අරුන්දී 03

(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව)

3 වන දිගහැරුම
💘
💘
💘
💘
කව්ද??

ඔහු දුරකතනය අතට ගෙන එය දෙස බලන විට ඇය ඇසීය..

ඒකෙන් වැඩක් නෑනේ දැන්….

ඇයි හැම වෙලේම කේන්තියෙන් ඉන්නේ මයන්ත..මම ඇහුවෙ කව්ද කියල විතරනේ..

ඒක වැඩක් නෑනේ…

හෙලෝ…

ඔව් කියන්න…
නෑ තවම ගෙදර ගියේනම් නෑ…
හරී… tc….. ගුඩ් නයිට්..

යාලුවෙක් ඇයි???

සන්වාදය අවසානයේ මයන්ත ඇය දෙස බලා කීවේ ඕනෑවට එපාවට මෙනි..
ඒ මොහොත වන විටත් ඔවුන් නිවසේ පෝටිකෝව යටට පැමින සිටියෝය..
ඔවුන් පැමිනි බව දැන්ගෙන චන්ද්‍රා නිවසේ ඉදිරි පස දොර හැරියේත් ඒ මොහොතේදිමය..

ඔයා එනවද ගෙට ?

පිස්සුද දැන් රෑ වෙලා… මෙහෙමම යනවා මම..

හ්ම්ම්….. එහෙනම් පරිස්සමට හොදේ…

හරී ඔයත්…. ගුඩ් නයිට් අරූ…

ගුඩ් නයිට්…

එසෙ කියමින් ඇය කාරයේ දොර හැර එලියට බැස්සාය…
එවිටම වාගේ චන්ද්‍රාත් කාරය අසලට ආවේ

පුතා මෙහෙමම යන්නද …? අසාගෙනය…

ඔව් ආන්ටි යනවා.. .. එහෙනම් අරූ මම යනවා.. බායි… බායි ආන්ටී..

ඔහු කාරය තුල සිටම ඔවුනට පැවසූ අතර අරුන්දි කාරයේ ජනේලයෙන් නැමී එබී බැලුවේ ඔහුට සමු දීමටය…

ඒ මොහොතේත් ඔහුගේ දුරකතනයට ඇමතුමක් එන බව ඈ දුටුවේ එහි ලයිට් එක දැල්වීම නිසාය…

ඇය නැමෙන අතරතුර එහි තිරයේ දිස් වූ නම ලාවට මෙන් දිටීය..

Dinaaya is calling….

හරි මම යනවා.. එසේ කිව් ඔහු දුරකතනයට කතා නොකරම වේගයෙන් කාරය ගේටුවෙන් එලියට පදවාගෙන ගියේය..

අරුන්දී ඔහු නොපෙනී යන තුරුම ඒ දෙස බලා හිද දිගු සුසුමක් හෙලා ගේ තුලට එන්නට සැරසුනාය..

මොන ලෝකේ රවුම් ගහලා එනවද මන්දා…
අනික රෑට රෑ වෙලා….

මොන ලෝකෙවත් ගියේ නෑ…

එසේ කියාගත් ඇය අඩියට දෙකට ගෙතුලට ගියේ ඊට වඩා දෙයක් ඇගේ හිත් තුර කැකෑරෙමින් පැවති හෙයිනි…

උත්තර නම් තියෙනවා ඕනේ දේකට….
කොහෙන් නතර වෙයිද දන්නෑ…

කුඩම්මා එසේ පවසන විටත් ඇය තරප්පු පෙලේ භාගයක්ම නැග අවසන්ය..

සීතා…. අර ගෙට්ටුව වහලා නිදා ගනින්…

ඒ වන විටත් අරුන්දි කාමරය තුලට පැමින අවසන්‍ ය.. කාමරයට ගිය වහාම බැද තිබූ කොන්දය ගලවා කෙලින්ම කන්නඩි මේසය ඉදිරිපස ඇති ස්ටූලය මත හිද ගත්තේ දෑසින් කදූලු බිදු වැටෙද්දීමය..

ඩිනායා කියන්නේ අර සෙකට්‍රි නේද…
එතකොට ඒකී මොකටද මයන්තට මේ වෙලාවේ කතා කලේ…
අනික මයන්තට මට කියන්න තිබුනනේ ඩිනායා කතා කලේ කියලා.. එයා කිව්වෙත් යාලුවෙක් කියලා..

මේ මොකද්ද වෙන්නේ දෙයියනේ ….
මයන්ත ඒ කෙල්ල එක්ක ………………………

ශික් මම මොනවා හිතනවද මන්දා….. එහෙම බොරුවක් කරයිද මයන්ත…

එසේ සිතමින් සිටි ඇය ඇදගෙන උන් ඇදුම් උනා දමා නාන කාමරය වෙත ගියේ ඇග සෝදා ගැනීමටය…

ඉක්මනින් ඇග සෝදාගත් ඇය පැමින ලා රෝස පැහැති නයිට් ගවුම ඇදගත්තේ ගතේ විඩාවට වඩා හිතේ විඩාව හේතුවෙන් ඇදට වැටීමට බලාගෙනය..

ඇදට වැටුන ඇය මොබියිල් එක ගෙන එහි මයන්ත ගේ අන්කටය දුරකතනය ඇමතුමක් ගත්තාය..

The subscriber you dial is busy right now. Please try again shortly.

මොකක් බිසී මෙයාගේ ෆෝන් එක???
එක් වරම ඇගේ නෙත ගියේ බිත්තියේ එල්ලෙමින් තිබූ ඔරලෝසුව වෙතටය..
12.30…

මෙච්චර රෑ වෙලා…. ගෙදර ගියාද කියලවත් කිව්වෙ නෑ… ඊටත් ෆෝන් එකත් බිසී..

ඇගේ නෙතට කදුලක් නැගුනේ ඉබේටමය..
මොබියිල් එකෙන් දෙතුන් විටක්ම ඔහුට ඇමතුම් ගත්තද ප්‍රතිචාරය පෙර සේම වූ නිසා ඇය සෙමි දෑස් පියා ගත්තේ හිතේ දුකටමය..

එලෙස දෑස් පියාගෙන සිටින අතරතුර ඇයගේ සිහියට ආවේ නිවසට හැරෙන හන්දියේ ඔහු ඇයව සිප ගත් අයුරුය..

අම්මෝ පිස්සුවෙන් වගෙනේ මාව කිස් කලේ..
එහෙම කෙනා වෙන කෙල්ලෙක් ……
නෑ නෑ එහෙම වෙන්නේ නෑ… මම මොනවද මේ හිතන්නේ..

එක් වරම.ඇගේ මොබියිල් එක නාද දිය.

මයන්ත ගේ නම දකිත්ම ඇගේ හිතට යම් අස්වැසිල්ලක් අවාය.

හෙලෝ

මිස් කෝල් alerts ආවා .. ඒකයි ගත්තේ…

මිස් කෝල් ආපු නිසාද ගත්තේ මයන්ත.. ඇයි ගෙදර ගියා කියලවත් කියන්න ඕනි කමක් නැද්ද?

විකාර… මම බබෙක් යෑ?… හරි හරි ඔන්න මම ඇවිත් නිදා ගන්න හදන්නේ…

මේ…. එතකොට…

අනේ අරූ මට මහන්සී… හෙට කතා කරන්නම්.. ගුඩ් නයිට්..

ඔහු දුරකතනය විසන්දි කරලත් ඉවරයි..
පුදුම මනුස්සයෙක් අප්පා…කොයි වෙලෙත් කේනතියෙන්…

කමක් නෑ හෙට අහනව අරකි ඇයි කතා කලේ කියලා…

එසේ සිතූ ඇය පොරවනය කර මතක් වන්නට පමනක් වසා ගෙන මොබියිල් එක ඇදේ පැත්තකින් තබා දෑස් පියා ගත්තාය..

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ඩිනායා සිකුරාදා මීටින් එකේ සමරි රිපොර්ට් එක මට දවල්වෙද්දී ඕනී…

ඕකේ සර්..

අහ් මම කියන්න හිටියේ පිස්සි එදා රෑ මොකටද ඒ වෙලාවේ මට කෝල් කලේ..

අනේ ඉතින් සර් ගෙදර ගියාද බලන්නනේ..

ඇය තොදොල්වී කිව්වාය..
මයන්තගේ මේසයට තරමක් ඈතට වන්නට තබන ලද මේසයක ඩිනායා හිදගෙන සිටී..

කලු පාට සායට සුදු පාට බ්ලව්ස් එක ඈයට කදිමට ගැලපෙන්නේය..

දුටු පමනින්ම පිරිමියෙකුගේ සිත ඇද බැද තබාගත ඇහි ආකර්ශනයක් ඇගේ පෙනුමේ නොඅඩුව තිබේ…

ඒත් ඩිනායා මගේ girl friend එක්ක ඉද්දි මට කෝල් කරන්න එපා… දන්නවනේ ඉතින් …

ඔහු ඇසක් ඉගි කර ඇයට මද හසක් පාන්න විය…

හරි හරි…
එසේ කියමින් ඇය සිනහ වෙමින්ම පරිගනක තිරය වෙතට නෙත් යොමු කලාය..

මගෙ අද ශෙඩියුල් එක මොකද්ද?

සර් 10.30 ට clent කෙනෙක් එක්ක මීටින්ග් එකක් තියෙනවා..

ආයේ හවස 3.00 ට ස්ටාෆ් මීටින් එකක් බොස් arrange කරලා තියෙනවා..
එච්චරයි සර්..

හ්ම්ම්….මට මතක් කරන්න හොදේ… හවස මේටින් එකට ඔයත් ඉන්නවනේ…

ඔව් සර් මටත් mail එකක් දාලා ඒකටනම්..

Mail එක දාන්න ඕනි නෑනේ ඔයා මගේ privet සෙකට්‍රිනේ.. මම යන තැන ඔයත් එන්න ඕනි.

එසේ කියමින් ඔහු ඇය වෙත මනමාල බැල්මක් හෙලුවේය..

හවස මම ඔයාව drop කරන්නම් රෑ උනොත්..

හරි සර්.
ඇය සතුටක් මුහුනේ මවාගෙන ඔහුදෙස බලා සිනාසුනාය..

මයන්ත තම secrety සමග ඇගෑලුම් කමක් පානට පටන් ගත්තේ මීට මාස දෙක තුනකට ඉහතදීය..

ඩිනායාද වෙනත් අයෙකුගේ පෙම්වතියක්වූ අතර ඇයද මයන්තගේ ඇසුරට විරුද්ද නොවුනේ සාමාන්‍ය සේවිකාවකට වඩා දෙයක් මයන්තගෙන් තමාට ලබා ගත හැකි නිසාය.

හුදෙක්ම තමාගේ ලාබ ප්‍රයෝජනය සදහාය..

මයන්තටද ඩිනායා සමග මෙලෙස ඇසුරක් පවත්වාගෙන යාමෙන් ඔහුගේ රාජකාරීමය කාර්‍යයන් මැනවින් ඉටු කර ගැනීමට ඇය තුලින් හැකිවීම මේ ඇසුරේ යටි අරමුණයි..

එසේ බැලීමේදී දෙදෙනාම කපටියන්‍ ය..
එහෙත් අරුන්දී මේ කිසිවක් නොදන්නීය..

10.30 ට පැවති රැස්වීම අවසන් කල මයන්ත නැවත ඔහුගේ ඔෆිස් කාමරය වෙත සෙකට්‍රි සමග එන්නට විය.

ඔහු පසුපසින් පැමිනි ඇය කාමරයට ඇතුලුවී තම අසුන වෙත ගියේ දැඩි ලෙස කුසගිනි දැනුන හෙයින් දවල් ආහාරය ගැනීමට සූදානම්වය.

ඩිනාය ලන්ච් ගන්නද හදන්නේ??

ඔව් සර්.. ඉක්මනට කාලා එන්නම්.. සර් කන්නේ නැද්ද?

ම්ම්ම්ම්…කන්න නම් ඕනේ… මම එලියෙන් කන්නෙ අද.. ඔයත් යමු..

අනේ සර් මම ලන්ච් ගෙනාවනේ…

ඒකට කමක් නෑ ලමයෝ අපි එලියෙන් කමු…

අනේ සර් අද මම ගෙනාවෙ fried rice එකක්.. අම්මට රහට හදන්න පුලුවන්.. අපි දෙන්නම කමුද??

ආ… ඒකත් හොදයි … එලියට ගියත් fried rice හරි බුරියානිනේ කන්න වෙන්නේ..

ඒකනේ සර්..

හරි එහෙනම් අපි යමු මගෙ ලන්ච් රූම් එකට..

ඕකේ සර්..

ඩිනායා තම lunch box එක අත දරාන මයන්තගේ ඔෆිස් කාමරයට යාබදව ඔහු වෙනුවෙන් වෙන් කර ඇති කෑම කාමරයට ගියාය..

මයන්ත මේසය උඩ තිබූ ලැප්ටෝ එකේ පියන වසා අතකින් ටයි පටිය හදමින් කෑම කාමරය වෙත ගියේය..

එය මනා ලෙස සාදන ලද කුඩා කාමරයකි.. අවශ්‍ය කලමනා සියල්ලක්ම පාහේ එම කාමරය තුල තිබේ..

විදුලි කේතලයක්.. හොට් ප්ලේට් එකක් ආදී කලමනා එහි ඇත. මෙවැනි කෑම කාමරයක් මේ ආයතනයේ ඇත්තේ ඔහුටත් ආයතන ප්‍රදානී සමරදිවාකර මහතා එනම් අනාගත මාමන්ඩිගේ ඔෆිස් කාමරයේ පමනි..

මයන්ත එහි යන විටත් ඩිනායා අලුත්ම මිනරල් වතුර බෝතලයක් කඩා මේසය මත තබා ඔහු එන තුරු කුඩා මේසයේ ඉදගෙන සිටියාය..

ඔහු කාමරයට ඇතුලුව අත්දෙක සෝදා ඇය අසල පුටුවෙන් ඉද ගත්තේ ඇගේ කෑම පෙට්ටිය දෙස බලාගෙනය..

දැන් කොහොමද මේක කන්නේ.. මෙ හැදිදෙකම පෙට්ටියේ දාන්න ගියොත් කන්න වෙන්නේ නෑ..

ඔහු සිනාසෙමින් කිව්වේ අතේ තිබූ හැන්ද පෙන්වමිනි..

ඒකනෙ සර් මම කවන්නද එහෙනම්.. එතකොට හරිනේ…

මේ ඩිනායා මට ඔය සර් කෑල්ල කියන්න ඕනේ ඔෆිස් එකේදි විතරයි කියලා කොච්චරවත් කියනවනේ… තේරෙන්නෙ නැද්ද මෝඩි..

එසේ කිව් ඔහු ඇගේ නහය අල්ලා තදි හොල්ලන්නට විය..

ආව්…. රිදෙනවා ස….. ආ නෑ නෑ මයන්ත..

හ්ම් එහෙනම් කවන්නකෝ මට බඩගිනී..

ඩිනාය තම අතරැදි හැන්ද පසෙකින් තබා අත සෝදාගෙන විත් කෑමපෙට්ටිය විවෘත කලාය.

එය විවෘත වන් විටම ඉන් නැගි ඉමිහිරි සුවදට මයන්තගේ බඩගින්න දෙගුන තෙගුන වන්නට විය..

ඇය බත්කටක් ගෙන මයන්තට කවන්නට සැරසෙත්ම ඔහුගේ මොබියිල් එක නාද විය..

ඔහු මේසය උඩ රැදි මොබියිල් එක අතට ගත්තේ නිසැකවම අරුන්දි බව දැනගෙනය.
තම දබරගිල්ල මුවට තබා ශබ්ද නොකරන ලෙස හැගවූ ඔහු ,

Helloo
ඔව් දැන් කන්න හැදුවේ..
ඔයා කෑවද??
හරිහරි… තියන්නම්…

ලෙස පවසා දුරකතනය විසන්දි කලේය..

අරුන්දි…

හ්ම්ම් මම දැන ගත්තා… ඒ කෙල්ල පව් සර්

ඇයි ඔයාගෙ කොල්ලා පව් නැද්ද??

ඔහු එසේ පවසන විට ඇයට කට උත්තර නැති විය..
පව් දෙන්නම පව්….

ඒකනේ වැරැද්දට වැරැද්ද හිලව් ඔන්න..
කෝ මට කටක්….

එසේ කියමින් මයන්ත ඇය දෙස බලා කට ඇරියේ පොඩි එකෙකු මෙනි…

ඇය බත් කටක් ගෙන ඔහුගේ මුවෙහි තැබුවේ ආසාවෙනි..

ම්ම්ම්ම්… රසයිනේ….

ඇය සිනාසුනා මිස කිසිවක් නොදොඩා බත් කටක් මුව තුලට දමාගත්තාය..

එක් වරම මයන්තගේ කකුලේ යමක් ස්පර්ශ වනු ඔහුට දැනුනි..
ඔව් ඔහුගේ අනුමානය හරි.. ඒ ඩිනායාගේ කකුල..

ඇය ඇගේ කකුලකින් ඔහුගේ කකුල පිරිමැද්දේ ඔහුගේ මුහුන දෙස බලාගෙනමය..

මොකෝ පිස්සුද හැටිද?

දෙකම….

ඇය එසේ කියා සිනාසුනත් දෙදෙනගෙම සිත් තුල ඔවුනොවුන් කෙරෙහි හැගීමක් පහල වී තිබූනේ ඔවුන්ටත් නොදැනීමය

මේ වන විට කෑම එක අවසන් දී තිබූ හෙයින් ඩිනාය තම අත සෝදා ගැනීමට පුටුවෙන් නැගිට්ටාය.

ඔහු ඇය දෙස බලා සිටියේ සිතත් ගතත් දෙකම පිබිදී තිබූ නිසාය..

ඇය අත සෝදාවිත මේසය උඩ තිබූ බෝතලය ගෙන වතුර බොන්නට විය..
එක් වරම මයන්ත ඔහුගේ දකුනත ඇගේ ඉන වටා යවා තමන් ලගට ඇද ගත්තේය..

ඇයද එය අපේක්ශාවෙන් සිටියාක් මෙන් ඔහුගේ තුරුලට ආවාය..

ඔහු ඇගේ ඉන පෙදෙස අතින් පිරිමදිමින් ඇගේ මුහුනදෙස බලා හිනැහුනේ ඇයව තවත් වශී කරගනිමිනි..

එක්වම ඇය පහත් වී ඔහුගේ මුව සිපගත්තේ ඔහුවත් පුදුම කරවමිනි..

ඔහුගේ දෙතොලින් ඉවත් වූ ඇය ඇගේ අත් දෙක ඔහුගේ ගෙල වටා දමා ගනිමින් කිව්වේ,

තුන හමාරට මීටින්ග් …
කියාය..

ම්ම් මතකයි..

යැයි කිව් ඔහු ඇගේ ලමැදට හිස තබා ගත්තේත් ඇය ඔහුව තවත් පපුවට තද කර ගත්තේත් එක වරය..

ආහ්.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. ඔයාට මම කැවිලි වගයක් ගෙනාවා..

කැවිලි?? ඇගේ ලමැදේ හිස හොවා සිටි ඔහු හිස ඉවතට ගෙන අසල තිබූ පාර්සලය දෙස බැලුවේය..

ඔව් කැවිලි ටිකක්..

ඇය ඔහුගෙන් මෑත්ව පාර්සලය දිග හරින්නට විය..

පිලිවෙලට ඔතා තිබූ එම පාර්සලයේ මුන් කැවුම් දෙකක්, කොකිස් කිහිපයක් ,කොන්ඩ කැවුම් දෙකක් හා කෝලි කුට්ටු කෙසෙල්ගෙඩි හතරක් විය..

කොහෙන්ද ගෙදර හැදුවද??

ඔව් .. අපි අලුතෙන් වෙන ගෙදරක පදින්චියට ගියානේ… ඉතින් අම්මා හැදුවේ..

මට කිව්වෙ වත් නෑනේ..

Last friday ගියේ .. ඒකනේ මම half day වලට ඔෆිස් ආවේ.. කියන්න බැරි උනා මට..

එදා හවස අරය කිව්ව BNS ලගේ ශෝ එක බලමුද කියලා.
ඉතින් මමත් හා කියලා ගියා ගෙදරට කෝල් එකක් දාලා..
සර් ලා කීයටද ගියේ… අපි යද්දී එකොලහ හමාරට වගේ ඇති..

හොදම වැඩේ කියන්නේ අපි අපේ ගෙදරට හරවද්දිම ඉස්සරහින් වාහනයක් ආවනේ.. පොඩ්ඩෙන් හැප්පෙනවා.. කොහොම හරි බලද්දි ඒක අල්ලපු ගෙදර වාහනේද කොහෙද..

ඇය සිනා සෙමින් එසේ කියන විට ඔහු වික්ශිප්තව ඇය දෙස බලා හිටියේ මුවද ඇරගෙනය..

මොකෝ බය වෙලා.. ආ කන්න…

ඔයාලගේ ගෙදර නාවින්නේ පලවෙනි පටුමගේද තියෙන්නේ??

ඔව්ව්… ඔයා කොහොමද දන්නේ…??

Ooh god… shit….

ඇයි ??? මයන්ත..

මෝඩි එදා ඔයාලා හැප්පෙන්න ගියේ මගේ කාර් එකට…

මොකක්??

ඔව් ඒ අල්ලපු ගෙදර තමයි අරුන්දිලා ඉන්නේ..

ශිට් ඔයාලගේ අම්මලාට වෙන තැනක් තිබ්බෙම නැද්ද ගෙවල් හදන්න..
ඔක්කොම වැඩ අවුල්…

බුදු අම්මේ අපේ බොස් ගේ ගෙදරද අල්ලපු ගෙදර..
අම්මා කෑම පිගානකුත් ගිහින් දීලා එහෙට උදේ..

දැන් නේ දන්නේ බොස් ගෙ ගෙදර ඒක කියලා.

ඇයි weekend එකේ එලියටවත් බැස්සෙ නැද්ද.. බොස් අල්ලපු ගෙදර ඉන්නේ කියලා දන්නේ නැති වෙන්න.

කොහෙද අනේ වෙලාවක් ආවේ නෑ.. saturday දවසම අරයා එක්ක ශොපින් පාරක් දාලා ආවේ රෑවෙලා..
sunday අපි family outing එකක් ගියා අම්මා වෙච්ච බාරයකට කලුතර..

ඉතින් කොහොමද දැනගන්නේ අල්ලපු ගෙදර මිනිස්සු ගැන..

ඇය සිනාසෙමින් ඔහුගේ උරහිසට පහරක් ගැසුවාය.

කරන දෙයක් දැන් ඉතින් පරිස්සමින් තමයි.,

හ්ම්….

මෙලෙස සුලු වේලවක් සිටි ඔවුන් නැවත ඔෆිස් කාමරයට පැමිනියේ කව්රුන් හෝ පැමිනියහොත් දෙදෙනාටම ඉන් කැලලක් වන නිසාය..
……………………………………………………………………

මයන්ත අපේ නුවරඑලියෙ ඔෆිස් එකේ පොඩි ගැටලු ටිකක් ඇවිත් තියෙනවා..
මයන්තට පුලුවන් නේද two days වගේ එහෙ ගිහින් ඒව ට්ක recover කරන්න..

ඇකමඩේෂන් ඔක්කොම ඔෆිස් එකෙන් arrange කරනවා.. ඔයාට තියෙන්නේ ඒ වැඩටික බලලා ප්‍රශ්න ටික solve කරන්න විතරයි..

හරි සර්… ගැටලුවක් නෑ..

හ්ම්ම් good..

වෙන මොකුත් ගැටලු තියෙනවද??

කිසිවෙක් කතා නොකල හෙයින් staff meeting එක සමරදිවාකර විසින් අවසන් කරන ලදී.

සියල්ලෝම විසිර යාමට සැරසුනෝය.

මයන්ත please wait for a while…

ඒ සමරදිවාකර ගේ හඩින් මයන්ත නතර වූ අතර ඩිනායා ඇතූලු අනෙක් සියලු දෙනා කාමරයෙන් පිටව ගියෝය..

4කොටසෙන් හමුවෙමු

සමරදිවාකර මොකක් කියන්නද දන්නේ නෑ නේද යන්නේ???
හෙට බලමු හොදේ??

කතාව හොදයිද ලමයිනේ??
අදහසක් දාගෙනම යන්න ඉතින්.. 😘😘

ඔයාලා හැමෝම කතාව එක්ක ඉස්සරහට රැදෙයි කියලා මම හිතනවා යාලුවනේ..😃😃

Leave a Reply

Your email address will not be published. Required fields are marked *