අරුන්දී 07
(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව)
7වන දිගහැරුම
අනතුරින් මසක් පමන ගෙවී ගොස් ඇත.. එහෙත් අරුන්දිගේ දෙපා වල කීමට තරම් සුවයක් දක්නට නොමැති විය..
ඇය මුල් කාලයේ හිතේ දුක තුනී කරගන්න ඇති වනතුරු ඇඩුවාය …
ඔහේ ඈතක් බලාගෙන කල්පනා කලාය … ආයේ ඇඩුවාය ..
නැවත ඔහේ කල්පනා කලාය
මෙලෙසින් මාසයක් පමන ගත වන විට ඇය ඇයටත් නොදැනීම මේ ජීවිතේට හුරුවෙන්න පටන් ගත්තා…
ඇය රෝද පුටුව ඉවහල් කරගෙන ඇගේ සියලු කටයුතු තනිවම කර ගැනීමට උත්සහ කලා..
බැරි වන අවස්තාවලදී තනිවම ඇඩුවා…
හිතට යම් අස්වැසිල්ලක් උනේ කුඩා කල සිටම විරසකව සිටි කුඩම්මා ඇය කෙරෙහි ආදරයක් කරුනාවක් දැක්වීමට පටන් ගැනීමයි…
කල් යත්ම නිවස ඇයට සිත්ගන්නා සුලු ස්තානයක් බවට පත්වූයේ නිවසින් එලියටවත් යාමය ඇයට හැකියාවක් නොවූ නිසාමය..
හිතේ කොතරම් ආශාවල් තිබුනද ඇයට ඒ සදහා ඉඩක් නොලැබීම ඇය උපේක්ශාවෙන් දරාගත්තාය..
අනතුරෙන් පසු මයන්තගේ හැසිරීමේ වෙනසක් ඇය දුටු මුත් ඒ පිලිබදව ඔහුගෙන් අසන සෑම විටකම ඔහු එය මග හැරීම ඇයට වේදනාවක් ගෙන දුන් කරුනකි..
දිනක් මයන්ත ඇය හමුවීමට නිවසට පැමිනි අවස්තාවක ඔවුන් දෙදෙනා මිදුලේ හෙවනකට වන්නට සාදවා තිබූ ගල් බන්කුවක් මත හිදගෙන සිටියෝය..
මයන්ත අරුන්දී අසලින්ම ඉදගෙන සිටි අතර ඔහුගේ මුහුන පෙර දවස් මෙන් කිසිදු එලියක් නොවීම ම අරුන්දීට මහත් ගැටලුවක් විය..
මේ දවසට දෙකට ඔහු හිතාගත නොහැකි ලෙසින් ඇදීගොස් කෙට්ටු වී හකු දෙපස මදක් ඇතුලට ගිලී මුහුනද යම් වෙහෙසකර පෙනුමක් ගෙන දුන්නේ ඇරුන්දිගේ හිත තවත් දුකට පත් කරමිනි..
මයන්ත මොකද්ද ඔයාට වෙලා තියෙන්නේ??
එහෙමට මොකුත් නෑ අරූ.. ඇයි??
ඔයා හරි වෙනස් ලගකදි ඉදලා..
හරියට කල්පනා කරනවා…. බලන්න ඔයාගේ හැටි.
අනික ඉස්සර ඔයා මට කොයිවෙලෙත් බැනගත්ත ගමන් ඉන්නේ..
ඒත් දැන්…
අනේ මට හරි පාලුයි මයන්ත ඔයගෙන් බැනුමක් වත් අහන්නෙ නැතුව..
එසේ කියමින් ඇය ඔහුගේ උරහිසට ඔලුව තබා ගත්තේ එක අතකින් ඔහුගේ අතැගිලි අතරට තම අතැගිලි යවමිනි.
තාත්ති කිව්වා ඔයා දැන් ඔෆිස් එන්නෙත් ඉදලා හිටල කියලා..
ඇයි අනේ ඔයාට මොකුත් ප්‍රශ්නයක්ද ?
එසේ කිව් ඇය ඔහුගේ මුහුන ඇය දෙසට හරවාගත්තේ ඉතා සෙමිනි..
ඇය දුටුවේ කදුලින් තෙත්වූ ඔහුගේ අසරන දෙනතයි…
අනේ මේ මොකෝ…? ඇයි මයන්ත…
ඇය ඔහුගේ මුහුන අත් දෙකින්ම අල්ලාගෙන ඇසුවේ පුදුමයත් වේදනාවත් කැටි කරගෙනය..
ඔහු බිම බලා ගත්තේ කීමට කිසිවක් සිතාගත නොහැකිවය..
මේ බලන්න මගේ දිහා බලන්න මයන්ත..
මට කියන්න මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ??
මට කියන්න මහත්තයෝ…
ඇය අවසන් වචන ටික කිව්වේ අඩමිනි..
අ..රු..න්..දී….. මට සමාවෙන්න….
සමාවෙන්න… ඒ මොකටද? මොකද්ද ඔයා කියන්න හදන්නේ??
අපි… අපි.. මේ සම්බන්දේ නවත්තමු අරූ…
මොකක්??
ඇයට ඇගේ වටා ඇති සියල්ලක්ම කැරකෙන්නාක් මෙන් දැනෙන්නට විය..
මේ තමන් අසන්නේ කුමක්ද?? කිසි විටෙකත් ඇය මයන්තගෙන් මෙවැන්නක් අපේක්ශා නොකලේය..
මෙතරම් දුක් ගොඩක පැටලුන ඇයට ඔහුගේ මේ වදන් තව තවත් අගාදයකටම ඇද දමන්නක් බදු විය….
ඇයටත් නොදැනීම ඇගේ කදුලු ඇස් දෙකෙන් බේරෙන්නට වූයේ ඉමක් නොමැතිවය..
මොකද්ද දෙයියනේ මේ කියන්නේ… මයන්ත ඔයා හොද සිහියෙන්ද ඉන්නේ..??
මගේ දිහා බලන්න..මෙහෙ බලන්න..
හරි ඔය කියපු ටික මගේ ඇස් දිහා බලන් කියන්න… කියන්න මයන්ත කියන්න….
ඇය ඔහුගේ උරහිස් වලින් අල්ල හොලවන්නට වූයේ උමතු වූවෙකු ලෙසිනි..
මයන්ත බොද කරගත් දෑසින් ඇය දෙස බලා හිද වචන ගැට ගැසුවේ ඉතා අපහසුවෙනි..
අ..රු..න්දී… මේ අහන්න….. මට තවත් ඔයාට දුකක් දෙන්න බෑ….
අද මම ආවේ ඔයාට මේදේවල් තේරුම් කරලා යන්න…
මගෙන් ඔයාට ගොඩක් වැරදි උනා… ඔයා නොදැනුවත්ම මම ගොඩක් වැරදි කලා… අද මට දෙවියෝ ඒවට දඩුවම් දීලා…
ඒ දඩුවම මම තනියම විදින්න ඕනී…ඔයා වගේ කෙනෙක් මගේ එක්ක ඒ දුක විදින්න ඕනී නෑ.. මොකද ඔයාට මම දුන්න දුක් හොදටම විදවලා ඉන්නේ…
මට සමාවෙන්න රත්තරන් …
මම මේ වෙනක්ල හිතුවේ නෑ මම ඔයාට මේ තරම් ආදරේ කරලා කියලා… ඒත් මට තවත් ඔයාගේ ජීවිතේ අදුරට දාන්න බෑ..
එසේ කිව් ඔහු ලදරුවෙක් මෙන් ඇඩන්නට විය..
මොකවද දෙයියනේ මේ කියවන්නේ ඔයා…
ඔයා මොන දේ කලත් මමත් ඔයාට ආදරේ කලා..
මට ඔයාගේ ආදරේ වටිනවා මයන්ත.. pls pls මාව තනි කරන්න එපා ….
නෑ අරුන්දී ඔයාව මම තනි කරන්නේ නෑ…කරන්න හිතුවෙත් නෑ.
ඒත් මම අසරනයි
මට වෙන කරන්න දෙයක් නෑ. ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි..
හිත හදා ගන්න අරුන්දී…. කවදාහරි ඔයාට තේරෙයි මේ ගත්ත තීරනේ හොදයි කියලා..
මම යන්නම් … ඔයා පරිස්සමට ඉන්න….
එසේ කියමින් ඔහු ඇගේ අත අතහැර හිටගත්තේ එතනින් ඉක්මනින් පිටත්ව යාම සදහාය..
අරුන්දී ඔහුගේ අතේ එල්ලුනේ කුඩා දරුවෙකු මෙනි..
අනේ ප්ලීස් මයන්ත … එහෙම කරන්න එපා… ප්ලීස්… මට කව්රුත් නෑ මයන්ත… අනේ එහෙම කරන්න එපා…
ඇය ඇඩුවේ පිස්සුවෙන් මෙනි…
ඇයදෙස මොහොතක් බලා සිටි ඔහු සෙමින් පහත්ව ඇගේ නලලත සිප ගත්තේ ඉතාමත් සෙනෙහසකිනි..
ඉන් පසු ඉක්මනින් එතනින් පිටව ගොස් තම බයික් එකට නැග වේගයෙන් පිටත් වූයේත් ඇසිල්ලකිනි.
අනේ …මයන්ත….. එන්නකෝ….
අරුන්දී ගේ ඇඩීම ඇසී ගෙතුල සිට එලියට ආවේ චන්ද්‍රා ය..
බන්කුව මත අඩමින් සිටිම අරුන්දී දුටු ඇය වහා.වහා එම ස්තානයට ගියේ කුතුහලයෙනි…
ඇයි ලොකු දූ මේ??
ඇයි මයන්ත පුතා ගියේ….මොකද ලමයෝ මේ අඩන්නේ..?
ඇය අරුන්දීගේ හිස තම උරහිසට හේත්තු කරගෙන ඇසුවේ ඇයගේ මුහුනට එබෙන ගමන්ය…
අරුන්දී පිලිතුරු දෙනු වෙනුවට තව තවත් ඉකි ගසා ඇඩුවේ දීමට තරම් උත්තරයක් ඇයට සිතා ගත නොහැකි නිසාය..
එක්වරම ඇය කපාහෙලූ ගසක්මෙන් චන්ද්‍රා මතට ඇද වැටුනේ ඇයට මේ වේදනාව තවත් ඉසිලීමට නොහැකි වූන්තැන සිහිසුන් වීමත් සමගය…
සීතා…. සීතා…. ඉක්මනට එන්න…..
චන්ද්‍රා ගේ කෑ ගැසීම ඇයට සිහිනෙන් මෙන් ඇසුනාය.
මයන්තගේ මේ හදිස්සි වෙනස් වීම අරුන්දීට කෙසේ වත් දරාගත නොහැකිවිය..
ඔහුගෙන් කොයි තරම් විරසක කම් අත්වින්දත් ඒ වෙනුවෙන් වැලපුනත් කේන්ති ගත්තත් තමන් ඔහුට ආදරේ කර ඇති බව වැටහුනේ මේ සිදුවීමත් සමගය..
ඇය ඔහුට ඇමතුම් ගනනාවක් දුන්නත් ඒ එකකට වත් ඔහු කතා නොකලේය..
පියා පැවසුවේද මයන්ත දැන් කාර්යාලයට පවා එන්නේ ඉද හිට ලෙසිනි කියාය.
මයන්තගේ පියා මීට වසර 5කට ඉහතදි මිය ගිය නිසා අරුන්දිගේ පියා සහ මයන්තගේ පවුලේ උදවිය අතරත් එතරම් සම්බන්දයක් නොවුනි..
කෙසෙ වෙතත් කල් යත්ම ඔහු කාර්‍යාල ගමනද නවතා ඇති බව ඇය හරි හැටිම දැනගත්තේ ඩිනායා ගෙනි..
ඒ ඩිනායා වැඩ ඇරී එන තුරු තම නිවසේ ගේටුව අසල රැදි සිටි අරුන්දී කෙසේ හෝ ඩිනායා හමු විය..
හොද වෙලාවට ඩිනාය ඔයාව අද හම්බඋනේ..
ඇයි අරුන්දි මොකුත් ප්‍රශ්නයක්ද
හ්ම්ම්…ඔයා දන්නවා ඇතිනේ ප්‍රශ්නේ මොකද්ද කියලා..
මයන්ත ගැනද???
ඔව්…… එයා ගැන ඔයාවත් හරි තොරතුරක් දන්නවද ඩිනායා… පින්සිද්ද වෙයි මට කියන්න..
අරුන්දි අවසන් ටික කීවේ ඇඩුම්බරවය..
අනේ කෙල්ලේ මෙතන අඩන්න තියාගන්න එපා… මටත් හිතා ගන්න බෑ මයන්ත සර් මෙහෙම වෙනස් උනේ ඇයි කියලා..
දැන් සර් ඔෆිස් එන්නෙත් නෑ.. ආරන්චියක් ආවා රටයන්න හදන්නේ කියලා..
ඇත්තද බොරුදනම් දන්නේ.නෑ…
ඒක ඇත්ත අපේ තාත්ති මට කිව්වා… එය ඔෆිස් එකෙන් අයින් වෙලා කියලා..
තාත්ති නම් කියන්නේ එහෙම මිනිහෙක් ගැන දුක් වෙලා වැඩක් නෑ කියලා…
අනේ ඒත් මට බෑ ඩිනායා එයාව අමතක කරන්න..
එයාගෙන් මොන වැරදි උනත් මම එයාට ආදරේ කලා…
එයාගේ ආදරේ මට ඉස්සර හරියට දැනුනේ නෑ..
ඒත් මේ accident එකෙන් පස්සේ මයන්ත මාර විදිහට වෙනස් උනා.. එයා මට පුදුම ආදරේකින් සැලකුවේ…
අනේ එකපාරටම මෙහෙම දෙයක් කියලා යන්නම ගිහාම මම පිච්චිල මැරෙයි ඩිනායා…
මම මේ තරම් අවාසනාවන්තද
කකුල් දෙක පනනැති මාව එයා කොහොමද දාලා ගියේ ඩිනායා…
අරුන්දී එසේ කියමින් මුහුන වසාගෙන ඇඩුවේ ඩිනායාගේ දෑස් දෙකද කදුලින් තෙමන ගමන් ය.
ඇරුන්දි කෙරෙහි ඩිනායාගේ සිතේ උපනේ අනුකම්පාවකි…
තමන උනත් ඇයට වරදක් කරතිබේ..
ඇගේ පෙම්වතා සමග අනියම් ඇසුරක් පවත්වා ඇයට තමා කලේද ලොකූ වැරද්දකි..
මේ කෙල්ල මේ තරම් මයන්තට ආදරේ කරලද?
මෙහෙම ආදරේ කරන කෙල්ලෙක් ඉදලද මයන්ත තව කෙල්ලො පස්සේ ගියේ??
දෙයියනේ මොන තරම් වැරැද්දක්ද?
මයන්ත තමාගෙන්ද දුරස් වන බව ඩිනායාට ඒත්තු ගියෙත් මීට සති කීපයකට කලින් සිටය..
මයන්ත මොකද ඔයාට වෙලා තියෙන්නේ…
දිනක් ඔහුත් සමග දවල් ආහාරයට එලියට ගිය අවස්තාවක ඩිනාය ඇසීය..
ඇයි..??
නෑ ඔයා ලගකදි ඉදලා හරි වෙනස්.. ඒකයි.
හ්ම්ම්ම්..මම ඔයාට කියන්න හිටියේ…. මම රට යන්න තීරනය කලා ඩිනාය.. මග නතර උන studies ටික continue කරන්න..
ඒත් මේ එකපාරටම??
ඔව් ලගදිම යනවා…
එතකොට අරුන්දී..? ඇය පෙරලා ඇසුවාය.
එයා ගැන තමයි මට දුක ඩිනායා.. මම ඒ කෙල්ලට ගොඩක් වැරදි කලා.. එයා නොහිතන තරමේ වැරදි මම එයාට කලේ..
ඒ කෙල්ලට කරුනාවෙන් වචනයක් කතා කලේ නෑ.. ඒත් ඒ කෙල්ල ඒ හැම දේම ඉවසලා මගේ එක්ක හිටියා..
ඒක එයාගේ මෝඩ කම නෙවේ අවන්ක කම… අහින්සක කම..
මට ඒක තේරුම්ගන්න කල් ගියා ඩිනාය..
දැන් මට ආයේ කාලයක් නෑ.. මට තවත් එයාට දුකක් දෙන්න බෑ… ඒකයි මම මේ තීරනේ ගත්තේ…
ඩිනායා ඔහුදෙස බලා සිටියේ පුදුම වූ දෑසිනි.. එතනින් එහාට ඇය කිසිත් ඔහුගෙන් ඇසීමක් සිදු නොකලේ ඔහුගේ පෞද්ගලික දේ වලට ඇගිලි ගැසීමට තරම් ඇයට අයිතියක් නොවන නිසාය…
ඇය මේ කල්පනාවෙන් මිදුනේ එක්වරම අරුන්දී ක්ලාන්තවී රොද පුටුවේ ඇලවුනු හෙයිනි..
අරුන්දී……අරුන්දී……. ආන්ටී….ඉක්මනින් එන්න……
ඩිනාය කෑ ගසමින් චන්ද්‍රාට කතා කලේ කලබලයෙනි..
අරුන්දී සෙමින් දෑස් අරින විට ඉවසාගත් නොහැකි තරමේ වූ හිසේ වේදනාවක් දැනෙන්නට විය..
ඇය ඇස් අරිනවිට ඇය සිටියේ තම කාමරයේ ඇද උඩය..
ඇද වටා ඩිනායා කුඩම්මා සීතම්මා මෙන්ම තවත් පිරිමි රුවක් ඇය දුටුවා..
ඩොක්ටර් මෙහෙ??
ඇය අපහසුවෙන් වචන එක් කලාය..
කොහොමද අරුන්දි දැන් ඔයාට??
මට මට මොකද්ද උනේ??
ඔයාට ලොකු කම්පනයක් වෙලා තියෙනවා.. ඒකයි මෙහෙම ෆේන්ට් වෙන්නේ.. ඔයාගේ අම්මා තමයි මට කොල් කලේ …
අම්මා මට හැම විස්තරයක්ම කිව්වා අරුන්දී.
ඔයාට වෙලා තියෙන දේවල් එක්ක මයන්තගේ වෙනස් වීම දරාගන්න අමාරුයි තමයි.. ඒත්..
ඇයි ඩොක්ටර් විහග ඒත් කියලා නැවැත්තුවේ??
ඔයා දැන් රෙස්ට් කරන්නකෝ…. පස්සේ අපි කතා කරමු…
මම කියන්නේ නෑ අතීතයේ දේවල් අමතක කරන්න කියලා..
ඒත් දැන් ඒවාගැන හිතලා ඔයා තවත් මානසිකව වැටෙන්න එපා හොදේ..
අනේ ඩොක්ටර් මට ඇයි මේ තරම් දැඩුවම් විදින්න වෙන්නේ… කකුල් දෙක පන නෑ.. මට කියලා තනියම මොකුත් කරගන්න බෑ.. එහෙම එකේ මගේ ආදරෙත් මාව දාලා ගියා… අනේ මට බෑ ඩොක්ටර් මේවා ඉවසන්න…
ඇය නැවතත් ඇඩන්නට පටන්ගත්තේ සැමගේම නෙත් කදුලින් තෙත් කරමිනි..
දුව මේ අහන්න අපිත් කොයි තරම් උත්සහ කලාද මයන්තට කතා කරන්න..
ඒත් අපි එක්කවත් එයා කතා කලේ නෑනේ..
ඔයාගේ තාත්ති කිව්වනෙ ඔෆිස් එකෙනුත් අයින් වෙලා කියලා…
තාත්තම තමයි කිව්වෙ මයන්ත රට ගියා කියලා ආරන්චියක් ආවා කියල්ලා…
ඉතින් තවත් අපි කියලත් මොනවා කරන්නද.. අපි ඉක්මනින් කකුල් දෙක සනීප කරගමු..
නේද ඩොක්ටර් විහග?
චන්ද්‍රා විහග දෙස බලා කීවේ අරුන්දිගේ හිස අතගාමින් ය…
හරි මේ බෙහෙත් ටික ගන්න වරද්දන්නේ නැතුව අරුන්දී… මම ආයේම දවස් දෙකකින් විතර එන්නම්කෝ….
අරුන්දී ඔහු දෙස බලා හිස වැනුවා මිස කිසිවක් නොකීවේ ඒ තරම් වත් ශක්තියක් ඇය තුල නොවූ නිසාය.
විහග පිටව යාමට සූදානම් විය..
ඔහු කාමරයෙන් පිටව ගිය පසු එහි ඉතිරි වූයේ සීතම්මාත් අරුන්දීත් පමනි.
අනේ මගේ රත්තරන් ලොකු බේබී… ඔයා පොඩි කාලේ ඉදලමයි මම ඔයාව බලා ගත්තේ.. මට බේබී මෙහෙම දුක් විදිනවා
බලන්න බෑ බේබී…
අනේ මට තේරෙන්නේ නෑ සීතම්මේ මට මොකද්ද මේ උනේ කියලා.. එහෙන් කකුල් දෙක පන නෑ ..
දැන් මයන්තත් මාව දාලා ගියා.. මීට වඩා හොදයි මම මැරිලා ගියානම් එදා…
ඇය නැවතත් දෑස් වල කදුලු පුරවා ගත්තේ ඉකියක්ද සමගිනි..
බේබි පොඩි කාලේ ඉදන්ම දුක් වින්දා කියලා මම දැක්කා..
කොයි තරම් සැප සම්පත් තිබුනත් බේබි කොහොමද ජීවත් උනේ කියලා මම දන්නවා.
ලොකු නෝනා උනත් දැන් ඔය හොදට හිටියට ඉස්සර කොයින්තරම් බේබිගේ හිත රිද්දනවද.. ඒවා මම හොදට දන්නවා බේබි..
මගේ ලොකූ බේබිට වරදින්නේ නෑ.. මගේ බේබිට හරි යනව දෙයියන්ගේ පිහිටෙන්…
කියූ සීතම්මා දෑසේ කදුලු තම උරහිසෙන් පිහදාගනිමින් කාමරෙන් එලියට යන්නට විය.
ඇය මේසය උඩ ඇති මයන්තගේ පින්තූර දෙස බලාගෙන සිටියේ කියා ගත නොහැකි දුකකිනි.
ඔහු ඇයව සිප ගත් අවස්තාවන් මතක් කරමින් ඇය ඇඩුවා.. ඒ අවස්තා වල ඔහුගේ මුහුනේ තිබූ ආදරය මතක්වී ඇයට එය අමතක නොකල හැකි තරමට හදවත රිදුම් දුන්නා…
නපුරා මම මේ තරම් ඔයාට ආදරේ කරලා කියලා මම දන්නෙත් නෑ.. කමක් නෑ ඔයා අදටත් වෙනද වගේම මගේ හිතේ ප්‍රශ්නයක් ඉතිරි කරලා යන්න ගිහින්..
ඉන්න තැනක හොදින් ඉන්න මයන්ත..
ඇය පින්තූරය දෙස බලා සිතෙන් සිතුවාය.
ගතේ මහන්සියත් හිතේ වෙහෙසත් නිසා ඇයට නොදැනීම නින්ද ගියේය..
විහග අරුන්දිගේ නිවසේ සිට තම නිවසට ආවේ රාත්‍රී 8ත් පහුවීය..
නිවසට පැමිනි වහාම ඉක්මනින් නාගත් ඔහු මව විසින් සාදා තිබූ ඉදිආප්පද කා නිදන්නට කාමරය වෙත ගියේ දවසම රෝහලේ ගෙවන ජීවිතේ වෙහෙස නිසාමය..
සැහැල්ලු ඇදුමකින් සැරසුන ඔහු ඇදට වැටුනත් නින්ද අහලක වත් නොවීම පුදුමයකි..
ඔහුගේ සිතට දියේ ගිලි රබර් බෝලයක් මෙන් සෑම විටම මතුව ආවේ අරුන්දී වය..
මෙතෙක් ජීවිතේ කොයි තරම් නම් රෝගින් හමුවී ඇතත් අරුන්දී පත්ව ඇති අසරන කම ඔහුගේ හදවත මදකට නතර කරන්නට සමත් විය..
මයන්තගේ සැබෑ තතු ඇය දන්නේ නම් කිසිදිනකවත් ඇයට එය දරා ගැනීමට නොහැකි බව විහග තේරුම් ගෙන සිටියේය..
මයන්තගෙන් ඇයට සිදුවූ වැරදි සියල්ලක්ම මයන්ත දිනක් තමාට පැවසූ නිසා විහග තුල අරුන්දි කෙරෙහි ලොකු අනුකම්පාවක් ඇති වුනේ මීට ගොඩක් කල් සිටය..
මේ අනුකම්පාව නිසාම ඔහුට වෙනත් රෝගින්ට වඩා ඇයට විශේයත්වක් සිතේ ගොඩ නැගුනේ ඔහුටත් හොරාමය…
එච්චර සැප සම්පත් තිබිලා එච්චර ලස්සනක් තිබිලා එච්චර අහින්සක් කමක් තිබිලා අන්තිමට ජීවිතේ හොදම කාලය ඇය රෝද පුටුවක ගෙවීමට සිදුවීම ඔහුගේ සිතට මහත් වේදනාවක් ගෙන දුනි..
එතරම් කලක් නැතත් මේ ටික කලට අරුන්දී යන නාමය ඔහුගේ සිතේ කොනක තැන්පත් වූයේ ඔහුටත් නොදැනීමය..
මෙලෙස බොහෝ වේලාවක් ඇදෙ එහෙට මෙහෙට පෙරලෙමින් කල්පනා කල ඔහුව නිදි දෙව්දුව වැලදගත්තේ මද්‍යම රාත්‍රියත් පසුවූ විටය.
අරුන්දී මිදුලට වී පොතක් කියවමින් සිටියේ හවස් වරුවේදී කිරීමට කිසිදු වැඩක් නොවූ නිසාය..
ඇය දැන් මේ ජීවිතයට හුරු වී ඇත.. මයන්තගේ මතකය තවමත් සිතේ හොල්මන් කරන නිසා ඇය පොත් කියවීමට තම කාලය විඩන්ගු කලේ වෙන කරන්නටම දෙයක් නැති කොටය..
ඇය ඇද සිටි මල් මල් ගවුම ඇගේ සුන්දරත්වය මනාව ඔප්නැන්ගූ අතර රෝද පුටුව ඇගේ අසරන කම මැනවින් විදහා පෑවේ ඇයට දෛවයේ සරදමක් ලෙසිනි..
එක් වරම ඇය කියවමින් සිටි පොතෙන් දෑස් ඉවතර ගත්තේ ගේට්ටුවෙන් ඇතුලට වාහනයක් හරවන හඩ ඇසීමෙනි..
රතු පාට හයිබ්‍රිඩ් රතයක් ගේට්ටුවෙන් ඇතුලට එනු දුටු ඈ අත තිබූ පොත ඔඩොක්කුවේන් තබා වාහනය දෙස බලා සිටියේ කුතුහලය පිරි දෑසිනි…
8 කොටසෙන් හමුවෙමු
ඔන්න ඉතින් මට බැනගෙන නම් එන්න එපා හොදේ ඇරුන්දිට දුක් දෙනවා කියලා…
දුක් විදින තරමට තමයි සතුටේ අගය තියෙන්නේ…. ඔන්න ඉගියක් දුන්නා
ඉතින් කියන්නකෝ කට්ටිය කතාව හොදද කියලා..
අදහසක් දාගෙනම යන්න යාලුවනේ…
හිතුවටත් වඩා කතාව ඔයාලා වැලදගෙන කියලා ඔයාලගෙ likes comments වලින් තේරෙනවා යාලුවනේ..
මට හරිම සතුටුයි ඒක ගැන.. ආදරෙයි හැමෝටම..
බුදුසරණයි …