අචින්තයි අපේ ආදරේ**01 – Sathsarani Vithanage

*****අචින්තයි අපේ ආදරේ*******
01
හිමින් හිමින් බස් එක කොලඹට සේන්දූ උනා..ගමක හැදුනු මට මේ කර්කශ ගෙන්දගම් පොලොව කොහොම ඔරොත්තු දේවිද???
තුරුනුවන් සරනයි මගෙ සුද්දියෙ..දුප්පත් අපිට එකම හව්හරන උගත්කම විතරයි ..සමන් දෙයියන්ගෙ පිහිටෙන් මයෙ මැනිකට හරියන්න ඕනී..මේ අප්පච්චිගෙ නම්බුව රැකගෙන ජීවත් වෙයන් පුතෙ…
ගෙදරින් එද්දි අප්පච්චි කීව වචන තාම දෝන්කාර දෙනවා..දුප්පත් අපිට තියෙන එකම හව් හරන උගත්කම…ඔව් අප්පච්චි මන් ඉගන ගන්නවා..ඔය අත්වල අපි වෙනුවෙන් ආව කරගැටවල නය මන් ගෙවනවා අප්පච්චි ..අප්පච්චිවයි ,නන්ගිවයි,මල්ලිවයි බලා ගන්නවා අප්පච්චි..බලා ගන්නවා..
තොටලගින් බහින්න…කන්ඩක්ට කෑ ගැහුවමයි මන් පියවි සිහියට ආවෙ…කිට් බෑග් එකත් කරේ දාන් මන් බැස්සා…
ආයූබෝවන් කොලඹ..අද ඉදන් මාවත් බලාගන්න…

අනෙ ඉතින් මේ දප්පත් පෝන් කබල ඒකේ චාජර් බැහලා..පෝන් බොක්ස් එකකින් මල්ශාට කෝල් එකක් අරන් පාර අහගත්තා..

හ්ම්ම් ටිකක් දුරයි..ඒත් තීවීල් එකක් අරන් යන්න බයයි..මන් කොලබ ගැන මුකුත්ම දන්නෙ නෑ..ඒත් තීවීල් එකක ගිහින් අප්පච්චි අමාරුවෙන් හොයලා දුන්නු සල්ලි ටික ඉවර කර ගත්තම කොහොමද..මල්ශා උන්නු නිසා බෝඩින් ප්‍ර්ශ්නෙ විසදුනා..නැත්තම් ඒකටත් සල්ලි ඕනී..මට පාඩම් කරන්න තැනක් තිබුනොත් හොදටෝම ඇති..

මල්ශගෙන් අහගත්තු විදියට මන් ඒ තැනට ආවා..මහල් පිට මහල් ගහුව නිවාස සන්කීර්නයක්..ඒ නිවාසෙ සන්කීර්නෙ ඉස්සරහා පිට්ටනියක්..මල්ශා බිම් මහලෙ මන් එනකම් බලන් උන්නා..

දැනුන්‍යි ලේ ටිකක් ඉනුවෙ..අම්මෙ මන් හිථින් කොච්චර බය වෙලාද උන්නෙ..

ශා කෙල්ල ලස්සන වෙලානී..ඉතිම් ඉතිම්..එන්න යන්..

මල්ශා මගෙ අතින් අල්ලන් මහල් නිවාසෙ උඩට නැග්ගා..එයා ගිහින් ගිහින් තුන් වෙනි තට්ටුවෙ නතර උනා..එක පෙලට හදාපූ කාමර ..නෑ..නෑ ඇනෙක්ස් ටිකක්..කෙලවරේම එකට කලින් තිවුනු කොටසෙ එයා නතර උනා..

හරි යන් එන්න..

මම් උඩ බිම බල බල ඇතුලට ගියා..පුන්චි සාලයක්..සාලේම තියෙන හුරුබුහුටි පෑන්ට්‍රී එකක්..රූම්ස් දෙකක්..එලියට විවූත වුනු පුන්චි බැල්කනි එකක්..නරකම නෑ..මල්ශා අනිත් අයත් එක්ක ලස්සනට මේ ඇනෙක්ස් එක තියන් ඉන්නවා වගෙ..

මන් මල්ශා දිහා ස්තූථිපූර්වකව බලන් හිනා උනා..මල්ශගෙ මූනේ ලස්සන හිනාවක් සටහන් උනා..

ඔන්න අද ඉදන් අපි මෙ ඇද බෙදා ගමු..අර ඇද නිරූ අක්කගෙ..එයා ඇඩ්වටයිසින් කම්පැනි එකක වැඩ..හය වෙද්දි එයි..අනිත් එකෙ..ශානියි,නවෝදයි නවෝදා ජපුරෙ ඉගන ගන්නවා..එතකොට ශානි රයිට කෙනෙක්..ශානි නම් අවුට් ගිහින්..නවෝදා තා චුට්ටකින් එයි කෑ ගහගෙන ..ආවම බලන්නකො..ඔයාට මහන්සිත් ඇති නෙ..ගිහින් වොශ් එකක් දාන් එන්න..

හ්ම්ම්..මන් ඔලුව වැනුවා..

අයියො මැට්ටි..ගොලු වෙන්න එපා හොදෙ..ඔයා වොශ් එකක් දාන්නකො..මන් කන්න දෙයක් හදන්නම්..නිරූ අක්කි තමයි අපේ කෝකීයා..එයා රෑට ආවම රසට කමු..දැනට මන් තියෙන දෙයක් හදන්නම්..හොදේ..

එහෙම කියාගෙන මල්ශා රූම් එකෙන් ගියා..මුලින්ම පෝන් එක චාජර් ගහලා දැම්මා..රෑ වෙලා අප්පච්චිට කෝල් කරන්න ඕනී..

බෑග් එකෙ මහා ලොකු ඇදුම් කන්දක් තිබ්බෙ නෑ..ඒත් මයන්ත සර්ට පිහිටෙන් මන් ඉතුරු කරගත්තු සල්ලි වලින් ඇදුම් තුන හතරක් තිවුනා..ඒවා කැම්පස් යද්දි අදිනවා..ගෙදර තිබුනු තරමක් හොද ඇදුම් ටික මෙහෙ ඉද්දි අදින්න හොදයි..

නිල් පාට පසුබිමෙ සුදු බෝල වටුනු ගවුම මන් අතට ගත්තා..ු

මේ ගවුම ගිය අවුරුද්දෙ සින්හල අවුරුද්දට මායි නන්ගියි එකම විදියට මහ ගත්තෙ..හ්ම්ම් එයාලා කෑවද දන්නෙ නෑ…

සීතල වතුර එකින් එක මාව පිලිගද්දි ගමනෙ මහන්සිය.විඩාව මග ඇරුනා වගෙ දැනුනා..හ්ම්ම් ඇස් පියන් මන් කල්පනා කලා..මෙච්චර කල් ආව ගමන..

මන් ඉපදුනෙ රතනපුරේ සමන් දෙයියන්ගෙ අඩවියෙ..පවුලෙ මායි ,,,නන්ගියි,මල්ලියි..නන්ගි මේ පාර උසස් පෙල කරනවා,පොඩි මල්ලි අට වසරෙ..අපි තුන්දෙනාව රැක ගත්තෙ අපේ අප්පච්චි..මට මතකයි අම්මා අපිව දාලා ගිය දවස.එදා අප්පච්චි අම්මට දනින් නොවැන්ද ටික විතරයි යන්න එපා කියලා..ඒත් එයාට අපිට වඩා අලුත් මිනිහා ලොකු උනා..පොඩි මල්ලි කිරි ඉල්ලලා අඩද්දි අප්පච්චි හීල්ලුව හැටි මට තාම මතකයි..ඉස්කෝලෙ යන්න තරම් මහා ලොකු පහසුකම් නොතිබුනත් අප්පච්චි අපිව රැක්කා..මේසන් වැඩ ,කුබුරු වැඩ,මේ හැම දේටම අප්පච්චි දක්ශයි..කිසිම දාක අපි තුන් දෙනාව බඩගින්නෙ නොතිබ්බ අප්පච්චි බඩට නොකා අපිට ඉගැන්නුවා..පලවෙනි පාර කැම්පස් සිලෙක්ට් නොවුනම ජොබ් එකක් කරන්න මන් හිතන් උන්නෙ..ඒත් අප්පච්චි මටත් වඩා උනන්දුවෙන් මාව ඉගනීමට යෙදෙවා..ඒ පිහිටෙන් දෙවෙනි පාර කැම්පස් යන්න මන් සිලෙක්ට් උනා..කොහොම හරි ඉගන ගන්නවා..ඒ ගමන්ම මොනා හරිම හොයා ගන්නත් ඕනී…

පැයක් විතර ඇස් රතු වෙනකම්ම නාලා මන් තෙත බේරේන කොන්ඩෙ පිහි නොදාම පුන්චි පෑන්‍ට්‍ර්‍ය් එකට ගියා.

මල්ශා දනහිසටත් වියතක් තරම් උඩ කොට සායක් ඇදන් ඉයර් පෝන් එකත් කනෙ ගහන් මොනාදෝ උයනවා..මට පිටුපාලා උන්න නිසා මන් ආව එයා දැක්කෙ නෑ..මන් ගිහින් කෙල්ලගෙ උරහිසෙ එල්ලුනා..

ආ වෙලාවට ආවා..ඔන්න මන් මැගි හැදුවා..එන්න කමු..

අපි දෙන්නා පුන්චි මෙසේ ඉදන් ණූඩ්ල්ස් කෑවා..

මල්ශා මගෙ පුන්චි කාලෙ ඉදන්ම යාලුවා..හැබයි කෙල්ල ඕලෙවෙල් කරපු ගමන්ම කොලබින් ජොබ් එකක් හොයා ගත්තා..මුලින් හෙල්පර් කෙනෙක් විදියට ගිය මල්ශා දැන් ශෙක්ශන් එකක් බාර සුපවයිස කෙනෙක්..කෙල්ල ගමෙ උන්නට වඩා ලස්සන වෙලා හැඩ වෙලා..ඇත්තටම දැන් කොලබ කෙල්ලෙක් වගේමයි..

ඉතින් මැට්ටි..කොහොමද ම්ම්..

හොදයි ස්තූතී මල්..ඔයා නැත්තම් මන් නවතින්න කොහෙන් තැනක් හොයා ගන්නද මන්දා..

හරි හරි කෙල්ලෙ..ඔයා මගෙ බොකූ..ඉතින් ඔයාට නොකරන උදව් වෙන කාට කරන්නද..මේ තාම කස්ටිය ආවෙ නැනෙ..ආවම බලන්නකො..හරිද..අපි හතර දෙනා ෆුල් හැපි එකෙ ඉන්නෙ මෙහෙ..දැන් ඔයත් ආවනි..මරුවට තියෙයි..

ම්ම්..

ම්ම් නෙමි..ඔන්න දැන් මෙහෙ ඉන්නවනම් අහින්සක වෙලා බෑ හරිද..කොලබ ඉන්නවනම්..කොලබ ්

කොලබ ඉන්නවනම් කොලබ විදියට ඉන්බ ඕනී..කාටවත් ඕනවට වඩා නැමෙන්න යන්බ එපා..ඔය ඉන්න කොලබ කාක්කන්ට හිත දෙන්න යන්නත් එපා..උන් උඹව හූරන් කාලා විකුනලත් දාවි…උඹව තැලුවොත් උඹ උන්ව තුන් පාරක් තලපන්..ඔන්න ආයෙ මේ උප්ද්දෙස් නැ හරිද..ඉගන ගනින්..අර දුප්පත් තාත්තයි නන්ගි මල්ලි වෙනුවෙන්..එන්ජෝයි කරපන්..ලස්සනට ඉදපන්..ඔය වහන්තරා මෙහෙ අදින්න එපා..මෙකේ ඉන්න එවුන්ට උබෙ සායෙ දිගත් ඇති හිනා වෙන්න..ඇදුම් නැත්තම් මගෙ ඒවා අරන් ඇදපන්..උබ මගෙ නන්ගි..මන් එහෙමයි හිතන්නෙ..මට මතකයි ඉස්සර උබ මට පාඩම් කියලා දෙනවා..පන්තියෙ දක්ශම ලමය උනු උබ පන්‍තියෙ අන්තිමයා උනු මාව හොදම යාලූවා කරගත්තා..මට ඒකම ඇති..ඔන්න මතකනි ..මන් අක්කා..උබට වඩා අවුරුද්දක් වැඩිමල්..මන් ෆේල් උනු එක ඉස්සර මන් ගොඩක් දුක් වුනා..ඒත් අද සතුටුයි..මොකද ඒ නිසයි මට උබව හම්බුනේ..ඔන්න ලෙක්ච ඉවරයි..තා චුට්ටකින් අපෙ සෙට් එක එයි..ම්ම්..හිනා වෙලා ෆිට් එකේ ඉමු..වෙල්කම්ටු කලම්බූ..

මට තේරෙන්නෙ නෑ මේ ගමේ උන්නු හොටු පෙරපු මල්ශද කියලා..කෙල්ල කොලබ ඇවිත් ජීවීතේම ඉගන ගෙන වගෙ..ඇත්තටම මල්ශා මට හයියක්..

මමත් මල්ශත් පුන්චි බැල්කනි එකට ගියා..

අහ් කියන්න අමතක උනා..මන් සම්මානි ආකර්ශා..

—මතු සම්බන්දයි —

හෙට ඉදන් සම්මානි එක්ක ජීවීතෙ අකුරු කරමු..හැමදාම වගේම ඔයාලා මා එක්ක ඉදීවී කියලා හිතනවා.. 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *