සුරඟනක් කඳුළක් සලා 19

19 කොටස

ඒ රැයේ මගේ ඇස් දෙක පියවුනේ නැති තරම්ය ….. මම ඇර දමා තිබු කවුළුවෙන් අහස දෙස බැලුවෙමි … අද අමාවක දිනක් වෙන්නට ඇත පරිසරය පුරාම තිබුනේ තිත්තම තිත්ත කලුවරකි …. පුංචි තරු කැට ගොඩක් අහස පුරා හිනැහෙමින් උන්නද … සද තරමට ඒ අහස ආලෝකමත් කිරීමට ඒ තරු වලට හැකියාවක් තිබුනේ නැත …. ඒ අහසත් අද මගේ හිත වගේ කියලා මට හිතුනා … කවිශ් අයියා අදින් පස්සේ මගේ නෙවේ කියලා හිතෙද්දි නම් මගේ හිතට කිසිම සැනසීමක් ලැබුනේ නැහැ … හරියට මේ අහස වගේ මගේ හිතත් අදුරු වෙලා තමා තිබුනේ …. මම ඇදේ ඒ මේ අත පෙරලුනේ දරා ගන්න නොහැකි විදිහට හිස ප්‍රදේශයෙන් ආව වේදනවා නිසා … බොහෝ වෙලාවක් යනකන්ම ඇදේ මා ලගින්ම නිදාගෙන සිටි දිනිති හුල්ලන හඩ මට ඇහුනා … මගේ හිත රිදෙයි කියල හිතලද කොහෙද දිනිති වචනයක් වත් කතා කරේ නැහැ …

වෙලාව පාන්දර පහ විතර වෙන්නට ඇත … අළුයම කුරුල්ලන්ගේ හඩ පැතිරිලා ගියේ උදේ ඇවිල්ලා කියන්න වගේ … මම යහනේ අනිත් පැත්තට හැරිලා දිනිති දිහා බැලුවා .. එයාට හොදටම නින්ද ගිහිල්ලා ද කොහෙද …. එයා පාන්දර වෙනකන් ඇහැරිලා ඉදලා නින්ද යන්න ඇත්තේ එළිවෙන යාමේ .. මම හෙමින් යහනෙන් නැගිටලා ඉදගත්තා … ඔළුව ඇතුලෙන් එන වේදනාව දරාගන්නත් අමාරුයි වගේ .. තව දුරටත් භාවනාගේ ගෙදර කාටවත්ම මුහුණ දෙන්න බැරි හැගීමක් තමයි මගේ හිතට දැනුනේ …. මම හෙමින් නැගිටලා නාන කාමරේ ඇතුලට රිංගා ගත්තා ….

මුහුණ ඇග සෝදාගෙන එලියට ඇවිත් ඊයේ ඇදන් ආපු ඩෙනිමට උඩින් ටි ෂර්ට් එකක් දා ගත්තා … දිනිතිගේ නින්දට බාදා කරන්න හොද නැහැ කියන එක හිතට දැනුන නිසා මම කොලයක් අරන් මම ගෙදර යනවා කියලා ලියපු කොලේ මෙසේ උඩින් තියලා එයාට නොකියාම පොත් බෑග් එකත් කරේ දාගෙන එලියට බැස්සා … වෙලාව හයට විතර ඇති ඊයේ නිදා ගන්නකොට පරක්කු උන නිසාද කොහෙද භාවනාලගේ ගෙදර කවුරුවත් ඇහැරලා හිටියේ නැහැ … මගේ හිතට සැනසීමක් දැනුනේ කාටවත් නොකියාම ගෙදරින් එලියට බහින්න ලැබීම ගැන ….
මම පයින්ම බහිරව කන්ද පල්ලම බැස්සා … ඒ වනකොටත් වැඩි දෙනෙක් පාරේ හිටියේ නැහැ .. එකා දෙන්නා විතරයි පාරේ හිටියේ … මම පොලිසිය ලගින් කෙලින් පාරේ ඇවිදගෙන ගියා දළදා විදිය දිගේ ඉස්සරහට … මට හිත හදාගන්න යන්න තිබුනේ එකම එක තැනකට විතරයි ඒ තමා වැල් බෝධිය …. මම ක්වීන්ස් හෝටලය ද්වාරය ලග කහ ඉරෙන් මාරු වෙලා එතන නෙළුම් මල් විකුණන කඩේකට ගිහිල්ලා නෙළුම් මල් මිටියකුයි සුවදකුරුයි තෙලුයි අරන් අරන් නාථ දේවාල භූමියට ඇතුළු උනා .. සෙරෙප්පු දෙක පැත්තකින් ගලවලා තියලා මම වැල් බෝදියේ උඩ මළුවට යන පියගැට පෙළ නැග්ගා .. ඒ නගින හැම පියවරම මහා බරක් තියෙනවා කියලා විතරමයි මට හිතුනේ .. මම පොත් බෑග් එක පැත්තක තියලා මල් පහන් පුජා කරලා මළුවේ පැත්තක වාඩි උනා …. මම ගාථා එකින් එක හෙමි හෙමින් කිවා …ගාථා කියලා ඉවර වෙලා ඇස් දෙක පියාගෙන භාවනා කරලා ඉවර වෙලා මම පැතුමක් පැතුවා කවිශ් අයියා අමතක කරන්න මගේ හිතට ශක්තිය දෙන්න කියලා….. ඇස් දෙක අරිද්දි නම් හිතේ තිබ්බ බර ගොඩක් අඩු වෙලා හිත සැහැල්ලු වෙලා තිබුනේ … මම බෝදිය පැන් කලෙකින් දෝවනය කරලා පඩුරකුත් බෝදියේ අත්තක ගැට ගැහුවා .. මම ඒ ශාන්ත පරිසරයේ පැයක් දෙකක් ගත කරලා හිත සැහැල්ලු කරගෙන එලියට බැස්සා … ඒ උනාට මට ගෙදර යන්න තරම් හිතක් තිබුනේ නැහැ ..

මම වැව රවුමේ වලාකුළු බැම්මට මෙහායින් තිබුණු බංකුවක වාඩි වෙලා වැව දිහා බැලුවා …. වැව් ජලයේ තිලාපියෝ පොකුරු පිටිනුන් අඩි තුනක් විතර යටට ඉන්නවා …… බලන්න ලස්සනයි ඒ දිහාව පොකුරු පිටින් දහන්ගලේ දාන අපුරුව …. නුවර වැවේ ඉන්නේ තිලාපියෝ විතරමද මන්දා … මම ඔහේ වැව දිහා බලාගෙන උන්නා …. වෙලාව පැය කියක් ගියාද කියලා මට මතක නැහැ … මට ඕන උනේ කවිශ් අයියාව කොහොම හරි මතකයෙන් මකලාම දාන්න ..
…………………………………………………………………………………………………………………………………………

කොහොම හරි මම ගෙදර යන්න කියලා එතනින් නැගිටිද්දී හතරට පහට විතර වෙන්න ඕනි … මම ගෙදර ගේට්ටුව අරිද්දි අම්මි ඉස්සරහට වෙලා බලා ඉන්නවා එයාගේ මුහුණ අඩලා හින්දද මන්දා රතුම රතු වෙලා තිබ්බා …මාව දැක්ක ගමන් ඉස්සරහට දුවගෙන ආව අම්මි මාව තුරුළු කරගෙන අඩන්න ගත්තා …

‘ කොහෙද සුදු දු ගියේ …’
අම්මිගේ ඇස් වලින් වැටුණු කදුළු බිඳුවක් මගේ උරහිසට වැටුනා …..මම කතා කරන්නේ නැතිව හිටියේ මට ලොකු මහන්සියක් දැනුන නිසා … අම්මි මම කතා නැති නිසා මගේ මුහුණ දිහා බැලුවා මගේ ඔලුවේ වෙලා තිබුන වෙළුම් පටිය එයා දකින්න ඇත්තේ ඒ වෙලාවේ …. එයා මගේ නළලට අත තිබ්බා …

‘ මොකක්ද දරුවෝ මේ කරගත්තේ …. මොකද මේ උනේ ..කතා කරපන් ..’ හොද වෙලා තිබ්බ තුවාලේ වේදනාව ආයෙම වැඩි වෙනවා වගේ මට දැනුනා

‘ මාව ලෙස්සලා වැටුනා අම්මි …’ මම බිම බලාගෙන බොරුවක් කියලා දැම්මා …

‘ සුදු දු ඔලුව උස්සලා මගේ දිහා බලන්න …. මගේ කෙල්ල ඉස්සර අම්මිට බොරු කිවේ නැහැ .. දැන් මට බොරුත් කියන්න පුරුදු වෙලා …’ අම්මි බලෙන්ම මගේ ඔලුව උස්සලා එයාගේ දිහාවට හරවා ගත්තා … එයා දන්නවා එයාගේ මුහුණ බලාගෙන මට බොරුවක් කියන්න බැහැ කියලා

‘ උදේම භාවනා ගේ අම්මා කතා කළා …එයා කිව දේවල් ඇත්තද … දුව ගැන ගොඩක් කතා කිවා … මම විශ්වාශ කරන්නේ නැහැ මගේ දු එහෙම කරයි කියලා .. මට ඒක දුගෙන්ම දැනගන්න ඕනි ..’ මම දැනගත්තා භාවනාගේ අම්මා අම්මිට හැම දෙයක්ම කියලා බව දුරටත් ඒ දේවල් හංගන්න පුලුවන් කමක් මට තිබුනේ නැහැ …

‘ඔව් අම්මි ආන්ටි කිව ඒ හැම දේම ඇත්ත …’ මට කියාගන්න හම්බ උනේ එච්චරයි … අම්මිගේ අත මගේ කම්මුල් දෙකේ ස්පර්ශ උන වේගේ වැඩි වෙන්න ඇති මට දැනුනේ කන් වලින් දුම් දානවා වගේ ..

‘අපි උබලාව හැදුවේ උස් මහත් කලේ මේවා අහන්නද .. මම කොහොමද දැන් ඒ මිනිස්සුන්ට මුහුණ දෙන්නේ … උබලා ඉගෙන ගන්නවා කියා කියා පොඩි කාලෙම කොල්ලොන්ට ආදරේ කරන්නද ඉගෙන ගත්තේ …උබලා හින්දා අපිට එක එකාගෙන් කතා අහන්නත් වෙලා ’ අම්මි කෑ ගැහුවා එයාගේ ඒ කෑ ගැහිල්ල ඇතුලේ තිබ්බේ වේදනාව මහා ගොඩක්

‘අම්ම් මට සමාවෙන්න අම්මි …. ’ මම අම්මිගේ දෙපා මුල වාඩි උනා … තවත් වචනයක් වත් කියන්න එයා මට ඉඩ දුන්නේ නැහැ අම්මි මන් එතනම ඉද්දි කාමරේට ගියා වැලහින්නක් වගේ අඩාගෙන …

මම පොත් බෑග් එක බිමට අත ඇරලා ටයිල් කරලා තිබ්බ පොලවේ වැතිරිලා මම ඇඩුවා … කෑ ගහලා ඇඩුවා

’අම්මි මගේ රත්තරන් අම්මි මට සමාවෙන්න මගේ අම්මි .. ඔයාගේ සුදු දු ආදරේ කියන්නේ වැරද්දක් නම් ඒ වැරැද්ද කරා මගේ අම්මි …. ඒ වරදට දෙන ඕනෑම දඩුවමක් ඔයාගේ දු භාරගන්නවා ….. ’

මම පොලවේ පෙරලි පෙරලි ඇඩුවා අසිහියෙන් වගේ .. මම අඩලා අඩලා හෙම්බත් වෙලා තෙහෙට්ටුවට ටයිල් කරපු සාලේ බිම එහෙම්ම නින්ද ගියා මට ඇහැරෙනකොට …මම හිටියේ මගේ ඇදේ… සුවදායක අතක පහසක් මගේ හිසකෙස් යටින් හිස්කබල පුරාම පැතිරිලා යනවා … මම ඒ කවුද කියලා හිතුවා .. අප්පච්චි මගේ සුදු අප්පච්චි ඒ තරම් සෙනෙසහින් මගේ හිස අතගාන්න පුළුවන් එකම පිරිමියා මගේ රත්තරන් අප්පච්චි විතරමයි …. මම ඇස් දෙක පියාගෙන ඒ ආදරේ වින්දා …. මේ තරම් මට ආදරේ කරන අම්මිට අප්පච්චිට මම නිසා දුක් විදින්න සිද්ද උනා නේද කියලා දැනෙද්දී මගේ ඇහැකින් ලොකු කදුළු බින්දුවක් කම්මුලට වැටුනා …අප්පච්චි හිතන්න ඇති මන් ඇහැරිලා කියලා

‘සුදු දු ….’ මම අප්පච්චිගේ දිහා බැලුවා ඒ ඇස් ඇතුලේ මම ලොකු දුකක් දැක්කා

‘ මගේ අප්පච්චි ..’

‘ සුදු දු දන්නවද අපි ඔයාලට කොච්චර ආදරේද කියලා …’

‘ මම දන්නවා මගේ අප්පච්චි …’

‘ මටයි අම්මිටයි ආඩම්බරයක් වෙයි කියලා හිතපු මගේ සුදු දු මෙහෙම කරනවා මම බලා ඉන්නේ කොහොමද කියනන් මගේ දුවේ …’ එයාගේ හඩ හැගීම්බර වෙලා තිබුනේ

‘මට සමාවෙන්න මගේ අප්පච්චි ….’

‘ දු මට පොරොන්දු වෙන්න ඕන ආයෙම ඔය පිරිමි ළමයා හම්බ වෙන්නේ නැහැ කියලා …’

මගේ රත්තරන් අප්පච්චි මගෙන් ඉල්ලපු පළමු පොරොන්දුව …. ඉතින් මම කෙලෙස ඔහුට අකීකරු වෙන්නද …

‘ මම පොරොන්දු වෙන්නම් මගේ අප්පච්චි ආයේ කවදාවත් කවිශ් අයියා හම්බ වෙන්නේ නැහැ ’ මම අප්පච්චිට පොරොන්දු දුන්නෙමි …

ඉතින් ආයෙම මට කවිශ් අයියා ගැන සිතීමට නොහැකි වනු ඇත මම මගේ අප්පච්චිට පොරොන්දුවක් දුන්නෙමි …සිත රිදෙන බව සැබෑවී .. නමුත් අප්පච්චිට උන පොරොන්දුව රැකිය යුතුය … මා දුන් පොරොන්දුවක් කැඩූවෙමි ඒ මධු අක්කිට මා කව්ශ් අයියා ට ආදරය කරන්නේ නැති බවට දුන් පොරොන්දුවයි …. ඉතින් එම පොරොන්දුව කඩකර මම අද විදවමි … මට කරන්නට තිබුනේ කවිෂ් අයියා ගැන නොසිතා ලන්නොවී ඉන්නය .. දැන් ඉතින් අප්පච්චිට උන පොරොන්දුව රැකියා යුතුය … හුස්ම නොගෙන සිටිය හැකිය ඒත් මට කවිශ් අයියව අමතක කල හැකි වේද … ඒත් අප්පච්චිගේ පණ මාය …. මට යමක් සිදු උනොත් ඔහුට ජිවත් විය හැකි නොම වෙනවා ඇත … ඉතින් මම අප්පච්චිට උන පොරොන්දුව රකිමි …

තවත් කොටසක් හෙට 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *