අරුන්දී 20 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

20 වන දිගහැරුම

💘
💘
💘
💘

ඉහල මාලයේ පඩිපෙල ආරම්භයේ සිට පහත මාලය දක්වාම රෝස මල් පෙති පඩි පෙල දිගටම අතුරා ඇති අතර අත් වැටේ තැනින් තැන රතු පාට බැලුන් එල්ලා තිබුනි…

අරුන්දී මේ කිසිවක් අදහාගත නොහැකිව සෙමින් සෙමින් රෝස මල් පෙති උඩින් පය තබමින් පහලට ආවේ අත් දෙකෙන්ම මුව වසාගෙන පුදුමයෙනි….

ඇය පහලට එන විටම ඇය දුටුවේ මවත් පියාත් විභාශා සීතාඅම්මා මෙන්ම විහග ඇතුලු ඔහුගේ පවුලේ අම්මා තාත්තා සහ මල්ලී සාලයේ සිට ඇය එන දෙස බලා හිදින අන්දමයි..

මුලු සාලයම රතු පාට බැලුන් හා රෝස මල් වලින් සරසා ඇත..
පඩිපෙලේ සිටි අතුරා ඇති රෝස මල් පෙති අවසන් වූයේ කෙලින්ම සාලය මැද ඇතී කුඩා මේසය ලගිනි…

ඒ මේසය මත අලන්කාරව සාදන ලද මනරම් කේක් එක දුටු විට අරුන්දී තව තවත් පුදුමයෙන් කට තද කරගත්තේ දෑසින් නැගුන කදුලුත් සමගය…

හැපි බර්ත් ඩේ ටූ යූ..
හැපි බර්ත් ඩේ ටු යූ..
හැපි බර්ත් ඩේ ඩියර් අරුන්දී…
හැපි බර්ත් ඩේ ටූ යූ….

සියලු දෙනාම එක්ව එසේ ගායනා කරද්දී අරුන්දී කෙලින්ම බැලුවේ විහග දෙසය…

ඔහු සුපුරුදු සිනාමුසු මුහුනින් ඇය දෙස බලා සිටියේ ඇයගේ හදවත තව තවත් ආදරයකින් පුරවමිනි…

හැපි බර්ත් ඩේ ලොකු දූ…..

සමරදිවාකර අරුන්දීව තුරුලු කරගනිමින් කීවේ හිසත් සිබින ගමන් ය…

තැන්ක් යූ තාත්තී….

හැපි බර්ත් ඩේ පුතේ…
ඒ චන්ද්‍රාය..ඇයද අරුන්දිට හාදුවක් දුන්නේ ආදරයෙනි..

හැපි බර්ත් ඩේ අක්කි බබා…
විභාශා අරුන්දිව බදා ගත්තේ එසේ කියමිනි…

තැන්ක් යූ පිස්සී….
අරුන්දී එසේ කියමින් විභාශාව තවත් තුරුලු කර ගත්තාය..

දුව හැපි බර්ත් ඩේ …..
විහගගේ මව ඇයගේ කම්මුල සිප ගනිද්දී විහගගේ පියාත් ඇයට සුබ පැතුවේය…

අක්කී හැපි බර්ත් ඩේ කියමින් විහගේ මල්ලි ඇයට අතට අත දුන්නේ ඇගේ කම්මුල් මත ඔහුගේ කම්මුල් තබමිනි…

ලොකු බේබී ලොකු බේබිට සුබ උපන්දිනයක්…
සීතම්මා සිටි තැන සිටම ඇයට කිවේ ඇස් වල කදුලු පුරවාගෙනය…

ස්සිතම්මේ සීතම්මාත් මාව රැවැට්ටුවා නේහ්…
කියමින් අරුන්දී සිනා සුනේ ඇස් පුන්චි කරමිනි.

ඔන්න ඔයාව සර්ප්‍රියිස් කරන්න ඕනේ උනේ මෙන්න මෙයාට හොදේ…පුදුම කට්ටක් කාලා තමයි වැඩේ මේ විදිහට කලේ…

කියමින් විභාශා විහගව පෙන්වමින් සිනාසුනේ අනිත් අයවත් සිනහ ගන්වමිනි…

අරුන්දී විහග දෙස බැලුවේ විභාශා එසේ කියනවාත් සමගය..සියලු දෙනා සුබපතනකල් පැත්තකට වී සිටි ඔහු මුවෙහි සිනහවක් නගාගෙන අරුන්දී අසලට ආවේය…

හැපි බර්ත් ඩේ මැනික….ඔහු සෙමින් ඇයට පමනක් ඇසෙනසේ කියමින් ඇයව තුරුලු කරගත්තේ නලලට හාදුවක් දෙමිනි…

සියලු දෙනාම ඔවුන් දෙස බලා සිටියේ ඉතාමත් සතුටින් බව ඔවුන්ගේ මුහුනෙන්ම පෙනුනි…

අරුන්දී තැන්ක් යූ කියා කීවේ අඩන ගමන්‍ ය…
අපෝ බර්ත් ඩේ ගර්ල් මොකෝ අඩන්නේ??

එසේ කිව් ඔහු ඇයව එක් අතකින් තමා වෙතටම තුරුලු කරගනිමින් ඇසුවේ අනෙක් අයගේ හිනා හඩ මැදින්‍ ය…

මේ හැම දේම…..

හා හා මේ අක්කී….ඔයාලට ලව් කරන්න පුලුවන් පස්සේ මේ කේක් එක කපනවා හලෝ මම පුදුම අමාරුවෙන් හිටියේ ඕකෙන් කෑලක් කන්න…

විභාශා කීවේ සිනාසෙමිනි…
ඔව් දැන් කේක් එක කපමු..

පස්සේ ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්…
කියමි විහග මේසය උඩ තිබූ පිහිය ගෙන අරුන්දී අතට දුන්නේය…

අරුන්දී එවිටයි හරියටම කේක් එක දැක්කේ…

හැපි බර්ත් ඩේ අරුන්දී ලෙසින් අලන්කාර හැඩ අකුරින් කේක් එක මත ලියා තිබුනේ කේක් එකට තවත් ලස්සනම් එක් කරමිනි…

අරුන්දී නැමී කේක් කෑල්ලක් කැපුවේ සියල්ලොගෙම අත්පොලසන් නාදය මැදිනි…

හැමෝටම කේක් කට කට කැවූ ඇය අවසානයේ විහග දෙස හරී බැලුවේ උතුරා යන ආදරයකිනි…

තැන්ක් යූ මහත්තයෝ මේ හැම දේටම….
ඇය ඔහුට කීවේ ඇඩුම් බරවය….

ඔහු කිසිවක් නොකියා ඇගේ තෙත් වූ කොන්ඩය අවුල් වන ලෙස හිස අතගෑවේ සිනහවක් නගාගෙනය…

ඔන්න අද දවසම ස්පෙශල් හොදේ… තව ටිකකින් අපි ඔක්කොමලා බෙල්ලන් විල යනවා..

ඊට පස්සේ එලියේ හොද තැනකින් ලන්ච් අරගෙන හවස බීච් එකට යනවා හරිද..

ශා මරු මරු….අපේ මස්සිනා මාරයි නේ….

විහග එසේ කියද්දී විභාශා සතුටින් උඩ පැන්නේ පොඩි එකියක් මෙනි…

අනේ…මේ හැමෝම අද මන් වෙනුවෙන් නිවාඩුත් දැම්මද??
විහග ඔයා නම්….

හා හා මේ මැඩම් අපිඒවා ඔක්කොම සෙට්ල් කරගෙන ඉන්නේ ඔයාට තියෙන්නේ ඒවට සහභාගි වෙන එක තමයි හරිද…

කියමින් විහග ඇගේ නහය මිරිකුවේ හැමෝම සිනාසෙන අතරයි…

ඔව් ඔව් ලොක්කී විහග පුතා කලින්ම අපිට කිව්ව අද මෙහෙම දෙයක් කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා කියලා.ඉතින් අපි කලින්ම නිවාඩු එහෙම දාගෙන හිටියේ..

සමරදිවාකර කියන්නට විය..

හානේ….බලද්දී මම විතරයි මේ මොනවත් නොදැන හිටියේ…හොරගෙඩියා….

විහග දෙස බලා අරුන්දී කීවේ බොරු තරහක් මවාගනිමිනි….

මෙලෙසින් පිරිස සතුටු සාමිචියේ යෙදෙමින් බොහෝ වේලාවක් සාලයට වී සිටි අතර චන්ද්‍රාත් විහගගේ මවත් කුස්සිය දෙසට ගියේය..

සමරදිවාකර හා විහගගේ පියා සලයේ ඉදගෙන දේශපාලන සන්වාදයක් කරගෙන ගිය අතර විභාශා හා විහගගේ මල්ලී ලැප් එක දිග හැරගෙන කුමක්දෝ කරමින් සිටී..

විහග අරුන්දී දෙස බලා ඇසකින් ඉගි කලේ එලියට යමුද අසන්නාක් මෙනි..

ඇයද හිස සලා හුන් තැනින් නැගිට්ටේ විහග සමග එලියට යාමටයි…

දෙදෙනාම නිවසෙන් එලියට විත් වත්ත කොනේ තිබෙන් ගල් බන්කුව මත හිද ගත්තේ දෙදෙනාගෙම උරිස් එකිනෙක ගැටෙන ලෙස ඉතා ලන් වය…

අරුන්දී විහගගේ අතක් අරගෙන තම ඔඩොක්කුව මත තබා ගත්තේ ඔහුගේ උරහිසක් හපන ගමන්‍ ය…

හොරා….මේ ඔක්කොම හොරෙන් ලෑස්ති කරලා…

ඒකනේ…ඔයා හිතුවේ බර්ත් ඩේ එක අමතක උනා කියලා නේහ්.?

ඒකනේ..මම හිතුවා කාටවත්ම මතක් නෑ කියලා….

වෙනදට සීතම්මා මට විශ් කරනවා එයත් අද ඉක්මනට තේක දීලා ගියා…

මම ඒත් බැලුවා මොකද කියලා…
තැන්ක්ස් මහත්තයෝ හැම දේටම…

තව පොඩි බඩ්ඩක් තියෙනවා…
ඇස් දෙක පියා ගන්නකෝ…

අරුන්දී දෑස් පියා ගත්තේ හිනා වෙමිනි..

එහෙම කියපු විහග කලිසම් සාක්කුවට අත දමා එලියට ඇද ගත්තේ වෝග් ජුවලර්ස් ආභරන පෙට්ටියකි…

ඔහු සෙමින් එය හැර එලියට ගත්තේ හීනී රත්තරන් මාලයකි..

එහි කුඩා පෙන්ඩන්ට් එකක්ද තිබුන අතර විහග බන්කුවෙන් නැගිට අරුන්දී පිටුපසට ගොස් ඇගේ මුහුන ඉදිරියෙන් මාලය ඇල්ලුවේ ඔහුගේ මුහුනද ඇගේ කම්මුල අසලටම ලන් කරමිනි..

හරි දැන් ඇස් අරින්න….

එසැනින් අරුන්දී දෑස් දෙක ඇරියා අතර ඇගේ මුහුන ඉදිරියෙන් එල්ලෙමින් පවතින රත්තරන් මාලය හා පෙන්ඩන්ට් එක දුටු වනම තම මුහුන අසලින් තිබෙන විහගගේ මුහුන දෙස බැලුනේ ඉබේටමය..

ඇය එසේ බලා සිටින විට විහග ඇගේ ගෙලට මාලය පැලැන්දුවේ සිනහවක් මුවේ මවාගෙනමය..

අනතුරුව ඇගේ කම්මුලටක හාදුවක් දුන්නේ ආදරය උතුරා යද්දීය..

අරුන්දී එක් අතකින් මාලය අතගාන ගමන් තමා ලගින් වාඩි වුන විහග දෙස බැලුවේ පුදුමයෙනි..

අනේ මගේ රත්තරන් මෙච්චර වටින දෙයක්….

ඔයා තරම් ඕක වටින්නේ නෑනේ බබා…

පිස්සා…..ඇය ඔහුගේ අතට පහරක් ගසා නැවත් ඔහු පැලැන්දුව මාලය අතගෑවේ ආසාවකිනි..

ලස්සනයි…..මේක හැමදාම මගේ බෙල්ලේ තියෙයි….

අන්න හොදයි…..කෝ මට මොකුත් නැද්ද??

ඔයාට මොනවද??? අද මගේනේ බර්ත් ඩේ එක..ඉතින් දෙන තරමක් දේවල් මටනේ දෙන්න ඕනේ..

අරුන්දී ඇස් පුන්චි කර විහගගෙන් ඇසුවේ මාලය අතගාන ගමන්මයි..

ආ….එහෙමද මැඩම් හිතාගෙන ඉන්නෙ… කට නම් දැන් වැඩී හොදටම…

මම දන්නවා ඉල්ලන්නේ මොකද්ද කියලා…

ඉතින් දන්නවනම් දෙන්නකෝ තවත් අගේ කරන්නේ නැතුව….

බෑ……ඇය පොඩි එකියක මෙන් කිවේ විහග කේන්ති ගස්සනු සිතාය..

පුතාලා ආවානම් දැන්…පන්සල් යන්න පරක්කු වෙනවා….
චන්ද්‍රා දොර ලග සිට අරුන්දිටත් විහගටත් කතා කලේ එවිටයි…

හරි අම්මී එන්නම්…

කියමින් අරුන්දී නැගිටින්න හදන විට විහග ඇයව එක් අතකින් ඇද ඔහු ඉදිරියෙන් සිටගස්වා ගත්තේ ඇගේ උන වටා අත්දෙකම යවමිනි…

අරුන්දීද ඔහුගේ දෑස් දෙසම බලා උන්නේ ඔහු කුමකට සැරසෙන්නේ දැයි සිතමිනි…

මැණික හැමදාම මෙහෙම සතුටින් ඉන්න..මට එච්චරයි ඔනේ…

විහග ඇගේ දෑස් දෙස බලගෙනම කිව්වේ මහත් ආදරයකිනි…

ඔයාගේ ආදරේ මේ විදිහට ලැබෙනකල් මම සතුටින් තමා මහත්තයෝ ….
මම ලෝබයි ඔයාගේ ආදරේට….

එච්චරටම ආදරේ දැනෙනවද??

හ්ම්……ගොඩාක්…

කොච්චරක්ද??

මෙච්චරක්

ඇය පොඩි එකියක මෙන් තම දෑත් දෙක පුලුවන් තරම් විදහාගෙන පෙන්නුවේ සිනාසෙන ගමන්‍ ය…

අපි යමු අරගොල්ලෝ බලාගෙන ඇති..

එහෙත් විහග තවමත් ඇගේ ඉන වටා අත් දෙක පටලවාගෙන සිටි හෙයින් ඇයට හෙලවීමටවත් හැකියාවක් නොවුනි…

අරුන්දී විහග දෙස ම බලා හිද එක් වරම පහත් වී ඔහුගේ දෙතොලට හාදුවක් දුන්නේ උතුරා යන සෙනහසක් සිතේ රදවාගෙනය…

යමු….ඇය ඔහුගේ නහය අතකින් අල්ලා සොලවමින් කී විට විහගද ඉදගෙන උන් තැනින් නැගිට්ටේ සිනහවක් නගාගෙනය…

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

අරුන්දී සුදු පැහැති දිග සායට සුදු පැහැතිම බ්ලවුසයක් ඇද සිටි අතර කොන්ඩය ඉහලට වන්නට තබා කට්ටක් ගසා තිබුනි..

ඇගේ මුහුනට අමුතුම පින් පාටක් එක් කරන්නට සුදු ඇදුම සමත් වී තිබුනි…

විහගද සුදු කමිසයකට නිල් ඩෙනිම් එකක් ඇද තිබූ අතර කමිසයේ අත් දෙක වැලමිට දක්වා නවා තිබීමෙන් ඔහුගේ කඩවසම් බව තවත් ඉස්මතු වී තිබුනි…

අරුන්දී ඉදිරිපස අසුනේ ඉදගෙන සිටින අතර පිටුපස අසුනේ විභාශාත් විහගගේ මල්ලීත් වාඩි වී සිටියෝය..

ඔවුන් බෙල්ලන් විල පන්සල වෙත එන විටම සමරදිවාකරගේ කාරයද රථ ගාලේ නතර කලේත් එකම විටය…

සියල්ලොම වාහන වලින් බැස මල් ගැනීම සදහා මල් කඩයක් දෙසට ඇදෙන්නට විය…

අරුන්දී හා විහගද මදක් ඈතින් තිබුන මල් කඩයක් දෙසට ඇවිද ගියේ මල් මිලදී ගැනීමටය..

එන්න නෝනා…මේක සීයයි මේ මල් එක දෙසීයයි….

අරකෙන් එකක් දෙන්න..
අරුන්දී අත දික් කර සුදු පාට නෙලුම් මල් සහිත වට්ටියක් පෙන්නා කීවාය…

ඒක දෙසීයයි….

බබා රතු නෙලුම් වලිනුත් වට්ටියක් ගමු…

අරුන්දී විහග දෙස බැලුවේ ඒ ඇයි කියා අසන්නක් මෙනි..

කෙසේ නමුත් විහග රුපියල් හාරසීයක් දුන්නේ ඔහුගේ අතට රතු නෙලුම් මල් වට්ටියක්ද අරගනිමිනි…

ඇයි විහග රතු නෙලුම් මලුත් ගමු කිව්වේ…

ඇයි ලමයෝ ඔයා දන්නේ නැද්ද…අපේ අම්මා නම් කියන්නේ සුදු නෙලුම් මල් පූජා කලොත් දුවලා ලු හම්බ වෙන්නේ…

රතු නෙලුම් පූජා කලොත් පුතාලලු හම්බවෙන්නේ…
ඉතින් ඒක නිසා වර්ග දෙකෙන්ම ගත්තා…

අම්මේ මෙයා හිතන දුර….
ඩොක්ටර් කෙනෙක් උනාට මේ විදිහ දේවල් ගැනත් විශ්වාසයක් තියෙනවා නේ….??

ඇයි නරකද කොල්ලෙකුයි කෙල්ලෙකුයි දෙන්නෙක්ම හිටියම…

විහග අරුන්දී දෙස බලා හිනාවෙමින් කියන විට අරුන්දී සිනාසී බිම බලා ගත්තේ ඔහු සමග කතා කොට තමාට දිනිය නොහැකි බව දන්නා නිසාය..

දෙදෙනාම පලමුව චෛත්‍යය වන්දනා කල අතර අනතුරුව බෝධිය වෙත පැමිනි ඔවුන් මල් පූජා කර වැලි මලුවේ පසෙකින් ඉදගත්තෝය…

එහා කොනට වන්නට පවුලේ අනෙක් උදවිය බුදුන් වදින බව දෙදෙනාම දුටුවේ එවිටයි…

වදින්න…

අරුන්දී විහග දෙස බලා එසේ කියමින් ඇගේ දෑත් දෙක නලලට තබා ගත්තේ දෑස් පියාගෙනමය..

විහග ඇයදෙස බලා සිටියේ ඇය මොනතරම් පින් පාටදැයි සිතෙන් සිතමිනි…

මෙවන් වූ සුන්දර තරුණියක් තමාගේ බිරිද වීම ගැන ඔහු සිතෙන් සතුටු වූයේය..

ඊටත් වඩා මෙවැනි අහින්සක හදවතක් හිමි ඇයව තමාගෙම වූ බව සිතෙන විට ඇය වෙනුවෙන් උපන් ආදරය තවත් වැඩි වන්නට විය…

ඒයි …මගේ මූන දිහා බලාගෙනද ලමයෝ වදින්නේ….

අරුන්දී සිනාවෙමින් එසෙ කියන විට විහග ඉක්මනින් ඇස් දෙක පියාගත්තේ සිනා සෙමින් ලැජ්ජවෙන් මෙනි…

අරුන්දි ඔහු දෙස මද වෙලාවක් බලා හිද මුවෙහි සිනහවක් නගාගෙන දිගු හුස්මක් පිටකලේ ඔහු වැන්නකුගේ ආදරය ලැබීමට තරම් ඇය මොන තරම් වාසනාවන්ත දැයි සිතමිනි…

විහග බුදුන් වැද අවසන් බව දුටු අරුන්දී ඔහු දෙස බලා සිටියේ ඔහු ඇය දෙස බලන තුරුය..

ඇය සිතූ පරිදිම ඔහුත් කෙලින්ම බැලුවේ ඇය දෙසය..

මොනවද ප්‍රාර්ථනා කලේ..??

මොකක් කලා කියලද හිතන්නේ..???

ම්ම්ම්…..දන්නෑ සුදු….කියන්නකෝ…

හරි ඉස්සරවෙලා කියන්නකෝ ඔයා මොකද්ද ප්‍රර්ථනා කලේ කියලා….

අනේ එහෙම බෑ ඔයා කියන්නකෝ විහග…

නෝ ලේඩිස් ෆස්ට්….කොමෝන්…

අරුන්දී දිග හුස්මක් හෙලුවේ බෝගහ දෙස බලාගෙනමය…

මම ප්‍රාර්ථනා කලේ මගේ මහත්තයාට හැමදාම සතුටින් නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා..

එසේ කියමින් ඇය විහග දෙස බැලුවේ ඇස් පුන්චි කරමිනි…

හරි දැන් ඔයා මොකද්ද හිතුවේ කියන්න…

මම හිතුවෙද..මම හිතුවේත් ඔයාව හැමදාම සතුටින් තියන්න කියල තමයී…

ඔවුනොවුන් දෙස ඔවුන් බලා සිටියේ ආදරේ නාමයෙන් ඔවුන් දෙපල අතර මොනතරම් ගැලපීමක් තිබෙනවාද යැයි සිතෙන් සිතමිනි…

අරුන්දී ඇගේ දැස් ඔහුගේ දෑස් වලින් මුදවා ගත්තේ ඒ ඇස් වල දීතිය ඇයට උසුලා ගැනිමට නොහැකි වූ නිසාය…

යමු …අම්මලා අන්න අරහෙට යනවා…

අරුන්දී එසේ කියමින් හුන්තැනින් නැගිට්ටේ විහගවත් නැගිට්ටවන ගමන්ය…
ඉන්පසුව බුදුගෙට ගොස් මල් පූජා කලෝය..

දෙදෙනාම පන්සලේ ගේට්ටුවෙන් එලියට ගියේ සිතේ පැතුම් පොදි බැදගෙනය..

😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇

අරුන්දීත් විහගත් මුහුදු වෙරලේ රැල්ල පාගමින් විනෝද වූයේ වෙනදාටත් වඩා සතුටෙනි…

දෙදෙනා අතර බැදිම දැන් පෙරටත් වඩා ශක්තිමත් වී ඇත්තේ දැන් දැන් ඔවුන්ට ඔවුනොවුන් නැතුවම බැරිවූ හෙයිනි..

සැන්දෑ අහසේ ඉර ගිනි බෝලයක් මෙන් සයුර ගිලගන්නා මොහොතේ පෙම්වතුන්ටම මැවුන පාරදීසයක් මෙන් මුහුදුවෙරල ගෙන දුන්නේ අමුතුම අලන්කාරයකි…

ඈ…… අරුන්දී විශාල රැල්ලකට බයේ විහගගේ ඇගේ එල්ලුනේ ඇගේ මුලු බරම ඔහුගේ උරහිසට දෙමිනි…
ඔහු නොවැටී බේරුනේ අනූනමයෙනි…

අපෝ කට තිබ්බට මෙයා රැල්ලටත් බයයි නේ…

බය නෑ….ඒත් බයයි …

අරුන්දී සිනාසෙමින් කීවේ විහගවත් සිනහ ගන්වමිනි…

අපරාදේ අරගොල්ලෝ ආවේ නැත්තේ නේද…

හ්ම්ම්…එක අතකට හොදයි..අපිට නිදහසේ ඉන්න බෑනේ අර ඔයාගේ නන්ගි බබා ආවානම්…
රබර් ඇහැ කොයි වෙලෙත් අපේ පැත්තට එයාගේ…

අපෝ ඔව් ඔව්…පිස්සි….පුදුම විසයක් තියෙන්නේ…

ඔන්න ලොකූ රැල්ලක්…කියමින් අරුන්දී විහගගේ ඇගේ එල්ලුනේ අත් දෙකෙන්ම ඔහුගේ බෙල්ල බදාගෙනය…

විහග අරුන්දීව ඔහුගේ අතක් ඇය වටා යවමින් අල්ලා ගත්තේ නැවතත් දෙදෙනාම වැටෙන්නට ගිය නිසාය..

යමුද අරහෙන් ගිහින් ඉදගමු…රැල්ල පෑගුවා ඇති වගේ…

අරුන්දී එසේ කියමින් විහගවත් ඇදගෙන වෙරලේ ඉහලට වන්නට තැනකට විත් බිම වාඩි වුනාය…

විහගද ඇය අසලින් ඉද ගත්තේ අතේ රැදි සෙරප්පු දෙකම.පැත්තකින් තබාය..

අවට සැන්දෑ අදුර පතිත වෙමින් තිබූ නිසා මද අදුරක් දසතම පැතිරෙන්නට වුනේය..

අරුන්දී ඈතින් පෙනෙන ඉර මඩල දෙසම බලා සිටියේ ඒ දර්ශනය ඒ තරම්ම ලස්සන වූ නිසාවෙනි…

විහග සෙමින් අරුන්දී දෙස බැලුවේ ඇගේ මුහුනට කහ පාටට හුරු තැබිලි පාට ඉර එලිය වැටී අමුතුම ලස්සනක් ගෙන දුන් නිසාය…

ඇගේ මුහුනට හිසෙන් ගිලිහුන කෙස් රොදක් වැටී තිබූ අතර ඉන් තවත් ලස්සනක් ගෙන දුන්නේ විහගගේ තරුන හැගීම් තවත් වැඩි කරමිනි…

ඔහු සෙමින් ඇගේ මුහුනට වැටී ඇති කෙස් රොද ඔහුගේ අතින් ගෙන කනෙන් පිටුපසට රැදවීමට උත්සහ කලේ ඇගේ මුහුන දෙසම බලාගෙන ඊට වශී වූවාක් මෙනි..

ඔහුගේ අතේ ස්පර්ශ්‍ය දැනුන අරුන්දී එක් වරම ඈතට දිවගොස් තිබූ දෑස ඔහු වෙතට හැරවූයේය..

ඇය දෑස් හකුලුවා ඔහු දෙස බැලුවේ මොකද කියා අසන්නාක් මෙනි…

ඔවු නොවුන්ගේ දෑස් සුලු මොහොතක් එකිනෙකට සමවැදුනාක් මෙන් ඔවුන් දෙසම බලා උන් අතර එක් වරම විහග සෙමින් ඇය වෙතට සිය මුහුන ලන් කලේ උතුරා යන සෙහෙහසකිනි…

එසේ පහත්වූ ඔහු අතකින් ඇගේ කෙස් රොද පසෙකට කර බෙල්ලට හාදුවක් දීගෙන සිටියේ ඇගේ උනුසුමට ලෝබ හිතුන නිසාවෙනි…

ඇයද ඔහුගේ පහස එලෙසින්ම විදගෙන ඊට ඉඩදීගෙන සිටියේ දෑස් දෙක පියාගෙනමය..

විහග…..

මද වේලාවකින් ඇය ඔහුව අතින් පසෙකට කලේ ඔහු දෙස බලාගත් ගමන්ම ය..

හ්ම්….

ඇයි මට මේ තරම් ආදරේ මහත්තයෝ …??

දන්නෑ බබා… ඒකට උත්තරයක් නෑ…

මට මෙච්චර ආදරේ කරන්න එපා විහග…

ඇයි??

කවදහරි ඔයාගේ ආදරේ පොඩ්ඩක් හරි අඩු උනොත් මට ඒක දරාගන්න බැරිවෙයි..

ඒ අඩු වුනොත්නේ සුදූ….එහෙම අඩු වෙන්නේ නෑ….

අවට අදුර පැතිරීමත් සමග මුහුදු වෙරලේ සිටී පිරිස එහෙන් මෙහෙන් ඉවත්ව යන්නට වූ අතර මොවුන් දෙදෙනා සහා තවත් පෙම්වතුන් කිහිප දෙනෙක් පමනක් වෙරලේ ඉතුරු වී සිටියේය…

දන්නවද….මේක තමයි මම සතුටින්ම ගත කරපූ බර්ත් ඩේ එක….

විහග සිනහවකින් පිලිතුරු දුන්නා මිස කිසිවක් නොකියා ඇයදෙසම බලා උන්නේය..

තැන්ක් යූ හැම දේකටම…

අරුන්දී එසේ කියමින් විහගගේ උරහිසකින් ඔලුව තියා ගත්තේ ඔහුට තවත් ලන් වෙමිනි..

බබා….අපි ඉක්මනින්ම වෙඩ්න් එකත් ගමු…ඊට පස්සේ අපි දෙන්නම එක තැනකනේ..

හ්ම්…..

බැදලත් ඔයාව ඔයාගේ ගෙදර තියන්න ලෝබයි මැනික….

ආ…ඒ මොකෝ…?
ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවේ සිනාසෙන ගමන්‍ ය…

ඒ මොකෝ අහන්නේ….? පිස්සී…

කියමින් විහග ඇගේ මුහුනට එබුනේ ඒ රෝස පැහැ දෙතොල් දෙස තවත් බලා හිදීමට නොහැකි වූ නිසාය…

ඇගේ ඉග වටා අතක් යවමින් තව තවත් තමා දෙසට ඇදගත් ඔහු ඇගේ දෙතොල් තම දෙතොලින් සිප ගත්තේ සිතත් ගතත් දෙකම උනුසුම් වෙද්දිය…

මද වේලාවක් මෙලෙසින් සිටි දෙදෙනා ඉදගෙන උන් තැනින් නැගිට්ටේ දසතින් පැතිරෙන කලුවර තවත් වැඩි වූ හෙයින් නිවස බලා යාමටයි…

විහග අරුන්දිව කර වටේ අත යවමින් තමා දෙසට තුරුලු කරගෙන වැලිවල එරෙමින් ගමන් කලේ ඇගේ නලලද විටෙන් විට සිප ගනිමිනි…

ඒ සිප ගන්නා හැම මොහොතෙම අරුන්දී තව තවත් ඔහුට තුරුලු වන්නේ ඔහුගේ ආදරය උපරිමේටම අත්විදිමිනි…

21 කොටසෙන් හමුවෙමු..

කොහොමද ඉතින් අද කොටස??😀

කට්ටිය නම් කැමති නෑ වගේ දෙන්නව බන්දන්න ඉක්මනට😂

මෙහෙම ආදරයක් ඔයාලටත් තියෙනවද ළමයි.. බොලදද මන්දා..🤔🤔
ඒත් අපි කව්රුත් එහෙම ආදරෙකට කැමතී නේද??
අදහසක් දාගෙනම යමු සුදූලා හොදේ..😍😍

බුදුසරණයි .. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *