අරුන්දී (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)18 වන දිගහැරුම
විහග තමාට හැකි උපරිම වේගයෙන් පිලිකා රොහලට පැමිනියේ අසිහියෙන් මෙනි…
අරුන්දී හා ඔහු අතර මේ වන තුරුත් කිසිදු කතාවක් නොවූයේ දෙදෙනාම දෙගිඩියාවෙන් පෙලුන නිසාය..
කාරය නැවැත්වූ ඔවුන් ඉක්මනින් රෝහල වෙත දිව ගියේ වටපිටාව ගැනද කිසිදු තැකීමකින් නොවේ…
අරුන්දීද විහග පසු පසින් ඉක්මන් ගමනින් යන්නට වූයේ හිතේ මහා බරක් උසුලාගෙනය…
අරුන්දී හා විහග කෙලින්ම ගියේ දැඩිසත්කාර ඒකකය අසලටයි..
බබා…ඔයා පොඩ්ඩක් ඔහොම ඉන්න…මම ඇතුලට ගිහින් බලන්නම්…
අනේ විහග මයන්තට මොකුත් වෙයිද???
විහග ඇය දෙස බලා සිටියා මිස කිසිත් නොකියා දැඩිසත්කාර ඒකකයේ දොර හැරගෙන ඇතුලට ගියේය.
අරුන්දී අසල තිබූ පුටු පේලියේ එක් පුටුවක ඉද ගත්තේ හිටගෙන සිටීමට තරම් ශක්තියක් ඇය තුල නොවූ නිසාය..
මයන්ත ඇයි දෙයියනේ ඔයාට මෙහෙම දෙයක් උනේ…
මම කොහොමද හිත හදා ගන්නේ…
අන්තිමේදී ඔයාගේ හොදම යාලුවාව මම බැන්දේ කියලා ඔයා දන්නවද මයන්ත..
ඇයි මට මේ දේවල් හැන්ගුවේ…..අනේ මයන්ත ඇයි එහෙම කලේ…
අරුන්දී කදුලු සලමින් එසේ සිත සිත තම හිතෙන්ම ප්‍රශ්න කරමින් සිටින අතර වාරයේදී විහග දැඩිසත්කාර ඒකකයේ දොර හැරගෙන එලියට ආවේය…
ඔහු දුටු වනම අරුන්දී ඉදගෙන උන් තැනින් නැගිට ඔහු අසලට ගියේ කුතුහලය පිරි දෑසිනි…
විහග……
බබා යමු ඇතුලට…..
විහග එසේ කියමින් රොද හැරගෙන ඇතුලට ගිය අතර අරුන්දී සෙමින් සෙමින් දැඩිසත්කාර ඒකකය තුලට ඇතුලු වූයේ ගැහෙන හදවතිනි..
අවුරුදු එක හමාරකට පසු මයන්තව දකින් මුල්ම අවස්තාව මෙන්ම ඔහුව මෙලෙසින් ලෙඩ ඇදේ දකින ප්‍රථම වතාවත් වන හෙයින් ඇයේ හදවත වේගයෙන් ගැහෙන්නට විය..
විහග ඇය පසු කොට ඉදිරියට ගොස් එක් තැනකදී හැරී බලුවේ ඇය එනවාදැයි කියාය..
අරුන්දී පය ඉක්මන් කර විහග අසලට යන විට ඇය දුටු දෙයින් මුලු ගතම අප්‍රානික වන්නට එතරම් වේලාවක් ගත නොවුනි…
ඇය ඇද්ගෙන වැටෙයි දෝ බයෙන් අරුන්දී විහගගේ අතකින් අල්ලා ගත්තේ සීතල වූ දෑතිනි…
එම ශාලාවේ කොනට වන්නට තිබූ ඇදක මයන්ත සිටින අතර ඔහුගේ ඇගට නොයෙකුත් වර්ගයේ වයර් සම්බන්ද කර තිබුනේ අරුන්දීත් විහගත් තව තවත් අසරන කරමිනි..
පසෙකින් සම්බන්ද කර තිබූ මැශින් එකකට ඔහුව සම්බන්ද කර තිබෙනු දුටු අරුන්දී ඇඩුම වාවා ගත්තේ අතකින් කට තද කරගෙනය..
විහග අරුන්දීද කැටිව සෙමින් මයන්ත සිටින ඇද අසලට ගියේ කිසිවක් නොකියාමය..
අරුන්දී විහග පසු කරමින් මයන්තගේ හිස අද්දරට ගියේ මීට වසර එක හමාරකට කලින් තමන් හා පෙමින් වෙලුන ඒ සුන්දර තරුනයා මොහුමද කියා සැක හැර දැන ගන්නට මෙනි..
ඇත්ත..ඔහු ඒ තරමටම වෙනස් වී ඇත…
ජෙල් ගා මනාව ඉහලට පීරන ලද ගනකම් කොන්ඩය අද එකක් වත් ඔහුගේ හිසේ නොවීය..
ඒ මත් වූ දෑස් අද පියවී ගොස් ය..උමතුවෙන් මෙන් ඇයව සිපගත් ඒ දෙතොල් අද මැලවී ගොස් ය..
කොයි වෙලේත් බැනගත්ත ගමන් සිටින ඒ නපුරු මයන්ත අද අසරනව තම ජීවිතය උපකරනයක ආදාරයෙන් අයැදිමින් සිටී…
අරුන්දී මේ කිසිවක් සිතා ගත නොහැකිව මයන්ත දෙසම බලා සිටියේ පෙර ඔහුගේත් ඇගේත් මතකයන් අතොරක් නැතිව ඇගේ සිතට ගලා එන්නට වූයෙන් එවා සිහිවීම නිසා අඩමින් ය…
එක්වරම එතැනට පැමිනියේ වයස 55ක් පමන පෙනුමැති වෛද්‍යවරයෙකි..
ආ…විහග ඔයා ආවා නේද???
මේ ..?
අරුන්දි දෙස බලා ඔහුදෑස් හැකිලුවේ ඇය දැඩිසත්කාර ඒක්කය තුලට පැමිනියේ කෙසේද දැයි අසන්නාක් මෙනි..
ආ..ඩොක්ටර් මේ මගේ wife..
ඒක මිසක්..විහග දන්නවනේ මේක ඇතුලට අපි පිටින් කව්රුත් ගන්නේ නෑ කියලා…
කමක් නෑ මේ wife නිසා ගැටලුවක් නෑ…
ඩොක්ටර් මයන්තට …..කොහො..ම..ද…?
විහග ඔයත් ඩොක්ටර් කෙනෙක් නිසා මයන්තගේ situation එක අමුතුවෙන් මම කියන්න ඕනී නෑ නේද??
ඔව් මට තේරෙනවා ඩොක්ටර් …
හොදම දේ දැන් මෙයාගේ ගෙවල් වලට දන්වන එක තමයි විහග..
අපි කරන්න පුලුවන් හැම දේම කලා… මශින් එක උනත් උපරිම දවස් තුනක් වගේනේ දාන පුලුවන් ඉතින්…
අපි බලමුකෝ..දෙවියන්ට තමයි දැන් ඉතුරුටික භාර…
එම වෛද්‍යවරයා එසේ පවසම විට අරුන්දී වාවා සිටි ඇඩුම ඇයටත් නොදැනීම පිට වූයේ තවත් ඇයට මේ දේවල් දරගත නොහැකි වූ නිසාය.
විහග ඇය අසලට ගොස් ඇයව අල්ලා ගත්තේ මේ මොහොතේ කිසිවෙකුටත් මයන්ත වෙනුවෙන් කිරීමට දෙයක් නොවූ බව වටහාගත් නිසාය..
මිසිස් විහග… හිත ශක්තිමත් කරගන්න…
එසේ කිව් වෛද්‍යවරයා එම ස්තානයෙන් යන්නට වූයේ අරුන්දීත් විහගත් මයන්ත අසල තනිකරදමාය..
බබා…
විහග අමාරුවෙන් වචන ගලපා කතා කරන්නට විය.
මයන්තට ඕනි උනේ ඔයාගෙන් සමාව ගන්න…
මයන්ත මෙහෙම හිටියට එයාට අපි කියන දේවල් ඇහෙන්න පුල්වන් ..
ඒක නිසා ඔයා එයාට කතා කරන්න…
එයා ගොඩාක් ආසාවෙන් හිටියේ ඔයාව දකින්න..
විහග මෙතෙක් වේලා හිතේ සිරකරගෙන උන් දේ අරුන්දිට කිව්වේ මයන්තට තව වැඩි කාලයක් නැති බව ඔහුට ඉවෙන් මෙන් දැනුන නිසාවෙනි..
අදාල මැශින් එකේ මයන්තගේ හදවත් ගැස්ම එන්න එන්නම අඩුවන බව දුටු විහග වික්ශිප්තව බලා සිටින අරුන්දීට නැවතත් කියා සිටියේ මයන්තට කතා කරන ලෙසිනි..
අරුන්දී විහගගෙන් මෑත්ව මයන්තගේ හිස අද්දරට ගොස් සෙමින් ඔහු වෙතට නැමුනේ එක් අතකින් ඔහුගේ අත අල්ලන ගමන් ය..
ඒ අත් අල්ලන්නට බැරි තරම් සීතල වූයෙන් අරුන්දී මද වේලාවක් මයන්ත දෙස බලා හිද කතා කරන්නට විය…
ම්…මය..න්ත……..
මම ආවා ඔයාව බලන්න…..ඇස් දෙක ඇරල බලන්න මයන්ත….ප්ලීස් ඇස් දෙක ඇරලා එක පාරක් බලන්න…..
ඔයා කොහොමද මයන්ත මේ විදිහට හිත හයිය කරගත්තේ..
මට එක පාරක් කියන්න තිබුනා නේද?? මම ඔයාව කොයි තරම් හෙව්වද?? මයන්ත ඔයා අහගෙන නේද ඉන්නේ…??
ඔයා මගෙන් සමාව ගන්න ඕනේ කිව්වට ඔයා වැරැද්දක් කරලා නෑ මයන්ත….
ඔයා මොනවහරි දේකට මගෙන් සමාවක් බලාපොරොත්තු වෙනවනම් ඒ හැම දේකටම මම ඔයාට අද සමාව දෙනවා…..
ඔයාගේ හිත නිදහස් නේද දැන්…
කියන්න….මට කියන්න මයන්ත හිත නිදහස් නේද….
අරුන්දී අසිහියෙන් මෙන් මයන්ත වෙත නැමී අඩමින් කියනා සැටි විහග උපේක්ශාවෙන් බලා සිටියේ වේදනාව පිරුනු සිතෙනි…
ඇගේ දුක් වීම සිතට කොතරම් වේදනාවක් ගෙනාවත් ඔහු ඇයව අස්වසාලීමට නොගියේ මේ ඊට සුදුසු වෙලාව නොවන නිසාය..
අද තමාගේ ආදරවන්තිය එදා ඔහුගේ ආදරවන්තියයි…
ඇය ඔහුට කොතරම් ආදරේ කර ඇද්ද යන්න අද තමාට හොදින්ම ඒත්තු ගියේය..
මයන්ත අද මෙලෙසින් නොසිටින්න අදටත් අරුන්දී මයන්තගේ පෙම්වතියයි..නැතිනම් ආදර බිරිදයි..
එක් වරම විහග කල්පනාවෙන් මිදුනේ මයන්ත සම්බන්ද කර තිබූ මැශින් එකේ හඩ වෙනස් වූ හෙයිනි..
ඒ අවදානම පෙන්වන සලකුනකි…
මයන්ත වෙත නැමී අඩමින් සිටි අරුන්දීද ඒ ශබ්දය ඇසුනු නිසා එක් වරම හිස ඔසවා විහග දෙස බැලිවාය…
ඒ මොහොතේම අදාල වෛද්‍යවරයා සහා හෙදියක් මයන්තගේ ඇද අසලට ආවේ කලබලයෙනි…
විගහ සිදුවන්නට යන දේ හොදින්ම තේරුම් ගෙන සිටි හෙයින් මුව ගොලු වූවා සේ ඔහේ බලා සිටියේ හිස් බැල්මෙනි…
වෛද්‍යවරයා අදාල වාර්තා පරික්ශා කල අතර ඔහු තුලද කලබල කාරී බවක් ගැබ් වී තිබුනි..
මේ කිසිත් තේරුම් ගත් නොහැකි වූ අරුන්දී විහග දෙස බලා නැවතත් මයන්ත දෙස බැලුවේ අසරන වූ දෑසිනි..
ඇය දුටුවේ මයන්තගේ එක් දෑසකින් ගිලිහෙන කදුලකි…
ඒ කදුලු බින්දුව ඔහුගේ දෑසින් මිදී සෙමින් ඇස දෙපසින් ඔහු නිදා උන් කොට්ටයට වැටුනෙත් ඔහු සමබන්ද කර තිබුන මැශින් එකේ හදවතේ ගැස්ම ඉරකට පරිවර්තනය වුනේත් එක විටය…
සොරි විහග…..
වෛද්‍යවරයා එසේ කියනු අරුන්දීට සිහිනෙන් මෙන් ඇසුනේ එවිටයි…
මයන්ත….මයන්ත….කතා කරන්න….
අනේ…විහග…මයන්තට මොකද…..විහග කියන්නකෝ…..
මේ අහන්න මයන්ත ඇයි මගේ එක්ක එක වචනයක් කතා කලේ නැත්තේ..
ඔයා අඩවන්න නෙවෙයි මම ආවේ ….
ඔයාට මම සමාව දුන්නා මයන්ත …කතා කරන්න….අනේ…කතා..කරන්න…….
විහග අරුන්දී අසලට ගියේ කදුලු පිරුන දෑසිනි..ඔහු සෙමින් අරුන්දීව අල්ලා ගත්තේ දැඩිසත්කාරය තුල ඇය එසේ හැසිරීම සුදුසු නොවන නිසාය…
විහග…මට කියන්න…මයන්තට හොද වෙයි නේද…විහග හොද වෙයිද..??
ඇයි ඒ මැශින් එකේ සද්දේ වෙනස් උනේ ..මට කියන්න විහග…
බබා……හිත හදා ගන්න…..රත්තරන් ..
හිත හදා ගන්න…ඒ ඇයි….??
මයන්ත…ඔයාට මාව ඇහෙනවා නේද??
මයන්ත…
බබා මයන්ත ආයේ කවදාවත් කතා කරන්නේ නෑ මගේ මැණික..
මයන්ත අපිව දාලා ගියා බබා….අපිව දාලා ගියා….
විහග ගොත ගසමින් වචන ගැට ගැසුවේ ඇඩුම් බරවය.
මන්ද අරුදීට කෙසේ හෝ ඇත්ත පහදා දිය යුතු නිසාත් ය.
ජීවිතේ තමන්ගේ හොදම මිතුරාගේ වියෝව කිසි සේත්ම විහගටත් දරාගත් නොහැකි වූවාට සැක නැත..
අරුන්දී විශාල කරගත් දෑසින් විහග දෙස බලා සිටි අතර එක් වරම ඇගේ දෑස් දෙක පියවී විහගගේ සිරුරට බර වූයෙන් විහග ඇයව වැටෙන්නට නොදී අල්ලා ගත්තේය…..
අරුන්දී සෙමින් දෑස් දෙක අරින විට ඇය සිටියේ රෝහලේ ඇදක් මතය…
හිසෙන් නැගුන දැඩි වේදනාව නිසා ඇගේ මුවින් කෙදිරියක් පිට වුනේ ඉබේටමය…
ඇය සිටි ඇද ඉදිරිපිට බිත්තියේ ඔරලෝසුවේ වෙලාව සටහන් වූයේ රාත්‍රී 11.15 ලෙසිනි..
ඇය සෙමින් ඇස් කරකවා වටේට බලන විට දුටුවේ විහග ඇය අසල පුටුවක හිදගෙන සිටින බවයි..
ඔහු එක් අතක් හිසෙහි කෙස් අතර රදවාගෙන ඔලුවේ බර අතට දී බිම බලාගෙන සිටියේ වේදනාවකින් බව මැනවින් පෙනෙන්නට විය..
එක් වරම අරුන්දිට සිහියට ආවේ මයන්ත ගේ ඇද අසල තමා අවසන් වරට සිටි මොහොතයි..
ඇය නැවතත් හැඩීමට පටන් ගත්තේ මයන්තගේ වියෝව ඇගේ සිත කිසි සේත්ම පිලි නොගත් නිසාය..
ඇය අවදී වූ බව දැනුන විහග ඉක්මනින් ඇය දෙස හිස ඔසවා බැලුවේ කදුලු පිරුන දෙනෙතිනි…
ඔහුගේ සිතේ වේදනාව මැනවින් ඇස් දෙකෙන් පෙනෙන්නට වූ බව දුටු අරුන්දී තවත් හයියෙන් ඇඩුවේ ලදැරියක මෙනි..
අනේ මගේ රත්තරන්…..මට බලාගෙන ඉන්න බෑ ඔයා ඔහොම අඩන කොට…
විහග ඇගේ හිස අතකින් පිරිමදිමින් කීවේ දැඩි වේදනාවක් සිතේ තද කරගෙනය…
විහග …..මයන්ත…??
එයා ගෙනාව ආයුශ එච්චරයි බබා…
අන්තිමට හරි ඔයා එයාව බලන්න ආපු එක එයාට සහනයක් වෙන්න ඇති බබා…
අම්මලා දැන් එනවා කිව්වා හොස්පිටල් එකට…
අරුන්දී ඉකිබින්දා මිස කිසිවක් නොපවසා සිටියේ මයන්තගේ අතීත මතකය ඇගේ සිත තුල හොල්මන් කරන නිසාවෙනි..
අනේ මයන්ත ඇයි අපිට මෙහෙම උනේ.
මම කොහොමද හිත හදා ගන්නේ??
ඔයා මොන තරම් දුකක් විදින්න ඇද්ද..
අනේ එක පාරක් මට කතා කලානම් ඔයා…
ඇයි ඔයාට මෙහෙම උනේ මයන්ත….ඇයි…??
ඇය එක් වරම යමක් මතක් වූවා සේ විහග දෙස බැලුවේ සැක මුසු මුහුනෙනි…
විහග…..මට එක දෙයක් කියන්න….
මොකද්ද???
විහග ඇගෙන් ඇසුවේ සැකයෙනි..
මයන්ත දැනගෙන හිටියද ඔයා මාව බැන්දා කියලා…?
අරුන්දී එසේ අසා එක එල්ලේ විහගගේ මුහුන දෙස බලා හිටියේ ඔහුගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙනි…
විහග කිසිවක් ගලපා ගත නොහැකිව අරුන්දී දෙසම බලා සිටියේ හිතේ දෙගිඩියාවෙනි…
මයන්තගේ කීමට අරුන්දිට ලන් වුන තමා අද ඇත්තටම ඇයට ආදරේ කරන මුත් ඒ බව අරුන්දිට පැවසුවහොත් ඇය තමාව වැරදි කාරයකු කරනවාට සැකයක් නැතිබව විහගට ඉවෙන් මෙන් හැගුනි..
බබා…මම හිතන්නේ…එයා එහෙම එකක් දන්නේ නෑ…
විහග අමාරුන්වෙන් වචන ගැට ගැසුවේ හිතකින් නොවෙයි..
මට සමාවෙන්න මයන්ත මට සමාවෙයන්..
මම අරුන්දිට බොරුවක් කිව්වේ…
උබ මේහැම දේම දැනගෙන හිටියේ කියලා මට අරුන්දිට කියන්න බෑ මචන්…
එයා කීයටවත් ඒක විශ්වාස කරන්නේ නෑ…මම දන්නවා ඒක…
එයා මාව වැරදි කාරය කරයි ඔයාලා දෙන්න අතරට මම ආවා කියලා හිතලා..
එහෙමත් නැත්තම් මම අවස්තාවෙන් ප්‍රයෝජනේ ගත්තා කියලා එයා හිතයි කියලා මම බය උනා මයන්ත..මට සමාවෙයන්…
මෙලෙසින් විහග දහස් වාරයක් හිතෙන් පසුතැවිලි වෙමින් විදෙව්වේ තමා පන මෙන් ආදරය කරන අරුන්දී වැරදි වැටහීමකට පත් වේයැයි බියක් සිතේ හටගත් නිසාය..
ඒක හොදයි විහග….එහෙම දෙයක් දැනගත්තනම් එයාට මොන තරම් දුක හිතෙයිද…
දැන් ඒවා ගැන හිතලා වැඩක් නෑ බබා…
මයන්ත ඔයාට ගොඩාක් ආදරේ කලා..
ඒත් එයාගේ ජීවිතේ සෙල්ලක්කාරකම ඊටත් වඩා තිබුන නිසා එයාට ජීවිතේ වැරදුනා..
අන්තිමේදි එයාට හැමදේම තේරෙද්දී එයා පරක්කු වැඩී බබා..පව්…
විහග එසේ කීවේ අවන්කමයි….මයන්ත පිලිබද හිතේ හටගත් අවන්ක අනුකම්පාව මෙලෙසින් ඔහුගේ වචන වලට පෙරෙලෙන්නට වූ බව ඔහු දනී…
මයන්තගේ අන්තිම ඉල්ලිම උනේ මට ඔයාව බලා ගන්න කිව්ව එක කියලා ඔයා දන්නවනම් අරුන්දී මගේ හිත නිදහස්..
ඒත් එහෙම කියන්න තරම් මට ශක්තියක් නෑ රත්තරන් …
මොකද ඒ තරමටම මම ඔයාට ආදරෙයි…
මේ දේ අහලා ඔයාගේ හිත මම ගැන වැරදි දෙයක් හිතුවොත් කියලා මට බයයි අරුන්දී…
මයන්ත මට සමාවෙයන් මචන්…
මේක රහසක් විදිහටම මම තියාගන්නවා..
මම ආත්මාර්ථකාමියෙක් ..ඔව් ආදරේ වෙනුවෙන් මට ආත්මාර්ථකාමි වෙන්න වෙනවා මයන්ත… සමාවෙයන්….
විහග එසේ සිතමින් ඉන්නා විට එක් වරම කාමරයේ දිර ඇරගෙන ඇතුලට පැමිනියේ අරුන්දිගේ පියාත් මවත් ය…
ඔහු කල්පනාවෙන් මිදුනේ ඔවුන්ගේ හඩටයි…
19 කොටසෙන් හමුවෙමු..
මොකද හිතෙන්නේ ඇත්තටම විහග ආත්මාර්ථකාමි ද ලමයි…??
ආයේ දුක් දෙන්නේ නෑ අරුන්දිට…
කතාව ගැන අදහස් කියන්නකෝ ඉතින් …
අද පොඩ්ඩයි ලියාගන්න පුලුවන් උනේ..කමක් නෑනේ.
හැමදාම වගේ ආදරෙයි හැමෝටම..
බුදුසරණයි ..