා වුවේ සෙනෙහස පමණක්මය ….
*******
සිහින අයියාට ඇමතීමට ක්‍රමයක් නොමැතිව මා සිතින් බොහෝ විදවමින් උන්නෙමි … දමා තිබු තහංචි වැඩි වුවා මිස අඩුවුවා නම් නොවේ …
‘ නිකිණි ගමනක් යන්න එනවා මාත් එක්ක …’
‘මම ලැහැස්ති වෙලා එන්නම් තාත්තා .’
‘එපා ඕන නැහැ …. ඔහොම හොදයි …. ඉක්මන් කරලා යන්න ඕන ..’
යන්නේ කොහිද යැයි කියා හෝ මා තාත්තා පසු පස වැටුනෙමි .. තාත්තා මා සමග ගියේ මගේ මංගල උත්සවයට ජයාරූප ගැනීම සදහා ශිල්පියෙකු මුණ ගැසීම සදහාය …. තාත්තා සියලුම දේ කතා බහ කරද්දී මා පබයෙකු මෙන් ඔහේ උන්නා පමණි ….
සියල්ල කතා බහ කරගත් පසු තාත්තා මා සමගින් සාප්පු සංකිර්ණයකට ගොස් ඇදුම් කීපයක් මිලදී ගෙන දුන්නේය ..
‘ අපි දැන් බාප්පලාගේ ගෙදර ගිහින් යමු ….’
රාත්‍රී අදුරත් සමග තාත්තා පසු පසින් වැටි බාප්පාගේ නිවසට ගොඩ වූ මා තාත්තා කතා බහ කරමින් සිටියදී කාමරයක් තුලට වැදුනේ ගිමන් නිවා ගන්න නම් නොවේ …. සිහින අයියා අමතා මා මේහි පැමිණි බව පැවසීමට ක්‍රමයක් තිබුනා නම් හොදය ….එහෙත් මා බෙහෙවින් අසරණව උන්නෙමි ..
රාත්‍රිය ගෙවී උදෑසන වනතුරුම මා උන්නේ නොනිදා සුසුම් හෙළමිනි …. සිහින අයියාගේ සුවද දැනෙන මානයේ උන්නද ඔහු හමු නොවී පිටව යෑම දුකකි ..එහෙත් මා දරාගෙන තාත්තා සමග මගට බැස්සෙමි ..
සිහින ඔහු උන්නේය ….යාළුවක් සමග සෙල්ලම් කරමින් පාරේ රැදී උන් ඔහු මා දකින්න ඇත … ලගින් බොහෝ ලගින් මා ඔහු පසු කර ඉදිරියට ඇදෙද්දී ඔහු හුල්ලන්න ඇත …. පපුව පිච්චේද්දී බිමට රවාගෙන ගමන් කළා මිස මදක් හෝ හිස උස්සා මා බැලුවා නම් නොවේ … හදවත ගැලවී සුනු විසුනු වී ගොස් මා බිංදුවටම කඩා වැටි උන්නෙමි …… දෑස් වලින් ගලන්න දැගලු කදුළු බිදු අත්ලෙන් පිස දමා ගත් මා හුස්මක් උව නොගෙන තාත්තා පසු පස වැටි ගියේ ඔහු දුටුවහොත් සිදුවන්නේ නපුරක් බව දැනගෙනය …
මතු සම්බන්ධයි