~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~16 කොටස
සිහින අයියාගේ සෙනෙහෙවන්ත මුහුණ දෙස බලා සැනසීමටය මට උවමනා වුවේ .. රාජකාරි කටයුතු නිමවා ඔහු එනතුරා මා මග බලා උන්නෙමි … ඔහු එනතුරා බලා සිට විඩාපත් වූ සිත ඔහු ඉල්ලා කෑ ගසද්දී මා කලේ දුරකථන කුටියකට ගොස් ඔහු ඇමතිමය … කතා කලේ වදන් දෙක තුනක් වුවද එය මගේ සිත සනසා ගැනීමට ප්‍රමාණවත් විය …. අන් පෙම්වතුන් මෙන් පැය ගණන් දුරකථනයෙන් දොඩමළු වීමට අප දෙදෙනා අතම මුදල් උවේ නැත … ඉතින් අප දෙදෙනා සැනසුනෙමි ලගදීම හමුවී ඇති තරම් දොඩමලු විය හැකි බව සිතා අපි සිත් සනසා ගතිමු ..
හෙමි හෙමින් ගෙවුණු සති කීපයකට පසුව අවසානයේ ඒ දිනය එළැබියේය … සිහින අයියා මා දැකීමට එන බව කියා නයනි අක්කාගෙන් මා අවසර ගත්තේ දින ගානකට පෙරය …. ඇය විරුද්ධ නොවුවේ ගෙයින් පිටතදී අප හමුවී කරදරයක් කර ගනී යැයි සිතා විය යුතුය …
පෙර දා රෑ පුරාවටම මට නින්දක් නොලැබුණේ සිහින අයියා දැකීමේ නොඉවසිල්ල නිසා වෙන්න ඇත …. උදෑසන හිරු එලිය පොළව සිපගන්නටද මත්තෙන් අවදිව ශීතල දියෙන් ගත දොවාගත් මා සිහින අයියා දැකීමට හැඩ වැඩ උනෙමි …
‘නයනි අද බලන්නකෝ නිකිනිගේ ලස්සන … ‘ සජිත් අයියා සහ නයනි අක්කාගේ මලනුවන් දෙනුවන් මා දෙස බලමින් ඔච්චම් කළේය
‘අද උදේ ඉදලා පාර බලනවා … බය වෙන්න එපා කුමාරයා දැන් වඩියි …..’
ඔවුන්ගේ විහිලු තහළු නිසා මා ලැජ්ජාවෙන් දෑස් බිමට යොමා උන්නෙමි …. දිවා කාලය වෙනතුරුම බලා උන් මා ඉවසිල්ලක් නොමැතිව නයනි අක්කා සොයා ගියෙමි …
‘මොකද මේ ඇබරෙන්නේ … ‘’ නයනි අක්කා නිහඩව ඈ දෙස බලා උන් මා දෙස බලමින් ඇසක් ගැසුවාය ..
‘අක්කා අයියා තාම ආවේ නැහැ නේ … කෝල් එකක් ගන්නද ..’
‘හා හා ඉතින් ගන්න …ඔන්න ඔය ෆ්‍රිජ් එක උඩ ෆෝන් එක ..’
ඇගෙන් අවසර ගෙන මා හනික සිහින අයියාගේ දුරකථන අංකයට ඇමතුමක් ගත්තෙමි
‘අයියා කොහෙද ඉන්නේ …’
‘මොකද මාව දකින්න ඉවසිල්ලක් නැතිවද ඉන්නේ … මේ එනවා බබෝ ..’
‘අනේ අයියා ගොඩක් වෙලා යයිද ..’
මට ඔහු දකින තුරු ඉවසිල්ලක් නැත ..
‘මේ කැලණියේ ඉන්නේ තව පැයකින් මම ඔයා ලග … ’
ඔහු දුරකථනය ආපසු තැබුවේ මෙහි එන මාර්ගයද මගෙන් දැනය … ඉතින් මා මිදුලට බැස ඔහු එනතුරු දෑස් රිදෙන තුරාවට බලා උන්නෙමි … අවසානයේ ඔහු ආවේය ….මාස ගානකින් නොදුටු ඒ රුව දැකීමෙන් හිතට දැනුනේ සුවයකි ….
‘මගේ මැණික …’
ඔහු එන පෙර මගට දිව ගිය මා ඔහු ඉදිරියේ නැවතී නෙතු නොපියවා මොහොතක් බලා උන්නෙමි … ඔහුට තවත් ඉවසා සිටිය නොහැකි වන්න ඇත….. මගේ අතකින් අල්ලා ……. මා ඔහු වෙත ඇදගත් සිහින අයියා මහ පාර කියා හෝ නොබලා හිසෙන් අල්ලා ඒ උණුසුම් පපුවට මා තුරුළු කරගත්තේය .. අදහන්න මට සැනසීමක් දැනුනේය ….මාස ගානකට පසුව මා ජිවත්වෙනවා යැයි කියා මට දැනුනේ එවිටය … ඒ හදවත ගැහෙන රාවය බොහෝ …බොහෝ … ලගින් මට ඇසෙද්දී .. මගේ නෙතු මතින් ගිලිහුණු සීතල කදුළු ගොඩකින් සිහින අයියාගේ කමිසය තෙත් වෙන්න විය ..
‘අයියා අන්තිමේදී ඔයා ආවා ..දන්නවද මට කොච්චර පාළුද කියලා …’
‘මම දන්නවා මැණික මම ආයෙම ඔයා දාලා යන්නේ නැහැ …මොන දේ උනත් ඔයා ලගටම වෙලා ඉන්නවා ..’
ඉතින් මා ඔහු දුන් ඒ පොරොන්දුව ඇදහුවෙමි …
‘පිස්සි අඩන්න එපා ..මේ පාරේ අපි දෙන්නා ඉන්නේ ..’
සිහින අයියා එය සිහි කරන තුරුම මා කලේ ඔහුට තුරුලුව ඉකිබිදිමය … ඔහුගේ පපුවෙන් මිදී …ඒ අතක එල්ලී මා නිවස දෙසට යද්දී නයනි අක්කා ඇතුළු සියලු දෙනා අප දෙස බලා උන්නේ සිනාසෙමිනි ..
‘උබ ඕන වෙලාවක ඇවිත් නිකිණි නංගිව බලලා පලයන් …. අපි මේ කෙල්ලව බලා ගන්නේ අපේම නංගි කෙනෙක් වගේ ….උබත් ඒ වගේම ආරක්ෂා කරගන්න ඕන මේ කෙල්ලව …. ’’
සජිත අයියා සහ දෙනුවන් මල්ලි බොහෝ වෙලා සිහින අයියා සමග විස්තර කතා කරමින් උන්නේය …ඔවුන් ඒ කාලය තුල බොහෝ සමිපයන් බවට පත්වූවේය ….
‘මට දැන් තමා නිකිණි හිතට සැනසිල්ලක් දැනුනේ .. මේ මිනිස්සු ගොඩක් හොදයි … ඔයාට කිසි කරදරයක් නැහැ ….. ඔයා වාසනාවන්තයි ..’
මිදුලේ ලි බංකුවේ අසුන්ගෙන මට ලංව සිහින අයියා උන්නේ බොහෝ සතුටෙනි ….
‘ඔව් අයියා මට දැන් තමා හුස්ම ගන්නවා කියලා දැනෙන්නේ … දන්නවද මම ගොඩක් බයෙන් හිටියේ තරිදු එක්ක යන්න එයා බේබද්දෙක් …. මම එයාව මැරී කරානම් ජීවිතේම ඉවරයි …’
‘මිනිහා ඔයා එක්ක තරහෙන් ඇත්තේ …’
‘ඔව් තරහෙන් ඇත්තේ . …මට බයයි වගේ … ‘
‘බය වෙන්න එපා එයාට ඔයාව හොයාගන්න බැරි වෙයි ..’ එලෙස පැවසුවත් ඔහුගේ ඒ වචන වල තැවරී තිබු බිය හොදාකාරව මා හදුනාගෙන උන්නෙමි …
‘මම බය නැහැ දැන් ඔයා ඉන්නවා නේ මගේ ළහ …’
මා ඔහු දෙස සෙනෙහස ඉතිරෙන බැල්මකි හෙළුවේ …මගේ බැල්ම දරාගැනීමට නොහැකිවා මෙන් බලා උන් ඔහු එකවරම මා තුරුළු කොටගෙන සෙනෙහෙන් බොහෝ සෙනෙහෙන් මගේ කෙහෙ රෝද අතරින් සුරත යවා මෘදු ලෙස මා හිස පිරිමැද්දේය ….
‘අයියා ඔයා හැමදාම මගේ ලගින් ඉන්නවා නම් මට මේ මුළු ලෝකෙම එක්ක සටන් කරන්න පුළුවන් …’
‘මම ඉන්නවා රෝසි … ඔයා ලග …’
සැදෑ යාමට එළබෙන තුරාවට පැය ගානක් අප ඔහේ දොඩමින් උන්නෙමු … දැන් ඉතින් කිසිවෙකුගෙන් අපට බාධාවක් නොමැත ….. අපට උන්නේ අප දෙදෙනාම පමණි … ඉතින් ඒ සෙනෙහ සෙනෙහ වඩ වඩාත් මට උවමනා විය …
*****
ඒ මාසය අවසන් වන විට කාමර කුලිය හෝ දීමට නොහැකිව මා බොහෝ අසරණව උන්නෙමි …සිහින අයියාගෙන් උව මුදල් ඉල්ලා සිටිය නොහැක්කේ ඔහු උන්නේද ගැටළු රාශිකට මැදිව හෙයිනි…කල හැකි දෙයක් නොමතිම විට මා තීරණයක් ගතිමි ….
‘ ඉෂාරා මට පොඩි උදව්වක් කරනවාද ..’
‘මොකක්ද කියපන් ….කරන්න පුළුවන් දෙයක් නම් නොකර ඉන්නේ නැහැ ..’ ඉෂාරා මා සමග බොහෝ ලෙන්ගතුව උන්නාය …. ඉතින් ඈ මා නමින් උදව් කරන බව මා දැන උන්නෙමි …
‘මේ කරාබු දෙක උකස් තියලා මට සල්ලි ටිකක් හොයලා දීපන් ..’
මට තිබුණු එකම වස්තුව එයයි … නිවසින් කියා වටිනා යමක් ගෙනාවනම් .. ලොකු ලමයෙක් වෙන දා අම්මා මා කනේ පැළදු තෝඩු දෙකයි …. ඉතින් මා මෙය උකස් කරන්න තීරණය කලේ කිරීමට දෙයක් නොමැතිම නිසාය ..
‘උබට පිස්සුද බන් කනේ තියෙන දෙක විකුණන්න ..’
ඉෂාරා කම්පා වුවාය …
‘මට කරන්න දෙයක් නැහැ ඉෂාරා ..නයනි අක්කලාට උනත් කරදර කරන්න මම කැමති නෑ .. මම වගේ පිට කෙනෙක්ට එයාලාට හැමදාම නිකන් කන්න දෙන්න බැහැ නේ ..’
‘අනේ මන්දා බන් …. මට නම් අවුල් උබ ඔය කරාබු දෙක විකුණනවාට …. ඒ උනාට් මාත් ගොඩක් අසරණයි නැති නම් උබට උදව් කරනවා … ‘’
අවසානයේ ඈ අසල බැංකුවකට ගොස් කරාබු දෙක උකස් කර මුදල් ගෙන ආවේ කිරීමට දෙයක් නොමැති නිසාය …
****
කරාබු දෙක උකස් කල මුදලින් මාසික කුලිය ගෙවා ……මාසික වැටුපෙන් මා රුපියල් දෙතුන් දාහක් වියදම් කර ජංගම දුරකථනයක් මිලදී ගත්තේ සිහින අයියා ඇමතිට ක්‍රමයක් නොතිබූ නිසාය ….
‘නිකිණි කොහෙද ඉන්නේ ..’ සාප්පුව වසා දමන වෙලාව ආසන්න වන විට ඇමතුම ආවේ සිහින අයියා ගෙනි …
‘ෂොප් එකේ අයියා ඉන්නේ ..’
‘එහෙනම් පහ වෙද්දී කැන්ඩි එක ලගට එන්න ..මම මේ ලගට ආවා වැඩකට ….’
‘හා අයියා මම ඉක්මනට එන්නම් ..’
මට දැනුනේ සතුටකි …. මේ සිහින අයියා දකින්නේ දින ගානකට පසුවය … ඉතින් මා සාප්පුව වසා දැමු විගස මිටෙන් හල කිරිලියක සේ සිහින අයියා දැකීමට දිව ගියෙමි ..
‘මේ ලගට ආවා නිකිණි …ඒ ගමන් ඔයාව බලන්න ඕන කියලා හිතුනා ..’
මා සිහින අයියාගේ අතේ ඇගිලි අතරින් මගේ ඇගිලි යවා ඒ සුරත ග්‍රහණය කරගද්දී දැනුනේ ඔහුගේ ජිවය හා මගේ ජිවය මුසුවී එක් අයෙකු බවට පත්වෙන්නක් මෙනි …
‘මාත් ඔයාව බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ අයියා ..එදා ඇවිල්ලා ගියාට පස්සේ මට ඔයාව දකිනකන් ඉවසිල්ලක් තිබ්බේ නැහැ … ‘’
‘මටත් එහෙමයි මැණික ..මේ සුදු මුහුණ හීනෙනුත් මට වද දෙනවා …’
ඔහු මා දෙස බලා උන්නේ ආදරයෙනි … එක්වරම ඔහුගේ මුහුණ වෙනස් වී ගියේය ..
‘මොකද මේ කන්දෙක පාළුවට ගිහින් ..කරාබු දෙක දාන්න අමතක උනාද …’
පිළිතුරු දිය නොහැකිව මා බිම බලා ගත්තෙමි …. සිහින අයියාට මුසාවක් පැවසිය නොහැකිය …
‘කියනවා මොකද මේ බිම බලාගත්තේ ….හොරයක් කරලා වගේ …’ ඔහුගේ කටහඩේ තිබුනේ තරහවකි ..
‘අයියා මම කරාබු දෙක උකස් තිබ්බා …… ‘’ මා සත්‍ය පැවසුවෙමි …..
‘මොනවා … මොකක්ද නිකිණි ඔයා මේ කරන පිස්සු වැඩ …..’ සිහින අයියා කෑ ගැසුවේ තරහෙනි
‘ බෝඩිමට දෙන්න සල්ලි තිබ්බේ නැහැ අයියා …’ මම කතා කලේ උගුරෙනි
‘තමුසේ හිතුවේ මම පබයෙක් කියලද …සල්ලි ඕන කිව්වා නම් මම මොනවා හරි කරලා හොයලා දෙනවා නේ …කරාබු දෙක උකස් කරන්න පිස්සුද තමුසෙට … ‘ ‘’’
කිසිදාක ඔහු මෙලෙස කෝප ගන්නවා මා දැක නොතිබුනි … සතුටෙන් මා දකින්න පැමිණි ඔහු මගෙන් සමුගත්තේ අමනාපයෙනි …. ඉතින් මා සිතට දැනුන දුක දරාගෙන නවාතැන වෙත පියමැන්නෙමි …
මතු සම්බන්ධයි