අචින්තයි අපේ ආදරේ 06

අචින්තයි අපේ ආදරේ
06
ඒ කොල්ලා මන් දිහා හැරිලා ඇස් පිහිදැම්මා..ආයෙම මාව ඇදලා ගත්තා..
ඌයී මට රිදෙනවා ..අතාරිනවා මාව…
තමුසෙ ත්මුසෙ කොහිද මෙහෙ ආ..කියනවා කාගෙන් අහලද මගෙ රූම් එකට ආවෙ ආ..
මගෙ අත රිදෙනවා කීවනි අතාරින්න කියලා..
මොකටද එහෙනම් ආවෙ ආ..
මන් ආවෙ ඔයා ඉන්නවා කියලා හිතන් නෙමී හරිද..
එහෙනම් කව්රු ඉන්නවා කියලා හිතන්ද ආ..ලැජ්ජ නැද්ද හලො කොල්ලො ඉන්න රූම් එකකට රින්ගන්න..ආ..තමුසෙ මහා ලොකුවට කැම්සුත් යනවා නේද ආ
මන් බලන්න ආව කොල්ලෙක් න
ආහ් එතකොට තමුසෙව දැන් මාව පේන්නෙ කෙල්ලෙක් වගේද..මෙහෙ එනවා පෙන්නන්න මන් මොකෙද්ද කියලා
මට දැන් ඕන මේ රන්ඩුව මෙතනින් නවත්තන්න..ඒත් මෙයා නවත්වන පාටක් නෑ..
අහන්න මන් ආවෙ ඔයා බලන්න නෙමී..සුමනා අම්මයි කීවේ ඔයාට කතා කරන්න කියලා..ඒත් කීයටවත් හිතුවෙ නෑ මේ රූම් එකේ ඉන්නෙ ඔයා කියලනම්..සත්තයි..ඒත් පස්සෙ ආගිව් කරමු..දැන් ප්ලීස් යන් මා එක්ක..සුමනා අම්ම වැටිලා..
මොනවා කෝ කොහිද ආච්චම්මට මොකෝ..කෝ
එයා වොශ් රූම් ගියා..පස්සෙ කෑ ගැහුවා..එයා වැටිලා..ඒත් දොර ලොක් කරන් ඉන්නෙ..මට එයාව එලියට ගන්න විදියක් තිවුන්නෙ නෑ..උදව් ඉල්ලන්න යන්න ගියාම එයයි කීවෙ සුද්දට කියන්න කියලා ..
හ්ම්ම් යන්..
ඇදන් උන්නු කොට ශෝට් එක පිටින්ම එයා වොශ් රූම් එක ලගට දීවා..පුලුවන් තරම් උත්සහා කලත් දොරෙ ලොක් එක ඇරගන්න බැරි වුනා..අන්තිමට ලොක් එක කඩලා සුමනාම්ම එලියට ගත්තෙ..එක කකුලක් තුවාල වෙලා..ලේ ගලනවා..මන් බලන් ඉද්දිම එයා ඒ තුවාලෙ පිහිදාලා බෙහෙත් දෑවා…
පුදුමයි මෙයා මේ වැඩත් දන්නවා..ඒ තුවාලෙ බැන්ඩේජ් කලේ පලපුරුදු කෙනෙක් වගෙ..මන් හිතන් උන්නෙ දන්නෙ රන්ඩු කරන්නම විතරයි කියලා..
හරිම ලස්සනට ඒ වැඩෙ කරලා ඔලුව උස්සලා මන් දිහා බැලුවා..
මොකෝ ආ..බලන් ඉන්නෙ..
හා වැඩේමයි මට මෙයා දිහා බලන් ඉන්න..සුමනාම්ම නැත්තම් කියනවා මන් හොදවයින් දෙකක්..
මන් ඒ ඇස් මගඇරලා කෙදිරි ගගා උන්නු සුමනාම්ම අත ගෑවා…පව් වයසක මනුස්සයා…
එයාට ටිකක් නිදාගන්න කියලා මන් අපෙ ඇනෙක්ස් එකට යන්න හැරුනා..
ඔහොම ඉන්නවා..
ඇයි
ඇයි කියන්නෙ ඉන්නවා ඔහොම
මට බෑ මොකටද
තෑන්ක්ස්
හ්ම්ම්..
ඒක කියපු කැත තෑන්ක් කලාම වෙල්කම් කියනවා හලෝ
හ්ම්ම්
සොරි
මොකටද
මොකටවත් නෙමී..යනවා ඉතින් තව උගුඩුවා වගෙ බලන් ඉන්නෙ..ආ
වැඩේමයි හිතන් ඉන්නෙ එයා ලස්සනයි කියලා වෙන්නැති.ඉසකුඩිච්චියා..සිගීරි සුකුමාලී..
මන් ඇනෙක්ස් එකට ගියත් හිත අවුල්..කොහොමද එයා එහේ..මගෙ එහා පැත්තෙම ඉදන්..හ්න්ම් හරි නෙ..එදා එහේ ඉදන් එලියට එද්දි තමයි එහෙනම් මගෙ ඇගෙ හැප්පුනෙ..
මන් රෑට කන්න පරිප්පු හොද්දක් හැදුවෙ..නිරූ අක්කි උදේ කියන් ගිය නිසා..සේරම වැඩ ඉවර කරලා පුටුවෙ ඇලවුනෙ මහන්සි නිසා..සේරටම වැඩිය හිතට..
ඒ වෙලේ මයි ඇනෙක්ස් එකෙ බෙල් එකත් වැදුනෙ..කව්ද මේ වෙලේ..අද මල්ශා වේලාසනින්ද..ඒත් එයා ලග කී එකක් තියෙනවා නේ..
ගිහින් දොර ඇරියා..අහ් මාව කලබල කරපූ කෙනා මෙන්න ආයෙමත් මගෙ ඇස් ඉස්සරහා..මන් කටින් කතා කරන්නෙ නැතිව ඇස් වලින්ම ඇහුවා මොකෝ කියලා..
තෑන්ක්ස්
හ්ම්ම්..
හ්ම්ම් නෙමී..සොරී
මට හොරි නෑ
දන්නවා
කොහොමද
මන් දැක්කා
මොකාක්
මොකක් හරි..තෑන්ක්ස්..අද ආච්චම්ම ලග උන්නු නිසා එයාට බෙහෙත් කරන්න පුලුව්න් උනා..නැත්තම් මම් කීයට ඇහරෙයිද දන්නෙ නෑ..
හරි
සොරි
මොකටද
අත මිරිකුවට
හ්ම්ම්
සොරි
ඒ පාර මොකටද
මුකුත් නෑ..දැන් ඔය ජම්බෝල ඇස් දෙක පොඩි කරගන්නවා..මේ දොර වහගන්නවා ..හුම් මම් යනවා
—මතු සම්බන්දයි —- 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *