අරුන්දී 21 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

21වන දිගහැරු
💘
💘
💘
💘

දිනක් අරුන්දී මිදුලේ තිබෙන ගල් බන්කුව මත හිදගෙන පොතක් කියවමින් සිටියාය..

පොතේ රසවත් බව නිසාම ඇය එයටම කිදාබැස කියවමින් සිටින විට එක් වරම ඇය දුටුවේ ඔවුනගේ ගේට්ටුව ඉදිරිපසින් කව්රුන් හෝ ගමන් කරන චායාවකි…

ඇය හිස ඔසවා ඒ දෙස උනන්දුවෙන් බැලූ විට ඇය දුටුවේ ඒ ඩිනායාගේ මව බවය..

අරුන්දී වහාම අත රැදි පොත් බන්කුව උඩ තබා ගේට්ටුව දෙසට දිව්වේ ඩිනායාගේ මවට කතා කිරීමේ අදිටනෙනි..

ආන්ටී……

අරුන්දී ගේට්ටුව හැරගෙන පාරට ගොස් කන්තාවට කතා කලේ තරමක් උස් හඩිනි…

ආ…පුතේ ඔයාද….මම බැලුවා කවුද කියලා..

ඩිනායාගේ මව අපහසුවෙන් මුහුනේ සිනහවක් නගාගෙන ඇය අසලට ආවේ නෑවිත් බැරි කමටය…

අනේ ආන්ටී එහේ එන්න කියලා හිතුවට එන්නම බැරිවෙනවා..
ආන්ටිලා මගේ එන්ගේජ්මෙන්ට් එකටත් ආවේ නෑනේ..ඒකයි කතා කරන්න හිතුවේ…

අනේ පුතේ එදා අපි කෑගල්ලේ අපේ මහ ගෙදර ගියා..
ආවේ පහුවදා…මම චන්ද්‍රාට නම් කිව්වා එන්න විදිහක් නෑ කියලා..

එහෙමද….අම්මිට එහෙනම් කියන්න අමතක වෙන්න ඇති ආන්ටී..

එහෙනම් පුතේ මම යන්නම්…

මේ ආන්ටී…මේ…ඩිනායා දැක්කේනෑ ගොඩ දවසකින්….

ආ…මේ….ඔව්…ඔව්.පු.තේ….අපේ.දූ.. රට ගියානේ….

රට ගියා???

පුතේ මම යන්නම් එහෙනම් …

ආ..හරි…ආ..න්ටී….

අරුන්දී එසේ කීවේ ඩිනායාගේ මව බොරු කිව්වේ ඇයි දැයි සිතන ගමන්‍ ය…

දෙයියනේ මේ මනුස්සය අහුවෙන බොරුවක්නේ කිව්වේ…

මම මයන්තගේ ෆ්‍යුනරල් එකේදි ඩිනායව ඇස් දෙකෙන්ම දැක්කා…. එතකොට මෙයා මේ මොකද බොරු කියන්නේ…??

මොකක් නමුත් ලොකු දෙයක් වෙලා තියෙනවා…ඩිනායගෙත් ටිකක් නැටිල්ල වැඩීනේ..
මොකක් හරි දෙයක් කරගෙන ඇති..ඒකයි මේ මිනිස්සූ හන්ගන්නේ..

අක්කී…..

විභාශාගේ හඩින් අරුන්දී එක් වරම ගේ දෙස බැලුවේ ගේට්ටුව වසන ගමන්‍ ය…
විභාශා ඇය දෙසට එමින් පාර දෙසත් එහා ගෙදර දෙසත් බලන්නට වූ යේය..

මොනවද පාර දිහා බලාගෙන කරන්නේ..??
අයියා එනවද අද??

න්..නේ…පොඩ්ඩී….අද අයියා රෑත් වැඩ…
මේ ඒක නෙවේ අර ඩිනායගේ අම්මා මෙතනින් ගියා දැන්..

ඉතින්…?

දෙදෙනාම ඇවිදගෙන නැවතත් ගල් බන්කුව අසලට විත් එහි ඉදගත්තෝය..

ඉතින්???

ඉතින් කියන්නේ ඒ මනුස්සයා අතටම අහුවෙන බොරුවක් කිව්වනේ…

ඒ මොකද්ද??

මම ඩිනායා පේන්න නැත්තේ ඇයි කියලා ඇහුවා.
මේ මනුසායා කියනවනේ ඩිනායා රට ගියා කියලා…

මොකක්??? රට ගියාලු… හැබැයි අක්කී තාත්ති දවසක් කිව්වෙ ඩිනායා අස් වෙලා ගියා කියලා…

හැබැයි මමත් ගොඩ දවසකින් ඩිනායව දැක්කෙ නම් නෑ…

ඒකනේ…හොදම වැඩේ ඒක නෙවේ පොඩ්ඩි..මම ඩිනායව දැක්කා මයන්තගේ ෆ්‍යුනරල් එකේදි…

ආ..අනිත් එක තමයි ඩිනායට බබා හම්බවෙලා තියෙන්නේ අයියලාගේ වෝඩ් එකේ…

බබෙක්??? බදින්නෙත් නැතුව…?

ඒකනේ…මොකක් හරි සිද්දියක් වෙලා තියෙනව…
හැබැයි අයියා කිව්වා එයා දැක්කලු ඩිනායගේ හස්බ්න්ඩ් ව…

අනේ මන්දා…එතකොට මේ මිනිස්සු ඇයි මේ බොරු කියන්නේ එහෙනම්..??

ඒකනේ මටත් තියෙන ප්‍රශ්නේ…එදා මම ඩිනායට කතා කරන්න හැදුවා..ඒත් එයාව මිස් උනා…

අපිට මොකද අනේ…ඔයා ඔවා ගැන හොයන්න කරදර වෙන්න එපා …මෙයත් හොද ඕපේ..

පිස්සුද පොඩ්ඩි..මට නම් වැඩක් නෑ තමයි..ඒත් ඩිනායට මොකද උනේ කියලා මට ප්‍රශ්නයක්??

ඒ මොකෝ…?

දෙයක් කියන්නද??

හා…

ඩිනායා මයන්ත එක්ක යාලු වෙලා ඉදලා තියෙනවා…

විහග ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා දෙන්නා නුවරඑලියේ හොටෙල් එකක් ඉන්නවා…

දෙයියනේ එහෙමද?? හැබැයි මයන්තත් කුකුලනේ…
එක අතකට ඔයා බේරුන එකත් ලොකු දෙයක් අක්කී…. ඒ අතින් විහග අයියා මරු….

අරුන්දී කිසිවක් නොකියා විභාශා කියන දේ අසා සිටියේ මයන්තගේ මෙවන් වැරදි තමා කොතරම් නම් ඉවසුවාදැයි සිතමිනි..

විහඟ අයියනම් ඔයාට පන වගේ නෙහ්…
අනේ මටත් එහෙම කොල්ලෙක් සෙට් උනොත් හරි..

ඇයි එහෙම කියන්නේ..ඔයාටත් හොද කෙනෙක් ලැබෙයි පොඩ්ඩී..

බලමු බලමු….

කොහොම උනත් ඩිනායට උනේ මොකද්ද කියලා මට හරි ප්‍රශ්නේ පොඩ්ඩී…

බලමුකෝ කොහෙන් හරි ආරන්චියක් එයි නේ..

මෙසේ දෙදෙනාම බොහෝ වේලාවක් කතාකරමින් හිද නිවසතුලට ගියේ හවස තේ සාදා ඇති බව සීතම්මා කිව් පසුයි…

☕☕☕☕☕☕☕☕☕☕☕☕

අරුන්දී රාත්‍රී ආහාරය ගෙන ඉක්මනින්ම කාමරයට ගියේ විහගට ඇමතුමක් ගැනීමට සිතාය..

අද රාත්‍රී සේවයේ යෙදී සිටින විහගට කතා කරන්නවත් නිදහසක් නොමැති බව ඇය හොදටම දැන සිටි මුත් ඇගේ හිත කීවේ ඇමතුමක් ලබාගන්නම ඔනේ ලෙසිනි..

අරින්දී කාමරයට විත් විදුලි බල්බයේ එලිය අඩු කර ඇදට විත් හාන්සි වුනේ මොබියිල් එකෙන් විහගගේ අන්කයට ඇමතුමක් දෙමිනි..

හෙලෝ….මැනික මම පොඩ්ඩක් බිසී පස්සේ ගන්නද?

අහ්..හරි හරි පස්සේ ගන්න එහෙනම්…

අරුන්දී හකුලුවාගත් මුහුනෙන් කීවේ හිතට දුකක් දැනුන නිසාමය..

ඇය මොබියිල් එක පසෙකින් තබා අදුරත් සමග මුසු වී තිබූ විදුලි ආලෝකය දෙස බලාගෙන කල්පනා කරන්නට වූවාය..

මගේ ජිවිතේ කොයි තරම් වෙනස් වෙලාද…
ඉස්සර වෙලාම මයන්ත….එයා …නපුරු උනත් එයාගේ වැරදි ඔක්කොම ඉවසගෙන මම අවුරුදු දෙකක් ආදරේ කලා…

අන්තිමට දෛවය අපි දෙන්නව වෙන් කලේ හරි පුදුම විදිහට..
මගේ කකුල් දෙකම පන නැති වෙලා ඉද්දී හිතට දැනුන අසරනකම කාටවත් තේරුනේ නෑ..

ඒ වෙලාවේ මයන්තත් මාව දාලා ගියාම මගේ ජීවිතෙන්ම වැඩක් නෑ කියලා හිතුවත් අද එදා මම හීනෙකින් වත් හිතපු නැති කෙනෙක් මගේ මුලු ජීවිතේම වෙලා…

ඇත්තටම විභාශා කිව්වා වගේ මම මොනතරම් වාසනාවන්තද විහග වගේ කෙනෙක් ගෙන් ආදරේ ලබන්න..

ලස්සනෙන් අඩුවක්ද…උගත් කමෙන් අඩුවක්ද…
මනුස්ස කමෙන් අඩුවක්ද…
මේ හැම දෙයක්ම එයා ලග තියෙනවා…
ඔක්කොටම වඩා ආදරේ කරද්දී හොද ප්‍රේමවන්තයෙක් නේද…

හැමදේම වෙන්නේ හොදටයි කියලා කියන්නේ මේකට තමයි…

එක් වරම අරුන්දී කල්පනාවෙන් මිදුනේ මොබියිල් එක නාදවන හඩ ඇසීමෙනි…
එහි තිරයේ දිස් වුනේ විහග ලෙසිනී..

ඇය ඇමතුමට කතා කරන්න මොබියිල් එක අතට ගත්තේ තොල්පට සපාගෙන සිනහවක් මුහුනෙහි නගාගෙනය…

හෙලෝ දොස්තර මහත්තයෝ??

හෙලෝ…

මගේ දොස්තර මහත්තයාට නෝනව අමතක වෙලා වගේ…

ඔව් ඔව් මෙතන නෝනලා ගොඩාක් මැදනේ මම ඉන්නේ…

ආ…එහෙමද…කියන්නකෝ බලන්න ඔය මොන නෝනලා ගැනද කියන්නේ කියලා..

ඒවා ඉතින් ඔයාට කියලා හරි යන්නේ නෑනේ නෝනේ….
ඔහු සිනාසෙමින් කීවේ අරුන්දීවද සිනහා ගන්වමිනි.

හරි හරි මේ..මොකද ඉස්සරවෙලා ගත්ත ගමන් තිබ්බේ??

අනේ මැනික මම වෝඩ් විසිට් එකේ හිටියේ..

දැන් තමයි රෙස්ට් රූම් එකට ආවේ..

හ්ම්ම්.එහෙමද.. ඔයාලා වෝඩ් විසිටින්ග් වලදි මොනවද කරනේ බබා…??

අම්මේ කරන්න කොයි තරම් දේවල් තියෙනවද බබා… බබා හැරිලද ඉන්නේ…බබා පහලට ඇවිත්ද ඉන්නේ…
එතකොට අම්මගේ හාට් බීට් කොහොමද කියලා ප්‍රෙශර් එක කොහොමද කියලා…බබා හම්බවෙන්න කැක්කුම් ඇවිත් ද කියලා තව…..

හා හා ඇති ඇති මෙයා කෝච්චිය වගේනේ….

ඇයි දවසක ඔයත් මෙතනට එයිනේ නේද…

මම..?? ඒ කොහොමද??
අරුන්දී ඇසුවේ කත තද කරගෙන හිනාවෙන ගමන්‍ ය..

කොහොමද කියලා අහන්නේ…විහග පැටියෙක් බන්ඩියේ ඉන්න කාලෙට ඔයත් මෙතනට එයි නේ…

විහග එසේ කිව්වේ සිනාසෙමින් බව අරුන්දීට ඇසුනි..

අම්මේ…මෙයා හිතලා තියෙන දුර…. වෙඩින් එක තිබ්බෙත් නෑ..බබාලත් හදලා ඉවරයි මේ පිස්සා….

නැතුව නැතුව…හැබැයි මෙතන ඉන්න අම්මලාට වඩා ඔයා ස්පෙශල්..

අනේ..ඒ මොකො??

ඇයි ඉතින් ඩොක්ටර්ගේ බබාව ගන්නෙත් ඉතින් ඩොක්ටර්මනේ…

දෙදෙනාම සිනාසුනේ එකටමයි….

පිස්සූ හොදටම පිස්සු වැඩිවෙලා මෙයාටනම්…

ඇයි නරකද ….මේ…මට කිස් එකක් දෙන්නකෝ.

බෑ බෑ…..

එහෙනම් මම දෙන්නද…

ඔතන කව්රු හරි දකි ලමයෝ…
දැක්කොත් හිනාවෙයි අන්න විහග ඩොක්ටර් ලව් කරනවා කියලා…

අරුන්දී එසේ කියමින් හිනහා වුනේ ඔහු කෙරෙහි තව තවත් ආදරේ හදවතට දැනෙන නිසාමය…

අනේ මොකද්ද බබා දෙන්නකෝ එකක්…

හරි හරි මෙයාගෙන් නම් බේරෙන්න බෑ…

එසේ කියමින් ඇය මොබියිල් එකට කට ලන් කර ඔහුට හාද්දක් දුන්නේ ඉමහත් සෙනෙහසක් හිතේ දරාගෙනය….
එවලෙහිම ඊට පෙරලා ප්‍රති හාදුවද ආවේ විහගගෙනි..

විහග ඔයා පොඩ්ඩක් රෙස්ට් කරන්න..අමාරු ඇතිනේ ..

හ්ම්…ටිකක් නම් මහන්සී තමා..හැබැයි ඔයාගේ කිස් එක නිසා ඇගට පනක් ආවා…

අනේ යනවා යන්න…බොරු කියනවා….

හරි හරි එහෙනම් බබා මම දැන් තියනවා…තව ටිකකින් සීසර් දෙකක් තියෙනවා..
ඒකට ලෑස්ති වෙන්න ඕනේ..
මගේ මැනික නිදාගන්න එහෙනම්…

හරි මහත්තයෝ …ඔයා පරිස්සමින්…

දැන් නිදා ගත්ත ටිකක් තමයි ඉතින් හරිද..

ආ..ඒ මොකෝ…වෙඩින් එකෙන් පස්සේ මාවත් ඔයාගේ ඩියුටි එකට එක්කගෙන යන්නද??

නෑ එතකොට වෙන වෙන ඩියුටිනේ තියෙන්නෙ සුදූ රෑ වෙනකල්..

ඒ මොනවද??
අරුන්දික් ඇසුවේ සිනහව තද කරගෙනයි..

එකින් එක කියල දෙන්නම්කො මම එවලෙට..කලින් කිව්වම අගයක් නෑනේ..

අම්මේ…මෙයා නම් හරියට වල් වෙලා…නෝටියා…

හරි හරි දැන් ඕක තියන්න ලමයෝ…වෙලායනවා ඔයාට..

හරී…. ගොඩාක් ආදරෙයි මැණික…

මමත් ගොඩාක් ආදරෙයි පන…

මෙලෙසින් දෙදෙනාම ඇමතුම් විසන්දි කලේ මුහුනේ ඇදුන සිනහව සමගින්‍ ය…

අරුන්දී මොබියිල් එක පැත්තකින් තබා පොරෝනය පොරවා ගත්තේ විහගගේ මතකයන් එක්ක නින්දට යාමට සිතාගෙනය…

😴😴😴😴😴😴😴😴😴😴😴😴😴😴😴😴😴
මෙලෙසින් සූලු වේලාවක් ඇය නින්දත් නොනින්දත් අතර පසු වන්නට වූ අතර එක් වරම ඇයට ඇසුනේ ඇගේ කාමරයේ දොරේ අගුල කැරකවීමට යමෙක් උත්සහ දරන බවයි…

ඇය ඇදේ සිටම ඊට කන් දුන්නේ මේ මහ රෑ කාමරයට එන්න දගලන්නේ කව්රුන්ද කියාය..

එහෙත් ඒ කව්රුන් හෝ වේවා ඇගේ කාමරේ ඇතුලු පැත්තෙන් අගුල දමා තිබූ හෙයින් දොර හැරීමට හැකියාවක් නොවන බව අරුන්දී දැන සිටියාය…

ඇය සෙමින් හඩ නොනැගෙන ලෙස ඇදේ ඉදගත්තේ හිතට නැගි බිය නිසාමය….

දැන් දොර අසල පිටතින් කිසිදු ශබ්දයක් ඇසෙන්නේ නැත…

ඇය තව දුරටත් කන් දුන්නේ පෙර ඇයට ඇසුන ශබ්දය නිකන් ඇසුන එකක්ද එසේත් නැතිනම් ඇත්තටම කව්රුන් හෝ තමාගේ කාමරෙ අගුල කරකවන්නට උත්සහ කලේද තෝරා බේරා ගැනීමටය..

මෙලෙසින් සිත සිතා ඉන්නා විට එක් වරම ඇසුනේ පහත් මාලයේ ස්ටූලයක් බිම දිගේ මද දුරක් ඇදී ගිය බවකි…

රාත්‍රිම නිහඩ නිසා ඇගේ හදවත ගැහෙන හඩ ඇයටම ඇසෙන ලෙස තද නිශ්ශබ්දතාවක් අවට පැතිරෙන්නට විය..

දෙයියනේ මේ මහ රෑ කව්ද මේ ගේ ඇතුලේ ඇවිදින්නේ….මගේ කාමරේ දොරත් අරින්න හැදුවා…

මම මොකද කරන්නේ…. තාත්තිට කෝල් එකක් ගන්නවා…. එලියට යන්න බයයි…

එසේ සිතූ ඇය මොබියිල් එක අතටගෙන සමරදිවාකර ගේ අන්කය ඔබන්නට සැරසෙත්ම ඇය නැවතත් එය වලකා ගත්තේ යමක් මතක් වූවා සේය..

ඇගේ මුලු ගතම දහදියෙන් තෙමී ඇත්තේ සිතේ උපන් භීතිය නිසාමය…

මම තාත්තිට කෝල් කලොත් තාත්තී
එයාගේ කාමරෙන් එලියට එනකොට ඉන්න එකා මොනව හරි කරන්න බැරි නෑ…

අනේ මට තේරෙන්නේ නෑ…මොකද්ද කරන්නේ කියලා..මෙහෙම ඉදලත් බෑ…

ඇය සෙමින් ඇදෙන් නැගිට කාමරේ බල්බයේ එලිය තව ටිකක් වැඩි කලේ දොර දෙස බලාගෙනමය…

ඉන්පසු ඇය සෙමින් හඩ නොනැගෙන ලෙස කාමරෙ දොරෙහි අගුල පැන්නුවේ සෙමින් දොර අරින ගමන්‍ ය…

ඇය දොරෙන් අඩක් පමන ඇරිය පසු හිස පමනක් එලියට දමා වට පිට බැලුවේ නැවත හදිස්සියක් වුවහොත් ඉක්මනින් කාමරය තුලට පනින්න බලාගෙන සුදානම් ශරීරයෙනි..

කිසිදු ශබ්දයක් නැත..

ඇය තවත් පියවර දෙකක් පමන ඉදිරියට තබා පහත මහල පෙනෙන හරියකට පැමිනෙත්ම ඇයට එක් වරම ඇසුනේ ගෙදර මිදුලේ වාහනයක් නවත්වන හඩත් එහි දොරවල් ඇරගෙන පිරිසක් බහින හඩත්ය…

ඇය මේ කිසිවක් සිතාගත නොහැකිව පුදුමයෙන් බලාසිටියේ හිතට නැගුන බියත් කුතුහලයත් නිසා වෙනි…

එක් වරම ඇය දුටුවේ පහත මාලයට විශාල ආලෝකයක් එල්ල වීමත් සමග පොලිස් නිලදාරින් පිරිසක් නිවස තුලට පැමිනුන බවයි..

හෙල්ලෙන්න එපා…දිව්වොත් වෙඩිතියනවා..

පිස්තෝලයක් අමෝරා එක් පොලිස් නිලදාරියෙන් කුස්සිය දෙස බලාගෙන කියන විට අරුන්දී ඒ දෙස බැලුවේ බියපත් දැසිනි…

ඒ ඇසිල්ලෙන් අනෙක් පොලිස් නිලදාරින් දෙදෙනෙක් ඉදිරියට ගොස් යමෙකුව අල්ලා ගත්තේත් සමරදිවාකර කාමරේ දොර හැරගෙන එලියට ආවේත් එකටමය…

ඒ මොහොතේම පහත මහලේ විදුලි බල්බ දැල්වූ අතර ඇය දුටුවේ මුහුන ආවරනය කරගත් පුද්ගලයෙක් පොලිසියේ සාජන්ට් වරයෙකු විසින් බෙල්ලෙන්ම අල්ලාගෙන ඉදිරිපස දොර වෙතට රැගෙන යන අන්දමයි..

ඉන්ස්පෙක්ට්ර් තැන්ක් යු.. තැන්ක් යූ වෙ‍රි මච්….

මිස්ටර් සමරදිවාකර කෝල් කරලා අපිට කියපු එක හොදයි…
මිනිහා ලග පිහියක් තිබිලා තියෙනවා… ගෙදර කට්ටිය කලබල කරා නම් මිනිහා පිහියෙන් කාට හරි අනින්නත් තිබුනා..

ඒක තමයි ඉන්ස්පෙක්ටර් මට රූම් එකේ දොර අරින්න හදනවා වගේ දැනුනා..

ඊට පස්සේ හොදට කන් දෙනකොට තමයි පඩිපෙල නැගලා කව්රු හරි යනව ඇහුනේ..
ඒ වෙලාවෙම මට හිතුනා හොරෙක් කියලා..
ඒකයි වන් වන් නයින් ගහලා ඉක්මනින්ම පොලිසියට කිව්වේ…

මිනිහා ඉස්සරහ දොරෙන් මයි ඇතුලට ඇවිත් තියෙන්නේ…අපිට ගොඩාක් ලේසි කරලා මිනිහව අල්ලා ගන්න..

එසේ කියමින් අදාල නිලදාරියා සිනාසුනේ හොරා දෙස බලා උජාරුවෙනි…

මේකව අපි හොය හොය හිටියේ..

මීට සති දෙකකට කලින් එහා ලේන් එකේ ගෙයක් කඩලා මිනිහා කට්ටි පැන පැන හිටියේ..අද අතටම අහු උනා…

අනේ තැන්ක් යූ ඉන්ස්පෙක්ට්ර් ….ඒ වෙලාවේ මට මොකුත්ම කරගන්න විදිහක් නැති නිසයි වන් වන් නයින් කෝල් කලේ…

මගේ කෙල්ලෝ දෙන්නට මොකුත් කරදරයක් කරයි කියලයි මට බය හිතුනේ…

මේ කතා බහ සිදුවන අතරතුර තවත් පොලිස් නිලදාරීන් කිහිප දෙනෙක් නිවස පරික්ශා කල අතර අරුන්දීද පහලට දිව ගොස් සමරදිවාකර ව බදාගත්තේ හිතේ හටගත් බිය නිසාවෙනි..

ලොකු දූ .ඔයා නැගිටලාද හිටියේ පුතේ..
සමරදිවාකර ඇසුවේ ඇයව අතක් යවා බදා ගනිමිනි..

ඔව් තාත්තී ඒ මිනිහා මගේ රූම් එකෙත් දොර අරින්න හැදුවා.ඒ සද්දෙටයි මට නැගිට්ටුනේ…
තාත්තිට කෝල් එක දෙන්න හිතලත් ආයේ මම නොදුන්නේ තාත්ති කලබල වෙලා කාමරෙන් එලියට එද්දී ඌ මොනවහරි කරයි කියලා බයට…

මොකද කරන්නේ කියලා හිත හිත ඉද්දී තමයි පොලිසියෙන් ආවේ…

ඇය එක දිගට කියාගෙන ගියේ බියෙන් හිරවූ පපුවට සහනයක් දෙන්නට මෙනි…

දැන් ඔක්කොම හරි….බයවෙන්න.එපා..
එහෙනම් මිස්ටර් සමරදිවාකර අපි යනවා..

අනේ තැන්ක් යූ ඉන්ස්පෙක්ට්ර් ..

පොලීසියේ පිරිස හොරාවද රැගෙන පිටවන්‍යන අන්දම බලා සිටි චන්ද්‍රා බියපත් වු දෙනෙතින් නිවස තුලට විත් පුටුවෙන් ඉදගත්තේ දිගු හුස්මක් හෙලමිනි…

සමරදිවාකර ඉදිරිපස දොරට ඉහලින් හා පහලින් ඇති අගුල් දැමුවේ හොරා විසින් එහි ප්‍රදාන අගුල කඩා තිබූ නිසාය..

අම්මේ….ඇති ඔයින් ගියා….

චන්ද්‍රා එසේ කීවේ සමරදිවාකරත් අරුන්දීත් දෙස බලමිනි..

සීතම්මේ සීතම්මා නිදා ගන්න…
ඈතින් බියපත්ව සිටගෙන සිටින සීතම්මා දෙස බලා සමරදිවාකර කීවේ කරුනාවෙනි..

තාත්තී…මෙච්චර දෙයක් වෙලත් පොඩ්ඩී බලන්නකෝ නිදන් ඉන්න ලස්සන…
අරුන්දී සිනාසෙමින් කීවේ විභාශාගේ කාමරේ දෙස බලමිනි..

එයාට ඉතින් උස්සගෙන ගියත් ගානක් නෑනේ නින්ද ගියාම… හරි හරි මගේ දූ නිදා ගන්න දැන්..

හෙටම මම cctv එකක් හයිකරලා එලාර්ම් සිස්ටම් එකකුත් හයි කරනවා…

යන්න දූ නිදාගන්න..

අරුන්දී සෙමින් පඩිපෙල නගිමින් කාමරයට ගියේ මීට සුලු මොහොතකට කලින් සිදුවූ දේ සිහිනයක් මෙන් එකින් එක මතක් කරමිනි…

කාමරයේ දොර ලොක් කර ඇදෙන් දිගා වූයේ විහගට මේ විස්තරය කියනකන් ඉවසිල්ලක් නැති කමින් වුවත් මද වේලාවකින් ඇයව නිදි දෙව්දුව වැලද ගත්තේ ඇයටත් හොරාමය.

😴😴😴😴😴😴😴😴😴😴😴😴😴😴😴😴😴😴

වෙනදා උදෑසන හතට පමන අවදිවන අරුන්දී අද ඊට වඩා වෙලා යනතුරු නිදා ගත්තේ පෙර දින රාත්‍රියේ හරි හැටි නින්දක් නොවූ නිසාවෙනි..

සීතම්මා කාමරයේ දොර අසල සිට දොරට ගසන්නේ තේක ගෙනත් බව දැනගත් ඇය නිදිමතේම ඇදෙන් බැස දොර හැර සීතම්මා දෙස නොබලාම අඩවන් කරගත් දෑසින් නැවත්ත ඇදට ගොස් වැටුනේ පොඩි එකියක මෙන් හුරතල් ලෙසිනි.. ඒ තරමටම ඇයට නින්ද තද වී තිබුනි.

තේක තියලා යන්න සීතම්මේ…

නිදාගෙන උන ලෙසින්ම ඇය කීවේ දෑස් වත් නොඇරමය..

එහෙත් සීතම්මා කාමරයට ආවා මිස කාමරයෙන් පිටව ගිය පාටක් නොමැති බව ඇයට දැනුනේ වෙනදා මෙන් ලොකු බේබි තේක යැයි කීවේ නැති නිසාය….

ඇය සෙමින් ඇස්දෙක හැරියේ ඇදේ හරහට නිදාගෙන ඉන්නා ගමන්‍ ය… දෑස් දෙක අරින විට ඇය දුටුවේ ඇය කිසි සේත් බලාපොරොත්තු නොවූ දෙයකි….

22 කොටසෙන් හමුවෙමු…

අද නම් එච්චර ලස්සන නැතුව ඇති තරහ වෙන්න එපා හොදේ…😬😬

බිසී හොදටම…ඒත් ඔයාලට තියෙන ආදරේටම කොහොම හරි කතාව ලියාගත්තා…🙃🙃

හොරු පැන්නම ඔයාලා මොකද කරන්නේ ලමයි..අරුන්දි වගේ දොරවල් හොරෙන් ඇරගෙන පන්ඩිත කම් කරනවද??😂😂

කෙල්ලෙකුට නම් ඔබින්නේ නෑ ඒ සිද්දිය..ඒත් මම ලිව්වා එහෙම..කමක් නෑනේ..

එහෙනම් කතාව ගැන අදහසක් දාන්නකෝ…මම බලාගෙන ඉන්නවා..☺️☺️

ආදරෙයි ඉතින් හැමෝටම😘😘
බුදුසරණයි .. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *