අරුන්දී 05
“දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතා”
4වන දිගහැරුම
පෙර කොටසට
මයන්ත ….පුතා…. මම ඔයාට පොඩ්ඩක් කතා කරන්න හිටියේ?
ඇවිත් වාඩි වෙන්නකෝ
සමරදිවාකර එසේ කියන විට මයන්තගේ හිත ටිකක් ගැස්සුනේ ඩිනායා සම්බන්ද දෙයක්දෝ යැයි සිතේ හටගත් දෙගිඩියාවටය..
ඇයි අන්කල්..
ඔහු එසේ කියමින් අසල පුටුවේ වාඩි විය.
ඔහු සමරදිවාකරට අන්කල් යැයි පවසන්නේ කාර්‍යාලයෙ කව්රුත් නොසිටින විටදි පමනි..
පුතා ගිය දවස් ටිකේ අපේ දුව එක්ක මොකුත් ප්‍රශ්නයක් උනාද??
ම්ම්ම්…න්…නෑ…. අන්කල්… ඇයි??
නෑ එදා පුතා එක්ක අර ශෝ එක බලලා ආවදා ඉදලා කෙල්ල කල්පනා කරනවා කොයිවෙලෙත්…
එහෙමනම් අවුලක් උනේ නෑ අන්කල්….
පොඩ්ඩ වරදින්න නම් බෑනේ හැබැයි එයාට දුක හිතෙනවනේ..
මම දන්නවා පුතා.. අපේ දුව පොඩි දේවල් උනත් ටිකක් ලොකුවට හිතනවනේ..
කෙල්ලගේ හිත රිද්දන වැඩ කරන්න එපා පුතා.. දෙන්නා ආදරෙන් ඉන්න…
හරි අන්කල්.. නොදැනුවත්ම එහෙම දෙයක් උනානම් තමයි ඉතින්..
දැන් යද්දී මම එහෙ යන්නම්කෝ … එතකොට ඔක්කොම හරි එයාට..
Good.. මම එන්න ටිකක් වෙලා යනවා…
පුතා යන්න එහෙනම්..
ඔකේ අන්කල් …. ආ… මට අහන්න බැරි උනානේ නුවරඑලියෙ යන්න ඕනේ කවද්ද අන්කල්??
Day after tomorrow …
හරි අන්කල්.. මම් යන්නම් …
ඕකේ පුතා…
මයන්ත ටයි පටිය අතින් හදමින් රැස්වීම් කාමරෙන් එලියට ආවේ සැහැල්ලු සිතිනි.
මිනිහා ඉන්න කියද්දී මම හිතුවෙම ඩිනායගෙයි මගෙයි කේස් එකක් ඇදිලා කියලා.. දෙයියෝ බේරුවා…
එසේ සිතමින් ඔහු ඔහුගේ කැබින් එකට එන විට ඩිනායා තවමත් එහි සිටින බව දුටුවේය.
ඔයා ගියේ නැද්ද??
අසමින් ඔහු කාමරයට ඇතුලු විය..
නෑ අනේ ඔයා කිව්වේ හවස මාව ඩ්‍රොප් කරනවා කියලා…. ඒකයි හිටියේ..
හොර කෙල්ල… මගෙ එක්ක යන්න හිටියා නේහ්…
හ්ම්ම්.. හ්ම්ම්.. මම එන්නම් දැන් ඔයා ගිහින් හන්දියේ හැරෙන තැන ඉන්න..
ලොක්කා තාම ඔෆිස් එකේ.. දැක්කොත් අවුල්නේ…
අපෝ බයගුල්ලා…
බය….?ඒකනම් මගේ ශබ්ද කෝෂේ නෑ හරී…
හරි හරි මම අතන ඉන්නම්…
එසේ කියමින් ඇය තම බෑගයද ඇතේ දරාගෙන කාමරයෙන් පිටතට ගියාය..
මයන්තද මේසය උඩ තිබූ ලැප් ටොප් එක වසා කවරයට දමා ගෙන කාරයේ යතුර ලාච්චුවෙන් එලියට ගත්තේ ඉක්මනින් පිටත්ව යෑම සදහාය..
ඔහු පැමින කාරයට නැග එය කාර්‍යාල ගේටුවෙන් එලියට ධාවනය කොට ප්‍රදාන මාර්ගයට හැරවීමේදී ඈතින් ඩිනායා සිටගෙන සිටිනු දැක මුවගට මද සිනහවක් නගා ගත්තේය..
කාර් රථය වේගයෙන් ඉදිරියට ගොස් ඩිනාය සිටින ස්තානයෙ නතර කල අතර ඔහු ඉදිරිපස දොර හැරියේ ඇයට නැගීමට ඉඩ සලසමිනි.
ඒ ඇසිල්ලෙන් ඇය කාරයට නැග්ගාය..
මේහ්…. මට තමයි දැලි පිහියෙන් කිරි කන්න වෙන්නේ…?
කිරි..?? ඒ මොකටද පිහියෙන් කිරි කන්නේ
අනේ මෝඩි උපහැරනයක් කිව්වේ..
අම්මේ මෙයා උපහැරනත් දන්නවනේ…
ඇය සිනාසෙමින් ඔහුගේ කම්මුලක් මිරිකැව්වාය.
ඌයි….
හරි හරි මොකද්ද ඒකේ තේරුම??
ඇයි ලමයෝ ඔයාලගෙයි අරුන්දින්ගෙයි ගෙවල් එක ලග නිසා…
ආ…..ඔව්ව් අනේ … මමත් ඒකමයි කල්පනා කර කර හිටියේ..
කරන දෙයක් පරිස්සමින් තමයි..
එසේ කියනවාත් සමගම ඔහුට ඇමතුමක් ආවේය..
එය අරුන්දි ගෙන් බව ඔහු කලින්ම දැන ගත්තේය..
අද දවසටම ඇයට කතා කලේ දෙපාරකි.. ඒකත් ඇය ඔහුට කතා කල පසුය..
ඔහු ඇයට ඇමතුමක් ගත්තේ නැත.. දැන් ඉතින් උත්තර බදින්න වෙනවනේ..
ඒයි answer the phone ..
ඩිනායා එසේ පවසත්ම ඔහු කල්පනාවෙන් මිදුනේය..
සද්ද එපා අරුන්දී හොදේ…
එසේ කියමින් ඔහු කනේ තිබූ බ්ලූටූත් එකේ බොත්තම එබුවේය..
හෙලෝ…
කොහෙද මයන්ත ඔයා??
මම මේ ඔහේ එනගමන්..
අද මෙහෙ එනවද? කිව්වෙත් නෑනේ..
ඔව් ඇයි එපාද?? මම කිය කියද හැම දේම කරන්න ඕනී..
එහෙම නෙවෙයි අනේ… නිකන් කිව්වේ… හරි ඔයා එන්නකෝ..
ඔහු කිසිත් නොකියාම ඇමතුම විසන්දි කලේය..
ඉන් පසු ඉදිරිය බලාම ධාවනය කරන්නට විය.
මොකෝ අනේ ඒ කෙල්ලට ඔච්චර සැර දාන්නේ..?
දිනාය ඇගේ එක් අතකින් ඔහුගේ අතක් අල්ලගෙන කිව්වාය..
ඔයාට වැඩක් නෑනේ…. එහෙම තමයි මම..
ඒක මම එයා එක්ක බේර ගන්නම්කෝ.
අපෝ මෙයාගේ සැර ටික..
එසේකිව් ඇය ඇගේ හිස ඔහුගේ උරහිසේ තබා ගත්තාය..
ඩිනායා මම ඔයාට කියන්නේ අපි පරිස්සම් වෙන්න ඕනේ හොදේ…
අන්කල්ට අපි ගැන ආරන්චියක් ආවොත් මම ගස්.
දන්නවනේ මිනිහා හොදට හොදයි නරකට නරකයි කියලා..
හ්ම්ම්… මට තේරෙනවා…
අන්න හොද ලමයා.. අපි දෙන්නම කරන්නේ වරදක්…. ඒක හොදට හිතේ තියාගන්න..
හරි හරි අනේ…
මේ මම දෙයක් කියන්නද?
මොකද්ද? ඇයගේ හිස ඔහුගේ උරහිසේ තබාගෙනම ඇසුවාය..
ඇහුනනේ මීටින් එකේදී නුවරඑලියෙ ඔෆිස් එකේ වැඩක් ගැන කිව්වා..
ඕනි නම් ඔයත් යමු…
මම??
ඔව් … ඇයි බැරිද??
අනේ මම කොහොමද එන්නේ ලමයෝ.. ඔෆිස් එකෙන් දැන ගත්තොත්..
ඒක මම ගානට settle කරන්නම්කෝ.. එන්න කැමතිද කියන්නකෝ… හොද fun එකක් ගන්න පුලුවන්..
ඔය කිව්වට එච්චර වැඩක් නෙවේ එහේ තියෙන්නේ… වරුවෙන් ඉවරවෙයි..
අනේ මන්දා…ගෙදරට මොනාද කියන්නේ..
ඔෆිස් එකේ වැඩකට යනවා කියන්න..two days නේ..
හ්ම්ම් බලමු හෙට කියන්නම් කතා කරගෙන..
මෙහ්.. අපෙ බොස් දන්නේ නෑ නේද ඔයා අල්ලපු ගෙදර ඉන්නේ කියලා..
තවම නෑ.. අපේ අම්මලා දන්නෙත් නෑ..
ඒත් අම්ම නම් කිව්වා වෙලාවක එහෙ යමු කියලා..
එදා කෑම පිගාන දෙන්න ගිහාම බොස් ගේ වයිෆ් කියලා තියෙනවා වෙලාවක එන්න කියලා..
එහෙමද…
කොහොමත් අපි weekend එකේ තමයි ගියොත් ඉතින්.. weekdays වල අපි වැඩනේ..
එහෙනම් නුවරඑලියේ යන්න කලින් එහෙ යන එක පරක්කු කරගන්න කෙල්ල හොදේ..
නැත්තම් ඔක්කොම මාට්ටු..
ඊටත් එහෙ ගිහාම නුවරඑලියෙ කතා මොකුත් ඇදලා ගන්නත් එපා හරී..
හා… මෙයා බලන්නකෝ තවම මම එනවා කිව්වෙත් නෑ…
කිව්වේ නැතුවට ඔයා එනවා කියලා මම දන්නවනේ…
එසේ කිව් ඔහු ඇගේ අතේ ඇගිලි අතරට ඔහුගේ අතේ ඇගිලි සිර කරගත්තේය..
ඔවුන් සුලු වේලාවකින් ගෙවල් අසලට පැමිනියෝය..
මුලින්ම හමු වන්නේ ඩිනායගේ නිවසයි..
ඔහු නිවසට මදක් ඈතින් කාරය නතර කලේ ඇයට බැසීම සදහාය..
මන්ද නිවස අසලටම කාරයෙන් ගොස් බැසීම නුවනට හුරු නැති බව මයන්ත කලින් සිටම පවසා සිටි බැවිනි..
ඇය බැස ඉදිරියට යන්නට හැර ඔහු ඇයව පසු කර කාරය වේගයෙන් ඉදිරියට පදවාගෙන ගියේය..
මයන්ත කාරයෙන් බැස නිවස දෙසට පැමිනෙන අන්දම අරුන්දී දොරකඩට වී බලා සිටියේ මුවෙහි මද සිනහවක් රදවාගෙනය.
අත් කොට බ්ලව්සයකින් හා ඊටම ගැලපෙන තද නිල්පාට කොට සායකින් සැරසී සිටි ඇය දෙස බැලූ විටම මයන්ත කට කොනින් සිනහවක් නැගුවේය..
මොකෝ වෙලා ගියේ??
ඉගිල්ලෙන්නද කියන්නේ??
ගෙට එන්නවත් කියන්න සිහියක් නෑ .. ප්‍රශ්න පත්තරේ දිග ඇරගත්තා..
අපෝ කුකුල් කේන්තිනෙ ඉතින් ඔයාට.
ඇය එසේ කියමින් නිවස ඇතුලට ගිය අතර මයන්ත ඇය පසුපසින් පැමින සෝෆා වේ හිද ගත්තේ කාර් එකේ යතුරද මේසය මත තබමිනි…
ආ…..පුතා ආවද??
චන්ද්‍රා ඇගේ කාමරේ සිට ආලින්දයට ආවේ කට පුරා හිනාවීගෙනය..
කෝ අන්කල්?
අන්කල් එන්න ටිකක් පරක්කු වෙනවා කිව්ව ආන්ටි…
මේ මෙයාගෙන් බේරෙන්න බෑනේ එන්න කියලා ඒකයි ආවේ..
එසේ කියමින් ඔහු අරුන්දී දෙස බැලුවේ සමච්චලයට මෙනි..
ඇය ගස්සා අහක බලා ගත්තේ ඇගේ කේන්තිය තවත් ඔහු ඇවිස්සූ බැවිනි..
අපෝ මෙයා එහෙම තමයි….
සීතා ටී එකක් හදන්න මයන්ත පුතාට..
පුතලා කතා කරන්න.
මම ඇතුලට යනවා එහෙනම්..
එසේ කියමින් ඇය උඩු මහලට යාම සදහා තරප්පුව නගින්නට විය..
ඇය උඩු මහලට ගොස් නොපෙනී යන තුරු බලා සිටි මයන්ත එක් වරම අරුන්දී දෙසට හැරුනේ ඔරවාගත් ගමන් ය..
ඒයි මෝඩි මෙහෙට එනවා… මෙතනින් වාඩි වෙනවා..
මොකද්ද මයන්ත ඔයා කතා කරන විදිහ.. ශික්
මගෙ හරිවැරදි බලන්නේ නැතුව කිව්වම මෙහෙ එනවා…
ඇය ඔහුගේ හැටි දන්නා නිසාම තවත් ඔහුව කේන්ති නොගස්වා ඔහු අසලට ගොස් ඉද ගත්තේය..
ඇයි??
ඇයි?? තොත්ත බබා..
දැන් හරිනේ තාත්තා ලවා මට එක එක ඒවා කියවලා දැන් මෙතන බබා වෙන්න හදනවා..
තාත්තා ලව්වා මම මොනවා කියන්නද මයන්ත? මොනාද ඔයා මේ කියන්නේ??
එහෙනම් අන්කල් අද මගෙන් ඇහුවෙ ඔයා එක්ක මොනව හරි ප්‍රශ්නයක්ද කියලා..
තාත්ති එහෙම ඇහුවද??
මම දුකෙන් තමයි ඉන්නේ… ඒක තාත්තිට තේරෙන්න ඇති..
දැන් ඇයි බිසවුන් වහන්ස දුකට හේතුව?
හේතුව ඔයා දන්නවනේ…
මම ඔයාගෙන් දැනුත් අහන්නේ ඔයාට ඇයි අර කෙල්ල මහ රෑ කෝල් කරන්නේ??
මොන කෙල්ලද?
ඩිනායා….
මයන්තගේ පපුව නැවතුනාක් මෙන් විය..
ඇය දන්නවානම් ඇගේ ඇල්ලපු නිවසේ සිටින්නේ ඩිනායා බව මොකකින් මොකක් වේවි දැයි සිතෙන විට ඔහුට වචනත් පැටලුනි..
ආ… එයා… ඉතින් ඉදලා හිටලා… කතා කරනවා… හරි වැඩක්නේ මගේ privet secretary එක්ක මට කතා කරන්න බැරිද??
කතා කලාට කමක් නෑ ඒත් මහ රෑ මොන ඔෆිස් works ද?
මෙහ් අරුන්දී එකක් කියන්නම් මට සීමවල් දාන්න එන්න එපා හරී…
මට ඕනී දේ මම කරන්නේ…
තමුසේ එකක් මතක තියාගන්නවා මෙතන තීරන ගන්නේ මම….
මට ඔය එක එක්කනා කියන දේවල් අදාල නෑ..
අනික තාත්තලා ලව්වා මට උපදෙස් දෙන්න ආවොත් මම එදාට නරක මිනිහා කියන්න එපා..
ඔහු කේන්තියෙන් කියවාගෙන ගොස් මේසය උඩ තිබූ යතුර අතට ගෙන නැගිට්ටේ පිටව යාමටය..
අනේ please මයන්ත ඔයාට කේන්ති ගන්න දෙයක් කිව්වේ නෑ..
ඇයි මට මෙහෙම සලකන්නේ??
ඇය අවසන් වචන ටික කිව්වේ හඩමිනි..
මේ අරුන්දී මෙතන අඩන්න එපා හලෝ ගෙදර මිනිස්සු දැක්කොත් ලැජ්ජාවේ බෑ.
එසේ කියමින් ඔහු දොර දෙසට ඇවිද යන්නට විය..
ඔයා යනවද??
ඔව්..
කෙටි පිලිතුරක් දුන් ඔහු ඇය දෙස නොබලාම කාරයට ගොඩ වී ගේට්ටුවෙන් පිටතට රිය පදවාගෙන යන්නට විය..
ඇය ඔහුගේ කාරය නොපෙනී යන තුරුම ඒදෙස බලා හිටියේ කදුලු පුරවාගත් දෑසිනි..
හැඩීම වාවාගනිමින් ඇය නිවස තුලට හැරෙත්ම ඇය පිටුපස තේකක් රැගෙන පැමින සිටියේ සීතම්මාය..
අනේ ලොකූ බේබී මහත්තයා ගියේ ඇයි.. මේ තේක?
වෙලායනවා කියලා ගියා සීතම්මේ..
ඔය තේක සීතම්මා බොන්න…
එසේ කියමින් ඇය සීතම්මාටද මුහුන නොදී තරප්පු පෙල දෙසට ගමන් කලේ ඉක්මනින් කාමරය වෙතට යාමටය..
මන්ද සීතම්මා තවත් ප්‍රශ්න ඇසුවොත් ඇයට වාවාගෙන සිටින ඇඩුම පාලනය කරගත නොහැකි බව ඇය දන්නා නිසාය..
සීතම්මා ලොකු කර ගත් ඇස් දෙකෙන් ඇය දෙස බලා සිට කුස්සිය දෙසට යන්නට විය..
අරුන්දී කාමරය වෙත යද්දීම කොරිඩෝව අතර මගදී චන්ද්‍රා වේලුන ඇදුම් ගොඩක් අතේ රදවාගෙන ඇය ඉදිරි පිටට පැමිනෙමි සිටියාය..
කොහෙද දුවන්නේ ගාල කඩාගෙන වගේ…
මම කඩා ගත්ත ගාලක් නෑ.. room එකට යන්නේ…
පෙනේද මේකිගේ කටේ සැර..
ඇය චන්ද්‍රා කියන කිසිවක් කනකට නොගෙන තම කාමරයට ගොස් දොර වසාගත්තේ කේන්තියත් දුකත් දෙකම නිසා හිත රිදුම් දුන් බැවිනි..
දොර වසාගත් ඇයට මෙතෙක් සිර කරගෙන සිටි ඇඩුම පාලනය කරගන්නට නොහැකිව අසෙන් වැටෙන කදුලු වලට ඔහේ වැටෙන්නටදී ඇදට වැටුනේ අසල තිබූ කොට්ටයේ මුහුන හොවා ඇඩමින් ය..
මේ මොකද්ද දෙයියනේ වෙන්නේ…
මට කොහෙන් වත් සැනසීමක් නෑද්ද…
හැමෝම මට වැරදි පටවනවා…
එසේ සිතමින් ඇය දෑස් රතු වන තුරු හැඩුවාය..
මයන්ත උදෑසනම අවදි වූයේ අද දින නුවරඑලියේ යාමට තිබූ හෙයිනි..
කලින් දිනයේ සියලු බදු බාහිරාදිය ලැහැස්ති කරගත් නිසා ඔහුට උදෑසන ඉක්මනින් ලැහැස්ති වීමට හැකි විය..
ඔහු තම ගමන් බෑගයත් රැගෙන එලියට බසිත්ම ඔහුගේ මව දොරකඩට ආවාය.
පුතා හෙට එනවනේ?
ඔව් අම්මේ .. ටිකක් රෑ වෙයි හැබැයි…
පරිස්සමින් ගිහින් එන්න පුතේ. බුදුසරණයි
ඔහු කාරයට නගිත්ම අරුන්දි ගෙන් ඇමතුමක් ආවේය..
ඔහු බ්ලූ ටූත් ඔන් කරගත්තේ ඇයට කතා කිරිමටය.
නමුත් මේ වෙලාවේ ඔහු බලාපොරොත්තු වූ ඇමතුම මෙය නොවන බව ඔහුගේ හිත කිව්වෙය..
කියන්න….
යන්නද ලෑස්තී…
ඔව් කාර් එකේ ඉන්නේ… ඉක්මනට කියන දෙයක් කියනවා…
වෙලා යනවා මට.
අනේ මොකද්ද මයන්ත පොඩ්ඩක් හොදින් කතා කරන්නකෝ…
හොදින් තමයි කතා කරන්නේ …
දැන් ඇඩියාව නම් පටන් ගන්න හදන්නේ තියනවා ඕක….
හරි ඔයා පරිස්සමට ගිහින් එන්න.. මට ඔච්චර දුකක් දෙන්න එපා මයන්ත…
මෙහ්..තියනවා තියනවා ඕක. මට පරක්කුයි..
එහා පසින් ඇය කිසිවක් කීමට පෙර ඔහු ඇමතුම විසන්දි කර රථය වේගයෙන් පදවන්නට විය..
ඔහු බලාපොරොත්තු වූ රුව ඈතින් පෙනෙනු දුටු ඔහුගේ මුවගට මද සිනහවක් නැගුනේ ඔහුටත් නොදැනීමය..
කාරය වේගයෙන් ගොස් එම ස්තානයේ නතර කලේ වම් පස දොරේ අගුලද විවෘත කරන ගමන් ය..
නගින්න මැඩම්….
good morning ..
Morning darling…මම වෙලා ගියේ නෑනේ…
ඇය සිනා සුනා පමනි..
කොහොමද ගෙදරින් අව්ලක් නෑනේ නේද??
කියලා කියලා permission ගත්තේ…වෙලාව කියන්නේ අද අම්මලා යනවා කිව්වා එයාලගේ මහ ගෙදර.
එහෙ දානයක් අදයි හෙටයි..
හොද වෙලාවට එහෙම උනේ නැත්තම් හදිස්සියේ හරි බොස් ලගේ ගෙදරත් එක්ක කතවකට වත් පැටලුනොත් ඔක්කොම වැඩ ඉවරයි…
මමත් නොදන්න ගානම ඉන්නවා. මේ weekend එකේ අම්මලා එහෙ යනවා කිව්වා..
මම හිතගෙන ඉන්නේ එවලෙට හොද acting පාරක් දාන්න..
එසේ කියමින් ඇය මයන්තගේ උරහිසට බර වූවාය..
ඇය ඇද සිටියේ කලු පාට ඩෙනිම් කලිසමකට අත් කොට කහා පාට බ්ල්වුසයකි..
එහි කර ගැබුරට කපා ඇති හෙයින් ඇගේ පපුවෙහි විශාල පෙදෙසක් විවරව පෙනෙයි..
ඉන් ඇයට තව තවත් ආකර්ශනයක් ගෙන ආව අතර මයන්තගේ හිත ඔහුටම අකීකරු විය..
මේ …එක එක දේවල් පෙන්නලා මාව අවුස්සගත්තොත් ඔන්න මම දන්නේ නෑ…
ඇයි…??
ඇයි ගාන්නේ… වහගෙන ඉන්න ඕනිතැන් එලියෙනේ..
එසේ කියමින් ඔහු ඇගේ ලැම ඉගියකින් පෙන්වා ඉදිරිය බලා ගත්තේ සිනහවිකින් මුව සරසාගෙනය..
මොකටද ඉතින් බැලුවේ… වල් හිතනේ…
ඔව් ඔව් මම වල්… එතකොට ඔයා…
අනේ මේහ්….
යමුකෝ යමුකෝ.. ගිහින් බලමුකෝ…
එසේ කිව් ඔහු රථයේ දමා තිබූ කැසට් පටියේ ශබ්දය ටිකක් වැඩි කලේය…
මයන්තට ඇමතුම ගත් මොහොතේ සිටම අරුන්දි ගේ හිත තවත් කඩා වැටුනි…
ඇයට දැනුන අසරන කම මෙතෙකැයි කිව නොහැකි තරමට ඇයට කල කිරී තිබුනි.
තම පියා පමනක් යම් තරමක අස්වැසිල්ලක් ගෙන දුන්නද ඔහු ව්‍යාපර මත්තේ ජීවිතයගෙවා දමයි..
මොන කරුම ජීවිතයක්ද මම ගෙවන්නේ..
මොන සැපන්සම්පත් තිබුනත් මට හිතේ සැනසිල්ල නෑ..
ඊටත් අනාගතේ මගේ මහත්තයා වෙන්න ඉන්න කෙනත් සලකන්නේ මාව වදයක් ගානට..
ඇයි ඒ විදිහට එයා හැසිරෙන්නේ..
ඇගේ සිත් හඩා වැටුනේ තනිවමය. කරුත් ඇගේ දුක අසන්නට ඇය ලග නොමැති බව සිතුන ඇයට පෙරටත් වඩා හයියෙන් ඇඩුනි..
මයන්ත නුවරඑලියේ කාර්‍යාටයට ගොස් එම කාර්ය අවසන්ව නවතින හෝටලයට පැමිනියේ රත්‍රී 7.00 පමනය..
ඔහු ඩිනායා වෙනුවෙන්ද එමෙ හෝටලයේ කාමරයක් වෙන් කරවාගත්තේ මීට දින දෙකකට ඉහත්දීය..
මනරම් පරිසරයක පිහිටි එම හෝටලය කාගෙත් සිතගත දෙකම ඇද බැද තබාගන්නට සමත්කම් කීවේය..
ඔහු හෝටල් කාමරය වෙත යන විටත් ඩිනායාගේ කාමරයේ දොර වසා තිබුනි..
ඔහු ඊට තට්ටුවක් දැමීමට අතක්ද ඔසවා නැවත අත මිට මොලවාගත්තේ කට කොනෙන් සිනහවක් නගාගෙනය..
මොහොතක් දොර ලග රැදුන ඔහු ඔහුගේ කාමරයේ දොර අගුල් හැර ඊට ඇතුලුව දොර වැසුවේය..
මනරම් ලෙස සකස් කරන ලද ඇදෙහි සුදු ඇතිරිල්ලක් දමා ඇත.
ඊට යාබදව යන්තමින් දැල්වූ විදුලි පහනකි.. කාමරය දුටු පමනින්ම සිත් ඇද ගන්නා සුලු වූවකි..
ඔහු ඉක්මනින් ම ඇදහුන් ඇදුම් උනා දමා නාන කාමරය වෙත ගියේ දවසේ වෙහෙස නාගැනීමෙන් මග හරවා ගැනීමටය.
වතුර මල යට සිටගෙන සිටින විට ඔහුගේ මතකයට ආවේ අරුන්දී ය.
ඇය තමා ගැන මොනවා හිතනවා ඇත්ද?
ඇත්තෙන්ම තමා තුල ඇය කෙරෙහි ආදරයක් පවතීද? එය හුදෙක්ම රාගයක් පමනද?
ඇයට ලන්වූයේ ඇගේ කෝටි ගනනක දේපල නිසා නොවේද?
මේ කිසිවක් ඇය දන්නේ නැත.. තමා හා ඩිනායා අතර සම්බන්දය ඇය දන්නේ නම් කිසි දිනකවත් සමාවක්ද නොමැත..
දිගු හුස්මක් හෙලූ ඔහු වතුර මලෙන් වැටෙන වතුරින් ඔහේ තම ඇග තෙමෙන්නට ඉඩ හැර දෑස් පියා ගත්තේය..
ඔහු නැවත නාන කාමෙරෙන් එලියට පැමින තමා නිසි කලු පාට කොට කලිසමකින් හා නිල් පාට ටීෂට් එකකින් සැරසී කාමරයෙන් එලියට එන්නට සැරසෙත්ම දුරකතනය නාද විය..
හෙලෝ කියන්න..
ඇයි මයන්ත කෝල් එකක් වත් දුන්නේ නැත්තෙ?
මම දැන් රූම් එකට ආවේ..
ඉතින් කෝල් එකක් දෙන්න හිතුනේ නැද්ද අනේ…
මෙහ් පොඩි ලමයෙක් වගේ හැසිරෙන්න එපා අරුන්දී … මම වොශ් දාන්න යන්නේ call you later…
ඔයා කෝල් කරනකල් මම බලගෙන ඉන්නවා…
විකාර..
එසේ කියමින් ඔහු දුරකතනය විසන්දි කලේ ඩිනායා මුනගැසීමට තිබුන හදිස්සිය නිසාමය.
මයන්ත ඩිනායාගේ කාමරෙ දොර අසලට ගොස් දොරට තට්ටුවක් දැමුවේය..
එක් වරම දොර හැරුනි..
ඇය ඇද සිටියේ කොට දෙනිම් සායක් හා අත් කොට බ්ලව්සයකි..
දුටු පමනින්ම ඔහුගේ හිත ඇය කෙරෙහි ඇදී ගියේ ඈ තුලින් ඉස්මතු වූ සරාගී පෙනුමත් ඇගේ සුවද විලවුන් වල සුවදත් නිසාය..
මට එන්න අවසරද මැඩම්??
Sorry මම ඔයාව අදුරන්නේ නෑනේ මිස්ටර්..
ආහ්හ්… ඒත් මම නම් මැඩම් ව හොදට අදුරනවා..
එසේ කියමින් මද සිනහවක් නගා ගනිම්න් ඔහු දොරින් ඇතුල්ව අනෙක් අතින් දොර වැසුවේය.
ඉන්පසු ඩිනයාගේ ඉන වටා අතක් යවමින් ඇයව ඔහු ලගට ඇද බදා ගත්තේය.
ඇගේ බිමට නැමි තිබූ මුහුන සෙමින් ඉහලට එසවූ ඔහු ඇගේ තොල් දෙක ඉතා සෙමින් සිප ගත්තේ ඉතාමත් ආදර බරවය..
එසේ දෙතොල් සිප ගන්නා ගමන්ම ඇයව පිටු පසට තල්ලු කරගෙන විත් ඇද අසලටම පැමිනියේය…
මයන්ත….
ඇය කෙදිරියකින් මිමිනුවේය..
ම්ම්ම්ම්…..
ඔහු සෙමින් ඇයව ඇදේ හාන්සි කරවූයේ ඇගේ දෑසින් ඇස් ඉවතට නොගෙනමය..
ඇයද ඔහුව බලාපොරොත්තුවෙන් ඔහු දෙසම බලා සිටියේ ඉක්මනට එන්නකෝ කියන්නාක් ලෙසිනි..
ඔහු ඇදගෙන හුන් කමිසය සෙමින් හිසෙන් ගලවා ඇදේ පැත්තකින් තබා ඇයව මැදි කොට ඇය වෙතට පහත් වන්නට විය..
ඒ ඇසිල්ලෙන් ඇය ඇගේ දෑත් දෙක ඔහුගේ බෙල්ල වටා යවමින් ඔහුව තමා වෙතටම ඇද ගත්තේ ඉමහත් ආශාවකිනි..
ආසද???
හ්ම්ම්….
මෙලෙසින් ඔවුන් ඔවුන්ගේ ලෝකයේ හෝරාවක පමන කාලයක් තනි වූයේ ඔවුනගේ පෙම්වතා හෝ පෙම්වතිය හදවතේ කොනකින් තබාගෙන බව ඔවුන්ගේ හිත් හොදින්ම වටහා ගන්නට ඇත..
එක්වරම දොරට කව්රුන් හෝ තට්ටු කරන හඩ ඇසෙන්නට විය.
ඒ කව්ද??
මයන්ත ඇගේ නග්න වූ සිරුරින් ඉවත්වෙන ගමන් ඇසුවේ පුලුටු කරගත් මුහුනෙනි..
ඔහු කුතුහලය පිරිදෑසින් බිම වැටී තිබූ ඇදුම ගෙන අදිමින් දොර වෙත යන දෙස ඩිනායා බලා සිටියේ ඇද රෙද්දෙන් සිරුර වසා ගනිමිනි..
5 කොටසෙන් හමුවෙමු.
Sorry ළමයි අද වෙලා ගියා කතාව දාන්න.. අපිට current එක නෑ අද දවසම..
අද දවසත් හරි busy..
මේ ටිකත් හරි අමරුවෙන් type කරගත්තේ ඔයාලා වෙනුවෙන්..
අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න…
ඔන්න cover photo එකට අරුන්දිගේ love එකත් එකතු කලා…
Love එක එන්න යන්නේ
Cover photo එක හොදයි නේද ලමයි කලින් එකට වඩා..
කියවලා අදහසකුත් එකතු කරලම යන්න හොද ලමයි වගේ..
ඒක විතරයි ඉතින් මගේ සතුට..
ආදරෙයි හැමෝටම.
බුදුසරණයි