සුරඟනක් කඳුළක් සලා 25
25 කොටස
මම පාවී ගියෙමි අදුරු උමගක් මැදින් ඔහේ පාවී ගියෙමි …. සිතට කිසිදු බියක් නොදැනුනේය … අවසානයේ ආලෝකයක් මා ඉදිරියේ දර්ශනය විය …මම ඒ වෙතට පාවී ගියෙමි …… මගේ මිය ගිය ආත්තම්මා , මිය ගිය ගිය මාගේ නෑ හිතවතුන් මා පසු කර යන මාර්ගයේ සිට සිනාසෙමින් මා පිළිගන්න මෙන් බලා සිටියේය …. ඔවුන් මා දෙසට දෑත් දිගුකර මා ඔවුන් වෙත කැදවයි මම ඔවුන් දෙසට යාමට හැරුනා පමණි … අදිසි හස්තයකින් මාව ඒ වෙතට යාමට නොදී ඇදගෙන අදුරු ගුහාවක් තුලට මා නැවත තල්ලු කළේය …. මා කෙළවරක් නැති ප්‍රපාතයකට වැටුනෙමි …
මා දෑස් හරින විට උන්නේ රෝහලේ හදිසි සත්කාර ඒකකයේ ඇදකය …. වෛද්‍යවරුන් හා හෙදියන් මා වට කරගෙන ප්‍රතිකාර දෙමින් සිටියේය …. මට දැනුනේ වේදනාවකි .. .. හුස්ම ගැනීමට අපහසුවකි . මරණයද මා සමග අමනාප වී ඇති බවකි … හිත තුල ඇති උයේ වේදනාවකි …. වේදනාකාරී ජීවිතය ආයෙම මට වද දෙනු ඇත ….. මම වේදනාකාරී කෙදිරියක් නගා දෑස් වසා ගත්තෙමි .. කැනියුලා කටු ගැසු අතේ නහර වලින් ආවේ දරා ගැනීමට නොහැකි වේදනාවකි.. මම වේදනාකාරී කෙදිරියක් නැගුවෙමි .. මා සිටියේ දැඩි සත්කාර ඒකකයේ ය … හුස්ම ගැනීමේ පහසුව සදහා යොදා තිබු ස්වසන යන්ත්‍රය ගලවා දැමීමේ මහා උවමනාවක් මට දැනුනේය .. ඒ මේ ජිවිතයෙන් මිදී යන්නට උවමනා උන නිසාය .. නමුත් මට එය කල නොහැකි විය …
‘ලෙඩාට සිහිය ආවා ….’ මා පරික්ෂා කරමින් සිටි වෛද්‍යවරයා තවත් වෛද්‍යවරයෙක්ට පැවසුවේය … ඔහු මා නැවත පරික්ෂා කර බැලුවේය ….මා සෙමින් දෑස විවර කර අවට බැලුවෙමි … මිලා අක්කි වෛද්‍ය කබාය දමාගෙන පසෙකින් උන්නාය … ඇය හඩා හෙම්බත්ව ඉන්න ඇත .. අක්කි මගේ හිස අද්දරට පැමිණ බෝ සෙමින් මගේ හිස පිරිමැද්දේය .. මට කතා කරන්න බොහෝ දේ විය නමුදු වචන පිට කරගැනීමට මා හට අපහසුය …. විවර කල මුවෙන් පිටවුනේ ගොර ගොර හඩක් පමණි …. මම එක අතක් ඔසවා ස්වසන යන්ත්‍රය ගලවා දැමීමට උත්සහ කලෙමි … අක්කි මගේ අත ඉවත් කලේ තරවටු බැල්මක් හෙළමිනි … මට මේ දුකින් මිදී යෑමට උවමනා විය …
ඔරලෝසුවේ තප්පර කටු සෙමි සෙමින් ඉදිරියට යයි … අක්කි මා ලගින් හෙලවුනේවත් නැත ..
‘ ඩොක්ටර් නංගිගේ අම්මලා නංගිව බලන්න ඕන කියනවා…’ මිලා අක්කි තරුණ වෛධ්‍යවරයා වෙත හෙළුවේ බැගෑපත් බැල්මකි ..
‘ ආවාට කමක් නැහැ ඒ උනාට මෙතන අඩලා දොඩලා ලෙඩාව කලබල කරන්න එපා කියන්න …’
අම්මිගේ දෑස් වල තිබුනේ දින ගානක් එක දිගට නිදි වැරූ පෙනුමකි .. හරියට ඇදුමක් හෝ ඇදගෙන නොසිටි අම්මි දවසට දෙකට ඇදී ගොස් තිබුනේය .. මට දුක සිතුනේ මා ගැන නොවේ මගේ පවුලේ උදවිය ගැනය …මගේ කම්මුල් පුරා කදුළු වැල් ගලා ගියේ දරා ගැනීමට අපහසුම මොහොතකය …. අම්මි මගේ ඉහ අද්දරට විත් මගේ හිස සිම්බේය …. කිසිවක්ම නොකී ඈ මා දෙසම බලා උන්නාය … .. ඈ පිටව ගියේ දැඩි සත්කාර ඒකකයේ නැවතී සිටීමට නොහැකි නිසාය …. ඉන් පසුව ආවේ අප්පච්චිය …. කවදාවත් කදුළක් නැගෙන්නේ නැති අප්පච්චිගේ නෙත් වල පිරි ගොස් තිබුනේ ඒ කදුලුය ….. පිරිමියෙක් ගේ දෑසක කදුලක් දකින්න අකමැති නම් මා ඒ මගේ අප්පච්චිගේ නෙතේය …. ඉතින් මට ඔහු අඩනු බලා සිටිය හැකි නොවේ … මම කතා කරන්න වෑයම් කලෙමි ..මගේ රත්තරන් අප්පච්චි අඩන්න එපා … මේ පව් කාරිට සමාවෙන්න මගේ අප්පච්චි …. මට ඔය ටික කියාගන්න ඕන උනා …ඒත් මගේ ගැහෙන දෙතොලින් වචන පිටකරන්න බැහැ… ඉතින් මගේ ඇස් වලින් වක්කඩ කැඩුවා වගේ කදුළු උතුරා පිටාරා ගියා …. අප්පච්චිට මන් දිහා බලාගෙන ඉන්න බැරිවද කොහේදෝ එයා එතනින් පිට වෙලා ගියා තවත් මොහොතක්වත් ඉන්නේ නැතිව … මට දැනුනේ පුදුමාකාර දුකක් ….
එදා රෑ වෙද්දී මම සාමාන්‍ය තත්වයට පත්වෙලා කියලා තීරණය කරපු වෛද්‍යවරු ස්වසන උපකරණ ගලවලා මාව හදිසි අනතුරු ඒකකයෙන් රෝහල් කාමරයකට යවන්න තීරණය කරා ….දවස් තුනක් එක දිගට සිහිය නැතිව දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක හිටිය මම ඒ විදිහට හතර වෙනි දවසේ ජීවිතය ජය අරන් තිබුනා …ඒ උනාට ඒ ජය මට ගෙනාවේ ජීවිතය ගැන ආශාවක් නොව අපුලක් ….
සිවිලිමේ කැරකෙන විදුලි පංකාව දිහා බලාගෙන මම ඔහේ කල්පනා කර කර හිටියා … ජීවිතය එක්ක තියන තරහට මට ආදරය කරන අයව රිද්දුවා කියන සිතුවිල්ල මගේ හිත රිද්දුවා මහා ගොඩාරියක් ..මගේ ඇස් දෙක පියවෙන මොහොතක මට කොහේදෝ ඉදලා එක කටහඩක් ඇහුනා … මම ඒ කට හඩ එදා වගේම තවමත් අහන්න ආසයි කියලා මගේ හිතට තේරුනා …. මම සවන් ඒ පැත්තට යොමු කරගෙන අහගෙන හිටියා
‘සුරංගනා ’ ආයෙමත් ඒ හඩ ආවේ හීන ලෝකෙන්ද මන්දා … මට හිතුනෙම හීනයක් වෙන්න ඇති කියලා … මේ තරම් දෙයක් වෙලත් මගේ හිත තාම එයාවම හොයනවා … මම හීනයක් කියලා හිතාගෙන ඇස් දෙක ආයෙම තද කරගත්තා ….
සීතල අතක පහසක් උරහිසේ දැවටෙනවා වගේ වගේ දැනුනා … ඒ දැනුන හැගීමට මාව සිතල වෙලා ගියා …. මම ගැස්සිලා ගිහින් තදට පියාගෙන හිටිය ඇස් දෙක යාන්තමට ඇරලා බැලුවා …දෙවියනේ අදහන්න ඒ හිටියේ මගේ කවිශ් අයියා හැබැහින්ම …. එයාගේ අවුල් උන කෙස් මුහුණට වැටිලා රැවුලත් අපිළිවෙලට මුහුණ වහගෙන පැතිරිලා ගිහින් තිබ්බා … ෂෝර්ට් එකක් ඇදලා ටි ෂර්ට් එකක් ඇදගෙන හිටිය එයා දිහා බැලුවම මගේ පපුව පිච්ච්ලා යනවා වගේ මට දැනුනා … උණු කදුලක් ඇහැකින් ගිලිහිලා කම්මුලක් උඩ නතර උනා …. විනාඩි කීපයක් යනකන් එයා තවත් වචනයක්වත් කතා කලේ නැහැ …. එයාගේ එක පැත්තකින් මිලා අක්කි හිටගෙන හිටියා …
‘ ඔයා ඇයි මෙහෙට ආවේ …කොහොමද මෙහාට ආවේ ….කියන්න මට ..’ මම අමාරුවෙන් වචන පිටකරා …. කවිශ් අයියා මිලා අක්කි දිහා ස්තුති පුර්වක බැල්මක් හෙළුවා ..එහෙනම් එයා ට එන්න කියන්න ඇත්තේ මිලා අක්කි ………
‘ ඔයා මොනවද මේ කරගත්තේ සුරංගනා ..දන්නවද ඔයා සිහිය නැතිව හිටිය දවස් තුනට මම මැරුණේ නැති ටික විතරමයි .. ’ එයා කතා කලේ පුදුමාකාර වේදනාවකින් … මගේ හුස්ම හිරවෙනවා වගෙත් පපුව ඇතුලේ ලොකු ගුලියක් හිරවෙනවා වගෙත් හැගීමකින් මාව අළු කරලා දානවා වගේ මට දැනුනේ .. මට එයාගේ ඇස් දෙක ඇතුලේ තියෙන දුක කියවන්න උනත් පුළුවන් .. මම කතා නොකර හිටියා ..
‘ මැරුණා නම් හොදයි නේ …මම …මට ජිවත් වෙන්න දෙන්නෙත් නැහැ මැරෙන්න දෙන්නෙත් නැහැ ’ කතා කරන්න පුළුවන් උන හැටියේ මගේ උගුරෙන් මේ කතාව කියාගන්න මට පුළුවන් උනා
‘ කට වහගන්න … ඔය වගේ මුසල කතා කියනන් එපා …’ එයා මගේ දෙතොල උඩ එයාගේ සුලෑගිල්ල තිබ්බා
මිලා අක්කි කම්පාවෙලා වගේ බලාගෙන හිටියේ ….අක්කිගෙ ඇස්වල දිලෙස කදුළු කැට මම දැක්කා … එයා දරාගන්නම බැරිවද කොහෙද .. අපිට කතා කරන්න එතනින් ඉඩදීලා පිටවෙලා ගියා ….
කවිශ් ඔබ කෙතරම් මට ආදරේද මම වෙනුවෙන් ඔබ නොකරන දෙයක් නැත එහෙත් අපිට ලන්විමක්ද නැත … අපි දෙදෙනාටම නොතේරෙන්නේ අපිට අපි අහිමි බවයි ….
‘ කාලාද ඉන්නේ … ’ දවස් ගානක් සේලයින් දියර වලින් දවස ගෙවලා මගේ බඩගින්න හොදටම වැඩිවෙලා තිබ්බේ
‘ තාම නැහැ අයියේ …’
‘මම අම්මට කියලා සුප් එකක් හදාගෙන ආවා ඉන්න මම ඔයාට පොවන්නම් ..’
‘ මට එපා ….බඩගින්නක් නැහැ ..’ බඩගිනි තිබ්බත් මම මුරණ්ඩු උනා
‘ එහෙම කියලා බැහැ ඉන් මම පොවන්නම් … කෝ හොද ළමයා වගේ කට අරින්න මම මේක පොවන්නම් …’ එයා සුප් එක කෝප්පෙකට දාලා හැන්දකින් මට පොවන්න ලැහැස්ති උනා … මට තවත් එපා කියන්න හිතුනේ නැහැ මම තවත් කතා කරන්නේ නැතිව එයා පෙව්ව සුප් ටික ඔක්කොම බිලා දැම්මා ..
‘ ඔහොම ආදරේ කරන්න එපා … මට අමතක කරන්න බැරි වෙයි මගේ අයියා ..’ මම එයා දිහා දුකින් බැලුවා
‘මට ඔයාව බලාගන්න දෙන්න නංගි .. මොන දේ උනත් මට ඔයා නැතිව බැහැ … ’ එයා වචන වල බර වැඩි කරා
මං මේ තරම් ආදරයක් තියෙන එයාව මට අයිති නැහැ .. ඒක මතක් වෙද්දී නම් මාව පිච්චිලා අළු වෙලා යනවා වගේ මට දැනුනේ .. මට ඒ ආදරේ ඈත් කරන්න ලෝභයි .. ඒත් එක්කම මට මතක් උනා එදා අපේ ගෙදර ඇවිත් භාවනාගේ අම්මලා මට අපහස කරපු විදිහ … මගේ අප්පච්චිය අම්මිට නොහොබිනා විදිහට කතා කරපු හැටි .. ඒ මතකයත් එක්කම මට දැනුනා මගේ හිත උමතු වීගෙන එනවා වගේ … කවිශ් අයියාව මෙතනින් එලවා දමන්න තරම් නපුරු සිතුවිල්ලක් ඒ වෙලාවේ සිතට ආවේ …
‘ ඔයා යන්න අයියා …’ මම හදිස්සියේම කෑ ගැහුවා … කවිශ් අයියා පුදුම වෙලා වගේ මගේ දිහා බැලුවා .. ටික වෙලාවකට කලින් එයා එක්ක කතා කරපු සුරංගනා ද මේ කියලා එයාට හිතෙන්න ඇති ..
‘ සුරංගනා … මොකද මේ … මට යන් බැහැ මම ඔයා ලගින් ඉන්නවා … මට ඉන්න දෙන්න ’ එයා මගේ ලගට ලංවෙලා මගේ අතින් අල්ලගන්න හැදුවා …. මම අත අහක් කරගන්න හැදුවා ..එයා ඒකට අවසර දෙන්නේ නැතිව මල කදක් වගේ අප්‍රානික වෙලා හිටිය මාව එයාගේ ලගට ඇදගෙන මගේ මුහුණ එයාගේ පපුවට තියලා තද කරගත්තා ….මට එයාගෙන් මිදිලා දුවන්න හිතුනා … මම අතට අහුවුන එයාගේ කොන්ඩේ ඇදගෙන ඇදගෙන ගියා … එයාගේ කෙස් ගැලවිලා මගේ අතට ආවා …ඒත් එයා මාව පොඩ්ඩක්වත් ලිහිල් කලේ නම් නැහැ … මම නියපොතුවලින් වැවිලා තිබුණු ඇගිලි වලින් එයාගේ අතක් කෙනිත්තුවා වේදනාවෙන් හඩක් නගලා එයා මොහොතාකට මගෙන් ඈත් උනා …එයාගේ අතේ හම ගැලවිලා මගේ නිය පොතුවලට එන්න ඇති … තවත් ටික වෙලාවක් මගේ දිහා බලාගෙන හිටිපු එයා මාව එයා ලගට ආයෙම සැරයක් ඇදගෙන එයාගේ තොල් වලින් මගේ කම්මුල් වල හාදු තැවරුවා පිස්සු වැටිලා වගේ…
ආදරෙන් එයාට දෙන්න හිටිය දේවල් මගෙන් බලෙන් ගන්න ඔයාට අයිතියක් නැහැ කවිශ් අයියා … අනික මම ලෙඩ ඇදක ඉද්දි එයාට මෙහෙම කරන්න පුළුවන් උනේ කොහොමද ….මට එයා ගැන තරහක් පිළිකුලක් දැනුනේ .. කොහේ දෝ ඉදලා ආව ආවේගයක් නිසා මම එයාව තල්ලු කරලා දැම්මා පැත්තකට ..
‘උඹ පලයන් යන්න මෙතනින් මට පාඩුවේ ඉන්න දීලා ….අරකි ලගටම පලයන් ..’ මම වියරු වැටිලා වගේ කෑ ගැහුවා … එයාට පුදුම හිතෙන්න ඇති මම කෑ ගහපු විදිහ ගැන
‘ සුරංගනා ඔයාට පිස්සු වැටිලද .. මේ .’ එයා බයවෙලා වගේ මගේ දිහා බලාගෙන හිටියේ
‘ ඔව් උබලා එකතු වෙලා මාව පිස්සු වැට්ටුවා … භාවනා ආදරේ කියලා දැන දැනම මට ලංවෙලා මගේ ජිවිතේ විනාශ කළා … මගේ අම්මිට අප්පච්චිට දැන් මම කරුමක්කාරියක් විතරයි … ඇයි මට මෙහෙම කලේ … ඇයි මට මෙහෙම කලේ ..’ මම අත් දෙකෙන්ම පපුවට ගහගත්තා .. මම කෑගහනවා ඇහිලද කොහේදෝ ..මිලා අක්කිඑළියේ ඉදලා දුවගෙන ආවා … බිම වැටිලා හිටිය කවිශ් අයියයි එයාට කෑ ගහන මමයි දැකලා එයාගේ ඇස් දෙක ලොකු උනා … ඊට පස්සේ කවිශ් අයියාට නැගිටින්න උදව් කරපු අක්කි එයා දිහා සමාව අයදින විදිහට බැලුවා ..
‘ මම වැරදි මේ වගේ තත්වයක නංගි ඉද්දි මම ඔයාව මෙතනට එක්කන් ආපු එකයි වැරැද්ද … මම හිතුවේ එයා සතුටු වෙයි කියලා .. අන්තිමේට ඔයාලා දෙන්නා තවත් අවුල් වෙන එකයි උනේ … ‘ එහෙම කියලා අක්කි බරට හුස්ම ගත්තා … මට අක්කි ගැන පව් කියලා හිතුනා …ඒ උනාට කවිශ් අයියා ගැන තිබ්බ තරහා නම් දෙතුන් ගුණයකින් වැඩි උනා මිසක් අඩු උනේ නැහැ ..
‘ ඔයා යන්න කවිශ් තවත් ප්‍රශ්න ඇති කරගන්න නම් එපා … නැන්දයි මාමායි මම ඔයාලාට උදව් කළා කියලා දැනගත්තොත් මං ගැන හිතන්නේ මොනාද … මගේ මුහුණ බලන්නේවත් නැති වෙයි … ඒ තියාගෙන ඔයාලාට උදව් කළා ..මෙහෙම වෙන බව දන්නවා නම් කවදාවත් ඔයාව මෙතෙන්න එක්කන් එන්නේ නැහැ … ’ අක්කි කියන දේවල් ඇහුනාම මගේ හිතට තද වේදනාවක් දැනුනේ …
‘මම යනවා සුරංගනා .. පරිස්සමට ඉන්න …. නංගි ඔයා තමා මගේ පණ … තේරුම් ගන්න … මාව වැරදියට හිතන්න එපා … කැත හිතකින් ඔයාව ලන්කරගත්තේ නම් නැහැ නැහැ ’
මම සිනා නොවී වදනක් හෝ නොදොඩා සිටියෙමි … යන්න එපා අයියා උඩු හිත එහෙම කිවත් යටි හිත කිවේ මොකුත් නොකියා ඉදපන් කියලා … මම යටි හිතට අවනත වෙලා මොකුත්ම නොකියා හිටියා …එයා යන්න ගියා .මුළු කාමරේ පුරාම පැතිරිලා තිබ්බ සුවදත් අරන් එයා යන්න ගියා … ගල් ගැසී නොදොඩා සිටි මට එයා ගියා කියලා මතක් උනේ තවත් මොහොතකට පස්සේ … උණුම උණු කදුළක් ඇස් වලින් එලියට පැන්නේ මම එයාට නපුරු උනා වැඩි කියලා මතක් වෙද්දී ..
තවත් කොටසක් හෙට