අරුන්දී 05

(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

5වන දිගහැරුම

💘
💘
💘
💘

මයන්ත කාමරයේ දොර හරින විට දුටුවේ වේටර්වරයෙකු දොර ඉදිරිපිට සිටගෙන සිටින අන්දමයි..

Yes?

සර් අද අපේ හොටෙල් එකේ ඩිනර් ඩාන්ස් එකක් organize කරලා තියෙනවා.. සර් ලටත් පුලුවන් කැමතිනම් ඒකට join වෙන්න.

කීයටද??

8.30 පටන් ගන්නෙ සර්..

ආ.. හරි thanks..

යන්නම් සර්..

එසේ කිව් වේටර් වරයා කොරිඩෝව දිගේ යන්නට විය..
මයන්ත ඒ දෙස මද වෙලාවක් බලා සිට නැවත කාමරය දෙසට හැරී දොර වසන ලදී.

මොකටද ආවේ එයා??

අද dinner dance එකක් තියෙනවලු මෙහෙ..
ඒක කියන්න ඇවිත් තියෙන්නේ..

ශා…ශෝක් අනේ… අපි යමුකෝ මයන්ත…

හ්ම්ම්..යමු… ඔයා ලෑස්ති වෙන්න..

එසෙ කියමින් මයන්ත කන්නඩිය ඉදිරිපිටට ගොස් අවුල්වී තිබුන කොන්ඩය අතින් සකස් කරගන්නට විය .

ඩිනායා නාන කාමරයට ගොස් දොර වසා ගත්තේ ඉක්මනින් ඇග සෝදා ගැනීම සදහාය..

ඇය සුලු මොහොතකින් නාන කාමරේ දොර ඇරගෙන් එලියට එන විට මයන්ත ඇදේ දිගාවී magazine එකක් කියවමි සිටියේය..

නාන කාමරේ ලොක් එක ඇරෙන් ශබ්දයට ඔහු මැගසිනය පහත් කර ඒ දෙස බැලීය..
ඇය ඇද සිටියේ සුදුපාට තුවායක් පමනි.

Aww you looking so sexy dear..

Thanks honey..

එසේ කිව් ඇය අසල ගමන් බෑගයෙන් ගවුමක් ගෙන් එය තම සිරුරට තබා හැඩ බැලුවාය.
මේක හොදද?

ඇය මයන්ත දෙසට හැරී ඇසුවාය..

හ්ම්ම් its suits for you..

ඇය ඔහු දෙස බලා සිනාසී ඒ ගවුම ඇගලා ගත්තේය..

බතික් රෙද්දකින් මසා තිබූ එය ඇගේ දනහිසට වඩා මදක් ඉහලට වන්නට දිග වූවකි..

අත් නැති එම ගවුම ඇයට අමුතු අලන්කාරයක් ගෙන දුනි..
ඇය කොන්ඩය පීරා එය කඩා හැලෙන ලෙස දමාගත් අතර මුහුනට පොඩි මේකප් එකක්ද දමා ගත්තේ කන්නාඩිය තුලින් මයන්ත දෙසත් හොරැහින් බලමිනි..

මයන්තද ඇය හැඩ වෙන අන්දම ඇදේ සිට බලාසිටියේ ලොකු කරගත් ඇස් දෙකිනි..

I am ready..??

ඇය ඔහු දෙස බලා කිවාය..

Wow beautiful …
කියමින් මයන්ත ඇදෙන් නැගිට ඇය දෙසට ආවේය..

මෙහ් නොටි වැඩ බෑ දැන් හොදේ අපි යමු.. මට බඩත්ගිනී..

හරි හරි පිස්සි… මාව ඒ තරමටම sure නෑ නේහ්… කියමින්ඔහු ඇයගේ ඉන වටා අතක් දමාගනිමින් කාමරෙන් පිටත් විය..

ඔවුන් අදාල ස්තානයට යන විටත් dinner dance එක ආරම්භ වී තිබුනී..

ශාලාවේ කොනකින් DJ එකක් play වන අතර පිරිසක් එය ඉදිරිපිට සැහැල්ලු නර්ත්නයේ යෙදී සිටී..

එක් පසෙකින් නා නා ප්‍රකාරයේ ආහාර වර්ග මේසයක් තබා ඇති අතර ඇතැමුන් කෑම බෙදාගනිමින් සිටී..

මයන්ත ඩිනායා සමග බාර් එක අසලට ගොස් වයින් එකක් සහ බියර් එකක් ඇනවුම් කලේය..

දෙදෙනාම පුරවන ලද බියර් හා වයින් වීදුරු අතැතිව අසල පුටුවක වාඩි විය..
මෙලෙසින් දෙදෙනාම මද වේලාවක් මදුවිතෙන් සප්පායම් වීමෙන් අනතුරුව ඔවුන් මද මත් ගතියකින් පෙලෙන්නට විය..

Shall we dance??

Why not sure..

එසේ කිව් ඩිනායා ඔහුවත් ඇදගෙන ගොස් නටන්නට විය..

දෙදෙනා මෙලෙසින් ඇගේ හැපෙමින් නර්තනයේ යෙදුන අතර දෙදෙනාම මද වේලාවකින් මහන්සි දැනුන හෙයින් නැවතත් ඉදගෙන සිටි ස්තානයට ගොස් වාඩි විය..

Hello මචන්?

නොසිතූ මොහොතක මයන්තට එසේ ඇසුනේ ඔහුගේ යාබද මේසය දෙසින් බව වැටහී ඔහු ඒ දෙසට හිස හරවා බැලුවේය..

අම්මට සිරි විහග…..

වික්ශිප්ත වූ දෑසින් එම මේසයේ හුන් තරුනයෙක් දෙස බලා මයන්ත ඒ දෙසට යන්නට විය..

අඩෝ උබ කවද්ද ලන්කාවට ආවේ??
එසේ කියමින් ඒ තරුනයාව මයන්ත වැලදගන්නට විය..

Last week මචන්… ඉස්කෝලෙන් අවුට් උනාට පස්සේ අදනේ හම්බ උනේ…

ඒකනේ බන්.. උබ ඩොකෙක් උනා කියලත් දැනගත්‍තේ FB එකෙන්…
මාර හැපී මචන් එල එල…

ඔව් බන් digree එක complete උනා අව්රුද්දකට කලින් .. ඇමරිකා වලම හොස්පිටල් එක් හිටියා one year විතර..
ඊට පස්සේ තමයි මෙහෙ ආවේ..
ඉපදුන රට දාලා ඉන්න හිත දෙන්නේ නෑ මචන්..

ඔහු විහග.. මයන්තගේ පාසල් කාලයේ අති ජාත මිත්‍රයෙකි.. medical college තේරුනු ඔහු වැඩි දුර අද්‍යපනය සදහා ඇමරිකාවට ගොස් දැන් පැමින සිටී..

උසට සරිලන මහතකින් යුත් ඔහු මයන්තටත් වඩා කඩවසම් බවකින් යුතු බව බැලූ බැල්මටම පෙනේ..

ඉහලට පීරූ කොන්ඩය ආකර්ශනීය අහින්සක ඇස්.. ඕනෑම අයෙකුට සිත් ඇද බැද ගන්නා සිනහව ඔහුට තවත් කඩවසම් බවට ආභරනයක් විය..

දුටු මතින්ම වයිද්‍යවරයෙකුට ඔබින පෙනුමක් ලැබීමටතරම් ඔහු භාග්‍ය සම්පන්න වී තිබුනි..

ඉතින් මචන් උබ හොස්පිටල් එකක් ඉන්නෙ නැතුව.මෙහෙ මොකද කරන්නේ?

නෑ මචන් අපි trip එකක් ආවා .. උබව contact කරගන්න විදිහක් ආවේ නෑ.. නැත්තම් ලන්කාවට ආවම උබව තමයි මතක් උනේ??
උබ marry කරලා නේහ්… එල එල..

නෑ බන් තාම නෑ…

එහෙනම් ඇර කෙල්ල කව්ද.උබ එක්ක නටපු..

ආහ්හ්… දන්නැද්ද බන් ඉතින්… පොඩි side part එකක්..

එසේ කිව් මයන්ත ඇසක් ඉගිකර හිනැහෙන්නට විය..

හ්ම්…මට තේරෙනවා. උබේ කුකුල් ගති තාම නැති වෙලා නෑ නේහ්.. ඉස්කෝලේ කාලේ ඉදලම කුකුලනේ උබ..

පල පල උබ මට කින්ඩි දාන්නේ නැතුව.. මට ඉන්නවා බන් ලොකු අත්තක්…
ඒක තමයි බැදින්න ඉන්නේ… මේවා ඉතින් තාවකාලිකයි නේ බන්..

ඒත් මයා… බදින්න ඉන්න කෙල්ලට එහෙම කරන එක පව් බන්…

ඔන්න ඔන උබ ඉස්සර වගේ බන පටන් ගත්තා.. දන්නවනේ මට බන අරහන්.

කියමින් නැවතත් ඔහු විහග සමග හිනැහෙන්නට විය..

මට මොකෝ උබට හොද නම්…
කිව් විහග මයන්ත වෙත බියර් වීදුරුවක් දිගු කලේය.. දිගු වේලාවක් මිතුරන් දෙදෙනා කතා කරමි හිද තම කාමර වලට යාමට සූදානම් විය..

එහෙනම් මචන් ආයේ වෙලාවක සෙට් වෙමු..

ඕකේ මචන්.. ඕනී වෙලාවක වරෙන් මම කලුබොවිල ඉන්නේ මේ දවස් වල..

හරි මචන් උබෙ නම්බර් එක දීපන් මට..මම කන්ටෑක් කරන්නම්..

දාගනින් phone එකට..

එසේ මිතුරන් දෙදෙනා වෙන් තම තමන්ගේ කාමර වලට යාමට වෙන් වුනි..
මයාන්තට ඩිනායා මතක් වුනේ එවිටය.

ඔහු වට පිට බලත්ම ඇය්.වෙනත් තරුනයෙක් හා ඒක්ව නටමින් සිටිනු දැක කට කොනකින් සිනහා වී තම කාමරය වෙත යන්නට විය..

😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

පසුදා උදෑසන අවදි වූ වහාම ඔහු ඩිනායාට ඇමතුමක් ගත්තේ පිටත් දීමට සූදානම් වන්නට කියා මතක් කිරීමටය..

මොකද?

අනෙක් පසින් ඇසුනේ කේන්ති ස්වරයකි..

මොකෝ කේන්තියෙන්?

කේන්ති ඔයා මහ ජරා වැඩ කරන්නෙ මයන්ත.
ඊය අතන මාව දාලා ඇවිත් …

ඉතින් ඔයා කොල්ලෙක් එක්ක නට නට හිටියේ.. මම ආවා..
ඔහු සිනාසෙමි කීවේය..
එම පිලිතුරෙන් ඇගේ කේන්තිය දෙගුන තෙගුන විය..

ශික් ලැජ්ජා නැ ද්ද ඔහොම කියන්න.. ඔය අර මිනිහෙක් වෙලා ගියා ගියාමයි මාව මතකයක වත් නෑ.. මට කම්මැලි නිසා මම ඩාන්ස් කරන්න්න ගියේ..

හරි හරි දැන් ලෑස්ති වෙනවා යන්න..

හිනැහෙමින් එසේ කිව් ඔහු දුරකතනය විසන්දි කලේය..

ඔහු හා ඩිනායා හවස් වන විට නිවෙස් කරා ආවෝය..
ගමන අතර මගදීද ඔවුන් දෙදෙනා විරසකයෙන් පැමිනි අතර මයන්ත ඒ කිසිවක් හිතකට වත් ගත්තේ නැත.

මන්ද ඔහුට ඩිනායා එක් කෙල්ලෙක් පමනක් වීමය..

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

අරුන්දී දවල් ආහාරයෙන් පසු ඇදේ ඇලවුනේ හිතේ වේදනාවත් ගතේ තෙහෙට්ටුවත් නිසාමය.

පැයක් පමන නිදාගැනීමෙන් අනතුරුව ඇයට ගැස්සි ඇහැරුනේ නපුරු හීනයක් දැකීම නිසාය.

ඇය අවුල් වී තිබූ කොන්ඩයත් සකසාගෙන තරප්පුවෙන් පහලට බැස්සේ සීතාම්මාට කියා තේකක් සාදවා ගැනීමටය.
.
එහෙත් ඇය එහි යන විට ඇය දුටුවේ සීතම්මා සහ කුඩම්මා කට්ලට් වගයක් බදිමින් සිටින බවයි..

මේසයේ කොනක කලින් සාදන ලද සැන්විච් වගයක්ද දක්නට විය..

අද මොකෝ සීතම්මේ මේ??

ඇයි ලොකු බේබි අද එහා ගෙදර නෝනලා මෙහෙ එනවා කිව්වනේ..

මෙයා කොහොමද ඕවා දන්නේ.. දවසම මූන එල්ලගෙන කාමර අස්සෙමනේ දවස ගෙවන්නේ…
කුඩම්මා එසේ කියමින් ඇය දෙස බලා රැව්වාය.

කීයට විතරද එනව කිව්වේ?
කුඩම්මාගේ කතාව ගාණකට නොගෙන ඇය ඇසුවේ සීතම්මාගෙනි..

හතරට පහට වගේ බේබි…

හ්ම්…. එසේ කියමින් ඇය කට්ලට් එකක් අතට ගෙන සාලයට පැමිනියාය..

ඒ එන විට විභාශා සාලයට පැමිනියේ අතේ පොතක්ද දරාගෙනය..

මෙහ් අද අර එහා ගෙදර මිනිස්සු එනවලු නෙහ්..?

හ්ම්… අම්ම උදේ කිව්වා..

හරිහරි මම යනව වොශ් එකක් දාලා ඇදුමක් දාගන්න..
හඩ්ඩි වගේ ඉන්නෙ නැතුව වොශ් එකක් දාගන්නවා හලෝ.

හරිහරි අක්කන්ඩී මම කට්ලට් එකක් කාලම වොශ දාන්නම්..
එසේ කියමින් විභාශා කුස්සිය දෙසට ගමන් කලාය..

අරුන්දී කාමරයට ගියේ ඉක්මනින් ඇග පතසෝදා අලුත් ඇදුමකින් සැරසීමටය..

😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

එන්න එන්න මිසිස් වීරරත්න…..

චන්ද්‍රා ඩිනායගේ පවුලනුනුසුම් ලෙසින් පිලිගත්තාය..

කොහෙද අනේ එන්න කියලා හිටියට වෙලාවක්ම නෑ..
ඔන්න අද තමයි වෙලාවක් ආවේ..

ඒකනේ අනේ. හැමෝම බිසීනේ දැන්… වාඩිවෙන්න..

එසේ කියමින් චන්ද්‍රා අසල පුටුවකින් වාඩිවූවාය..

ඉතින් මිසිස් වීර රත්නට ලොකු දුවෙකුත් ඉන්නවනේ..

ඩිනායාව පෙන්නමින් ඇය එසේ කීවේ මුහුනේ හිනාවක්ද මවාගනිමිනි..

ඔව් …කෙල්ලෙකුට කියලා මෙච්චරයි මට ඉන්නේ…
කොයි හස්බන්ඩ්??

එයත් එන්න හිටියේ හදිස්සියේම නුවර යන්න වෙලා එය කැන්ඩි ගියා. ඉතින් අපි දෙන්නා ආවා.. නැත්තම් බොරු කාරයෝ වෙනවනේ..

කොයි දුවලා එහෙම…? හස්බන්ඩ් ???

ඉන්නව ඉන්නව පොඩ්ඩි නම් පාඩම් exam ලියන්නවනේ මේ සැරේ..ලොක්කි නම් කාමරේ ඇත්තේ..

එසෙ කියමින් ඇය උස් හඩින් ඔවුනට කතා කලේය.
ලොකු දූ…පොඩ්ඩී මෙහෙට එන්න…

හස්බ්න්ඩ් දැන් තමයි නිදාගෙන ඉදලා නැගිට්ටෙ දැන් එයි.

ඇය එසේ කියනවාත් සමග සමරදිවාකර කාමරයෙන් එලියට ආවේ කමිසයේ බොත්තම්ද එකින් එක පියවමිනි.

ඔහු සාලයට එන විටම ඩිනායා පුලුටුවෙන් නැගිට්ටා නොව නැගිටුනාය..

සර්???

ඔහ්හ්.. ඩිනායා.. you here…?

අනේ මේක සර් ලගේ ගෙදර කියලා මම දන්නේ නෑනේ මේ වෙනකල්..

ඇය මවාගත් පුදුමයකින් මුහුන සරසාගෙන කිව්වාය..

Sit sit dinayaa..
මිසිස් වීරරත්න සහ චන්ද්‍රා පුදුමයෙන් මෙන් ඒ දෙස බලා හිටියේ අයාගත් මුවිනි..

අපිත් දැන් නේ දන්නේ දුවලගේ බොස් අල්ලපු ගෙදර ඉන්නෙ කියලා… හරි සතුටුයි අදුනගන්න ලැබුන එක.

මිසිස් වීරරත්න එසේ කියමින් පිරිස දෙස බලා හිනැහුනාය..

ඒකනේ ඩිනාය මෙච්චර ඔෆිස් එකේ හිටියා නිකමට කිව්වෙ නෑ අලුත් තැනකට ගියා කියලා..
සමරදිවාකර එසේ කියමින් පුටුවට බර උනේය.

මේ අතර අරුන්දී තරප්පුව බසිමින් සාලය දෙසය එන්නට වූ අතර එක් වරම සාලයේ ඩිනායා හිදගෙන සිටින බව දුටු ඇය හිටි තැනම නතර වූයේ ඇයටත් නොදැනීමය…

දෙයියනේ මේ අර කෙල්ල නේද? ඩිනායා…
එතකොට මෙයාලද එහා ගෙදරට ආවේ..?
මොකද්ද මේ වෙන්නේ?? එතකොට මයන්ත මට තවත් බොරුවක්ද කලේ.. එයා නොදැනඉන්න විදිහක් නෑනේ මෙයා මෙහෙ පඩින්චියට ආවා කියලා…
ඇය බිය වී මෙන් හිටි තැනම හිද පිරිස දෙස බලා ඉනා විට සමරදිවාකර කතා කරන්නටවිය

එන්න ලොක්කී අදුනගන්න මෙයාලව..

එසේ පවසත්ම ඇය.කල්පනාවෙන් මිදුනේ ගැස්සීය. ඇය තරප්පුව බැස පිරිස අතරට එක් විය..

ශා චන්ද්‍රාටත් ලස්සන දුවෙක් ඉන්නේ..

ඔව් මේ ලොක්කි.. පොඩ්ඩී දැන් එයි..

ඒත් සමගම විභාශාද සාලයට ආවාය..

බලද්දි ලස්සන දුවල දෙන්නෙක්ම.ඉදලනේ මෙහේ..
එසේ කියමින් මිසිස් විරවන්ශ මද සිනහවක් පෑවාය.

ඔන්න ලොක්කී ඔයාලට යාලුවෙක් ඉන්නව දැන්
. මේ ඩිනායා අපෙ ඔෆිස් එකේ වැඩ කරන්නේ.. ආහ් මයන්ත පුතාගේ සෙකට්‍රි…

ඔව් තාත්තී මම එක දවසක් මීට් උනා.. අර ශෝ එක බලන්න ගිහාම.. මයන්ත අදුන්වලා දුන්නා..

ඇය හිතේ ඇතිවීතිබූ තරහව යටපත් කරගෙන සිනහවක් මුව මවාගෙන කීවාය..

ඩිනායාද මනා ලෙස රගපෑවේ අවස්තාවට උචිත අන්දමිනි..
ඇය සෑම විටම පරිස්සමට කතා කලේ නුවරඑලි ගමන ගැන කොහෙන් කෝ කතාවක් ඇදෙතියි බියෙනි..

මෙලෙස අසල්වාසින් ඉතා සුහද ලෙස කතා බහ කොට නික්ම ගියේ රාත්‍රී අටත් පසුවීය..

ඔවුන් නිකම් ගිය විට අරුන්දී කාමරය වෙත් ගියේ මයන්තට ඇමතුමක් ගැනීමටය.
ඇය ඔහුගේ අන්කය එබුවාය.

හෙලෝ..

ආහ් මයන්ත වැඩකද?

නෑ කියන්න..

මෙහ් ඇයි මයන්ත මට මෙච්චර බොරු කරන්නේ.. අර ඩිනායා බලද්දි අපේ එහා ගෙදර ඉන්නේ.
එදා නිකන් වත් ඔයා මට ඒක කිව්වෙ නෑ..
ඇයි මෙහෙම බොරු කරලා තව තවත් මගේ හිතේ ඔයා ගැන සැකයක් මවන්නේ..

අනේ මෙහ් මට ඔයාගේ හිත් වල සැකයවල් මවන්න ඕනී කමක් නෑ..
ඔච්චරම ඕනි නම් ආදරයක් මවා ගන්නවකෝ මම ගැන… ඇයි වදේ කොයි වෙලෙත් ප්‍රශ්නමනේ..

ඔව් ඔයාට දැන් මම වදයක් වෙලානේ… මම හියා ගන්නම්කෝ මේකේ සුල මුල..
මාව පිච්චෙනවා මයන්ත… ඔහොම කරන්න එපා මට.

මෙහ් ඕයි තියනවා ෆෝන් එක.. මට ඇති වෙලා තමුසෙගේ බනේ අහලම..

එසේ කිව් මයන්ත දුරකතනය විසන්දින්කල අතර අරුන්දී අත රැදි මොබයිල් එක පැත්තකට විසි කර හයියෙන් ඇඩන්නට විය…

එසේ ඇදට වැටුන ඇය ඇති වන තුරු ඇඩුවේ ඇගේ දුක ඇසීමට කව්රුවත් නොවන බව දැනී තව තවත් වේදනාවෙනී..

😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

එදින ඉරිදා දවසක් වූ බැවින් මයන්ත අරුන්දී සමග චිත්‍රපටයක් බැලීමට කතිකා කරගෙන සිටියේ ඇයගේ අමනාපය හේතුවෙනි..

කෙසේ හෝ ඇයව මිත්‍ර කර ගැනීමට ඔහු පෙලබුනේ ඇයට ඇති ආදරයකට නොව දේපල වලට ඇතී ආදරයට බව ඔහුගේ හිත ් හොදින්ම දනී..

මෙනිසා අරුන්දී ඔහුත් සමග අමනාපයෙන් සිටි බැවින් ඔහු මෙම ගමන යොදා ගත්තේ ඇයව සතුටු කිරීමටය..

ඔහු දුරකතන ඇමතුමක් ඇයට ගත්තේය..

හෙලෝ අරුන්දී..

මයන්ත කීයටද එන්නේ ඔයා..

දැන් එන්න හදන්නේ ලෑස්තින්වෙලා ඉන්න..

හ්ම්ම්..

මයන්ත ඇරුන්දිගේ නිවසේ ගේට්ටුවෙන් ඇතුලට වාහනය ඇතුලට දමත්ම දුටුවේ ඇය දොරකඩ හිටගෙන සිටින අන්දමයි..

ඇය ඇද සිටියේ රෝස පැහැති බ්ලවුසයක් හා කලූ පාට කලිසමක්..

කොන්ඩය ඉහලට වන්නට බැද තිබූ ඇගේ මුහුනට අමුතුම එලියක් ඇවිත් තිබුනේ ඉබේටමය..

ඔහුගේ කාරය දකිත්ම ඇගේ මුවගට මහ සිනහවක් ආවේත් පඩියක් බැස ඉදිරියට ආවේත් එකටමය.

මයන්ත කාරය මිදුලේ නවත්වා එයින් බසින්නේ නැතුව ඇය දෙසම බලා සිටියේ ඇගේ ලස්සනට ඔහුගේ සිතගත් දෙකම මොහොතකට නැවතුන නිසාය..

ඔහු කාරයෙන් නොබැසම ඇයට අතින් සන් කලේ ඉක්මනින් කාරයට නගින ලෙසිනි..

ඇයද වහා පැමින කාරයට ගොඩ වූයේ ඉමහත් දුකත් සතුටත් අතර හැගීමකින් බව ඇගේ සිත දනී..

ශා.. අදනම් ලස්සනයි ..

පුදුමයි මගේ ලස්සනක් දැක්කා..

ඇයි වෙනදටත් දකිනවා… අද ඊට වඩා ලස්සනයි..

හ්ම්ම් යමු යමු බටර් නොගා..
ඇය ඉදිරිය බලා කීවාය..
ඔවුන් කාරය ගේටුවෙන් හරවා ප්‍රදාන පාරට හැරවූයේ සැවෝයි සිනමා ශාලාව වෙත යාමටය..

පැයභාගයකින් පමන ඔවුන් සැවොයි සිනමා ශාලාව අසලට පැමිනි අතර මයන්ත ටිකට් ගැනීම සදහා කවුන්ටරය වෙත ගියේය..

අරුන්දී ඔහුඑන තුරු පැත්තකින් බලා සිටියේ අද වෙනදා මෙන් නොව ඔහුගේ හැසිරීමේ වෙනසක් දුටු නිසාය.

මේ ආදරේ කොච්චර වෙලාවකටද දන්නෙ නෑ..
ඇයඑසේ සිතෙන් සිතුවාය..

අදුරු ශාලාවට ඔවුන් ඇතුලුව හිස් බැලකනියේ හිස් ආසන දෙකක් සොයා ගත් ඔවුන් එහිගොස් වාඩි ්වූයේ චිත්‍ර පටය ආරම්භයට තව ඇත්තේ සුලු වේලාවක් වූ ්හෙයිනි.

අර ඩිනායා අපේ එහා ගෙදර ඉන්නේ..

හ්ම්ම්ම් ඔයා එදා කිව්වේ..

ඇයි ඔයා ඊට කලින් දැනගෙන හිටියේ නැද්දා??

නෑ ඔයා කියනකල් දන්නේ නෑ.. අනික ඔය සෙකට්‍රිලා ගැන මම ඕනෙවට වඩා හොයන්නෙ නෑ..

එසේ කිව් ඔහුඇගේ කර වටින් අතක් යවා ඇයව තුරුලුකරගත්තාය..

අනේ මයන්ත……

මොකෝ නෝනා දැන් කියන්න හදන්නේ එපා කියලද?

න්…නෑ… ඉතින්…

එහෙනම් අදවත් සද්ද නැතුව ඉන්න හොද ලමය වගේ..

එසේ කිව් ඔහු සෙමින් ඇගේ මුහුන ඔහු දෙසට හරවා ගත්තේය..

මේ වන විට චිත්‍රපටයද ආරම්භ වී තිබූ අතර ඔහුට නම් ඒ පිලිබද වගේ වගක් නොවීය.

ඔහු සෙමින් ඒ මුහුන දෙස බලා හිද එක්වරම ඇගේ දෙතොල් ඔහුගේ දෙතොල් වලින් සිප ගත්තේ ඇගේ මුහුන එක් අතකින් අල්ලාගෙනය…

ඒ අතර ඔහුගේ එකතකින් ඇගේ ඉන පෙදෙස අත ගෑවේ ඉමහත් ආශාවකිනි..

ඔහුගේ පිරිමි හැගුම් ඔහුටවත් අවනත නොවූ මොහොතක ඔහු තවතවත් ඇගේ පහස අපේක්ශා කලේය..

මයන්ත කව්රුත් දකී..

නෑ ….කාටවත් පේනේ නෑ අරූ…

එසේකියමින් ඔහු ඇගේ ගෙල දෙපස සිප ගත්තේ උමතුවෙන් මෙනි..

ඇයද ඔහුගේ ඒ සිප ගැනීමෙන් මත්වූ අනතර සිතේ ඔහු කෙරෙහි තිබූ තරහවත් මැකී ගොස් ඔහුට අවනතව දෑස් පියා ගත්තාය..

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

ඔවුන් චිත්‍රපට ශාලාවෙන් ඉවතට එන විට අරුන්දී ඔහුගේ අතේ එල්ලි ආවේ මුහුනේ සතුටක් මවාගෙනය..

ඇය සිතුවේ මයන්ත ඔහුගේ වැරදි තේරුම් ගෙන දැන් හොද අයෙක් වී සිටින බවටය..
එහෙත් එය මයන්තගේ කපටි කමක් බව ඇය කිසිවිටෙකත් නොසිතන්නට ඇති.

ඔවුන් කාරයට නැග පිටත් වූයේ වෙනදා මෙන් රන්ඩුවක් ඇල්ලිමට හේතුවක් නොමැති නිසා ඉතා සතුටින්‍ ය..

පිස්සු හැදිලද මන්දා අද..
අරුන්දී එසේ කීවේ ඔහු දෙස සෙමින් බලමින්‍ ය…

හහ්..මට විතරද…. එක්කනෙක් කෙදිරි ගගා හිටියේ එහෙනම්… අකමැත්තට වෙන්න ඇති..

කිව් ඔහු සිනාසෙමින් ඇය දෙස බලා ඉදිරිය බලා ගත්තාය.

ඇය ලැජ්ජවෙන් ඉවත බලා ගත්තේ කීමට කිසිත් සිතා ගත නොහැකිවය.

මයන්ත හැමදාම මෙහෙම ආදරෙන් ඉන්න මගේ එක්ක..මට ඒ ඇති.

ඇය එසේ කියමින් ඔහුගේ මුහුන දෙස බැලුවේත් ඔහු ඇය දෙස බැලුවේත් එකම මොහොතේය.. ඔවුන්ගේ දෑස් මොහොතකට යාවුනේ ඔවුන්ටත් නොදැනීමය..

එක් වරම අරුන්දී ඇගේ දෑස් ඔහුගේ දෑසින් ඉවතට ගෙන ඉදිරිය ි බලත්ම ඇය දුටුවේ වේගයෙන් ඔවුන් ගේ කාරයදෙසට එන වෑන් රතයකි..

ඇසිල්ලකින් එය ඔවුන් ගමන් ගත්‍ රතයේ ගැටුනේ ඔවුන්ටවත් සිතා ගත නොහැකි අන්දමට මහත් ශබ්දයක් නගමිනි..

මයන්ත…….

ඇයට කීමට හැකිවුනේ එපමනකි……😢

6 කොටසෙන් හමුවෙමු..

මොකද හිතෙනේ අද කොටස ගැන…😢

කියවලා කතාව ගැන අදහසකුත් දෙන්න කට්ටිය හොදේ..

හෙට බලමු දෙන්නට මොකද උනේ කියලා..

සොරි හොදේ ටිකක් රෑ උනා කතාව දාන්න..😂

බුදුසරණයි .. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *