සුරඟනක් කඳුළක් සලා 21

21 කොටස

අඩා වැලපී මට ඇති වී තිබුනේය … මට ඕනේ උනේ ඉස්සර වගේ සැහැල්ලුවට හිනා වෙන්නය … මිලා අක්කි සෙමි සෙමින් මට කියා දුන්නේ හිනාවෙන යුරුය … ඇයගේ නොනවතින විහිලු තහළු හමුවේ මට සිනා නොවී සිටිය නොහැකි විය … අම්මි අප්පච්චි සේම මල්ලිද මා සිනා සෙනු දැක මහත් ලෙස සතුටු වෙනු දකින විට මට ඔවුන් වෙනුවෙන් හෝ මා සතුටින් සිටිය යුතු බව මගේ සිත කිවේය .. උසස් පෙළ විභාගයට තිබුනේ මාස කීපයකි … මම විභාගය කල යුතු බව මා විසින්ම තේරුම් ගත්තෙමි …

මා පාසල් යෑමට සුදානම් වුනේ සති කීපයකට පසුය … මම සුදු ගවුම ඇද කැඩපත ඉදිරියේ සිට ගත්තේමි …… මා උන්නයින් භාගයක්වත් නැත …. ඉස්සර පිරිපුන්ව සිටි සුරංගනා නොව වැහැරී ගිය යුවතියකි කැඩපතින් දිස්වුවේ … මා ඒ රුවට යාන්තමට සිනා සුනෙමි … ප්‍රේමය මට කල දෙයක් මම සිතින් සිනා සුනෙමි

පාසලේ සිසුවියෝ මා දෙස බලන්නේ අමුතුවටය … සමහරවිට සිදුවුන සියල්ල ඔවුන්ට ආරංචි වෙන්න ඇත … දිනිති සිනාවකින් මා පිළිගත්තේය . .. මම අහිංසක සිනාවක් ඇය වෙත පෑවෙමි… ඇය මගෙන් කිසිවක්ම ඇසුවේ නැත ඒ මගේ සිත රිදෙයි කියා සිතන නිසා විය යුතුය …. ඇයගේ සිතේ මා ගැන කහටක් නැති බව මම තේරුම් ගත්තෙමි

‘ මේ ගන්න ..’ දිනිති මා වෙත පොත් කීපයක් පෑවේය

‘ මොනාද මේ ..’ මම දෑස් විසල් කොට බැලුවෙමි

‘ පහුගිය දවස් ටිකේ නෝට් ටික …’

‘උබට පිං දිනි ….’ මම මටත් හොරෙන් ඇහැට නැගුන කදුලක් පිස දැමුවෙමි

‘ උබ මගේ හොදම යාළුවා සුරංගනා … උබ මොන දේ කලත් මට උබව අහක දාන්න බෑ ..’ ඇයගේ මුහුණේ උවේ මා කෙරේ උපන් අනුකම්පාවකි

‘ දිනි .. මේ අහපන් මම කවිශ් අයියාට ආදරය කරන්න පටන් ගත්තේ එදා මතකද අපි භාවානාගේ පාර්ටි එකට යන්න ගිය දවස එදා වාහනයක් වතුර වලක් උඩින් ගිහින් මාව තෙමුවා මතකද …. ඒ කාර් එකේ අයිතිකාරයා කවිශ් අයියා …. ඒ මොහොතේ තමා මම එයාට ආදරේ කරන්න පටන් ගත්තේ… එයාට භාවනා ආදරේ කරනවා කියලා දැනගද්දී ඒ ආදරේ මගේ ඇට මස් වලට ජීර්ණය වෙලා ඉවරයි … ඉතින් මගේ අතින් වරදක් උනා මම නොදැන ආදරේ කරපු එක ..ඒ වරදට මම හොදටම දඩුවම් වින්දා බලපං මගේ හැටි .’ මගේ හඩ ඉකිබිදුමක් බවට පත්විය…. දිනිති වේදනාවෙන් මා දෙස බලා මගේ හිස අත ගෑවේය

‘ මම දන්නවා සුරංගනා ආදරේ කියනෙන් අපිට කැමති වෙලාට දැනිලා කැමති වෙලාවට නැති වෙන දෙයක් නෙවේ කියලා …දැන් ඕවා කතා නොකර ඉමු … උබගේ හිත රිදෝ ගන්න එකයි වෙන්නේ ….ඔය මම කිවේ ….මෝඩි අඩන්න එපා …. කවුරු හරි දැක්කොත් හිනාවෙයි ..’ මම නිහඩ උනෙමි …මගේ ලය සැහැල්ලු උනේ දිනි මාව තේරුම් ගෙන ඇති හෙයිනි …

ගුරුතුමිය පන්තියට පැමිණියේය .. ඊ අතර කතාව නැවතුනේය

මම සිටියේ පොත තුලට මුහුණ හොවාගෙනය … විවේක කාලයට සීනුව නාද වෙන තුරුම මම පොතෙන් මුහුණ ඉවතට නොගත්තෙමි … ඉගැන්වූ කිසිවක් මතකයේ ආවරණය වුවානොවේ …

‘ සුරංගනා වරෙන් යන්න එළියට …’ භාවනා මාත් ඇදගෙනම එලියට පැන්නේය .. ඇය මා සිටි අයුරු දැක කම්පා වෙන්නට ඇත ….

මා දුටු විට ආර්ට් ක්ලාස් එකේ කෙල්ලෝ රොත්තක් පැමිණ මා වටකරගත්තේය ….. ඔවුන් අතර ගිම්හානි ද ඉන්න බව මම නෙතු කොනින් දුටුවෙමි …

‘ ආ මැඩම් අපි හිතුවේ ආයේ ඉස්කෝලේ එන්නේ නැති වෙයි කියලා … අනුන්ගේ කොල්ලෝ අල්ලගන්න ලැජ්ජා නැද්ද හලෝ ..’ ගිම්හානි මට අපහස කලේය

‘ ගිම් පාඩුවේ කැපෙනවද මෙතැනින් .. ’ දිනිති ඉවසා ඉන්න බැරිම තැන කෑ ගැසුවේය ..

‘ මෙයා මොන තරම් කැත වැඩක් ද කලේ .. ඔයාගෙත් යාළුවා නේද දිනි භාවනා .. ඉතින් ඔයා මේකිගේ පැත්ත ගන්නේ මොකද …ඔයත් දැනගෙන හිටියද භාවනාගේ බෝයි ව මෙයා දැලේ දාගෙන කියලා …’ ගිම්හානි බොහෝ බොහෝ නොමනා දේවල් කීවාය … මම මහා පොලව සේ දරාගෙන බිම බලා උන්නෙමි

‘ ගිම්හානි ….’ දිනිති යලිත් කෑ ගැසුවේය ..

‘ මාව නවත්තන පුළුවන් වෙයි ඔයාට ඒ උනාට මුළු ඉස්කෝලෙම දන්නවා ඔයාගේ නාඩගම් නැටිල්ල .. අපි හිටාගෙන හිටියේ අර මිලාන් විතරයි අල්ලාගත්තේ කියලා .. බලාගෙන යද්දී කවිශ් අයියත් …චි ….ඔයා නම් මහා ජරා කෙල්ලක් ….. ඔයාගේ අම්මත් ඒ වගේද …. ඔය වගේ ලස්සනට පවුල් කඩන්න ඉගෙන ගත්තේ එයාගෙන්ද ’

කිසිවක්ම නොදන්න මගේ අම්මිටද ඇය දොස් කියයි … මගේ ඉවසිමේ සීමාව පැන්නේය … විගසින් පැන ඇගේ බොටුව මිරිකා මරා දැමීමට තරම් කුරිරු සිතුවිල්ලකි මා සිතට ආවේ .. මම පහත් වී අතට අහුවුන ගලක් ගෙන ඇයට එල්ල කලෙමි … වැදුනේ ඇයගේ නළල් තලයටය නළල පැලි රතුපාට ලේ දහරාවක් ගලා ගියේය …. මගේ සිතේ ඇති උයේ කුරිරු සතුටකි … කෙල්ලෝ ටික කෑ ගසමින් ඇය වටා රොක් විය ..

‘එයාට සිහිය නැහැ .. වතුර ටිකක් ගේන්න ….’ කට්ටිය වටවී ගිම්හානිට සත්කාර කරයි … මට කිසිම දුකක් නොදැනුනේය …සිත වේලි තිබුනේ ඇයට රිද්දුවා යන සතුටය …

කොහේදෝ සිට භාවනා එතැනට පැමිණියේ ඒ මොහොතේය ..මා දෙස විනාඩියක් පමණ පිළිකුලෙන් බලා සිටි ඇය ගිම්හානි අසලට දිව ගියේය … දිනි මගේ අතින් අල්ලාගෙන පන්තිය වෙත ඇදගෙන ආවේ තව දුරටත් මා එතන කලබල කරනු ඇතයි කියා සිතා විය යුතුය .. … මම පන්තියට වී බලාගත් අතේ බලාගෙන උන්නෙමි … දිනිති මගේ හිත හදන්නට බොහෝ දේ කීවාය .. ඇය වැනි යෙහෙලියක් සිටීම ඇත්තටම කොතරම් සතුටක්ද

‘සුරංගනා ඔයාට මධාරා මැඩම් ස්ටාෆ් රූම් එකට එන්න කිවා …’ ශිෂ්‍ය නායිකාවක් වෙන රසිකා මා වෙත විත් කිවේය .. මධාරා යනු අපේ පාසලට අලුතින් පැමිණි විනය භාර මැඩම්ය …

මධාරා මැඩම් අසල ගිම්හානි සිටියේ නළලේ ප්ලාස්ටර් එකක් ඇතිවය … ඇය අසලින්ම සිටියේ භාවනාය … මම නපුරු බැල්මක් ගිම්හානි දෙස හෙලුවෙමි ..

‘ සුරංගනා වෙන්න ඕන මේ …’ ඇය මා දෙස බැලුවේය

‘ ඔව් මැඩම් ..’ මම හිතක් නැති එකියක ලස කියා දැමුවේ කුරිරු සතුටක් ඇතිවය

‘ ඔය ළමයා මේ ළමයාට ගලකින් ගැහුවා එහෙම නේද …’ මම හිස වැනුවෙමි

‘ ඔයා දන්නවද සුරංගනා ඔයා කරලා තියෙන්නේ බරපතල වැරද්දක් .. මේ ළමයාට මොනා හරි උනා නම් හිතන්න … මට අහුවෙන්න කරපු පලවෙනි වරද නිසා මේ සැරේට සමාව දෙනවා .. හැබැයි තව දවසක් වැරද්දක් කලොත් පුතේ මගෙන් සමාවක් බලාපොරොත්තු වෙන්න එපා … දැන් ඔයා ගිම්හානි ලගට ගිහින් සොරි කියලා ආයේ මේ වගේ දෙයක් වෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න .. ’

මට ඇයගෙන් සමාවක් ගන්න උවමනාවක් නැත … මා නොව සමාව ගත යුත්තේ ඇයයි … ඇය අපහස කලේ මගේ අම්මිටය … ඉතින් මා කෙලෙස ඇය වෙත ගොස් සමාව ගන්නද .. මගේ මුහුණ නපුරු වී තිබෙන්නට ඇත . … දිනිති මා ඉස්සරහට තල්ලු කළේය .. මම යන්ත්‍රයක් මෙන් ගිම්හානි ඉදිරිපිට සිටගෙන ඇගේ ඇස් දෙක බැලුවෙමි ..ඒ ඇස් වල තිබුනේ මා පරාජය කලා යන සතුටයි .. මම කට කොනට හිනාවක් නගා ගත්තෙමි …

‘ මගේ අතින් ආයේ එහෙම දෙයක් වෙන්නේ නැහැ .. ’ මම සමාව නොඉල්ලුවෙමි … මට ඒ සදහා උවමනාවක් නොවිය .. ගුරුවරිය තව දුරටත් … අවවාද කිරීමෙන් පසු සියලු දෙනාම පන්තිවලට ගියේ හිත හොදින් නම් නොවේ ..

……………………………………………………………………………………………………………………………………………….

‘නංගා ධර්මරාජ ඔඩිටෝරියන් එකට නන්දා මාලිනි එහෙම එනවා සැටර්ඩේ නයිට් …අපි යමුකෝ මම ටිකටුත් ගත්තා …’ මිලා අක්කි දින කීපයක් තිස්සෙම ඇවටිලි කලේ නන්දා මාලිනිය ඇයගේ ප්‍රියතම ගායිකාව නිසාය ..ඇයට බැහැ කීමට නොහැකි නිසා මම එහි යාමට කැමත්ත දුන්නෙමි ..

‘අනේ දු මල්ලියි නංගියි එක්ක ගිහින් එන්න … මට අද ටිකක් අසනීපයි වගේ ….’ අම්මි අපි තිදෙනාට තනිව යෑමට අවසර දුන්නේය …

එකොළහ වසරේ ඉගෙනුම ලබන මල්ලි දැන් පෙරට වඩා උස මහතය …. ඔහු සමග කොහේ ගියත් ඔහු අපව ආරක්ෂාකාරීව රැගෙන යන බව අම්මි දනී …

අපි ශ්‍රවනාගාරය අසල රැදී සිටියේ මල්ලි යාලුවෙක් එනතුරුය .. විනාඩි දහයක් ගෙවෙන්නට ඇත තරුණයන් දෙදෙනෙක් අප අසල ට ආවේය …

‘ මචං ලහිරු ….’

‘අඩෝ දසුන් වරෙන් මොකෝ පරක්කු …අපේ අයියත් එන්න ඕන කීවානේ …දන්නවනේ මේ අපේ අයියා මිලාන් ..’
දෙවියනේ මිලාන් ..මම තිගැස්සී ගියෙමි … මම බිමට යොමාගෙන සිටි නෙතු විගසින් එසවුවෙමි … මා දෙසම නෙතු යොමා ඔහු බලා උන්නේය …. මිලාන් මගේ ඔහු මා දුටුවේ මාස දෙකකට පමණ පසුය .. ඔහු තවත් ලස්සන වෙලාය සුදු මුහුණ පුරා වැවී තිබුණු රැවුල කපා තිබු නිසා ඔහු කෙරෙන් පල උයේ ලා බාල පෙනුමකි ..

‘ මිලාන් අයියේ …. මම දන්නවා අයියා ගොඩක් ජනප්‍රියයි නේ .. ’

‘ ඒ මොකද මල්ලි මම හරි අහිංසක චරිතයක් නේ …

‘ ඒ දැන් නේ …ඒ උනාට ඉස්සර ඔයාගේ නම කීවාම අපේ ඉස්කෝලේ කොල්ලෝ බය වෙනවා ..’

‘ හේ හේ … දැන් නම් මාව කාටවත් මතක නැහැ …’ ඔහුගේ ඇස් තිබුනේ මා ලග නතර විය …

‘ අයියේ මට අදුන්වලා දෙන්න බැරි උනා නේ … මේ මගේ අක්කි සුරංගනා .. අපේ නැන්දාගේ දුව මිලා අක්කි මේ … ’ මල්ලි පිළිවෙලට අප දෙදෙනා පෙන්නුවේය

‘ සුරංගනා නම් අදුරනවා … ’ කි මිලාන් සැහැල්ලු සිනාවකින් මා දෙස බලා අක්කි දෙසට හැරුනේය … ‘ කොහොමද අක්කි ….’

‘ හොදයි මල්ලියා …දැන් අපි ඇතුලට යමු නේද … අපි මෙතන කතා කර කර ඉද්දි පටන් ගයි ..’

‘ ඔයාලා යන්න යාලුවෙක් ඉන්නවා කතා කරලා මම එන්නම් …’ ඒ මිලාන් ය

දසුන් මල්ලි අපේ මල්ලි මිලා අක්කි සහ මම එක පෙලට තිබු ආසන වල අසුන් ගත්තෙමු … ඉතුරු වී තිබුනේ මා අසල තිබු එකම එක අසුනකි …. නිවේදකයා ප්‍රසංගය අරබන බව නිවේදනය කළේය … මිලාන් පැමිණ මා අසල හිස්ව තිබු අසුනේ අසුන්ගත්තේය ….

ශාලාව අන්ධකාරයෙන් වේලි ගියේය … මොහොතකින් ප්‍රසංගය ආරම්හ විය .. ඉදිකටු තුඩක් වැටෙන ශබ්ධයක් හෝ නො ඇසුණේය … ඇසුනේ ඇයගේ සුමිහිරි නාදය පමණක්මය ……
කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

ගහකොල වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට පවා දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මො‍ටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම ‍මොටද ලංවී රොන් ගන්න බැරි

මිලාන් බොහෝ බර්ට සුසුමක් හෙලන හඩ ඇසි මම ඔහු දෙස බැලුවෙමි … ඔහුගේ ඇස් කොනක කදුළක් දිලිසෙනු මා දුටුවෙමි … හදිස්සියේම හොරැහින් ඔහු දෙස බලා උන් මා ඔහුට අසුවුනේය … මා වරදක් කර අසු උන පොඩි එකෙකු සේ සිනාසුනෙම් … ඔහු බොහෝ අහිංසකව සිනාසුනේය …. දැවුණේ මගේ පපුවය …. මම සෙමින් අහක බලා ගත්තෙමි …

විවේක වෙලාවේදී මිලා අක්කි මල්ලි ලා දෙන්නා සමග පිටව ගියේ කෑමට යමක් රැගෙන එන්නය …ඔවුන් එලියට ගිය පසු මිලාන් මා දෙස බැලුවේය

‘ සුරංගනා …’ ඒ හඩ ආදරණිය ය

‘ මිලාන් …’

‘ ඔහොම දුක් විදින්න එපා සුරංගනා .. ඔයා පිස්සු නටපු දවස් ටිකේ මම කොහොමද හිටියේ කියලා දන්නවද … මට පුළුවන් කමක් තිබුනා නම් ඔයා ලගට ඇවිත් ඔයාව බලා ගන්නවා …ඒත් ඔයා කැමති නැහැ කියලා දන්න නිසා මම ගොඩක් ඈතින් ඉදලා ඔයා දිහා බලාගෙන හිටියා …මම හොදටම කලකිරිලා ඉන්නේ සුරංගනා ඔයාට උන දේට …’

‘ මිලාන් ඔය කතාව නවත්තන්න …. මම ඒ දේවල් මතක් කරන්න කැමති නැහැ ..’

‘ මතක් කරන්න කැමති නැහැ නෙවේ සුරංගනා ඔයා මතක් කරන්න එපා කවදාවත් …ඒ දේවල් .. මම ඒ හැම දෙයක්ම දන්නවා ….’ ඔහු දිනිතිගෙන් සියල්ල අසා දැනගන්න ඇත

මොහොතක් නිහඩව සිටි ඔහු නැවත කතා කරන්න ගත්තේය

‘ ඔයාගේ හිතේ පුංචිම ඉඩක්වත් නැද්ද සුරන්ගනා මම වෙනුවෙන් …’ ඔහුගේ ස්වරය බොහෝ බැගෑපත්ය මගේ ඇසින් කදුලක් වැටුනේය

‘ කෙනෙක්ට වෙන් කරපු මගේ හිතේ තවත් කෙනෙක්ට ඉඩක් දෙන්නේ කොහොමද …. මිලාන් ….’ මම සෙමින් බොහෝ සෙමින් කීවෙමි

‘ ඒ කෙනා ආයේ ඔයා ලගට එන්නේ නැත්තම් මැරිච්ච අතීතයක් ගැන හිත හිත දුක් විදින්න එපා සුරංගනා …ඒ අතීතේ වලදාලා අපි අලුතින් අනාගතේ ගැන හිතමු … ’ ඔහු බොහෝ ආදරයෙන් මගේ අත අල්ලා ගත්තේය .. මට හිතුනේ විගස මෙතනින් පැන දිවිමටය ..

‘ මැරිච්ච ආත්මයක් මිලාන් මට තියෙන්නේ මැරිච්ච ආත්මෙකින් ඔයා මොකක්ද බලාපොරොත්තු වෙන සැනසීම කියන්න මට …’

‘ මට පුළුවන් ඒ මැරිච්ච හිතට පණ දෙන්න … සත්තයි මාව විශ්වාස කරන්න ….. මම මගේ පණ වගේ ඔයාව බලාගන්නම් … අපේ අම්මා ඔයාට ගොඩක් ආදරේ නංගි එයත් එහෙමයි එදා ඇවිල්ලා ගියාට පස්සේ ඔයා ගැනමයි කියන්නේ …’

‘ මිලාන් මේ අහන්න මට දැන්ම මොකුත් තීරණයක් ගන්න බෑ අපි කාලයට ඉඩ දීලා බලාගෙන ඉමු …සමහර විට කාලයත් එක්ක මගේ හිතේ ඔයා ගැන ආදරයක් ඇති වෙන්නත් පුළුවන් ..බට් ඒ අද එහෙම නැති නම් හෙට කියලා මට කියන්න බෑ …. එතකන් මගේ යාලුවෙක් වගේ මගේ ලග ඉන්න මිලාන් ….’ ඒ පැය භාගය ඇතුලත අපි බොහෝ දේ කතා කෙරුවෙමු … අපි හොද යාළුවන් බවට පත් උනේ එදාය …ඒ බැදීම අද නැත්තම් හෙට ආදරය නමින් වෙනස් වනතුරු මිලාන් බලා ඉන්නා බව සහතිකය …

මිලා අක්කිට සහ මල්ලිට මිලාන් බොහෝ හිතට අල්ලා ඇත … ඔවුන් නිවසට ගිය පසුද අම්මි සහ අප්පච්චි අතින් මිලාන් ගැන කියනු මා අසාගෙනය ….. හිත බොහෝ සැහැල්ලු වී තිබුනේය …. මේ අපුරු වෙනසට හේතුව මිලාන්ද …එසේ නොමැති නම් නන්දා මාලිනියගේ හිත නැලවූ ගී රාවයද …. යනුවෙන් සිතා ගනු නොහැකිව මම කල්පනා කෙරුවෙමි …. මම අහස දෙස බැලුවෙමි …සද වෙනදාටත් වඩා නාඹරය … තරු කැකුලියෝ රහස් කීමට මෙන් සදට බොහෝ ලංව උන්නේය … මම ඒ දෙසම බලා උන්නෙමි … මට නින්ද ගියේ කොයි මොහොතකද කියා නොදනිමි …

තවත් කොටසක් බලාපොරොත්තුවෙන්න 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *