අරුන්දී 24 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

24 වන දිගහැරුම

💘
💘
💘
💘

හෙලෝ…

හෙලෝ අරුන්දී…..

ඔව්….කව්ද මේ??

අරුන්දී මම ඩිනායා…

ඩි..ඩිනායා….දෙයියනේ …ඔයා..??

ඔව් අරුන්දී මට…මට ඔයා එක්ක දෙයක් කතා කරන්න ඔනේ….

කියන්න….

මෙහෙම බෑ….අපි කොහෙදි හරි මීට් වෙමුද?

ම්ම්ම්…හරි ….එහෙනම් මේ ඉරිදා පාර්ක් එකට එන්න දහය වෙද්දී මම එන්නම්…

හරි අරුන්දී…එහෙනම් ඉරිදට හම්බවෙමු…

ඩිනායා ඇමතුම විසන්දි කල පසුත් අරුන්දී මොබියිල් එක අතේ තියාගෙන ජනේලයෙන් ඈත බලාගෙන කල්පනා කලේ ඩිනායා ගැනය…

එයාට මොනවද මට කියන්න තියෙන්නේ..??
කොහෙද එයා ඉන්නේ කියලවත් අහගන්න බැරි උනා..ශික්…. මොකක් නමුත් ලොකුදෙයක් තියෙනවා ….
බලමු හම්බවෙලාම තමයි ඉතින් දැනගන්න වෙන්නේ….

එසේ සිතමින් අරුන්දී ඇදෙන් ඉද ගත්තේ ඉරිදා ඩිනායා හමුවීමට යාමට තරයේ සිතා ගනිමිනි…

🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

එදින විහගටත් නිවාඩු දිනයක් වූ බැවින් විහග අරුන්දිගේ නිවසට ආවේ පෙර දිනයේදී කතිකා කරගත් පරිදි චිත්‍රපටයක් නැරබීමට යාමටයි…

විහග නිවසට එන විටත් අරුන්දී ලැහස්තිවී සිටියේ ඔහුත් සමග කාලය ගත කිරීමට තිබුන කැමැත්ත නිසාමය…

විහගගේ කාරය මිදුලේ නවත්වන විට අරුන්දී නිවසෙන් එලියට බැස්සේ චන්ද්‍රාට අත වනමිනි…

විහග කාරයේ විදුරුව පහත් කර චන්ද්‍රා දෙස බැලුවේ සිනහවක් නගාගෙනය…

ආන්ටි එන ගමන් ගෙට එන්නම්..දැන් පරක්කු වෙලා…

හරි පුතේ පරිස්සමින් දෙන්නා ගිහින් එන්න…

ඒ වන විටත් අරුන්දී අනෙක් පසින් කාරයට ගොඩවෙමින් සිටියාය…

ඇය කාරයට නගින විට මුලු රථයම ඇය දමාගෙන සිටි විලවුන් සුවදින් පිරී ගියේ විහගගේ සිතත් ගතත් දෙකම ප්‍රභෝධයට පත් කරමිනි..

අම්මේ…සුවද මෙයාගේ…..
ඔහු ඇය දෙස හැරී කීවේ ඇයගේ හැඩ බලන ගමන්‍ ය…

නිල් පැහැති ඩෙනිම් කලිසමකට රෝස පැහැති අත් කොට බ්ලවුසයක් ඇද සිටි ඇය දුටු විටම විහගගේ සිත ඇද ගත්තේ මොන ඇදුමින් සැරසුනත් ඇය ලස්සන නිසාවෙනි…

කොන්ඩය උඩට වන්නට ගැට ගසා එක් කෙස් රොදක් පමනක් නලල අද්දරින් මුහුනට වැටෙන්න ඔන්න මෙන්න ලෙස කන පිටුපසට දමා තිබීමෙන් ඇගේ මුහුනට අමුතු ලස්සනක් එක් කරන ලදී..

යමු…. ඉදිරි අසුනේ ආසන පටිය ඇග හරහා දමා ගන්නා ගමන් අරුන්දී කිවේ විහග දෙස බලාගෙනමයි…

ඒ මොහොතේ විහගද චන්ද්‍රා දෙස බලා හෝන් එකක් ගසමින්ම ගේට්ටුවෙන් කාරය එලියට ගත්තේ අරින ලද වීදුරුව වසාගන්නා ගම්න් ය..

ඒ මොහොතේ අරුන්දී විහග දෙස බැලුවේ ඔහු කාරය පදවන අන්දමයි…

කලු පාට අත් කොට ශර්ට් එකට ක්‍රීම් පාට කලිසමක් ඇද සිටි ඔහු කාරය පදවන විට අමුතුම ලස්සනක් මෙන්ම පෞරුෂයක් පෙනුන නිසා අරුන්දී ඔහු දෙසම බලා සිටියේ වශී වුනාක් ලෙසිනි…

මොකෝ….භාවනා කරනවද???
විහග සිනාසෙමින් ඇයදෙස බලා ඇසුවේ හිසත් හරවන ගම්න්‍ ය..

නෑ දොස්තර මහත්තයාගේ ලස්සන බැලුවේ…

අම්මේ මගේ ලස්සනක් කිව්වමද කොහෙද…

ඉතින් ඔයා මගේ හැන්ඩ්සම් නේ….
කිව් අරුන්දී ඔහුගේ ගෙල පිටුපස අතින් කිති කවමින් සිනාසුනාය..

ඔය ඉතින් එක එක එවා කරලා මාව අවුස්සගත්තොත් ඔන්න මම දන්නේ නෑ….

අවුස්ස ගන්න තමයි ඕනේ….
ඇය කීවේ යටැසින් ඔහු දෙස බලා කට ඇද කරමිනි…

ම්ම්ම් හැදිලා ඉන්නවා දැන් ගානට…..
දෙදෙනාම හිනා උනේ එකවිටයි…

ඒක නෙවේ කොහෙද යන්නේ දැන්??

ම්ම්ම් සවෝයි යමු නේ…

හා…..කියමින් අරුන්දී විහගගේ ගෙල පිටුපස තිබූ අතින් ගෙල අතගාමින් ඉදිරිය බලා යන්නට වූවාය…

දෙදෙනාම් හොරා භාගයක් පමන යන විට සවෝයි සිනමා ශාලාව අසලට ආවෝය..
කාරය නවත්වා දෙදෙනාම ඒ දෙසට ගියේ අත්වැල් බැදගෙනය…

හාලෝ මචන් විහග…..උබ දැක්ක කල්….

අරුන්දීත් විහගත් ඉදිරියට ආවේ කඩවසම් බවින් යුත් තරුනයෙකි…

ඔහුඇද සිටි බොඩිෆිට් ටීශර්ට් එක නිසා ඔහුගේ ශක්ති සම්පන්න ශරීරය මනාව ඉස්මතු වී පෙනුනි…

අම්මේ…මචන්….ගිය පාර OBA party එකේදී හම්බුනාට පස්සේ අදනේ හම්බඋනෙ…

එසේ කියමින් විහග ඔවුන් ඉදිරියේ සිටි තරුනයාව බදා ගත්තේ පිටට තට්ටු කරනා ගම්න්‍ ය…

ඉතින් ඉතින්….මේ ….?

එම තරුනයා අරුන්දී දෙස බැලුවේ මේ කව්ද අසන්නාක් මෙන් මුහුන හදාගෙනයි…

මේ මගේ වයිෆ් බන්…

අම්මට සිරි එල එල බන්..උබෙ වෙඩ්න් එක තිබ්බ කියලා දන්නෙත් නෑ…

නෑ මචන් එන්ගේජ් උනේ..වෙඩින් එක ජූන් වල..

ඉතින් උබ මෙහෙ….

ඔව් යාලුවෝ එක්ක සෙට් වෙලා ආවා ෆිල්ම් එක බලන්න…

අරුන්දී මේ දෙදෙනාගේ කතාව දෙස බලා සිටියේ කලකින් හමුවුන මිතුරන් දෙදෙනාගේ රස කතා වලට හිනැහෙන ගමන් ය..

මේ සැරේ ගෙට් එකට එනවද….?

ඔව්.ඔව් නැතුව..මේ සැරේ මෙයාවත් එක්කගෙන එනවා….

කියමින් අරුන්දීව පෙන්නා විහග ඇගේ කර හරහා අත දමාගත්තේය..

මරු..අපිටනම් එක්ක එන්න කෙනෙක් නෑ තවම…
අපේ බැචාලා ගොඩක් දැන් මැරි කරලා..සමහරුන්ට බබාලාත් ඉන්නවා…

ඒකනේ ඒකනේ….හරි බන් එහෙනම් එදාට සෙට්වෙමු….

විහග එසේ කියමින් නැවතත් ඒ තරුනයාව බදා ගන්නට වූ අතර ඔහු අරුන්දී දෙස වඩාත් උවමනාවෙන් ඒ මොහොතේ බැලුවේ ඇගේ ලස්සන ඕනෑම පිරිමියෙක් දෙවරක් හැරී බලන්නට තරම් පෙලබවන නිසා විය හැක…

ඔහුගේ බැල්මට ලැජ්ජවෙන් මෙන් අරුන්දී බිම බලාගත්තේ වෙන කරන්නටම දෙයක් නොවූ නිසාය..

යන්නම් නන්ගී…
කියමින් ඔහු අරුන්දී දෙස බලා සිනා සුනේ යන්තමින් වුවත් ඒ සිනහවේ මොකක්දෝ අමුත්තක් අරුන්දිට වැටහෙන්නට එතරම් වෙලාවක් ගියේ නැත…

තරුනයා පිටව ගියේ ටිකට් කවුලුව අසලට වූ අතර එයින් ටිකට් රැගෙන ඔහු සමග පැමිනි තවත් යහලුවන් සිව් දෙනෙක් සමග සිනමා හලට ඇතුලු වන්නට විය..

අරුන්දීත් විහගත් කලින් ටිකට් ඔන්ලයින් බුක් කර තිබු නිසා පහසුවෙන්ම සිනමා හලට ඇතුලු වූවෝය…

සිනමා ශාලාව අදුරේ ගිලී තිබූ අතර විහගගේ අතේම එල්ලී අරුන්දී ඔවුන්ගේ වෙන්කරන ලද ආසම වෙත ගියේ හිතේ ඇතිවුන දෙගිඩියාවත් සමගය..

ඒ තරුනයාගේ බැල්ම ඇයට කිසි සේත්ම සිත් ගත්තේ නැත…

ඒ කොල්ලා මං දිහා බැලුවේ මහ වල් විදිහට..ශික් …මෙයාගේ යාලුවෙක්ද කියලා හිතෙනවා.ඒ තරමට රස්තියාදු පාටයි…

අනේ මන්දා මෙයගෙත් යාලුවෝ එක එක විදිහ..

මේ යනාදී ලෙසින් හිතමින් ඇය විහගගේ අතේ එල්ලී ගෙනම අදාල ආසනය වෙතට ආවාය..

ඉදගන්න….

කියමින් විහග ආසනයේ ඉදගත්තේය..
අරුන්දීද ඔහුගේ යාබද අසුනේ ඉදගතාය..

ඉදිරිපස තිරයේ ඉදිරියට පැමිනීමට නියමිත චිත්‍ර පට වල දැන්වීම යන දෙස බලා සිටි අරුන්දී එක් වරම ගැස්සී ගියේ විහග ඇගේ කර වටා අතක් යවන විටයි..

මොකෝ බය උනේ….

ඔහු ඇසුවේ ඇයව තමා දෙසට තුරුලුකරගන්නා ගම්න්‍ ය..

නෑ…මම අර ඇඩ් එක දිහා බලාගෙන හිටියේ…
මේ බබා.අර හම්බුනේ කව්ද??

ඇගේ හිතේ හිරකරගෙන උන ප්‍රශ්නයට පිලිතුරු බලාපොරොත්තුවෙන් විහගගේ මුහුන දෙසම ඈ බල සිටියාය..

ආ…ඒ විශ්ව…. අපේ ඉස්කෝලේ යාලුවෙක්…

අපෝ ඒ මිනිහා රස්තියාදු පාටයි…
අරුන්දී මුහුනත් හකුලුවා කීවේ ඒ තරුනයා කෙරෙහි අප්‍රසාදය සිතේ ගොනු වී තිබූ නිසායි.

ඔව් ඌ ටිකක් එහෙම තමයි..ඒත් සල්ලි කාරයා..ඒකයි එහෙම සෙල්ලක්කාර වෙලා තියෙන්නේ…

අපෝ ඔයාගෙත් යාලුවෝ…

එසේ කිව් අරුන්දී ඔහුගේ උරහිසට හිස තබා ගත්තේ ඔහුගේ සෙන්ට් එකේ සුවද විද ගනිමිනි….

ඒ අතර චිත්‍රපටය ආරම්භ වූ නිසා දෙදෙනාගෙම ඇස් යොමුව තිබුනේ පුලුල් තිරයදෙසටය..

මෙලෙසින් මද වේලාවක් ගත වූ අතර අන්දකාරයේ පෙම්වතුන් දෙදෙනෙක් මෙලෙසින් තුරුලු වී චිත්‍රපටය නරබන විට තරුන සිත් තුල ඇතිවන ඒ උනුසුම් හැගුම විහගගේ සිතෙත් ඇතිවන්නට එතරම් වෙලාවක් නොගියේය…

තව මාස කිහිපයකින් ඇය තමාගේම වන බව දැනෙන විට සිතේ ඇතිවන හැගීම වචනයට පෙරලිය නොහැකි අන්දමේ හැගීමක් විය..

ඔහු සෙමින් හිස හරවා බැලුවේ පුලුල් තිරය දෙස දෑස් යොමා බලා හිදින මෙ සුන්දර තරුනිය දෙසයි…

ඇගේ මුහුනට තිරයෙන් පිටවන මද ආලෝකය වැටී තිබීම නිසා අමුතුම ලස්සනක් අදුර තුලින් ඔහු දැක්කේය..

එලෙසින් තම සුන්දර පෙම්වතිය දකින ඕනෑම පෙම්වතෙකුට සිතේ ඇය කෙරෙහි ඇතිවන ආදරය මුසු ඒ රාගික හැගීම විහගගේ සිතෙත් මතුවන්නට වූයේ ඔහුටත් නොදැනීමය…

ඔහු සෙමින් හිස පහත් කොට ඇගේ හිස සිම්බේ ඇය කෙරෙහි උපන් සෙනෙහසත් සමගින්මය…

ඒ හාදුව දැනුන අරුන්දී හිස හරවා ඔහු දෙස බැලුවේ සිනහවක් නගාගෙනමය…

ඒ ඇස් හතර මොහොතකට එකිනෙකට බැදි තිබුන අතර දෙදෙනාම ඔවුනොවුන්ගේ දෑස් තුලින් දුටුවේ එකිනෙකාගේ ආදරයයි…

ඔයා ලස්සනයි මැණික….

අරුන්දී කිසිවක් නොකියා ඔහුගේ මුහුන දෙසම බලා සිටියේ මුවෙහි බැගි සිනහවක් සමගින් ය…

විහග සෙමින් ඔහුගේ එක් අතක් ගෙන ඇගේ මුහුන තමා දෙසට තවත් හොදින් හරවා ගත්තේ ඒ දෙතොල් ඔහුගේ සිත තවත් නොසන්සුන් කිරීමට සමත් වූ නිසායි…

ඔහු තවත් ඉවසන්නට බැරි තැන සෙමින් පහත්ව ඇගේ දෙතොල් මත ඔහුගේ දෙතොල් තබා සිපගත්තේ දැස් දෙකම පියාගෙන එහි මිහිර විදින ගමන්‍ ය..

අරුන්දීද ඒ පහස විද ගත්තේ විහග කෙරෙහි හිතේ නැගුන ආදරයත් ආසාවත් දෙකම හේතුවෙන් නිසා ඇයටත් නොදැනීම දෑස් දෙක අඩවන් වුනේ සෙමින් ය…

ඇගේ දෙතොලින් මිදුන විහග ඇගෙ ගෙල සිප උමතුවෙන් මෙන් සිපගන්නා විට අරුන්දී තව තවත් ඔහුට ලන් වූයේ දෙදෙනාටම ඒහැගීම ඉවසිය නිහැකි නිසා වෙනි…

මෙලෙසින් මද වේලාවක් සිපගත් ඔවුන් දෙදෙන එකිනෙකාට තුරුලු වී නැවතත් ඉදිරියෙන් තිරගත් වන චිත්‍රපටය වෙතට දෑස් යොමු කලේ උතුරා යන ආදරයක් හිත් වල පුරවගෙනයි…

මේ…..

අරුන්දී ඉදිරිය බලාගෙනම කිව්වේ ඔහුට තුරුල්වී සිටින ගමන් මය..

ම්……

මොකද්ද අර පාටි එකක් ගැන කිව්වේ?

ආ…මට ඒක අමතක උනා ඔයාට කියන්න..
අපේ බැච් පාටි එක..ලබන සිකුරාදා තියෙන්නේ..
මේ සැරේ ෆැමිලි පිටින් යන්න පුලුවන්..ඔයත් යන්න ලෑස්ති වෙන්න…

අනේ ලැජ්ජයි ඒවට එන්න…

ඇයි ලැජ්ජා… විකාර නැතුව යන්න.ලෑස්ති වෙන්න හොදේ..

හරි හරි මොනවද ඒකට අදින්නේ එතකොට…

තීම් කලර් එක නම් බ්ලැක් ඇන්ඩ් ගෝල්ඩ්..

හ්ම්ම්…..

ආ මට අමතක උනානේ..ඩිනාය මට කෝල් කලා…

ඒ කවද්ද….

එදා ඔයාලා අපේ ගෙදර ඇවිත් ගියාට පස්සේ..

ඉතින් මොකද කිව්වේ??

එයාට මාව මීට් වෙන්න ඕනිලු…

ඔයාව?? ඒ මොකටද?

දන්නේ නෑ..වැදගත් දෙයක් කියන්න ඕනේ කිව්වා….

ඉතින් ඔයා යනවද හම්බවෙන්න…

.මොකද කරන්නේ මම යන්නම් නේද බබා..?

අරුන්දී හිස හරවා විහග දෙස බැලුවේ ආයාචනාත්මක බැල්මෙනි…

විහග කිසිත් නොකියා මද වේලාවක් තිරය දෙසම බලා සිටි අතර ඔහු කල්පනා කරන බව තේරුම් ගත් අරුන්දීද තිරය වෙතට නෙත් යොමුකලාය..

බබා…කමක් නෑ ඔයා යන්න…

අරුන්දී හිස නැවත හිස ඔසවා ඔහුදෙස බැලුවේ සිනාසෙමින් ය…

ඒ ඇස් වල ආදරේ වගේම එකිනෙකා ගැන දෙදෙනාට තිබුන අවභෝදය මනාව සනිටුහන් වී තිබුනි..

මෙලෙසින දෙදෙනාම චිත්‍රපටය අවසන් වනතුරු බලා එයින් පිටතට ආවේ වෙනදාටත් වඩා සතුටිනි..

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

අරුන්දී ඩිනායා සමග කතිකා කරගත් පරිදී ළමයින්ටම සෙල්ලම් කිරීමට වෙන්වුන උද්‍යානයේ ඇතුලට ගොස් එහිතිබූ බන්කුවක ඉදගත්තේ ඩිනායා බලාපොරොත්තුවෙනි…

ඇයි ඩිනායා මට එන්න කියලා කිව්වේ…මොනවද එයාට මට කියන්න තියෙන්නේ… මෙච්චර කාලයක් ඉදලා ඇයි දැන් මේ මාව හම්බවෙන්න හදන්නේ..

මේ ආදී ලෙස දහසක් ප්‍රශ්න හමුවේ අරුන්දී සිතෙන් තර්ක කරන අතර තුර ඇය දුටුවේ වයස අවුරුදු දෙකක් පමන වයසැති පිරිමිදරුවෙක් වඩාගෙන එන ඩිනායාවයි…

ඈත සිටම අරුන්දී දෙසම සිනා මුසු මුහුනින් බලාගෙන ඈ වෙතට එන ඩිනාය දුටු අරුන්දීඇයටත් නොදැනීම හිට ගත්තේ ඩිනායාගේ වෙනස් වීම දරාගත නොහැකිනිසාය…

කොහොමද අරුන්දී….

ආනේ ඩිනායා කොයිතරම් කාලෙකින්ද….මේ පුතාද….

ඔව්…

එසේ කිව් ඩිනාය දරුවාගේ හිස සිම්බේ ඉමහත් සෙනෙහසක් සිතේ දරාගෙනය…

ඉදගන්න ….

දෙදෙනාම බන්කුවේ ඉදගත්තේ දහසක් ප්‍රශ්න එකිනෙකාගෙන් ඇසීමට තිබෙන බව හොදින්ම දැනගෙනයි….

ගොඩක් වෙලාද අරුන්දී ඔයා ඇවිත්….

ඩිනායා එසේ අසන විටත් අතේ උන් පොඩි දරුවා බිමට බසින්නට දැගලූ නිසා දෙදෙනාම ඔහුදෙස බැලුවේ සිනාසෙන ගමන් ය..

හරි දගයි මේයා….
පුතා මේ හරියේ සෙල්ලම් කරන්න එහෙනම්…අම්මී මේ ආන්ටි එක්ක මෙතන ඉන්නම්…

ඒ ඇසිල්ලෙන් පොඩිඑකා එහෙ මෙහෙ දුවන්නට වූ අතර ඩිනාය ඔහු දෙසත් බලන ගමන් අරුන්දී සමග කතා කරන්නට පටන් ගත්තාය..

අනේ සොරි අරුන්දී මට ඔයාගේ එන්ගේජ්මෙන්ට් එකට එන්න විදිහක් තිබුනේ නැ…

ඒකට කමක් නෑ ඩිනාය…ඇත්තටම මොකද්ද ඔයාට උනේ..??
අරුන්දී ඩිනාය දෙසම බලාසිටියේ ඇගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙනි…

මට උන දේවල් එක්ක මම මෙහෙමවත් ඉන්නව ඇති අරුන්දී….
ඩිනායා දිගු හුස්මක් හෙලුවේ හිතේ බර සැහැල්ලු කරගන්නට මෙනි…

මට ඔයාට ලොකූ කතාවක් කියන්න
තියෙනවා..
මේක ඔයාට නොකියා ඉන්න මට හිත දෙන්නේ නෑ අරුන්දී..ඒක.හිතට මහ බරක්….

ඒකයි මම තීරනය කලේ ඔයාට මේ දේවල් කියනවා කියලා…

ඉතින් මොකද්ද ඔයාට මට කියන්න තියෙන්නේ???

මම කියන්නම් ඔයාට..හැම දේම කියන්නම්..

ඩිනාය ඇස් වල කදුලු පුරවගෙන අරුන්දී දෙස බැලුවේ දෑස් දෙකෙන්ම අසරන කම පුරවගෙන කියා අරුන්දිට ඒ මොහොතේ සිතුනි…

25 කොටසෙන් හමුවෙමු…

ඔන්න ඩිනායට උනේ මොකද්ද කියල අහපු කට්ටියට උත්තරේ දෙන්න හදන්නේ…😀

මට මැසේජ් එහෙමත් දාලා ඩිනාය ගැන අහපු හැමෝම හෙට කොටස එක්ක එකතු වෙන්න හොදේ…😂

ඇත්තටම මට හරිම සතුටුයි මේ කතාවට ඔයාලා ගොඩක් ආදරේ කරන එකට යාලුවනේ…😘

එහෙනම් හෙට හම්බවෙමු…ආදරෙයි ඉතින්😘බුදුසරනයි.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *