අචින්තයි අපේ ආදරේ 08

අචින්තයි අපේ ආදරේ
08
උදේ පාන්දරම කකුල් වලට දැනුනු සනීපෙ නිසා මට ඇහරුනා..ම්ම් චූටීයා..
ඇදේ ඉදගෙන ඉස්සෙලම කල්පනා කලෙ කොයිද මේ කියලා..මන් ඉන්නෙ පබාලගෙ ගෙදර..හ්ම්ම් හරි..ස්නේහානන්ගි නිදි..පව් කෙල්ලට අමාරු ඇති..බෙඩ්ශීට් එකෙන් තවත් ඒ පොඩ්ඩිව පොරෝලා මන් හොදට අතපය දිග ඇරලා ලොකූ ඇනූමක් ඇරියා…චූටීයත් මගෙ ඔඩොක්කුවට පැනලා මූන දිහා බලන් ඉන්නවා..චූටීව වඩාගෙන මන් තුරුලු කර ගත්තා..
මේ චූටියට හතියද මන්දා..ග්‍ර් ග්‍ර් ගගා..මන් චූටියගෙ මූන මගේ නහයට ලන් කරලා චූටියගෙ ඇස් දිහා කෙලින් බලන් උන්නා..
චූටි ඔයා හොද නෑ..ඊයේ බැලුවෙ වත් නෑනි මන් දිහා..එච්ච්‍රටම ආදරේද පබාට ආ..දැන් මොකො මන් ලගට ආවෙ..බඩගිනිද..මේක ඔයාලගෙ ගෙදරනි චූටීයෝ..මන් කෝමද මෙහේ මට කැමති විදියට තේ හදාගන්නෙ ම්ම්ම්…මට වොශ් රූම් යන්න ඕනී ..යමුද..
චූටීයී මායී දෙන්නම වොශ් රූම් ගියා..චූටීව වොශ් රූම් එකෙ දොර ගාවින් දාලා වොශ් රූමුත් ගිහින් මූන සේදුවා..ඒ වෙලේම තමයි පබාත් වොශ් රූම් එකට ආවෙ..
වෙලාවට මූන සෝද සෝද උන්නෙ කිසි මැනස් එකක් නෑ..මන් දොර ගාවට ගිහින් පබාට එරෙව්වා..
අනෙ මොකො උදෙ පාන්දර ඔරවන්නෙ ආ..
ඔරවන්න නෙමී කොස්සක් අරන් ගහන්න තියෙන්නෙ
අහ් මෙයා ගහනකම් මන් බලන් ඉදී..ඒත් කියනවා..මන් මොකක්ද කරපු වරද මට කොස්සෙන් ගහන්න
වරද ..වරද..නොදන්න ගානට අහන හැටි
දන්නෙ නැති හින්දනි අහන්නෙ කියනවකෝ
ඔයාට කිසිම මැනස් එකක් නෑ නේද ආ..කිසිම..
ඇයි
ඇයි කියන්නෙ..ඔහොමත් රින්ගනවද වොශ් රූම් වලට ආ..මැනස් කියන නාමයක් නැස්
ඉතින් මෝඩි දොර වහගන්න බැරිද මටම බනින්නෙ ආ
වහන්නෙ ඔයාගෙ ඔලුගෙඩියෙන්ද මන්
මන් ඒ මූනටම එබිලා ඇහුවා..
ටිකක් වෙලා මගෙ ඇස් දිහාම බලන් උන්නු පබා ඒ පාර ඔලුව කසලා කල්පනා කලා
හ්ම්ම් සොරි මට අමතක වුනා දොර කැඩුවා කියලා ඊයෙ..අද හදන්නම් සොරි
ඉතින් මට මොකො ඕනීනම් හදාගන්න ඇයි මට කියන්නෙ..
අපො ගැස්සිල්ල
හුම්
මේ තේ හදනවකො
මට බෑ
හදනවකො බඩගිනී..
මෙයා හිතන් ඉන්නෙ මන් එයාගෙ වැඩකාරි කියලද දන්නෙ නෑ..මට අන දෙන්න එන්නි..ඇයි අනෙ..
මටත් දැන් තේ ඕනී..කුස්සියට ගිහින් මන් තේ හැදුවා පස් දෙනෙක්ට ඇති වෙන්නෙ..පෑන්ට්‍ර්‍යී එකෙ වෙනම තැනක තියලා තියෙන්නෙ මේ හතර දෙනාගෙ මග්ස් වෙන්න ඇති..ඒත් මන් මේවල අයිතිකාරයො දන්නෙ නෑනී..කමක් නෑ හදලා ට්‍රේ එකෙ තියන් ගිහින් සුමනාඅම්මගෙන්ම අහලා දෙනවා
තේ ටික මග්ස් හතරට දාලා මටත් පීරීසි කෝප්පෙක තේ දාගෙන මන් ඒවා අරන් සාලෙට යන්න ආවා..
ඒ පාර මෙයා කුස්සියෙ දොර අහුරන් ඉන්නවා..
මොකද
අහ් තේ..මේක නන්ගගෙ..මේක මල්ලිගෙ..ආච්චම්මගෙ මේ මගෙ .
එතන තිබ්බ ලොකුම මග් එක අතට අරන් එක හුස්මට උනු උනුවෙන් එයා ඒක බීලාදැම්මා..
යන්න දෙනවකො මග අහුරන් ඉන්නෙ
ඉන්නවා මට මදි තේ..මේක කාගෙවත් නෙමීනෙ..කෝ දෙනවා ඒකත්..
හොදටම දැන දැන මේ තේ එක මගෙ කියලා පෙරේතයා ඒක බීල දැම්මා..හුම්
හරි යනව දැන්
මට බෑ ගිහින් දීගන්න එකයි ඇත්තෙ..
මන් පබාගෙ අත් දෙක උඩින් ට්‍රේ එක තියලස් ආයෙම හැරෙන්න ගියේ..පබා එක අතකින් ට්‍රේ එක අල්ලන් අනිත් අතින් මාව් නතර කර ගත්තා
ඔහොම ඉන්නව මේවා ගිහින් දෙනවා..මට පුලුවැන් යැයි නන්ගා ඉන්න රූම් එකට යන්න හා මෙන්න
මෙයා නම්…..මට නම් මේ පිස්සු පබාව තේරෙන්නෙම නෑ..
තේ ටික දීලා ආයෙම මග්ස් ටික අරන් කුස්සියට ආවා..එද්දි මෙයා චූටි එක්ක
මෙයා හොදට පාන් ගිලිනවා චූටියා එක්ක..ඉකේ දත් මදින්නෙත් නැතිව..මන් තේ වත් බොන්නෙ නැ..දත් මදින්නෙ නැතුව..මහ ඌරා..චූටීයත් ඊට දෙවනි නෑ..
මන් කෝප්ප ටික තියලා එන්න හැදුවා..
ඔහොම ඉන්නවා මෝඩි
ඒ පාර මොකද

මොනාද
පාන්
මට එපා..
ඔහොම ඉන්නවකො
මොන එහෙකටද
චුට්ටක් ඉන්නවකො..ආ මේ චූටියව වඩා ගන්නවා..
චූටීයව මගෙ අතෙන් තියලා පබා හීටරෙ ගැහුව..වතුර උනු කරලා සීනී තේ කොල පිටි එහෙම දාලා ලොකු කිරි එකක් හැදුවා..
ඒ කිරි එක ආයෙම එයාගෙ මග් එකටත් දාගෙන බිම් තිබුනු පිගානකටත් ටිකක් දාලා කබඩ් එකෙන් එයාගෙ වගේම මග් එකක් අරන් ඒක සෝදලා ඒකටත් තේ දැම්මා..

මට එපා
බොනවා..
මට ඕනී නෑ කීවනි මන් යනවා අපේ ඇනෙක්ස් එකට මන් ගිහින් ඇති වෙන්න මට තේ හදාගන්නම්කො කවුරුවත් හදපු ඒවා මට එපා
මේ අහනවා මේ තේ දෙන්නෙ මන් තමුසෙගෙ එක බීව නිසා නෙමී..මන් පලවෙනි පාරට තේ හැදුවෙ..ඉතින් මොනා හරි වෙයිද දන්නෙ නෑනි..ටෙස්ට් කරන්න තමුසෙට දුන්නෙ..චූටියට දෙන්නත් බෑ බයයි..ආ
කිවනි සැරයක් එපා එපා එපා..
හුම් ලොකු කම් දොඩෝන හැටි .මන් ඉන්නෙ එයා හදන ඒවා ටෙස්ට් කරන්න නෙමී නෙ
බොනවා බොනවා හලො..නැත්තම් අද කුස්සියෙන් යන්න දෙන්නෙ නෑ නෑ මයි
ඒකත් කරන්න බැරි නැ නපුරා..
හ්ම් දෙනවා
මන් ඒ තේ එක හිමින් හිමින් බීවා..කොල්ලෙක්ගෙ අතින් හදපු තේ එකක් බීවමයි..ඇත්තටම මන් බීපූ රසම තේ එක..පිරිමි කෑම උයද්දි ගෑනු කෑම උයනවට වඩා රසයිලු..ඒකනි හොටෙල්ස් වල කෝකියෝ ඉන්නෙ..
පබා මගෙ මූන බලන් එයාගෙ තේ එක බොනවා..චූටියත් තප තප ගාලා කිරි බොනවා..
රසද…
නෑහ්..
කියන්නෙ නෑ කොච්චර රස උනත් කියන්නෙ නෑ නෑ මයි..
ඒ ඇස් මාව කියෝනවා..
හරි හරි තමුසෙ රහ කියන්බ ඕනී නෑ..ඒත් මතක තියාගන්නවා කෙල්ලෙක්ට කියලා විශේශෙන් හදපු පලවෙනි තේ එක ..සොරි තමුසෙගෙ තේ එක බීවට..
හුම්
හුම් හුම් ගාන්නෙ බකමූනීයෙක්ද
ඔව්..
ඔව්..
ඔව් තම්‍යි..
හරි මේ අහනවා..තමුසෙ හදපු තේ එක රසයි..ආච්චමා හදන තේ වල කිරි අඩුයි..කහට වැඩියි.හැබයි මට නම් මෙලෝ රහක් නෑ..
මෙයා රසයි කියනවද් ඓහෙම නැතිනම් රහ නැහැයි කියනවද..මට නන් මේ සීගීරි සුකුමාලිව තේරෙන්නෙම නෑ..
මේ
ඇයි
මුකුත් නෑ..
හුම්
මන් යනවා නිදාගන්න..කෑ ගැහුවොත් ඇවිත් කට තලනවා හරිද
මොකක්
ඔව්..තලනවා..චූටියි මායි නිදනවා..තමුසෙ කන්න මොනා හරි හදනවා..ආච්චම්මට බැහැනි..නන්ගවත් බලනවා..මන් කැපුන..
පබා චූටියවත් අරන් යන්න ගියා..මෙයා හිතන් ඉන්නෙ මන් එයාගෙ වැඩකාරි
මෙයා හිතන් ඉන්නෙ මන් එයාලගෙ වැඩකාරි කියලද දන්නෙ නෑ..ඇත්තටම මන් මේ දේවල් කරන්නෙ ඇයි..පබා වෙනුවෙන්ද නෑ නෑ..එයා මෙහෙ ඉන්නෙ කියලා නොදැනයි මන් මේ ගෙදට්ට ආවෙ..දන්නවනම් එන්නෙම නෑ..
මන් මේ දේවල් කරන්නෙ මොකක්දො නොදැනෙන බැදීමකින් මාව මෙහෙට ගෙට ගහලා වගෙ දැනෙන නිසයි..සුමනාඅම්ම්ට මන් ආදරෙයි..ස්නේහා නන්ගි..සෙනුර මල්ලි මගේම වගෙ දැනෙනවා ඒ දෙන්නටත් ආදරෙයි..චූටියටත් ආදරෙයි..එතකොට පබා..නෑ නෑ ඒ නපුරා මගෙ හතුරෙක්..
උදේට කන්න ලෑස්ති කරලා මන් අපේ ඇනෙක්ස් එකට ගියා..හැමතිස්සෙම මේ ගේ අස්සෙම ඉන්න පුලුවන්ද..
හොදට නාගෙන ඇදුමකුත් දාගෙන මන් පෙරේදා ලෙක්චර්ස් වලදි ලියා ගත්තු සටහන් වගයක් ආයෙම බැලුවා..අප්පච්චිට කෝල් එකකුත් දීලා සුමනාඅම්මලගෙ ගෙදර යන්න ලෑස්ති උනා විතරයි..මගෙ පෝන් එක්ට කෝල් එකක් ආවා..ම්ම් නොදන්න නම්බ එකක්..ආන්සර් කරන්න කියලා හද්දිම පෝන් එක කට් වුනා..ඒ පාර එක දිගට මැසේජ් තුනක්..
kohida inne moko karanne
enne nadda a
man kiwani yanna epa kiyla..ay gye
මෙ මොකාද..මන් මුකුත්ම දන්නෙත් නෑ..රෝන් නම්බ එකක්ද කොයිද..
ඒ පාර පෝන් එකයි ඇනෙක්ස් එකෙ දොරයි දෙකම රින් වෙනවා..පෝන් එකට ආන්සර් කරන්ම මන් දොර ඇරියා..
මොකො
එනවා මා එක්ක යන්න
කොහිද
කොහෙ හරි..හොද ඇදුමක් දාන් එනවා..
කොහි යන්නද
කියො කියො ඉන්නෙ එනවා ඉක්මනට..මන් තමුසෙට විනාඩිපහයි දෙන්නෙ..ආවෙ නැත්තම් ඔය ඇදුම පිටින් ඇදන් යනවා..
අනෙ මන්දා මට පිස්සුද පබාට පිස්සුද..හැමතිස්සෙම මන් එක්කම එල්ලෙන්නම එන්නෙ..මට අන දෙන්නෙ..මන් එයාගෙ කවුද..ඇයි මන් එයාට බය මෙච්චර
විනාඩි පහෙන් මන් ඉකමනට ලෑස්ති උනා..දිග කලු පාට ටොප් එකට කලු ඩෙනිම..කොන්ඩෙ තෙතයි මෙහෙම කඩන් යනවා..
හරි යන්
පබා මොහොතක් මන් දිහා බලන් උන්නා..ඒ ඇස්..
හරි මැට්ටි යන්..
එයා ඉකමනින් යනවා..පඩි බැහ බැහ..
අනෙ මන්දා මාව කොයි එක්කන් යනවද කියලා….මන් එයාට අවනත වෙන්නෙ ඇයි මට නම් තේරෙන්නෙ නැ..
—මතු සම්බන්දයි—– 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *