අචින්තයි අපේ ආදරේ***02

*****අචින්තයි අපේ ආදරේ********
02
තවත් ටික වෙලාවකින් නවෝදාත් නිරු අක්කත් ආවා…නවෝදෝ කෙට්ටු කලු කෙල්ලෙක් ..හරියටම පිටින් බැලුවම පේන්නෙ කොල්ලෙක් වගෙ..දිග කොන්ඩෙ නැත්තම් ඕනී කෙනෙක් රැවටෙනවා…එයා වැඩිය කතා නෑ වගෙ..යාන්තමට හිනා වෙලා රූම් එකට ගියා ගියාමයි ආයෙ ආවෙ රෑ කෑමට..
නිරූ එහෙමත් නැත්තම් නිරූපමා නම වගේම ලස්සන පියකුරු පෙනුමක්..ඒත් තරමක බෝල ඇගක්..නිරූ අක්කා ආවෙ ලොකු එලෝලූ මල්ලකුත් උස්සන්..එයා ආවට පස්සෙ නම් මුලු ඇනෙක්ස් එකම කිචි බිචි සද්දෙන් පිරුනා…කොහොමත් කෙල්ලො තුන් දෙනෙක් එකතු උනාම ආයේ කියන්න දෙයක් නෑ නී…
එදා මමත් නිරූ අක්කට උදව් කලා..අපි සැමන් තෙල් දාලා,පරිප්පු උයලා මන් ගෙනාව අච්චාරුයි පොලොස් වෑන්ජනෙයි එක්ක කෑවා…කද්දි මට අප්අප්පච්චි ,නන්ගි,මල්ලි මතක් උනා,,,,හ්ම්ම් මොනා කෑවද දන්නෙ නෑ..
රෑ අප්පච්චි ට කතා කරලා මල්ශායි,නිරූ අක්කියි එක්ක කියෝ කියෝ ඉදලා යාන්තම් පාන්දර ඇස් පියාගත්තා…..

ගමන් මහන්සියත් එක්ක මට සෑහෙන්න වෙලා නින්ද ගියා..ඇහරිලා බලද්දි නමයා මාරත් පහුවෙලා..තව සතියකෛන් තමයි මට කැම්පස් යන්න තියෙන්නෙ ඒ නිසා මේ ටික නිදහස්..

නවෝදා ඇරෙන්න අනිත් දෙන්නම ගිහින්..මල්ශා යනකොට පුන්චි ලියුමකුත් තියලා ගිහින් තිබ්බෙ..

සම්මානි ඊයෙත් නිවාඩු ගත්ත නිසා අද නිවාඩු ගන්න විදියක් නෑ..ටීවී එක දාගෙන බලපන්..නිරූ අක්කි බත් උයලා ඇති..ඒව කාලා තා ඕනී වෙලේට ෆ්‍රිඩ්ජ් එකෙත් අරන් කාපන්..හොද කෙල්ලනි..හවස හම්බෙමු..නවෝදා ගෙදර ..ඒකි ඉද්දි මොන යකෙක් වත් එන්නෙ නෑ බය වෙන්න එපා…

හ්ම්ම් බය..බයක් නෑ..ඒත් මේ පරිසරේට පුරුදු වෙන්න මට ටිකක් කල් යාවි..

වොශ් එකක් දාන ගමන් නිරූ අක්කිගෙයි මල්ශගෙයි ඇදුම් ටිකත් හෝදලා දැම්මා..මේවා වනලා දාන්නෙ කොහාටද දන්නෙ නෑ..

ටවල් එකෙන් කොන්ඩෙ ඉස මුදුනට බැදගෙන මන් නවෝදගෙ කාමරේට ගියා..නවෝදා නිදි..සෑහෙන්න ඇනලා ඇනලා තමයි නවෝදව ඇහරව ගන්න පුලුවන් උනෙ..

නවෝදා

ආහ් ඔයා..ඇයි

මේ රෙදි වේලෙන්න දාන්නෙ කොයිද

ම්ම් ඉන්න කොරිඩෝ එක දිගෙ ගියාම හිස් ලොකු බැල්කනි එකක් හම්බෙනවා..ඒකෙ තමයි දාන්නෙ..හැබයි සම්මානි ඔයාට එතනම ඉන්න වේවි රෙදි වේලෙනකම්..

ඈහ් ඒ මොකෝ..

ඒ මොකෝ කියන්නෙ මෙහෙ හරියට හොරු..මේ පැත්ත බලලා ඒ පැත්ත බලද්දි ඇදුම් වාශ්ප වෙනවා..අපි හතරදෙනා ඉරිදට තමයි ගොඩක් වෙලාවට රෙදි සෝදන්නෙ..හතර දෙනා මාරුවෙන් මාරුවට පැය තුනක් විතර එතන රැකගෙන ඉන්බවා..හැබයි ඕන් පට පට ගාලා රෙදි වේලීලා ඉවරයි..

අනෙ එහෙමත් එකක්ද..මන් දැනන් උන්නෙ නැ නෙ..අනිත් දවසෙ ඉදන් එහෙම කරමු..ඒත් දැන් මේ ටික..

හරි හරි ඉන්න..මන් එන්නම්..ඔයා මෙහෙ දැක්කෙත් නැනි..

නවෝදා ඇදෙන් බැහලා සෙරෙප්පු දෙක දාගත්තා..

ඔහොම ???

ඇයි නැත්තම් වෙන කොහොමද

නවෝදා ඇදන් උන්නෙ චූටි කොට කලිසමක් ..එයාගෙ කෙට්ටු ඇගත් එක්ක ඒ ඇදුම කොහෙත්ම ගැලපෙන්නෙ නෑ…ඒත් අනෙ මන්දා

හ්ම්ම් යමු..

නවොදයි මමයි රෙදි බාල්දියත් අරන් කොරිඩෝ එක දිගේ ගිය..අපෙ ඇනෙක්ස් එකට පස්සෙ තවත් ඇනෙක්ස් එකක් තිබ්බා..ඒකෙන් පස්සෙ ටිකක් ඇවිදන් ගියාම ලොකු එලිමහනක් වගෙ ඉඩක්..රෙදි වැල් හැමතැනම හරියට පන්සලෙ බෝදිය වටෙ එල්ලලා තියෙන කොඩි වැල් වගෙ..පුන්චි ලමයි කට්ටියක් එතන කිකට් ගහනවා..තවත් පැත්තක ඔලුවත් එක්කම වහගත්තු මුස්ලිම් ගෑනූ දෙන්නෙක් කියෝ කියෝ ඉන්නවා.මේ සේරම මට අලුත් දේවල්..අපෙ පැත්තෙ ගෙවල් තියෙන්නෙ ටිකක් ඈතින් ඈතට..අනික මේ වගෙ රෙදි වැල්…

නවෝදා පෙන්නපු තැනින් ර්දි ටික වැනුවා..එයා පොඩි අය එක්ක සෙල්ල්ම් කරන්න ගිය නිසා මන් චුට්ටක් බලන් උන්නා..මෙතනට කැලනි ගග ලස්සනට පේනවා..එක සීරූවට යන වාහන පෝලීම..අපූරුයි..පහල ඉන්න අය තම තම්ගෙ වැඩ වල කඩියො වගෙ නිරත වෙලා..ම්ම් අප්පච්ච්ලාට කෝල් එකක් දෙන්න ඕනී..

නවෝදා ඉන්න නිසා මට ගිහින් ආවෑකි ඇතුලට..

එහෙම්ම ඇනෙක්ස් එකට ඇවිත් පෝන් එක අතට ගත්තා..

දොරත් වහන් පෝන් එකේ අප්පච්චිගෙ නම්බ එක ඩයල් කලා…

අහ්…මොන යකෙක්ද මේ…

උනෙ මොනාද කියලා හිතා ගන්නත් කලින් ඉස්සරහින් දුවන් ආව මල යකෙක් මාවත් පෙරලන් දීවා..ශිට් මගේ පෝන් එක…

පෝන් එක බිම වැටිලා කෑලි විසික් උනා..මට තිබ්බ එකම සම්පත..මල යකා ශිට් ..මට කේන්තීයී..ඒත් බනින්නත් ඉස්සර ඉගිල්ලිලා ගියානෙ..ඔලුවෙ තිබුනු ටවල් එකත් විසික් උනා ..අනෙ අප්පච්චි මන් දැන් කොහොමද මේක හදාගන්නෙ..
මගෙ අසරනකම ගැන මටම දුක හිතුනා..තිබුනු එකම එක සම්පතත්..මුන්‍ට පිස්සු හැදිලද කොහිද පාරෙ යද්දි යන්න දන්නෙ නෑ..ඉස්සරහින් එන එකාව පේන්නෙ නෑ..හුම්..ඒකෙනුත් පාඩු උනෙ මට..

මම් පෝන් එකේ කෑලි අහුලගෙන එහෙම්ම බැල්කනී එකට ගියා..

නවෝදා තාමත් කට්ටිය එක්ක සෙල්ලම් කරනවා..හ්ම් ඉතින් මගෙ පෝන් එක..

මොකො

මේ

ආනෙ පෝන් එක..මොකෝ උනේ..

බ්‍රේක් නැති කෝච්චියකට අහු වෙලා බිමට විසික් උන..මට අහු උනානම් බනිනවා මන්..කොහෙද මන් දිහාවත් නොබලා දුවලා ඉවරයි

කව්ද

මන් දන්නෙ නෑ යකෙක් වෙන්න ඇති..දකින්නත් කලින් පැනලා දිව්වානි..

හ්ම්ම්..අඩන්න එපා මගෙ එකින් ගමු ..

හ්ම්ම්..

තාම රෙදි තෙතයි නෙ..

ම් ඔව්..

එතකම් අපි මෙතන චුට්ටක් ඉමු..රූම් එකට වඩා මෙතන සනීපයි ..

ම්ම් ඔව්..අර ඈතින් පේන්නෙ මොකද්ද

අහස ගාවටම උස් උනු කුලුනක්

ආහ් නෙලුම් කුලුන..දවසක යන් පස් දෙනාම ඇවිදින්න හරිද..

අපි බැල්කනි එකෙ ඉදන් පහල බැලුවා..මේ නිවාස සන්කීර්නෙ පහල තිබුනෙ ලොකු පිට්ටනියක්..ඒකෙ ලොකු කොල්ලො ටිකක් වොලිබෝල් ගහනවා..මන් බලන් ඉද්දිම නවෝදා කාටද රැව්වා..

මොකො නවෝදා

ඔයාට පේනවද අතන ඉන්න කොල්ලො සෙට් එක

හ්ම්ම් ඔව්

උන් තමයි මෙහෙ ඉන්න එපාම කර්පු එවුන්..මට පෙන්නන්න බෑ..මන් එනකොට මට විහිලු කරනවා කලූ ආප්පෙ කියලා ..හරියට උන් සේරම ඉන්ග්ලන්ඩ් වල සුද්දො වගෙ..එක්කෙනයි සුද්දෙක් වගෙ ඉන්නෙත්..ඌ තමයි ඔතන සෙට් එකෙ ලීඩර්..මෙහෙ වෙන හැම නසරානි වැඩකම ලීඩ් කරන්නෙ ඌ තමයි ..

ඒ කවුද

ඔහොම්මම බලන්න මගෙ ඇගිල්ල දිහා..අර නිල් ටී ශර්ට් එකක් ඇදන් ඉන්නෙ..

නවෝදා පෙන්නපු දිහාට මන් ඇස් යැව්වා..අහ් මේ ..මගෙ පෝන් එක වට්ටපු මල යකා..මූන නොදැක්කට මට ඇදුම මතකයි..

මොකො මේ

මගෙ පෝන් එක..ඌ ඌ තමයි වැට්ටුවෙ..ඔහොම ඉන්නකො

කොහෙද මෝඩි දුවන්නෙ

ඉන්නකො..මට කේන්තීයි..ඌ ඌ තමයි මගෙ පෝන් එක වැට්ටුවෙ..

මන් ඉක්මනට පල්ලෙහාට දුවන් ගියා…දුවන් ආවට මොකද කොල්ලො ගොඩයි

මේ

මේ

තුන්වෙනි පාර කතා කලාම තමයි කට්ටිය ඔලුව උස්සලා බැලුවෙ…

ඔක්කොමල්ලා එකම වගෙ..නවෝදා කීවා හරි..ඒ කොල්ලා විතරයි සුදු..ඒත් මට මොකෝ..මගෙ පෝන් එකත් වැට්ටුවා…

මොකො

එකෙක් මන් ලගට අමුතු හිනාවක් දාන් ආවා..

මට ඔයා එක්ක කතාවක් නෑ..මෙන්න මෙයා එක්කයි කතාව..

අම්මට සිරි..හූ හූ..

මුන් කට්ටිය නක්කලෙට විසිල් ගහන්න ගත්තා..මට තවත් කෙන්තීයී..

ඇයි මාව මොකොද ආ ආ

ඒ කොල්ලා මගෙ මූන ගාවටම එබුනා..හ්ම්ම් ඇග පුරාම ටැටු ගහන්..කොන්ඩෙත් සීගීරි සුකුමාලි වගෙ උඩට බැදන්..මූන පුරා රාස්සයෙක් වගෙ රැවුලත් වවන්..බෙල්ලෙ බල්ලො බදින දම්වැලකුත් දාගෙන..අත පුරා නූල් බැදගෙන..හැටි මල යකා..

ම් මට කියන්න දෙයක් තියෙනවා

මොකක්ද ම්ම්..

කොල්ලා ආයෙම මගෙ ඇගටම එනවා..

හිතට බයකුත් නැතිවා නෙවේ..ඒත් මට කේන්තීයී මගෙ පෝන් එක…

මන් අතේ ගුලි කරන් උන්නු පෝන් එකෙ කෑලී ඒ කොල්ලට දික්කලා

මේ මොනාද ..හිතුවද මන් පෝන් රෙපායර් කරන කෙනෙක් කියලා ආ

ඒ ඒ අඩෝ බලහන්කො මේකිගෙ රැස්පොට්..දැක්කෙත් අදයි…

ඔව් බන් කවුද මේ කිකිලි

මන් කවුද කියලා ඔයාලට වැඩක් නෑනි..කරුනාකරල මගෙ පෝන් එක හදලා දෙන්න..මෙච්චරයි මට තියෙන්නෙ මගෙ අප්පච්චිට කතා කරන්න

ඉතින් යනවාකො පෝන් ශොප් එහෙකට අපිට කියන්නෙ

ඔයානෙ කැඩුවෙ වට්ටලා..මාවත් වට්ටන් දිව්වෙ..අඩු තරමෙ සොරි කියලා වත් කීවද ආ

ආහ්..කොහෙන් හරි ආව ගිනි බෝම්බයක් වගෙ..පබෝ..

මොකක් පබා..පබා නෙමී අබා උනත් මට කමක් නැස්..මට මගෙ පෝන් එක හදලා ඕනි එච්චරයි

ඇයි හදලා නොදුන්නොත්..ආ ආ නන්ගි මෙ..අපෙ පබාට මෙතන ලොකු ලයින් දාන් ආවොත් ආපු දිහාටම කෑලි කපලා පැක් කරලා පෝස්ට් කරනවා හරිය…

මන් තනිව සටනක..එතකොට මේ කොල්ලගෙ නම පබා..ඔව් රැවුල නොතිබ්බ නම් කොන්ඩෙත් ඉසකුඩිච්චියක් ගෙට ගහලනි..ගැලපෙනවා නම..

නවෝදා ඇවිත් මගෙ අතින් ඇද්දා..

එන්න සම්මානි අපි යන්..එන්න

අම්මට සිරි කලු ආප්පෙට..සුදු ආප්පයෙක් සෙට් වෙලා..කලූ ආප්පෙගෙ රැස්පොට් මයි මේකිටත්..

හූ හූ..

කොල්ලන්ගෙ විහුලු මැද්දෙ නවෝදා මාව ඇඩන් ආවා..ඇත්තටම මන් රන්ඩු කරන්න ගියෙ නැ..ඒත් අප්පච්චි එක්ක කතා කරන්න තිබ්බ එකම දෙ එච්චරයි මට..ආයෙ අලුතින් පෝන් එකක් ගන්න කෝ මට සල්ලි…

—-මතු සම්බන්දයි —-
කතාව, ගැන චුට්ටක් දැන් තේරෙනවා ඇති කියලා හිතෙනවා .. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *