අරුන්දී 19 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

19 වන දිගහැරුම

💘
💘
💘
💘

මයන්තගේ නිසල සිරුර නිවසේ සාලය මැද්දට වන්නට තබා තිබුනේ මේ ඔහු නිවසේ සිටින අවසාන දිනය බව ඒත්තු ගන්වන්නට මෙනි…

මයන්තගේ මව අද දිනයට හතරවෙනි වතාවටත් සිහිසුන් ව වැටුනේ මීට සුලු මොහොතකට පෙරය…

ඇය සාලයේ පුටුවක ඉද ගස්වා තවත් අයෙක් පවන් ගසමින් හිදිනු ඇත..

මයන්තගේ දේහය අසලට වන්නට තිබූ පුටුවක අරුන්දී ඉදගෙන සිටියේ දින දෙකක් තිස්සේ ඇඩුව දෑස් දෙක ඉදිමීම නිසා හටගත් දැවිල්ලට තව තවත් කදුලු උනන්නට දීගෙනය..

ඇයගේ ඇස් යොමුව තිබුනේ මයන්තගේ මුහුන දෙසටය…

මයන්ත ….ඔයා අද මෙහෙම දකින්න මම ගොඩාක් පව් කරලා තියනවා…

මට අපේ අතීතය අමතක කරන්න හරි අමාරුයි දෙයියනේ …

ඒත් දැන් මම විහගගේ කසාද බිරිද…

මම මෙහෙම හිතන එකත් වැරදී..

ඒත් මයන්ත ඔයා මෙච්චර දුකක් තනියෙන් විදින්න මාව දාලා ගිය එක වැරදී…

එදා ඇක්සිඩන්ට් එකෙන් අපි දෙන්නම එතන මැරුනනම් මේ කිසි දුකක් නෑ මයන්ත…

එදා මගේ කකුල් දෙකම පන නැති උනාම ඔයත් මාව දාලා ගියාම හැමෝම ඔයාට දොස් කිව්වා..

අසරන උන මාව දාලා ගියා කියලා..
ඒත් මගේ හිත කිව්වෙම ඔයා ආපහු එයි කියලමයි..

අනේ දෙයියනේ ඔයා මේ තරම් අසරන වෙලා කියලා දැනගත්තනම් මම කියටවත් ඔයාව තනි කරන්නේ නෑ මයන්ත.. කියටවත් ම නෑ…

ඒත් විහග මගේ ජීවිතේට ආවාම මට ඔයාව මග ඇරුනා රත්තරන් …
එහෙම මගඇරුනේ කොහොමද කියලා මම දන්නේ නෑ මයන්ත..
මට සමාවෙන්න….මට සමාවෙන්න මගේ මයන්ත…

විහගගේ ආදරේ ලග මගේ හිත අසරන උනා..ඒක තමයි ඇත්ත…

ඔයාගෙන් හැමදාම බැනුම් අහ අහ නපුරුකම් ඉවසගෙන හිටපු මට විහගගේ ආදරේ ගැන ලොබ හිතුනා..
මම වැරැද්දක් කලා නම් මට සමාවෙන්න මයන්ත…

අරුන්දී මයන්තගේ මැලවුන මුහුන දෙස බලගෙන තම හිතෙන් ප්‍රශ්න කලේ දෑසෙන් කදුලු වැටෙන ගමන්‍ ය..

එක් වරම ඇයට දැනුනේ කව්රුන් හෝ ඇගේ අත්ල අල්ලාගත් බවකි..
ඇය හෙමින් හිස හරවා බැලූ විට දුටුවේ විහග ඇය අසල වාඩිවී සිටින අන්දමයි..

බබා…එන්න ..ඔයා දවල්ටත් කාලා නෑනේ…මොනවහරි කමු…

බෑ විහග..මට කන්න පිරියක් නෑ….

හ්ම්…එහෙනම් මම තේකක් ගේන්න කියන්නද…

එපා….. බලන්න විහග මයන්තගේ අම්මා දිහා…පව්….

ඒ මොහොතේ විහගත් හිස හරවා මයන්තගේ මව දෙස බැලුවේය..

ඇය පුටු ඇන්දට හේත්තු වී සිටියේ තම පුතුගේ නිසල සිරුර දෙස බලාගත් වනමයි…

මොනවා කරන්නද බබා. මයන්ත ගෙනාපු ආයුශ ඉවරයි…
ඒක එයාගේ ලැබීම…පතාගෙන ආව විදිහ..
හොදම දේ ඔයා හිත හදාගන්න…. මයන්ත හොදින් හිටියනම්….අද ඔයා….එයාගෙමනේ……

එසේ කිව් විහග අනෙක් පස බලා ගත්තේ දැඩි වේදනාවකිනි..
ඔහුගේ වදන් ඇසුන අරුන්දී පුදුමයෙන් ඔහු දෙස බැලුවේ තවත් මාව අසරන කරන්න එපා කියන්නක් සේය…

මොනවද විහග මේ කියන්නේ..?? ඔහොම දේවල් කියන්න එපා..ප්ලීස්…

නෑ බබා…එක තමයි ඇත්ත… මයන්ත හොදින් හිටියනම් අද ඔය දෙන්නා එකට ඉදී..

ඒත් මේ සිද්ද උනේ වෙන්න තියෙන දේ වෙන්න ඇති..
අපි තුන්දෙනාම පතාගෙන ආව විදිහ වෙන්න ඇති…

අරුන්දී කිසිවක් නොකියා විහග දෙසම බලා සිටියේ මීට පෙර කිසිම දිනක විහග මෙලෙස හැගීම බරවී නොමැති බව සිතමිනි..

ඇත්ත එයාට එහෙම හිතෙන එක සාදාරනයි..
එයාගේ wife පරන බොයි ෆ්‍රෙන්ඩ් ගැන මෙහෙම දුක් වෙන එක බලන්න මොනම පිරිමියෙක් වත් කැමති නෑ..

ඒත් විහග මට කොයි වෙලේවත් ඒ බව ඇගෙව්වේ නෑ… එයාට හිතෙනව ඇති එයා වැරදි කාරයෙක් කියලා…
පව් විහගත් හිතෙන් විදවනවා…. විහගගෙන් තමයි මම ආදරේ අදුනගත්තේ..මට ආදරේ දැනුනේ…..

මෙලෙසින් අරුන්දී සිතුවිලි අතර අතරමන්ව සිටින විට මයන්තගේ ආදාහනය සදහා වේලාව පැමින ඇති බව දුටුවේ පිරිසක් එකතුව දේහය තැන්පත් කර ඇති ස්තානයේ බඩු එහෙට මෙහෙට තබන්නට වූ බැවිනි…

අරුන්දී නොදැනුවත්වම විහගගේ අතකින් අල්ලා ගත්තේ මේ මොහොත කිසි සේත්ම ඇයගේ හිතට දරාගත නොහැකි නිසාවෙනි..

එක් වරම තුන් හතර දෙනෙක් එකතුව මයන්තගේ දේහය තිබෙන පෙට්ටිය වැසීමට යන මොහොතේ ඔහුගේ මවගෙන් ඇසුන විලාප හඩින් පැමින සිටි සියල්ලෝද කදුලු සැලුවේ ඉබේටමය..

අරුන්දී විහගගේ අත තදින් මිරිකා ඇල්ලුවේ ඇයටද මේ මොහොත දරාගත නොහැකි නිසාවෙනි…

ඇගේ සිතට ගගක් මෙන් ගලා ආවේ මයන්තත් ඇගේත් අතීත මතකයන්‍ ය.. ඔහුත් සමග රන්ඩු කල හැටි…
ඔහු සමග පෙමින් වෙලුන හැටි..
ඔහුත් සමග වාද වූ සැටි..
මේ යනාදි සියලු මතකයන් ඇගේ සිතට ගලා ආවේ නිරායාසයෙන්මයි..

මයන්ත ….ඔයා අපි හැමෝවම දාලා යන්න යනවා අද…මම හිත හදා ගන්නේ කොහොමද දෙයියනේ …..
ඔයා ඔය විදිහට ඉන්නව දකින් වාරයක් පාසා මම මැරි මැරී ඉපදෙනවා මයන්ත….

බබා…අපිත් යමු එලියට…

විහගගේ හඩින් අරුන්දී ගැස්සී ගියේ මේ වන කිසි දෙයක් ඇයට හීනයක් මෙන් වූ නිසාය..

විහග අරුන්දීවද කැටිව නිවසෙන් එලියට යන විට හාමුදුරුවරු පස් නමක් මයන්ත වෙනුවෙන් පින් පමුනුවමින් දේශනය අරබා තිබූ අතර අරුන්දීත් පසෙකින් වාඩිවූයේ හිටගෙන සිටීමටතරම් ශක්තියක් ඈ තුල නොවූ නිසාය…

අවසානයේ මයන්තගේ දේහය කනත්ත වෙත ගෙනයාමට වෙලාව උදාවූ අතර සියලු දෙනාගේම ඇස් කදුලින් පිරුනේ මයන්තගේ මවගේ හැඩීමත් සමගය…

අරුන්දීද කදුලු සැලුවේ මේ හැම දෙයක්ම ඇයට හීනයක් මෙන් වූ නිසාය…

අවමගුල් පෙරහැර කනත්ත වෙත යන්නට වූ අතර විහග මයන්තගේ දේහය රැගත් පෙට්ටිය රැගෙන යාමට තම උරහිසින් දායක වුනේ මයන්ත වෙනුවෙන් තමාට මේ මොහොතේ කල හැකි එකම දේ එය බව සිතමින් හිතේ ගින්දරින් පිච්චෙමිනි….

මන්ද අද තමුන් පන මෙන් ආදරේ කරන අරුන්දීගේ ආදරය ලැබීමට තමාට හැකි වුනේ මයන්ත නිසා බව විහගගේ හිත හැමවෙලේම කියන්නට විය..

අරුන්දීද පිරිස සමග කනත්තට ආවේ දහසක් සිතුවිලි අතර කිමිදෙමිනි….

මයන්තගේ දේහය තැන්පත් කිරීමට අඩි හයක් ගැබුරට වන්නට කපා ඇති වල දුටු විට අරුන්දිගේ ගතම අප්‍රානික බවකින් පෙලෙන්නට වූ බැවින් ඇය තමා අසල සිටි විභාශාගේ අත තදින් අල්ලා ගත්තාය..

අරුන්දී මයන්තගේ මිනී පෙට්ටිය දෙසම බලාගෙන සිටියේ මේ ඔහු හමුවන අවසාන මොහොත බව සිතෙන් සිතමිනි…

මයන්ත ඔයා අපි හැමෝවම දාලා තව ටිකකින් යන්නම යනවා…
මට තේරෙන්නේ නෑ මින් ඉදිරියට මම කොහොම හිත හදාගෙන ඉන්නද කියලා..

එක වචනයක් මට ඔයා එක්ක කතා කරන්න තිබුනනම් මගේ හිතට මේ තරම් දුකක් නෑ මයන්ත..

ඒත් ඔක්කොම දුක ඔයා තනියම විදලා අද අපි හැමෝවම දාලා ඔයා යන්න යනවා..

හරි දැන් පවුලේ අය පස් මිට ගානේ දාන්න එහෙනම්….

අරුන්දීට කව්රුන් හෝ කියනු යන්තමට ඇසුනි..ඇයගේ දෑස් මිනී පෙට්ටියෙන් ඉවතට ගැනුනේ එවිටයි..

ඇය දුටුවේ මයන්තගේ මව අසිහියෙන් මෙන් තම පුතුගේ මිනී වලට පස් මිටක් තව කෙනෙකුගේ ආධාරය ඇතුව දමන බවයි…
මෙලෙසින් එකා දෙන්නා පස් මිට ගානේ පෙට්ටිය උඩට දමන විට පෙට්ටියෙන් නැගුන බොල් හඩ අරුන්දීගේ සිත තව තවත් අසරන කරන්නට විය..

බබා…

විහග ඇය අසලට විත් කතා කරන තුරුම අරුන්දී මිනී වල දෙස ඔහේ බලා සිටියේ මයන්ත වෙනුවෙන් අවසන් බුහුමන් දැක්වීමට එහි යාමට තම දෙකකුල් පන නැති නිසාමය..

විහගගේ හඩින් ඇය හිස හරවා ඔහු දෙස බැලුවේ අඩන ගමන්‍ ය..

එන්න මැනික අපි පස් ටිකක් දාමු…

එසේ කියමින් විහග ඇයව වත්තන් කරගෙන වල අසලට පැමිනියේ ඇගේ සිතුවිලි හදුනාගත්තාක් මෙනි.අරුන්දීද ඔහුට අවනතව වල දෙසට යන්නට විය..

ඇය සෙමින් පහත්ව පස් මිටක් අරගත්තේ මයන්ත වෙනුවෙන් තමා සිදුකරන අවසන් බුහුමන මෙය බව සිතෙන් සිතන ගමන්‍ ය…

මයන්ත ඔයා හොද තැනක ආයේත් ඉපදෙන්න…ඔයාගේ ආත්මෙට සැනසීමක්ම ලැබෙන්න ඕනේ රත්තරන් …

ඔයා මගේ හිතේ කොනක හැමදාම ඉන්නවා මයන්ත..
අපි දෙන්නගේ අතීතේ අපි දෙන්නා අතර විතරක් තියා ගමු…

එසේ සිතමින් ඇඩුම් වාවාගෙන සිටි අරුන්දී මහ හඩින් අඩන්නට වූයේ අතේ රැදි පස් මිට එලෙසින්ම අතේ මිට මොලවාගෙනමයි…

විහග ඇයව වත්තන් කරගනිමින් ඇගේ අත වල දෙසට දිගු කර පස් මිට වලට වැටෙන්නට සැලැස්වූයේ මහ හඩින් අඩන අරුන්දී දෙස අනුකම්පාවෙන් බලන ගමන්‍ ය….

මයන්ත උබ හොද තැනක ඉපදෙන්න ඕනේ මචන්..
උබ කිව්වා වගේ අරුන්දිව මම මලක් වගේ බලා ගන්නවා බන්..ඒක මම එදත් අදත් උබට වෙච්ච පොරොන්දුවක්…
මගේ පන තියෙනකල් මම අරුන්දිට දුකක් දෙන්නේ නෑ…
සුබ ගමන් බන්….උබ හැමදාටම මගේ යාලුවා..උබ මගේ පපුවේ හැමදාම ජීවත් වෙනවා මචන්…

විහග වල තුල තිබෙන පෙට්ටිය දෙස බලා සිතුවේ අදින් පසු මයන්තගේ මතකය පමනක් ඉතිරි කර මයන්ත යන්නම යන මේ මොහොත ඔහුගේ හිතටද ගින්දරක් වූ බැවිනි…

විහග කල්පනාවෙන් මිදුනේ අරුන්දී තව තවත් ඔහුගේ සිරුරට බර වෙන බව දැනීමෙනි…

ඇ..යි…බබා…?

විහ..ග…මට හිටගෙන ඉන්න..අමාරුයි..වගේ..

ඇය කීවේ ඔහුගේ උරහිසකට හිස තබා ගනිමිනි..

හ්.හරි මැනික අපි..කර් එකට යමු….

ඇයි පුතා ….දූ මොකද මේ….?

චන්ද්‍රා ඇසුවේ අරුන්දිගේ වෙනස දුටු නිසාය..

ආන්ටී මෙයාව කාර් එකට එක්කගෙන යන්නම් මම..
දවල්ට කාලත් නැති නිසා කලන්තේ වගේ වෙන්න ඇති…

යමු පුතා මමත් එන්නම් …

නෑ ආන්ටි මම එක්කගෙන යන්නම්..ආන්ටි මෙතන හිටියොත් හොදයි නේද…

හරි එහෙනම් පුතාල යන්න..මම ටිකකින් එන්නම්..

යමු බබා….

විහග එසේ කියමින් අරුන්දීගේ ඉන වටා අතක් යවා ඇයව වත්තන් කරගනිමින් කාරය දෙසට යන්නට විය…

කාරය වෙත පැමිනි ඔහු අරුන්දීව ඉදිරිපස අසුන දිග හැර එහි හාන්සි වන්නට හැකි අයුරින් සකසා දුන්නේය..

අරුන්දී එහි ඉදගෙනම පිටුපසට හිස තබාගෙන දෑස් දෙක පියා ගත්තේ හිසේ කැක්කුමත් ඇගේ පන නැති ගතියත් නිසාමය…

බබා…මැනික…වතුර ටිකක් දෙන්නද??

විහග එසේ ඇසුවේ ඇගේ හිස එක අතකින් අතගාන ගමන්‍ ය…

ඇය සෙමින් දැස් හැර ඔහුගේ අත තම එක් අතකින් අල්ලා ගෙන එය තම බෙල්ලට තබාගෙ තද කරගත්තේ එයට හාදුවක්ද දෙමිනි…

වි..හග….

ඇයි මැනික…වතුර ටිකක් බොමුද?

හා….

කෝ ඉන්න..බෝතලේ පිටිපස්සේ තියෙන්නේ..

එසේ කිව් ඔහු ඇගෙන් අත මුදාගෙන පිටුපස අසුනේ කෙලවරේ තිබූ වතුර බෝතලය ගෙන ඇයට දුන්නේය..

අරුන්දී සෙමින් එහි පියන ඇර මුව තබා වතුර උගුරු තුනක් පමන බීවේ පිපාසයෙන් හුන් නිසාවෙනි…

ඔහොම ටිකක් වෙලා ඉන්න බබා..ඔයා මොකුත් කාලා නැති නිසයි කලන්තේ ගතිය එන්න ඇත්තේ…

අරුන්දී මද වේලාවක් විහග දෙස බලා හිද දැස් දෙක පියා ගත්තේ ඇස් ඇරගෙන සිටීමටවත් පනක් මේ මොහොතේ ඇයට නොවූ නිසාවෙනි..

තමුන්ගේ බිරිද ඇගේ පැරනි පෙම්වතා වෙනුවෙන් මෙලෙස දුක් වන අන්දම පිරිමියෙක් ලෙස තමාට කොහෙත්ම ඉසිලුම් දෙන්නක් නොවූවත් විහග එය උපේක්ශාවෙන් විද දරා ගත්තේය..

මේ මොහොතේ අරුන්දීගේ සිතට තවත් දුකක් නොදී ඒ දුක තමාම විද ගන්නට තරම් ඔහුගේ හිත ශක්තිමත් වී තිබුනි..

ඇය තමාට උරුම වී හමාරය..
ඇයට හිත හදා ගැනිමට යම් කාලයක් යාවී..
ඒ වන තුරු තමුන් ඉවසීමෙන් සිටින බවට විහග අදිටන් කරගත්තේය…

කොහොමද පුතේ දුවට දැන්..

චන්ද්‍රා සමරදිවාකර සමග කාරය අසලට එමින් ගමන් ඇසුවාය..

ඉන්නවා ආන්ටි…යන ගමන් මොනවා හරි කන්න දෙන්න ඕනේ..

හ්ම්…ඒකනේ මේ ලමයා කෑවෙත් නෑනෙ දවල්ට…

අනේ පුතේ මයන්තගේ අම්මා වැලපෙන හැටි දැක්කම පපුව හෝස් ගාලා යනවා දෙයියනේ …

මේක නිකන් හීනයක් වගේ අපිටත්…

ඔව් පුතා ඇත්තටම මයන්ත ඔෆිස් එකේ උනත් හොදට වැඩ කරගෙන හිටියා..
මිහිහා තමයි out station bussiness ඔක්කොම වගේ හැන්ඩ්ල් කලේ…
මොන වැරැද්ද තිබ්බත් වැඩට මිනිහා දක්ශයා… අපරාදේ තරුන ජීවිතේ…

මොනවා කරන්නද අන්කල්..එයා ගෙනාපු ආයුශ ඉවරයි…
විහග එසේ කීවේ සිතේ වේදනාවෙනි..

දෝනී මොකුත් කමුද අපි ….

යන ගමන් කමු තාත්තී..අපි යමු දැන්…

අරුන්දී කිවේ අපහසුවෙනි…
ගතේ වේදනාවට වඩා හිතේ වේදනාව මේ මොහොතේ ඇයට තදින්ම දැනෙන්නට විය..

විහග අනෙක් පසින් විත් කාරයට නැග්ග අතර සමරදිවාකර ඇතුලු පිරිස ඔවුන්ගේ කාරයට නැග්ගෙත් එක් වරමය…

විහග කාරය පන ගන්වා අරුන්දී දෙස බැලුවේ යමුද අසන්නාක් මෙනි…

අරුන්දී පිටු පසට දිගා කර තිබූ ආසනය ඉදිරියට කර නිසි පරිදි තබාගෙන විහගගේ අතකින් අල්ලා ගත්තේ ඔහුගේ මුහුන දෙස බලා සිටින ගමන්‍ ය..

ඔයාගේ ආදරේ මාව ජීවත් කරනවා මගේ රත්තරන් ….
මට හිත හදාගන්න අමාරුයි මේ උන දේවල් නිසා…
ඒත් මම කොහොම හරි හිත හදා ගන්නම්….
මාව තනි කරන්න එපා විහ..ග..

නෑ ..මගේ මැනික..කවදාවත් නෑ….ඔයා තමයි මගේ මුලු ජීවිතේම දැන්….
මට තේරෙනවා ඔයාගේ හිතේ තියෙන දුක…
ඒක මට තේරුම් ගන්න පුලුවන්…
අපි කවුරුත් මිනිස්සු..
අපේ හැගීම අපිට නවත්ත ගන්න බෑ…
හැබැයි කාලෙත් එක්ක ඒවා යටපත් වෙනවා…ඔයා හිත හදාගන්න මැණික….

අනේ මගේ මහත්තයෝ..ඔයා ඔහොම හිතන එකම මට ඇති රත්තරන් ….

එසේ කියමින් අරුන්දී විහගගේ උරහිසට හිස තබා ගත්තේ හිතේ වේදනාව අතුරින් උපන් සෙනෙහස නිසාමය…

විහග කාරය ඉදිරියට ධාවනය කරන්නට වූ අතර එක් වරම අරුන්දී විහගගේ උරහිසේ තබාගෙන හුන් හිස හරවා පාරේ අනෙක් පස යන කාන්තාවක් දෙස උනන්දුවෙන් බැලුවාය..

ආනේ….අන්න ඩිනායා…. විහග පොඩ්ඩක් කර් එක නවත්තන්න….
අර ..අර ඩිනායා තමයි යන්නේ….පොඩ්ඩක් නවත්තන්න…

අරුන්දිගේ කෑ ගැසීම නිසා එක් වරම විහග තිරින්ග තද කලේය…

කොයි කොහෙද බබා…

ඔහු එසේ අසන විටත් අරුන්දී කාරයෙන් බසින්නට දොර හැරගෙන සිටියාය..

ඒයි ඩිනායා….

අරුන්දී පාරේ අනෙක් පැත්තේ සිටි යුවතියට කතා කලාය..
එහෙත් එවිටම පැමිනි ත්‍රී රෝද රතයක් නවත්වාගත් ඇය එයට නැගී යන්නට වූයෙන් අරුන්දීට ඩිනායා හා කතා කිරීමට නොහැකි විය..

අනේ…..එයා ගියානේ ත්‍රීවිල් එකේ….

එයා ඔයාව දකින්න නැතුව ඇති බබා…

හ්ම්…එයා නම් මාව දැක්කේ නෑ තමයි…
ඒ කෙල්ලට මොකක් උනාද මන්ද විහග..දැන් පේන්න වත් නෑ එයාලගේ ගෙදර..
කොහේ උන්නවද දන්නේ නෑ….

අපි යමු දැන්…ඔයා මොනවහරි කාලා ඉමු පන්ඩිතයා නොවී…

අපරාදේ කතා කරන්න තිබුනනම් දැනගන්න තිබුනා එයාට මොකද්ද උනේ කියලා..

මොකක් නමුත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඩිනායට…

මයන්තගේ privet secretary නේ එයා..මලගෙදර කොහෙන් හරි ආරන්චි වෙලා එන්න ඇති..

එසේ කියමින් අරුන්දී නැවතත් විහගගේ උරහිසට බරවී හිස තබා ගත්තේ ඔහුගේ උරහිසට දෙතොල් තබා හාදුවක්ද දෙමිනි…

😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

මයන්තගේ වියෝවෙන් මාස හයක් ගෙවෙන්නට විය..

අරුන්දිගේ සිතෙත් කෙමෙන් කෙමෙන් දුක තුනී වන්නට කාලයත් සමග හැකි විය..

විහගද ඒ අතර කාලය ඇයගේ සිත නොරිදෙන අයුරින්ම කටයුතු කලේ ගැහැනියකගේ සිත හොදින්ම තේරුම් ගත් නිසාවෙනි…

දිනක් උදෑසන අරුන්දී අවදි වන විට වෙලාව 7.30ලෙස ඔරලෝසුවේ සටහන්ව තිබුනි…

ඇය බිත්තියේ එල්ලා තිබුන කැලන්ඩරය දෙසට නෙත් යොමු කලේ අද දිනය ගැන මතක් වීම නිසාය..

මැයි 19 එහි සටහන්ව තිබුනි..

අද මගේ උපන්දිනේ….තවම කාටවත් මතක් වෙලා නෑ වගේ…

බලමු විහග කෝල් කරලද කියලා..
එසේ සිතමින් ඇය මොබියිල් එක අතට ගත්තේ ඇමතුම් පැමින ඇත්දැයි බැලීමටය..

කිසිදු ඇමතුමක් එහි නොවීය…
පිස්සා …
අමතක වෙලාද කොහෙද…??

කමක් නෑ බලමු පස්සේ හරි මතක් වෙයිද කියලා…

එසේ සිතූ ඇය සෙමින් ඇදෙන් බැස කන්නාඩි මේසය උඩ තිබූ පනාව අතට ගෙන අවුල් වූ හිස පීරන්නට වූවාය…

හිස පීරන ගමන් ඇය කන්නඩියෙන් තමා දෙසම බලා සිටියේ සිනහවක්ද මුහුනේ මවාගෙනය…

බලමු කාටද බර්ත් ඩේ එක මතක් වෙන්නේ කියලා…
එක් වරම ඇයට ඇසුනේ සීතම්මා තේකද රැගෙන කාමරයට එන හඩයි…

ආ…ලොකු බේබි නැගිටලානේ…..

ඔව් සීතම්මේ වොශ් දාන්න යන්න හැදුවේ…

හා..හා…මේ තේක බීලා ඉන්න බේබි…

කෝ දෙන්න….

අරුන්දී සීතම්මා දෙස බලාගෙනම තේක අතට ගත්තේ ඇයටතම උපන්දිනය අමතක නොවන බව දන්නා නිසාය..

එහෙත් සිතම්මා වෙන අවුරුදු වල මෙන් ඇයට සුබ පතන පාටක් නැති බව අරුන්දිට ඒත්තු ගියේය..

ඇයි බේබි…??

න්..නෑ…සීතම්මා යන්න..මම වොශ් දාලා පහලට එන්නම්….

සීතම්මා සිනාසෙම්න්ම කාමරෙන් පිටතට යන දෙස අරුන්දී බලා සිටියේ දුකින් නොවේ කීවොත් ඒ බොරුය..

සීතම්මා වෙන අවුරුදු වල මට විශ් කරනවනේ..

මේ සැරේ එයාටත් අමතක වෙලා… කාටවත් මතක නැති වෙයිද මගෙ බර්ත් ඩේ එක… බලමුකෝ…

අරුන්දී සෙමින් තේක උගුරට දෙකට බී නාන කාමරය වෙත ගියේ උදෙන්ම නා ගැනීම ඇගේ දින චර්‍යාවේ අන්ගයක් වන නිසාය…

තම රෑ ඇදුම උරිස් දෙකෙන් පන්නා වතුර මල යට සිටගත් ඇය ඇගට වැටෙන දිය බිදු වල සීතල වින්දේ ආසාවෙනි…

අද මගේ අම්මා කොයි තරම් වේදනාවක් විදින්න ඇද්ද …

අනේ අම්මේ ඔයා කොහේ හරි ඉදන් මගේ දිහා බලාගෙන ඉන්නව කියල මම දන්නවා…

අරුන්දීගේ නෙතට කදුලක් ඉනුවේ තම මව කෙරෙහි උපන් සෙනෙහස නිසාවෙනි..

හිතේ හැටියට නාගත් ඇය තුවායද ඇගේ පටලවාගෙන නාන කාමරෙන් එලියට විත් අල්මාරියෙන් එලියට ගත්තේ ලා තැබිලි පාට ගවුමකි…

ඉක්මනින් එය ඇග ලා ගත් ඇය තෙත බේරෙන කොන්ඩය නැවතත් හොදින් පිස දැමුවේ කන්නාඩිය ඉදිරිපස සිටගෙනය..

තැබිලි පාට ගවුම ඇගේ ගතට තව තවත් ලස්සනක් ගෙන ආයෙන් ඇය ඇගේ මුහුන දෙසම මතක් බලා සිටියේ ආසාවෙනි..

විහග මෙහෙම මාව දැක්කනම් කිස් එකක් නම් වරදින්නේ නෑ…

තාම මගේ බර්ත්ඩේ එක මතක් වෙලා නැද්ද කොහෙද…
වෙනදට මේ වෙලාවට කොල් කරනවා අද ඒකත් නෑ… පහලට ගිහින්ම කෝල් කරනවා..

එසේ සිතූ අරුන්දි එක් පසෙකින් කොන්ඩය උරහිසෙන් ඉදිරියට දමාගෙන කාමරයෙන් පිටතට විත් පඩිපෙල බසින්නට සූදානම් විය..

ඇය පඩිපෙල අද්දරටම විත් නැවතුනනේ ඇගේ ඇස් අදහාගත නොහැකිවයි…

20 කොටසෙන් හමුවෙමු…

ඔන්න ලමයි අරුන්දිට ආයෙම හොද කාලේ එන්න යන්නේ…😍😍

ආදරේ උතුරන්නම දෙන්නම් නේද ..නැත්තම් කෙල්ල පව් නේ….😘

හැමෝම කතාව එක්ක රැදෙයි කියලා හිතෙනවා ඉදිරියටත්…💕

ඔයාලගේ ප්‍රතිචාර ගැන මට ගොඩාක් සතුටුයි සුදූලා හොදේ…

බුදුසරණයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *