*අචින්තයි අපේ ආදරේ ***03

*****අචින්තයි අපේ ආදරේ ***
03

මොකෝ කෙල්ලෙ අහස පොලො ගැටගහන්න කල්පනාව ..ම්ම්

මන් ලොකු හුස්මක් අරන් ඒක එලියට දැම්මා..

හුම්..මගෙ පෝන් එකත් කැඩුනා අපරාදේ

ඉතින් අපි ගමුකෝ අලුත් එකක්

කෝ මල්..ඒකට සල්ලි..අප්පච්චි දුන්නු සල්ලි ටිකින් ටික ඉවර වෙනවා..මට තේරෙන්නෙ නෑ මල්.තව දවස් හතරක් තියෙනවා ..හුම්ම්..තේරෙන්නෙ නෑ මට..මේ සේරම නවත්තලා ජොබ් එකකට යන්න හිතෙනවා..ඔයාලා වගෙ..ලස්සනට ඉන්න..අප්පච්චි නන්ගි මල්ලි වෙනුවෙන් දෙයක් කරන්න මට ඕනී..ඒත් ඒත්..

රිලැක්ස් මෝඩී..ඔයාට සල්ලි නැත්තම් මන් දෙන්නම්..පුලුවන් කාලේක දෙන්න..ඉගනීම නවත්තන්න එපා..මන් ආසයි මගෙ නන්ගි ඉගෙන ගන්නවට..අපි මඩෙ පිපුනු නෙලුම් මල් ..ගොඩ එන්න තියෙන්නෙ අපෙ උත්සහායෙන් ..කව්රුත් ඇවිත් අපිට ඉදා මේන් කියලා දෙන්නෙ…වැඩිය හිතන්න එපා පිස්සි..ඉගන ගනින් හොදට…

හුම්..ඒත් ඇත්තටම මට පොඩි ලමයි ටිකකට උගන්නන්න වත් තිබ්බනම්..කීයක් වත් හොයා ගන්න ..ගමේ ඉද්දි මන් මයන්ත සර්ගෙ ක්ලාස් එකේ ටිටුට්ස් බැලුවා..ඒකෙන් තමයි මෙහෙට එන්න ඕනී ඇදුම් ,පෝන් එක අරවා මේවා අරගත්තෙ..හුම්ම්..

ඇගිල්ලෙන් බිත්තියෙ කඩතොලු උනු තැනක පතුරු අරින ගමන් මන් මල්ශට කිව්වා…මල්ශා මගෙ පිට අතගාලා චුට්ටක් කල්පනා කලා..

ම්ම් ඒ අයිඩියා එක නම් ගුඩ්..ඒ උනාට මෙහෙ ගොඩක් ගෙවල් වලට ගිහින් තමයි උගන්නන්නෙ..මන් බලන්නම්..ගොඩාක් පොඩි ලමයි මෙහෙ ඉන්නවනෙ..හරි..එතකන් අවුල් නැතිව කාලා බීලා ඉන්න..මට ලේට්..යනවා..

ඇදන් උන්නු සාරියෙ රැලි ආයෙමත් හද හදා මල්ශා යන්නගියා..

ම්ම් මන් රූම් එකයි ඇනෙක්ස් එකෙ සාලෙයි අස් කලා..කුස්සියෙන් පිටිපස්සෙ තියෙන පුන්චි බැල්කනි එකෙන් සාලේ මේසේ උඩ තිවුනු වීදුරු මල් වාස් එකෙ වතුර මන් විසික් කලා…මේ ෆ්‍රෙශ් මල් ඊයේ නිරූ අක්කිට හම්බෙලා තියෙන්නෙ එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ගෙන්..ම්ම්..ජීවීතේම පාලුයි..එහෙම කෙනෙක් වත් උන්නනම්..ඒත් බෑ..ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕන..එක පාරක් විදපු දුක හොදටෝම ඇති…

වතුර විසික් කරලා හැරෙන්න හම්බුන්නෙ නෑ..කව්රු හරි පල්ලෙහා ඉදන් බනින සද්දයක් ඇහුනා..මන් බැල්කනි එකෙන් එබිලා බැලුවා..

අහ් දෙවියනෙ අර ඉසකුඩිච්චි පබා..ශි මටමයි වෙන්නෙ..මන් විසික් කල වතුර එක එ කොල්ලගෙ ඔලුවා..ඒත් ඉතින් මන් හිතලා කලැයි..එයා මොන මගුලක් කලාද ඔය අස්සෙ ඉදන්..

කොල්ලා උඩ බල බල බනිනවා..මට ඇගිල්ලකුත් දික්කරලා..පහල නිසා කීවෙ මොනාද කියලා පැහදිලි නෑ..ඒත් හරි පස්සෙ බලාගමු..පොට්ටි කියන එක නම් තේරුනා..

ගිහින් සමාව ගන්නවද මොකද

හුම් එයත් ඊයේ සමාව ගත්තද මගෙන්..නැනි..ඕන්නැ..හොද වැඩෙ මට කරපු දේට හරි ..ඒකට හිලව්..මමත් ඒ කොල්ලට රවලා ඇතුලට ආවා..

හරිම කම්මැලී ..හවස නාලා නීරූ අක්කිගෙ පත්තර ගොඩින් පත්තර දෙක තුනක් ගත්තෙ කියවන්න කියලා හිතන්..ඒත් හිත දුවන්නෙම ගමට…

අප්පච්චි දැන් නන්ගිටයි මල්ලිටයි උයලා දෙනවා ඇති..නන්ගා පොඩි නිසා මන් එයාට වැඩක් කරන්න දුන්නෙ නෑ නේ..හ්ම්ම් කමක් නැ දැන් එයත් දෙයක් ඉගෙන ගනී නෙ..එයත් කෙල්ලෙක්නෙ..ගෙදර වැඩ දැනන් ඉන්න ඕනී..

කකුල් වලට දැනුනු සිනිදු පහසක් නිසා මන් පත්තරෙ අයින් කරලා කකුල දිහා බැලුවා..අහ් මේ ..

චූටි පූස් පැටියෙක්..සුදු පුලුන් බෝලයක් වගෙ..එයාගෙ මූනේ උඩම කොටසෙ මැදින් බෙදපු කොන්ඩයක් වගෙ කලු පාට කොටසක් තියෙයි..ඒ වගේම කකුල් හතරටම මේස් දාලා වගෙ කලූ පාටින් කකුල් හතරෙම අගිස්සෙ තියෙයි…

මෙයා වඩා ගන්නත් හිතෙයි..එත් මාව සූරයිද දන්නෙ නෑ නී..ඒත් කකුල් ගාව ඉදන් පුරු පුරු ගාන විදියට සූරන එකක් නෑ..

මන් පාථ් වෙලා පූස් පැටියව වඩා ගත්තා..ම්ම් මෙයාගෙ බෙල්ලෙ පටියකුත් තියෙයි..ඒ කියන්නෙ මෙය ගෙදරක ඇති කරන කෙනෙක්..

ඉතින් පැට්ටො.ඔයා මෙහෙ ආවෙ මාව බලන්න්ද ම්ම්..ඔයා ශෝයි අනෙ ලස්සනයි ..හැමදාම මෙහෙ එනවාද ආ

ඌත් මන් කියන දේවල් තේරෙනවා වගෙ මගෙ ඇස් දිහා බලන් ඉන්නවා..

ම්ම් ඔයා එනවද හැමදාම මාව බලන්න ම්ම්..බඩගිනීද ඔයාට..කවුද ඔයාගෙ අයිතිකාරයා..චූටි බබෙක්ද ආ..ඔයා ලග හරි සුවදයි..ඔයා නානවද ආ..ඉන්නකො මන් ඔයාට කන්න මොනා හරි දෙන්නම්..

මන් පූස් පැටියව බිමින් තියලා පෑන්ට්‍රී එකට ආවා..මෙන්න මෙයත් පස්සෙන් එනවා..දවල්ට කන්න් හදලා තිබ්බ බත් ටිකකුයි මාලූයි අනලා පත්තර කොල කැල්ලකට දැම්මා..ම්ම් තප තප ගගා කනවා මෙයා..

ඔක්කොම කාලා තොල කට ලේව කාලා පෙන්නුවෙ තව ඕන කියලා වෙන්න ඇති..

තව ඉතින් රෑට තමයි ..ඔයා එනවද රෑටත්..මටත් හරි පාලුයි..ඔයා හරියට් අපේ ගෙදර උන්නු කිටී වගෙ..හෙටත් එන්න හරිද..

ඌ හා කියන්න වගෙ ඔලුව වැනුවා..

චූටී..චූටී

ඔන්න දුවනවා මෙයා..අනෙ අනෙ තැන්ක්‍යූ කීවෙත් නෑ..මෙයා ආවෙ කොහෙන්ද බලන්න මමත් එයාගෙ පස්සෙන් ගියා..

බැල්කනි එකෙ කෙටි තාප්පෙන් එහා පැත්තෙ බිමට පැනලා ආයේම අනිත් ඇනෙක්ස් එකෙ කෙටි තාප්පෙට පැන්නා..එබිලා බලන්න හිතුනත් ඇහුනෙ කොල්ලෙක්ගෙ සද්දෙ නිසා මන් ආයෙම නිකන් උන්නා…එහා පැත්තෙ ඉන්නෙ ඒ කියන්නෙ මෙයාගෙ අයිතිකාරයා වෙන්න ඇති..මන් ටිකක් එහාට ගිහින් කියන දේවල් අහන් උන්නා..

අනෙ අනෙ මහත්තය එන වෙලාව

හොදයි කොහෙද ගියෙ කෑල්ල බලන්නද ආ..කොයි ලෝකෙ යනවද මන්දා..ආයෙ කෙල්ලො ටෝක් කරලා ඉදුල් පාරවක් කාලා ගෙදර එන්න එපා හරිද චූටී..මටත් එක්ක ලැජ්ජයි..

ඉන්නෙ කවිරු උනත් මන් වගේම සත්තුන්ට ආදරෙ කෙනෙක් වගෙ..මෙයාගෙ නම චූටී..චූටීගෙ අයිතිකාරයාගෙ නම මොකක්ද එතකොට..මට දැන් චූටී වගේම ගිහින් චූටිගෙ අයිතිකාරයා බලන්න හිතයි. ඒත් මට පුලුවන්‍යෑ චූටීයා වගෙ ඒ පැත්තට පනින්න…

===
හැන්දෑවෙ මල්ශයි,මායි,නිරූ අක්කයි පොඩ්ඩක් ඇවිදින්න ආවා..හරි ලස්සනයි ..අපි මේ ලගම තිබුනු ශොපින් මෝල් එකට ආවෙ රෑට කන්න හිතන් …නවෝදා නන්ගි මෙතනට එනවා කියලා කෝල් කරලා කීව නිසා ඇතුලට යන්නෙ නැතිව එලියෙ බලන් උන්න..

මෙතන ඉදන් අපෙ නිවාස සන්කීර්නෙ ලස්සනට පේනවා..දැන් රෑ නිසා හැම ඇනෙක්ස් එකකම වගෙ ලයිට් වැඩ..අපිත් එද්දි ලයිට්ස් දාලාමයි ආවෙ..

ටික වෙලාවකින් නවෝදත් ආවා..අද නිරූ අක්කිගෙ සැලරි දවසලූ..ඒ නිසා අද ඩිනර් එක එයා ගානේ..කොහොමත් නීරූ අක්කි ලෝබ කෙනෙක් නෙමි කියලා මට මේ දවස් තුනට තේරිලයි තිබුනෙ..

නීරූ අක්කි කොහෙද අපි යන්නෙ ආ..

ශෝට්ස් ඩෙනිමකුයි..ටීශර්ට් එකකුයි ඇදන් වටපිට බලන් උන්නු මල්ශා ඇහුවා..නවෝදා නන්ගිනම් මුකුත් කතා නැතුව කියන කියන එකට ඔලුව වන වනා ඉන්නවා..

කොහෙන්ද දැන් ඩිනර් ඕනී

අක්කි අපේ සම්මානි ඉන්න නිසා යන්ද කේඑෆ් සී..

අන්න වැඩෙ යන්..

අපි හතර දෙනා අත් අල්ලන් කේඑෆ් සී එක ඇතුලට ගියා..නිරූ අක්කි කෑම ඕඩ කරලා අරන් එනකම් අපි තුන් දෙනා එක එක දේවල් කියෝ කියෝ උන්නා..තුන් දෙනා කීවට අපි දෙන්නා..නවෝදා කොහොමත් සයිලන්ස් නෙ..

ඔන්න හරි කමු..

එයා ගෙනල්ලා තිබුනෙ චිකන් බකට් එකයි කෝකාකෝලයි..චිප්සුයුඉ..කන්න ගත්ත පලවෙනි කටම මට හිර උනා..අනෙ නන්ගියි මල්ලියි..ඒ දෙන්නටත් දෙන්න තිබ්බනම් මේවා..ශා…

මොකෝ හිර වුනාද..මේ කෝක් බොන්න..

ම්ම් වතුර ටිකක්..

අහ් අර තියෙන්නෙ අතන සින්ක් එකෙන් බොන්න සම්මානි

හරි..

මන් වතුර ටිකක් බොන්න සින්ක් එක ලගට ගියා..කූල් වතුර හරි හොට් වෝටර් හරි සිලෙක්ට් කරගන්නයි තිබ්බෙ..ඇත්තටම මේ ජීවීත කොච්චර ලේසීද..මන් කූල් වතුර ගන්න පුලුවන් පැත්තෙන් වතුර ටිකක් වීදූරුවකට අරන් අනිත් පැත්ත හැරුනා…

අහ්

අයියෝ..මොන..මගුල

අහ් මේ අර ඉසකුඩිච්චියා..යන යන තැන මේ පබා අබා..මගෙ ඇගෙ හැප්පිලා එහෙම්ම අතෙ තිබුන වතුර එක එයාගෙ ඇගෙ විසිරුනා..වතුර ගස ගස එයා මට බනිනවා..

හැටි විතරක්..බලන කැත්. ඔරෝන හැටි..හිතලා කලැයි. අනික එයානෙ ඇවිත් හැප්පුනෙ..

මේ තමුසෙ අද දෙවනි පාරට මාව නෑව්වෙ හරිද..තමුසෙ හිතුවද මන් නාන්නෙ නෑ කියලා ආ

සොරි

සොරි ..මට ඇතිහොරියක් නෑ..කෙල්ලෙක් නෙමී නම් අම්මපා දෙනවා දත් ටික බඩට යන්න..

සොරි

සොරි සොරි සොරි..මෝඩී

මෝඩයා

මොකක්ද කීවේ ආ..මෝඩයා

මෝඩයා තමුසෙගෙ ආච්චි

මගෙ ආච්චි මැරිලා

එහෙනම් තමුසෙගෙ අම්මා..

අම්..මගෙ අම්මා…

මට අම්මව මතක් උනා..නෑ නෑ මේ ලෝකෙ මන් ආස නැතිම වචනෙ..

සොරි..මන් සැර කලාට..

ඒ පාර මෙයාගෙ සැර බැහලා..මගෙ කදුලු වලට..ඕන්නෑ මට අනුකම්පාවක්..අනික ඉසකුඩිච්චි කොල්ලන්ගෙන් සමා ඕන්නෑ..

මන් එහෙම්ම ආයෙම හැරුනා..එතකොට මෙන්න අර පබා ගොයියගෙ සෙට් එක මාව වට කරගත්‍තා…

ආහ් නෑව්වා නේ අපෙ පබීව..මොකෝ සුදු ආප්පෙ ..අපිට කියලා හම කලු කරගන්න ඕනීද ආ

යකෝ බලපන්කො මේකේගෙ රෙස්පොට්..පොත්ත සුදු නිසා වෙන්න ඇති..මොකො පබි දෙමුද රෙස්පොට් බහින්න වැඩක්..

ඔව් ඔව් හෙන ගෑස්..ගෙදර ගෑස් ඉවර උනාම මේකීගෙ කටෙ ගැහුවනම් හරි..

අඩෙ ඔය රෙස්පොට් ඔක්කොම මෝකුන් පස් දෙනා තමයි..අර මල් මල් ඉන්නවනි..බලපන් අද උදෙ මේන් මෙච්චර සායක් ඇදන් මට රැව්වෙ හරියට මන් ඒකීට ඒක ඇන්දුවා වගෙ..එතකොට අර කලු ආප්පෙ හිතන් ඉන්නෙ ඒකී තමයි කෙල්ල කියලා..බතලි විතරයි ටිකක් හොද..

අහ් මෙයාලා කට්ටිය ගැන වර්නනාවක්..ඒ අස්සෙ එක කොල්ලෙක් මගෙ කොන්ඩෙන් ඇද්දා..

ඌයී..අතාරින්න..

යන්න දීපම් ..අවුලක් නෑ..
ඒ පබා..මොනා උනත් මේ වෙලේ ඒ වචන මට සැනසුමක්..මෙතන කේක් ගෙඩිය වගෙ මෙයාලා රැවිම් ගෙරවුම් විහිලු වලට මාව කොටු වෙලා..ඒකට නම් තෑන්ක් පබාට..

මන් ආයෙම හැරිලා..ඇස් වලින් තෑන්ක්ස් කියලා මල්ශලා ලගට ගියා..

අඩේ අපේ පබියට මොකො මෙ වෙලා තියෙන්නෙ ආ..ගේමක් නැතුව ඒකීව ඇතෑරියෙ..

කව්රුහරි කොල්ලෙක් කියනවා මට ඈතට ඇහුනා…

—මතු සම්බන්දයි– 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *