සුරඟනක් කඳුළක් සලා 31
31 කොටස
මිලාන් ඔහු උන්නේ වේදනාවෙන් මිරිකෙමිනි … තොල් පැලි රතුවී ඉදිමි තිබු මුහුණින් යුතු වූ ඔහු කෙරෙන් දිස් උනේ අන්ත අසරණ ස්වාභාවයකි … මේ සියල්ලම මා නිසාය … මම මිලාන් ගේ දුරකතය ඉල්ලාගෙන මිලා අක්කිගෙ අංකයට ඇමතුමක් ගත්තෙමි …
‘ අක්කි සුරංගනා … කතා කරන්නේ ..’
‘ නංගා මොකද හදිස්සියේ .. මේ ..’
‘ අනේ අක්කි මිලාන්ට පොඩි කරදරයක් උනා … ’
‘ මොකක්ද උනේ දැන් ..’
‘ අක්කි පොඩි රණ්ඩුවක් වෙලා එයාට තුවාල උනා .. ’
‘ඉන්න තැනකින් ඉක්මට හොස්පිටල් එකට එන්න .. ඔයාලා ආවයින් පස්සේ ඉතුරු දේවල් මම බලා ගන්නම් ..’
මිලා අක්කි කලබයෙන් නමුත් කිවේ අණකිරීමක් ලෙසටය
‘ ජෙනරල් හොස්පිටල් යමු ..’ රියදුරා රිය රෝහල දෙසට හැරවුවේය … මම මිලාන් දෙසම බලා උන්නෙමි වේදනාවෙන් කෙදිරිලි නගයි ..
‘ ගොඩක් රිදෙනවද ..’
‘ ඔව් …’
‘මම නිසානේ මේ හැම දෙයක්ම ..මට සමාවෙන්න මිලාන් .’
‘ ඔයා ඔයාටම දොස් කියා ගන්න එපා සුරංගනා මේ දේ මට වෙන්න තිබුනා … ඔයාගේ වැරද්දක් නැහැ .. ඔයා දන්නවද ඉස්සර අපි බිග් මැච් වලට ගියාම … හැමදාම මගෙන් කවුරු හරි කොල්ලෙක් ගුටි කනවා … අද මේ මම ඉන්නවා වගේ කොල්ලෙක් මගේ ඉස්සරහා ලේ පෙරාගෙන ඉද්දි .. මම හිනා වෙනවා … මම කවදාවත් එයාලාගේ වේදනාව කොහොමද කියලා තේරුම් ගන්න පුන්චි ට්‍රයි එකක්වත් කරලා නැහැ ..අද මට දැනෙනවා ..එදා මගෙන් ගුටි කාපු කොල්ලොන්ට කොච්චර රිදෙන්න ඇතිද කියලා …මොකද අද මම ගුටි කෑවා නේ ’ මිලාන් අතීත මතකයන් දිගේ සිත යවා වේදනවා අමතක කරන්න උත්සහ කරයි …. විනාඩි දහයකට පමණ පසු රථය රෝහල ඉදිරියේ … මම රථයට මුදල් ගෙවා මිලාන් හා පෙලට වැටුනෙමි … මිලා අක්කි ඕපිඩ් එකේ අප එනතුරු මග බලා උන්නිය …
‘ මොකද මේ කරගත්තේ ….. ඔයාලාටත් හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් ’ අක්කි දොස් නැගුවේ තුවාලය පිරිසිදු කරන ගමන්ය ..
‘ පොඩි කේස් එකක් උනා අක්කි … ස්කුල් එකෙක් කේස් එකක් . ’ මිලාන් කාරණය සගවා කතා කළේය
‘පරිස්සම් වෙන්න මල්ලි … මේ බලන්න හැම තැනම තුවාල ….’
‘ අනේ අක්කි චුටි තුවාලයක් නේ … ඌයි ..අක්කි රිදෙවන්වා …’ ඔහු වේදනාව සගවා ගැනීමට උත්සහ කලද සර්චිකල් වලින් පිරිසිදු කර බෙහෙත් දැමීමේදී වේදනවා ඉවසා දරාගත නොහැකිව හෙතෙම කෙදිරි ගෑවේය ..
‘ අයියෝ මේ චුටි වේදනාවක් ඉවසගන්න බැහැ නේ … ’
‘ඉතින් අක්කියා රිද්දුවා නේ මට ..’
‘ ඔන්න දැන් හරි ඔක්කොම … මමත් දැන් ඔෆ් වෙනවා .. මිලාංවත් දාගෙන මාත් එක්කම යමු නංගා …’ මිලා අක්කි පැවසුවේ මිලාන්ගේ තුවාල සියල්ලටම ප්ලාස්ටර් දීමෙන් පසුවය ..
…………………………………………………………………………………………………………………………………….
කවිශ් ඔබට පෙම් නොකරන්නට මට බැරිය ….. මා ඔබට පිදු පෙම පරදා ඔබ මා සිතේ ඇති කල කලකිරීම මා ඔබෙන් ඈත්කරා යැයි කීම වඩා උචිතය ..මන්ද එදායින් පසු ඔබට කතා කිරීමට හෝ ඔබව දැකීමට මා සිතේ කිසිම ආශාවක් ඇති නොවුනේය … ආදරය වසාගෙන පිළිකුල මා සිත වසාගෙන පැතිරුණේ තුවාලයක් ඇගේ ඔඩු දුවන්නාක් මෙනි … මානසිකව මම බොහෝ දුරට පිරිහී උන්නෙමි … කවිශ් අයියා හෝ මා ඇමතීමට උත්සහ නොකළේය .. මතකය මට වදයක් උවද මම සියලු දේ අමතක කර සිනාසීමට උත්සහ කලෙමි …
දින සති මාස බවට හැරවි කාලය ගෙවෙන්නේ ඇසිපිය හෙලන නිමේෂයකිනි …. මම කාලයත් සමග හිතක් නැත්තියක බවට පත්වෙමින් සිටියෙමි … මගේ ලෝකය නිවස තුලටම සිමාවිය … ඒ ලෝකයේ උන්නේ අම්මි අප්පච්චි මල්ලි මිලා අක්කි සහ පිටස්තරව මා දැකීමට නිතර පැමිණ වරු ගණන් මා හා දොඩමින් සිටින මිලාන් පමණක්මය … උසස් පෙළ ප්‍රතිපල කිකුත් උයේ මේ කාලයේදී ය … මිලාන් ඉතා උසස් ලෙස විභාගය සමත් වී සිටීම මා සතුටට පත් කලේ මේ කාලයේදී ඔහු මගේ හොදම මිතුරාද හිතවතාද බවට පත්වී සිටීම නිසාය …. මිලාන් ඉදිරියේ කිව නොහැකි දෙයක් මා හට නොමැති විය ඒ තරමට ඔහු දුකේදී සැපේදී මාඅසල සිටියේය … ඔහු වැනි මිතුරෙකු නොමැති නම් සුරංගනා අද මානසික රෝහලක පිස්සියක ලෙස කල් ගෙවනවා නිසැකය ..
‘ මට ගොඩක් සතුටුයි මිලාන් …දන්නවද ගොඩක් කාලෙකින් මට සතුටු හිතෙන ආරංචියක් ගෙනාවේ ඔයා ..’
‘ ඔයාට ඇත්තටම සතුටුද සුරංගනා …. ’ සතුට නිසා ඔහුගේ සිනාව පෙනුනේ වෙනදාටත් වඩා ලස්සනටය
‘ ඔව් ගොඩක් ගොඩක්ම සතුටුයි ..’ මම පැවසුවේ හදවතින්මය
‘දන්නවද සුරංගනා …. මෙහෙම ආරංචියක් අහලා ඔහොම සතුටු වෙන්න පුළුවන් තමන්ගේම කෙනෙක්ට විතරයි ’
‘ ඉතින් මම ඔයාගෙම කෙනෙක්නේ … මම ඔයාගේ හොදම යාලුවා …’ මම ඔහුගේ මිටි කරගෙන උන් අත උඩ මගේ අත තැබුවෙමි ..
‘මම දන්නවා සුරංගනා … ඔයා මගේම කෙනෙක් … ඔයා මගේ මෙතන ඉන්නේ … ’ මිලාන් තම පපුව මත අත තබා පෙන්නුවේය ..මගේ හදවතේ අකුණක් සරින් රිදුමක් හටගත්තේ ඔහුගේ මේ වදන් වලටය .. ඇස් වලට කදුළු එන්නේ ඔහුගේ දයාව ඉවසාගත නොහැකිම මොහොතකය …
‘ පිස්සි ඔන්න අඩන්න ගත්තා .. මේ බලන්න මගේ දිහා මම ආස නැහැ ඔයා ඔය විදිහට අඩනවට ..’
‘ මම අඩන්න ආස නැහැ මිලාන් මේ ඇස් වලට කදුළු ආවේ ගොඩක් දවසකින් .. ’ මම සෙමින් පිටි අත්ලෙන් කදුළු පිස දැමුවෙමි ..
‘ මම ඔයා අඩනවා බලන්න ආස නැහැ සුරංගනා … ’ මම ආයාසයෙන් සිනාවක් මුවට නගා ගත්තෙමි
‘ මේ ඒකනෙවේ මිලාන් කියන්නකෝ දැන් ඔයා කැම්පස් යනවද ..’ මම ඇහුවේ හදිස්සියේ මතක්වුන යමකි
‘ මට කැම්පස් යන්න ආසාවක් නැහැ සුරංගනා …. මම බෑන්කින් එක්සෑම් එකකට දාලා තියෙන්නේ … කොහොම හරි පාඩම් කරලා එක්සෑම් ලියලා පාස් වෙනවා ඊට පස්සේ ජොබ් එක සුවර් නේ …’ ඔහුගේ දෑසේ දහසක් බලාපොරොත්තු ඇත ..
‘ මේ අහන්න මිලාන් මම කැමති ඔයා තවත් ඉගෙනගන්නවට … අනික දැන් ප්‍රශ්නයක් නැහැනේ ..තාත්තාගේ ජොබ් එකත් හම්බඋනානේ …’
‘ ඒ උනාට සුරංගනා මට තවත් ඉගෙන ගන්න බෑ .. කැම්පස් ගිහින් අවුරුදු හතරක් පහක් ඉන්නවා කියන්නේ ජිවිතේ හොදම කාලේ ඉවර වෙනවා කියන එක .. ඊට වඩා හොදයි මේ ෆීල්ඩ් එකෙන්ම ඉස්සරහට යනවා ..’
‘ ඔයා ඒක කරන්නම ඕන කියනවා නම් ඒ දේ කරන්න … ඔයා ආසකරන දෙයින් ඉස්සරහට යන එක තමා හොද ..’
‘ සුරංගනා ඔයා තරම් මගේ හිත තේරුම් ගන්න කිසිකෙනෙක් මේ ලෝකේ නැහැ … ’ එයා හැමදාම කියන ඒ දේ ආයෙම මට කිවා
මිලාන් ඔබ ඉතාමත් හොද පුද්ගලයෙකි .. මා තරම් ඒ බව දන්න කිසිකෙනෙක් මේ ලෝකේ නැතිව ඇති … ඔයා වැටෙද්දී මට ඔයාට නැගිටින්න කියලා දෙන්න පුළුවන් … ඔයාට හරි වැරැද්ද කියලා දෙන්න පුලුවන් ..ඒ හැමදේම ඔයා වෙනුවෙන් කලත් .. මට ඔයා වෙනුවෙන් මගේ හදවත නම් දෙන්න බැරිවෙයි … මන්ද මා මගේ හදවත කෙනෙකු වෙනුවෙන් වෙන්කර අවසන් බැවිනි …. ඒ හදවතේ සෙනෙහස නම් පහන අද නිවී ඇත .. එය දැල්වීමට පුළුවන් එකම එක කෙනෙක් ඇත ඒ මිලාන් ඔබ නම් නොවේ … මා කවිශ්ට පෙම් කලේ තවකෙකුට රින්ගිමට තරම ඉඩක් එහි ඉතිරි නොකරගෙනමය ..
කවිශ් ඔහු සිහිවෙන විට අදත් හදවතේ තැනක් රිදෙන්නේ ඔහු වෙනුවෙන් පමණක් මේ හදවතේ ඉඩ වෙන්කර ඇති නිසාම නොවේද ..
…………………………………………………………………………………………………………………………………..
මම ඇදේ වැතිරී නින්දත් නොනින්දත් අතර සිටියෙමි ..නිවසේ සීනුව නාද වෙන හඩ සිහිනෙන් මෙන් ඇසි මම ගැස්සී ඇහැරුනෙමි .. නිවසේ කවුරුත් නැති මොහොතක කවුරු පැමිණෙන්න ඇතිද ..සමහර විට පොලට ගිය අම්මි කලින්ම පැමිණෙන්න ඇත .. නමුත් ඇය අත අමතර යතුරක් වෙයි .. මම ජනෙල් තිරය මෑත් කර නිවසින් පිටතට එබී බැලුවෙමි .. යුවතියන් දෙදෙනෙක්ගේ සේයාවන් පෙනුණු හෙයින් මම වසා සිටි දොර විවර කලෙමි ..
‘දිනි ,සෙනු ’ මම විශ්මයට පත්ව කෑ ගැසුවෙමි
‘ සුරංගනා ..’ දිනිති ඉදිරියට පැන මා තුරුලු කරගත්තාය
‘ අනේ උබ දැක්ක කල් දෙවියනේ උබ වෙනස්වෙලා තියෙන තරම් …’ සෙනුලි ඇස් ලොකුකර මා දෙස බලා උන්නිය
‘ වරෙල්ලා ඔතන ඉදන්ම කතා කරනවද …වරෙල්ලා … ඇතුලට ’
නිවා තුල පැවති දරාගැනීමට නොහැකි නිහඩතාවය මැකී සිනාවෙන් පිරි ගියේ ඇසිල්ලකිනි … ඔපදුප නිමක් නැත …. දිනිති සේම දිනුලිද එක්සෑම් සමත් වී කැම්පස් යාමට සුදුසුකම් ලබා තිබුනේය .. මට දුකක් දැනුනද එය යට කරගෙන මගේ සතුට පලකෙරුවෙමි ….
‘ උබ ආයෙම එක්සෑම් කරපන් … උබ කොච්චර දක්ෂ ද .. උබ එක්සෑම් කරපු නැති එක ගැන මුළු ඉස්කෝලෙම දුක්වෙන්න ඇති … උන දේවල් අමතක කරපන් හිනාවෙලා වෙන්න තියෙන දේවල් වලට මුහුණ දීපන් ..’ දිනිති කිවේ බැරෑරුම් ලෙසය …
‘ මට ආයෙම එක්සෑම් කරන්න බැහැ දිනි … ’
‘ අපරාදේ උබ විනාශ උනා … අන්තිමේදී උබට ඉගෙනීමත් නැහැ ආදරෙත් නැහැ ’ සෙනුලි කටකාර කමට කිව නමුත් කතාව ඇත්තය ..
‘උබලාගේ ෆෝන් එකට මොකද උනේ … මම කි දවසක් කෝල් කලාද නම්බර් එක භාවිතයේ නොමැත කියනවා ..’
‘ වැඩ නේ ෆෝන් එක .. ’
‘ ඇත්තමයි බන් මම කි දවසක් කෝල් කරාද ..’ දිනිතිගේ කතාව සැබෑවක් වන්න ඇත .. අම්මි අප්පච්චි දුරකථන අංකය වෙනස් කරන්න ඇත … මට කලකිරීමක් දැනුනේය … කවිශ් ඔහු මා අමතන්න ඇත .. හදිස්සියේ පපුව පිච්චි ගියේය …
‘ භාවනාට කොහොමද දිනි ..’ මගේ දෙතොල් වෙව්ලන්න ඇත … දිනි බොහෝ අනුකම්පාවෙන් මා දෙස බලා උන්නා විනා කතා නොකළේය .. කතා කලේ සෙනුලිය
‘දන්නේ නැද්ද සුරංගනා .. භාවනාගේ මැරේජ් එක ලබන මාසේ .. ’ දිනිති රැව්වේය ..මම සිතින් දිය දහස් වාරයක් ගැස්සෙන්න ඇත ..
‘ කාවද …’ මම බලාපොරොත්තු උවේ වෙනත් නමක් අසන්නය
‘ කාවද ඉතින් එයාගේ ප්‍රේමවන්තයා කවිශ් අයියා …’ සෙනුලි කියා දැමුවේ මගේ හිත රිදෙනවාද කියා හෝ නොසිතාය …
හදවතට ඇල්පෙනිති තුඩු වලින් අනින්නාක් මෙන් වේදනාවක් දැනුනේ ය … සිරුරේ හැම අංශුවක්ම නොදන්නා වේදනාවකින් පිරි ගියේය … මගේ කවිශ් අයියා මගේ ව්තරයි … මට හයියෙන් කෑගසා කියාගන්න ඕනෑ උනත් කෑ ගැසීමට තරම් ශක්තියක් අප්‍රානික දිවට නැතිවෙන්න ඇත .. මගේ හදවත ගැහෙන වේගය තප්පරයකට සිය දහස් වරක් වෙන්නට ඇත .. .ඉතින් මා මරණාසන්න රෝගියෙකු මෙන් වෙන්නට ඇත … දෑස් නිලංකාර වී ගියේ නිමේෂයකිනි
තවත් කොටසක් බලාපොරොත්තුවෙන්න