අචින්තයි අපේ ආදරේ 09

09

පඩිපෙලත් බැහගෙන මාවත් ඇදගෙන යන මේ පිස්සු පබා නම්..ඔක්කොමල්ලා බලනවා..මගෙ අතින් අල්ලන්නෙ මෙයා..
පබා
පබා
අනෙ පබා ටිකක් ඉන්න
ඇයි මොකො
මගෙ
ඔව් ඔයාගෙ මොකක්ද
මගෙ අත අනේ අතාරිනවකො..
පබා මට රවලා අත ගසා දැම්මා..
හරිනෙ එනවකො ලතා නොවී..
මන් එක අඩියක් තියද්දි පබා අඩි දහයක් විතර ගිහින් ඉවරයි..මෙයා කොහෙට මාව එක්කන් යනවද දෙයියො තමයි දන්නෙ…
පබා තීරීවිල් එකක් නවත්ත ගත්තා..මාව්ත් ඇදන් නැග්ගා ඒකට..වෙනදට අදින ශෝට වෙනුවට අද එයා ඩෙනිමක් ඇදලා..ඒකට කලු පාටම ටී එකක් ඇදලා..මාර ගති අද…මන් වීල් එකේ කන්නාඩියෙන් එයා දිහා බලන් උන්නා..එයා නියපොතු කකා ලොකු කල්පනාවක…
මචන් ඔය ඉස්සරහින් නවත්තපන්..
වීල් එකට සල්ලි දීලා අපි ඇතුලට ගියා..අහා මෙයා ඇවිත් තියෙන්නෙ වෙලාව බලන තැනකට….
අපේ වෙලාව එනකම් අපි ඉදන් උන්නා…පස්සෙ ඇතුලට ගියා..
ජෝතීර්වේදීයා අපි දෙන්නගෙ මූනූ බල බල ඒක ලීවා…පැය බාගෙකට වඩා ඒක ලියපු එයා කන්නාඩිය නල්ලට දාගෙන පුටුවෙ හරි බරි ගැහිලා වාඩී වුනා….
පබා උන්නෙ කනට ඉයර් පෝන් එක ගහන් ඇස් වහන්…බැරිම තැන මන් පබාව කෙනිත්තුවා..එයා මට අත උලුක් කලෙ ඉන්න තැන අමතක වෙලා වෙන්න ඕනී…මන් ඇස් වලින් ඉස්සරහා පෙන්නුවා…මට තොල් පෙරලලා එයාත් ඉස්සරහා බැලුවා…

මේ දෙන්නා මේ ගෑනූ දරුවගෙ අයියයි අක්කයි වෙන්න ඕනී මන් හිතේ..

අපි දෙන්නා කපල් එකක් වගෙ නැතුව එහෙම කීවෙ ඇයි..එක අතකට ඒකත් හොදයි..

ඔව් සර්

හ්ම්ම්..මේ දරුවා වැඩිවියට පත් වෙච්චි වෙලාව බොහොම බලගතු නැකතක්..ගෑනු දරුවා හොදට ඉගෙන ගනී විදයා අන්ශයෙන්..ඒ වගේම පිරිමි සහෝදරයන්ට හොදයි..මෙච්චරකල් පවුල් දෙකක තිබ්බ විරසක කම් නැති වෙනවා..ඒ වගේම දරුවට ….

මේ වගෙ තව අනන් මනම් ගොඩයි..ඒ ටිකම නැකත් කොලෙත් ලියලා තිවුනු හින්දා මන් අහන් උන්නෙත් නෑ ඕන කමින්..පබා නම් කොහොමත් අහන් උන්නෙ නෑ..

එතනින් පස්සෙ අපි ගියෙ ඇදුම් ශොප් එකකට..නැකත් වැටිලා තිවුනෙ අනිද්දා උදේට..හරිම ඉක්මනට..කහ පාට තමයි අන්දන්න කියලා තිබ්බෙ..මට නන්ගට ලස්සන ඇදුමක් තෝරන්න කිය්ලා පබා බෑන්ක් එකට ගියා..

තෝරලා තෝරලා ලස්සන ගවුමක් මන් තෝරගත්තා..ඒකටම ගැලපෙන අලුත් ස්ලිපස් දෙකයි යට ඇදුනුයි සේරම කෝ ඉතින් මේ පබා..

ඇදුම් ටික අරන් පබා එනකම් මන් මටත් ඇදුමක් තේරූවා..වාව් ලස්සන ගවුමක්..සුදු ගවුමට මැජෙන්ටා කලර් එකෙන් ඩිසයින් වැටිලා ගවුමෙ ඉන හරියෙන් මැජෙන්ටා කලර් රිබන් එකක් ගිහින්..ඒක අරන් මන් ඒ ගවුමෙ හැඩ බැලුවා..මේ වගෙ එකක් මල්ශටත් තිබුනා..නිකමට වගෙ ගවුමෙ ගාන බැලුවා
.අනෙ අම්මො රුපියල් හාරදාස් පන්සීයක්..මේකෙන් මට මාසෙම තීවිල් එකකින් කැම්පස් ඇරිලා එන්න පුලුවන්..ඒ ඇදුම අතේ තියන් කල්ප්නා කර කර ඉද්දිමයි පබා ආවෙත්..ඉක්මනට ඒ ගවුම ආයෙ හැන්ග් කරලා නන්ගට තෝරපු ඇදුම අරන් පබා එක්ක කැශියර් එකට ගියා..

හරි යන්..

දැන් අපි ඇදුම් ගත්තා..නැකැත් බැලුවා..ඊලගට ගියෙ කේක් කඩයකට..මෙහෙ ඉතින් තෙල් තාච්චි ලිපෙ තියන්නෙ නෑනී..කැවිලි වලට ,කේක් වලට ඕඩර් දීලා ඊලගට ගියේ කේටරින් එකකට..මුකුත් නොදන්න ගානට මෙයත් සෑහෙන්න දේවල් දන්නවා වගෙ..කේටරින් එකට පනස් දෙනෙකුට කෑම ඕඩර් එක දීලා එතනින් ආවා..දැන් නම් රෑ අටටත් කිට්ටුයි..කොල්ලෙක් එක්ක මෙච්චර රෑ වෙනකම් ඇවිද්දමයි..යන්..එනවා..මෙතන ඔය කියන වචන තුන ඇරෙන්න පබා මුකුත් කතා කලේම නැති තරම්..

බඩගිනී..

රෑ කොත්තු කඩේකට එයා මාව අරන් ගියා..කොත්තු දාන කම් බොන්න මැන්ගො නෙක්ටා එකක් අරන් දුන්නා..ඒක බීලා මන් බිබී උන්නු එකත් උදුරන් ඒකත් බීලා කොත්තු අරන් බස් හෝල්ට් එකට ආවා…

බස් එකක් එනකම් හෝල්ට් එකෙ ඉදන් උන්නා..

අහ් අන්න එනවා..නගිනවා නගිනවා..ඉක්මනට..

සෙනග කට්ට කපලා උන්නු බස් එකකට යන්තම් අඩිය තියා ගෙන බස් එකේ ඇතුලට ඇදුනා

සෙනග කොච්ච්‍රද කියනවනම් මාව තක්කාලි ගෙඩියක් වගෙ චප්ප උනා..

ඒ මදිවට බීපූ මිනිහෙක්ද කොහිද මගෙ ඇගටම එනවා කොච්චර ඈත් වෙන්නම හැදුවත් මගෙ ඇගටම එනවා..මන් එහෙට මෙහෙට ඇබරුන..හිරිකිතයි..අනික අරක්කු ගද නහය කඩාගෙන යනවා..

තමුසෙ අයින් වෙනවා ඔතනින් ආ

ඇයි මොකො

තමුසෙ මගෙ ඇගෙ ඇතිල්ලෙන්නෙ යනවකො එහාට..

මේ නෝනා හිතලා ඇගේ ගෑවුන්නෑ හරිද..එහෙනම් අරන් යනවකො කාර් එකක්..බස් එකෙ සෙනග උන්නට මගෙ වැරදක් නෙමී නෝනා..

මූ මගෙ කට වැහුවෙ ඒකට උත්තරයක් දීලා එහෙම කියලා එක එක මිනිස්සුන්ට ඇගෙ ගෑවෙන්න දෙන්න පුලුවන් යැයු…

චටාස්

කන ගාවින් ඇහුනු ඒ සද්දෙන් මන් වගේම ශිට් වල ඉදන් මනෝ ගහන් උන්නු අයත් හැරිලා බැලුවා..

පබා නවත්තන්න ඕක

තමුසෙ කට වහනවා මෝඩී මුන්ට ඔහොම ගහලා මදි..බස් එකක කෙල්ලෙක්ට යන්න දෙන්නෙ නෑ..

අර බිපූ මිනිහට හොදටම ගහලා බස් එකෙන් බැස්සුවා..ඌ වෙරි හිදලද කොහිද පස්ස නොබලා දීවා..

සොරි

ම්ම්

සොරි සුදු ආප්පෙ

මෙයා මොකටද් මේ සොරි කීවේ..

සුදු ආප්පෙ..තරහද

මන් සුදු ආප්පෙ නෙමී

එහෙනම්..පැනි ආප්පෙද

නෑ බිත්තර ආප්පෙ

අහා අහින්සකි වගෙ උන්නට හෙන කට නෙ..

එහෙම තමයි..

සොරි කීවෙ මොනාටද අහන්නෙ නැද්ද

මොකටද

සල්ලි ඉවර උනා ගත්තු..හෙට ගන්න ඕනී අම්ම එව්ව සේරම ගත්තෙ නෑ මන්..වීල් එකක යන්න තිබ්බෙ..මේ රෑ ඔයා බස් එකෙ එක්කම් ආවනි..සොරී

අහ් ඒකයි මෙ..

කමක් නෑ..

කමක් නෑ කියන්නෙ මැට්ටි..අරූ එක්ක කේන්තියි මට..අපරාදෙ කොත්තු ගත්තෙ..ශී..එතන කොත්තු රසයි..මන් හැමදාම එතනින් කොත්තු ගන්නවා..මට අමතක වුනා ඔයත් එක්කයි ආවෙ කියලා..

ඔහෝ මෙයා කොත්තු පෙරේතයෙක්..

සුදු ආප්පෙ

සම්මානි

නෑ සුදු ආප්පෙ..

හරි කියනවකො ආයෙම මන් කතා කරන්නෙ නෑ

හොදයි කනක් ඇහිලා උන්නෑකී

එහෙමද..හුම් මටත් ඕනී නෑ ඉස කු…

ඉතුරු ටික කියන්න ගිහින් මන් ආයෙම ගිල ගත්තා..

අපි දෙන්නා ඊට පස්සෙ ස්කීම් එකට එනකම් පාර දිහා බලන් ආවා,මිසක් වචනයක් වත් කතා කලේ නෑ

ස්කීම් එකේ පඩි නැගන් අපි දෙන්නා ආවා..මගෙ අතේ ඔක්කොම බෑග් ගත්තොත් නරකයි එකක් හරි ..ඇනෙක්ස් එකට ගිහින් ඒ සේරම තියලා මන් අපෙ ඇනෙක්ස් එකට ගියා..

මහන්සී..පොඩ්ඩක් මල්ශයි නිරූ අක්කියි එක්ක කතා කර කර් ඉදලා වොශ් එකක් දාගත්තා..නිරූ අක්කි නූඩ්ල්ස් හදලා..මන් නූඩ්ල්ස් කෑවා..එයාලා කොත්තු කාවි නේ..

රෑට පාඩම් කරන්න හිතාන නෝට් බුක්ස් දෙකකුත් අරන් මන් සුමනාඅම්මලෑගෙ දිහා ගියා..යද්දි සෙනුර මල්ලි ටීවී බල බල කොත්තු කනවා..සුමනාම්මත් ගාට ගාට කකුල් අද්ද අද්ද එහෙට මෙහෙට යනවා..ස්නේහා නන්ගා නිදි..කෙල්ල ගවුම බැලුවද දන්නෙ නෑ..

චූටී පුටුවක් උඩ නිදි..මන් චූටීව ඔඩොක්කුවට අරන් පොඩ්ඩක් ටීවී බැලුවා..එකොලහත් පහු වෙලා කෝ මේ පබා…ඇයි මගෙ ඇස් එයාව හොයන්නෙ…

මට මොකො එයා කීයට ආවත්..ස්නේහා නන්ගි නිදි නිසා ටේබල් ලෑම්ප් එක ඔන් කරන් මන් පාඩම් කලා..

දෙකාමාරයි ඇයි මන් මේ බලන් ඉන්නෙ..කවෘ එනකම්ද..නෑ,නෑ මේ මන් පාඩම් කරනවා..ඇස් දෙක පොතෙ තිබ්බට හිත තිබ්බෙ වෙන තැනක..

නිදා ගන්නවා කියලා තුනාමාරට විතර ලයිට් ඕෆ් කරද්දිම තමයි..ගෙදර දොරට ගහනවා ඇහුනෙත්..සුමනා අම්මා බෙහෙත් බීලා නිසා නින්ද ගිහින්ද් කොයිද..මන් ටිකක් වෙලා ගිහින් දොර ඇරියා..

සොරි ආච්චම්මා..බඩගිනි..අද යාලූවෝ එක්ක උන්නෙම නෑ නී..අපි චුට්ටක් සෙට් වුනා..

මන් අත් දෙක බැදන් බලන් උන්නා..

මගෙන් උත්තරය්ක් නැති තැන ඒ පාර ඕනකමින් එයා මන් දිහා බැලුවා..

සුදු ආප්පෙ..

ඔන්න ආයෙමත්..හ්ම්ම් කමක් නෑ මෙයා බීලනි ඉන්නෙ..නිකම් රන්ඩු කරන්න ඕනී නෑ..අනික එයා බීවා කියලා මට මොකෝ..

සුදු ආප්පෙ සො සොරි..හිතුවෙ න්ෂ්ස් ඔයා ඩොර අරී කියලා..ශෝ ශොරි බබා…බඩගිනී..

හුම්ම්..මුකුත් නොකියම මන් පෑන්ට්‍රී එකට් ගිහින් එයාට තියලා තිබ්බ කොත්තු එක පිගානකට දාලා බොන්න වතුරත් අරන් එයාට ගෙනත් දුන්නා..චූටියත් කොහෝදෝ ගිහින් ඇවිත් කොත්තු කන්න පටන් ගත්තා..

අනෙ චූටි එන වෙලාවක්ද මේක ආ..කොහෙ ගිහින් මොන මොනා කාලාබීලා එනවද මන්දා..ආයෙ නන් දොර අරින්නෙ නෑ මන් ඕන්..

මන් මේ කාටද බනින්නෙ චූටීටද නැත්තා…ම්ම්

පබා චූටි දෙන්නම හොර පූසෝ දෙන්නා වගෙ කොත්තු කීවා..අපරාදෙ කියන්න බෑ..කොත්තු ඔක්කොම කෑවා..මහ පෙරේතයෙක්..අප්පච්චි ගෙනල්ලා දුන්නම මායි නන්ගියි මල්ලියි තුන් දෙනාම කාලත් ඉවර කරන්න බැරි එක මෙයා තනියෙන්ම් කෑවා..

කොත්තු කාලා අතත් සෝදන් චූටිව වඩා ගත්තු පබා එයාගෙ රූම් එක ලගට ගිහින් ආයෙම හැරුනා..

ශොරි සුඩු

මතු සබදී.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *