සුරඟනක් කඳුළක් සලා 49
49 කොටස
ඇරදමා තිබු කවුළුවෙන් සිසිල් සුළගක් හමා විත් ගතේ දැවටෙයි …..ඒ රැයේ මොහොතකදු මගේ ඇස් පියවුනා නොවේ … මට කවිශ් මිලාන් භාවනා මෙන්ම දිනිති ගැනද තිබුනේ මහා අනුකම්පාවකි .. . මිලාන් ඔහු සතුටින් නම් මට හිත හදාගෙන සිටිය හැක … නමුදු ඔහුද විදවයි …. කාලය විසින් හැම දෙයක්ම විසදනු ඇත … එලෙසට මම හිත හදාගත්තෙමි …ඔරලෝසුවේ තුනේ කනිසම වැදුනේ අළුයම උදා වූ බව මතක් කර දෙමිනි
‘සුදු දු නැගිටින්න … අන්න දිනිතිලගේ ගෙදරින් වාහනයක් එවලා ඔයාව එක්කන් යන්න … ’ අම්මි මා කිද්දුවේ ..නින්දත් නොනින්දත් අතර සැරිසරමින් සිටිද්දීය ..
‘මෙච්චර කලින් යන්න ඕනිද අම්මි …’
‘නැතුව ඇද පැලද ගද්දි වෙලාව හරි … දැන් ඔයා ගවුමක් දාගෙන එන්නකෝ ’
මම සුදානම් වී යනවිට දිනිතිගේ නෑදෑ වෙන අක්කා කෙනෙක් සහ ඇයගේ සැමියා මා එනතුරු බලා උන්නේය …. මා දිනිතිලාගේ යන විට ඇය මනාලියක් ලෙස හැඩ වෙමින් උන්නාය …
‘ මේ ආවේ අපේ දෙවෙනි මනමාලි …එන්න එන්න පරක්කු වෙලා තියෙන්නේ …’ රූප ලාවන්‍ය ශිල්පිනිය මා ගිය විගස මා හැඩ වැඩ කිරීමට පටන්ගත්තේය … තට්ටු පිටින් ආලේප කරන ලද විවිධ රුව ආලේපන .. තොල් ආලේපන …නෙත් අදුන් … මාගේ රූ සපුව ඔපමට්ටම් කර තිබුණි … මා කැඩපත තුලින් දුටුවේ මා වෙනුවට වෙනත්ම තැනැත්තියකි … ඇසි පියකදු නොසෙල්වා මම ඇය දෙස බලා උන්නෙමි …
‘ ඔයා ගොඩක් ලස්සනයි ….’ සියල්ල නිමවූ පසු ශිල්පිනිය පැවසුවේ මා දෙස බලමිනි
මම දිනිති වෙත ගියෙමි …ඇය බොහෝ සුන්දර මනාලියක ලෙස සැරසී උන්නාය …. මම ඈ අසලම පුටුවක වාඩි උනෙමි ..
‘ ඔයා අද ගොඩක් ලස්සනයි …’ මම දිනිතිට කිවේ හදවතින්මය
‘තෑන්ක්ස් කෙල්ලේ ….ඔයත් ගොඩක් ලස්සනයි .. ’ ඇයද මාගේ රුව අගය කලාය
‘මනමාලයා ලග එනවලු … ’ දිනිති ගේ අම්මා කිවේ ඔරලෝසුව දෙස බලමිනි ..
‘නැකතට තව විනාඩි පහළොවයි තියෙන්නේ …’ තවත් කෙනෙක් පවසයි
පළමුවෙන් පැමිණියේ මල් කලබක් අතින් ගෙන දෙවෙනි මනමාලයා ය … ඔහු මනාලියට මල් කලබ පිරිනමා ගිය පසු අපි සියලු දෙනා මංගල ශාලාව වෙත ගියෙමු … මිලාන් බලා උන්නේ මනාලිය දෙසද මා දෙසද කියා නිනව්වක් නැත …. ඔහු සිටියේ දුක සගවාගෙන සිනාසෙමිනි ….
ඉතින් සියලු චාරිත්‍ර වලින් පසු දිනිති මිලාන්ගේ ආදරණිය බිරිද බවට පත්වුණේය .. හිත තුල තිබු වේදනාව අමතක කර මම සිනාසෙමින් උන්නේ මිලාන්ට මා සතුටින් බව පෙන්වීමටය ….
‘ සුරංගනා ඔයා ගොඩක් දවසකින් දැක්කේ … ඔයාව දකින්න හරි ආසාවෙන් හිටියේ …. ඉස්සර ඉස්කෝලෙදි ඔයත් එක්ක මම කොච්චර රණ්ඩු කරලා තියෙනවද ….අද ඒවා මතක් වෙද්දී මට හිනා යනවා …මාත් එක්ක තරහා නැහැ නේද ඒ දේවල් වලට ..’ ගිම්හානි පෙර දිනවල මහමායාවේදී මා සමග වැඩිපුරම දබර කරගත්ති ඇයයි … මා දුටු ඇය මා ලගටම විත් අතීතයේ සිදු වූ දේවල් වලට සමාව ගත්තේ සැබැවින්ම පසුතැවෙමිනි …
‘ මම ඔයා එක්ක තරහා නැහැ ගිම් …’
‘ඉස්සර ඔයා මිලාන් එක්ක යාලුයි කියලා මහමායා එකේ හැම කෙල්ලෙක්මට ඔයාට ඉර්ශ්‍යා කලේ … මිලාන් වගේ ලස්සන කොල්ලෙක් ඔයා පස්සේ එද්දී කෙල්ලොන්ට ඇස් වලට කටු අනිනවා වගේ .. ඒ උනාට ඔයා මිලාන් එක්ක යාලු නැහැ කියලා දැනගත්තාම කවිශ් අයියා නිසා ඔයා ජිවිතේ විනාශ කරගත්තා කියලා දැගත්තාම ඒ හැම කෙල්ලෙක්ම ඔයාට අනුකම්පා කළා .. ’ ඇය අතිතය මා ඉදිරියේ වමාරන්නිය … මම ඔහේ අසා උන්නෙමි ..
‘ ඒ හැම දෙයක්ම දැන් ඉවරයි ගිම් …අතීතය දිහා හැරිලා බලද්දී හරි ආසාවෙන් මතක් කරන්න සුන්දර දේවල් මට නැහැ .. මම ඒ නිසා කවදාවත් ඒ අතීතයට යන්න කැමති නැහැ …’ මම පැවසුවේ සැබෑවකි ..
සියල්ල සිදුවී හමාරය ..හිමිවිය යුත්තන්ට සියල්ල හිමිවී ඇත ….. ඉතින් ඒ ගැන සිතා කම්පා වී පලක් තිබේද …
කවිශ් අයියා සහ භාවනා පැමිණියේ දිවා ආහාර ගැනීමට මද වෙලාවකට කලිනි …. කවිශ් ඔහුගේ සුදු මුහුණ පුරාවට රැවුල වවාගෙන උන්නේය … හදිස්සියේ මා දුටු විට ඔහුගේ මුහුණේ ඇතිවූ හැගීම් කීම දැයි මට තේරුම් ගැනීමට නොහැකි විය … භාවනාගේ කුස පෙර දිනවලට වඩා ඉදිරියට නෙරාවිත් තිබුනේය ….. ඇහේ මුහුණ තුල තිබුනේ පින්බර කමකි . … මා දුටු විට ඇය කවිශ් අයියාගේ අතින් තද කර අල්ලා ගත්තේය .. කවිශ් අයියා මා සමග සිනාසීමට වෙර දැරුවද මා ඔහු නොදුටුවා සේ ඉවත බලා ගත්තෙමි …
භාවනා යෙහෙලියන් අතරට එකතු වෙද්දී කවිශ් අයියා මධු පානය සදහා සකස් කර තිබු පෙදෙසට යනවා මම ඇස් කොනින් දුටුවෙමි ..
ඩි ජේ සංගීතයට වේග රිද්මයට නටන්නන් දෙස බලා ඉන්න තරම් මාගේ සිතේ සතුටක් තිබුනේ නැත .. මම සියල්ලන්ගෙන් මිදී තනිව මදක් ඈතට වන්නට තිබු අසුනක ගොස් අසුන්ගෙන උන්නේ … අන් අය අතරට වැදී සතුටු වෙන හිතක් මා හට නොතිබූ නිසාමය ….
‘සුරංගනා ….. මාත් එක්ක තරහා වෙලාද මම දැක්කාම අහක බලන්නේ ….’ ..මම බිමට හරවා ගෙන උන් ඇස් දෙක ඔසවා බැලුවෙමි … කවිශ් ඔහු සිටියේ කෙලින් හිටගන්න බැරි තරමට මත්පැන් පානය කරය … මම කිසිවක් නොපවසා යලිත් බිමට රැව්වෙමි ..
‘ ඔයා අද ගොඩක් ලස්සනයි සුරන්ගනාවියක් වගේ මගේ නංගි…. ආ සොරි සොරි දැන් මට මගේ නංගි කියලා කියන්න අයිතියක් නැහැ නේ …’ ඔහු මා ඉදිරිපිට අසුනේ අසුන්ගත්තේ අවසරයකින් තොරවය
‘ මේ බලන්න නංගි ඔයාට පුලුවන්ද මාව අමතක කරන්න කියන්න .. කියන්න මෙච්චර දවසක් ඔයා කොහොමද මම නැතිව හිටියේ කියලා … ’ මම ඔහුට ප්‍රති උත්තර නොදී නිහඩවම උන්නෙමි ..
‘ ඔහොම ඉන්න එපා යකෝ කතා කරපන් …. ’ මා කතා නොකර ඉන්න කල ඔහු මහා හඩින් කෑ ගැසුවේය … සංගීත ඝෝෂාව මැද කිසිවෙකුට එය ඇසෙන්නට නැත ..
‘ මගේ සැනසීම නැති කරන්න එපා අයියා ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න … ’ අවසානයේ මම කතාකෙරුවෙමි..කවිශ් මා දෙසට පහත් වී දෑතින්ම මාගේ මුහුණ අල්ලා ඔහු දෙසට ඇද ගත්තේය .. ඉන් පසු මදවෙලාවක් මා දෙස බලා උන් ඔහු
‘ දන්නවා ද මේ ඇස් ….මේ තොල් ..මේ මුහුණේ තියෙන හැම රේකාවක්ම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ .. මම ඒ තරම් ඔයාට ආදරේ කරා … තාම ආදරේ කරනවා … සුරංගනා මගේ නංගි මම ආසයි ඔයත් එක්ක ජිවත් වෙන්න ….. මාව මැරෙයි රත්තරන් මේ ආදරේ නැතිව ….. මම භාවනා මැරී කරලා එක දවසක් වත් හොද සිහියෙන් හිටියේ නැහැ … හැමදාම සිහිය නැතිවෙනකන් බීවා … බිලා බිලා ගෙදර ගියාම මට මට සැනසීමක් ලැබුනා … ඔයා ලග ඉන්නවා වගේ දැනුනා . … මම හැමදාම නිදාගත්තේ ඔයාව හිතෙන් මගේ ලග තියාගෙන …. උදේ ඇහැරෙද්දි ඔයා ලග නැහැ … ඉතින් මම උදේ ආයෙම බොනවා …..මට හොද සිහියෙන් හිටියා නම් කවදාවත් සැනසීමක් ලැබෙන්නේ නැහැ …. භාවනාට මගෙන් වැරද්දක් උනා ඒත් මම අසිහියෙන් ඉද්දි …. හොද සිහියෙන් කවදාවත් මට වෙන ගැහැනියක් ලගට යන්න බැහැ … ’ මට තවත් අඩන්නට උවමනාවක් නොවිය …. ඔහු වෙනත් ගැහැනියක් සිහියෙන් හෝ අසිහියෙන් ස්පර්ශ කර හමාරය .. ඉතින් ඔහු නමින් ඇගේ කුසේ ජීවයක් වේ ඒ ඔහුගේ ශරීරයේම කොටසකි … ඉතින් යථාර්තය ඔහු අන්සතු සැමියෙකි … මා එයට මුහුණ දිය යුතුය … භාවනාට දුන් පොරොන්දුව රැකිය යුතුය …
‘ ඔය විදිහට ඉන්න එපා සුරංගනා ප්ලීස් …කතාකරන්න එක පාරක් කියන්න ආදරෙයි කියලා …. ’ ඔහු පිස්සුවෙන් මෙන් කියවයි .. හිත උණුවී දියවී ගියත් ඔහුට එය පෙන්වා ඔහු මා වෙත රදවා ගැනීම කල නොහැකිමය
‘ අපිට ආපහු හැරෙන්න බැරි තරම් දුරක් අපි ඇවිල්ලා ඉවරයි අයියා … ඔයයි මායි අතරේ තිබ්බ හැම බැදීමක් ම දැන් ඉවරයි … දැන් හිත හදාගෙන ඉස්සරහට මුහුණ දෙන්න …මාත් දැන් හිත හදාගෙන ඉවරයි … ’ මම නිවුන හඩ්න් කීවෙමි
‘ ඔයා හිතහදාගෙන ඉවරයි …මම විතරද එතකොට මේ දුක් විදින්නේ ….. ඒ අතීතේ මගේ ජිවිතේ කරගෙන අතීතේ ඇතුලේ ජීවත්වෙන්නේ …. ’ පුදුමයෙන් මෙන් ඇස් ලොකුකරගෙන විමසු ඔහුගේ නෙතු තුල කදුළු ගොඩක් එලියට පනින්න මෙන් දගලනු මා දුටුවෙමි
‘ඔයා වෙනුවෙන් කෙනෙක් ඉන්නවා අයියා …ඔයාට තාත්තා කියන්න කෙනෙක් ලගදීම එන්න ඉන්නවා … ඔයාට බැහැ අයියා එයාලාගේ අයිතිය නැති කරලා දාන්න ප්ලීස් භාවනාට දුකක් දෙන්න එපා එයා ලගට යන්න ….එයාගේ සතුට ඔයා …..’ හිත පාලනය කරගන්න පුළුවන් අන්තිම තප්පරය දක්වා මම දරා උන්නෙමි
‘ මට එයා එපා … ඒ …එකෙක්වත් එපා …මට ඕනේ ඔයයි …ඔයාගේ ආදරෙයි … මම ජිවත් වෙන්නේ නැති වෙයි ඔයාගේ ආදරේ නැති උනොත් …. ’
‘ ඒ උනාට මට ඔයාව එපා එපා එපා …ආයෙම මට ඔයාව දකින්නවත් එපා ….මගේ ජීවිතේට ඔයා ශාපයක් උනා විතරමයි ..ඔයා නිසා මට මොනවද නොවුනේ ..කෙල්ලෙක් විදින්න ඕනා නැති දේවල් මට විදින්න උනේ …ඒ හැම දේම ඔයාගේ වැරදි නිසා උනේ ….. මම ඔයාට සමාව දෙන්නේ නැහැ කවදාවත් ….මට ඔයාව එපා …මගේ ජීවිතෙන් පලයන් …’ මම දරාගත නොහැකිව අවසානයේ කෑ ගැසුවෙමි … තරහා කෝපය …දුක …ශෝකය …. හැම හැගිමක්ම ඒ වචනවල තිබුනා විය හැක කවිශ් ඔහු පුදුමෙන් වගේ මා දෙස බලා උන්නේය …
‘ මම ඔයාගේ ජීවිතේට ශාපයක් උනාද නංගි …’ සෙමින් කි ඔහු ඔහුගේම දෑත් වලින් කෙස් ඇද ගත්තේය … ඉන්පසුව …. උන් තැනින් නැගිට ගත් ඔහු යන්න ගියේය ….
‘ මම එයාගේ ජීවිතේට ශාපයක් උනාලු ….’ ඔහු හෙමින් හෙමින් මුමුනමින් යන්නට ගියේය … ඉස්සර සිටි සුරංගනා නම් කෑ ගසා අඩනු වැළපෙනු ඇත …ඒත් දැන් සිටියේ ඒ සන්වේදී යුවතිය සුරංගනා නොව භාවනා කර සිත සන්සුන් සංයමයෙන් යුතු වූ සුරන්ගනා කෙනෙකි …
මම නැවත මංගල ශාලාවට යනවිට මංගල යුවල මධුසමය සදහා යෑමට සුදානම් ව උන්නේය .. භාවනා හෝ කවිශ් පේන්නට නොසිටියේය .. ඔවුන් යන්නට ඇත …
මිලාන් අතගෙන භාවනා නික්ම ගියේ අපමණ සතුටෙනි … මිලාන් යන්නට පෙර මා සුභ පතද්දි මා අතගෙන පැවසුවේ …සතුටෙන් ඉන්න සුරංගනා .ඔයාට වරදින්නේ නැහැ ..කියාය …
තවත් කොටසක් බලාපොරොත්තු වෙන්න