අරුන්දී 22 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

22වන දිගහැරුම

💘
💘
💘
💘

ඔයා….?

අරුන්දී කලබලයෙන් ඇදෙන් නැගිට්ටේ උඩට එසවී තිබුන රෑ ඇදුමත් අතින් හදන ගමන්‍ ය..

ඇය ඇදේ ඉදගන්න ගමන් එක් අතකින් අවුල්ව තිබූ කොන්ඩය සම්පූර්නයෙන්ම ගෙන ඉදිරියට දමාගත්තාය..

ඇය දෑස් අරින විට දුටුවේ විහග සාක්කු දෙකට අත්දෙක දමාගෙන ඇද පාමුල සිට ඇය දෙස බලා සිටින අන්දමයි..

ඔහුගේ මුහුනේ සිනහවක් ඇදී තිබු අතර ඔහු කට තද කරගෙන ඇය දෙස බලා සිටින විට අරුන්දිට ලැජ්ජා හිතුනි…

හරි නරකයි….හොරා වගේ ආවනේ….

මෙන්න ගෑනු ළමයි…කාමරේට ආවේ කව්ද කියලවත් ගානක් නෑ…
දොර ඇරියා කෙලින්ම ගිහින් ඇදට වැටුනා…
කකුලුත් උඩ දාගෙන නිදී..

අනේ..ඉතින්…නිදි මතේ හිටියේ…මම හිතුවේ සීතම්මා කියලා….

සීතම්මා…හොද සීතම්මා…අපරාදේ ඊයේ ආපු හොරා එන්න තිබ්බේ….
හිටපු විදිහ දැක්කනම් ඌ ..

විහග තවමත් ඇද පාමුල ඉදගෙන කියවමින් ඇය දෙසම බලා සිටියේ බොරුවට ඔරවගත් ගමන්‍ ය…

ඔයා කොහොමද හොරා ගැන දන්නේ…කව්ද කිව්වේ??

අරුන්දී ඇදේ ඉදගනිමින් ඇසුවේ විහගටත් ඇදෙන් ඉදගන්න යැයි කියන ගමන්‍ ය…
විහග හිටගෙන උන් තැනින් ඇවිදගෙන විත් ඇය අසලින්ම ඉද ගත්තේ ඇගේ නහයද මිරිකන ගමන්‍ ය..

ආව්….රිදුනා…

විහග ඇය දෙස බලා සිනාසුනා මිස කිසිවක් නොකීවේය..

හොරගෙඩියා..එනවා කියලා කිව්වෙත් නැතුව ආවා..

නෑ නෑ අද හවස මේ පැත්තේ එන්න හිටියේ ඊයේ නයිට් නිසා..
ඒත් අන්කල් උදෙන්ම කෝල් කරලා කිව්වා ඊයේ ආපු හොරා ගැන..
ඉතින් මම කෙලින්ම මෙහෙට ආවා..

උදෙන්ම දුවගෙන ආවේ බය උනා නේ හොරා මාව උස්සගෙන ගියා කියලා?

අරුන්දී එසේ කියමින් යටැසින් විහග දෙස බැලුවේ ඔහු කියන පිලිතුර බලාපොරොත්තුවෙනි…

ඔව් ඔව් ඌට වෙන වැඩ නෑ මෙයාව උස්සගෙන යන්න…

ආ…එහෙමද මහත්තයෝ හිතාගෙන ඉන්නේ..?

ඇයි දෙයියනේ මේ මම ඉද්දි ඌ මොකටද ඔයාව උස්සන්නේ…

කියමින් විහග එක පාරටම නැගිට අරුන්දිව හරහට උස්සා ගත්තේ ඇය කකුල් දෙක ගසමින් ඔහුගේ උරහිසට ගසන අතර වාරෙයේදීය…

අනේ මම වැටෙයි බිම තියන්න…විහග…
තියන්න බිමින්…

බෑ….තියන්නෙම නෑ…..

මේ විකාර කරන්න එපා..නන්ගි වත් ආවොත් ලැජ්ජාවෙ බෑ…
අනික මම නයිටි එක පිටින් තියන්නකෝ බිමින්… මේක උඩත් ගිහින් අයියෝ…

ඉතින් හොදයි නේ…. එසේ කියමින් විහග ඇයව ඔසවාගෙනම ඇද අසලින් මදක් ඈතට ගියේය..

ඔහු ඇගේ මුහුන දෙසම බලා සිටියේ ඇගේ දැගලිල්ල නවතිනකන්‍ ය…

අරුන්දී දගලලා දගලලා බැරිම තැන නිහඩව ඔහුගේ බෙල්ල වටා අත් දෙක දාගත්තේ ඔහුගේ මුහුන දෙස බලාගෙනය…

මොකෝ දගලලා ඉවරද…??

හ්ම්…ඉවරයි….එහෙනම් දැන් වඩාගෙනම ඉන්න..ආසාවනේ…

කියමින් අරුන්දී ඔහුගේ උරහිසෙහි ඔලුව තබා ගත්තේ පොඩි එකියක මෙනි…

විහග තම මුහුන අසලම තිබෙන ඇගේ සුදු කම්මුලට හාදුවක් දුන්නේ ඇය නිසොල්මනව සිටින අතරතුරදීය..

එහෙත් ඇය එය නොදැනුනාක් මෙන් හිස ගසාගෙනම සිටියේ සිනහව තද කරගෙනය..

විහග නැවතත් ඇගේ කම්මුලේ ඔහුගේ නිකට ඇතිල්ලුවේ ඇයව ඔසවාගෙන හිදින ගමන්මය..

ආව්….රැවුල ඇනෙන කොට රිදෙනවා….

රිදෙන්න තමයි කලේ….හොර පූසී වගේ ඉන්න විදිහ…

එක් වරම දොර දෙසට කව්රුන් හෝ ඇවිදගෙන එන හඩ ඇසුන නිසා විහග අරුන්දීව බිමට තැබුවේ ඒ විභාශා යැයි සිතාය..

දෙදෙනාම ලොකුකරගත් ඇස් වලින් දොර දෙස බලා සිටියේ එන්නේ කව්රුන්දැයි කුතුහලයෙනි..

ලොකු බේබී….

ඒ සීතම්මාය..
ඇය කාමරයට ඇතුලු වන්නට මදක් ඈත සිටම එසේ කතා කරමින් දොර අසලට ආවේ විහග කාමරේ ඉන්නා බව දන්නා නිසාය..

සීතම්මේ ගෙන්න තේක…
අරුන්දී වචන ගැට ගැසුවේ ලැජ්ජවෙනි…

ඔන්න විහග මහත්තයාගේ තේකත් මෙතනටම ගෙනාවා…

හරි සීතම්මේ…මම පහලට එන්න ගියේ…

විහග හොරෙන් අරුන්දී දෙස බැලුවේ සිනාසෙමිනි..

සීතම්මා සිනහවෙමින් කාමරයෙන් පිටව ගියේ වයසත් සමග තරුණයන්ගේ කියුම් කෙරුම් ඇයට හන්ගන්නට නොහැකි බව සිතෙන් සිතමින් මෙනි…

අරුන්දී කණ්ණඩි මේසය උඩ තිබූ තේක ගෙන ජනේලය අසලට ගියේ එක් අතකින් එහි තිරය මෑත් කරමිනි…

ඒ මොහොතේ විහග ඇගේ පිටුපසින් ගොස් බදවටා අත් දෙක යවමින් ඇයව බදා ගත්තේ අරුන්දී එය බලාපොරොත්තු වූ බව දැනගෙන මෙනි..

ඇගේ උරහිස උඩින් ඔහුගේ නිකට තබාගෙන මදවේලාවක් සිටි විහග ඇගේ උරහිසට හාදුවක් දුන්නේ ඇයව කිති කවන ගමන්‍ ය..

ඇය ඇදගෙන උන් නයිට් ගවුමේ හීනි පටි නිසා ඇගේ ඉරහිස් හොදින්ම නිරාවරනය වී තිබුනු නිසා ඇයගේ ඇගේ උනුසුම විහගට හොදින්ම දැනෙන්නට විය.

අරුන්දී උරිස් හකුලුවා ආසාවෙන් එය විද දරාගත්තේ තේ කෝප්පය විහගගේ මුවට ලන් කරන ගමන්‍ ය..

ඉන් තේ උගුරක් බිව් විහග ඇයව එසේ බදාගෙනම ඇගේ උරහිස මත මුහුන තබාගෙන සිටින්නට වූයෙන් අරුන්දී තේ උගුරක් බොන්නට කෝප්පය මුවට ලන් කරගත්තාය…

මම වොශ් දාගෙන එන්නම් මහත්තයෝ …

ඕනේ නෑ….ඔහොම ඉමු….

අනේ මම නාලා එන්නම්…ඔයා පහලට වෙලා ඉන්නකෝ…
අරුන්දී ඔහුගේ කම්මුලක් සිප ගනිමින් කීයා නැවතත් තේ උගුරක් බිව්වාය..

හ්ම්…එහෙනම් ඉක්මනට නාලා එන්න…ගෙදර යන්නත් ඕනේ දොයි මතයි මට …

හරි කෝ අතාරින්න ඉතින්…

බෑ…

එතකොට මෙහෙමද මම නාන්න යන්නේ…?

ඇය කිවේ ඉනට අත් දෙක තබාගනිමිනි..

වෙඩ්ඩින් එකෙන් පස්සේ එහෙම තමා කොහොමත් නාන්නේ…

කියමින් විහග ඇගේ බෙල්ල සිපගෙන සිට ඇගෙන් මෑත් වුයේ සිනහාසෙමින් එක් අතකින් කොන්ඩයද හදා ගනිමිනි..
ඔහුගේ මුහුනින් ගතේ වෙහෙස මනාවට පෙනුනේ ඇස් දෙකත් රතු වී වෙහෙසකර බවක් පෙනුන නිසයි…

මම ඉක්මනට එන්නම්…ඔයා පහලට යන්නකෝ….බලන්න ඔයාට හොදටම මහන්සි පාටයි…

ඕනේ නම් මට එන්නත් පුලුවන් උදව්වට අපි බැදලනේ ඉතින් ඉන්නේ.. කාගෙන් වත් අවුලක් නෑනේ…
විහග එසේ කීවේ තොල්පට හපන් සිනහවක් නගාගෙනය..

හිතන් ඇති….

ඇය කට ඇද කරමින් රාක්කයේ තිබූ තුවායද ගෙන නාන කාමරය දෙසට යන්නට වූයේ විහග දෙස හැරි හැරී බලන ගමන්‍ ය..

විහගද සිනහවක් නගාගෙන කාමරෙන් පිටතට පැමිනියේ තේ කෝප්පයත් අතැතිව පහල මාලයට බැසීමට සිතාගෙනය…

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

එදින සමරදිවාකරටත් නිවාඩු දිනයක් වූ බැවින් චන්ද්‍රා සහ ඔහු පෙර දිනයක කතිකා කරගත් පරිදි ජෝතිර්වේදියෙක් හමුවීමට වෙලාවක් වෙන් කරගත්තේ අරුන්දිගේ වෙලාව බලා ගනීමටයි..

චන්ද්‍රා උදෙන්ම නැගිට මුහුන කට සෝදා ලක ලැහැස්ති වුනේ සමරදිවාකර සමග එහි යාමට සිතාගෙනයි…

ඔවුන් ලැහැස්තිවී එලියට බසින්නට සැරසෙත්ම අරුන්දී ඉහල මාලයේ සිට පහලට බැස්සේ ඔවුන් දෙස බලාගෙනමය..

තාත්තිලා කොහේ යන්නද??

ආ..පුතේ අම්මයි මමයි ඔයාගේ වෙලාව පොඩ්ඩක් බලාගෙන එන්නම්…

මගේ වෙලාව..ඒ මොකටද? අනික හදිස්සියෙන්ම.??

හදිස්සියක් නෙවේ පුතේ..

ඔයාගෙයි විහගගෙයි වෙඩින් එක ගන්න හොද කොයි කාලේ වගේද කියලා දැනගන්නයි යන්නේ…
නැතුව එකපාරටම වෙඩින් ගන්න බෑනේ ආවාට ගියාට…

චන්ද්‍රා එසේ කියමින් අතේ රැදි බුලත් හුරුල්ල සකස් කරගත්තාය..

ඉක්මනින් එන්නම්.පරිස්සමින් ඉන්න ..
එසේ කියමෛන් සමරදිවාකර ඉදිරිපස දොරෙන් පිටතට බැස්සේ කාරයේ යතුරද අතැතිවය..

චන්ද්‍රාද ඔහු පසු පස ගොස් පෝටිකෝව යට නවතා තිබූ කාරයට නැග්ගේ කලබලෙන් මෙනි…

අරුන්දී දොර අසලට විත් ඔවුන් යන දෙස බලා සිටියේ හිතේ හටගත් සතුටත් සමගිනි..

😍😍😍😍😍😍😍😢😍😍😍😍😍😍😍😍😍😍

චන්ද්‍රාත් සමරදිවාකරත් මොරටුව ආසන්නයට වන්නට තිබුන අතුරු පාරකින් සෙමින් ඉදිරියට කාරය පැදගෙන ඉදිරියට ඇදුනේ ජෝතිර්වේදියාගේ නිවස පිහිටි ස්තානය හරි හැටි මතකයක් නොවූ නිසාය..

අන්න අරක නේද තැන…
චන්ද්‍රා ඉදිරියේ තිබුන කලු පාට ගේටුවක් පෙන්වමින් අත දික්කර පෙන්නුවාය..

හ්ම්ම්…ඔව් නේද…ගෙවලුත් වෙනස් වෙලානේ…ඒකයි හොයා ගන්න බැරි…

සමරදිවාකර යුවල දෙමහල් නිවසක් ඉදිරිපිට කාරය නවතා ඉන් බැස්සේ ගේ දෙස විපරමින් බලමින්‍ ය…

එවිට ඔවුන් දුටුවේ මිනිසුන් කීප දෙනෙක් නිවසේ පැත්තකට වන්නට සාදන ලද කාමරයක් ඉදිරිපිට ඉදගෙන සිටින බවයි..
නිවසට ඇතුලු වන ගේට්ටුව ට පසෙකින්
කොට්ටල්දෙනිය ජොතිශය කාර්‍යාය කියා බෝඩ් එකක්ද ගසා තිබුනි..

හරි හරි මේක තමා තැන..අර මිනිස්සුත් ඉන්නේ එලියේ ඉදගෙන…

එසේ කියමින් සමරදිවාකර චන්ද්‍රා සමග ගේට්ටුවෙන් ඇතුලට ගියේය..
ඔවුන්ගේ වාරය එන තුරු දෙදෙනා එලියේ තබා තිබුන පුටුවක වාඩිවී සිටියෝය…

මේ අවුරුද්දේ හරි ඊලග අවුරුද්දේ මුල වගේ වෙඩ්න් එක ගන්න තිබුන නම් හොදයි නේද සමරේ..

හ්ම්….බලමුකෝ …දුවගේ අපල එහෙම කොහොමද දන්නේ නෑනේ….

කෙල්ලගේ නම් වැඩි කැමැත්තක් නෑ දැන්ම බදින්න…තවම පොඩි එකී වගේ හුරතලේ…

හ්ම්…ඒ උනාට වයස ගිහාම කෙල්ලෙක්ගේ ලස්සන නැතිවෙනවා සමරේ.

මෙලෙසින් දෙදෙනා කතා කරමින් සිටින විට ඔවුන්ගේ වාරය පැමින ඇති බව හැගුනෙන් දෙදෙනාම නැගිට කාමරයට ඇතූලු වන දොර වෙත ගියෝය…

ආ…එන්න එන්න සමරදිවාකර මහත්තයා….

කොහොමද මිස්ටර් කොට්ටල්දෙනිය…
කියමින් සමරදිවාකර ඇතුලට ගොස් පුටුවේ වාඩි වූයේ අතේ රැදි බුලත් හුරුල්ල කොට්ටල්දෙනියට දෙන ගමන්‍ ය.චන්ද්‍රාද ඔහු පසු පස ගොස් ඒ අසල පුටුවේ වාඩි විය…

ඉතින්…ගොඩ කාලේකින් මේ පැත්තේ….

ඔව් මිස්ටර් කොට්ටල්දෙනිය අපේ ලොකු දුවගේ වෙලාව පොඩ්ඩක් බලා ගන්න ආවේ….
වෙඩ්න් එක ගන්න එහෙම හොද කාලේ මොකද්ද කියලා එහෙම දැන ගන්න…

එහෙමද දැන් දුවලා දෙන්න එච්චරට්ම ලොකු උනාද…මට මතක පොඩි කාලේ…..

ඒකනේ දැන් ලොකු දුවට 25යි.. පොඩ්ඩී 21 යි..

අප්පා ලොකු දුවලා දෙන්නෙක්නේ දැන් සමරදිවාකර මහත්තයාට ඉන්නේ…
කෝ බලමුකෝ එහෙනම් කොහොමද මේ කාලේ කියලා…

අරුන්දිගේ වේලපත්කඩය දිග හැර ගනිමින් කොට්ටල්දෙනිය ඒ දෙස උවමනාවෙන් බලා ඉන්නට විය…

මද වේලාවක් ඒ දෙස බලා සිටි ඔහු හිස ඔසවා සමරදිවාකර යුවල දෙස බැලුවේ දමාගෙන සිටින කන්නාඩිය අතින් හදාගන්නා ගම්න්‍ ය..

සමරදිවාකර මහත්තයෝ දුවට මාරක අපලයක් ගෙවිලා තියනවා…
දරුවා අඩුම තරමේ එක තැන් වෙලා හරි ඉන්න ඕනේ …
ඒ තරම් අපල කාලයක් ගෙවීගෙන යන්නේ…

කොට්ටල්දෙනිය එසේ කියන විට සමරදිවාකර යුවල එකිනෙකාගේ මුහුනු බලා ගත්තේ පසුගිය කාලයේ සිදුවූ කරදර මතක් වීමෙනි..

හිත් කරදර ලෙඩරෝග , මානසික පීඩා ඒ කාලේ ඇතුලත දරුවා මූන දෙන්න ඇති…

හැබැයි දැන් ලමයගේ හොදකාලේ ටිකෙන් ටික එනගමන් තියෙන්නේ….
මේ මාසේ 28 න් පස්සේ දරුවට හොදටම හොදයි…

සමරදිවාකර යුවල සැනසුම් සුසුම් හෙලුවේ ඒ මොහිතේදීය..

එතකොට මිස්ටර් කොට්ටල්දෙනිය දුවගේ වෙඩ්න් එක ගන්න හොද කාලේ මොකද්ද??

කොට්ටල්දෙනිය නැවතත් වඩාත් හොදින් වේලපත්කඩය දෙස බලා හිද යමක් තහවුරු කරගත්තාක් මෙන් හිස සොලවා සමරදිවාකර දෙස බැලුවේ සිනා මුසු මුහුනකිනි..

ලබන අවුරුද්දේ මැයි ජූනී මාස දෙකම දරුවට හොදයි…

කව්රුහරි පිරිමි දරුවෙක් කසාද බදින්න ඉන්නවනම් ඒ කෙනාගෙත් වේලපත්කඩේ ගේන්න දෙන්නටම හොද කාලේ බලලා වෙඩින් එක ගන්න පුලුවන්නේ එතකොට…

දුව දැනට නම් යාලු වෙලා ඉන්නේ මිස්ටර් කොට්ටල්දෙනිය …
ගෙවල් වලිනුත් කැමතී…
අපි ආයෙම ඒ දරුවගෙත් වෙලා කොලේත් ගේන්නම්කෝ….

ඔව් ඒක හොදයි….හැබැයි පොඩි පරහක් තියෙනවා සමරදිවාකර මහත්තයෝ…

කොට්ටල්දෙනිය බැරෑරුම් මුහුනක් මවාගනිමින් කීවේ සමරදිවාකර යුවල දෙස උවමනාවෙන්ම බලන ගමන්‍ ය..

මො..මොකද්ද මිස්ටර් කොට්…ටල්දෙනිය..

මේකයි දුවගේ කේන්දෙරේ පහුගිය කාලේ ගොඩක් අපලයි කියලා මම කිව්වේ…

ඒ කාලේ ඇතුලත ගොඩාක් දුක් කරදර එන්න ඇති..මම අහන්නේ නෑ ඒ මොනවද කියලා..

හැබැයි මේ දරුවගේ කේන්දරේට අනූව මේ ලමයගේ ජීවිතේට සම්බන්ද වෙන පලවෙනි පිරිමියා මේ දරුවා එක්ක වැඩි කල් ඉන්නේ නෑ…

ඒක මට ඉස්තීරෙටම කියන්න පුලුවන්..
තරහා වෙන්න එපා සමරදිවාකර මහත්තයෝ…

සමරදිවාකර පුදුමයෙන් කොට්ටල්දෙනිය දෙස බලා සිටියේ මයන්ත ඔහුගේ මනසට ආ නිසාය..

දැන් මේ බදින්න ඉන්න පිරිමි දරුවා මේ ලමයගේ පලවෙනි ආදරයද?? ඒක ගැන දන්නවද මොකක් හරි…

මේකයි මිස්ටර් කොට්ටල්දෙනිය …
සමරදිවාකර බැරෑරුම් මුහුනක් මවාගෙන කතාවකට මුල පිරුවේය..

ඇත්තටම අපේ දුව මීට කලින් පිරිමි දරුවෙක් එක්ක සම්බන්දයක් පවත්වගෙන ගියා..

ඒ මගෙත් හිතවතෙකුගෙම පුතෙක්..
අපිත් කසදෙට කැමැත්තෙන් හිටියේ…
ඒත්.. ඒ දරුවා ගිය අවුරුද්දේ නැති උනා..කැන්සර් එකකින්..

හ්ම්…ඒක තමයි මම කිව්වේ මේ දුවගේ කෙන්දරේ තියෙන විදිහට පලවෙනි පිරිමියා එයා එක්ක වැඩිකල් ඉන්නේ නෑ.ඒක ඵල දෙන්නේ නෑ එක්කෝ ඩිවොස් වෙනවා නැත්තම්…

නැත්තම් ප්‍රේම සම්බන්දේ කැඩෙනවා එහෙමත් නැත්තම් තේරෙනවා….
ඇතිනේ සමරදිවාකර මහත්තයෝ..
ඔහු කීමට ගිය දේ ගිලගෙන එසේ පැවසුවේ කන්නඩිය හදමිනි..

හැබැයි ඉරනම් කාරයා එන්නේ ඊට පස්සේ…දුවට සැප සම්පත් හැම දෙයක්ම අඩුවක් නැතුව ලැබෙනවා..ඒක ඉස්තීරයි..

ඔව් මට තේරෙනවා…මට දැනගන්න ඕනේ මේ කාලේ කොහොමද කියලා…
පහුගිය දේවල් වලට විදවලා දුව දැන් හිත හදාගෙන ඉන්නේ..

ඒක තමයි මම කිව්වේ දැන් තමයි දුවට හොද කාලේ එන්නේ..
බදින්න ඉන්න පිරිමි දරුවගේ වෙලා කොලෙත් ගේන්න දෙන්නටම හොද කාලේ බලලා බන්දමු..

කොට්ටල්දෙනිය එසේ කියා සිනසුනේ සමරදිවාකර යුවලගේ මුහුනෙත් සිනහා සේයාවක් අදිමිනි…

😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇

අරුන්දී දෙමාපියන් නිවසෙන් පිටත්වගිය පසු කෙලින්ම ඇමතුමක් ගත්තේ විහගටය..

හෙලෝ ඔයා බිසීද බබා…

නෑ..කියන්න මැනික…..

අම්මලා අද උදෙන්ම ගියා වෙලාව බලන්න..

ආ…ඒ මොකෝ හදිස්සියෙන්ම??

අපේ වෙඩින් එක ගන්න හොද කොයි කාලෙද බලන්න..සමහර විට එන ගමන් ඔයාලගේ ගෙදරත් ගිහින් එයි…

ම්…. එහෙනම් මම හිතපු දේ හරි…

මොකද්ද ඔයා හිතුවේ???

නෑ ඉතින් ඔයාව ඉක්මනට මගේ ලගට ගන්න ඕනේ කියලා හිතපු එක…ඇයි නරකද??

අරුන්දී සිනාසුනා මිස කිසිවක් නොකීවාය…

අම්මලා ආවාම විස්තර කියන්නම්කෝ ….ඉතින් මොකද අද වැඩ වැඩිද???

වෙනසක් නෑ…. දැන් ලේබර් රූම් එකේ ඉදන් ආවේ..අද ලේබර් රූම් එකේ ඇදන් ඔක්කොගෙම අම්මලා..

එහෙමද…මේ ඒක නෙවේ බබාලා හම්බවෙනවා දකිද්දි බය නැද්ද අප්පා..

නෑ බබා ඒවා හුරුයි දැන්…

අම්මෝ දවසක් මම ඉන්ටනෙට් එකේ එහෙම එකක් දැකලා කල්න්තේ වගෙත් ආවා…මම නම් බබයයි…

අයියෝ ඔහොම කියලා හරි යන්නේ නෑ…
ඔයාටත් මේ දේට මූන දෙන්න වෙනවනේ මැණික කවදහරි..

අනික කිසි දේකට බය වෙන්න එපා මම ඉන්නවනේ….

අම්මෝ ඔයා නම් කියයි බබා…අනේ මන්දා බලමු බලමු…
අරුන්දී එසේ කීවේ සිනහවෙමිනි..

මෙලෙසින් මද වේලාවක් ඇමතුමේ රැදී සිටි දෙදෙනා හිත සතුටින් ඇමතුම් විසන්දි කලේ දෙදෙනාගෙම විවාහය ගැන සිහින දකිමිනි…

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

සමරදිවාකර යුවල කොට්ටල්දෙනියගේ නිවසින් එලියට ආවේ සැනසුම් සුසුම් හෙලමිනි..

මෙතරම් අපල කාලයක් ගෙවී ගොස් අද තම දරුවා ජීවතුන් අතර සිටීමද ඔවුනට සැනසුමට කාරනයක් විය…

දෙදෙනාම කාරය අසලට එන විට එක් වරම සමරදිවාකර දුටුවේ පාරේ අනෙක් පසින් ගමන් කරනා කාන්තාවකි…

ඈ දෙස ඔහු උවමනාවෙන් බැලුවේ දරුවෙකුද වඩාගෙන ඇය අනෙක් අතින් බඩුමල්ලක්ද එල්ලන යන්නේ ඉතා අපහසුවෙන් බව දුටු නිසාය

හානේ චන්ද්‍රා අර …

23 කොටසෙන් හමුවෙමු….

කව්රු වෙන්න ඇද්ද ඒ යන්නේ..ළමයි කියමු බලන්න…🤔🤔

ඔයාලගේ ප්‍රතිචාර වලට බොහොම ස්තුති යාලුවනේ…😘😘😘

කතාව ගැන අදහස් කියන්න හොදේ..මම බලාගෙන ඉන්නවා😀😀

ආදරේයි හැමෝටම😘😘
බුදුසරණයි … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *