අරුන්දී 08
(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)
8වන දිගහැරුම
කාරය මිදුලේ නතර වූ අතර එහි ඉදිරිපස දොර හැරගෙන ඉන් බැස්සේ විහග බව දුටු අරුන්දී තම දෑතින් රෝදපුටුවේ රෝද කරකවමින් ඒ දෙසට ගමන් කලේ මුහුනේ මද සිනහවක්ද නගාගෙනය..
කලු පාට කලිසමට සුදු පාට අත් දිග ෂර්ට් එකක් ඇද සිටි විහගගේ පිලිවෙලට අරුන්දී කවදත් ප්‍රිය කලාය…
ඔහු කාරයෙන් බැස එන විට ඇයව පෙර මග දුටු නිසාදෝ ඇය වෙතට ආවේ මුහුනේ මදහසක් එක් කරගනිමින් ය..
ඩොක්ටර් ??
කොහොමද අරුන්දී??? දැන් ගොඩක් හොදයි නේ??
අනේ ඔව් ඩොක්ටර් … තවම කකුල් දෙක නම් මට දැනෙන්නෙ වත් නෑ… ..
කරන්න දෙයක් නැති කමටයි මම මේ එලියට ආවේ පොතක් බලන්න..
ඒක හොදයි… පොත් කියවන එක කොයි තරම් හොදද… ඊලග දවසේ මම එද්දී අරුන්දිට හොද පොත් ටිකක් ගෙනත් දෙන්නම්කෝ..
ඇය සිනාසුනා මිස කිසිවක් නොකීවාය..
යමු ඩොක්ටර් ඇතුලට…
එසේ කිව් ඇය දෑතින් රෝද පුටුවේ රෝද කරකවමින් ගෙය දෙසට යන්නට සූදානම් විය..
කෝ ඉන්න මම තල්ලු කරන්නම්….
විහග එසේ කියමින් ඇගේ රෝද පුටුව පිටුපසින් අල්ලා තල්ලු කරගෙන ගෙය දෙසට ගමන් කරන්නට විය..
අරුන්දීට සිතේ යම් චකිතයක් ඇති වුනත් වෙන කිරීමට දෙයක් නොමැති කමට ඔහේඉදිරිය බලා සිටියාය..
ඇය එපා කිව්වත් ඔහු රෝද පුටුව තල්ලු කරන එක නවත්වන්නේ නැති බව ඇය දැන උන්නාය..
ඔවුන් ගෙට ඇතුලු වන විට චන්ද්‍රා සාලය දෙසට ආවේ මුව පුරහා සිනහවක් මවාගෙනය..
ආහ් විහග පුතානේ…..එන්න පුතේ …
අරුන්දී විශාල කරගත් නෙත් වලින් කුඩම්මා දෙස බැලුවේ විහගට එතරම් ලෙන්ගතුව පුතේ යැයි ඇමතීම නිසාය..
මේ මොකද මේ ..මමත් ඩොක්ටර් කියලා කතාකරන්නේ…මෙයා මොකද මෙච්චර ආදරේකින් පුතේ කියන්නේ…
ඇය ඇගේ සිතෙන්ම අහන විට විහග තල්ලු කරගෙන ආ ඇගේ රෝදපුටුව සාලයේ සෝෆා එක අසලින්ම නවත් වුයේය…
ඔන්න අද නම් මම ආවේ අරුන්දිට සුභ ආරන්චියක් අරගෙන..
ඔහුඑසේ කියමින් සෝෆාවේ ඉද ගත්තේ අරුන්දී දෙස බලා හිනැහෙමින් ය..
සුභ ආරන්චියක්??? ඒ මොකද්ද ඩොක්ටර් ..?
එන්නකෝ ආන්ටිත් මෙහෙන් ඉදගන්නකෝ..
කෝ අන්කල් නැද්ද??
විහග එසේ කියමින් වට පිට බැලුවේ සමරදිවාකරවත් බලාපොරොත්තුවෙනී..
මෙතරම් කෙටි කලකදී විහග නිවසේ සියලුදෙනාගේම සිත් දිනාගෙන තිබුනේ භේදයකින් තොරවය..
අරුන්දීගේ ප්‍රතිකාර සදහා ඔහු විටෙන් විට නිවසට ආවා ගිය අතර ඒ තුලින් නිවසේ සියලු දෙනා සමගම සුහද තාවයක් ගොඩ නැගුනේ ඉබේටමය..
අරුන්දීටද විහග ගේ පැමිනීම යම් තරමක අස්වැසිල්ලක් වූයේ මයන්තගේ වෙන්වීම නිසා සිතේ ඇතිව තිබෙන කාන්සිය යම් තරමක හෝ අඩුවන්නේ විහග විසින් ඇයව පරික්ශා කර යන දවසටයි..
අනේ පුතේ අන්කල් ඉතින් එද්දී ටිකක් රෑ වෙනවා… ඉතින් මොකද්ද මේ ආරන්චියක් ගැන කිව්වේ…
අන්කලුත් හිටියනම් තමයි හොද ආන්ටි.. කමක් නෑ.. මම කියන්නම්කෝ….
ස්නායු සම්බන්ද හොද ඩොක්ටර් කෙනෙක් අපේ හොස්පිටල් එකට ඇවිත් ඉන්නවා මේ දවස් වල.. ඩොක්ටර් අබේසේකර..ඇමරිකා වල තමයි ඉන්නේ..
1year වලට වගේ මෙහෙට ඇවිත් තියෙන්නේ… මමත් එහෙ වැඩකරන කොට ගොඩක් හිතවත් උනා ඩොක්ටර් අබේසේකර එක්ක.
ඉතින් ලාස්ට් වීක් ලන්කාවට ඇවිත් අපේ හොස්පිටල් එකට ආව වෙලාවක මම අරුන්දි ගැන කිව්වා එයාට..
එයා කියනවා අරුන්දිව චෙක් කරලා බලලා තමයිලු තීරනය කරන්න වෙන්නෙ කියලා..
එයා තමයි දැනට ලන්කාවෙ ඉන්න හොදම ස්නායු සම්බන්ධ ඩොක්ටර් .. අපි එයාට අරුන්දිව පෙන්නමුද ආන්ටි…
මට හිතෙනවා එයා අරුන්දිව හොද කරයි කියලා
අනේ පුතේ ඒක කොයි තරම් හොදයිද.. කොහොම හරි අපිටත් ඕනි දුවව සනීප කරගන්න…
අපි එයාට පෙන්නමු දුවව..
ඒ වන විටත් අරුන්දීගේ දෙනෙතින් කදුලු ගලා හැලුනේ තමන් පිලිබදව තමාටම ඇති වුන දුක නිසාමය.
ඔය ඉතින් අඩලත් ඉවරයිනේ මෙයා.. අපි කොහොම හරිසනීප කරගමු ඔයා බය වෙන්න එපා අරුන්දී…
ඔහු එසේ කියත්ම අරුන්දිට වාවාගෙන සිටි ඇඩුම තවත් දරාගත් නොහැකි විය..
පුතා ඔහොම ඉන්න මම තේ ටිකක් හදාගෙන එන්නම්…
කියමින් චන්ද්‍රා එතනින් නික්ම ගියේ ඔවුන්ව සාලයේ තනි කර දමාය..
විහග තමා ඉදගෙන සිටි පුටුවෙන් නැගිට අරුන්දී ඉදගෙන සිටි ස්තානයට යාබද පුටුවට පැමිනිය අතර ඔහු ඇය දෙස බලා සිටියේ අනුකම්පා සහගත දෑසිනි..
ඔයා අඩන්න එපා අරුන්දී… කොහොම හරි ඔයාගේ කකුල්දෙක සනීප කරගමු.. එතකොට ඔයාට පුලුවන් ඉස්සර වගේ ලස්සනට ඇවිදින්න..
මාව විශ්වාස කරන්නකෝ… මම කොහොමහරි ඔයාව සනීපකරනවා…
ඔහුඑසේ කියමින් ඇගේ මුහුන දෙසම එක එල්ලේ බලා සිටින විට ඇය කදුලු අතරින් හිස ඔසවා ඔහු දෙස බැලුවාය..
ඒ දෑස් හතර එකිනෙකට යාවී තත්පර කිහිපයක් තිබූ අතර එක් වරම චන්ද්‍රා තේකක් රැගෙන සාලය දෙසට ආ නිසා ඔවුන්ගේ දෑස් ඒ දෙසට යොමු විය..
මොකද පුතා අපේ දූ කියන්නේ…?
මයන්ත සිනාසුනා මිස පිලිතුරක් දුන්නේ නැත..
ඔහු තේක උගුරෙන් උගුර බොන විටත් අරුන්දී බිම බලාගෙන කල්පනා කලේ මේ සිදුවන්නට යන දේ පිලිබදවය..
විහග කියන විදිහට මගේ කකුල්දෙක සනීප කරන්න පුලුවන් වෙයිද…? එයා මට මෙච්චර උදව් කරන්නේ මොකද??
අබ්බගාත කෙල්ලෙක් වෙච්ච මට මෙච්චර උගත් ලස්සන ඩොක්ටර් කෙනෙක්න්ගේ අනුකම්පාව ලැබෙන්නෙ ඇයි…?
මොකද්ද මේ වෙන්න යන්නේ….
මොනවද අරුන්දි කල්පනා කරන්නේ….
විහග ගේ කට හඩින් ඇය පියවි සිහියට ආවාය..
න්…නෑ…. නිකන්… අනේ මට කොහොම හරි ආයෙත් ඇවිදින්න ලැබුනොත් මට ඒඇති ඩොක්ටර් ..
හරි අපි එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.. දැන් හොද ලමයා වගේ හිනා වෙලා ඉන්න…
ඔයාට මම අඩන්න දෙන්නේ නෑ අරුන්දී විහගගේ හිත ඇතුලින් කෑ මොරදෙන්න විය..
හරි එහෙම නම් හෙට උදේ 9 වෙද්දී ලෑස්ති වෙලා ඉන්න.. මම එන්නම් එක්කගෙන යන්න..
එහෙනම් දැන් මම යන්නම් ආන්ටි…
ගිහින් එන්නම් අරුන්දී…
ඔහු එසේ කියමින් ඉදගෙන සිටි තැනින් නැගිට්ටේ පිටත් වීම සදහාය.
කාරයේ යතුරත් අත්කින් ගෙන එලියට බැස යන ඔහු දෙස අරුන්දීන් බලා සිටියේ දල්වාගත් දෑසිනි…
අරුන්දී නිදාගැනීම සදහා ඇදටවිත් දැන් පැය දෙකකටත් වඩා වැඩිය.. එහෙත් නින්ද ඇය අසලකවත් නොමැත…
විහග පැමින ගිය වේලේ සිට ඇගේ හිතම නොසන් සුන් වී ඇත්තේ මන් දැයි ඇයට නොවැටහුනි..
ඇත්තටම මගේ කකුල් දෙක සනීප කරගන්න පුලුවන් වෙයි ද.. විහග ඇයි මේ තරම් මට උදව් කරන්නේ මං ගැන අනුකම්පාවකටද?
කුඩම්මා තාත්තා උනත් එයාට පුදුම කැමැත්තක් තියෙන්නේ…අනේ මන්දා එ ඇයි මෙගේ ජීවිතේට ලන් වෙන්න හදන්නේ…
ඊටත් මේ මම වගේ කෙනෙකුට…
මයන්ත අද මොනවා කරනව ඇත්ද??
දැන් මාස අටක් උනා එයා ගැන කිසිම තොරතුරක් නෑ…
විහග මේ කාලේ තුලදි ආවා ගිය නිසා මයන්තගේ වෙන්වයාමේ දුකට යම්තරමකින් හෝ අසවැසිල්ලක් ලබා ගැනීමට හැකි වුනා නේද?…
අනේ මන්දා මම මේ මොනවා හිතනවද කියලා…
මෙසේ දිගු වේලාවක් ඇදේ සිට කල්පනා කරමින් සිටි ඇය නිදාගන්නා විට මද්‍යම රාත්‍රියත්පසු විය..
ඇය බලාපොරොත්තු දල්වාගෙන නින්දට ගියේ හෙට දවසේ තම කකුල් දෙක පෙන්වන වයිද්‍යවරයා කෙරෙහි මෙන්ම මෙතරම් ඈ වෙනුවෙන් උදව් කරන විහග කෙරෙහි විශ්වාසය තබමිනි..
පසුදා උදෑසනම ඇය ඇහැරුනේ හිතේ තිබූ උද්‍යෝගය නිසාමය..
මෙතරම් කලක් සුව කිරීමට නොහැකිවූ තමුන්ගේ කකුල්දෙක කෙරෙහි තබා තිබූ විශ්වාසය හීන වී ගොස් තිබෙන මොහොතක අද දවසේදීවත් බලාපොරොත්තුවක් ඇති කරගන්න හැකි වන ලෙසින් පිලිතුරක් ලැබුනොත් හොද යැයි සිතමින් ඇය සූදානම් වූවාය..
විහග 9 වන විට පැමිනෙන බව කිව් හෙයින් ඇය 8.45 වන විට සූදානම්ව අවසන් විය..
ඇය ඇද සිටියේ කහ පාට ගවුමක් වූ අතර එහි කර වටා මන්තයක් මෙන් රැලි දමා තිබීම තවත් ගවුමට ලස්සනක් එක් විය..
දනහිස තරම් දිග වු එය පෙර දවස් වල ඈය ඇදපු විටදී කොයි තරම් නම් ලස්සනක් ඈට ගෙන දුන්නද..
එහෙත් දැන් රෝද පුටුවක ඉදගෙන සිටින විට ඇයට නිකන්ම හීලුනේ පෙර මතකයන් සිහියට ඈ නිසාය.
ඇය කන්නඩි මේසය ඉදිරි පිටට රෝද පුටුව පදවාගෙන ගොස් පනාවෙන් කොන්ඩයේ ගැට කැඩුවේ කන්නාඩියෙන් තම මුහුන දෙසම බලාගෙනය..
තමුන් කොයි තරම් ලස්සනද … කොල්ලෝ කීයක් යාලු වෙන්න ඇහුවද… අච්චර නපුරු මයන්ත….
මයන්ත සිහියට නැගෙත්ම ඇගේ හදවත රිදුම් දුන්නේ ඔහුගේත් ඇගේත් පෙර මතකයකන් මතක් වීමෙනි…
මයන්ත කොයි තරම් නපුරු උනත් මට ආදරේ කලා කියලා මම දන්නවා….
දිගු හුස්මක් හෙලූ ඇය කොන්ඩයේ කොටසක්ගෙන එය පිටුපසට තබා කට්ටක් ගැසුවේ ඇගේ මුහුන දෙසම බලා ගෙනය..
තමන් දෙස කන්නාඩියෙන් එක එල්ලේ බලා සිටින ඇය කල්පනාවෙන් මිදුනේ චන්ද්‍රා කාමරයට පැමිනීමත් සමගය..
ආ….දුව ඇදගත්තද…..මම ආවේ අන්දවන්න කියලා හිතලා..
ඔව් අම්මේ…. කොහොම හරි ඇදගත්තා…
කොහොම හරි මට ඕනී ඉක්මනට ඇවිදින්න අම්මේ….
ඇය එසේ කියා චන්ද්‍රා දෙස බැලුවේ කදුලු පුරවාගත් දෑසිනි..
පුලුවන් මගේ දූ.. විහග පුතා කිව්ව විදිහට ඒ ඩොක්ටර් නේ ලන්කාවේ හොදම ඩොක්ටර් .. බය නැතුව ඉන්නකෝ…
හරි අම්මත් ලෑස්ති වෙන්න දැන් විහග එයි.
අරුන්දී එසේ කියා තම එක්ස් රේ ආදිය පිලිවෙලට සකස් කරගෙන කාමරෙන් එලියට රෝද පුටුව පදවාගෙන ආවේය…
ඇය සාලය දෙසට එත්ම විහග ගේ කාරය මිදුලේ නවත්වනවා ඇසුන හෙයින් ඇය බිත්ති ඔරලෝසුව දෙස බැලුවේ ඉබේටමය..
මෙයා ඔන් ටයිම් වැඩ වගේ… හරියටම නවයයි වෙලාව..
එසේ සිතමින් ඇය දොරකඩ දෙසට ගියේ විහග පිලිගැනීමටය..
විහග කාරයෙන් බැස එහි යතුරත් ඇගිල්ලක රදවාගෙන නිවස දෙසට ආවේ මුහුනේ සිනහවක්ද සමගය..
නිවසේ දොරකඩ කහ පාටින් සැරසී රෝද පුටුවක සිටින ඇය දුටු ඔහුගේ හදවත කීරීගැසී ගියේ ඔහුටත් නොදැනීමය..
කොයි තරම් ලස්සනට ඉන්න පුලුවන් කෙල්ලෙක්ටද මෙහෙම උනේ… පව්..
කොහොම හරි කෙල්ලගේ කකුල් දෙක සනිප කරනවා මම…
එසේ සිතමින් ඔහු නිවස දෙසට ඇවිද ආවේ අරුන්දී දෙසම බලාගෙන නිසා ඒ බැල්මට අරුන්දීට නිකන්ම බිම බැලුනේ හිතට නැගි ලැජ්ජාව නිසාමයි…
ඔහොම මගෙ දිහාබලන්න එපා අනේ…
ඇගේ සිත කිව්වාය..
ආ…. ලමයා කලින්ම ඇදගෙන වගේ…
හ්ම්ම්… ඔව් ඩොක්ටර් … කොහොමත් මම වෙලාවට වැඩ කරන්න කැමතී.. ඉස්සරත් එහෙමයි…
ශා හරි හොදයිනේ… ඔක්කොම ලෑස්තිද??
ඔව් අම්මා දැන් එයි…
ඒ මොහොතේම චන්ද්‍රා ඇද පැලදගෙන ඉදිරියට ආවේ අරුන්දිගේ කලමනා සියල්ලක්මත් අතින් දරාගෙනය..
ඒ අතර ඇගේ එක්ස් රේ එකත් තව ලියකිවිලි වගයක් මෙන්ම වයිද්‍ය වාර්තාද ඇතුලත් විය..
යමු පුතා….
කුඩම්මාත් තම පියාත් දෙදෙනාම විහගට පුතා ලෙස කතා කලත් තමන් තවමත් ඔහුට ඩොක්ටර් යැයි අමතන්නේ මන්දැයි ඇයටම නොවැටහෙයි…
මෙතරම් උදව් කරන මයන්තගේ යහලුවා ගැන ඇයට තිබුනේ ගෞරවයකි… මේ නිසා ඇය ඩොක්ටර් යනුවෙන් ඔහු ඇමතීම සිදු කරන්නට පෙලබුනි..
ඒත් ඇතැම් අවස්තාවලදී විහග ගේ යම් යම් ක්‍රියා ඇගේ හදවතට අමුත්තක් ඇති කලත් ඇය ඒ පිලිබදව එතරම් දුරට සිතන්නට නොපෙලබුනේ මයන්තගේ වෙන් වීම තවමත් හිතට රිදුම් දුන් නිසාය…
හරි එහෙනම් යමු… කියමින් විහග එක් වරම ඇගේ රෝදපුටුව පිටුපසින් තල්ලු කරගෙන කාරය වෙතට යන්නට වූයෙන් ඇය හිස හරවා ඔහු දෙස බැලුවේ ස්තූති කොයන්නාක් මෙනි…
ඔහොම බලන්න එපා අරුන්දී….. මම කොහොම හරි ඔයාව සනීප කරනවා… ඔහුගේ සිත මොරගාන්නට වූයේ ඇය කෙරෙහි ඉපදී තිබූ ඒ ලෙන්ගතු කම නිසාමය..
කාරය ලගට ගොස් ඔහු එහි දොර ඇරියේ ඇයව ඇතුලතින් තැබීම සදහායි… ඒ දුටු චන්ද්‍රා ඉක්මනින් එතනට ඒම සදහා සූදානම් විය..
ආන්ටී ඉන්න මම අරුන්දිව ඇතුලෙන් තියන්නම්….
අරුන්දි එක් වරම ඔහු දෙස හිස ඔසවා බැලුවේ හිතේ උපන් චකිතයට හා ලැජ්ජාවටය…
එක් වරම ඔහු පහත්ව ඇගේ දෙකකුල් යටින් ඔහුගේ එක් අතක් යවමින් අනෙක් අත ඇගේ බද හරහා දැමුවේ ඇයව දෝතින් එසවීමටය..
එලෙසින් ඔහු පහත් වන විට ඔහුගේ මුහුන ඇගේ මුහුන අසලටම පහත් වුයෙන් ඔහුගෙ හුස්ම පොදක් ඇගේ එක් කම්මුලක වැටුනේ ඇගේ හිත තවත් කීරී ගස්වමිනි..
එක් වරම ඔහු ඇයව ශක්තිමත් අත් දෙකෙන් එසවූ හෙයින් ඇයටත් නොදැනීම ඔහුගේ කරවටා අත් දෙක ගියේ ඇසිල්ලකිනි…
බයවෙන්න එපා මම වට්ටන්නේ නෑ….
ඔහු එසේ කීවේ ඇයේ මුහුන දෙස බලාගෙනමය…
න්…නෑ… මම…මේ….
ඇය පිලිතුරක් සෙව්වේ ඔහුගේ බැල්මෙන් ඇගේ සියොලගම හිරිවැටී ගිය නිසා බව ඇය දනී..
ඔහු පාවිච්චි කරන සෙන්ට් එකේ සුවද ඇයට හොදින්ම දැනුනේ ඒ තරමටම ඔහුගේ පපුවට ඇය ලන් වූ නිසාය.
ඔහු ඉතා පරිස්සමට ඇයව කාරයේ පසු පස අසුනේ ඉදගස්වා ඇගේ පන නැති කකුල් දෙක දෝතින්ම අල්ලා කාරය තුලට තැබුවේ ඉතාමත් පරිස්සමිනි..
ඒ මොහොතේ අරුන්දිගේ නෙත් දෙක තෙත් වූයේ මෙතරම් කරුනාවක් ඇය ඔහුගෙන කිසිදිනක බලාපොරොත්තු නොවූ නිසා එය දරා ගැනීමට ඇයට ශක්තියක්ද නොවූ නිසාය..
ඔහු කාරයේ දොර වසා ඉදිරිපස අසුනට බර වූයේ ඉන්පසුවය..
ඒ වන විට චන්ද්‍රාද අරුන්දී අසලින් ඉදගෙන සිටි බැවින් විහග කාරය පන ගන්වා ගේට්ටුවෙන් එලියට හරවාගෙන ප්‍රදාන පාරට දැමුවේ රෝහල වෙත යාමටය…
විහග කොයින්තරම් හොද කෙනෙක්ද.. මේ ටික දවසට හැමෝගෙම හිත දිනාගත්තා…
එයා අද මාව කාර් එකට උස්සලා තියද්දී එයාගේ මූනේ අමුතුම හැගීමක් තිබුනා.. අම්මෝ එයා මගේ දිහා බැලුව විදිහට ඇගම නිකන් කරන්ට් එකක් ගියා වගේනේ…
මයන්ත එක්ක ඉද්දි වත් මට එහෙම වෙලා නෑ. එයා කොයින්තරම් නම් මාව කිස් කලත් මට එහෙම හැගීමක් මේ වෙනකල් වත් දැනිලා තිබුනේ නෑ…
මේ මොකද්ද උනේ… මමත් හිතන දේවල්… පිස්සු මටනම්… අනික කකුල් පන නැති මං වගේ කෙල්ලෙක්ට ….
නෑ මේ විහගගේ රාජකාරියේ හැටිනේ… ඕනේම ලෙඩෙක්ට එයාලා කරුනාවෙන් තමයි සලකන්නේ..
මට කියලා විශේෂයක් නෙවේ මේ… … ඒත් විහග ආව ගිය නිසා මට මයන්තගේ මතකය ටිකෙන් ටික මග ඇරුනේ කොහොමද??
ඇයිඑහෙම උනේ මට… ඒ විහග නිසාද?? නෑ…. මම විකාර දේවල් හිතන්නේ…
එලෙසින් ඇය කොපමන වෙලා කල්පනා කරමින් සිටියාදැයි ඇයටවත් මතකයක් නැත.
එක් වරම ඇයෙ ඉදිරි පස බලන විට ඇය දුටුවේ කාරයේ පිටිපස බලන කන්නාඩියෙන් විහග ඇය දෙස බලා සිටින අන්දමයි..
ඒ දුටු වහාම ඇය මොහොතක් ඒ ඇස් දෙක ලග නතර වී එක් වරම තම දෑස ඉවතට ගත්තේ තව දුරටත් ඒ බැල්ම ඇයට ඉවසිය නොහැකි නිසාමය..
ජනේලයෙන් පිටත් බලාගෙන මද දුරක් ගිය ඈ ඇය නැවතත් ඉදිරිපස කන්නාඩියෙන් ඔහු දෙස බලන විට ඔහු ඉදිරිය බලා රිය පදවමින් සිටි අතර එක වරම ඔහුත් කන්නඩිය දෙස බැලුවේ ඇය දැකගැනීමටය..
අරුන්දී ඉක්මනින් දැස් ඉවතටගෙන ජනේලයෙන් පිටත බලා ගත්තේ ලැජ්ජාවෙනි..
ශී…. ලැජ්ජාවේ බෑ.. මම ගැන මොනවා හිතුවද මන්දා…. අයේ බලන්නේ නෑ මම….
ඇය තරයේ සිතා ගනිමින් නැවතත් කන්නඩිය දෙස බැලුනේ ඇයත් නොදැනීමය…එවිට ඔහුත් කන්නාඩිය දෙස බැලු අතර ඒ ඇස් හතර නැවතත් තත්පර කීපයක් හමුවිය..
පුතා විතරද ගෙදර ඉන්නේ??
චන්ද්‍රාගේ කටහඩින් දෙදෙනාම ඇස් ඉවතට ගත්තේ ඇසිල්ලකිනි…
ආ… න්…නෑ… ආන්ටී.. මට මල්ලි කෙනෙක් ඉන්නවා….
ඔහු එසේ කියමින් අරුන්දී දෙස බලා මද සිනහවක් නැගුවේ ඇයව තවත් සිනහ ගන්වමිනි..
ඒ හිනාවට ඇගේ හිත තවත් ඔහුට ලෝබ විය.
අනේ පුතේ ඔයාට ගොඩාක් පින් මේ කරන උදව් වලට..
ඕක මොකද්ද ආන්ටි…
කියමින් ඔහු සිනහවකින් පීලිතුරු දුන්නේ කන්නාඩියෙන් අරුන්දී දෙස නැවතත් බලාය..
ඇය බිම බලා ගත්තේ තවත් ඒ බැල්ම දෙස ඇයට බැලීමට නොහැකි නිසාමය..
මෙලෙස පැයක් පමන ගමනකින් අනතුරුව ඔවුන් රෝහල් භුමියට පැමින බැස්සේ ඔවුනොවුන් අතර තිබූ බැදීමතවත් තර කරගනිමිනි..
ඔහු කාරය නවතා දොර හැරගෙන පිටුපස ඩිකියේ දමාතිබූ ඇගේ රෝදපුටුව තල්ලුකරගෙන විත් ඇය සිටින දොර අසලින් තබා දොර හැරියේ ඇයව ඉවතට ගැනීමටය..
ඔහු දොර හරිත්ම ඇරුන්දී ඔහු දෙස බැලුවේ සිනහවකිනි..
දැන් ඉතින් මාව උස්සලා ගන්න.. ඇය සිතෙන් සිතුවාය..
ඔහු පහත් වී ඇයගේ කකුල් දෙක යටින් අත දමා අනෙක් අත ඇගේ පිට හරහා දමාගනිමින් ඇයව ඔසවා ගනිත්ම ඔහුගේ ඔලුව පිටුපස කාරයේ දොරේ වැදුනේත් එක්වරමය..
ආව්….
ඔහුට කියවුනේ නොදැනීමය..
එසේ කියමින් ඔහු ඇයදෙස බැලුවේ ඔලුවෙන් නැගුන වේදනාවට වඩා හදවතේ නැගුන හැගීම වැඩි නිසාය..
රිදුනද???
ඇරුන්දී එසේ ඇසුවේ ඔහුගේ ඇස් දෙක දිහාම බලාගෙනය…
හ්ම්ම්…..
කියමින් ඔහු ඇයව ඔසවා පරිස්සමට රෝද පිටුවෙන් තබා එක් අතකින් හිසේ වැදුන තැන අත ගාගත්තේ සිනහ වෙමිනී..
හොද වැඩේ… මගේ මූන කන්න වගේ බලාගෙන උස්සන්න ගිහින් ඔලුවත් වද්දා ගත්තා…
සිතෙන් සිතමින් ඇය ඔහු දෙස බලා සිනා සුනේ කට තද කරගෙනය..
ඔහු පිටුපසින් විත් ඇගේ රෝද පුටුව තල්ලු කරන්නට සූදානම් වන විට චන්ද්‍රා ඒ සදහා ඉදිරිපත් වුනත් ඔහු ඇයට ඒ සදහා ඉඩ ලබා නොදුනි..
කමක් නෑ ආන්ටී.. මම අරුන්දිව එක්කගෙන යන්නම්…. ආන්ටි අනිත් බඩු ටි ක ගන්නකෝ..
එසේ කිව් ඔහු පෞද්ගලික රෝහල වෙත රෝද පිටුව තල්ලු කරගෙන ගියේ ඉතාමත් පරිස්සමිනි…
ඔවුන් අදාළ වයිද්‍යවරයාගේ කාමරය වෙත එන විට එම ස්තානයේ තවත් ඇය මෙන් රෝගින් කීප දෙනෙක් සිටියේය..
විහග ඇයව එතනට තල්ලු කරගෙන ගොස් නවත්වා ඉදිරියට ඇවිදගොස් අදාල ස්තානයේ නර්ස් වරියට යමක් කිව්වේය…
ඉන්පසු නැවතත් ඔහු අරුන්දී සිටින තැනට ආවෙ අතකින් තම බැදසිටි ටයි පටිය හදමිනි..
ඊලගට අපිට යන්න පුලුවන්…
හ්ම්….
මොකෝ බය වෙලා වගේ අරුන්දී…
න්…නෑ ඩොක්ටර් … හිතට බයයි… ඒකයි..
බය වෙන්න එපා කිව්වනේ මම ….
මේ ඩොක්ටර් තමයි ලන්කාවේ හොදම ස්නායු සම්බන්ධ ඩොක්ටර් … එයා බලලා කියයි කකුල් දෙක සනීප කරන්න පුලුවන්ද කියලා…
බය නැතුව ඉන්නකෝ හරී…
ඔහු එසේ කියන විටම වයිද්‍යවරයාගේ කාමරයේ සිට තවත් ඇය වන් රෝද පුටුවක හිදගෙන වයසක පුද්ගලයෙක් එලියට පැමිනියේය.
ඩොක්ටර්.. දැන් ඇතුලට යන්න පුලුවන්..
පෙර විහග විසින් කතා කල නර්ස් වරිය ඔවුන් අසලට විත් කිව්වාය…
ආහ් හරි තෑන්ක්ස්…
කිව් ඔහු අරුන්දිගේ රෝද පුටුව තල්ලුකරගෙන වයිද්‍යවරයාගේ කාමරයට ඇතුලු විය..
ආ.. එන්න එන්න විහග…
ඔවුන් ඇතුලට යත්ම වයිද්‍යවරයා පැවසීය..
ඩොක්ටර් මේ තමයි මම කිව්ව ගර්ල්….අරුන්දී.
හ්ම්… ඔව් මට විහග එදා විස්තර ටික කිව්ව අරුන්දිගේ…
ඔවා ඔහොම තමයි අපි බලමුකෝ මොනවද කරන්න පුලුවන් කියලා…
මට එක්‍ස් රේ එක දෙන්නකෝ…
චන්ද්‍රා එක්ස් රේ එක සහ අනෙකුත් වයිද්‍ය වාර්තා ඔහු අතට දුන්නේ විහග දෙස බලමින් ය..
විහග ඔලුවෙන් සන් කලේ කලබල නොවී ඉන්න කියන්නාක් මෙනි..
ඔහු ඒම වාර්තා දෙස මද වේලාවක් බලා හිද හිස ඔසවා අරුන්දී දෙස බැලීය..
බය වෙන්න එපා අපි පුලුවන් තරම් උත්සහ කරමු ඔයාගේ කකුල් දෙක සනීප කරගන්න…
එසේ කිව් ඔහු ඇගේ කකුල් වල දනහිස අතින් තද කරමින් ඇගේ මුහුන දෙස බැලුවේ හැගීම් වල වෙනසක් ඇතිවනවාද කියාය..
මේ කිසි දෙයක් දැනෙන්නේ නෑ නේද??
න්…නෑ… ඩොක්ටර් …
ඇය කිව්වේ හඩමිනි..
එය දුටු විහග ගේ පපුව තවත් රිදුම් දුන්නේ මෙවන් සුන්දර තරුනියකට කදුලු ඔබින්නේ නැති නිසාය.
දුක් වෙන්න එපා… ඕවා ඔහොම තමයි අරුන්දී… ඔයාගේ කකුල් දෙකේ මෙන්න මේ හරියේ ඉදලම ස්නායු වලට ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ…
ඉතින් ස්නායු කියන්නේ ටිකක් හෙමින් තමයි නැවත recover වෙන්නේ..
ඒක නිසා මේ ඉවසුවා වගේ තව ටික කාලයක් ඉවසගෙන ඉමු…
බය වෙන්න එපා කොහොම හරි මම උත්සහ කරනවා ඔයාට ආයෙත් ඉස්සර වගේ ඇවිදින්න පුලුවන් වෙන්න..
ඔහු එසේ කියන විට අරුන්දී වාවාගෙන සිටි හැඩුම ඇයටවත් පාලනය කරගත නොහැකිව ඇය හඩන්නට වූයේ චන්ද්‍රාගේ දෑස් ද තෙත් කරමිනි..
අනේ අඩන්න එපා අරුන්දී ..ඔයා ඔහොම දුක් වෙනවා මට බලාගෙන ඉන්න බෑ…විහගගේ හිත මොර දුන්නේ ඇගේ හැඩීම තවදුරටත් ඉවසිය නොහැකි නිසාය..
ඩොක්ටර් අපි කවදා ඉදලද treatments පටන් ගන්නේ??
විහග අපි අද ඉදලම පටන් ගමු… ඒ අතර තෙරපි වලටත් මෙයාව එක්කගෙන එන්න වෙනවා…
මම අද ඉදන්ම ඔයාගේ treatments පටන් ගන්නව අරුන්දී හොදද?..
එසේ කියමින් වයිද්‍යවරයා කොලයක යම් දෙයක් සටහන් කර අරුන්දී අතට දුන්නේය..
එහෙනම් මේ බෙහෙත්ටික ගන්න… අනිද්දට තෙරපි treatment එකට එන්න මෙහෙටම.. හරී..
Thank you doctor .. අරුන්දී සෙමින් කිව්වාය..
එහෙනම් ඩොක්ටර් අබේසේකර අපි අනිද්දට එන්නම්..
ඕකේ විහග…
ඔවුන් කාමරයෙන් එලියට එන්න හදත්ම වයිද්‍යවරයා විහගව නැවැත්වුයේය..
විහග පොඩ්ඩක් ඉන්න..
විහග හැරී බලා නැවතත් චන්ද්‍රා දෙස බලා අරුන්දී සමග එලියට යන ලෙස හිසෙන් සන් කලේය.. ඇය අරුන්දීව රැගෙන් එලියට ගියේත් විහග වයිද්‍යවරයා අසලට ගියේත් එකටමය..
9 කොටසෙන් හමුවෙමු.
ඔන්න ඉතින් අරුන්දිගේ හොද කාලේ එන්න යන්නේ ලමයි.
ඉස්සරහට ලස්සන ආදර sceens ටික තියෙනවා හොදේ
කතාව එක්ක දිගටම රැදෙන්න කියලා කට්ටියට මම කියනවා…
අරුන්දි ගැන දුක් උන කට්ටිය හිනාවෙන්න බලාගෙන ඉන්න ..
බොහොම ස්තුති මගේ යාලුවනේ ඔයාලගේ ප්‍රතිචාර වලට..
ඒවා දකිනකොට මට මේ කතාව තව තව කියන්නමයි හිතෙන්නේ…
කතාවෙ අනිත් කොටස් වලට links දාලා තියෙන්නේ… එහෙමත් හොයාගන්න බැරිනම් මගේ profile එකට ගිහින් බලන්න.
හෙට අනිත් කොටස එක්ක එකතු වෙමු ලමයි..
බුදුසරණයි ඔයාලට..