අචින්තයි අපේ ආදරේ 11

අචින්තයි අපේ ආදරේ
11
වාව් අද කෙල්ලගෙ ලස්සන..නියමෙට මැච් වෙනවා බබී..
මල්ශා මාව කන්නාඩිය ඉස්සරහා වට දෙක තුනක් කැරකෙව්වා…
ඔහොම් ඉන්නකො
එයාගෙ මේකප් ආම්පන්න ටික එලියට අරන් පුන්චිය්ට මේකප් එකක් දැම්මා ..පස්සෙ පෝන් එකෙන් මගෙ පොටෝස් ටිකක් ගත්තා..
කෙල්ලෙ බලන්නකො මෙ ඔයාමද කියලා
අහ්..ගමෙ උන්නු අහින්සක සම්මානි ..ඒ සම්මානි හැන්ගිලා දගකාර බෝනික්කියෙක් එලියට ඇවිත්..
ඒත් එක්කම සැලුන් ගිය නවෝදායි නිරූ අක්කියි ආවා..මේ පුන්චි පාටියට මෙච්චර හැඩවිල්ලක්..නවෝදා නන්ගිටනම් අද මාර මේකප් එකක් දීලා තියෙන්නෙ…කලු ආප්පෙ සුදු ආප්පෙ වෙලා..මට පබාලගෙ කතා මතක් වෙලා තනියෙන් හිනා ගියා..
අහ් මේන් කෙල්ල තනියෙන් හිනා වෙනවා…මොකො ම්ම්.හා හා හොරේ
අනෙ හොරයක් නෑ අක්කි..නවෝදා නන්ගි අද මාර සුදුයි නේ..
ඒකනි සම්මානි සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ කෙලින්ම දෙදාහ කොලේ.
පැත්තක් බිම ගෑවෙන අනිත් පැත්තෙන් දන්හිසෙන් උඩත් පෙනෙන නිල් පාට ගවුමක් ඇදලා කොට කොන්ඩෙ කැරලි කරලා උන්නු නවෝදවනම් සත්තයි අද කාටවත් හොයන්න බෑ..
මේ සම්මානියෝ ඔන්න මන් ලග නම් ඉන්න එපා හරි..මෙච්චර මහන්සි වෙලා මේකප් කරපු එකත වැඩක් නෑ කොල්ලෙක් නොබැලුවොත්..
මේකිට නම් පිස්සු හොදටම..
හී හී..
ඔහොම්ම අරවා මෙව්වාකියෝ කියෝ තව පැයක් විතර කන්නාඩිය ඉස්සරහා ලත උනා…
හතා මාර වෙද්දි අපි බැල්කනියට ගියා…
අද මෙතන ලස්සන ..කියන්නත් බෑ රෙදි වැල් එල්ලෙන උඩ තට්ටුවද කියලා….
මගෙ ඇස් හතර අතේ දුවනවා…ඒ කාවද හොයන්නි…
ස්නේහා,සෙනුර සුමනාම්මා ඔක්කොමල්ලා ඉන්න්වා..එත් කෝ මෙයා…මට මේ ඇදුම එයාට පෙන්නන්න ඕනී…

(—මතු සම්බන්දයි–) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *