…..හිරූගෙන්…..~~~ පිනි වරුසා 69~~~

මො..ක..ක්……
දෙ..න්..නෙ..ක්……

ඔව් මැඩම් දෙන්නෙක් හිටිය….

ආශි කෙල්ල දිහා බලල ඇස් දෙකත් එක්ක ලොකු කරගෙන කියද්දි කෙල්ල හයියෙන් හුස්මක් අරගෙන පිටකලා…..

ඔය පේන්නැද්ද දැනුත් බයවෙලා……

ඒත් ස්කෑන් වලදි කිව්වෙ එක්කෙනයි කි..ය..ල..නෙ……

පේන්නැද්ද බයවෙලා වගේ ඉන්න හැටි…..
මේක දැනගත්තොත් ඔයාට බය හිතෙයි කියල මං නොකිය හිටියෙ……
අනික ප්රෙෂර් එකත් ඔයාට තිබුනනෙ…..

ඔයානම්…..
මට ඔයාට දෙන්න හිතෙනව…..

උම්ම එකක්ද නැත්නම් තව බබෙක්ද…..

යනව යන්න ආයිත්නම් බබාල ගැන කියන්න එපා……
දෙයියනේ මට හිතුනෙම මාව මැරිල යයි කියල……

හ්ම් ආයිමත් ඕන නෑ මැනික…..
අනික ඔයා දුක් විඳිනව මට බලන්න බෑ…..

ආශිගෙ හිතේ කොනක දරැවෙක් ගැන ආසාවක් තිබුනත් කෙල්ල විඳවනව ඇස් දෙකෙන්ම දැක්ක නිසා ඇත්තටමයි කිව්වෙ…..

ශෝයි නේද හරිම හුරතල් බබාල දෙන්නෙක්……
කෙල්ල හරිම ආසාවෙන් බබාලව අතගෑවෙ…..

හුරතල්නම් තමා ඒවුනාට දෙන්නගෙම කටවල් හරිම සද්දයිනෙ…..
පීකර් බැඳල වගේ අඬනකොට…..

තාත්ති වගේ නැතෑ ඉතිං……
ඔය විදිහටම තමා මට කෑ ගහන්නෙ පොඩ්ඩ බැරිවුනාම……
බබාල දෙන්න එක්ක එකතුවෙලා තාත්තිව හදල ගන්න ඕනෙ හරිද…..
පව්නෙ අම්මි…..

කෙල්ල බබාලව තොටිල්ලෙන් තියන්න ආශිට දීල බබාල දිහාම බලාගෙන හයියෙන් හිනාවෙලා කිව්වෙ……

යකෝ මේ තේඋඩිච්චිගෙ තියෙන මායම්…..
මමත් අහුවුනානෙ මෝඩය වගේ……

ආශි හිනාවෙලා කියද්දි කෙල්ලත් බොරුවට රවල අහක බලාගනිද්දි ආයිමත් කෙල්ල එකපාරටම දැක්කෙ ගොඩාක් ආදරෙන් ආශි ඇස් පිල්ලමක්වත් ගහන්නෙ නැතිව කෙල්ල දිහාම බලාගෙන ඉන්නව……

ආශිගෙ බැල්ම දරාගන්න බැරිමතැන කෙල්ල බිම බලාගත්ත…..

ආශි කෙල්ලගෙ නිකටින් උස්සල කෙල්ලගෙ නලල මතින් දෙතොල් තදකලේ උතුරා යන සෙනිහසින්……

මට අද ගොඩාක් සතුටු දවසක් මැනික…..
මට හිතෙනව අපිට නැතිවෙච්ච දරු පැටියත් අද ආයිමත් හම්බුනා කියල……
මට තේරෙන්නෑ මං උබට කොහොම ස්තූති කරන්න ද කියල රත්තරනේ…..
කියන්න ඔයාට මොනවද මගෙන් අද ඕනෙ ඔයා ඉල්ලන ඕනම තෑග්ගක් මං අද දෙනව…..
මෙච්චර ලොකු සතුටක් ඔයා මට දුන්නට…..

මට මුකුත් ඕනනෑ මහත්තයො මේවගේම හැමදාමත් ගොඩාක් ආදරෙන් අපි ලඟ ඉන්න ඒ හොදටම ඇති…..
ඉන්න මට දෙන්න පුංචි දෙයක් තියෙනව…..

ආශි කරේ තිබුන චේන් එක ගලවන්න හදද්දි කෙල්ල ආශිගෙ අතින් අල්ලල නැවැත්තුව….

එපා මහත්තයො ඕකනම් ගලවන්න එපා…..
ඔයා ඉපදුන දවසෙ ඉදන්ම මේ වෙනකම් ඕක ඔයාගෙ කරේ තිබුන වගේම හැමදාටම ඒක ⁣එහෙම වෙන්න ඕන…..
ඔයාගෙ තාත්තගෙන් කියල ඔයාට තියෙන එකම සිහිවටනෙ ඕක විතරයි…..
මං කැමතිනෑ මහත්තය කවුරු නිසාවත් චේන් එක කරෙන් ගලවනවට……

කෙල්ලගෙ අත අයින් කරපු ආශි බලෙන්ම චේන් එක ගලවල කෙල්ලගෙ කරට දැම්ම…..

මට තියෙන එකම වස්තුව සැනසීම ඔයයි මගෙ දරුවොයි වැඩියෙන්ම ඔයා……
මට හැමවෙලාවෙම හිතුන මේකෙ තියෙන සුරෙන් මාව ආරක්ෂා කරනව කියල……
ඉතිං මගෙ තාත්ත උනත් කැමතී එයාගෙ පුංචි ලේලි මේක දාගෙන ඉන්නවට…..
මට දීපු සතුට මේ හැමදේටම වඩා මට වටිනව මැනික……

ආශි කෙල්ලගෙ කම්බුල් දෙකම අල්ලගෙන ඇස් දිහාම බලාගෙන කිව්වෙ…..
කෙල්ලගෙ ඇස් ඒ ඇස්වල නතර වෙද්දි ආශි කෙල්ලව තුරැළු කර ගන්න ගමන්ම කෙල්ලගෙ දෙතොල් අතරට දෙතොල් තදකලා…..

විනාඩි ගානක්ම එහෙම ඉඳල කවුරුහරි රෑම් එකට එනව වගේ දැනෙද්දි ආශි කෙල්ලව අතඇරල නැගිට්ටෙ කෙල්ලගෙ දෙතොත් රතුම රතුපාට කරලයි….

සුදු පුතේ…..

අම්ම කෙල්ල දිහාත් දරුවො දිහාත් බලන ගමං කෙල්ලගෙ හිස සිප ගත්තෙ ගොඩාක් ආදරෙන්…..

මම එහෙනම් දැන් අාච්චිඅම්ම කෙනෙක්…..
එකෙක් නෙමෙයි තුන් දෙනෙක්ගෙම…..

“තුන් දෙනෙක්”

කෙල්ල ඇස් ලොකු කරගෙන අහද්දි ආශිට හිනාගියේ බයවෙලා ඉන්න විදිහ දැකල…..

බය වෙන්න එපා තුනම තමුසෙට නෙමෙයි…..
දෙන්නෙක් විතරයි …..
අනිත් එක රිතූලගෙ……

යනව යන්න එනව මෙතන……
මං දන්නව මට දෙන්නයි කියල…..
මං හිතුවෙ නෑ එයත් මගෙම කියල…..
ඔයා මට හංගගෙන හිටිය නිසානෙ ඉතිං ඔක්කොම……
රිතූට බබා හම්බුනා ද අම්ම…..

ඔව් දූ ඔයාව එක්කගෙන ඇවිල්ල පැයක් දෙකක් විතර ගියාට පස්සෙ මේන් අමාරැයි කිව්ව…….

දුවෙක්ද පුතෙක්ද අම්ම…..

පුතෙක් දූ…..
මෙයාල වගේමයි හරිම හුරතල් පාටයි…..

රිතූව නම් ටිකට් කපල ගෙදර එක්කගෙන ගියත් බබාල මාස හතෙන් හම්බවුන නිසා කෙල්ලට ටික දවසක් ඉන්නවුනා…..
බබාලගෙ බරත් හොදට තිබුන නිසා ටික දවසක් යනකොට ගෙදර යන්න පුලුවන්වුනා……..

මට එපාවෙලා තිබුණේ මහත්තයො හොස්පිටල් එකේම ඉඳල…..
ගෙදර ආවම පුදුම සැනසීමක් හිතට දැනෙන්නෙ……

කෙල්ල නිදාගෙන හිටිය දූව පුතා ලඟින්ම තොටිල්ලෙන් තියල ආශි ලඟට ඇවිල්ල පපුවෙන් ඔලුව තියාගන්න ගමං කිව්වෙ…..

මටත් එපාවෙලා හිටියෙ සුදූ ඔයාල නැතිව පාළුවෙන් හිටියෙ……
හොස්පිටල් එකෙන් මාව පන්නපු නැති ටික විතරයි……
ඇයි කොයි වෙලාවෙ බැලුවත් ඒකෙනෙ…..

ආශි හිනාවෙලා කෙල්ලගෙ කම්බුල් සිප ගත්තෙ මූණට වැටිල තිබුන කෙස්ගස්ටික කන ලඟට කරන ගමං……

මේ මැඩම් අද ඉඳන් ඔය මැහුම් වේලෙනකම් ගෙදර කිසිම වැඩක් කරන්න තහනම්…..
දරුාවො දෙන්නත් බලාගෙන එයාලට කුක්කු දීල එයාල ලඟටම වෙලා ඉන්න ඕන…..
එතකොට කෑම බීම ටික පවා අතටම ලැබෙයි……
දඟලල දඟලල ඔය මැහුම් ගලෝගත්තොත් මං නරක මිනිහ කියන්න එපා….

ඒ..ත්…..

ඒත් මේත් නෙමෙයි මං ගෙදරට ඔයාලට ලේසියට වැඩට කෙනෙක් ගෙනාව…..
කියපුදේවල් හිතට අරගෙන ඒ විදිහට වැඩ කරානම් කාට කාටත් ඇගවල් වලට ගුණයි…

නපුරු මැරය තාමත් තියෙන නපුරුකම….

කෙල්ල රවල බලද්දි ආශි මත්වෙලා වගේ කෙල්ල දිහා බලාගෙන හිටියෙ…..

ඔහොම බලන්න එපා බං මාව පිස්සු වැටෙනව……

මහපට ඇගිල්ලෙන් කෙල්ලගෙ දෙතොල අතගෑව ආශි එකපාරටම කෙල්ලගෙ දෙතොල් වලට ආශිගෙ දෙතොල් පැටලෙව්ව…..

>>>>> අවුරැදු හතරකට පසු <<<<<<

සුදූ මෙහාට එනව අරගෙන යනව මේ යක්කු දෙන්න මඟුල……
බලනවකො කරල තියෙන විනාසෙ……
සුදූ තමුසෙගෙ කන ඇහෙන්නෙ නැද්ද…..

අැයි අනේ මේ යටිගිරියෙන් කෑ ගහන්නෙ මට කුස්සියටත් ඇහුන සද්දෙ……

බලනව මේ ඩබල එක්ක කරල තියෙන දේවල්….
එතකොට මේ බාත්රෑම් එකේ හැටි……
මුළු රෑම් එකම කනපිට ගහල……

මං කොහොමද දැන් ලැප් එක නැතිව මීටින් එකට යන්නෙ මගෙ ප්‍රසන්ටේෂන් ඔක්කොම ඒකෙ….

නෙතුකි මොකද මේ කරල තියෙන්නෙ……
එතකොට සිතුම් ඇයි ඔය තාත්තිගෙ ශේපින් ක්‍රීම් හැමතැනම උලාගෙන ඒ මදිවට මූළු බාත්රෑම් එකේම හලල……..
කව්ද තාත්තිගෙ ලැප් එක සෙල්ලමට ගත්තෙ…..

නෙතුකි කේන්තියෙන් හැමොම දිහාම බලාගෙන ඉන්නව දැක්කම කෙල්ලටත් හිනා යන්න ආවත් අමාරුවෙන් හිනාව යටපත් කර ගත්ත…….

නෙතුකි හරියට ආශිමයි…..
පොඩ්ඩ බැරිවෙන්න බෑ කේන්ති යනව…..
තරහ ගියාම තාත්ති වගේමයි….
රවනව කේන්තියෙන් පුපුර ඉන්න එකමයි කරන්නෙ…..
ගෙදර ඉන්න කොල්ලො දෙන්නම බය කරගෙන හිටියෙ…..
පොඩ්ඩ බැරිවුනාම කොල්ලො දෙන්නට හරියට ගහනව…..
නපුරුකමයි කේන්තියයි මුරංඩුකමයි පිරිල….

සිතුම්ට තිබුනෙ විසිනිගෙ ගතිපැවතුම්…..
කොල්ලෙක් වුනාට පොඩ්ඩ බැරිවෙනකොට හොටු පෙරාගෙන අඬනව…..
හැබැයි එයත් හරියට මුරංඩුයි අහංකාරයි…..
හැබැයි දෙන්නම හරිම හුරතල් දකින ඕන කෙනෙකුට ඒ හුරතල් මූණවල් දැක්කාම අාස හිතෙනව……

හ්ම් කියන්න කවුද තාත්තිගෙ ලැප් එක සෙල්ලමට ගත්තෙ මං කියල තියෙනවනෙ තාත්තිගෙ බඩු අල්ලන්න එපා කියල…..
කවුද හැමතැනම වතුර හැලුවෙ…..

ම..ම අම්මි…..

ඒ මොකද ගත්තෙ….

නෙතුක අඬන්න වගේ මූණ හදාගත්ත…..

අපි අම්මගෙයි තාත්තගෙයි සෙල්ලම කරා….
අක්කි අම්මි……
මං තාත්ති ……

ඉතිං ……

තාත්ති හැමදාම යන්න කලින් ශේව් කරනවනෙ…..
ඉතිං මං තාත්තිගෙ කීම් එක අරගෙන අතට චුට්ටිම චුට්ටක් හලා ගන්න ගීන් මිලිකල අල්ලපු පාල කීම් උඩින් ගියා…..

එතකොට බාත්රෑම් එකේ හැම තැනම ගෑවුනා අම්මි…..
ඒව හෝදන්න යනකොට කොත්ත වැදිල උඩ තිබුන බොට්ල් බිම වැටිල හැලුන…..
තාත්තිගෙ බික් එක අලගෙන සැවුල කපන්න යනකොට අක්කි මගෙ සැවුලත් ටිකක් කැපුව……
ඒකයි මූනෙ සබං…..

එතකොට රැවුලත් කපල…..
බලනව සුදූ දැම්මම මේකගෙ රැව්ලත් වැවිල…..

එතකොට කවුද පුතාගෙ ඔලුව හැමතැනින්ම ටික ටික තට්ටෙ ගෑවෙ…..

අක්කි අම්මි…..
ඒ තට්ටෙ ගාල නෙමී දැන් තියෙන ඉට්ටයිල් එක ඒක…..
අක්කි ටීවී එකෙන් බලල කපුවෙ….

එතකොට කවුද ඇදෙයි තාත්තිගෙ ලැප් එකෙයි ටයිල් වලයි හැමතැනම පේන්ට් ගෑවෙ…..

ඒ..ත් ම..ම අ.ම්..මි….

හබ්බන් වුනාම වයිප් කීන දේ ආන්න එපැයි….
වයිප් ආස දේවල් කලන්න එපැයි…..
අක්කි ආස සෝස පාටනෙ…..
ඉතිං මං හැමතැනම සෝස පාත ගෑව…..

ලැප් එකට මෙහෙම වුනේ කෝමද….

මම ලැප් එක පේන්ට් කලාට පත්තෙ අක්කි කිව්ව සෝස පාටට කැමති නෑ සතු පාටට කැමති කියල…..
ඉතිං මං හෝදල සතු පාත ගාන්න කීල හැදුවෙ……

එතකොට ඔයා ඔච්චර දේවල් කරද්දි අක්කි මොනාද කෙරුවෙ……

අක්කි මගෙ බීප් කේස් එක හදල ඇදුම් අයන්කලා අම්මි…..
හලියත ඔවා තාත්තිගෙ එක හදනව වගේ…..

මො..න..ව…..

ආශිගෙ ඇස් උඩගියා……
බලනව සුදූ දෙන්න කරල තියෙන වැඩේ මගෙ ඉන්පෝටන් ඩොකියුමන්ට් ඔක්කොම විනාශ කරල…..
ඒවෑන් රොකටුයි බෝට්ටුයි හදල මං කොහොමද දැන් ඔෆිස් යන්නෙ……

පිච්⁣චෙනව වගේ ගඳක් එනව දැනෙද්දි කෙල්ල දුවල ගියෙ අයන් බෝඩ් එක ලඟට…..
ආශිගෙ ගොඩක් ෂර්ට් පුච්චල දාල…..
අනිත් ඒව පොඩිකරල විසිකරල දාල….

එතකොට තමුං මොකද ඔතන ගල් ගිලල වගේ වචනයක්වත් නොකිය රවාගෙන කන්න වගේ බලාගෙන ඉන්නෙ…..
ඇයි මෙච්චරවෙලා කරපු දේවල් කියන්න ලැජ්ජද මේ මැටි කොල්ල වගේ තලු මර මර…..

ආශි රවාගෙන නෙතුකිගෙන් අහද්දි….

මං කාවවත් පාවල දෙන්නෑ තාත්ති…..

නෙතුකිත් රවාගෙනම ආශිට කිව්ව…..

දෙන්නටම සැර කලත් ආශිගෙ හිත රිදිල තිබුනෙ……

මං හරියටම තව පැයකින් ආයිමත් එනව ඒ එනකොට දෙන්නත් එක්ක රෑම් එක බාත්රෑම් එක තිබුන වගේ අස්කරල තියෙන්න ඕන…..

සුදූ තමුසෙ කිසිම දේකට මෙයාලට හෙල්ප් කරන්න බෑ…..
කරල තිබුනොත් තමයි මං ඔක්කොම ගැන බලාගන්නෙ……
බලමුකෝ කරල තිබුනෙ නැත්නම්….

ආශි රවාගෙන කියල එලියට යන්න හදනකොට දුවගෙන ආව පුංචි හිරුක ආශිගෙ ඇඟේ හැප්පිල නැවතුනේ……

සොරි බාප්පී….

ඔන්න අඩුපාඩුවත් ඇවිල්ල…..
හිරූ ඔයා ගිහින් පස්සෙ එන්න මං දෙන්නටම පනිශ් කරල තියෙන්නෙ…..
එයාල එයාලගෙ වැඩ සේරම ඉවර කරල තමයි ආයිමත් සෙල්ලම් කරන්න එන්නෙ…..

හිරුක ආපහු හැරිල ගියේ මූනත් එක්ක එල්ලගෙන……

මං එන්න කලින් සේරම කරල තිබුනෙ නැත්නම් හමගහනව….

ගහයි කියල තමයි බය…..

ආශි එතනින් යනවත් එක්කම නෙතුකි සිතුම්ගෙ කනට කරල කියල හිනාවෙද්දි සිතුම්නම් බයවුනා……

තාත්තිට ඇහුනොත් අපිට ගුටි තමයි හලිද….

තාත්ති ගානව කිව්වට ගාන්නෑනෙ…..
බොලුවට සැල දානව විතලයි……

පන්ඩිතකමනම් දෙන්නගෙ තියෙන යනවල දෙන්නම ගිහින් වොෂ් දාගෙන එනවල මං මේව අස්කරල දානකම්…..
ආයිමත් තාත්තිගෙ දේවල් අල්ලල සවුත්තු කරල තිබුනොත් මමයි දෙන්නට සලකන්නෙ…..

අම්මි ඔයා පව්…..
ඉන්න මාත් හෙල්ප් කලන්නම්…..

සිතුම් ලඟට ඇවිල්ල කඳුළු පෙරාගෙන කියද්දි නෙතුකිත් ඇවිල්ල කෙල්ලට තුරැළු වුනා……

මාත් හෙල්ප් කලනව අම්මි…..

ඕන්නෑ මගෙ සුදු මහත්තයයි නෝනයි ගිහින් වොෂ් දාගෙන එන්නකො……
මං අද ඔයාලට රසම රස කෑමක් හදල දෙන්නම්…..

සා සෝයිනෙ…..
තාත්තිගෙ තලහ නිමෙන කෑමක් හදන්න අම්මි…..

හලි හලි සිතූ පැටියයි නෙතූ පැටියයි දුවන්න ඉතිං…..

……………………………………………………………

මහත්තයො මට බඩු වගයක් ගන්න තියෙනව ඔය ඉස්සරහ පේන ෂොප් එක ලඟින් කා එක නවත්තන්නකො…..

හ්ම් මං හිතුවෙ ඉක්මනට ගෙදර යන්න……

ඒ මොකෝ…..

පුතාල මොන්ටිසෝරි ගියාම විතරයිනෙ ඔයාගෙ ලඟට වෙලා ඉන්න පුලුවන්…..
නැත්නම් මං ඔයා ලඟ ඉදල මොනවහරි කරනව එහෙම බැරිවෙලාහරි දෙන්නගෙන් කවුරුහරි දැක්කොත් අම්මගෙයි තාත්තගෙයි සෙල්ලම කරයි……

ආශි හිනාවෙලා කියල කෙල්ලව ලඟට ඇදල අරගෙන ඔලුව සිප ගත්ත……

මෝඩය පිස්සුද…..
මේ පාර අනික ඩ්‍රයිව් කරනගමං දඟලන්නෙ…..

නවත්තන්නකො මහත්තයො ඔය ඉස්සරහ තියෙන එක……

හ්ම් හාකො හාකො……
මේවටත් එක්ක වන්දි ගෙවන්න රෑට ලැස්තිවෙලා ඉන්නව මැඩම්……

කෙල්ල බැහැල ඇතුලට ගිහින් පුතාටයි දූටයි ඕන කරන බඩු ටිකක් තෝර ගද්දි ආශි ෂොප් එකෙන් එලියට යන්න හැදුවෙ……

කොහෙද යන්නෙ…..
මං එහාපැත්තෙ කඩේට පොඩ්ඩක් ගිහින් එන්නං …….
ඔයා ලඟ සල්ලි තියෙනවනෙ……

ඔව් හැබැයි ඉක්මනට එන්න……

ආශි ගියාට පස්සෙ ⁣විසිනි පුතාට මොන්ටිසෝරි ගිනියන්න වතුර බෝතලයක් තෝරන ගමං හිටියෙ…….
බෝතලෙත් අරගෙන නැඟිටින්න හදද්දි හදිසියේම ආව කෙනෙක් කෙල්ලගෙ ඇඟේ හැපුන පාර අතේ තිබුන බඩුත් එක්ක බෝතලේ විසිවෙලා ගියා…….

ආ තමුසෙද……
මාගෙ ආදරේ උදුරගෙන ලස්සනට ජීවත් වෙන පාටයි…….

Likes ,comments වලට thanks යාලුවනේ…..
අදින් කතාව ඉවර කරන්න හිතුවත් ඉවර කරගන්න බැරිවුනා යාලුවනේ………
හෙටින් කතව ඉවර කරන්නම්……
කොටස් හැත්තෑවෙන්……
එහෙම හොදයිනෙ…… — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *